Back
/ 107
Chapter 106

104 කොටස🤍✨️

නිවාලන්න මා...

ලා කහ පාටට මූණට වැටෙන සූර්යාලෝකෙ සනුකට නොසෑහෙන්න කරදර කරද්දි සනුක ලඟින් ඉදගෙන හිටිය ලස්සන පිරිමි ලමයා සනුකගෙ මූණට ඉර එලිය වැටෙන පාර තමන්ගෙ අතින් අවහිර කලා.ඒ කොල්ලා කල දේට හිනා වුණු සනුක ඒ අත පහලට අරගෙන තමන් දෙන්නා ඉස්සරහ තිබ්බ මේසෙ උඩින් තිබ්බා.ලොකු හුස්මක් පහල දැම්ම අර ආගන්තුක කොලුවා සනුක දිහා බැලුවෙ කදුළු පිරුණු ඇස් දෙකකින්.

"ස්....සනුක ප්ලීස්....ඇයි මට මෙහෙම කරන්නෙ?"

"මම ඔයාට කිව්වනෙ විදත්....ඒක එච්චරයි.මම අෆෙයා එක බ්‍රේකප් කලේ අපි දෙන්නගෙම හොඳට.ඔයා එක්ක හිටියට මම ඔයාට සීරියස් ලව් නෑ කියලා මම තේරුම් ගත්තා.ඉතින් ඔයත් පවුනෙ විදත් එහෙම මම කරද්දි"

"ඒත් එක චාන්ස් එකක්වත්.....මම හොඳ උනා විතරයි සනුක"

"ඒක තමා මාත් කියන්නෙ....ආයෙ මාව හොයං ඇවිත් ලෙඩ වෙන්න එපා විදත්....ඔයාට ඩිප්‍රෙශන් හැදිලා හිටියා කියලා ඔයාගෙ අක්කා කිව්වා....මම ඔයා ගැන හොයලා බැලුවට ඔයාට පේන්නවත් නාවෙ ඔයාට හිත හදාගන්න අමාරු වෙයි කියලා හිතලා"

"අක්කා මට කිව්වා....මගෙ හොස්පිට්ල් චාජස් පවා ගෙව්වෙ ඔයා කියලා"

"ඔයා අසනීප උනේ මම නිසානෙ.....එහෙම වෙලත් අහක බලාගන්න තරමට මම තිරිසනෙක් නෙවෙයි...."

"ඒ ආදරේ නිසා නෙවෙයිද?"

"ආ?"

"දුරින් හරි මම ගැන හොයලා බැලුවෙ?"

"විදත් මේ අහන්න....කෝ මෙතනින් ඉදගන්නකො"

තමන් ඉස්සරහට වෙලා කඳුලුත් පුරවන් ඉන්න සුදු ලස්සන කොල්ලා දිහා බලලා මිමිනුව සනුක කියද්දි විදත් කියල නම තියෙන ඒ ලස්සන ඉලන්දාරියා සනුකගෙ ඉස්සරහ ගල් පුටුවෙන් ඉදගෙන අත් දෙක මැද මේසෙ මතින් තියාගත්තා.

"කියන්න සනුක"

"මේ ලෝකෙ ඕනි තරම් කොල්ලො ඉන්න ඇති......හැබැයි ඒ කාලෙ මගෙ හිතට වද දුන්නු දේකින් ගැලවෙන්න මම ඒ සිය ගාණක් පිරිමි අස්සෙන් තෝරගත්තෙ ඔයාව....ඉතින් ඇත්ත.අනිවාර්‍යෙන්ම ඔයා මට විශේෂ කෙනෙක්"

"හ්ම්ම්ම්"

"ඒත් ඒක ආදරයක් නෙවෙයි කියලා මම තේරුම් ගත්තෙ කාලෙත් එක්ක....ඔයා ගැන ඇවිත් තිබ්බෙ ආකර්ෂණයක් වගේ එකක්....ඔයා හොද නිසා මම මගෙ උවමනාවට,මගෙ මනස හදාගන්න නොදැනුවත්වම ඔයාව යූස් කරලා තිබ්බා විදත්....ඒ ගැන මම සමාව ඉල්ලනවා"

"එ....ඒකට ක්....කමක් නෑ සනුක"

"මම හිතින් ආදරේ කල කෙනාව මතක් වෙද්දි පවා දැනෙන හීතල හැඟීම,ඉස්සර පුංචි එකා දැන් කොයි වගේ ඇද්ද කියලා හිතද්දි දැනෙන හිරිගඩු පිපිල්ල....එව්වා ඔයා එක්ක ඉද්දි මට දැනුනෙ නෑ විදත්....සමාවෙන්න මෙව්වා මෙහෙම කියනවට....හැබැයි එකක් ඇත්ත.ඔයා එක්ක ඉද්දි මම මාරම සතුටින් හිටියා.ඔයා හුඟක් හොද කෙනෙක්....මට ඕනිනම් ඔයාව යූස් කර කර ඔයාට ආදරේ නොකර,ඔයාව උඩින් තියං යටින් අර කෙනාට ආදරේ කර කර ඔයාගෙ මාර්ගෙන් මගෙ හිත හදාගෙන ඉන්න තිබ්බා...ඒත් විදත් මට එහෙම කැත වැඩක් කරන්න හිත දුන්නෑ"

"................"

"ඔයා වගේ හොද අහිංසක කොල්ලෙක්ව එහෙම දිගටම රවට්ටන්න මට හිතුනෙ නෑ....ඒක නිසාමයි මම තනියම ඒ කෙනා ගැන හිත හිත හරි විදෝනවා කියලා හිතාගෙන ඔයාව අතෑරියෙ....ඔයාව මගෙන් නිදහස් කලේ....ඔයා නැත්තං විහින් විදවනවා විදත්....හිතන්න,ඔයාට ටිකක්වත් ආදරේ කරන්නෙ නැති මනුස්සයෙක් එක්ක ඔයාට ජීවත් වෙන්න පුලුවන්ද?"

"ඒ ඔයානෙ සනුක....මම ඔයා කොහොම හිටියත් ඔයාට ආදරෙයි"

"විදත්,මම ඔයා එක්ක එකට හිටියත් මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා...එතකොට? ඔයාට ඒක දරන්න පුලුවන්ද? ඔයාගෙ අතින් ඇල්ලුවත් මම මවාගන්නෙ එයාවනම්,ඔයාව තුරුල් කරගත්තත් මම මවාගන්නෙ එයාවනම්,මම කිස් කලත්....."

"ඇති සනුක....ඔය වචන මට දරාගන්න බෑ!"

"ඒක තමා කියන්නෙ විදත් මමත්....මේක තමා රියැලිටිය.මාව අතෑරලා දාන්න!"

"සනුක....එක චාන්ස් එකක්වත්...."

"එක රූපෙකින් හිත පිරුණට පස්සෙ අනික් හැමදේම නිකංම නිකං දැක්මවල් විතරයි විදත්.....මගෙ හිත එයාගෙන් පිරිලා ඉවරයි....කාලෙක ඉදන්ම....ඒක වෙනස් කරන්න කාටවත්ම බෑ විදත්.සොරි"

"ඉට්ස් ඕකේ සනුක.....මම.....මට තේරෙනවා...."

ඇස් වල කදුළු පුරවගත්තු සනුකගෙ පරණ පෙම්වතා ඉදගෙන හිටිය පුටුවෙන් නැගිටිද්දි සනුක ලාවට හිනා වෙලා විදත් ලඟට ලං වුණා.විදත්ගෙ ඔලුව උඩින් සනුක අත තියද්දි විදත්ගෙ ඇස් දෙකෙන් කදුළු කැට දෙකක් ගලාගෙන ගියේ දෙන්නගෙ අතීතෙ මතක් උනු නිසා.

"කෝ මෙහෙ එන්න...අඬන්න එපා ආයෙ කවදාවත්ම....ම්ම්ම්"

"හ්ම්ම්"

සනුක තමන්ගෙ අත් දෙක දෙපැත්තට කරද්දි ලාවට හිනා වුණු විදත් සනුකගෙ පපුවට තුරුල් උනේ ඇස් වලින් කදුලු කඩා වැටෙද්දි.කාලෙකට කලින් තමන්ට අයිති වෙලා තිබ්බ....නෑ,තමන් අයිතියි කියලා හිතාගෙන හිටිය පපුවට තුරුල් වෙන අවසන් වතාව මේක වෙන්න පුළුවන් කියන හැඟිම විදත්ගෙ හිත පුච්චලා දැම්මා.මෙච්චර කාලයක් සනුක තමන්ට අවංකවම ආදරේ කරල නෑ කියලා දැනගත්තත් විදත්ගෙ හිතේ සනුක ගැන කේන්තියක් ඇති උනේ නෑ.මොකද සනුක නොකලත් විදත් සනුකට ඇත්තටම ආදරේ කලා.

"ඇයි මාව තුරුල් කරගත්තෙ?"

"ඔයා හොඳ කෙනෙක් විදත්...ඔයාගෙන් සමුගන්න එක පවා ලස්සන එකක් කරන්න මට ඕනි උනා"

විදත්ගෙන් ඈත් උනු සනුක කියද්දි විදත් කදුළු අතරින්ම හිනා වුණා.සනුකගෙ කම්මුලක් උඩින් අතක් තියාගෙන විනාඩි පහක් හයක් තිස්සෙ ඇස් පිල්ලමක්වත් ගහන්නෙ නැතුව සනුකගෙ මූණ දිහා බලන් උන්නු විදත් හිනාවෙලා ඔලුව වනලා සනුකගෙන් ඈත් උනා.

"හැමදාම සතුටින් ඉන්න සනුක"

"ඔයත් විදත්..."

"එයාව ඔයාට ලැබෙන්න කියලා විශ් කරනවා මම"

"හ්ම්ම්.....පරිස්සමින් යන්න....ආයෙ ජීවිතේ පහු උන කාලෙ ගැන හිතන්න එපා.ඉස්සරහ ගැන හිතන්න ඕනි හරිද?"

"හරි සනුක....ඔයාගෙ ගමන දිහාත් මම බලාගෙන ඉන්නවා සතුටින්.....මම යනවා....ජේසු පිහිටයි සනුක"

"ඔයාට බුදු සරණයි විදත්...."

සනුකලාගෙ ගෙදර ඉස්සරහ නවත්තලා තිබ්බ කාරයට ගොඩ උනු විදත් තමන් දිහා බලාගෙන හිනා වෙවී අත වනන සනුක දිහා බැලුවා.

"ඔයා දැනගන්න ඕනි නෑ.....ඒත් මම හැමදාම ඈතට වෙලා ඔයා දිහා බලන් ඉන්නවා සනුක....ආයෙමත් දවසක මාව ඕනි උනොත්,මම ඔයා ලඟට එන්නම්"

විදත්ගෙන් සමුගත්තු සනුක ගෙට ගොඩ වෙද්දිම හිනා වෙවී එලියට ආව ආශවගෙ ඇඟේ ගැටුණා.සනුකව දැක්ක ආශව ඔලුව එලියට දාලා විදත් ගියාද බලලා ආයෙමත් සනුක දිහා බැලුවා.

"කෝ අර ලමයා ගියාද?"

"ඔව් ඔව් ගියා...මොකෝ උඹ හිනා වෙන්නෙ?"

"අර දිවාස....."

"ඔව්...."

"ඌට ගෙදර බල්ලා කාලා"

"ඉතින් යකෝ හිනා වෙන්නෙ!"

"උගෙ කට කාලා තියෙන්නෙ"

ආශවට ආයෙමත් හිනා ගියා.බල්ලා කට කෑවා කියල නේත්‍ර කතා කරලා කිව්වට පස්සෙ ආශවට උනත් අවුල් ගියේ දිවාෂ තමන්ට ලඟම කෙනෙක් නිසා.ඒත් ලාවට දත් පාරක් වැදිලා මිසක් කට තුවාල වෙන්න හපලා නෑ කියලා දැනගත්තට පස්සෙ ආශවගෙ ඒ අවුල් සහගත ගතිය නැත් වෙලා ගියා.ඊටපස්සෙ ආශව ටිකෙන් ටික කල්පනා කරන්න ගනිද්දි බල්ලා කාලා තියෙන්නෙ මරුම තැන කියන හැඟීම එක්ක ආශවට හිනා යන්න ගත්තා.

"පවු යකෝ.....සීරියස්ලුද වැඩේ?"

"නෑ නෑ....දත් පාරක් විතරයි ලාවට.....බේත් විදලා....ගෙදර බල්ලනෙ....ඌවත් වැක්සින් කරලා ඉදල තියෙන්නෙ....ඒ නිසා අවුලක් නෑලු"

"එහෙනම් කමක් නෑ"

"උඹ අවුලකින්ද?"

"විදත්....මට අවුල් ඒ කොල්ලට මම කල දේ නිසා"

"ඒ කිව්වෙ?"

"මට එයාව රවට්ටලා ලඟට ගන්නෙ නැතුව ඉන්න තිබ්බෙ ආශව"

සනුක කතාවෙන් කතාවෙන් කාමරේට ගිහින් ඇඳට වැටෙද්දි ආශවත් ඒ පස්සෙන්ම ආවා.සනුකගේ ලඟින්ම ඉඳගත්තු ආශව සනුක දිහා ටික වෙලාවක් බලන් ඉද්දි සනුක හිනා වෙලා කතාව පටන් ගත්තා.

"මට විදත්ව හම්බුනේ ග්‍රේඩ් 'ලෙවන් වලදි....මම විදත් එක්ක අෆෙයා එකක් පටන් ගත්තා....ඒක තිබ්බෙ ටික කාලයයි.මම පස්සෙ කෙල්ලෙක් එක්ක යාලු උනා.පිලිගන්නවනම් පිලිගනින් ආශව....ඒ කෙල්ල එක්ක මම යාලු වෙලා හිටියෙ උඩින් විතරයි"

"ඒ කිව්වෙ?"

"නිකං යාලු වෙලා හිටියා විතරයි....මට එයාට නිකංවත් ලං වෙන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ....මෙහෙමයි මම හරියටම කතාව පටන් ගන්නම්කො"

"ම්ම්ම්ම්"

"මම කාලෙකට කලින් කෙනෙක්ට ආදරේ කරන්න ගත්තා....නමක් ගමක්වත් නොදැන ආශව....එයාගෙ වචන කීපයක් නිසා මගෙ ජීවිතේම වෙනස් උනා හොඳ අතට....මම දැනට ඒක විතරක් කියන්නම්කො"

"හරි"

"ඉතින් හිතපං නමක්වත් නොදන්න කෙනෙක්ට ලව් කරන්න ගත්තම? ඉන්නෙ කොහෙදවත් නොදැන? කාලෙත් එක්ක මට තේරුම් ගියා එයාව හොයාගන්න බෑ කියන එක....ඒත් ඒ වෙද්දිනුත් මම එයාට බැඳිලා ඉවරයි.හුඟාක් බැඳිලා ඉවරයි.....ඒ නිසාම මම තීරණේ කලා වෙන කෙනෙක්ට ලංවෙලා ජීව්තේ ඉස්සරහට ගෙනියනවා කියලා"

"ම්ම්ම්ම්ම්"

"ඒකට මගෙ හිතට අල්ලපු කෙනා විදත්....විදත් කියන්නෙ කවුද දන්නවද?"

"කවුද?"

"ඩීපී ඔටෝමොබයිල්ස් වල ඕව්නර්ගෙ එකම පුතා"

"යකෝ බර අතුනෙ උඹ අල්ලලා තියෙන්නෙ"

"ඔව්....හැම අතින්ම එයා මට ගැලපෙනවා කියලා එදා මම හිතුවා....හිතලා ලං වුණා....විදත් මට නොසෑහෙන්න ආදරේ කලා.එයාලගෙ ගෙදරින් කවදාවත් මේකට කැමති වෙන්නෑ කියලා දැන දැන මට ආදරේ කලා...ඒත් ආශව දන්නවද?"

"ම්ම්ම්ම්?"

"විදත් කියන්නෙත් කොල්ලෙක්....ඉතින් මට විදත්ට ලං වෙන හැම වතාවකම මට මැවෙන්න ගත්තෙ අර මම කිව්ව කෙනාව....මට සෑහෙන්න අමාරු උනා ආශව....අන්තිමට මමම මට දොස් කියාගත්තා විදත් මෙච්චර හොඳ කෙනෙක් වෙලා මම මෙහෙම වරදක් කරන්නෙ ඇයි කියලා එයාට.....අන්තිමට අපි කතාවෙලා බ්‍රේකප් උනා"

"ම්ම්ම්ම්"

"හැබැයි එයයි මමයි කතාබහ කරලා හිටියා...බ්‍රේකප් උනේ නමට විතරයි වගේ.....ඔය කාලෙදි තමා මට සචිනිව හම්බෙන්නෙ....සචිනි මගෙන් ආස්කවුට් කල කෙනෙක්..කෙල්ල හොඳයි.වරදක් තිබ්බෙ නෑ....මම එයා එක්ක යාලු උනේ අර කලින් කිව්ව කෙනා කොල්ලෙක්නෙ...විදතුත් කොල්ලෙක් නිසා වෙන්න ඇති මට විදත්ගෙනුත් අර කෙනාව මැවුනෙ....සචිනි කෙල්ලෙක් නිසා මට අර කෙනාව අමතක කරන්න පුලුවන් වෙයි කියලා"

"ම්ම්ම්ම්ම්"

"ඒක කොහොමත් බැරි උනා......සචිනිව මට ටිකක්වත් හිතට ඇල්ලුවෙ නෑ....යාලු වෙලා අපි දෙන්නා කතාබහ කරලා හිටියෙත් මාස තුනක් වගේ....පස්සෙ ගුඩ් මෝනින් ගුඩ් නයිට් ඇරෙන්න කතාබහක් අපි අතරෙ තිබ්බෙම නෑ.....ඒත් විදත් මම එක්ක හිටියා.හරියටම කිව්වොත් මම මගෙ හිත හදාගන්න එතකොටත් විදත්ව යූස් කරමින් ඉදලා තියෙන්නෙ ආශව"

"ම්ම්ම්ම්"

"සචිනි එක්ක මගෙ බැඳීමක් නෑ කියලා විදත් දැනගෙන හිටියා....හැබැයි එයාට ඕනි උනේ නෑ මාව එයාගෙ ඔෆීෂියල් බෝයිෆ්‍රෙන්ඩ් කරගන්න.එයාට ඕනි උනේ මගෙ හිත හදන්න.මාව සතුටින් තියන්න....සහ මම ලඟින් ඉන්න....එයා ඒක කලා"

"හ්ම්ම්ම්ම්"

"කොහොමහරි අවුරුද්දකින් විතර මම සචිනි එක්ක කතා කරලා බ්‍රේකප් උනා...එයාට ඕනිකම තිබ්බා මම එක්ක අරවගේ පිටට පේන්න හරි එකට ඉන්න....මොකද එතකොටත් මම අන්ඩර් නයින්ටීන් ප්ලේ කරන කෙනෙක්...දන්නැද්ද ඉතින් සමහර කෙල්ලො ආසයිනෙ එහෙම....ඒත් තේරුමක් නෑනෙ ආශව...අනික විදත්ගෙන් වගේ සැනසීමක්වත් මට සචිනිගෙන් දැනුනෙ නෑ....ඉතින් බ්‍රේකප් උනා....මම නම්බර්ස් පවා අයින් කරලා දැම්මා....විදත් එක්ක වගේ කතා කලේ නෑ සචිනි එක්ක....අතම ඇරලා දැම්මා...."

"ඒක හොදයි එක අතකට...."

"ඔව්....ඒත් කාලෙත් එක්ක.....හරියටම කිව්වොත් අපිට අවුරුදු දහ නවය වෙද්දි වගේ....උඹයි මායි හම්බෙන්නත් කලින්....මම දවසක්,පැය ගාණක් එදා....කල්පනා කලා.මම මේ කරන දේ තේරුමක් තියෙනවද කියලා.විදත් කියන්නෙත් එහෙම යූස් කලාට කමක් නැති කොල්ලෙක්නම් මම ඕක ගැන එච්චරටම හිතන්නෑ...ඒත් විදත් මාරම හොද කෙනෙක්නෙ ආශව....මම ඒ නිසා එදා මාරෙටම හිතුවා මම කරන දේ ගැන"

"උඹ තීරණයක් ගත්තා?"

"ඔව්.....මම හොදටම දැනන් හිටියා අර කෙනා මගෙ හිතේ හොල්මන් කරනකං කාටවත්ම මට ආදරේ කරන්න බෑ කියලා....මම විදත්ට ඒ ගැන කිව්වා....එයාට කවදාවත් එක හිතකින් ආදරේ කලේ නෑ කියලත් කිව්වා....මට තවත් ඒ කොල්ලව රවට්ටන්න ඕනි උනේ නෑ"

"ඊටපස්සෙ?"

"මම සචිනි එක්ක යාලු කාලෙවත් විදත්ට එහෙම කිව්වෙ නෑ....එක හිතකින් ආදරේ කලේ නැති දෙයක්....ඒත් මම එහෙම කිව්ව වෙලේ විදත් මගෙන් විස්තර ඇහුවා....මම කිව්වා....මම හැමදේම කිව්වා....සමාව් ඉල්ලුවා...මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ....ඒත් විදත්ට ඒ දේ දරාගන්න බැරි වෙලා තිබ්බා"

"ඒ දේ කිව්වෙ? උඹ අතෑරිය එකද?"

"නෑ....මම එයාව අතෑරලා දැම්මත් එහෙම නොවෙන්න තිබ්බා...ඒත් මම එයාට ආදරේ කලේ නෑ කිව්ව එක විදත්ට දරාගන්න බැරි වෙලා තිබුනා....ඒ කොල්ලා අවුරුදු දෙක තුනක්ම මට ආදරේ කලානෙ ආශව එකම හිතකින්"

"හ්ම්ම්ම්....එතකොට ඔහොම වෙන්න පුලුවන්නෙ"

"ඔව්.....විදත්ට අන්තිමට ඩිප්‍රෙශන් ඇවිත් තිබ්බා.ඒ ලෙවල්ස්වත් කරලා තිබ්බෙ නෑ.....සල්ලි තියෙන නිසා අවුලක් නෑ ප්‍රයිවට් ඩිග්‍රි එක කරනවා...ඒත් එයා අසනීප උනු එක වගේම....එයාව එවෙලෙ කවුරුත් නොබලපු එක මගෙ හිතට වද දෙනවා තාමත්"

"ගෙදර අය?"

"ඔව්.....එයාලගෙ තාත්තා දැනගෙන තිබ්බා සම්බන්ධෙ ගැන අරහෙන් මෙහෙන්....මුලදිම විදත් තනියම අඬ අඬ ගෙදර කියෝලා තියෙනවා....එකපාරක් උණ ගැනිලා මම ගැන කියලා අඬලා....ඒකෙන් තමා එයාලගෙ තාත්තා සැකේ තහවුරු කරං තියෙන්නෙ.....ඒ නිසා එදා මෙයාට අමාරු වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කලත් තාත්තා කියලා මැරුණත් සලකන්නෙ බලන්නෙ නෑ කියලා.....මේ ලෙඩ කොල්ලගෙන් අහලා එවෙලෙත් සම්බන්ධෙ නවත්තන්න කියලා"

"අර අසනීප ලමයට ඒවට මානසිකත්වයක් තියෙනවද?"

"ඒක තමා...විදත් එවෙලෙත් අඬලා කැ ගහලා මට ආදරෙයි කියලා.....තාත්තා හොස්පිට්ල් චාජස්වත් ගෙවලා නෑ මෙයාට....මෙයාලාගෙ ගෙදර මෙයාගෙ අක්කෙක් වෙන කෙනෙක් නැවතිලා ඉන්නෙ මෙහෙ කැම්පස් යන....නැන්දාගෙ දුව.අක්කා කිව්වට විදත්ට වඩා මාස ගාණයි වැඩිමල්.කෙල්ල මට කෝල් කරලා කිව්වා විස්තර....තාත්තා අම්මටවත් එන්න දීලා නෑ විදත්ව බලන්න...අර කෙල්ල ඔක්කෝම වැඩ කරලා තියෙන්නෙ....මම විදත් නිදි වෙලාවක් දෙක තුනකම විදත්ව බලලා එන්න ගියා.....මොනා උනත් මගෙ හිත අර වරදකාරී හැඟීමකින් පිරිලා තිබ්බෙ....පස්සෙ මම මගෙ පැත්තෙන් වෙන්න ඕනි දේවල් හොයලා බලලා කලා....විදත්ගෙ ඇස් මානෙට නොගිහින්"

"ම්ම්ම්ම්ම්"

"ඊට පස්සෙ විදත් ටිකෙන් ටික්ස් හොඳ වෙන්න අරං තිබ්බා...මම පර්සනලිම එයාලගෙ තාත්තව හම්බෙලා අපි අතරෙ අෆෙයා එකක් නැති බව කිව්වා...ඒ කොල්ලා තවත් දුක් විඳින්න දෙන්න බෑනෙ ආශව.....එයාලගෙ තාත්තා ඕකේ කියලා හොයල බලල ඒක පිලිගත්තා....පස්සෙ එයා විදත්ගෙන් සමාව පවා ගත්තාලු....පස්සෙ විදත් එක දිගටම කවුන්සිලින් වලට ගිහින්.....දැන් තමා එයා රිකවර් වෙලා තියෙන්නෙ"

"යකෝ මාස බර ගාණක්නෙ....ඒ කොල්ලා සිරාවටම ලව් කරලා උඹට"

"ඔව් ආශව....ඒත් මොනා කරන්නද? හොඳ වුනු ගමන්ම ආවෙත් මාව හොයාගෙන....ඒත් එයාව ආයෙමත් ඒ වලේ වට්ටන්න බෑ මට.......මට පහු වෙලා හරි එයාට ආදරේ කරන්න පුලුවන්නම් මම විදත්ට ලං වෙනව ආශව....ඒත් ඒක මට කවදාවත් කරන්න බෑ....."

"දැන් කවුද ඔච්චර උඹව පිස්සු වට්ටපු කොල්ලා?"

ආශවගෙ තද දුඹුරු පාට ඇස් සනුකගෙ ඇස් දෙකට තනි කෙලින් ස්ථානගත වෙලා තිබ්බා.ආශවගෙ ඇස් වල බැල්ම කොච්චර තද උනත් සනුකගෙ ඇස් වල තිබ්බ බැල්මත් ඒ හාම සමාන වුණා.සනුකගෙ ඇස් වල තිබ්බ තද ගතිය ආශවගෙ බැල්ම එක්ක ටිකක් විතර අඩුවෙලා යද්දි සනුක හිනා වෙලා අහක බලාගත්තා.

"ඒ නේත්‍ර මල්ලි උනොත් කොහොමද?"

"එහෙනං ඊලඟ තත්පරේම උඹ මගෙන් මැරුම් කනවා!!!"

ආශවගෙ ගැඹුරු කටහඬ සනුකගෙ කන් වලට වැටෙනවත් එක්කම සනුක ඇඳ විට්ටමට හේත්තු වෙලා ඉදගෙන ආශව දිහා බැලුවා.ආශවගෙ ඇස් වල කිසිම තිගැස්සීමක් තිබ්බෙ නෑ.ඒ ඇස් වල තනිකරම තිබ්බෙ ආත්මාර්ථය කියලා සනුක තත්පර දෙකක් ඇතුලත තේරුම් ගත්තා.ටික වෙලාවක් යනකං ආශවගෙ ඇස් දිහා කෙලින්ම බලන් හිටියෙ සනුක ආශවට ටොක්කක් ඇන්නා.

"පිස්සුද ඕයි? මම ජෝක් එකක් කලේ....මම වෙලාවක ඒ කොල්ලව පෙන්නන්නම්කො උඹටත්....මේහ්....හොට් චොක්ලට් ඩ්‍රින්ක්ස් දෙකක් හදන්න කියන්නද මම?"

"හා...."

සනුක යන දිහා බලන් උත්තර දුන්නු ආශවත් ඇඳෙන් නැගිටලා සනුක එක්ක ගියත් තවමත් ආශවගෙ ඇස් වල අර ආත්මාර්ථකාමී බව බැහැලා ගිහින් තිබ්බෙ නෑ.සාලෙට ආව සනුක කුස්සිය පැත්තට හැරෙද්දි දුරකථනෙත් අතින් ගත්තු ආශව එලියට යන්න ගියත් සනුකගෙ කටහඬ එක්ක ආශව සනුක දිහා බැලුවා.

"උඹ වගේම තමා ආශව මමත්....මගෙ ආදරේ වෙනුවෙන් අත උස්සන්න උනොත් දවසක....කෙනා කවුද නොබලා මම අත උස්සනවා"

සනුක හිනා වෙලා කියලා යද්දි ආශව ටිකක් ගැඹුරින් කල්පනා කරන ගමන් එලියට ආවා.ඇත්තටම ඒ නේත්‍ර නෙවෙයිනම් හොඳයි කියලා ආශ්වට හිතුනෙ දාස් වෙනි වතාවට.මොකද අඩුවෙන් මිනිස්සු ලං කරගන්න ආශවට එහෙම ලං කරගත්තු මනුස්සයෙක්ගෙ ද්‍රෝහී වීමක් දරන්න අමාරු බව ආශවම දැනගෙන හිටියා.එකපාරකුත් තෙවින්ගෙ අතින් එහෙම දෙයක් සිද්ධ වෙලා සෑහෙන කාලයක් යනකං තමන් හිටියෙ කේන්තියෙන් කලකිරීමෙන් වගේම දිවාෂගෙයි තෙවින්ගෙයි ලංවීම එක්ක ආශව කාලෙත් එක්ක හිත හදාගත්තු වග ආශවට මතක තිබ්බා.

ඒත් සනුක? අද එයාට අච්චර ආදරේ කල මනුස්සයා ඇවිත් අඬලා ගියත් සනුකගෙ හිත දියාරු නොවෙන තරමට සනුක කෙනෙක්ට ආදරේ කරනවා.ඒ කෙනා බැරි වෙලා හරි නේත්‍ර උනොත්? ආශවට ඒ දේ හිතන එක පවා අසීරු උනා.ඒත් සනුක කිව්වනෙ ඒ නේත්‍ර නෙවෙයි කියලා? ආශව එහෙම හිතලා හිත හදාගත්තා.සනුකගෙන් නේත්‍රට අද වෙනකං කරදරයක් වෙන ලකුණක් දැනිලා නැති නිසා ආශව උඩින් හිත හදාගත්තා.අදත් ඒ තත්පරෙත් ආශව සනුකව විශ්වාස කරලා සනුකට අවස්ථාවක් දුන්නා.

.

.

.

.

.

.

"අපි රෑ වෙනකං ඇහැරිලා ඉමුද දිවාෂ?"

"හා ඉමු.....ඔයා මෙහෙ එනවද?"

"ඔව්.....සුදුබේබිත් නෑනෙ ඉතින්....රිසාල්ට්ස් බලන්න වෙන්නෙ තනියම"

"තනියක් නෑ මම ඉන්නවනෙ....මෙහෙ එන්න...නැත්තං මම ඔහෙ එන්නම්"

"ඔයාට මෙහෙ පහසුකම් මදිනෙ දිවාෂ.....ඔය මෙට්ටෙ දොයියලා දොයියලා ඔයාට මේ කොහු ඇඳේ දොයියන එක අමාරු වෙනවා....මම එන්නම්"

"මට අමාරු වෙන්නෑ එහෙම....ඔයා ලග ඉන්නවනම් මම බිම හරි බුදියන්නම් අනේ....ඒත් මෙහෙ එන්නකො ඔයා....අද අපේ අම්මලාත් නෑ"

"කොහෙ යනවද දිවාෂ?"

"අප්පච්චිගෙ කැම්පස් එකේ එයාලගෙ පරණ බැජ් එකේ අයගෙ පොඩි පාටි එකක්....මටත් එන්න කිව්වා..ඒත් බෑනෙ අනේ....ඔයා ආසවගෙ රිසාල්ට්ස් බලනවා,දෙනෙත් අයියා දෙවින් පණගෙයි දෙවින් පණ දෙනෙත් අයියගෙයි රිසාල්ට්ස් බලයි....තෙවින් පුකාගෙ බලන්න කෙනෙක් නෑනෙ....ඌ පුක උඩ දාන් බුදියයි අනික....උවමනාවක් තියෙන මිනිහෙකුත් නෙවෙයිනෙ.මම ඒ නිසා බෑ කිව්වා"

"අම්මලා කමක් නෑ කිව්වද?"

"මේ අපේ ජානකීට ඔව්වා කිව්වොත් හොඳට හිටියි....අප්පච්චි දන්නවනෙ ටිකක් අපි දෙන්නා ගැන....වෙන ලබ්බක් නොදන්නවා උනත් මායි ඌයි ටිකක් වැඩිපුර සෙට් කියලා දන්නවා....අර බෙහෙත් සීන් එක එක්ක...මතකද මම කිවා?"

"ඔව් ඔව්....තාම බේත් බොනවද දිවාෂ?"

"කලින් තරම් නෑ.....ඒත් තාම පෙත්තක් තියේ බොන්න....ඕක තව මාස පහක්වත් බොන්න වෙයි කිව්වා"

"කොහොමහරි ඔව්වගෙන් හරි ගියොත් ලොකු දෙයක් දිවාෂ එයා....මොකද එයා ලඟට ගන්න ඉන්නෙ ඔයාවනෙ....ඒ නිසා තෙවින් අයියා හොද වෙලා ඉන්නම ඕනි"

"ඒක තමා...."

"මම එන්නම් එහෙනම්....දැන් නේත්‍ර තියන්නම් හොඳේ? තව පැයකින් විතර එන්නම්කො මම"

"හරි චූචි.....වඩේ හදන්නද පෑන් කේක් හදන්නද මම?"

"අනේ මුකුත් එපා දිවාෂ"

"මුකුත් එපා කියලා කෑමක් මම දන්නෙ නෑනෙ අනේ....මම රෙසිපිය බලල හදලා තියන්නම්"

"අනේ පිස්සු දිවාෂ.....මුකුත් හදන්නෙපා හරිද? මම තියන්නම් එහෙනම්....බුදු සරණයි"

"බුදු සරණයි චූචි....එන්න එහෙනම් ඉක්මනට"

"හරී"

"උම්මා....."

"හි හී...."

ඇමතුම විසන්ධි කෙරුව නේත්‍ර තුවායත් අතට අරගෙන ගියේ ලිඳ ගාවට.ලණුව ගැටගහලා තිබ්බ වතුර පනිට්ටුව අතට ගත්තු පුංචි එකා ඒකෙන් වතුර ඇද ඇද නාන්න ගනිද්දි ඉස්සරහ පැත්තෙන් වත්තට ගොඩ උනු අඩි සද්දෙ වතුර වැටෙන සද්දෙ එක්ක යට ගියා.තව වතුර එකක් උඩට අදින ගමන් හිටිය නේත්‍රගෙ උරහිස උඩින් අතක් තද වෙනවත්,වතුර පනිට්ටුව ලිඳට වැටෙනවත්,ලිං බැම්ම උඩ තිබ්බ ගලක් පැත්තට නේත්‍රගෙ අත යනවත්,නේත්‍ර මහ හයියෙන් කෑ ගහනවත්,ආව මිනිහා නේත්‍රගෙ කට වහනවත් එකම පාර සිද්ධ වුණා.

"බුදු අම්මෝ!!!! බේර......"

"ශ් ශ්....මැණිකෙ මම....අයියෝ"

තමන්ගෙ පිටිපස්සෙන් ඇහුනු ආශවගෙ කටහඬ එක්ක නේත්‍ර සන්සුන් උනා.මෙවෙලෙ සුදුබේබි ආවෙ කොහොමද කොයි වෙලේදවත් හිතන්න කල් නොයවපු පුංචි එකා කලේ හරි හරියට සුදුබේබිගෙ පිටට හේත්තු උනු එක.තෙත පිටින්ම සුදුබේබිගෙ පිටට හේත්තු උනු නේත්‍ර හයියෙන් හුස්ම උඩ පහල දාන ගමන් කලබල උනු හිත සන්සුන් කරගන්න උත්සාහ දරද්දි ආශව කලේ නේත්‍රගෙ තනපුඩු වල තමන්ගෙ අත් නොගෑවෙන විදියට උරහිස උඩින් අත් දෙක කතිරයක් වගේ හදාගෙන නේත්‍රට සන්සුන් වෙන්න ඉඩ දුන්නු එක.

"බය උනාද ම්ම්ම්....."

"ඔව් සුදුබේබි....."

"ඕක තමා කියන්නෙ කවුරුත් නැති වෙලේට නාන්න කරන්න එපා කියලා"

"නේත්‍ර මේ ගලක් තියං ඉන්නෙ ඒකනෙ සුදුබේබි.....මේ ගමේ එහෙම කරදරයක් අපිට කරන්න එන්නෙ නැති බව මම දන්නවා කිසිම කෙනෙක්....ඒත් මනුස්ස හිත්නෙ....වෙනස් වෙලා කෙනෙක් ආවොත් මේකෙන් මම ගහන්න ලග තියං ඉන්නෙ හැමදාම"

"ඒක හොඳයි.....මගෙ චණ්ඩි කොල්ලා.....ඒත් නිර්මලා නැති වෙලේට මෙව්වා නොකරන තරමට හොඳයි මැණිකෙ"

"හැමදාම කරන්නෑ සුදුබේබි.....මම සුදුබේබි කිව්ව දේ අහලා අම්මා ඉද්දි විතරයි මෙතනින් නාන්නෙ ඇඟ හෝදන්නෙ....නැත්තං දිවාෂ මෙහෙ ආ වෙලේක...අද දිවාෂලාගෙ ගෙදර නාගෙනම යන්න හිතුනා සුදුබේබි....නැත්තං වෙනදට මෙහෙම වෙලේට ගියොත් එහෙන් නාන්නෙ මම.....මට සමාවෙන්න සුදුබේබි....මම වරදක් කලේ"

"ආයෙ නොකර ඉන්නකො....ම්ම්.....කෝ දැන් නාගෙනම එන්න"

"ස්.....සුදුබේබි....."

"ඔව් නේත්‍ර?"

"පනිට්ටුව ලිඳේනෙ සුදුබේබි......"

නේත්‍ර තොල් දෙක නොපිට පෙරලන් කියද්දි ආශවට හිතුනෙ ඒ පිරුණු තොල් හයියෙන් එකපාරක් ඉඹින්න.ඒ උනාට උඩුකය පුලුවන් තරං වැහෙන විදියට අත් දෙක කතිරෙට තියාගෙන ඉන්න නේත්‍රව අපහසුතාවෙට පත් කරන්න ආශවට ඕනි උනේ නෑ.හෙමින් සීරුවෙ නේත්‍ර තුවාය අරං උඩුකය වහගන්නවත් ආශව ඇස් කොණකින් දැක්කා.පුංචි එකා කෝමත් ලැජ්ජාකාරයා බව දන්න ආශවට ඒකෙ පුදුමයක් දැනුනෙ නෑ.තනියම හිනාවෙවී කුස්සියෙ දොරකඩට ගිය ආශව කාටහරි දුරකථන ඇමතුමක් ගත්තා.

"සීතද නේත්‍ර?"

"නෑ සුදුබේබි......අවුවනෙ මේ ටිකේ"

"නෑ නැත්තං මම ඇඳුමක් දාන් එන්න කියන්න හැදුවෙ.....එහෙනම් ඔහොම ඉන්නකො....බාගෙට නාලා නැවතුනොත් අසනීප වෙයි"

ලිඳ ගාව තිබ්බ ගල උඩ ඉදන් උන්නු නේත්‍ර වටපිට බල බල ඉද්දි ලිං බැම්ම උඩ වාඩි උනු ආශව නේත්‍රගෙ කොන්ඩෙ ඇවිස්සුවා.ආශව දිහා බලලා හිනා වුනු නේත්‍රගෙ සීතලට රතු වෙලා තියෙන තොල් දෙක දැක්ක ආශව නේත්ටගෙ තොල් උඩින් තමන්ගෙ තොල් තද කරද්දිම වගේ මිදුල පැත්තෙන් ඇහුනෙ මහා ගෝසාවක්.

"මූ චූචියව බය කරන්නයි මම පනිට්ටු අදින්නයි! හරි හු#තක් උනානෙ මේක"

"ඒකනෙ යුගාන්"

"ඔය ආසවනම් ඉපදිලා තියෙන්නෙ මටම වද දෙන්න"

"ඒකනෙ යුගාන්"

"ඌත් එක‍යි තෝත් එකයි! මාව කන්න බලන් ආව ලබ්බො!"

"ඒකනෙ යුගාන්"

"පනිට්ටුව කව්වෝනවා මම දැන් ඕකට"

"ඒකනෙ යුගාන්"

"ඒකනෙ ඒකනෙ ගාන්නෙ ඇයි උඹ?"

"ඒකනෙ යුග්.....ආහ්! ගහන්න එපා යුගාන්! මම මොන වරදක් කලාටද?"

"ඊයෙ උඹ හදලා දුන්නු තේ එක නිසා තමා මේ හැමදේම!"

"ඒකයි මේකයි සම්බන්ධ වෙන්නෙ කො.....ආහ්! රිදෙනවා අනේ"

"කට වහං වර! මෝඩ තකතීරුවා!"

ගේ පිටිපස්සට ආව දිවාෂ නේත්‍ර දිහා බලන්නෙ නැතුව පනිට්ටුව විතරක් ආශවට දීලා ගියේ ආශවගෙ මූණෙ තිබ්බ බැල්ම නිසා.කොච්චර තමන් නේත්‍රගෙ යාලුව උනත් සමහර නේත්‍ර ගැන ආශව ආත්මාර්ථකාමී වෙන අවස්ථා තියෙන බව දිවාෂ දැනගෙන හිටියා.පිස්සු නැටුව උනත් ඒ වගේ සීමා පහු කරලා ආශවව නේත්‍රව අපහසුතාවෙකට පත් කරන්න දිවාෂට ඕනි උනේ නෑ.මිදුලෙ ඉදන්ම ඉක්මනට එහෙ එන්න කියලා කිව්ව දිවාෂ තෙවින් එක්ක කඩුල්ල පැනලා යන වග නේත්‍රට ඇහුනා.

"මම නාං එන්නම් සුදුබේබි....."

"නාන්නකො ඉතින්....."

"ස්.....සුදුබේබි යන්නකො.....මම නාලා එන්නම්"

"ලැජ්ජද?"

"ඔ....ඔව් සුදුබේබි....."

"ඒ උනාට ඔව්වට හුරු වෙන්න"

"ඈ?"

"ඈහ් නෙවේ.....බැන්දට පස්සෙ මම ඔයාට නාන්න දෙන්නෑ තනියම...ම්ම්ම්ම්ම්"

"අ....අනේ සුදුබේබි....නරක කතා නොකියා යන්නකො....කොළඹ ගියායින් ගියාමයි සුදුබේබි නරක් වෙලා හොඳටෝම"

"ඇත්තට කිව්වෙ.....නැගිටින තැන ඉදලා නිදාගන්න යන තැන වෙනකං ඔයාට ඔක්කොම කරන්න වෙන්නෙ මම එක්ක.....තේරුනාද?"

"ඔ.....ඔව් සුදුබේබි"

"ඒ නිසා දැනුත් මම......"

"අනේ අනේ...අනේ සුදුබේබි....දැන්‍ යන්නකො හොඳ සුදුබේබි වගේ....එ....එව්වා බැන්දට පස්සෙනෙ....අනේ යන්නකො සුදුබේබි"

"මම ඇඳුමක් ලෑස්ති කරලා තියන්නම් ඒනම්"

"හා සුදුබේබි"

ආශව මහ අමුතු මනමාල බැල්මක් නේත්‍රට දාලා එතනින් යද්දි නේත්‍ර රතුපාට උනු මූන ආයෙ සාමාන්‍ය තත්වෙට පත් කරගන්න ඕනි නිසා ඉක් ඉක්මනට නාන්න ගත්තා.නාන ගමනුත් නේත්‍ර කල්පනා කලේ ආශවගෙ දැන් දැන් එලියට පයින කුපාඩිකං ගැන.

"තාම යාන්තං විස්සට කිට්ටු උනා විතරයි....දෙයියෝ සුදුබේබි නරක ලමයෙක් වෙන්නනෙ යන්නෙ!"

නාලා කරලා ඉවර වෙලා සුපුරුදු විදියට තුවා දෙකෙන් ඇඟ වහගත්තු නේත්‍ර කාමරේ පැත්තට එද්දිනුත් සාලෙට වෙලා දුරකථනෙ ඔබ ඔබ උන්නු ආශව දුන්නු බැල්මනම් එච්චරටම හොඳ එකක් උනේ නෑ.ආයෙමත් ආශවගෙ බැල්ම එක්ක හීතල වෙලා ගිය නේත්‍ර කාමරේට ගිහින් ඇඳුම් මාරු කරං එලියට එද්දිම වැදුනෙ ආශවගෙ පපුවෙ.

"මට ඔයාව හුඟක් මිස් වෙනවා නේත්‍ර...."

"මටත් සුදුබ්..ම්හ්හ්"

නේත්‍රව එතනම තිබ්බ දොරට හේත්තු කරගත්තු ආශව පුංචි එකාගෙ තොල් සිපගන්න ගත්තා.එක අතකින් දොර ලාවට පහුරු ගාන ගමන් අනික් අත ආශවගෙ බාහුවකින් තද කරගත්තු නේත්‍ර ආශවගෙ සිපගැනීම දරාගන්න උත්සාහ කරද්දි ආශවගෙ අකීකරු අතක් නේත්‍රගෙ කමිසෙ අස්සෙන් ගිහින් ඒ නිරුවත් ඉණ ස්පර්ශ කරන්න ගත්තා.ආශව කරන දඩබ්බර වැඩ එක්ක තවත් අඩපණ උනු නේත්‍ර ආශවගෙ ඇඟට බර වෙද්දි ආශව නේත්‍රගෙ කකුල් යටින් අත දාලා නේත්‍රවත් උස්සගෙන ගිහින් ඉදගත්තෙ ඇඳෙන්.

"සුදුබේබි....මට....මටහ්....ම්හ්හ්හ්....."

"කොච්චර කිස් කලත්....ඇයිහ්....ඇයි මට ඒකෙ කෙලවරක් දකින්න බැරි? තව තවත් ඔයා ඔයාට මාව අද්දෝගන්නවා නේත්‍ර"

"නේත්‍ර හිතලා කරන්නෑ සුදුබේබි....."

"නෑ තමා.....ඔයා මාව පිස්සු වට්ටන තරම දන්නෙ මම විතරයි නේත්‍ර"

ආශව එහෙම්මම පාත් වෙලා නේත්‍රගෙ බෙල්ල දිගේ තෙත හාදු තියන්න ගනිද්දි පුංචි එකා ඔලුව ටිකක් හරවලා හීනි කෙඳිරිලි පිට කරන්න ගත්තෙ ආශව දෙන වින්දනාත්මක හැඟීම් දරන්නම අමාරු තැන.බෙල්ල ඇති වෙන්න තෙත් කල ආශව නේත්‍රගෙ ඔලුව පිටිපස්සෙන් අතක් දාලා නේත්‍රව තමන්ගෙ මූණ ලඟටම ඇදලා අරං ඒ තොල් වලට ආයෙමත් බර වෙද්දි පුංචි කොල්ලා පුළුවන් විදියට ඒ සිපගැන්මට පෙරලා සිපගැනීමක් ලබා දුන්නා.

"දැන් නවත්තමු නේත්‍ර.....මෙතනින් එහාට ගියොත් මට බයයි....."

"ස්.....සුදුබේබි....."

"ඔව්.....තවම ඔයා පුංචි පොහොට්ටුවක් නේත්‍ර....ලාවට පිපීගෙන එන.....පිපෙන්නත් කලින් මේ පුංචි මල් කැකුළ පොඩි කරන්න එයාගෙ අයිතිකාරයා ආසා නෑලු"

"ටිකක් මෙහෙම ඉන්න සුදුබේබි....නේත්‍රව තුරුල් කරං"

"පණ නෑ වගේද මගෙ මැණිකට?"

"ඔව්නෙ සුදුබේබි...."

"ඔහොම ඉන්න ටිකක් එහෙනම්......ම්ම්ම්ම්....මගෙ චූටි කොල්ලා"

නේත්‍රව උකුල උඩ තියාගෙනම තුරුල් කරගත්තු ආශව මුමුණලා නේත්‍රගෙ හිස් මුදුනෙන් තොල් තද කරද්දි නේත්‍ර ඇසුත් පියාගෙන ආශවට තුරුල් වෙලා හිටියා.ආශවට මතක් උනේ පුංචි නේත්‍රව.මොකාක්ම හරි දෙයක් කියාගෙන දූවගෙන ඇවිත් තමන්ගෙ උකුල උඩ හරිබරි ගැහිලා ඉදගෙන තුරුල් වෙන නේත්‍රව.ආශව ඒ මතක එක්කම හරි ආදරෙන් නේත්‍රගෙ මූණ දිහා බැලුවා.තොලුත් උල් කරං ඇස් පියන් හිටිය නේත්‍රව දැක්ක ආශවට හිතුනෙ එකම එක දෙයයි.එදා තමන්ගෙ උකුලෙ උන්නු පුංචි නේත්‍රගෙ කකුල් දෙක බිම ගෑවුනේ නෑ.අද තමන්ගෙ උකුල උඩ ඉන්න නේත්‍රගෙ කකුල් බිම ගෑවෙනවා.ඊට වැඩියෙ වෙනසක් ආශවට හොයාගන්න බැරි උනා.

"යංද සුදුබේබි?"

"පුලුවන්ද දැන්?"

"ඔව් සුදුබේබි යං"

"යංකො එහෙනම්"

ගෙදර දොරවල් ජනෙල් ඔක්කොම වහලා උදේ හදලා තිබ්බ හැලප වගේකුත් ඔතාගත්තු නේත්‍ර ආශව එක්ක කඩුල්ල පැනලා පිට පාරෙන්ම ගුරු පාරට ගොඩ වෙද්දි නේත්‍ර ආශව දිහා බැලුවා.

"සුදුබේබි තකහනියක් මෙහෙ ආවෙ?"

"අද දෙනෙතුයි දෙවිනුයිත් එනවා කිව්වා..ඒ දෙන්නා එකට ඉදී.....දිවාෂයි තෙවිනුයි එකට ඉදියි..මගෙ මැණික විතරක් තනි වෙනවනෙ.ඔයාට පාළුවක් දැනෙයි කියලා හිතුනා"

"සුදුබේබි මම ගැන හුඟාක් හිතනවා"

"ඔයා විතරනෙ ඉතින් මට ඉන්නෙ....ඔයා ගැන නැතුව වෙන කා ගැන හිතන්නද?"

"නේත්‍රත්....නේත්‍රත් ආදරෙයි සුදුබේබිට හුඟාක්"

"මම දන්නවනෙ ඒක"

"කාර් එකේද ආවෙ සුදුබේබි?"

"ඔව් නේත්‍ර...ඒක වලව්වට දාලා ආවා"

"මහ මුදියන්සෙ?"

"එයා නෑ ගෙදර....පුංචි අම්මා විතරයි හිටියෙ"

"සුදුබේබි කන්නත් බෑ කිව්වනෙ මුකුත්"

"මගදි කාලා ආවෙ නේත්‍ර....බඩගිනි නෑ තවම....මැණිකෙ"

"ඕ සුදුබේබි....."

"ඔය මූනෙ පැත්තක් රතු වෙලා වගේ මොකෝ? අතෙත් පැල්ලමක් තිබ්බා දැක්ක මම"

"ක්....කෝ සුදුබේබි...."

"ඔයාගෙ මෙතන මේ....."

"ආ.....ඊයෙ රණ්ඩුවක් මැද්දට පැන්නනෙ සුදුබේබි මම"

"රණ්ඩුවක්?"

"ඔව්.....දිවාෂලා එක්ක ගහගන්න ආවා කට්ටියක්.....මම බේරන්න පැන්නා මැද්දට"

"ඔව්වගෙන් ඈත් වෙලා ඉන්න නේත්‍ර.....මම ආසා නෑ ඔයාට තුවාල වෙනවට"

"ආයෙ යන්නෑ සුදුබේබි....."

"කොටාටත් පාඩුවෙ ඉන්න කියන්න.....ඌ කොයි වෙලෙත් ඉන්නෙ නැට්ට ගිනි තියංනෙ"

"හි හී...."

"හිනා නෙවෙයි නේත්‍ර.....ඔයාගෙ ඔහොම ලාවට හරි තුවාල තියෙද්දි.....මේ දණහිසෙත් ඒකෙන් උනු එකක්ද?"

"ඔව්නෙ සුදුබේබි....වැටුණා එකපාරටම මාව"

"ආයෙනම් යන්න එපා නේත්‍ර ඔව්වට....ඔව්වට ආයෙ එකපාරක් හරි ගියොත් මම මෙහෙම නෙවෙයි ඔයාට කියන්නෙ....කේන්ති ගස්සන්න එපා හොඳද මාව"

"ආයෙ එහෙම වෙන්නෑ සුදුබේබි....සමාවෙන්න මට"

"ආදරේ නිසානෙ කියන්නෙ මැණිකෙ....හොඳද?"

"මම දන්නවා සුදුබේබි"

ආශව දිහා බලලා හිනා වුණු නේත්‍ර ආශවට තව ටිකක් ලං වෙලා ඇවිදගෙන යද්දි ආශවත් හිනාවෙවීම ඉදිරියට ඇදුනා.දිවාෂලාගෙ ගෙට ගොඩ වුණු ආශව එහෙම්මම දිවාෂලාගෙ සාලෙ තිබුනු සෝෆාවෙන් දිගා වෙද්දි නේත්‍රයි දිවාෂයි කුස්සියට ගියේ මොනාහරි හදන්න හිතාගෙන.මොකද හවස් වෙද්දි මහන්සි පිටම දෙවිනුයි දෙනෙතුයිත් එන වග දෙන්නම දැනගෙන හිටියා.

"චූචි....."

"ඕ දිවාෂ"

"ස්කොඩ් එක දානවලු නේද.....අලුත් එක....එන ඔඩියට?"

"ඔව්.....සුදුබේබි ඉදීවි ඒකෙ"

"ඉන්නත් ඕනි.....ඌ හොදට කලර්ස් පෙන්නුවනෙ එල්පීඑල් එකේදි......."

"හ්ම්ම්.....සුදුබේබිගෙ අවුරුදු ගාණක ආසාව දිවාෂ ඒ....ඒක සම්පූර්ණ වෙනවනම් මට ඒ ඇති....මගෙ අහිංසක සුදුබේබි"

"ඔව්.....උගෙ මහන්සිය අනික.....බය වෙන්න එපා ඉදියි ස්කොඩ් එකේ"

"අද රිසාල්ට්ස්.....තෙවින් අයියගෙ රිසාල්ට්ස් නම් කොහොම උනත් අවුලක් නෑ නේද දිවාෂ එයා කැම්පස් යන නිසා දැන්මම?"

"ඔව්.....එස් තුනක් තිබ්බොත් ඇති.....ෆේල් වෙන්නෙ නැතුව"

"එහෙමනම් ඇති බය වෙන්නෙපා"

"ආසවගෙ?"

"සුදුබේබිටනම් ගවර්මන්ට් කැම්පස් යන තරමෙ රිසාල්ට් එකක් ඕනි දිවාෂ....නැත්තං සුදුබේබි හිර වෙනවා මහ මුදියන්සෙට"

"දුර උනත් යනවලුද?"

"දුර ගිහින් ක්‍රිකට් වැඩ කරගන්න විදියක් නෑනෙ දිවාෂ....කොලඹට ලඟ තුනෙන් එකකට යාගන්න තිබ්බොත් හරි"

"ඇති නේහ් රිසාල්ට්ස් ?"

"ඔව්.....සුදුබේබි මහන්සි උනා හුඟක් ....එයා රිසාල්ට් එකක් දාලා ඇති අනිවාර්‍යෙන්ම"

කතාවෙන් කතාවෙන් නොදැනිම කාලෙ ගෙවිලා හවස් යාමෙ එලඹෙද්දි ගේ ඇතුලට වෙලා කට්ටිය එක්ක චිත්‍රපටියක් බල බල හිටි දිවාෂ කෑ ගහගෙන එලියට දුවලා ගියේ දෙවින්ලා ආව සද්දේ එක්ක.අත් දිග කමිසෙ උඩ බොත්තම් දෙකකුත් ගලෝගෙන ගෙට ගොඩ උනු දෙනෙත් සෝෆාවෙ හිටිය ආශවගෙ ඇඟට වැටෙද්දි දිවාෂව උස්සගත්තු දෙවින් ඊලඟට ගෙට ගොඩ උනා.

"ආ දෙනෙත්......අඩෝ අයියා බලපංකො....මූ ලස්සන වෙලානෙ"

"දෙනෙත් මූව බබා වගේ බලාගන්නවද කොහෙද තෙවින්"

"දෙවින් පණ කොහොමත් ලස්සනයි හර්තේ....එන්නෙපා එක එක මගුල් කියාගෙන!"

දිවාෂ ආශවටයි තෙවින්ටයි රවලා දෙවින්ගෙ උකුලට පනිද්දි දෙවින් දිවාෂගෙ කොණ්ඩෙ අවුස්සලා හින වුණා.ඒත් එක්කම නේත්‍රගෙ ඇස් ගියේ විඩාබරව ඉන්න දෙනෙත් දිහාට.

"දෙනෙත් අයියෙ....ඇඟපත සෝදන් තේ බොනවද? තේ එකක් බීලා ඇගපත සෝදගන්නවද?"

"තේ එකක් බීලම ඉමු නේත්‍ර බබා....හරි මහන්සියි"

"චූචි ඔයා ඉන්න.....මම තේ හදාගෙන එන්නම්"

දිවාෂ නැගිටලා යද්දි නේත්‍ර නැගිටලා යන්න හැදුවත් දෙනෙත්ව අහකට කෙරුව ආශව නේත්‍රව ඇදලා තමන් ලඟට අරං තුරුල් කරගෙන ඇස් දෙක පියාගත්තා.ආශවගෙ කෝලං කොහොමත් හුරුපුරුදු නේත්‍ර තමන්ට එහා පැත්තෙ උන්නු දෙනෙත්ගෙ ඔලුව හෙමීට අතගාන්න ගනිද්දි දෙනෙත් නේත්‍ර දිහා බලලා හිනා වෙලා ඇස් පියාගත්තා.

"දෙනෙත් අයියා හුඟාක් මහන්සි වෙනවා වගේ"

"ඔව් නේත්‍ර බබා....ටිකක් මහන්සියි....ඒත් මෙව්වා කරන්නම ඕනි දේවල්නෙ"

"මමත් හැමදාම මහන්සි වෙනවා නේත්‍ර....ඔයා දන්.....අනේ මේ! මූව අල්ලන්නෙපා ඔයා! මාව විතරක් අල්ලන්න!"

දෙනෙත්ගෙ ඔලුව අතගගා උන්නු නේත්‍රගෙ අත ඇදලා ගත්තු ආශව ඔක්කොමල්ලටම රවලා ආයෙමත් නේත්‍රට තුරුල් වෙලා ඇස් දෙක පියාගත්තා.කට්ටියටම තේ හදාගෙන ආව දිවාෂ දෙනෙත්ලා එද්දි අරං ඇවිත් තිබ්බ චොකලට් කේකයත් කෑලි වලට කපලා අරගෙන ඇවිත් තිබ්බා.

"අපේ එකා උදව්වක් කරන්නෙ නැද්ද දෙනෙත් උඹට?"

"කරනව මොකෝ නැත්තෙ"

තමන් දිහා බලාගෙන කේක් කෑල්ලක් කමින් උන්නු දෙවින් දිහා බලලා හිනාවුණු දෙනෙත් කතා කරන්න ගත්තා.

"උදේ නැගිට්ට තැන ඉදලා මගෙ ඔක්කොම වැඩ බලන්නෙ දෙව්.....එයාට ක්ලබ් එකට යන්න තිබ්බට පුළුවන් විදියට මොනාහරි උයලා,මටත් කවලා,ඇඳුම් පවා පිලිවෙලද බලලා තමා මම එක්කම ක්ලබ් එකට යන්න පිටත් වෙන්නෙ.....ක්ලබ් එකට ගිහිල්ලත් හුඟක් දවස් වලට මෙයා මට කලින් ගෙදර එනවනෙ....ඒ ඇවිල්ලා ආයෙ රෑට කන්න හදනවා....රෑට මම මොනාහරි ඔෆිස් එකේ වැඩක් කරනවනම් ගෙදර ඉදලා ඒවටත් උදව් වෙනවා...ප්‍රැක්ටිස් නැති දවස් වලට දෙව් ඔෆිස් එකටත් එනවා උදව් කරන්න...එයා ඉන්න නිසා තමා මම මේ ඔලුව උස්සන් වැඩක් කරන්නෙ"

දෙනෙත් දෙවින් දිහා බලලා හිනා වෙලා කියලා තේ එකත් බීලා දිවාෂගෙන් තුවායක් ඉල්ලගෙන නාන කාමරේ පැත්තට ඇදෙද්දි තෙවින් දිවාෂට විරිත්තන්න ගිහින් ගුටි කෑවා.ඔය ඔක්කොම ආශව බලන් හිටියෙ නොසෑහෙන වේදනාවෙන්.හැමෝම ලඟ තමන්ගෙ ආදරවන්තයා ඉන්නවා.ඒත් නේත්‍ර තනි වෙලා.නේත්‍රට කියලත් කොච්චරනම් වෙලාවල් එනවා ඇද්ද තමන් ලඟ ඉන්න ඕනි කියලා දැනෙන? ආශවට දැන් දැන්නම් මේ වෙන් වෙලා ඉදිල්ල ඇති වෙලා තිබුනත් ඒ දෙන්නටම වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.

"ඉක්මනට ඒලෙවල්ස් ඉවර කරන්නකො....අපි කොළඹ යමු"

"හා සුදුබේබි"

තමන් ලඟ උන්නු නේත්‍රගෙ පිටි අල්ල උඩින් හාද්දක් තිබ්බ ආශව මුමුණද්දි නේත්‍ර ලස්සනට හිනා වෙලා ඔලුව වැනුවා.

.

.

.

.

.

"දාලද?"

"නෑ තාම .....තව ටිකක් රෑ වෙයි"

"බයයිත් එක්ක ඕයි"

"ම්ම්ම්ම්"

තෙවින්ගෙ මූණ විඩාබර වෙලා තිබ්බා.ඊයෙ පෙරේදා ඉදන්ම අමාරුකං කිය කිය කන්කෙඳිරි ගාන තෙවින්ව බේත් ගන්න එක්කන් යන්න හැදුවත් තෙවින් එව්වගෙන් කට්ටි පයින නිසා දිවාෂ බැන බැන හිටියෙම තෙවින් හුරතල් වෙන්න හදනවා කියලා.දැනුත් දිවාෂට හේත්තුවක් දාගෙන දුරකථනෙ කොටන තෙවින්ගෙ ඔලුවට ටොක්කක් ඇන්න දිවාෂ ආයෙමත් වෙබ් සයිටය අලුත් කර කර බැලුවෙ ප්‍රතිපල ඇවිල්ලද කියලා.

"සුදුබේබි.....ඇයි මේ?"

"ටිකක් එලියට යමු?"

"හා....යං"

ආශව එක්කම එලියට ගිය නේත්‍ර දිවාෂලාගෙ ගෙදර තිබ්බ බංකුවක් උඩින් ඉදගනිද්දි ආශව නේත්‍රගෙ උරහිසකට ඔලුව බර කරගත්තා.

"ඇයි සුදුබේබි.....මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"හ්ම්ම්ම්"

"ඇයි සුදුබේබි?"

"ස්කොඩ් එක දානවනෙ ලගඳිම"

"ඔව්...."

"දිව්දේත්‍රා එයාව මීට් වෙන්න කියනවා....මාරම ඇණයක් වෙලා තියෙන්නෙ දැන්....."

"එයානම් තේරුම් ගන්නම පාටක් නෑ සුදුබේබි"

"ඊට වඩා අවුල් වැඩක් උනා"

"ඒ මොකද්ද?"

"ම්ම්ම්ම්.....මිස්ටර් අලහකෝන් අනිද්දට මට ටයිම් එකක් දුන්නා එයාව මීට් වෙන්න එන්න කියලා"

"දිව්දේත්‍රාගෙ තාත්තා?"

"ඔව්......"

"ක්‍රිකට් වැඩකටද සුදුබේබි....නැත්තං?"

"විශාර අන්කල්ලවත් දැනුවත් නෑ ඔය දේ ගැන....මම හිතන්නෑ ක්‍රිකට් සම්බන්ධ දෙයක් කියලා....අනිවාර්‍යෙන්ම පර්සනල් දෙයක්"

"ම්ම්ම්ම්"

"හැබැයි කතාවෙ කොනකට හරි ක්‍රිකට් ගෑවෙයි"

"ඒකනම්....හ්ම්ම්.....මට බයයි සුදුබේබි"

"ඇයි ඒ?"

"සුදුබේබිගෙ අනාගතේ....."

"..............."

"මට බෑ සුදුබේබිට කියන්න මාව අතෑරලා එයා ලඟට යන්න කියලා....මම මගෙ ජීවිතේ උනත් දෙන්න ලෑස්තියි ඕනිම වෙලාවක....ඒත් සුදුබේබිව දෙන්න බෑ කාටවත්"

"ඔයා එහෙම කියන්නත් එපා නේත්‍ර....එහෙම උනොත් මම නේත්‍රටත් ගුටියක් දීලා මගෙත් අතක් තුවාල කරගන්නවා....වෙන් වෙන කතා අපි දෙන්නා අතරෙ නෑනෙ....තේරුනාද?"

"ඔව් සුදුබේබි...."

"අපි බලමුකො....මම ඔයාවත් බේරගෙන මගෙ හීනෙත් බේරගන්නම්"

"ස්....සුදුබේබි....."

"ම්ම්ම්ම්"

"මෙහෙම දෙයක් මම ඇත්තටම අහන්න කවදාවත් හිතුවෙ නෑ....ඒත් වයසින් මුහුකුරා යද්දි,පුංචි කාලෙට වඩා දේවල් තේරෙද්දි.....ඒකයි සුදුබේබි මම මේක අහන්නෙ"

"කියන්න නේත්‍ර"

"ඇත්තටම......ඇත්තටම දෙකම බේරගන්න පුලුවන් වේවිද සුදුබේබි?"

නේත්‍රගෙ ප්‍රශ්නෙ එක්ක ආශව නේත්‍රගෙ අත හයියෙන් අල්ලගත්තා.නේත්‍ර ඔය ප්‍රශ්නෙ නෑහුවත් ආශව උනත් ඒ ප්‍රශ්නෙ අස්සෙ සෑහෙන කාලයක් තිස්සෙම දෝලනය වෙමින් හිටියා.ඇත්තටම එහෙම පුලුවන් වෙයිද? දෙකම බේරගන්න? ඕනිම දෙයක් ලබාගන්න දෙයක් කැප කරන්න වෙන වග ආශව දැනගෙන හිටියා.නේත්‍රත් දැනගෙන හිටියා.

ජීවිතේ පලවෙනිම වතාවට තෝරාගැනීමක් එක්ක දෙන්නගෙම ඔලු උඩින් කලු වලාකුලු පාවෙන හැඟීමක් ආශවට වගේම නේත්‍රටත් දැනෙන්න අරං තිබ්බා.පුංචි කාලෙ ඉදන්ම නොවෙනස්ව ආශවගෙ හිතේ මනසෙ රැඳිලා තිබ්බෙ දේවල් දෙකයි.එකක් නේත්‍ර,එකක් ක්‍රිකට් හීනෙ.ඒ බව නේත්‍රත් දැනගෙන හිටියා.ආශව කොහොමත් ඔය දෙකම කිසිම දෙයක් නිසා අතාරින්න අකමැත්තෙන් හිටිය දේවල් දෙකක්.හැබැයි අද වෙද්දි ආශව ඒ දෙකෙන් එකක් තෝරගන්න තරමට අසරණ වෙලා.ක්‍රිකට්,නේත්‍ර....ලොකු හුස්මක් පහල දැම්ම නේත්‍ර ආශවට තුරුල් වෙද්දි ආශවත් ලොකු හුස්මක් පහල දාලා නේත්‍රව තුරුල් කරගත්තා.

"වරෙං! ආශවයා....රිසාල්ට්ස් දාලා!"

එකපාරටම ගේ දොරකඩින් ඇහුනු දෙවින්ගෙ සද්දෙ එක්ක ආශවව අතින් ඇදගත්තු නේත්‍ර ගේ ඇතුලට දුවගෙන ආවා.ඒ වෙද්දිත් දෙනෙත් දෙවින් දෙන්නා වෙබ් සයිටයට ඇතුල් වෙලා ඉද්දි දිවාෂත් තෙවින් වෙනුවෙන් වෙබ් සයිටයට ඇතුල් වෙලා තිබ්බා.මෙලෝ ගාණක් නැතුව හිටිය තෙවින් බිම දිහා වෙලා නියපොතු හපන විදිය බලන් හිටිය නේත්‍ර ඉක්මනටම වෙබ් සයිටයට ඇතුල් වුණා.

"තෝ නං ! නැගිටපං තෙවින්! අඩුම මේක බලන්නවත් නැගිටපංකො!"

"එස් තුනක් ඇති යුගාන්....අයින්නෙපා අනේ පයින්! රිදෙනවා"

"ඉන්න විදියට ඔක්කොම ෆේල් වගේ ඉන්නෙ ගෝතයා! නැගිටපං!"

"කෑ ගහන්න එපා යුගාන්! මගෙ කන කීං කීං ගානවා"

නේත්‍ර වෙවුලන අතින් බලන් හිටියෙ දුරකථන තිරේ දිහා.පැන්ඩා පැටවු ටිකව තෝරන්න ආව එකත් තෝරලා ඉවර කෙරුව නේත්‍ර ගැස්සිලා ගියේ දිවාෂගෙ සද්දෙට.

"හරි හුත්තක් උනානෙ මේක! බල්ලව තේරුවාම තාරකා ඉබ්බොන්ව එවනවා! තාරකා ඉබ්බව තේරුවාම අලියොන්ව එවනවා! මිනිහෙක්ද අහන්නෙ!!! නෑ හු#තො නෑ!!!! මම ගස්ලබු ගෙඩියක්!"

දිවාෂ කැ ගහලා තෙවින්ට පයින් ගැහුවත් ගාණක් නැති තෙවින් ආයෙමත් නියපොතු හපලා එව්වගෙන් දිවාෂට විදින්න ගත්තා.ඒත් එක්කම නේත්‍ර ආශවගෙ අත හයියෙන් ඇල්ලුවෙ ආශවගෙ නම තිරේ වැටුණු නිසා.

G.C.E (A/L) Examination -2021

Examination          G.C.E (A/L) Examination

Year                        2021(2022)

Name                     IRUGALBANDARA MUDIYANSELAGE

ASHAWA THIDASWARA

IRUGALBANDARA

Index Number       7122687

NIC Number          200176521960

District Rank         503

Island Rank          2927

Z-Score                 1.7953

Subject Stream   COMMERCE

Subject                                    Result

ECONOMICS                           B

BUSINESS STUDIES               A

ACCOUNTING                         A

COMMON GENERAL TEST   072

GENERAL ENGLISH              A

නේත්‍රගෙ ඇස් වලට කදුළු උනන්න ගත්තෙ ආශවගෙ ප්‍රතිපලය දැකලා.ක්‍රීඩා වැඩ මානසික පීඩන ඔය හැම දෙයක් එක්කම ආශව හොඳ ප්‍රතිපලයක් දාලා තිබුනා.

"ස්....සුදුබේබි.....මගෙ සුදුබේබිට තුනුරුවන්ගෙ පිහිට හැමදාටම තියෙනවා"

"නෑ....ඔයාගෙ පිහිට....ඔයා නැත්තං මට එස් තුනක්වත් නෑ නේත්‍ර"

ආශව නේත්‍රගෙ නලල උඩින් තොල් තද කරලා කියද්දි නේත්‍ර ඉකි ගගහම ආශවගෙ තුරුලට ගුලි උනා.

"දෙවිනා....දෙනෙත්....කොහොමද රිසාල්ට්ස්?"

දෙවින් හිනා වෙලා ආශව දිහා බැලුවා.

"ඒ දෙකයි බී එකයි ආශවයා මගෙත්....බබා ඔයාගෙ කොහො....ඇයි මේ?"

දෙනෙත්ගෙනම් අත් වෙවුලන ගමන් තිබ්බා වගේම දෙනෙත් දෙවින්ගෙ අත උඩින් තමන්ගෙ දුරකථනෙ තිබ්බා.

G.C.E (A/L) Examination -2021

Examination          G.C.E (A/L) Examination

Year                        2021(2022)

Name                     BANDARA WASALA VIDANELAGE

DENETH UCHITHA BANDARA

Index Number       8576241

NIC Number          200163809600

District Rank         10

Island Rank          52

Z-Score                 2.1768

Subject Stream   COMMERCE

Subject                                    Result

ECONOMICS                           A

BUSINESS STUDIES               A

ACCOUNTING                         A

COMMON GENERAL TEST   080

GENERAL ENGLISH              A

"ඒයි ඒයි දෙනෙත්! අඩෝ සුපිරියක්නෙ!"

"බබා! දෙයියනේ!"

දෙවිනුයි ආශවයි දෙනෙත්ව වැලඳගෙන සුභ පතද්දි දිවාෂ බිම ඉදලා නැගිටින තෙවින්ට පයින් පාරක් ගැහුවා.

"ඒයි තමුසෙත් හොඳට පාස්!"

"ඒකනෙ කිව්වෙ ඉතින් එස් තුනක්වත්......."

"ඒ එකයි සී දෙකයි යස්සයො! මෙහෙ එනවා"

ඔක්කොටම කලින් තෙවින්ව ලඟට ඇදලා ගත්තු දිවාෂ තෙවින්ට සුභ පතලා පස්සත් ටිකක් මිරිකලා අතාරිද්දි ඉලන්දාරි හතර දෙනා එක ගොන්නට වැලදගෙන සතුට විදගන්න හැටි බලන් හිටිය නේත්‍රයි දිවාෂයි කුස්සියට ගියේ මේ වෙනුවෙන්ම හැදුව කේකය අරං එන්න.

"එහෙනම් මේක.....ඔයාලා හතර දෙනාගෙම අනාගතේ වෙනුවෙන්!"

කොල්ලො ටික කේක් කපලා සතුටු උනා.කාලෙකට පස්සෙ හිනා වුණා.ආයෙ කවදා හිනාවෙන්න පුලුවන් වෙයිද කියලා නොදන්න ගානට අද ඇති වෙන්න හිනා උනා.එලි වෙනකං කතා කර කර හිටියා.අද දවසෙ සතුට අද ඒ මොහොතෙ වටේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක කෙරුව කොල්ලො ටික මුලු ආත්මෙන්ම වින්දා.

එලිය වැටුණු ගමන් ආශව එක්ක එලියට බැස්ස නේත්‍ර අරුණලු වැටෙන නුවර ආකාහෙ යටින් ඇවිදන් ගියේ වලව්ව පැත්තට.නේත්‍රටත් වලව්වටම යමු කියලා ආශව කිව්වෙ නිර්මලා මේ වෙද්දිත් වැඩ කරන්න ඇවිත් තිබ්බ බව දැනන් හිටිය නිසා.වලව්වට යන්න කලින් ගුරු පාර හරියෙදි ආශවගෙ අතින් අල්ලලා නැවැත්තුව නේත්‍ර ආශවගෙ මූණට එබුණා.

"සුදුබේබි......"

"ම්ම්ම්ම්"

"දැන් ගිහින් ලොකු මැණිකෙට රිසාල්ට්ස් කියන්න හොඳද?"

"එයාලට මොකට කියන්නද? මට ඕන්නෑ"

"එයාලට නෙවේනෙ සුදුබේබි.....මම මහ මුදියන්සෙට කියන්න කිව්වෙ නෑනෙ සුදුබේබි.....ඒත් ලොකු මැණිකෙට කියමු අපි.....ලොකු මැණිකෙ සුදුබේබිට හරි ආදරෙයි.....එදා කා එක ගත්තු එක ගැනත් මම එක්ක කතා කලා ලොකු මැණිකෙ.....ඇස් බොරු කරන්නෑනෙ සුදුබේබි කාගෙවත්.....ලොකු මැණිකෙගෙ ඇස් සතුටින් පිරිලා තිබ්බා."

"..........."

"සුදුබේබි මේ තාක් ඉගෙන ගත්තෙ එයාලාගෙත් හයියක් එක්කනෙ සුදුබේබි.....මහ මුදියන්සෙට කියන්න කියලා මම බල කරන්නෑ මහ මුදියන්සෙ සුදුබේබිගෙ හිත රිද්දන නිසා....ඒත් ලොකු මැණිකෙට කියමු හොඳද?"

"ඔයා කියනවනම් මම කරන්නම් නේත්‍ර"

ඔලුව වැනුව ආශව වලව්වෙ ඉදිරිපසින් ගොඩ වෙනවා දැක්ක නේත්‍ර හිනා වෙවීම පිලිකන්න පැත්තට දුවගෙන ගියා.

ආශව හිනා වුණා.

නේත්‍ර හිනා වුණා.

දෙවින් හිනා වුණා.

දෙනෙත් හිනා වුණා.

තෙවින් හිනා වුණා.

දිවාෂ හිනා වුණා.

හැමෝම හිනා වුණා.

අනිද්දා වෙනකං විතරක්!

..............................................................................................

සනුකලාගෙ ගෙදර කාමරේ හිටිය ආශව නේත්‍ර තෑගි දුන්නු ඔරලෝසුව තමන්ගෙ අතේ බැඳගනිද්දි ඇතුලට ආව සනුක ආශව දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඇඳ උඩින් ඉදගත්තෙ ලොකු හුස්මක් හෙලන ගමන්.

"උඹට මේ ගමන යන්නම ඕනිද ආශව?"

"නොගිහින් බෑනෙ සනුක......අලහකෝන්නෙ කතා කලේ"

"හොඳට මතක තියාගනින්! ඌ එන්න කිව්වෙ ක්‍රිකට් බෝඩ් එකටවත්,ක්‍රිකට් ක්ලබ් එකටවත් නෙවෙයි! ඌ එන්න කිව්වෙ හිල්ටන් එකට!"

"පර්සනල් දෙයක් කතා කරන්න කියලා මට නොතේරෙනවා නෙවෙයි සනුක....ඒත් ඒ මනුස්සයව ඉග්නෝ කරලා ඉන්න බෑනෙ....උඹ මගෙ තැන ඉදලා හිතපං"

"ඒක ඇත්ත.....එතකොට මට මේක කියපං!"

සනුක අත් දෙකත් බැදගෙන ඇදෙන් නැගිටලා ඇවිත් ආශවගෙ කණ්නාඩිය ලඟ තිබ්බ මේසෙට හේත්තු වෙලා ආශවගෙ මූණ දිහා කෙලින්ම බැලුවා.

"ඔය විදියට උඹට ඌ කියන කිසි දෙයක් ඉග්නෝ කරන්න බැරි වෙයිද?"

"උඹ අදහස් කරන්නෙ මොකද්ද?"

"උගෙ දුවව බඳින්න කිව්වොත්?"

"මම කැමති නෑ ඕයි ට්‍රැක්ද?"

"ක්‍රිකට්ද උඹේ පර්සනල් ලයිෆ් එකද කියලා ඇහුවොත් මොකද කරන්නෙ?"

සනුක අහද්දි ආශව සනුක දිහා ටිකක් වෙලා බලන් ඉදලා ඉස්සරහ හැරුණා.

"ඒකට උත්තරේ මගෙ හිතේ තියෙනවා සනුක....එහෙම දෙයක් උනොත් එවෙලෙට ඒක කියන්නම් මම"

"උඹ නේත්‍රට රිද්දයිද?"

"ඔව්! මගෙ හිතේ තියෙන උත්තරේ එක්ක නේත්‍රට නොසෑහෙන්න රිදෙයි සනුක.....ඒත් මට කරන්න දෙයක් නෑ....මම නේත්‍රට රිද්දන්න ආසා නෑ තමයි.....ඒත් මම ගන්න තීරණේ ගැන නේත්‍ර පහු වෙලා හරි තේරුම් ගනියි"

"ආශව!!!"

"පස්සෙ කතා කරමු සනුක"

ආශව දිහා මුකුත්ම හිතාගන්න බැරුව බලන් හිටිය සනුක හෙමින් සැරේ ඔලුව දෙපැත්තට වනලා ආශවට එන්න කියන ගමන් පහලට බැස්සා.නේත්‍රට මෙච්චර ආදරේ කරන ආශව නේත්‍රට රිද්දන්න? ඒක වෙන්න පුලුවන්ද? ආශව එහෙම කතාවක් කිව්වෙවත් ඇයි? මුකුත්ම හිතාගන්න අමාරු උනු සනුක ආශවගෙ වාහනේ රියදුරු අසුනට ගොඩ වෙද්දි ආශව මගී අසුනට ගොඩ උනා.තනියම යනවට වඩා සනුක එක්ක යන එක හොදයි කියලා හිතුව ආශව සනුකවත් ගමනට එකතු කරගෙන තිබ්බා.

"කේස් එකක්නම් මොකක් හරි මට කෝල් එකක් ගහපං....මම කා එක පාක් කරලා බීච් එක ලඟට වෙලා ඉන්නම්"

"හරි"

සනුකට ඔලුව වනලා උත්තර දුන්නු ආශව තමන්ට යොමු කරලා තිබ්බ මේසය හොයාගෙන ගියා.විදුලි සෝපානයට ගොඩ උනු ආශව අදාල මහලට ගිහින් වටපිට බලද්දි ශාලාවෙ කොණකම තිබුනු මේසයක ඉදගෙන හිටිය අලහකෝන් ආශවට අත වැනුවා.

"හලෝ පුතා! ටේක් අ සිට්"

"තැන්කිව් සර්"

ආශව ඉදගනිද්දි වේටර්වරයෙක් ඇවිත් පිලිගැන්නුව සිසිල් බීම පානය පිලිගත්තු ආශව ඒක මේසෙ උඩ තියද්දි අලහකෝන් ආශව දිහා බලලා හිනා වුණා.

"ඉතින් පුතා....."

"සර් මට එන්න කිව්වෙ?"

"සර් කියන්න ඕන්නෑ.....මේක ක්ලබ් එක නෙවෙයිනෙ.පුතාට පුලුවන් මට අන්කල් කියන්න"

"ඒක මට ටිකක් අන්කම්ෆටබල් සර්....මම පුරුදු විදියට කතා කරන්නම්"

ආශවගෙ සාමාන්‍ය දැඩි හඬ එක්ක අලහකෝන් ආශව දිහා ටික වෙලාවක් බලන් ඉදලා හිනාවක් මූණට නංවගත්තා.

"පුතා වෙනස් තමා අනික් අයට වඩා"

"..........."

ආශව ඒකට හිස සෙලවීමකින් විතරක් පිලිතුරු දෙද්දි අලහකෝන් තේරුම් ගත්තෙ ආශව එක්ක කාලෙ හුඟක් යන විදියට කතාබහ කරලා තේරුමක් නැති වග.

"මම පුතාට එන්න කිව්ව රීසන් එක.....ම්ම්ම්ම්......මම හුඟක් ටයිම් වේස්ට් නොකර ඒ ගැන කියන්නම්"

"ඔව් සර් ඒක හොඳයි"

ආශවගෙ කටහඬේ කිසිම සුහදත්වයක් නොතිබ්බ වග අලහකෝන්ට තේරුනත් අද ආශවට එන්න කිව්ව කාරණාව කතා නොකර නවත්තන්න තරම් අලහකෝන් පසුබට උනේ නෑ.

"ආශව පුතා.....ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ පාර එල්පීඑල් සීසන් එකේ ඔයාගෙ පෆෝමන්ස්! සුපර්බ්!"

"තෑන්ක් යූ සර්"

"ඇන්ඩ්.....ස්පෙශලි කියන්න ඕනි ඔයා ගැන අපි හුඟාක් කතා කලා.....ක්‍රිකට් බෝඩ් එකේ අය වගේම....පුතා දන්නවද අයිපීඑල් වල,කොල්කතා ටීම් එකේ එක කෝච් පවා අපි එක්ක කතා කලා කියලා?"

"මට දැනගන්න විදියක් නෑනෙ සර්.....ඔයාලා ඔයාලනෙ කතා කරගෙන තියෙන්නෙ"

"ඕහ්! සොරි සොරි පුතා,මට ඒක අමතක උනානෙ....මම හිතුවෙ අපේ දුව කියන්න ඇති කියලා ඒ ගැන"

"දුව? නෑ.....මම එයා එක්ක කතා කරන්නෑ එහෙම!"

ආශවගෙ කටහඬේ තිබ්බ නොරුස්නා ගතිය තත්පර ගාණක් ඇතුලත තේරුම් ගත්තු අලහකෝන් තමන්ගෙ කලු සුදු කොන්ඩෙ එකපාරක් ඇඟිලි වලින් හදාගන්න ගමන් දාගෙන හිටිය උපැස් යුවල ගලෝලා මේසෙ උඩින් තිබ්බෙ තමන්ගෙ අත් දෙක බැඳගන්න ගමන්.අලහකෝන්ගෙ ඇස් දෙක කෙලින්ම එල්ල වෙලා තිබ්බෙ ආශවට.

"ඒ ගැන කතා කරගන්නත් එක්ක තමයි මම ආශව පුතාට එන්න කිව්වෙ"

"........."

"පුතා....මගෙ දුව, ඒ කියන්නෙ දිව්දේත්‍රා කියන්නෙ පුංචි කාලෙ ඉදන්ම සැප සම්පත් ගොඩක් මැද්දෙ හැදුනු කෙල්ලෙක්.එයා නැතිබැරිකම, නෑ බෑ කියන වචන දැනගෙනවත් හිටිය කෙනෙක් නෙවෙයි....පුතා අපේ දුවව දැකලා එහෙම ඇතිනෙ....කෙල්ල පොඩ්ඩක් දඟයි.ඒක ඒ ලමයගෙ වරදක් නෙවෙයි....මම අර කලින් කිව්ව විදියට හැදුනු නිසා අපේ කෙල්ල ටිකක් වෙනස් අනික් අයට වඩා"

ආශවගෙ හිස් මූණ දිහා බලම් හිටිය අලහකෝන් ආයෙමත් කතා කරන්න ගත්තා.

"මමම මේක කතා කරන්න හැදුවෙ හැමදේම පිලිවෙලක් කරගන්න ඕනි නිසා....පුතාගෙ තාත්තා නේද මිස්ටර් සාගර?"

"ඔව්"

"ඒක තමයි.මම මිස්ටර් සාගරව දන්නවා....සාගරව නොදන්න කෙනෙක් නම් මේ බිස්නස් ෆීල්ඩ් එකේ නැතුව ඇති...ඒකත් එක හේතුවක් මම පුතා එක්ක මෙහෙම කතා කරන්න.නැත්තං ඇත්තටම නිකංම පවුලක ක්‍රිකට් ගහන කොල්ලෙක් එක්ක කතා කරන්න මම මගෙ කාලෙ නාස්ති කරන්නෑ"

අලහකෝන්ගෙ වචන අස්සෙ තිබ්බ මහ අමුතු ගතිය ආශවට තේරුනත් ආශව ඒක ගණන් නොගෙන හිටියා.හැමදේටම වඩා කොහොමත් ආශවගෙ ලොකුකම වැඩියිනෙ!

"අපේ දුව කැමතියි පුතාව ආශ්‍රේ කරලා බලන්න....කෙල්ල ඇවිත් නාහෙන් අඬනවා පුතා ගණන් ගන්නෑ අරකයි මේකයි කියලා....මම දන්නවා,පුතා එහෙම කරන්නෙ කෙල්ලට පොඩි විහිලුවක් කරන්න හිතං මිසක් වෙන දේකට...."

"නෑ මම....."

"ඔව් ඔව්! විහිලුවක් කියලා දන්නවා පුතා! ඉට්ස් ඕකේ....ඉතින් පුතාම ටිකක් හිතලා බලන්නකො මම කියන දේ ගැන"

අලහකෝන්ගෙ හිනාව අස්සෙ තියෙන තර්ජනාත්මක ගතිය ආශවට හොඳටම තේරුණා.තමන්ගෙ අප්පච්චි ගැන විශේෂයෙන්ම අලහකෝන් කියන්න හේතුව තමන්ගෙ අප්පච්චිගෙ තියෙන ධනවත්කම එක්ක බැඳුනු කැමැත්තක් වගේ දෙයක් නිසා කියන එකත් ආශවට තේරුණා.ජීවිතේ සියවෙනි වතාවටත් තමන් දුප්පත් පවුලක හරි මධ්‍යම පාන්තික පවුලක හරි කෙනෙක් වෙලා ඉපදුනානම් කියන හැඟීම ආශවට දැනෙන්න ගත්තා.තමන් එහෙම පවුලක කෙනෙක් උනානම් මෙච්චර ප්‍රශ්න වෙන එකක් නෑ.නේත්‍ර විතරක් තමන්ට ආදරේ කරයි.වෙන කවුරුත් තමන්ට ආසා වෙලා වද දෙන එකක් නෑ කියලා හිතුව ආශව ආයෙමත් අලහකෝන්ගෙ කටහඬ එක්ක ඒ දිහා බැලුවා.

"ස්කොඩ් එක අනිද්ද පහුවෙනිදා දානවා පුතා....මට දැනුයි මතක් උනේ ඒක....පුතාගෙ පෆෝමන්ස් එක්ක බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්"

අලහකෝන් මේ කරන්නෙ වටින් තර්ජනේ කරන එක කියලා තේරුම් ගන්න බැරි වෙන්න තරම් ආශව පුංචි දරුවෙක් උනේ නෑ.මේ නොකියා කියන දේ ආශව තත්පර ගාණක් ඇතුලත තේරුම් ගන්නවත් එක්ක ආශවට ලොකු හුස්මක් පහල දැම්මුණා.

තෝරා ගැනීම!

"අපේ දුව පහල ඉන්නවා පුතා....ටේබල් නම්බර් සික්ස්....පුතා එයාව හම්බෙලා එන්න.මම ප්‍රොමිස් උනා එයාට අද ඔයාව මීට් කරවනවා කියලා...පුතා ගිහින් මීට් වෙන්න"

අලහකෝන්ගෙ වචන වල අයැදීමකට වඩා තිබුනෙ දැනුම්දීමක් වගේ දෙයක්.ආශවට හැම දේම තේරුම් යමින් තිබ්බා.ආශව ඉන්නෙ මර උගුලක හිර වෙලා කියන එක ආශවට තේරුම් ගියාට පස්සෙ ආශවගෙ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලා තිබුණා.කරන්න තිබ්බෙ එකම එක දෙයක්.තෝරා ගැනීමක් කරන්න.ඒකත් එක්කම ආශවගෙ හිතට නැගුනෙ එකම එක ප්‍රශ්නයයි.

"නේත්‍ර මේකට කොහොම මුහුණ දෙයිද?"

බර උනු හිතක්,මනසක් එක්ක ආශව අලහකෝන්ගෙන් සමුගන්න සූදානම් වුණා.හැමදාම දිව්දේත්‍රාව මගෑරියත් අද මූනිච්ඡාවට හරි දිව්දේත්‍රාව හම්බ වෙන්නම වෙනවා කියන එකත් ආශව වටහාගත්තා.මනුස්සයෙක් පරිණත වෙන්න වෙන්න ඒ මනුස්සයා සමාජෙ එක්ක ගැටෙන්නෙ කොහොමද,එක් එක් අවස්ථාවන්ට අවස්ථානුකූලව මුහුණ දෙන්නෙ කොහොමද කියන එක ඒ මනුස්සයා තේරුම් ගත්තා.

එදා හිටිය දඩබ්බර හිතුවක්කාර හිතට එන හැමදේම ඔහේ ක්‍රියාවට නංවන ආශවට වඩා වෙනස් ආශව කෙනෙක් දැන් හිටියේ.නේත්‍රගෙ සහයෝගය වගේම ආශවගෙ අත්දැකීම් එක්ක ආශව මේ වෙද්දි පරිණත මිනිහෙක් වෙමින් හිටියා.වෙනදා වගෙ දිව්දේත්‍රාව අදත් නොසලකා හරිනවා කියන්නෙ ලොකු ප්‍රශ්නෙක මූලාරම්භයක් ඇති කරගැනීමක් වග ආශව දැනගෙන හිටියා.අඩුම තේරීම් කමිටුවෙ ප්‍රධානියාගෙ වචනෙකටවත් ගරු නොකරන මිනිහෙක් කියන කතාබහ එක්ක ක්ෂේත්‍රෙ ඇතුලෙ නම කැත කරගන්න ආශවට උවමනාවක් තිබ්බෙ නෑ.

ඔව්.හැමදේම හරියයි කියන විශ්වාසෙ,නේත්‍ර එක්කම තමන්ගෙ ක්‍රිකට් හීනෙත් බේරගන්න පුලුවන් වෙයි කියන හැඟීම තවමත් ආශවගෙ හිත් කොණක තිබුනා.

"පුතා එහෙනම් දුවව මීට් වෙලා යනවනෙ?"

"ඔව් සර්....මම යන්නම්"

"ඕකේ පුතා....අපි එහෙනම් ආයෙම මුණ ගැහෙමු"

"ඕකේ සර්...."

"සී යූ පුතා....බ්ලෙස් යූ"

අලහකෝන්ට දිහා බලලා ඔලුව උඩ පහල වැනුව ආශව අතට අත දීලා අලහකෝන්ගෙන් සමු අරං විදුලි සෝපානයට ගියේ ඔලුව උඩ යකඩ ගොඩක් පටවලා වගේ හැඟීමකින්.අදාල මහලට ගිය ආශව දිව්දේත්‍රාව බලාපොරොත්තුවෙන් වටපිට බලද්දි කොණේම මේසෙක ඉදගෙන හිටිය දිව්දේත්‍රා නැගිටලා ආශවට අතවැනුවා.

දිව්දේත්‍රාගෙ ඇස් දෙක දිලිසෙන ගමන් තිබ්බා.

සතුටට!

ආශවගෙ ඇස් දෙක දිලිසෙන ගමන් තිබ්බා.

වේදනාවට!

.

.

.

.

.

"සනුක!"

"ආශව....හරිද මචං වැඩ ටික? මොකෝ මූඩ් ගහලා වගේ?"

"මෙහෙම්ම නුවරට අදින්න පුලුවන්ද උඹට?"

"මට කේස් එකක් නෑ....උඹට ඒත්....."

"යං.....නේත්‍රව හම්බෙන්න ඕනි"

නුවරට යනකංම සනුකයි ආශවයි අතරෙ කතාබහක් උනේම නැති තරම්.හැබැයි ආශවගෙ අත් ලාවට වෙවුලනවා වගේ දෙයක් සනුක දැක්කත් ආශවව අපහසුතාවෙකට පත් කරන්න ඕනි නැති නිසා සනුක වාහනේ පාඩුවෙ පදවගෙන ගියා.ආශව දිව්දේත්‍රාව මුණගැහුනු වගක් කිව්ව මිසක් ඒ දෙන්නා අතරෙ උනු කතාබහ මොනාද කියලා ආශව නොකිව්වට බරපතල යමක් කතාබහට නැංවිලා කියලා සනුකට තේරුම් ගිහින් තිබ්බා.

පැය එකහමාරකින් විතර නුවරට සේන්දු උනු සනුක ආශවගෙ මග පෙන්වීම එක්ක පිට පාරෙන් ගිහින් නේත්‍රලාගෙ ගෙවල් පිටිපස්සෙ තිබ්බ පුංචි මාවතෙන් වාහනේ නවත්තද්දි ආශව බහින්න ලෑස්ති උනා.

"මම යනවා සනුක....මට නේත්‍ර එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනි"

"මම ඉන්නම් මේකට වෙලා"

"උඹ මෙහෙම්මම වලව්වට යමං....මෙතන ඉන්න එපා"

"හරි.....ටිකක් වෙලා ඉදලා යන්නම්"

ආශව ගිහින් ටික වෙලාවක් යද්දි සනුක හිටියෙ එලියට බැහැලා වටපිට බලන ගමන්.ගම්මානෙ සුන්දරත්වෙට සනුක කොහොමත් ආසා කලා.ඊටත් වඩා නේත්‍රගෙ සුවඳ රැඳුනු මේ නුවරට සනුක නොසෑහෙන්න ආදරේ කලා.සනුක කල්පනා කලේම ආශව නේත්‍රත් එක්ක මේ ගම්මානෙ ගෙව්ව කාලෙ කොච්චරනම් සුන්දර වෙන්න ඇතිද කියන වග.කාරයේ එද්දි ආශව කිව්ව දෙයක් ඒ අස්සෙ සනුකට මතක් උනා.

"උඹ නේත්‍ර මල්ලිව බලන්න මේ හදිස්සියෙ යන්නෙ?"

"තීරණයක් ගන්න සනුක"

"තීරණයක්? මෙ හදිසියෙ ගිහින් ඔව්වා කතා කලාම පොඩි එකා...."

"එයාට තේරුම් ගන්න වෙයි සනුක....කොච්චර දුක හිතුනත් මේ පාර මට වෙන විකල්පයක් නෑ...හැමදේම මම කරන්නෙ නේත්‍රගෙයි මගෙයි හොඳට..."

ඒත් එක්කම සනුක තමන්ගෙ නලල ඇඟිලිතුඩු වලින්        මිරිකගත්තා.

"ඇත්තටම ක්‍රිකට් කේස් එකක් ගිහින්.....ආශවයා නේත්‍ර මල්ලිව අතාරියිද?"

ටිකක් වෙලා කල්පනා කර කර හිටිය සනුක ලඟම පිපිලා තිබ්බ කෝපි මලක් අතට අරගෙන ඉඹින ගමන් හෙමීට මිමිණුවා.කොච්චර කොහොම කලත් සනුකගෙ තරුණ හිතෙත් අර දඩබ්බර ඒක පාර්ශවික ආදරවන්තයෙක්ගෙ භූමිකාවකුත් සැරිසරන ගමන් තිබ්බා.අයිති කර ගැනීමම නෙවෙයි ආදරේ කියලා කිව්වත් එක තත්පරේකට හරි ඒ ආදරේ තමන්ගෙ උනානම් කියලා හිතෙන එක වරදක්ද? නෑ...ඒක තමා ආදරේ ස්වභාවය.

"එහෙම උනොත් මම නේත්‍ර මල්ලිව පණ වගේ බලාගන්නවා"

ඒ හැඟීම එක්ක සනුක තත්පර ගාණක් ලස්සන හීනෙක ජීවත් වුනු එකෙන් ආයෙ පියවි ලෝකෙට බැස්සෙ මදුරුවෙක් ඇවිත් සනුකට විද්ද නිසා.හරි සිහියට ආව සනුක තමන්ගෙම ඔලුව පාරක් ගහගත්තෙ තමන් ගැනම ආව කලකිරීම එක්ක.

"මොනාද මම මේ හිතන්නෙ? එහෙම දෙයක් උනොත් එහෙම අර පොඩි කොල්ලා මැරෙයි!"

පැයක් හමාරක් ගත වුණත් ආශව තවම නැති තැන සනුක වලව්වට යන්න හිතාගෙන පිට උනත් සනුක පිට පාරෙන් වලව්වට යන්න හරියට දැනන් හිටියෙ නෑ.ඒ නිසා නේත්‍රලාගෙ ගෙදර ඉස්සරහින් යනවා කියලා හිතාගත්තු සනුක දුරකථනෙ ටෝචයත් සක්‍රීය කරගෙනම ඉස්සරහට ඇදුනෙ වැහිබර ගතියක් එක්ක තවත් අදුරු වෙලා පේන නුවර රෑ ආකාහෙට හිතින් දොස් තියන ගමන්.

නේත්‍රලාගෙ ගෙවල් ඉස්සරහින් යන එකෙන් සනුක තමන්ට නේත්‍රව බලාගන්න පුලුවන් කියන අහිංසක හැඟීමත් ඉෂ්ට කරගන්න හැදුව එක ඇත්ත කතාවක්.නේත්‍රලාගෙ ගෙවල් හරියෙ නේත්‍රව පේනවද කියලා හොරෙන් හොරෙන් බල බල ඉස්සරහට ඇදුනු සනුක එකපාරටම නේත්‍රලාගෙ ගෙවල් ඉස්සරහ කඩුල්ල ලඟින් නැවතුනේ ගෙයි දොරකඩ ඇස් දෙකත් බෝල කරං වේදනාවෙන් බලන් ඉන්න නේත්‍රයි නේත්‍රගෙ උරහිස් දෙක අල්ලන් ඒ ඇස් වලට එබිලා බලන් ඉන්න ආශවයි නිසා.

"මම ගන්න ඕනිම තීරණේකට නේත්‍ර එකඟ වෙනවද?"

"ස්....සුදුබේබිට වරදක් වෙන්නැත්තං....නේත්‍රට ඕනි දෙයක්!"

"නේත්‍ර ඇතුලට යන්න....මම කෝල් එක දාලා එන්නම්"

"ස්....සුදුබේබි?"

"යන්නකො....ම්ම්ම්"

නේත්‍රගෙ නලලින් හාද්දක් තිබ්බ ආශව නේත්‍ර දිහා ලෝබකමේ බලන් ඉදල කියද්දි නේත්‍ර ගේ ඇතුලට යනවා සනුක දැක්කා.අඩියක් දෙකක් ඉස්සරහට තියපු සනුක ගේ මිදුල මැද්දෙ නැවතිලා ආපහු හැරෙන්න හැදුවෙ දෙන්නගෙ පෞද්ගලිකත්වයට තමන් එබෙන එක හරි නෑ කියලා හිතෙද්දි.අරලිය ගහ පැත්තට ගිය ආශව කාටහරි දුරකථන ඇමතුමක් ගන්නවත් ගේ ඇතුලට ගිය නේත්‍ර හොර ගෙඩියා වගේ ආයෙමත් දොරකඩට ඇවිත් ආශව දිහා බලන් ඉන්නවත් ගස් වල අඳුරු හෙවනැලි අස්සෙ මුවා වෙලා හිටිය සනුක දැක්කා.

ආයෙමත් සනුක මෙතනින් යන්න ආව හැඟීම යටපත් කරගත්තෙ එකපාරටම ආව මහ මූසල හැඟීමක් නිසා.සන්සුන්ව ඇමතුම ගන්න ආශවත්,දොරකඩ ලඟට වෙලා හිස් බැල්මකින් බලන් ඉන්න නේත්‍ර දිහත් බලන් හිටිය සනුකට හිතුනෙම වෙන්න ඕනි නැති දෙයක් වෙන්න යන වග.

"හෙලෝ....දිව්දේත්‍රා...."

"............"

"ඔව්....මම....ආශව...."

".................."

"අනිද්දා වෙනකං ඉන්න ඕනි නෑ....මම තීරණයක් ගත්තා"

ආශව ඊලඟට තමන්ගෙ තීරණේ කියනවත්,දොරකඩ හිටිය ඒක ඇහුනු නේත්‍රගෙ හිස් ඇස් වේදනාවෙන් පිරිලා යනවත් ඒත් එක්කම නේත්‍ර තමන්ගෙ පපුව අල්ලන් ඇදගෙන වැටෙනවත්,වැහිබර වෙලා තිබ්බ නුවර ආකාහෙ එකපාරටම අහස දෙබෑ කරගෙන හෙණයක් පුපුරවනවත් නේත්‍ර ලඟට යන්න තමන්ගෙ කකුල උස්සන්න කලින් සනුක දැක්කා.

...................................................................................................

වචන 7100+ 😓❤️

ආයෙ එන්නම් මම❤️

අදහසක් දීගෙන යන්න බබාලා❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter