Back
Chapter 51

50 කොටස🤍✨

නිවාලන්න මා...

"අ....අම්මා!!!!!"

"ස්....සුදුබේබි!!!!"

"නිර්මලා අද වේලාසනින් මොකෝ?"

ආශවගෙ උකුලෙන් නැගිට්ට නේත්‍ර වෙවුලන හඩින් නිර්මලාට කතා කරද්දි නිර්මලා ඊට නොදෙවෙනි වෙවුලන හඩකින් ආශවට කතා කලා.කිසිම කලබලයක් නැතුව පුටුවෙන් නැගිට්ට ආශව වෙනසක් නැති හඩකින් කතා කරන ගමන් නේත්‍රගෙ අතින් අල්ලලා නේත්‍රව පුටුවෙන් ඉන්දවද්දි වෙන්නෙ මොකද්ද හිතාගන්න බැරි වුනු නේත්‍ර පුටුවෙන් ඉදගත්තා.නිර්මලා බිමට අතෑරුණු එලවළු මල්ලවත් එක්කාසු කරන්න මහන්සි නොවී ආශවයි නේත්‍රයි දිහා ලොකු වුනු ඇස් දෙකකින් බලාගෙන උන්නා.

"නේත්‍ර ඉදන් ඉන්න.මම බාම් එකක් මොකක් හරි අරන් එන්නම්"

"ස්...සුදුබේබි?"

"සුදුබේබි පොඩ්ඩාට මොකද්ද වෙලා තියෙන්නෙ?"

"නෑ නිර්මලා....දැන් ඩිංගකට කලින් කකුල පෙරලිලා වැටෙන්න ගියා.මම ඒකයි අල්ලන් උන්නෙ.මම මොනාහරි අරං එන්නම්"

"හොදමයි සුදුබේබි"

"ස්....සුදුබේබි......"

"මම එනවා නේත්‍ර! සුදුබේබි එනවා!"

නේත්‍රගෙ ඔලුව අතගෑව නේත්‍ර ගෙයින් පිටවෙලා ගියේ දොරකඩ හිටන් උන්නු නිර්මලා දිහා බලන්න මහන්සි නොවී.ඇති වෙන්න ගිය ලොකු ප්‍රශ්නයක් වලක්කගන්න ආශව බොරුවක් ගොතලා කිව්වා උනත් සමාජෙ එක්ක හොදට තෙම්පරාදු වුණු ගෑනියෙක් වෙච්ච නිර්මලාගෙ හිතට ආව ප්‍රශ්නාර්ථ පේලිය නැති කරන්න ආශවගෙ ලුණු ඇඹුල් වලට ලොකු හැකියාවක් තිබ්බෙ නෑ.මොකද ගෙයි දොරකඩට එද්දි නේත්‍රගෙ හිනා හඩ නිර්මලාගෙ කන් දෙකට හොදටම ඇහිලා තිබ්බා.කිව්ව බොරුව සනාථ කරන්න ඕනි නිසා බාම් එකක් අරං එන්න ආශව ගෙදරින් පිටත් උනත් ආශවගෙ හිත ඇතුලත් නේත්‍රව දාලා යන්න එපා කියලා පෙරලි කරන්න අරගෙන තිබ්බා.ඒත් කකුල් දෙකට හයිය ගත්තු ආශව වලව්ව පැත්තට ඇදෙන්න ගත්තෙ බාම් එකක් අරං ආපහු එනවා කියන බලාපොරොත්තුවෙන්.

ආශව නොපෙනී යනකං බලන් උන්නු නිර්මලා පුටුවෙ ඉදන් උන්නු නේත්‍ර දිහා එකපාරක් බලලා ගෙයින් එලියට බැහැලා වේගෙන් ඇවිදන් ගියේ රත් මල් ගහ ගාවට.රත් මල් ගහෙන් අත්තක් කඩාගත්තු නිර්මලා ඒක සුද්ධ කරන ගමන් ගෙට ආවෙ පුදුමාකාර ආවේගෙකින්.ගමේ සමාජෙ එක්ක හොදහැටි තෙම්පරාදු වුනු ගෑනියෙක් වුණත් නිර්මලා බාහිර සමාජෙ එක්ක ලොකු ගැටීමක් නොතිබ්බ නිසා නිර්මලාට ආශව,නේත්‍ර දෙන්නා අතරෙ ආදරෙ සම්බන්ධයක් ඇති කියලා හාංකවිසියකවත් සැකයක් දැනුනෙ නෑ.නිර්මලාට තිබ්බ එකම බය,කේන්තිය වුණේ නේත්‍ර තමන්ගෙ මට්‍ටම නොහිතා ආශව එක්ක පෑහෙන්න යෑම.දොරින් ඇතුල් වුණු නිර්මලා පුටුවක් උඩ ඉදන් ඇසුත් බෝල කරන් උන්නු නේත්‍ර ලගට ඇවිදන් ඇවිත් වචනයක්වත් නොකියා නේත්‍රගෙ සිනිදු කකුල් දෙක හරහා කෝටු පාරක් දුන්නා.

"ආහ්හ්හ්!!!!"

නේත්‍රගෙ වේදනාබර කෙදිරිල්ල ඇහුණු නිර්මලාගෙ හිත පැලෙන්න වගේ ආවත් අනාගතේ ගැන නිර්මලාගෙ හිතට දැනුනු බය ඊට වඩා සියගුණයක් විතර වැඩි වුණා.නේත්‍ර උන්නෙ ආශවගෙ උකුල උඩ කියලා හොදටම දැක්ක නිර්මලාගෙ හිතට ආව එකම බය පරම්පරා ගාණක් තිස්සෙ නොවුනු දේවල් තමන්ගෙ දරුවගෙ අතින්ම වෙන එක.අද මෙතන තමන් නොයිද වලව්වෙ ලොකු තැනක් හරි වෙන මනුස්සයෙක් හරි උන්නනම් වෙන වින්නැහිය මොන වගේද කියලා නිර්මලා හිතන්න පවා බය වුණා.ඒ ආවේගෙන්ම නිර්මලාගෙ ඉස්සුණු අත ආපහු පාරක් නේත්‍රගෙ කකුල් දෙක හරහා ගියේ කෝට්ටෙන් නිකුත් වුණු 'කුෂ්' සද්දෙත් එක්ක.

"ආහ්හ්....සුදුබේබි......"

"සුදුබේබි!!! උබට උබේ අම්මා ගහද්දිනුත් සුදුබේබිට කතා කරන්නෙ? සුදුබේබි උබේ අත පල්ලෙන් වැටිලා කියලා හිතුවද උබ!!!"

"ර්....රිදෙනවා අම්මේ.....ආහ්හ්හ්හ්"

"රිදෙනවා තමා පුතේ!!! උඹ කොහොමද වලව්වෙ උත්තමයො වගේ ඉන්න අර මනුස්සයගෙ උකුලෙ ඉදන් උන්නෙ! පොඩි කාලෙ ඔව්වා කලාට කමක් නෑ ලොකු වෙද්දි මගෑරෙයි කියලා හිතලා මාත් කට පියං උන්නා....උබ තවත් ඇයි ඒ වගේ වැඩ කරන්න යන්නෙ! දැන් සුදුබේබිගෙ උකුලෙ ඉන්න උබ අර පොඩි එකාමයි කියලා හිතුවද?උඹට ඕනි පවුල පිටින් මහ පාරට වැටෙන්නද? මෙව්වා වලව්වෙ ලොකු තැන් දැනගත්තොත් මොනාගෙන් මොනා වෙයිද කියලා උබ දන්නවද?"

නිර්මලාගෙන් ලැබුනු තුන් වෙනි පාරත් නේත්‍රගෙ කකුල් හරහා යද්දි ඒ පාරෙ සැරට නේත්‍රගෙ කකුලෙ වැවිරි පාරට ලේ පුරවන්න අරන් තිබ්බා.ඇස් වලින් ගලන කදුලු එක්ක අම්මගෙන් සමාව අයැදුවත් කිසිම දෙයක් කනකට නොගත්තු නිර්මලා ආයෙමත් වතාවක් කෝට්ට ඉස්සුවා.

"අනේ....සුදුබේබි.....රිදෙනවා!!!"

"උබ කෑ ගැහුවට ඒ මනුස්සයා එන්නෑ උබව බේරගන්න!!! මොකද උබ සුදුබේබිට උඩින්ද පහලින්ද? උඹලා අපි සුදුබේබිගෙ පයට පෑගෙන දූවිලි වගේ යකෝ!!! සුදුබේබි උබ කෑ ගැහුවා කියලා....."

"නිර්මලා!!!! ඕක නවත්තනවා!!!!"

"ස්....සුදුබේබි....."

"නිර්මලා ඔය කෝට්ට අයින් කරගන්න!!!!"

"සුදුබේබි,මූ මගෙ ලමයා.....මම හරි මූට ගහලා බැනලා මූව හදාගන්න ඕනි"

"නිර්මලා නේත්‍රගෙ අම්මා කියලා මතක නිසා තමා මම මෙහෙම කියන්නෙ!!! මට ඒක අමතක කරවන්න හදන්න එපා නිර්මලා!!!"

"පේනවද උබ සුදුබේබිව නරක් කරලා තියෙන තරම!!! ඇයි මෙහෙම කරන්නෙ ලමයො ඇයි!!!"

"නිර්මලා!!!!"

නිර්මලා නේත්‍රට ආපහු පාරක් ඉස්සුව කෝට්ටට නේත්‍ර ලගට ලං වෙන්න පුළුවන් නොවුනෙ ආශව ඒ කෝට්ට නිර්මලාගෙ අතින් උදුරන් කෑලි හතරකට විතර කෝට්ට කඩලා දාලා පෑගුව නිසා.නේත්‍රව ආවරණය කරගත්තු ආශව නිර්මලාට මූණට මූණලා හිටගනිද්දි ආශවගෙ ඇස් වලින් පිටවෙන දරුණු බැල්ම දරන්න බැරි වුණු නිර්මලාගෙ ඔලුව බිමට හැරවුණා.

"මම තමුන්ට එකපාරක් කිව්වා නිර්මලා!!!"

"................"

"නිර්මලා නේත්‍රගෙ අම්මා බව ඇත්ත.එහෙම කියලා මගෙ එකාට ඕනි ඕනි වෙලාවට අත උස්සන්න නිර්මලාට බෑ!!!"

"ඒකා මගෙ ලමයා සුදුබේබි"

"ලමයනම් ඒකාව තේරුම් නොගෙන ගහන්නෙ ඇයි? නිර්මලා අමතක කරන්න එපා මගෙ ජීවිතේ පුංචි කාලෙ ඉදන්ම බෙදාගන්න හිටිය එකම කෙනා නේත්‍ර කියලා!"

"..........."

"නේත්‍රගෙ අම්මා උනත් නේත්‍රට අත උස්සනවා බලන් ඉන්න බෑ මට! නේත්‍රට කිසිම කෙනෙක්ගෙන් හීරීමක්වත් වෙන්න බෑ නිර්මලා!"

"මොනාද මේ වෙන්නෙ සුදුබේබි? පරම්පරා ගාණක් තිස්සෙ නොවුනු දේවල් වෙන්නෙ ඇයි? කලියුග කාලයක්ද සුදුබේබි මේ? මෙව්වා මට දරන්න බෑ"

"නිර්මලා, පරම්පරා ගාණක් තිස්සෙ අපේ පවුල් තමන්ලගෙ පවුල් පාගගෙන හිටියා වගේ මම නේත්‍රව පාගන් ඉන්න ඕනිද?"

".............."

"කතා කරන්න නිර්මලා!!! නේත්‍රවත් වැඩකාරයෙක් ගාණට දාලා මම සැලකුවොත්ද නිර්මලාගෙ හිතට සැනසීමක් දැනෙන්නෙ?"

"ස්...සුදුබේබි...."

"නේත්‍ර! ඔයා කටවහං ඉන්න! මම කතා කරන්නෙ නිර්මලා එක්ක!"

"මට මේ මුකුත් තේරෙන්නෙ නෑ සුදුබේබි...... අපේ එකා ඇයි උගෙ මට්ටම තේරුම් නොගන්නෙ?"

"නේත්‍ර ඉන්නෙ හරිම මට්ටමේ තමා නිර්මලා!!! ආයෙ ඒ ගැන කතා කරන්න ඕනි නෑ!"

නිර්මලාගෙ අවසරයක් නැතුවම ගෙදර තිබ්බ පුටුවකින් ඉදගත්තු ආශව තියුණු විදියට නිර්මලා දිහා බලාගෙන ඉද්දි ආශවගෙ උරහිසකට දැනුනෙ හරි සියුම් ස්පර්ශයක්.ආශවගෙ උරහිසට දැනුනු ස්පර්ශෙ එක්කම නාහෙට දැනුනු ගැටපිච්ච සුවදට ආශවගෙ ඇස් දෙක හෙමීට පිය විලා ගියා.තත්පර දහයක් විතර ගතවෙද්දි ඇස් ඇරිය ආශවගෙ ඇස් දෙකේ කලින් තිබ්බ දරුණු ගතිය සෑහෙන දුරකට අඩුවෙලා තිබ්බා.ආශව හරි! නේත්‍ර වචනයක්වත් නොකියා ආශවව පාලනය කරනවා තමයි!

"නිර්මලා එක්ක මට කතා කරන්න ඕනි"

"හ්....හොදමයි සුදුබේබි"

කුස්සියට ගිය නිර්මලා බංකුවක් අරං ඇවිත් ආශවට ටිකක් එහාට වෙන්න ඉදගනිද්දි නේත්‍ර ආශවගෙ දෙපාමුල ඇන තියා ගත්තා.නේත්‍ර දැන් ඉදන් ඉන්න හැටි දැකලා සැනසුම් සුසුමක් හෙලුව නිර්මලා ආශව දිහා බලද්දි අත් දෙක පපුවෙන් බැදන් උන්නු ආශව කෙලින්ම කතා කරන්න පටන් ගත්තා.

"නිර්මලා,මම මේක නිර්මලාට කාලෙක ඉදන් කියන්න හිටිය දෙයක්.ඒත් ඒක හැම වෙලේම මගෙ අතින් මගෑරුනා.ඒත් දැන් මම කියන්නම්"

"හොදමයි සුදුබේබි...."

"නේත්‍ර කියන්නෙ මගෙ කිට්ටුම කෙනා කියලා නිර්මලා උනත් දන්නවා ඇතිනෙ.යාලුවන්ගෙන් උනත් මට සමීපම කෙනා නේත්‍ර.නිර්මලාට මතක ඇති අවුරුදු ගාණකට කලින් කොළබ ඉදන් ආව සුදුබේබිව.එදත් මම මහා පෙරලියක් කරලා තිබ්බා වලව්ව දෙකක් වෙන්න.නිර්මලා ඇත්තම කියන්න,ඒ සුදුබේබිගෙයි මේ සුදුබේබිගෙයි වෙනසක් තියෙනවද? නැද්ද?"

"ත්....තියෙනවා සුදුබේබි....ඒ සුදුබේබි බලන් ඉද්දි වෙනස් වුණා"

"හ්ම්ම්....ඒ වෙනසට හේතුව වෙන කවුරුත් නෙවේ නිර්මලා.ඔයාගෙ පුතා,නේත්‍ර! අමනුස්සයෙක් වගේ හැදෙන්න හිටිය මාව මනුස්සයෙක් කලේ නේත්‍රගෙ පිරිසිදු ආස්‍රෙ.....මගෙන් මුකුත්ම බලාපොරොත්තු නොවී නේත්‍ර මාව යාලුවෙක් කරගත්තා.නිර්මලා,නේත්‍ර මගෙ යාලුවෙක් උනු දවසෙ ඉදන් තමා මම සතුටින් ඉන්න පටන් ගත්තෙ කියලා කිව්වොත් මම වැරදි නෑ.

බැරි වෙලා හරි එදා නේත්‍රව මට හම්බ නොවුනනම්,මම වෙන මොකෙක් හරි අපතයෙක් එක්ක ආස්‍රෙට වැටුනනම්,නිර්මලා ඔය කියන ඉරුගල්බණ්ඩාර වලව්වෙ වංශවත්කම සුන්නද්දූලි වෙලා ගිහින්! එහෙනම් අපි එක්ක සම මට්ටමේ ඉදගන්න නෙවේ ගමේ මිනිස්සු අපේ මූණු වලට උනත් කෙල ගහලා යන්න තිබ්බා.හොදට මතක තියාගන්න නිර්මලා,ගමේම ආඩම්බරේ වැඩිම වංශක්කාර පවුල වුණු අපේ පවුලෙ නම්බුව රකින්න මූලිකම හේතුව ඔයාගෙ පුතා කියන එක"

"සුදුබේබි? අපේ එකා සුදුබේබිට හිතවත් ඇති.....ඒත් එහෙම කියලා ඌ සුදුබේබි එක්ක එකට පෑහෙන්න යන එක සුදුසු නෑ සුදුබේබි.....වලව්වෙ උදවිය දැනගත්තොත්....."

"ඒක දැනගන්නෙ නිර්මලා ගිහින් කිව්වොත්නෙ! අනික මම ආයෙ මේ වගේ තැන් වලදි නේත්‍රව අතේ දුරින් ආස්‍රේ කරන්නම්.....අනික නිර්මලාම තමන්ගෙ දරුවව ඔහොම පල්ලෙහා මට්ටමකට දාන්නෙපා.නේත්‍ර කියන්නෙත් මගෙ ඉස්කෝලෙම ඉගෙන ගන්න ලමයෙක්.ඉස්කෝලෙ මම වගේම කැපී පේන ලමයෙක්.අනාගතේ ලොකු තැනකට යන්න ඉන්න කෙනෙක්.නේත්‍ර අතීතෙ ඉදන් තමන්ව සමාජෙ පාගන එකට මූණ දීලා ගොඩ එන්න හදද්දි ඇයි නිර්මලා හීන මානෙ කියන දෙයින් මේ පොඩි එකාගෙ ඔලුව පුරවන්න හදන්නෙ?

නිර්මලාට මම ආයෙත් කියනවා! නිර්මලා නෙවේ දෙයියන්නාන්සෙ කිව්වත් නේත්‍රව මම ආස්‍රේ කරන විදිය මම වෙනස් කරන්නෑ.නිර්මලා කිව්වා හරි,අපි අර හිටිය පොඩි උන් නෙවේ තමා.ඒත් තවමත් ඉන්නෙ ඒ පුංචි නේත්‍රයි සුදුබේබියිම තමා නිර්මලා.... අපි දෙන්නගෙ බැදීම එහෙම්මමයි.ඒක කාටවත් කඩන්න පුළුවන් එකක් නෙවේ"

"අපේ එකා සුදුබේබිගෙ ඔලුව මොනාගෙන් පුරවලද කියලා කියන්න මම දන්නෑ.....දැන් ඉන්නවා ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ බිම කුරුටු ගගා.... කරන්න තියෙන කුපාඩිකම් ඔක්කොම කරලා!!"

නිර්මලා කිව්වෙ ආශවගෙ පය පාමුල ඉදගෙන ඇගිල්ලකින් බිම කුරුටු ගාන තමන්ගෙ ආදරණීය පුතා දිහා බලන ගමන්.නිර්මලා කිව්ව දේ ඇහුණු ගමන් ඇස් දෙකත් බෝල ගෙඩි දෙකක් කරන් ඔලුව උස්සලා බැලුව නේත්‍ර තොල් නොපිටට හරවගනිද්දි නිර්මලා ටිකක් සන්සුන් වුනා කියලා දැනුනු ආශව නේත්‍රගෙ ඔලුව හෙමීට අතගෑවා.

"ආදරේ,යාලුකම,විශ්වාසය,ආත්ම ශක්තිය,ආත්ම විශ්වාසය,සතුට,සැනසීම....... ඔයාගෙ පුතා මගෙ ඔලුව පුරවලා තියෙන්නෙ එව්වගෙන් නිර්මලා"

ආශවගෙ වචනත් එක්ක නිර්මලා තමන්ගෙ ඇස් වලට උනපු කදුලු පිහදාගනිද්දි ආශව පුටුවෙන් නැගිට්ටෙ නේත්‍රගෙ අතිනුත් අල්ලගෙන.ආශවගෙ පිටිපස්සට වහං වෙලා තමන් දිහා බල බල හොරගල් අහුලන නේත්‍රව දකිද්දි නිර්මලාට මතක් වුණේ මීට අවුරුදු ගාණකට කලින් ඔය වගේම ආශවගෙ පිටිපස්සෙ හැංගිලා තමන්ව ගෙයින් එලියට දැම්මා කියලා කේලම් කියාගෙන ආශවගෙ හයිය අරං ආව තමන්ගෙ පොඩි එකාව.

"නිර්මලා ආයෙ එන්නෙ නැද්ද වලව්වට?"

"එනවා සුදුබේබි..... මම මේ ආවෙ මේ එලවලු ඩිංග ගෙයින් තියලා යන්න"

"හ්ම්ම්.....මම නේත්‍රව එක්කන් යනවා එහෙනම්...... නිර්මලා,ආයෙ නේත්‍රට අතක් උස්සලා අහු වෙන්නම් එපා!"

ආශව තර්ජනාත්මකව කියද්දි නිර්මලා බලන් හිටියෙ මුගෙ අම්මා මමද?උබද සුදුබේබි? කියන්නා වගේ.නේත්‍රව ඉස්සර කරගෙන ගෙයින් එලියට බැස්ස ආශවගෙ ඇස් දෙක වැවිරි පාරවල් හිට්ට නේත්‍රගෙ කකුල් දෙකේ නවතිද්දි කේන්තිය පාලනේ කරගත්තු ආශව නිර්මලාගෙ පැත්තට ආපහු හැරුණා.

"නේත්‍ර හැමදාම මගෙ ලගින් ඉදීවි නිර්මලා......මම නිසා නේත්‍රට කවදාවත් කරදරයක් වෙන්න මම ඉඩ තියන්නෑ.එතකං නිර්මලාගෙ අතින්වත් නේත්‍රට හීරීමක් වෙන්න බෑ.මතක තියාගන්න නිර්මලා! මම පොරොන්දු වෙනවා නේත්‍රට හීරීමක්වත් වෙන්න දෙන්නෙ නෑ කියලා!"

ආශව නිර්මලාගෙ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන කියද්දි නිර්මලා ඒ ඇස් දෙකේ තිබ්බ ස්ථීර බව දැකලා පුදුම වුණා.වලව්වෙ සුදුබේබි තමන්ගෙ පුතාට තමන්ගෙම සහෝදරයෙක් වගේ ආදරේ කරන හැටි ගැන හිතපු නිර්මලාගෙ ඇස් දෙක කදුලින් තෙත් වෙලා ගියා.තමන්ට බැරි වුණත් තමන්ගෙ දරුවට හරි අනාගතේදි සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා නිර්මලා හීන මැව්වෙ මේ සහෝදරකම නිසා තමන්ව මහ මුදියන්සෙලා පාගලා දානව වගේ සුදුබේබි නේත්‍රට නොකරයි කියන විශ්වාසෙට.ආශවගෙ පොරොන්දුවට ඔලුව හෙලෙව්ව නිර්මලා නේත්‍ර දිහා බලද්දි ආශවගෙ අස්සෙ හැංගිලා හිබිජ්ජෙක් වගේ කඩුල්ල පැනලා වලව්වට යන ගමන් උන්නු නේත්‍ර නිර්මලා එක්ක ආදරෙන් හිනා වුණා.

ආශව දුන්නු පොරොදුව ඒ විදියටම රකියි.හැබැයි සමහර තැන් තියෙනවා දෛවයට අනුවම සිද්ධ වෙන.එහෙම තැන් වලදි පොරොන්දු කියන්නෙ නිකම්ම නිකං වචන විතරක් වෙන්නත් පුළුවන්.ඒත් ආශව කියන්නෙ ස්ථිර මනුස්සයෙක්! නේත්‍රට පණ වගේ ආදරේ කරන.

.

.

.

.

.

"සිගිතීඊඊඊඊඊඊඊඊඊඊ!!! මගෙ යකා අවුස්සගන්නෙ නැතුව බැහැපං ඇම්බැට්ටයා ඔතනින් බිමට"

"කෑ ගහන්නැතුව ඉන්න මිසිස් ආරියසිංහ.....මගෙ මේ බඩ ඇවිලෙනවා"

"බඩ ඇවිලෙනවා කියලා අත් වැට උඩ බඩගාලා හරි යනවද?"

"බඩ ඒකට තද උනාම කූල් වෙනවා....එතකොට ආතල් අනේ"

"සිගිති! අප්පච්චිත් ගෙදර නැති වෙලේ ඕකෙන් වැටිලා කොන්ද කැඩුනොත් මම මොනා කරන්නද? අනික මේ ටිකේ මීට් එක! හවුස් කැප්ටන්ගෙ අඩු කැඩුනොත් එහෙම! බහින්නයි කිව්වෙ පහලට"

"ඔයා දන්නෑ අනේ මම සුපර් මෑන්නෙ....මේ"

"සිගිතීඊඊඊඊඊඊඊඊඊඊඊඊ!!!!"

නේත්‍රලාගෙ ගෙදර තත්වෙ සාමකාමී වෙද්දි නේත්‍රගෙ හොදම යාලුවගෙ ගෙදර තත්වෙනම් පොඩ්ඩක්වත් සාමකාමී උනේ නෑ.ඉස්කෝලෙ ඇරිලා ඇවිත් ඇග පත සෝදගෙන බඩ පැලෙන්න කාලා ඉස්කෝලෙ මගෑරුනු පාඩම් වල සටහන් ලියාගන්න ගමන් උන්නු දිවාෂ ගුරුවරුන්ටයි අධ්‍යාපන ක්‍රමේටයි ආණ්ඩුවටයි මහින්ද මහත්තයටයි ඔක්කොටම බනින්න ගත්තෙ ක්‍රීඩා උත්සව කාලෙ උනත් පන්තියෙ උගන්නන වැඩ වල වෙනසක් සිද්ධ වෙලා නොතිබ්බ නිසා.මේ ටිකේම පන්තියෙ ඉදලා තියෙන්නෙ ලමයි තුන් දෙනෙක් උනත් ඒ ලමයිට ගුරුවරු සුපුරුදු විදියටම උගන්නලා තිබ්බා.ඉතින් දිවාශයි නේත්‍රයි ඇතුලුව අර පිට්ටනියෙ කට්ට කන ලමයි ටික ගෙදර ආව ගමන් මහන්සිවත් නොබලා ඒ සටහන් ඔක්කොම සම්පූරණ කරගන්න උත්සාහ කලා.ඇත්තටම අධ්‍යාපන ක්‍රමේ මොකක්ම හරි අවුලක් තියෙනවා!

සටහන් ටිකේ අන්තිම ටික ලියද්දි දිවාෂගෙ ඔලුවට ආවෙ අද තෙවින් තමන් ලගින් ඉදගත්තු එක.තමන්ට කෑම අරං ආව එක.තමන්ගෙ කෙල ගෑවුණු බීම බෝතලේ බිව්ව එක.ඔව්වා මතක් වෙද්දි දිවාෂගෙ බඩ නලියන්න ගත්තා.මුලදි දිවාෂ බලන කතාවල වගේ බඩේ සමනල්ලු පියාඹන්න යන්නෙ කියලා බය වුණත් තමන්ගෙ බඩෙන් එන්නෙ එච්චර සුන්දර හැගීමක් නෙවෙයි කියලත් නයි මුගටි පෙරලගන්නව වගේ හැගීමක් කියලත් තේරුම් ගත්තු නිසා දිවාෂ තමන්ගෙ හිතට ආදරේ වගේ භයානක හැගීමක් ඇවිත් කියන බරෙන් නිදහස් වුණා.දිවාෂගෙ ඇග හැමතැනම මොලේ තියෙන නිසා දිවාෂ හිතන දෙයක් වරදින්නෙ නෑ!

"අනික ඒ පගාට ආදරේ කරන්න මේ දිවාෂ? හහ්! ඒවා හදෙ තමා..... ඌ එක්ක ඇරගන්නම හිතෙන නිසාද කොහෙද මතක් වෙද්දිනුත් බඩ ඇතුලෙ නයි පොලොංගු දගලන්නෙ"

තෙවින් ගැන හිතිල්ල නැවතෙන්නෙම නැති තැන දිවාෂ කලේ පොතත් වහලා පෑනත් පොලවෙ ගහලා ඇදේ තිබ්බ කොට්ට ටිකෙන් බිත්තියට ගහලා පුටුවට පයිනුත් ගහල කාමරෙන් එලියට ආව එක.අර බඩ දාගෙන එන ගතිය අඩු නොවෙනම තැන දිවාෂ කලේ සිහි විකල් වුණු මනුස්සයෙක් වගේ පඩිපෙලේ අත් වැට උඩ ඉදගෙන කකුල් දෙක දෙපැත්තට දාගත්තු එක.උඩ තට්ටුවෙන් පහල තට්ටුවට හැරෙන තැනට වෙනකං අත් වැට දිගේ පස්ස පැත්තෙන් රූටං ආව දිවාෂ එතන ඉදන් පහල ටිකත් රූටං එන්න හැදුවත් රෙදි වගයක් අරං එලියෙ ඉදලා ගෙට ආව ජානකී නෝනා දිවාෂව දැකලා කෑගහන්න ගත්තා.

ජානකී නෝනා කියන දේවල් කනකටවත් නොගත්ත දිවාෂ එහෙම්මම අත් වැට දිගේ පහලට රූටලා ඇවිල්ලා ඉණට අත් දෙකත් තියං පපුවත් ඉස්සරහට දාලා හිටගනිද්දි ජානකී අත පුරෝලා දිවාෂගෙ පස්ස පැත්ත පුපුරන්න පාරක් ගැහුවා.දිවාෂට පාරක් දීලා බැන බැනම ජානකී නෝනා කුස්සිය පැත්තට ඇදෙද්දී දිවාෂත් පස්ස අතගගාම ඒ පස්සෙන් ගියේ බඩේ දැවිල්ලට සුදු කිරි එකක්වත් හදන් බොන්න.

"අම්මෙ"

"මොකද?"

"සුදු කුක්කු එකක්....."

"ඒ කිරි බොන වෙලාවක්ද සිගිති? බත් කාලා තාම ඉදුල් ගතවත් අතින් ගිහින් නෑ නේද?"

"බඩගින්නකට නෙවෙයි ඒයි......බඩේ දැවිල්ල එනවනෙ"

"ඒ ඇයි සිගිති? ගැස්ට්‍රයිටිස්ද?"

"අනේ මංදා අම්මෙ..... වෙලාවකට බඩ දනවා.....බඩේ නයි පොලොංගු මරාගන්නවා...... පපුවම හීතල වෙලා යනවා....ඇග හිරි වැටෙනවා"

"ඇත්තම කියනවා සිගිති! ඔව්වා වෙන්නෙ මොනාහරි මතක් කරද්දිද?"

"අනේ මේ ජානකී ආරියසිංහ! අනුන්ගෙ ඕපදූප හොයන්නැතුව මට කුක්කු එකක් හදලා දෙන්න"

"වැඩකාරයා කියලා හිතුවද මම? මට හිතාගන්න පුළුවන් මතක් වෙන්නෙ මොනාද කියලා.....කොච්චරවත් කියලා තියෙනවා මම අප්පච්චිට ඔයාගෙන් ෆෝන් එක ඈත් කරලා තියන්න කියලා.රෑටත් ෆෝන් එක ලගනෙ.හරි ශෝක් එව්වා බලනවා ඇති.ඊට පස්සෙ එව්වා මතක් කර කර මැරෙන්න යනවා"

"අම්මේඒඒඒඒඒඒඒඒ"

ජානකී කියන දේවල් දරන්නම බැරි වුණු දිවාෂ බඩත් අල්ලගෙනම එතන සිහි නැතුව ඇදගෙන වැටෙද්දි ජානකී තමන්ගෙ වැටිලා ඉන්න පුතා දිහා හැරිලා බැලුවා.අත් දෙකයි කකුල් දෙකයි හතර අතට විහිදෝගෙන ඇසුත් උඩ යවං දිවත් එලියට දාගෙන අති තාත්වික රංගනේක යෙදෙන තමන්ගෙ ආදරණීය දරුවා දිහා බලලා ගස්සලා අහක බලාගත්තු ජානකී නෝනා කිරි එකක් හදන්න වතුර රත් වෙන්න ගැහුවා.පිටි පිටයි සීනි ටිකයි එකට දාලා මිශ්‍ර කරන සද්දෙ ඇහුණු සිහි විසඥ දිවාෂ එක ඇහැක් විතරක් ඇරලා ජානකී දිහා බලලා ආපහු පාරක් සිහි නැති වෙද්දි රිදෙන්න නැති වෙන්න බිම වැටෙන්න දෙවින් පණ මෙතන නැති එක ගැන දිවාෂ දාහත් වෙනි වතාවටත් දුක් වුනේ ඇදගෙන වැටෙද්දි ඇනුනු කොන්ද කැක්කුම් කරන්න ගත්තු නිසා.

...................................................................................................

"සුදුපුතා,මොකෝ මේ කොල්ලවත් ඇදගෙන?"

"වැඩ වගයක් කතා කරගන්න තියේ පුංචි අම්මෙ"

"කොල්ලො?"

"ල්.....ලොකු මැණිකෙ....සුදුබේබිට උදව් කරන්න ආවෙ"

වත්ත පහල ඉදන් වලව්වත්තට ගොඩ වුණු ආශව නේත්‍රගෙ අතිනුත් ඇදගෙන පිලිකන්න පැත්තෙන්ම වලව්වට ගොඩ වුණේ තේ ඩිංගක් හදන්න කියන්න මුළුතැන්ගෙට ඇවිත් උන්නු ලොකු මැණිකෙත් එකපාරටම ගැස්සෙද්දි.ආශවගෙ ඇස් දෙකේ තිබ්බ තද ගතිය වගේම ඇඩිල්ල නිසාම රතු ගැහුනු මූණකින් උන්නු නේත්‍ර දිහා බැලුව ලොකු මැණිකෙට දෙන්නා අතරෙ මොකක්ම හරි වෙලා කියන එකනම් තේරුණා.ඒත් එක්කම ලොකු මැණිකෙ නේත්‍රට කතා කරද්දි හෙමීට ආශවගෙ අතින් තමන්ගෙ අත ගලවගත්තු නේත්‍ර බිම බලාගෙන තමන්ගෙ චූට්ටං ඇගිලි වලින් ඇගට වඩා ලොකු කමිසෙ මිරිකගන්න ගමන් කතා කරද්දි ලොකු මැණිකෙගෙ හදවතත් මහා දයානුකම්පාවකින් පිරෙන්න ගත්තා.ලොකු මැණිකෙට උත්තර දුන්නු නේත්‍ර බිම බලාගෙනම ආශවගෙ පිටිපස්සෙන් ඇදෙද්දි ලොකු මැණිකෙ තමන්ගෙ හඩ අවධි කලා.

"කොල්ලො,මේ පොල් තෙල් ටිකක්වත් අරං ගිහින් ඔය කකුල් වල ගාගත්තනම්"

නේත්‍ර දිහා නොබලම ලොකු මැණිකෙ කියාගෙන මුළුතැන්ගෙයින් එලියට යද්දි ලොකු මැණිකෙ දිහා ඇස් ලොකු කරන් බැලුව නේත්‍ර ආශව දිහා බැලුවා.ලොකු මැණිකෙ ගිය දිහා තත්පර ගාණක් බලන් උන්නු ආශව එහෙමම කුස්සියට ගිහින් පොල් තෙල් ඩිංගක් පීරිසියකට දාගෙන එද්දි නේත්‍රත් ආශවගෙ පස්සෙන්ම කාමරේට ඇදුනා.ආශවගෙ කාමරේට ගිය ඉලන්දාරි දෙන්නා කාමරේට පය තිබ්බ ගමන්ම නේත්‍රගෙ ඇස් දෙකත් එක්ක උඩ ගියේ කාමරේ හැටි දැකලා.

"හත්තික්කේ සුදුබේබි මේ මොකෝ මේ?"

"ඇයි නේත්‍ර?"

"කාමරේ අපිලිවෙල බලන්නකො සුදුබේබි.....යක්ස විමානයක් කරගෙනනෙ කාමරේ"

"ඉතින් මම යකෙක්නෙ.....ඒකයි ඔයාව මේ එක්කන් ආවෙ"

"ඒ කිව්වෙ සුදුබේබි?"

"දන්නැද්ද? යක්ෂ විමාන උනත් එලිය වෙනවා සුරදූතයෙක් වඩිද්දි"

"සුදුබේබි විහිලු කරනවා"

"විහිලුවක්ද කියලා තේරෙයි අපි දෙන්නා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් හිටගත්තනම්.......සුරදූත පැටියෙක් එක්ක ඉන්න යක්ස පැටියෙක්ව බලාගන්න තිබ්බා"

"සුදුබේබි පැටියා......හී හී"

හා දත් දෙකත් එලියට දාං තමන් එක්ක හිනාවීගෙන ඉන්න නේත්‍රව උස්සලා ගත්තු ආශව නේත්‍රව තමන්ගෙ ඇදෙන් ඉන්දවලා නානකාමරේට වැදිලා පුංචි බේසමකට වතුර වගයක් පුරවගෙන ආවා.තමන්ගෙ අල්මාරිය ඇරලා ඒකෙන් පිරිසිදු සර්වියටයක් ගත්තු ආශව නේත්‍ර ලගට ඇවිල්ලා නේත්‍රගෙ එක කකුලක් ටිකක් උස්සලා වැවිරි පාරවල් පිරිසිදු කරද්දි නේත්‍ර ඇසුත් බෝල කරං ආශව දිහා බලාගෙන හිටියා.අනික් කකුලත් පිරිසිදු කෙරුව ආශව පුටු බාපතක දාලා තිබ්බ තමන්ගෙ තුවාය අරගෙන නේත්‍රගෙ පය පාමුල දණ නවාගද්දිනම් නේත්‍ර හොදටෝම කලබල වුණා.

"දෙයියෝ සුදුබේබි!!! එපා එපා.....කෝ ඔහොම ඉන්න....දණ නවන්න එපා මගෙ ඉස්සරහ"

"දගලන්නෙ නැතුව ඉන්න නේත්‍ර.....මම මේ කකුල් පිහිදනකං"

"මම කරගන්නම් සුදුබේබි....අනේ මගෙ ඉස්සරහ දණ ගහලා මට පව් පුරවන්න එපා සුදුබේබි...."

"ඒකෙ පවක් තියෙන්නෙ කොහෙද නේත්‍ර?"

ලොකු හුස්මක් එක්ක හෙමීට මිමිණුව ආශව පොත් මේසෙ ලග තිබ්බ පුටුව ඇද ලගට අරගෙන ඒකෙ ඉදගෙන නේත්‍රගෙ කකුල් තමන්ගෙ උකුල උඩින් තියාගත්තා.නේත්‍රට නොරිදෙන විදියට නේත්‍රගෙ කකුල් පිහදැම්ම ආශව තෙල් පීරිසියෙන් ඇගිලි වල තවරගත්තු පොල් තෙල් නේත්‍රගෙ වැවිරි පාරවල් වල තවරන්න ගත්තෙ හිතින් නිර්මලාට දෙස් දෙවොල් තියන ගමන්.වැවිරි පාරවල් ලාවට රිදුම් දෙන නිසාදත් මන්දා නේත්‍රගෙ කටින් හීනියට කෙදිරිල්ලක් පිටවෙද්දි නේත්‍ර දුහා බැලුව ආශවගෙ ඇස් දෙක වේදනාවෙන් පිරිලා තිබ්බා.

"රිදෙනවද මගෙ මැණිකෙ?"

"න්...නැ සුදුබේබි....ඩිංගිත්තක් වගේ ඇදුම්කනවා"

"මට සමාවෙන්න රත්තරනේ.....මම එවෙලෙ එහෙම...."

"සුදුබේබි සුදුබේබිට දොස් කියාගන්නෙපා....නේත්‍රට දුකයිනෙ එතකොට"

"අනේ උබේ හුරතල් බැල්ම......ඕක දැකලා වෙලාවක මාව දිය වෙනවා නේත්‍ර.එතකොට දීසියක් අරං ඇවිත් සුදුබේබිගෙ කෑලි එකතු කරන්න වෙන්නෙත් නේත්‍රටම තමා"

තමන්ගෙ උකුල උඩ තිබ්බ කකුල් දෙක හෙමීට බිමින් තියන ගමන් ආශව කිව්වෙ ඇදේ ඉදන් ඇසුත් බෝල කරගෙන වේගෙන් ඇහිපිල්ලම් ගහන ගමන් උන්නු නේත්‍ර දිහා බලන ගමන්.නේත්‍රගෙ බොත්තම් නාහෙ මිරිකුව ආශව නේත්‍රගෙ කකුල් දෙක ලග නැවෙද්දි නේත්‍ර ආයෙමත් කලබල වුණු නිසා ඇදේ කොණකින් ඉදගත්තු ආශව නේත්‍රට කතා කලා.

"හෙඩ්බෝඩ් එකට පිට තියං කකුල් දෙක දිගෑරගන්න නේත්‍ර"

ආශව කිව්ව දේට ඔලුව වැනුව නේත්‍ර ඇද විට්ටමට හේත්තු වෙද්දි ආශව නේත්‍රගෙ කකුල් දෙක තමන්ගෙ උකුල උඩින් තියාගත්තෙ හරි පරිස්සමින්.නේත්‍රගෙ කකුල් දෙකේ වැවිරි පාරවල් හිටලා තියෙන නිසා දණහිසේ ඉදන් පහලට තමන්ගෙ අත ගෙනියපු ආශව කටින් හුලං පිඹින ගමන් නේත්‍රගෙ කකුල් සියුම්ව අතගෑවා.ටික වෙලාවක් යද්දි නේත්‍ර ගැස්සෙනවා වගේ දැනුනු නිසා ආශව ඔලුව උස්සලා නේත්‍ර දිහා බලද්දි ආශවගෙ ඇස් වලට අහුවුනේ කදුලු පෙර පෙර ඉකි ගහන නේත්‍රව.

"න්.....නේත්‍ර ඇයි මැණිකෙ මේ?"

"පව් පිරෙයි රත්තරන් සුදුබේබි......මගෙ යටි පතුල් අතගෑවෙනවා සුදුබේබිට.....සුදුබේබි එහෙම කරන්න ඕනි නෑ"

"කෝ මෙහෙ එන්න.....දෙයියනේ මැණිකෙ, හුස්ම ගන්න බැරි වෙයි මයෙ අම්මට ඔහොම ඇඩුවොත්"

ඇද විට්ටමට පිට හේත්තු කරගත්තු ආශව නේත්‍රව පුලුන් රොදක් වගේ උස්සලා තමන්ගෙ උකුල උඩට ගනිද්දි නේත්‍රත් ආශවගෙ උකුලට ගොඩ වෙලා ඒ උණුහුම් පපුවට තුරුල් වුණා.ආශව හුස්ම පිඹ පිඹ තමන්ගෙ කකුල් අතගාන එක නේත්‍රට දරන්න බැරි වෙලා තිබ්බා.පුංචි කාලෙ මහ මුදියන්සෙගෙන් තුවාල වෙන්නම වේවැල් පාර කෑව නේත්‍රට ආශව තමන්ට මේ සලකන විදිය දරන්න බැරි තරම් දයාබර වුණා.ආශවව හම්බුනු දවසෙ ඉදන් ආශව තමන්ට ආදරෙන් සැලකුව විදිය මතක් කර කර නේත්‍ර අඩන්න ගත්තා.තමන්ගෙ පපුවට ගුලි වෙලා ඉන්න පුංචි හා පැංචා දිහා බැලුව ආශව තමන්ගෙ ලොකු අතකින් ඒ පිට හෙමීට අත ගගා සන්සුන් කරන ගමන්ම කතා කරන්න ගත්තා.

"ඒක පවක් වෙන්නෙ කොහොමද මැණිකෙ?"

"............"

"නේත්‍ර කියන්නෙ මගෙ පණ ඩිංගනෙ"

".............."

"උබට සාත්තුවක් කරන එක මට පවක් නෙවෙයි.....ඒක මට හරි සතුටට කාරණයක්.....මම වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරන,දරාගැනීම් කරන නේත්‍රට මමත් පුංචි දෙයක් කලා කියලා හිතලා සතුටු වෙන්න පුළුවන් මට"

".............."

"නේත්‍රට මාව පිට එකෙක්ද රත්තරනේ? මෙහෙම දෙයක් කරද්දි පවු පිරෙයි කියන්නෙ?"

"ස්...ඩ්...දෙ.....දෙයියනේහ් නෑහ් සුදුබේබි.....මට එච්චර කරන එක සුදුබේබිට සුදුසු නෑ කියලා හිතුනා"

"නේත්‍ර කියන්නෙ මම! අපි දෙන්නා දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා නේත්‍රම කිව්වා මතක නැද්ද? ඉතින් මගෙ වස්තුවට තුවාලයක් වෙනවා කියන්නෙ මට උනා වගේ තමා"

"............."

"උබේ හැම වේදනාවක්ම,දුකක්ම උබට වඩා දහ ගුණයක් වැඩිපුර මට දැනෙනවා නේත්‍ර.....මට පපුව ගලවලා දෙන්න පුලුවන්නම් මම ගලවලා දෙනවා.....මට කියන්න තේරෙන්නෑ මට උබව වටින තරමක්"

"මට මෙච්චර ආදරේ කරන්න එපා මගෙ රත්තරං සුදුබේබි!!! මට ඒ ආදරේ දරන්න බෑ මගෙ දෙයියනේ!!!"

"නේත්‍රට නැතුව මම වෙන කාට ආදරේ කරන්නද? මගෙ ජීවිතේ මම පලවෙනියට ආදරේ කරන්න ගත්තු වගේම අන්තිම වෙනකංම කරන එකම කෙනත් නේත්‍රම වෙනකොට?"

"මගෙ සුදුබේබි....."

"මගෙ නේත්‍ර......"

නේත්‍රගෙ ඕඩිකොලොන් සුවද පිරුණු හිස් මුදුන මතින් සියුම් සිපුමක් නැවරුව ආශව එහෙම්මම නේත්‍රව තව ඩිංගිත්තක් තමන්ට තුරුල් කරගත්තෙ නේත්‍ර ලගින් හමන ගැටපිච්ච මල් සුවදට ආශව දැනටමත් දැඩි විදියටම ඇබ්බැහි වෙලා හිටිය නිසා.විනාඩි දහයක් විතර නේත්‍රව තමන්ගෙ පපුව හොවාගෙන තුරුල් කරන් උන්නු ආශව කාමරෙ දොරට තට්ටු කරන සද්දෙට ගැස්සිලා යද්දි එකිනෙකාගෙ තුරුලෙ උන්නු නිසාම මේ වෙද්දි නේත්‍ර වගේම ආශවත් සන්සුන් වෙලා හිටියා.

"ඇයි?"

"සුදුබේබි තේ ගෙනාවා....."

වලව්වෙ වැඩ කරන සුපිපි කෙල්ල ආශවගෙ කාමරේ දොරට තට්ටු කරලා කියද්දි ආශවගෙ ඇගෙන් බැස්ස නේත්‍ර කාමරේ අස් කරන්න පටන් ගත්තෙ නැත්තං සුදුබේබිගෙ කාමරේ අස්සට වෙලා දොරත් වහං කරන්නෙ මොනාද කියලා සුපිපි අහයි කියලා හිතුනු නිසා.වෙනදට නේත්‍ර ආශව එක්ක ඉන්න වෙලාවල් වලට තේ එක හදන් එන්නෙ,බත් එක බෙදන් එන්නෙ නේත්‍ර නිසා එහෙම ප්‍රශ්නයක් නොවුණට අද සුපිපි ආව නිසා නේත්‍රගෙ හිතට චකිතයක් දැනිලා තිබ්බා.

"දෙන්න"

"සුදුබේබි,නේත්‍රට කුස්සියට එන්ට කිව්වා තේ ටිකක් බොන්න"

"කවුද?"

"ලොකු මැණිකෙ"

"හරි.නේත්‍ර එයි.සුපිපිට යන්න පුළුවන්"

ආශවට ඔලුව නැව්ව සුපිපි එහෙම්මම හැරිලා යද්දි ආශව එක්ක හිනා වුණු නේත්‍ර මූණ බිමට නවාගෙන කාමරෙන් පිටවුණා.ඉතින් ඒකයි වලව් සිරිත! සේවකයෙක්ගෙ මට්ටමේ ඉන්න නේත්‍ර මුළුතැන්ගෙට වෙලාම කන්න බොන්න ඕනි කියන එක මිසක් කාමරේකට වෙලා,සාලෙට වෙලා කන්න බොන්න පුළුවන් කියලා වලව්වෙ ඇත්තො කවදාවත් කිව්වෙ නෑ.ආශව ඒ සම්ප්‍රදායට පිටින් ගිහින් නේත්‍ර එක්ක එකට කාමරේට වෙලා කෑවට බිව්වට ඒ හැමදේම කරන්නෙ මහ මුදියන්සෙගෙ ඇස් වහලා මිසක් ඒ ඇස් පනාපිට නෙවෙයි කියන එක ආශවට වගේම නේත්‍රටත් රහසක් නොවුණා.ආශවට තවම ඒ සම්ප්‍රදායන් එලිපිටම අතික්‍රමණය කරන්න තරම් ශක්තියක් නොතිබ්බා.ආශවගෙ හදවතේ නෙවෙයි!ආශවගෙ හදවත ඇතුලෙ ඒ ශක්තිය ඕනිවටත් වඩා තිබුනට භෞතිකව ඒ ශක්තිය තවමත් ආශවට නොතිබ්බා.ඉතින් ආශව මහන්සි වෙන්නෙ ඒ ශක්තිය පුළුවන් ඉක්මනටම ගොඩ නගාගන්න.ආශව ඒක කරයි!නේත්‍ර ඒකට උදව් කරයි!

"උඹත් දැන් සුදුබේබි එක්කමයි නේද කොල්ලො?"

වලව්වෙ හිරමණයක් උඩට වෙලා තේ එක බොන නේත්‍රගෙන් සුපිපිගෙ අම්මා වුණු කුසුමාවතී අහද්දි නේත්‍ර කලේ හිනා වෙලා බිම බලාගත්තු එක.මේ වෙද්දි ආපහු පාරක් වලව් මුළුතැන්ගෙට පය ගහලා උන්නු නිර්මලා රෑ කෑම ලෑස්ති කරද්දි සුපිපියි කුසුමාවතියිත් ඒකට උද පදව් කරන ගමන් හිටියා.තමන් ඇහුව දේට මුකුත් නොකියා බිම බලාගත්තු නේත්‍ර දිහා බලන් හිටිය කුසුමාවතී තමන්ගෙ හඩ අවධි කරද්දි කුසුමාවතීගෙ ඇස් දිලිසුණේ ලොකු ඉරිසියාවකින්.

"උබ සුදුබේබි එක්ක පෑහෙන්න ගියාට මොකෝ ඉතින් උබයි සුදුබේබියි අහසයි පොලවයි වගේනේ.....කවදහරි උබටත් පොලවෙ පය ගහන්න වෙයි ඔහොම හිටියට....ලොකු ලොකු ඉස්කෝල වලට ගියාට මොකෝ උබලා ඉන්න තැන් වලින් උඩට එන්න කියලයෑ ආයෙ"

කුසුමාවතීගෙ කතාවට නිර්මලා ගැස්සිල ගිහින් වගේ නේත්‍ර දිහා බලද්දි නේත්‍ර තමන්ගෙ පාඩුවෙ තේ එක බොන ගමන් හිටියා.නේත්‍ර දැනන් හිටියා දවසක තමන් අධ්‍යාපනයෙන් යන්න ඕනි තැන.අනික් පැත්තෙන් නේත්‍රට ආශව ගැන තිබ්බ විශ්වාසෙ කොහෙවත් යන ගෑනුන්ගෙ කතා වලින් බිදින්න බැරි වුනා.ඒ හැමදේමත් එක්ක තමන්ගෙ අනාගතේ ආදරෙන් පිරුණු ලස්සන එකක් වෙනවා කියලා නේත්‍ර දැනන් හිටියා.ආශවට ලැජ්ජාවක් නොවෙන්න,ආශවගෙ මට්ටමට එන්න තමන්ට කරන්න පුළුවන් ඉගෙන ගෙන හොද තැනකට එන එක විතරයි කියලා දැනන් හිටිය නේත්‍ර ඒ වෙනුවෙන් දැන් ඉදන්ම මහන්සි වෙන ගමන් හිටියා.කොච්චර උනත් නේත්‍ර ආශව මතම යැපෙන කෙනෙක් වෙන්න කැමති වුණේ නැහැ.නේත්‍රත් පිරිමියෙක්.අනික දැන් දැන් තමන්ගෙ වියදම් යාන්තමට හරි පියවගන්න නේත්‍ර ගෙදරට වෙලා පහන්තිර අඹරලා පැකට් කරලා ඒක කර්මාන්තශාලාවකට දෙන ස්වයං රැකියාවක නිරත වෙන ගමනුත් හිටියා.ඉගෙන ගන්න ගමන් කරන්න පුළුවන් දේ ඒ වගේ රැකියාවක් වෙද්දි මුලදි ආශව ඒකට කෑ ගැහුවත් පස්සෙ නේත්‍ර හදන්නෙ නේත්‍රගෙම දෙපා වලින් නැගිටින්න කියන එක තේරුනු ආශව නේත්‍රට ඒ දේ කරන්න ඉඩ දුන්නා.

"දරුවා ඉගෙන ගෙන තැනකට එයි කුසුමා අක්කෙ...."

"උබලා දන්න දෙයක් නෑ නිර්මලා.....එන්න එන්න වියදම් වැඩි වෙනවා.උසස්පෙල විභාගෙන් පස්සෙ කොල්ලව රස්සාවකටවත් යවපං...මොකෝ ඉගෙන ගත්තා කියලා දොස්තර කෙනෙක් වෙන්නයෑ"

කුසුමාවතීගෙ කතාවත් එක්ක නේත්‍රට මතක් වුණේ දිවාෂව.බැරි වෙලා හරි දිවාෂ මෙතන හිටියනම් "කොමස් කරලා දොස්තර කෙනෙක් වෙන්න ඇන්ටි හිතුවද නේත්‍ර මයින්ද මාත්තයගෙ පුතා කියලා?" හරි අහයි කියලා මතක් වුණු නේත්‍රට හිනා යන්න ආවා.දැන් දැන් වටපිටේ ඉන්න තමන්ට බලපෑමක් කරන්න බැරි මිනිස්සු කියන දේවල් නිසා දුක් වෙන්න,හිත රිද්දගන්න එකෙන් නේත්‍ර ඈත් වෙන ගමන් හිටියෙ ආශව කියලා දුන්නු දේවල් නිසාමයි.

ඉතින් දිවාෂව මතක් වුණු නේත්‍රගෙ මූණෙ ඇදුණු හිනාව දැක්ක කුසුමාවතීට කේන්ති ගියේ තමන් මෙච්චර දෙයක් කියලත් නේත්‍ර්‍රගෙ මූණෙ දුකක සේයාවක්වත් නොතිබ්බ නිසා.තමනුත් වලව්වට කඹුරලා ඉගෙන ගන්න උනන්දුවක් නොතිබ්බ තමන්ගෙ දුවවත් වලව්වෙම වැඩකාරියක් කෙරුව කුසුමාවතීට නිර්මලාගෙ දරුවා වුණු නේත්‍ර දියුනු වෙන එක ඇහැට කටු අනින්නා වගේ වැඩක් වුණා.නේත්‍ර විශ්වවිද්‍යාලයකට තේරී පත් වුනොත් එහෙම ගමේ පහත් කියන කුලේකින් විශ්වවිද්‍යාලයකට ගිය පලවෙනිම ලමයා නේත්‍ර වෙනවා නේද කියලා මතක් වුණු කුසුමාවතීගෙ ඉරිසියාව දෙගුණ තෙගුණ වෙන්න ගත්තා.

"උබලා දැන් අපිට හිනා වෙයි.මෙව්වා මේ අපි ඉරිසියාවට කියන කතා නෙවෙයි.ඒත් දවසක අම්මා වගේම පුතාටත් තමන්ගෙ මට්ටම් තේරුම් යද්දි......"

"කොල්ලො! සුදුබේබි එක්ක මොකද්ද ඉස්කෝලෙ වැඩක් කතා කරගන්න නේද ආවෙ? මෙතන නොයිද ඒ වැඩේ කරගන්න ගියානම්...."

කුසුමාවතී කියන්න ගිය එක සම්පූර්ණ කරන්න නොදුන්නු ලොකු මැණිකෙ මුළුතැන්ගෙට එන ගමන් නේත්‍රට කියද්දි ලොකු මැණිකෙට ඔලුව වනලා එකග වුණු නේත්‍ර තේ කෝප්පෙ හෝදලා නවලා තියලා උඩු මහලට දුවලා ගියා.තමන්ගෙ අතේ තිබ්බ තේ කෝප්පෙ භාජන හෝදන තැනින් තිබ්බ ලොකු මැණිකෙ කුසුමාවතී දිහාවට දැඩි බැල්මක් දාන ගමන් සාලෙට ඇදෙද්දි නේත්‍ර ගැන මොකද්දෝ මංදා කවදාවත් නොදැනුනු දයාබරත්වයක් තමන්ගෙ පපුව ඇතුලෙන් මතු වෙනවද කියන සැකේ ලොකු මැනිකෙට දැනෙන්න ගත්තා.

* * * * *

"සුදුබේබි කකුල් උඩට ගන්නකො"

"මම කරගන්නම් නේත්‍ර"

"සුදුබේබි ඕ කිව්වට කරන්නෑනෙ අප්පා...මම දන්නවනෙ...කෝ ඉන්න....ඇදටම වෙල ඉන්න සුදුබේබි....මේ ට්ක අස් කලාම කාමරේ පිලිවෙලයි"

යක්ස පිට්ටනියක් වගේ තිබ්බ ආශවගෙ කාමරේ පැය කාලක් වගේ ඇතුලත නේත්‍ර ලස්සනට පිලිවෙලට අස් කරද්දි ආශවගෙ හෝදන ඇදුම් දාන කූඩෙන් බාගයක්ම පිරිලා තිබ්බා.ආශව සාමාන්‍යෙන් මෙච්චර අපිලිවෙල කෙනෙක් නෙවෙයි කියලා නේත්‍ර දැනන් හිටියත් මේ ටිකේම ආශවගෙ හිත කලබලෙන් නිසා මේම වෙන්න ඇති කියලා තේරුන් ගත්තු නේත්‍ර ඒ ගැන ආශවගෙන් හාර හාර අවුස්සන්න ගියෙත් නැහැ.කාමරේ අස් කරලා අතුගාලා ඉවර වුණු නේත්‍ර කාමරේ දොර මුල්ලෙන් කොස්ස තිබ්බෙ පහලට යද්දි අරං යනවා කියලා හිතාගෙන.

"සුදුබේබි!!!"

කොස්ස තියලා අනික් පැත්ත හැරෙන්නත් කලින් නේත්‍රව උස්සලා වඩා ගත්තු ආශව එහෙම්මම නේත්‍රව අරං ගිහින් තමන්ගෙ උකුලෙ ඉන්දවගෙන ජනෙල් කවුලුවෙන් එපිට බලාගෙන හිටියා.නේත්‍රගෙ උරහිසකට තමන්ගෙ නිකට බර කරගත්තු ආශව නිහඩවම අදුරට තමන්ගෙ ඇස් යොමු කරලා තියෙද්දි නේත්‍ර හෙමිට තමන්ගෙ අතින් ආශවගෙ ඔලුව පිරිමදින්න ගත්තා.රැහැයියන්ගෙ සද්දෙ විතරක් රෑ සද්දෙකට කියලා තියෙද්දි ඉදල හිටියා පාරෙන් බල්ලො බුරන සද්දෙ ලාවට වගේ ඇහුනෙ ගම්මානෙ පාරෙ ඉදන් සෑහෙන්න ඇතුලට වෙන්න ඉඩමෙ වලව්ව පිහිටලා තිබ්බ නිසා.ඔය වෙලාවට වැඩ ඇරිලා පාරෙ මිනිස්සු යන නිසා බල්ලන්ගෙ බිරිල්ල සාමාන්‍ය එකක් වුණා.

නුවර කොහොමත් මේ ටිකේම රෑට හීතල වෙද්දි ආශව නේත්‍රව කිටි කිටියෙ තුරුල් කරගත්තෙ කවුලුවෙන් ඇතුලට එන හීතල හුලග නේත්‍රට බාධාවක් වෙයි කියන බයට.කොහොමත් ආශව ලගින් නේත්‍රට දැනුනෙ පුදුමාකාර උණුහුමක්.ඒ නිසාම ආශවගෙ පිටට තව ඩිංගක් හේත්තු වෙලා පිටිපස්සට ඇලවුණු නේත්‍ර අහසෙ පායලා තිබ්බ හද දිහාම බලාගෙන හිටියා.

"සඳ රේණු ගලන

සඳ රෑක සිහිනයට

නුඹ ඈත ඉඳන් ඇවිදින්

මගේ පාලු හිතට

මනමාල කතා කියමින්

මනමාල කතා කියමින්........"

"සුදුබේබි කිති අනේ...."

අද සීත සුලඟ

මදහාස නගන විට

හිත කෝල උනිද මෙතරම්

ඒ දැනුම හැඟුම නොදනිම්........"

"අනේ සුදුබේබිගෙ හුස්ම වදිද්දි කිති....."

"සඳ රේණු ගලන

සඳ රෑක සිහිනයට

නුඹ ඈත ඉඳන් ඇවිදින්

මගේ පාලු හිතට

මනමාල කතා කියමින්

මනමාල කතා කියමින්........"

"ස්...සුදුබේබිහ්හ්හ්"

"ඔය වාසනාව

නෙතු දෑල දුලන ඒ

හිත කීරි ගැහෙන හැටිනම්

ඒ හැඟුම කෙලෙස පවසම්........

සඳ රේණු ගලන

සඳ රෑක සිහිනයට

නුඹ ඈත ඉඳන් ඇවිදින්

මගේ පාලු හිතට

මනමාල කතා කියමින්

මනමාල කතා කියමින්

මනමාල කතා කියමින්

මනමාල කතා කියමින්........."

"ම්හ්....සුදුබේබි"

"නේත්‍රහ්....."

උකුල උඩ තියං උන්නු නේත්‍රව තමන්ගෙ කකුල් දෙක පද්දන ගමන් ටිකක් පැද්දුව ආශව ඈත ආකාහෙ පායලා තිබ්බ හද දිහා බලලා තමන්ගෙ උකුල උඩ නැලවෙන තමන්ට විතරක් එලිය දෙන හද දිහා බලන ගමන් තමන්ගෙ ගැඹුරු හඩ අවධි කලා.නේත්‍රගෙ බෙල්ල පාමුල නහය ගාවන ගමන් සිංදුව කිව්ව ආශව ටිකෙන් ටික බෙල්ල මතින් සියුම් සිපුම් තවරද්දි නේත්‍ර තමන්ගෙ අත් වල වගේම කකුල් වලත් ඇගිලි රෝල් කරගෙන ඇස් පියාගත්තා.සිංදුව ඉවර වෙනවත් එක්කම නේත්‍රව තමන්ගෙ පැත්තට හරවගත්තු ආශව නේත්‍රව ජනේල් කවුලුව ලගම තිබ්බ බිත්තියට හේත්තු කරගන්න ගමන් නේත්‍රගෙ සිනිදු දෙතොල් වලට බර වුණා.

ඇගවල් හීතල කරන ගමන් හමාගෙන යන හුලග එක්ක ගැටෙන ගමන් පාවෙලා ආව ගැටපිච්ච මලක් ජනෙල් කවුලුව මත රැදෙද්දි නුවර අහසම ලා කහ පාටින් පාට වෙලා තිබ්බෙ නුවර අහස යට අපූරුවට පූදින එක පිවිතුරු ආදරේකට ආශිර්වාද කරන්න වගේ.රැහැයි සද්දෙට අමතරව කිසිම සද්දයක් නෑහෙන රාත්‍රියෙ තමන් පණ වගේ ආදරේ කරන තමන්ගෙ පුංචි ආදරවන්තයගෙන් සැනසෙන ගමන් හිටිය ආශව වගේම තමන්ගෙ ශක්තිමත් ආදරවන්තයගෙ ස්පර්ශෙට අඩපණ වෙලා උන්නු නේත්‍රත් ඒ මොහොත උපරිමයෙන් විදිය ගමන් හිටියා.

"ටිරි ටි ටී.....ටිරි ටි ටී......ටිරි ටිරි ටී.....ටිරි ටිරි ටී....."

"ශිට්!!!"

"ක්..කවුද සුදුබේබි?"

"වෙන කවුද ඉතින් ආයෙ මේ වගේ වෙලාවල් කන්න ඉන්නෙ......."

නේත්‍රව උස්සලා ගත්තු ආශව ඇද උඩින් නේත්‍රව ඉන්දවන ගමන් කෑ ගහන තමන්ගෙ දුරකථනෙත් මේසෙ උඩින් අරගෙන ඇදට ගොඩ වුණා.දෙන්නා එක්කම ඇද විට්ටමට හේත්තු වෙලා දුරකථන ඇමතුමට සම්බන්ධ වෙද්දි තවමත් මොහොතකට කලින් වුණු සිපගැනීමෙ අතුරු ප්‍රතිපල විදියට කැරකිල්ලක් වගේ එකක් අල්ලලා තිබුණු නිසා නේත්‍ර ආශවගෙ උරහිසෙන් තමන්ගෙ ඔලුව තියාගත්තා.

"හෙලෝ"

"හාආආආආආආයීඊඊඊඊඊඊඊඊඊඊ ආසවයෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ"

"මොකද මේ වෙලාවෙ තදියම් වෙලාද උබට?"

"උබ කටවහපං තෙවින්!"

"මොකද දිවාස මෙවෙලෙ මේ ගෲප් කෝල් එකක් අරං?"

"නිකං අනේ....දිවාසට පාලු හිතුනා.නේත්‍රට කෝල් කලාට ඒකා ආන්සර් නොකල නිසා මට හිතුනා උබ කොල්ලව උස්සන් ගිහින් ඇති කියලා"

"අපිවත් ඇඩ් කලේ ඇයි ඉතින්? මම දෙවින් එක්ක මලක් කඩන ගමන් හිටියෙ අනේ"

"දෙනෙත් බබා....අපි මෙතන මල කඩාගමු අනේ"

"මල තමා! මලට කලින් කියනවා මට කවුද අර කෙයා රියැක්ට් දාන එකී? මීම්ස් වලටත් කෙයා රියැක්ට් දාන්නෙ ඇයි?"

"දෙනෙත් මම කියන දේ ටිකක්....."

"නවත්තපියව් දෙන්නම! දෙවින් පණ,උබ ඔය නැති කරගන්නෙ උබේ විතරක් නෙවේ මේ දිවාසගෙත් නම්බුව"

"ගත්තනම් මොනාහරි කතා කරපල්ලකො....යුගාන්!"

"උබ ඉදපං අසහ.....අසහාය නළුවා!"

දිවාෂගෙ සද්දෙට දුරකථනෙ පුපුරන්න වගේ එද්දි නේත්‍රට හයියෙන් හිනා ගියේ ආශවගෙ මූණ දැකලා.නේත්‍රගෙ මුණට ආව හිනාව දැකලා ආශවටත් හිනා යද්දි නේත්‍ර ආශවගෙ කම්මුලකට තට්ටු කලා.

"මේ....හෙට මැච් එක ඔයාලා දෙන්නා ගහනවත?"

"ඔව් ඉතින්.අපි දෙන්නා ගහන්න ඕනිනෙ"

"හෙට ඔය දෙන්නා ගහන්නැතුව හිටියොත් මම ඔයාලට ෆුල් රයිස් එක ගානෙ අරං දෙනවා.සත්තයි!"

"ඔය වෙන්නෙ රයිස් එකත් නැති වෙලා මැච් එකත් නැති වෙන වැඩක් දෙව්"

"රයිස් එකට මගෙ සටන පාවා දෙන්නෑ දිවාස මල්ලි මම!"

"දෙවින්ටයි මටයි හෙට ප්ලේ කරන එක අනිවාර්යය කරලා.මම දන්නෑ ඇයි කියන්න"

"හෙට කවුරුහරි එනවද දන්නෑ ආශවයා.....මැච් එක බලන්න?"

"අනේ මංදා තෙවින්"

"සුදුබේබි හොදට ප්ලේ කරන්න හෙට"

"අන්න අන්න....අන්න මයෙ නේට්ට චූචියා ඉන්නවා....හෙලෝ බබා"

"එයා මගෙ බබා දිවාස"

"අනේ පලයං ආසව! උබේ බබා වෙන්න කලින් නේත්‍ර මගෙ බබා වුණේ....මේ නේත්‍ර ඒක නෙවෙ මොකද්ද සේතං මාමා බය වුණා කියන සීන් එක?"

"මමත් හරියට දන්නෑ දිවාෂ.....මහසෝනා දැකලලු බය වෙලා තියෙන්නෙ"

"මහ සෝනා නුවර ඉන්නවද නේත්‍ර මල්ලි?"

"ඈ නේත්‍ර පැටියො,ඇත්තටමද ඔය කියන්නෙ?"

"නේත්‍ර බොරු කියන්නෙ නෑ දෙනෙත් අයියා ඇන්ඩ් දෙවින් පණ.....ඈ නේත්‍ර....ඉතින් ඉතින්"

"මම දන්නෙත් එච්චරයි දිවාෂ...."

"යකා ගැහුවද දන්නෑ නේත අනේ...."

"යකා ගහලද ඔය කවුද එක්කෙනාට? හුගක් රිදුනද දන්නෑ ගහද්දි"

"තෙවින්!!!!"

"මල්ලි!!!!"

"නේත්‍ර කන් දෙක වහගන්න!!!"

"යසයි තෙවින් යසයි"

දිවාෂයි දෙවිනුයි ආශවයි දෙනෙතුයි පිලිවෙලට කෑ ගහද්දි තෙවින් කට පියාගත්තා.ඒත් තෙවින්ගෙ හිතේ වැඩ කලේම ඒ ප්‍රශ්නෙ විතරයි.ඒත් එක්කම ආපහු පාරක් දිවාෂගෙ කටහඩ ඇහෙද්දි තෙවින් ඒකට අවධානෙ දුන්නා.

"ඔයාලා දන්නවත ගමේ උනු කතාවක්.....මහතුන් මාමට....මහ සෝනා ගැන? මම කියන්නත?"

"හා"

කට්ටිය ඒකමතිකව ඒකට එකග වෙද්දි දිවාෂ තමන්ගෙ කතාව පටන් ගත්තා.

"මහතුන් මාමා හොරපොල් කඩනවා කියලා දන්නවත ඔයාලා?දන්නෙ නැත්තං දැනගන්න හරිත? ඔන්න ඉතින් මහතුන් මාමා හොර පොල් කඩනවනෙ.මිනිහා ගමේ ඔය මිනිස්සු වැඩියෙ ගැවසෙන්නෙ නැති තැන් වල තියෙන ගස් වලට තමා වැඩිපුර වැඩේ දෙන්නෙ.කෝමහරි දවසක් මිනිහා රෑ එලියට බැහැලා පොල් කඩන්න.ඩයල් එක එදා ගිහින් තියෙන්නෙ කනත්ත පැත්තට.මිනිහා දවල් දැකලා තිබිලා තියෙන්නෙ හොද පොල් වල්ලක් තියෙනවා.

කෝමහරි කනත්තෙ එක ලග පොල් ගස් තියෙන්නෙ පෝලිමට හිටෝලා.මහතුන් මාමා අයිනක ගහකට නොනැග මැද්දෙ ගහකට නැගලා ඔන්න පොල් හොයනවලු.කෝමහරි ගහේ අයිනට වගේ වෙන්න හෙන ලොකු පොල් ගෙඩියක් පේනවලු.ඊට එහා ගහෙත් මේ කොනට වෙන්න ගෙඩියක් තියේලු.මිනිහට හෙන හැපීලු ඉතින්.මූ කෝමහරි අර පොල් ගෙඩිය අදිනවලු අදිනවලු කැඩෙන්නෙ නෑලු.පණ දාගෙන ඇදලත් කැඩිලා නෑ.ඊට පස්සෙ දවසෙ එලි වෙද්දි මිනිහා කනත්තෙ දපලා වැටිලලු.පස්සෙ තමා සීන් එක දැනන් තියෙන්නෙ"

"ඒ මොකද්ද දිවාෂ මල්ලි?"

"මහතුන් මාමා නැගලා තියෙන්නෙ පොල් ගහකට නෙවේ.මහසෝනගෙ කකුලක් දිගේ උඩටලු"

දිවාෂගෙ කතාව ඇහෙනවත් එක්ක හැමෝගෙන්ම ලැබුනු තදබල නිහඩ බවක්.එකපාරටම ආශව ඇස් උඩ යනවත් එක්කම දුරකතනෙ ඇමතුමේ හිටිය තෙවින්ගෙ කඩහඩත් ඇහෙන්න ගත්තා.

"දිවාෂ මල්ලි!දැන්නම් නරක් වෙලා හොදටම!"

"හම්මෝ දිවාෂ පැටියො! මට බෑහ්"

"දිවාස! උබ නිසා මගෙ අහිංසකයත් නරක් වෙනව දැන්"

"යුගාන්! මහ සෝනට රිදෙන්න ඇති නේද?"

"සුදුබේබි......ඇයි ඉතින් මහ සෝනගෙ කකුල් දෙකේ උඩට නැග්ග එකට ඔච්චර හිනා වෙන්නෙ?"

...................................................................................................

වචන 4900+🌚❤️

ටිකෙන් ටික ටිකෙන් ටික....අපි ආවත මේ තරම් දුර.....කියලා අහන්නෝනි......බබාලා,කොටස් පනහක් ඇවිල්ලා අපි🥺❤️ ලියන්න පටන් ගනිද්දි මෙහෙම දුරක් එයි,මෙහෙම කතාවට ආදරේ කරන බබාලා ටිකක් එකතු වෙයි කියලා හිතුවෙවත් නෑ මම🥺❤️ ඉතින් හැමදේටම ස්තූතියි 🥺❤️

ඉතින් අද මම ඔයාලට කතාව ගැන පුංචි දේවල් ටිකක් කියන්න හිතුවා....

මම නිවාලන්න මා ලියන්න කලින්,ප්ලොට් එක හදද්දි මම මේක ලියන්න හිටියෙ බොටම් කැරැක්ටර් එක වලව්වෙ බේබි කරලා,ටොප්ව වැඩකරන කෙනාගෙ පුතා කරන්න.කෙටියෙන් කිව්වොත් නේත්‍රව වලව්වෙ බේබි කරලා,ආශවව වැඩකාරයගෙ පුතා කරන්න👉👈

ඒත් ප්ලොට් එක හදාගෙන යද්දි ඒක ගැලපෙන්නෑ කියලා හිතුනා.සියුමැලි කෙනෙක් වලව්වෙ බේබි උනොත් අර පහල මට්ටමේ ඉන්න කෙනාව උඩට ගන්න අමාරුයිනෙ....අනික මට මේකට පවර් බොටම් ලියන්න ඕනි වුනේම නෑ.ඒ නිසා ඉතින් මේ විදියට ලියන්න ගත්තා🥺👉👈 ඉතින් මම අසාර්ථක නොවුණු නිසා මට සතුටුයි😗❤️

ඊලග එක,

මම කලිනුත් කිව්වා වගේ දිවාෂ,දෙවින්,තෙවින් කියන්නෙ මගෙ ජීවිතේ හම්බුනු ඇත්තම චරිත.

තෙවින් කියන කෙනාගෙ මුලම ටික තමා ඒ ඇත්ත චරිතෙ ගත්තෙ.ආදරේ කරන්න ගිහින් විනාස වෙන්න ගිය එක.එතනින් එහාට මම තෙවින්ව මවන්නෙ මට ඕනි විදියට👉👈

දෙවින් කියන චරිතෙ මැවෙන්නෙ මගෙ හොදම යාලුවගෙන්.එයා මම එක්ක ඉන්න විදියට සමානව තමා දෙවින් දිවාෂ එක්ක ඉන්නෙ.අර හොදට බලාගෙන,ආදරෙන් එහෙමනෙ ඉන්නෙ.

එතකොට,දිවාෂව මැවෙන්නෙ............

මගෙන්🥴 හිනාවෙන්නෙපා.....මම මේ ඇත්තට කිව්වෙ😪💔 මට දිවාෂගෙ pov එක ලියන්න,දිවාෂගෙ චරිතෙට අදාල කැලි ලියන්න ඩිංගක්වත් අමාරු නැත්තෙ ඒ නිසා😹 ඌ තරම් මම තැනක් නොතැනක් නැතුව කුණුහරප කියන්නෑ.එකම වෙනස ඒක🙂❤️

මම අහිංසකයි කියලා හිතුවා කියලා එක රීඩර් බබෙක් කිව්වා.....හනේ කැමීලියාට සමාවෙන්න ඔයාලව රැවැට්ටුවට😭😂❤️

පඩිපෙලේ අත් වැට දිගේ පහලට රූටන දිවාසයා😂❤️

sadha_ තැන්කූ බබෝ මේවට❤️

කැමීලියා ගිහින් එන්නාම්🌝❤

ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter