Back
Chapter 86

85 කොටස🤍✨️

නිවාලන්න මා...

"පුතේ....මගෙ මැණිකෙ...කිරි උතුරවන නැකත ලගයි රත්තරනේ...මගෙ පුතාට නැගිටින්න බෑ වගේද?"

"දැන් අඩුයි අම්මෙ ඇඟේ අමාරුව....ඔලුව ටිකක් රිදෙන්නෙ...."

"දැන්නම් උණ ගතිය අඩුයි....ඒ රෑ මම එද්දි මොකද්ද පොඩ්ඩො වෙලා තිබ්බෙ...වතුර කාමරේ හැලිලා....ඇඳ රෙද්ද කොහෙවත්..."

ඇඳ විට්ටමට හේත්තු උනු නේත්‍රගෙ මූණ ඉස්සරහින් එබුනු නිර්මලා තමන්ගෙ ඇස් දෙක ලොකු කලා.

"උඹ යකෙක්වවත් දැක්කද පොඩ්ඩො? උණ ගැනෙන්න තරම් එකපාරටම"

"නෑ අම්මෙ....මම අම්මා එද්දිත් මිදුලෙනෙ හිටියෙ.ඊට ටිකකට කලින් දිවාෂලා ඇවිත් ගියා...පින්න වැටුණු නිසා වෙන්නැති."

නිර්මලාගෙ ඇස් දෙක දිහා නොබලා හොරෙන් කිව්ව නේත්‍ර ඇඳෙන් පැනලා ලිද ලගට ගියේ පුරුදු විදියට තුවායත් අරගෙන.ඊයෙ රෑ සුදුබේබි මේ ගෙයි ඇතුලෙ නැටුව ජල්ලිය දන්නවනම් එහෙම අද තමන්ට කන්න වෙන්නෙ කිරිබත් නෙවෙයි කියලා නේත්‍ර දැනගෙන හිටියා.හොදට ඇගපත සෝදන් යටට එක තුවායක් ඇදන් උඩුකය වැහෙන්න කර උඩිනුත් තුවායක් දාගත්තු නේත්‍ර කාමරේට ඇවිත් දොර වහන් ඇඳුමක් හොයන්න ගත්තා.මෙදාපාර සුභ වර්ණෙ උනේ රතු පාට වෙද්දි නිර්මලා පුළුවන් විදියට රතුපාට කමිසයක් නේත්‍රට ගෙනත් දීලා තිබුනා.ඉස්කෝලෙ අවුරුදු උත්සවේට තමන්ගෙ පුංචි එකාව පුළුවන් උපරිම ලස්සනකට යවන්න ඕනි නිසා ඒ ඇඳුම් වලට යන වියදමත් එක්ක නිර්මලාට පුළුවන් උනේ නේත්‍රට කමිසෙකුයි,නෑගම් යද්දි අරුන්දතීට ගවුම් පොඩිත්තකු‍යි ගන්න විතරයි.

"දැනට මොකක් හරි ඇඳන් වරෙං පොඩ්ඩො.....කැවිලි පිඟන් අරං ගෙවල් වලට යද්දි අලුත් ඇඳුම ඇදන් යන්න පුලුවන්නෙ"

"හා අම්මෙ.....මම වෙන එකක් ඇඳන් එන්නම්"

සුදුබේබි කාලෙකට කලින් දුන්නු රතු පාට ටීෂර්ටයක් අතට ගත්තු නේත්‍ර උඩුකය වහං උන්නු තුවාය අරගෙන ඒකෙන් ඇඟ පිහදාන්න ගනිද්දි කාමරේ තිබ්බ නේත්‍රගෙ පුංචි කණ්නාඩියෙන් අහම්බෙන් වගේ දෙයක් දැක්කා.ටිකක් ලං වෙලා බැලුව නේත්‍රගෙ ඇස් දෙක උඩ ගියේ සුදුබේබිගෙ හපංකමක් නිසා උරහිස උඩ තිබ්බ ලා රතුපාට සලකුණ දකිද්දි.ඒත් එක්කම ආයෙමත් ඊයෙ සුදුබේබිගෙ වැඩ මතක් උනු නේත්‍ර මූණත් වහං කකුල් දෙක ගස ගස දඟලන්න ගනිද්දි අපූරුවට නේත්‍රගෙ යටිකය වහං තිබ්බ තුවාය එක්කම ඒ හරියෙ තිබ්බ පුංචිම පුංචි බංකුවක් වගේ මේසයක් උඩ තිබ්බ නේත්‍රගෙ පවුඩර් බෝතලෙයි,ඕඩික්ලෝන් බෝතලෙයි,ක්‍රීම් බෝතලෙයිත් බිම වැටුණා.

"පොඩ්ඩො වැටුණ.....හත් දෙයියනේ ඔන්න ඔය විලි වහගනින්!!!! ඔහේ පද්ද පද්ද ඉන්න වයසකද දැන් ඉන්නෙ!!"

"අ...අනේ අම්මෙ ය්....යන්නකෝ...."

"පොඩ්ඩො! හරි මැණිකෙ ඔච්චර ලැජ්ජා වෙන්න දෙයක් උනේ නෑනෙ...මම උඹේ අම්මනෙ"

"ල්....ලැජ්ජයි අම්මෙ මට"

"ආ....දැන් ඕක ඇදන් එන්නකො එලියට....අනේ මංදා මේ කොල්ලගෙ කූලෑටි ගති කවදා නැති වෙයිද කියලා"

උප්පත්ති ලැජ්ජාකාරයා උනු නේත්‍රට තමන්ගෙ අම්මා ඉස්සරහ උනත් නිරුවත් වෙන එක නොසෑහෙන්න අපහසුතාවයක් උනා.ඉලන්දාරි සමයට පය ගහලා උන්නු එක එකාතකින් ඊට හේතුව වෙද්දි උප්පත්ති කූලෑටි ගතිය අනික් හේතුව උනා.අන්තිමට ඇඳුම ඇඳගත්තු නේත්‍ර හීන් සීරුවෙ කාමරෙන් එලියට අඩිය තියද්දි නිර්මලා ලිප ගිනි මොලවන්න කලමනා ටික ලෑස්ති කරන ගමන් හිටියා.

"තව විනාඩි තුනකින් නැකත උදාවෙනවා පොඩ්ඩො...උඹ ලිප ගිනි මොලවපං"

"අම්මා මොලවන්න අම්මෙ....."

"මයෙ අම්මා වාසනාවන්තයි දෙයියො මට වඩා....මගෙ පුතා කිරි උතුරවන්න මේ අවුරුද්දෙ"

"මට වඩා වාසනාවන්ත මගෙ අම්මනෙ.....අම්මා නිසානෙ මමත් මේ ලෝකෙ ජීවත් වෙන්නෙ....කො අම්මා එන්න.එදා ඉදන්ම අම්මා කිරි ඉතිරවෙව්වා කියලා අපිට අයහපතක් උනේ නෑනෙ අම්මා....වාසනාවක් උදා උනා මිසක"

නේත්‍රගෙ මූණ අතගාලා ඒ හිස් මුදුනෙන් හාද්දක් තිබ්බ නිර්මලා නැකත උදා වෙද්දි ලිප ගිනි මොලවන්න පටන් ගත්තා.කිරි මුට්ටියත් ලිප උඩින් තියපු නිර්මලා එතන බිමම ඉදගනිද්දි නේත්‍රත් බිම ඉදගත්තෙ කිරි ටික රත් වෙනකං.

"ඒවං මේ සුතං ඒකං සමයං භගවා..."

කිරි එක රත් වීගෙන එද්දි නේත්‍රයි නිර්මලායි දෙන්නා පිරිත් කියන්න පටන්ගත්තෙ ඒක එදා ඉදන්ම තිබ්බ සිරිතක් නිසා.පිරිත් සද්දෙ මැද්දෙම කිරි මුට්ටිය ඉතිරෙද්දි නේත්‍ර හිනාවෙවීම අත්පුඩි ගහද්දි නිර්මලා තමන්ගෙ පුංචි එකා දිහා හරි ආදරෙන් බලාගෙන හිටියා.පුංචි කාලෙ ඉදන්ම කිරි ඉතිරෙද්දි අත්පුඩි ගගහා හිනාවෙන නේත්‍රගෙ ඒ ගතිගුණ තවමත් වෙනස් වෙලා නැති බව පේද්දි නිර්මලා නේත්‍රගෙ ඔලුව අතගාන ගමන් එතනින් නැගිට්ටෙ කිරිබත උයන්න හිතාගෙන.

"පොඩ්ඩො......කිරි ටික ගේ වටේට ඉහිනවද? මම කිරිබත ලෑස්ති කරන්නම්"

"හරි අම්මේ...."

ගේ වත්තෙ තිබ්බ අඹ ගහෙන් පුංචි අඹ කොල කිනිත්තක් කඩාගත්තු නේත්‍ර කිරි මුට්ටිය වටේට රෙදි කෑල්ලක් ඔතලා කිරි මුට්ටිය අරං එලියට බැස්සා.මුට්ටිය ඇතුලට කොල කිනිත්ත බස්සලා ගෙයි කොණක ඉදන්ම කිරි ටික ඉහින්න ගත්තු නේත්‍ර ගෙදර පැත්තකදි ගැස්සිලා ගියේ එකපාරටම තමන්ගෙ ඉණ වටේ දැනුනු ස්පර්ශයක් නිසා.

"සුදුබේබි!"

"ඔයාව ඉස්සෙල්ලාම බලන්න ඕනි උනේ....මම යනවා මැණිකෙ"

"ස්...සුදුබේබි ඔය යනවද! බුදු සරණයි සුදුබේබි"

"බුදු සරණයි මගෙ නේත්‍රටත්"

නේත්‍රගෙ කම්මුලකින් හාද්දක් තිබ්බ ආශව විදුලි වේගෙන් ආයෙමත් කන්ද නැගලා වලව්වට යන දිහා ඇසුත් ලොකු කරං බලන් උන්නු නේත්‍රගෙ මූණෙ මතු උනේ ආදරණීය හිනාවක්.ඔක්කොටම කලින් මෙතනට දුවං ඇවිත් තමන්ගෙ දිහා බලල යන සුදුබේබි තමන්ට කොයි තරම්නම් ආදරෙයිද කියලා හිතුව නේත්‍ර ඒ හිතන එක නැවත්තුවෙ කවදාවත් ඒක මෙච්චරයි කියලා මනින්න බැරි බව තේරුම් ගත්තු නිසා.

"පොඩ්ඩො.....ආහාර අනුභවයෙන් පස්සෙ වලව්වට ගිහින් එමු...."

"හා අම්මා....මම ලුණුමිරිස හදන්නද?"

"පොඩ්ඩා හදන්නකො එහෙනම්"

කිරි ටික ගේ වටේට ඉහලා ඉවර වෙලා කුස්සියට ආව නේත්‍ර අත් සෝදන් ලුණුමිරිස හදන්න ගත්තා.කෑම මේසෙ ලෑස්ති කල නිර්මලායි නේත්‍රයි ආහාර අනුභව නැකත ඉෂ්ට කරලා ගෙයින් එලියට බැස්සෙ වලව්වට යන්න හිතාගෙන.නිර්මලා අරං දුන්නු රතුපාට අලුත් කමිසෙට සුදු කොට කලිසමක් ඇදන් වලව් වත්තට ගොඩ වුණු නේත්‍රගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ සුදුබේබිව දැකලා.

වලව්වෙ හරස් ඉස්තෝප්පුවට වෙලා මහ මුදියන්සෙයි ලොකු මැණිකෙයි එක්ක හිටිගෙන තමන්ට ආචාර කරන මිනිස්සුන්ට ආශිර්වාද කරන ගමන් බුලත් කොල වල දවටපු සල්ලි දෙන ගමන් හිටිය ආශව අද වෙනදටත් වඩා ලස්සනට නේත්‍රට පෙනුනා.තද රතු බතික් කමිසෙකට රතුයි සුදුයි මිශ්‍ර උනු බතික් සරමක් ඇදන් උන්නු ආශව අද සූර්ය කුමාරයා වගේ කියලා නේත්‍ර හිතුවා.ආශව දිහා බලලා තමන් දිහා බැලුව නේත්‍රට ඒ රූපෙ එක්ක තමන් පෑහෙනවද කියන හීනමානෙ ආයෙම වතාවක් හිතට ආවා.

නිර්මලාගෙ අතින් අල්ලගත්තු නේත්‍ර ගිහින් මිනිස්සු උන්නු පෝලිමේ හිටගනිද්දි ආශවගෙ තියුනු ඇස් ඇවිල්ලා නේත්‍ර ලගින් නැවතුනා.තමන්ට ආචාර කරන මිනිස්සුන්ට මුකුත් නොකියා යන්ත්‍රයක් වගේ බුලත් කොල දෙන්න ගත්තු ආශවගෙ ඇස් දෙක පිස්සුවෙන් වගේ නේත්‍රගෙ මුලු මූණ පුරාම දිව්වා.

"සුභ අලුත් අවුරුද්දක් වේවා මහ මුදියන්සෙ..."

"එසේම වේවා!"

"සුභ අලුත් අවුරුද්දක් වේවා ලොකු මැණිකෙ"

"එසේම වේවා නිර්මලා"

"සුභ අලුත් අවුරුද්දක් වේවා සුදුබේබි"

"..............."

නිර්මලාට ආපිට සුභ පතන්න තරම් සිහියක් ආශවට තිබුනෙ නෑ.නේත්‍රව දැක්ක වෙලේ ඉදන් ආශවගෙ හිතේ හොල්මන් කරන්න ගත්තෙ කවදාමහරි දවසක නේත්‍ර එක්ක මේ විදියට එක වහලක් යටට වෙලා අවුරුදු සමරන හැටි.

"ස්....සුභ අලුත් අවුරුද්දක් වේවා මහ මුදියන්සෙ"

"එසේම වේවා කොලුවො"

"සුභ අලුත් අවුරුද්දක් වේවා ලොකු මැණිකෙ"

"එසේම වේවා දරුවො....."

"සු......සුභ අලුත් අවුරුද්දක් වේවා සුදුබේබි"

"එසේම වේවා......"

කියලා කිව්ව ආශව තමන්ට වැදල තමන් ඉස්සරහින් හිටගත්තු නේත්‍රගෙ ලගට ටිකක් නැවෙද්දි පෝලිමට තමන්ට වැද වැද එන මිනිස්සුන්ගෙ සිහියෙන් උන්නු මහ මුදියන්සෙටවත් ලොකු මැණිකෙටවත් සුදුබේබි ගැන ලොකු ගානක් තිබ්බෙ නෑ.නේත්‍රට දික් කල බුලත් කොලේට අත ගැහුව නේත්‍රගෙ අත කාටවත් නොපෙනෙන්න තද කරලා මිරිකුව ආශව නේත්‍රට විතරක් ඇහෙන්න මිමිනුවා.

"මගෙ කුමාරයට....."

"න්...නරක සුදුබේබි"

ආශවගෙ වචන වලට නේත්‍රගෙ මූණම රතු වෙද්දි නේත්‍ර බුලත් කොලෙත් අරගෙන එතනින් පැනල දිව්වා.නේත්‍ර දිව්ව දිහා බලාගෙන හිටිය ආශව ගැස්සිලා ගියේ තමන්ගෙ කකුල් වලට දැනුනු ස්පර්ශයක් නිසා.

"සුභ අලුත් අවුරුද්දක් වේවා පුංචි මුදියන්සෙට"

ගම්මානෙ උන්නු ගැටිස්සියක් ආශවගෙ පය පාමුල වැද වැටිලා හිටියා.ආශව ආපිට එසේම වේවා කිව්වත් එක්කම නැගිට්ට ඒ ගැටිස්සි ඇස් දෙකත් පුළුවන් තරම් රවුම් කරගන්න ගමන් ආශව දිහා බැලුවා.ඔය දාන්නෙ අහිංසකයි කියලා පෙන්නන්න හැට හතරමායං කියලා තේරුම් ගත්තු ආශව කට කොනකින් හිනා වෙලා අර ගැටිස්සිට බුලත් කොලේ දික් කලා.ආශවගෙ දිග අතැගිලි වල තමන්ගෙ ඇගිලි වද්දගෙන බුලත්කොලේ අතට ගත්තු ගැටිස්සි වැරදීමක් උනා වගේ අත ඉක්මනට අහක් කරං ආශව දිහා බයාදු විදියට බැලුවා.ගැටිස්සි දිහා තද බැල්මෙන් බලාගෙන හිටිය ආශව එතන තිබ්බ හිස් බුලත්කොලයක් අතර අරං තමන්ගෙ ඇගිලි පිහිදන් බුලත් කොලේ පොඩි කරලා බිමට දැම්මා.ආශවගෙ මූණෙ තිබ්බ දරදඩු ගතියට බය වුණු ගැටිස්සි දඩි බිඩි ගාලා එතනින් අහක් වෙද්දි ආශව ඊලගට ආව මනුස්සයට බුලත්කොලේ දීලා සුභ පැතුවා.

"ඇත්තම අහිංසක පිරිමියෙක්ගෙ මායම් වලට අහු උනු මට ඔය ගෑනු මායම් වැඩ කරන්නෑ කෙල්ලෙ"

ආශව හිතුවෙ ආයෙ වත්තෙ කොණකින් මතු වුණු ඔලු ගෙඩිය දිහා බලාගෙන.වත්තෙ කොනකින් මතු වුනු පුංචි ඔලු ගෙඩිය අර චූටි කටේ තියෙන හා දත් දෙකත් පෙන්නලා ආපහු පල්ලම් බැහැලා දිව්වා.නේත්‍රගෙ හුරතලේ දරාගන්න බැරි වුණු ආශවට තද කැස්සක් ඇති වෙද්දි ලගපාත උන්නු මැනුවෙල් ආශවට වතුර කෝප්පයක් පුරෝලා දුන්නට පස්සෙ ආශවගෙ කැස්ස නතර වෙලා ගියා.

"පොඩ්ඩො......කැවිලි පිගන් ටිකක් ලෑස්ති කරගන්නකො.....ගමේ ඔය හිතවත් ගෙවල් වලට...."

කැවිලි පිඟන් ලෑස්ති කරගත්තු නේත්‍ර දිවාෂලාගෙ ගෙදරට ඉස් ඉස්සෙල්ලාම යන්න හිතාගෙන් ගෙදරින් පිටත් උනේ ඉස්සි ඉස්සි වලව්ව පැත්තත් බලන ගමන්.අද උදේ වරුවම ගමේ මිනිස්සුන්ට සුභ පතන්නයි,දවල්ට වලව්වට එන නෑදෑයන්ට සුහදකම් පාන්නයි,රාත්‍රියේ තියෙන අවුරුදු සාදයට සහභාගී වෙන්නයි ආශවට තිබ්බ නිසා අද ආශව එක්ක හරිහමං විදියට කතා කරන්නවත් නොවෙන වග නේත්‍ර තේරුම් අරං හිටියා.

"දිවාෂ....."

"ඉන්න එනව්......අම්මේ!!!! අම්මේ!!!!! මෙන්න අම්මගෙ බෑනා අවුරුදු අරං ඇවිල්ලා අම්මේ!!!!!!"

දිවාෂ යටිගිරියෙන් කෑ ගහලා එලියට ඇවිත් නේත්‍රව තුරුල් කරගනිද්දි එලියට ආව දිවාෂගෙ අම්මයි අප්පච්චියිත් නේත්‍රව ආදරෙන් පිලි අරං ගේ ඇතුලට එක්කන් ගියා.කොහොමත් නේත්‍රට දිවාෂලාගෙ ගෙදර නුහුරු නුපුරුදු තැනක් නොවුනු නිසා නේත්‍ර හරි පහසුවෙන් දිවාෂලාගෙ ගෙදර විසිත්තකාමරේ සෝෆාව උඩ වාඩි වෙලා හිටියා.

"පුතා.....බීම මොනාහරි බොනවද? තේ බොනවද?"

"බීම බීම ජානකී.....අර මික්ස් පුට් එකෙන් දාන් එන්න අනේ....ඔයාගෙ බෑණා ආසම ඔව්වට"

"ආ ඒකනෙ නෝනා....සිඟිති කියන දේ අහන්නකො"

"අප්පච්චියි පුතයි එක පැත්තක් නේද? කමක් නෑ නේත්‍ර පුතා මගෙ පැත්තෙනෙ"

ජානකී දිවාෂටයි ආරියසිංහ මහත්තයටයි දෙන්නටම රවලා නේත්‍රගෙ ඔලුව අතගාන ගමන් කුස්සියට ගිහින් ඇවිත් නේත්‍රව අවුරුදු කැවිලි මේසෙන් ඉන්දෙව්වා.නේත්‍රට කෑම දෙන වැඩේ දිවාෂට භාර කෙරුව ජානකී ආයෙමත් කුස්සියට යද්දි ආරියසිංහ මහත්තයත් ඇවිල්ලා කෑම මේසෙන් ඉදගත්තා.

"ඔය ආස්මී එකකුත් දෙන්න සිඟිති......නේත්‍ර පුතා,මේක පිට තැනක් නෙවේනෙ දරුවො.හොදට කන්න"

"හ්....හා මාමෙ"

"ඔය චොක්ලට් කේක් එක හැදුවෙ අපේ සිඟිතිමයි......පුතා කන්නකො ඒකෙනුත්"

"හා මාමෙ....ශා.....ඒක රසයිනෙ දිවාෂ"

"මම ඒකට ආදරෙ දාලා හැදුවෙ ඔයාටත් දෙන්න ඕනි නිසා....ඒකයි ඒක ඔච්....."

"යුගාන්!!!"

"අර වහන්තරාව මේ වෙලාවෙ මෙහෙට පාත් වෙන්නෙ මොකද!!!!"

"සිඟිති! ඔයාගෙ යාලුවෙක් නේද ඒ....ඔහොම කතා කරන්නෙ මොකෝ?"

"මුගෙ හැටි අම්මයි අප්පච්චියි දන්නවනම්....අප්පච්චි ටිකක් දන්නවනෙ....අම්මා දන්නවනම් එහෙම මූව මේ ගෙයි හතරමායිමට වද්දගන්නෑ"

ඔහේ කියෝ කියෝ ගෙයි දොර පැත්තට ඇවිදන් යන දිවාෂ දිහා බලන් උන්නු ජානකී ඊලගට බැලුවෙ ආරියසිංහ මහත්තයා දිහා.

"ආ චමී.....ඔයා කියලා නෑනෙ ඒ ලමය ගැන දන්න වගක්?"

"අ.....ආහ්......එහෙම ලොකුවට දන්නෑ නෝනා.....ඔය කොල්ලා අර දවසක් මෙහෙ ආවෙ බීගෙනද කොහෙද? අන්න එදා සිඟිති මම එක්ක විස්තර වගයක් කිව්වා"

"අප්පච්චියි පුතයි වෙස් බඳින්නකො හැංගි හැංගි.....නටන්න වෙන්නේ එලිපිටනෙ දෙන්නටම"

ජානකී කියෝ කියෝම නේත්‍ර ලගින් ඉදගත්තෙ නේත්‍රගෙ ලගින් බීම වීදුරුවක් තියන ගමන්.ඒත් එක්කම ගෙට ගොඩ උනු තෙවින් අතේ තිබ්බ මොකක් හරි පොට්ටනිය මේසෙ උඩින් තියද්දි ඒ පිටිපස්සෙන් ආව දිවාෂ කකුල උස්සලා තෙවින්ගෙ පස්සට ඇන්නා.

"මොකද්ද මේ පත්තර කොලේ ඔතන් ආවෙ උඹ?"

"ආආආ.....අවුරුද්දට හිස් අතින් එන්න බෑනෙ යුගාන්....මේ!!!"

"දෙයියනේ!!! මීහරක් බල්ලා! ඇටි කෙහෙල් ඇවරියක් ගෙනාවෙ කොහොමද?"

"ඇටි කෙහෙල්? නෑ යුගාන් මේ සීනි කෙහෙල්ලු.....මම ගහේ තිබ්බ ලොකු පොකුරෙන් කෑල්ලක් කපාගෙන ආවෙ මේ"

අතේ තිබ්බ නාටු අමු කෙහෙල් ඇවරිය උස්සලා තෙවින් පම්පෝරි ගහද්දි ගෙදර උන්නු අනික් මිනිස්සු තුන් දෙනා තමන්ගෙ හිනාවල් තද කරං තෙවින් දිහා බලන් හිටියා.තෙවින් ලගට ආව ජානකී ඇටි කෙහෙල් ඇවරිය හිනා වෙලා සතුටින් භාර අරගෙන තෙවින්වත් කැවිලි මේසෙන් ඉන්දවද්දි නේත්‍රගෙ කොණ්ඩෙ අවුස්සන ගමන් තෙවින් ඒ ලගින්ම වාඩි උනා.

"කෙහෙල් පොකුරු නෙවේ පුතා.....කෙහෙල් කැන්.....ඔය ගෙනත් තියෙන්නෙ ඇවරියක්"

"ඊයා නේද තෙවින්"

"උඹ පලයං යුගාන්......මම දන්නෑනෙ අන්කල් ඉතින් ඔව්වා"

"කන්න පුතා ආසා දෙයක් අරං"

ආරියසිංහ මහත්තයා හිනාවෙවීම කියද්දි ඔලුව වැනුව තෙවින් කෑම පිගානක් අරං ඕනි කරන ජාති ඔක්කොම ඒකට දාගෙන කන්න ගනිද්දි දිවාෂ ඇසුත් හීනි කරං තෙවින් දිහා බලන් හිටියා.

"උඹ මොකද තකහනියක් මෙහෙ දුවං ආවෙ?"

"ඇයි එන්න හොද නැද්ද?"

"නැති හින්දා තමා අහන්නෙ"

"දෙන්නෙ උඹට දෙකක්! අනේ බලන්නකො අන්කල්"

"සිඟිති කෝ කෑ නොගහා ඉන්නකො.....නෑ පුතා,සාමාන්‍යෙන් පුතාලගෙ ගෙවල් වල අය අවුරුදු දාට යන්නෙ ආශව පුතාලගෙ ගෙදර විතරයි අපේ ගමෙන්ම....ඒකයි සිඟිතිට පුදුම හිතෙන්න ඇත්තෙ"

"ම්ම්ම්.....මම ඔව්වා දන්නෑ අන්කල්.උදේ ඉදන් මිනිස්සු එහෙ එනවා.අත්තම්මා ගමේ මිනිස්සු ගෙනත් දෙන කෑම එහෙම්මම මල්ලකට දාන්න දෙනවා අර වැඩකරන මනුස්සයෙක්ට කියලා.....මම කන්න ගියා ඒවගෙන්.ඇයි අප්පා සමහර කැවිලි පිඟන් වල ගෙදර නැති එව්වත් තියෙනවා....අත්තම්මා බැන්නා....ඒ කෑම අපිට කන්න බෑලු.අහක් කරන්නෙ සත්තුන්ට කන්න දාන්නලු"

"මොකක්!"

"ඔව් යුගාන්.....අයියට හුරුයි....එයා දරාගෙන ඉන්නවා ඒවා...එදා ඉදන්ම එයා වලව්වෙනෙ හිටියෙ.ඒ උනාට මට බෑ.මම පුංචි කාලෙ ඉදන්ම අපේ ගෙදරට එන කැවිලි පිඟන් වලට වැඩේ දෙන්න පුරුදු වෙලයි හිටියෙ.අම්මා උනත් එව්වා හරි ආසාවෙන් පිලිගත්තා....ඒ පැති වල මේ වගේ විකාර නෑ....අපේ ලේන් එකේ එහෙම ලොකුවට සල්ලි නැති මිනිස්සු නොහිටිය බව ඇත්ත...ඒත් සාමාන්‍යෙන් අපිට වඩා සල්ලි නැති අය හිටියා....වයසක ජෝඩු විතරක් හිටිය ගෙවල් තිබ්බා....අනික අපේ අම්මා අර කාන්තා සමිතියක හිටියනෙ....අන්න ඒකෙන් එයා දැන අදුනගත්තු ගෙවල් තිබ්බා.අපේ ලේන් එකේ නෙවේ....ඔය ආර්ථික ප්‍රශ්න තියෙන මිනිස්සු හිටිය ගෙවල්.එහෙම ගෙවල් වල අය පවා අවුරුද්දට අපේ ගෙදෙට්ට එනවා.අම්මා ඒ මිනිස්සුන්වත් සාලෙන් ඉන්දවලා ට්‍රීට් කරලා යවන්නෙ....එයාලා ගේන කෑම වලිනුත් ආසා එව්වා කනවා මම.අම්මා මුකුත් කියන්නෑ.....ඒ නිසා මට මේ අප්පච්චිලාගෙ අමුතු වැඩ දිරවන්නෑ අනේ"

"පුතා රණ්ඩු වෙලා නෙවේනෙ මේ ආවෙ?"

"නෑ නෑ....ඔතන රණ්ඩුවක් වෙන්න කලින් තමා මම ආවෙ....ආශවයත් රණ්ඩු වෙලාලු අන්න"

"ස්....සුදුබේබි?"

"හ්ම්ම්ම්.....ටිකක් වයසක මනුස්සයෙක් ආශවට වදින්න ගිහින්....ආශව පස්සට වෙලා එපා කියලා....උගෙ අම්මට අප්පච්චිට පවා වැඩිමල් කෙනෙක් ඌට වඳිද්දි අවුල් යන්න ඇතිනෙ....නොතේරුම් කාලෙ හැමෝම වැන්දට ඒක අවුලක් නෑ වගේ හිතුනත් හරි වයසට එද්දි තමන්ට එහෙම මිනිස්සු වදින එක ආශවට ලොකු අවුලක් වගේ දැනෙන්න ඇති.පොඩි කෙනෙක් නම් අවුලක් නෑ....අනික වයසක කෙනෙක්ලු....සාගර අන්කල් ආශවට කෑ ගහලා එවෙලෙ.මූත් අනික් පැත්තට කෑ ගහලා කාමරේට ගිහින්...මම එහෙ එන්නද අහන්න කෝල් එකක් ගත්තු වෙලේ ඌ මටත් බැනලා ෆෝන් එක තිබ්බා"

"ආසව දැන් ඉස්සරට වඩා වෙනස්නෙ....ඒක නිසා අවුල් ඇති මිනිහට"

"ඔව්......දැන් දවල්ට උන්ගෙ නෑයො වගයක් එනවලු.මූට ඒකටත් මල පැනලා.අපි කාටවත් එන්න එපා කිව්වා....නෑයොන්ගෙන් කතා අහගන්න වෙයි කියලා නිකරුණේ"

"සිරාවටම උන්ගෙ එක හොද නෑයෙක්වත් නැද්ද බං?"

"දන්නෑ යුගාන්"

"තෝ මුකුත් දන්නෑ....හැබැයි ගෑනු...."

"ඔය කේක් කෑල්ලක් දාන්න!"

"තෙවින්!"

දිවාෂගෙ කෑ ගැහිල්ල ගනන්වත් නොගත්ත තෙවින් තව කේක් කෑල්ලක් දාගනිද්දි කට්ටියගෙන්ම අවසර ගත්තු ආරියසිංහ මහත්තයා කුස්සිය පැත්තට ගියේ ජානකී නෝනා මොකෝ කරන්නෙ බලන්න හිතාගෙන.ඒත් එක්කම ඇස් වල කදුලු පුරවගත්තු නේත්‍ර තෙවින් දිහා බැලුවා.

"සුදුබේබි ලොකු අවුලකින්ද ඉන්නෙ තෙවින් අයියෙ?"

"නෑ නෑ.....ඌට තද වෙලා තියෙන්නෙ....ඔයාට දවල්ට එන්න එපා කිව්වා එහෙ.....උන්ගෙ නෑයොන්ව මරන්න වෙයි කිව්වා නේත්‍ර මල්ලි ආවොත්....ඔයාගෙන් ඕන්නැති වැඩ ගන්නවා කියලා ඌ දන්නවනෙ උන්.ඒ නිසා යන්න එපා"

"නෑ අයියෙ යන්නෑ මම....."

"දෙවින් පණ තනියමද තෙවින්?"

"ඔව්....උදේ ඉදලා එන මිනිස්සුන්ට හයිකාරකම් පෙන්නන්න අප්පච්චි යූස් කරන්නෙ අයියව....ඉස්සර ඉන්දෝගෙන 'සිංහවංශ පවුලෙ ඊලග උරුමක්කාරයා තමා මේ ඉන්නෙ' කිය කිය පම්පෝරිය....අඩුම අයියා ක්‍රිකට් ගහන්න ආසා කියලවත් කියන්නෑ අප්පච්චි....අයියටත් එපා වෙලා හිටියෙ.ඒත් කරන්න දෙයක් නැති කමට ඉන්නවා.මම ආවා අනේ....කොහොමත් අප්පච්චි මාව ලොකුවට කෙයා කරන්නෑනෙ"

"දෙවින් පණව දාලා ආව එකනම් අවුල් හැබැයි....මම ගිහින් එයාවත් එක්කන් එන්නම් අනේ"

කවුරුත් මුකුත් කියන්න කලින් පුටුවෙන් නැගිට්ට දිවාෂ එකපාරටම ලොකු හිනාවක් මූණෙ තියාගෙන ඉස්සරහට දුවගෙන ගියා.

"දෙවින් පණ!!! අම්මේ....අප්පච්චි.....දෙවින් පණ ඇවිල්ලා!!!"

දිවාෂවත් එක අතකින් උස්සගත්තු දෙවින් ලස්සනට කට්ටිය එක්කම හිනාවෙලා පිලිවෙලට අරං ආව බෑගයක් මේසෙ උඩින් තියද්දි ආරියසිංහ මහත්තයා පුරුදු විදියට දෙවින්ව කෑම මේසෙන් ඉන්දෙව්වා.මේ වෙද්දි නේත්‍ර කෑම කාලා ඉවර වෙලා තිබ්බ නිසා නේත්‍ර බීම වීදුරුව බිබී ඉද්දි නේත්‍රව ඔලුව අතගෑව දෙවින් ඒ ලගම පුටුවකින් ඉදගනිද්දි දිවාෂ ඇවිල්ලා දෙවින්ගෙ කකුලක් උඩින් වාඩි උනා.

"නේත්‍ර මල්ලි හුගක් වෙලාද ඇවිල්ලා?"

"ඔව් අයියෙ දැන් ඩිංගක් වෙලා"

බීම බිබී උන්නු නේත්‍රගෙ ඇස් දෙක දෙවින් තෙවින් දිහාවට එල්ල වෙලා බිමට බර වෙද්දි ඒ ඇස් දෙකේ මතු උනු වේදනාව එක්ක පුංචි එකාගෙ හිත තේරුම් ගන්න දෙවින්ට අමාරු උනේ නෑ.

"ස්....සොරි නේත්‍ර මල්ලි.....අපි ඔයාලගෙ ගෙදර ආවොත් අප්පච්චි ප්‍රශ්න දාන්නෙ ඔයාටයි ඔයාලගෙ අම්මටයි....ඒ නිසයි"

"එ.....ඒකට කමක් නෑ දෙවින් අයියෙ....මම දන්නවා"

"මේ හැමදේම විසඳෙන කාලයක් එයි මල්ලි.....එතකං අපි ඉවසමු හොදද?"

දෙවින් අහද්දි පුංචි එකා ඔලුව උඩ පහල වනන ගමන් සංතෝසෙන් හින උනා.නේත්‍රගෙ කම්මුලක් ලාවට මිරිකපු දෙවින් කෑම කන්න ගනිද්දි දිවාෂත් ඒ කෑම පිඟානට අත දදා ඒකෙන්ම කෑවෙ වෙන කෑම කන්න තැනක් නෑ වගේ.

"මේහ් අහන්නකො චූචියො"

"මොකද්ද දිවාෂ?"

"අර මම කිව්වෙ අවුරුද්දට,උපන්දිනේට,මගෙ මොකක් හරි ස්පෙශල් වැඩකදි එහෙම මට ගිෆ්ට් එකක් එනවා කියලා....ඒක අදත් ආවනෙ අනේ"

"සිරාවටම ඒක ආවද?"

"ඔව් දෙවින් පණ....නමක් ගමක් මුකුත් නෑ"

"ආආඅ.....ඔය උඹව මස් කඩේට අරං යන්න කලින් කරන සැලකිලි....හරක් පැටියා"

"තෝ පලයං තෙවින්! අනේ දෙවින් පණ මූට බයින්නකො"

"ඔව්...කෑ ගහන්න එපා මල්ලි....ඉතින් මේ පාර මොකද්ද?"

"ඇඳුම් සෙට් දෙකක්....වොච් එකක් එක්ක.අවුරුදු කිට් එකයි,නෝමල් කිට් එකයි.අනෙ මංදා...ගානට මිම්මට එවලත් එක්ක"

"අනේ මංදා දිවාෂ.....කවුද දන්නෑ ඇත්තටම....දැන් අවුරුදු කීයක්ද නේද?"

"අනේ මංදා ඒයි.....කමක් නෑ.නරක දෙයක් එවන්නැති නිසා බයක් නෑ"

කට්ටිය ආගිය විස්තර කතා කරන ගමන් ඉද්දි නේත්‍ර නැගිට්ටෙ යන්න හිතාගෙන.දවල්ට ගෙදෙට්ට එන අයට සංග්‍රහ කරන්න අම්මට උදව් කරන්න ඕනි නිසා නේත්‍ර දැන්මම පිටත් වෙන්න ලෑස්ති උනා.කට්ටියගෙන්ම සමු ගත්‍තු නේත්‍ර එලියට බහිද්දිම ඇහුනෙ තෙවින්ගෙ සද්දෙ.

"නේත්‍ර මල්ලි.....මාත් යුගාන්ලා එක්ක එන්නද ඔහෙ?"

"ඔ....ඔයාලට ප්‍රශ්නයක් වෙන්නැද්ද අයියෙ?"

"අප්පච්චි මාව අතෑරලා දාලා ඉන්නෙ....මම එන්නම් මූ එක්ක"

"හා එහෙනම්"

"නේත්‍ර මල්ලි.....එහෙනම් අපේ එක්කෙනාගෙ අතේ මටත් කෑම එකක් එවන්න හොදද?"

"හ්....හා දෙවින් අයියෙ....අනේ මම එවන්නම්"

ඇස් වල සතුටු කදුලුත් පුරවගෙන කට්ටියට උත්තර බැන්ද නේත්‍ර ඉක්මනටම ගෙදෙට්ට දිව්වෙ ගේ ලෑස්ති කරන්න හිතාගෙන.අද එයාගෙ යාලුවො එයාගෙ ගෙදරට එනවනෙ!

.

.

.

.

.

.

"අම්මටසිරි මේකෙ රහ යකෝ!"

"සිඟිති! කට වහන් කන්න....අර මිනිස්සුත් බලනවනෙ"

"කට වහන් කන්නෙ කොහොමද අම්මෙ! කටින්නෙ බත් හපන්නෙ"

දිවාෂට කිව්වට වැඩක් නැති උනු තැන ජානකී කලේ මුකුත් නොකියා කෑම කන්න ගත්තු එක.ගමේ මිනිස්සු කීප ගොල්ලක්ම දිවාෂලාගෙ ගෙදර තැනින් තැන ඉදන් දවල් ආහාරෙ රස විදින ගමන් ඉද්දි තෙවින් දිවාෂ දිහා හැරිලා බැලුවා.

"මොකෝ?"

"අනේ මේකට බත් ටිකක් දාන් එන්නකො යුගාන්"

"උඹ ගිහින් දාන් වරකො....මට කියන්නෙ!"

"මම යන යන පාර අර ඔක්කොම මිනිස්සු නැගිටලා ඉදගන්නවා අනේ....පිස්සු වගේ මට....හොද එකා වගේ ගිහින්"

"දෙන්නකො තෙවින් අයියෙ....මම බෙදන් එන්නම්"

තෙවින්ට කෑම පිඟානක් බෙදලා දුන්නු නේත්‍ර කාමරේට ගියේ ආශවගෙන් කෙටි පණිවිඩයක් ආව බව තේරුනු නිසා.ඇද විට්ටමට හේත්තු උනු නේත්‍ර දුරකථන තිරයට තමන්ගෙ ඇස් අරං ගියා.

"ඇති වෙලා තියෙන්නෙ නේත්‍ර මට මෙව්වා "

ආශවගෙ කෙටි පණිවිඩේ එක්ක නේත්‍ර කලේ ආශවට දුරකථන ඇමතුමක් ගත්තු එක.එලියෙ වැඩ දාහක් තිබ්බත් නේත්‍රගෙ මූලික තැන වෙන් වෙලා තිබ්බෙ එයාගෙ සුදුබේබිට.තත්පර පහක් යන්නත් කලින් ආශව දුරකථන ඇමතුමට සම්බන්ධ වෙද්දිම නේත්‍රට ඇහුනෙ ආශවගෙ දිග හුස්මක හඬ.

"සුදුබේබී....."

"හරි සැනසීමයි නේත්‍ර.....ඔයාගෙ කටහඬ ඇහුනත් ඇති මට"

"මොකද උනේ සුදුබේබි? කවුරුහරි මොනාහරි කිව්වද සුදුබේබිට?"

"කිව්වෙ නෑ මැණික.....ඒත් එපා වෙලා තියෙන්නෙ"

"කියන්නකො සුදුබේබි"

"නෑයො.....ඔලුව කන යක්කු ටිකක් නේත්‍ර.....අප්පිරියයි මට.අම්මා ගැන කියනවා.....අර සේනාධිනායක කියන මිනිහා ගැන අහනවා.පුංචි අම්මගෙ ජීවිතේ අවුල් උනා කියලා උන්ම නිර්වචන දෙනවා.ඔලුව පැලෙන්න වගේ ආවා නේත්‍ර.මම කාමරේට ආවා"

"මම එන්නද සුදුබේබි ඔහෙ?"

"එපා නේත්‍ර.....ආව වෙලේ ඉදන් නැන්දෙක්ගෙ දුවක් කියන එකියක් මගෙ පස්සෙ කැරකෙනවා.කාමරේ දොරටත් තට්ටු කරල කතා කලා....මම නෑහුනා වගේ හිටියා.ඔයා ආවොත් ඕකුන් දැකලා ඔයාට උනත් මොනාහරි කියන්න බැරිකමක් නෑ.මම කැමති නෑ නේත්‍ර එක එකා ඉස්සරහ එහෙම අසරණ වෙනව  බලන්න"

"මට ඔව්වා දරන්න අමාරු නෑ සුදුබේබි....මම එන්නම්"

"ඔයාට මොනාහරි කිව්වොත් අම්මපා මම කිව්ව එකාගෙ කට කඩනවා! මිනියක් හරි මැරෙන්න පුළුවන් මේ පීඩනේ එක්ක.මට බෑ නේත්‍රව තනිකරලා හිරේ විලංගුවෙ වැටෙන්න.නේත්‍ර මෙහෙම්මම කතා කරගෙන ඉන්න මා එක්ක.....ඒක හරි සැනසීමයි නේත්‍ර"

"මම ඉන්නම් සුදුබේබි.....මම ඉන්නවනෙ සුදුබේබි ලගම.....ම්ම්ම්ම්"

"මැණිකෙ....."

"ඕ සුදුබේබි?"

"ඔයා රෑට එන්න මෙහෙ......කොහොමත් යාලුවොයි,නෑයොයි ඔක්කොම පාටි එකේ සිහියෙන්නෙ ඉන්නෙ....ඔයා කාමරේට එන්න.දෙවින්ලත් එනවනෙ.....දිවාෂත් එයි.ඔයත් එන්න ඒ නිසා"

"කමක් නැද්ද සුදුබේබි?"

"කමක් නෑ නේත්‍ර.....මගෙ යාලුවො දෙන්නෙකුත් එනවා කොළඹ ඉදන්...ඔයාව එයාලට අඳුන්වලා දෙන්නත් ඕනි"

"ම්....මම හොද ඇඳුමක් ඇදන් එන්නම් සුදුබේබි"

"මැණිකෙ.....ඔයා යට කලිසමක් පිටින් ආවත්....."

"හෑයියා සුදුබේබි....නරක කතා කියන්න එපානෙ"

"නෑ නෑ.....ඔයා ගෙදෙට්ට අඳින ඇඳුමක් පිටින් ආවත් ඔයා මගෙ කියලා මට සේෆ් මිනිස්සු ඉස්සර දැන් උනත් කියන්න මට බයක් නෑ....මම හුගක් අයගෙන් මේක හංගන්නෙ තාම අපි ස්ථාවර වෙලා නැති නිසා...අප්පච්චි වගේ කෙනෙක් එක්ක මට තාම හැප්පෙන්න බැරි නිසා.ඒත් දවසක ඒ ස්ථාවරේට ආවට පස්සෙ ඔයා කොහොම හිටියත් මම ලෝකෙට ඇහෙන්න කෑ ගහලා කියනව ඔයා මගෙ කියලා"

"මම ආදරෙයි සුදුබේබි"

"මම දන්නවනෙ ඒක...."

"අපිට පුළුවන් සුදුබේබි....සුදුබේබි එක පැත්තකින් ස්ථාවර වෙද්දි මම සුදුබේබිට හයියක් වෙන්න පුළුවන් විදියට ස්ථාවර වෙන්නම්....මම ඒක අනිවාර්යයෙන්ම කරනවා සුදුබේබි...."

"අපි දෙන්නා එකටම ගොඩයමු මැණිකෙ....අපිට පුළුවන්"

"ඔව් සුදුබේබි අපිට පුළුවන්"

"නේත්‍ර....."

"ම්ම්ම්ම් සුදුබේබි?"

"වීඩියෝ ඔන් කරන්නකො....ඔයාව බලන්න ඕනි"

"ස්...සුදුබේබි....අනේ"

"අනේ අම්මේ.....දැන් මගෙ අස්සෙ ඉන්න අරං අවුරුදු කීයක්ද? තාම වීඩියෝ කෝල් එකක් ගන්න කියද්දි ඇඹරෙනවනෙ මේකා"

"ලැජ්ජයි සුදුබේබි"

"අනේ නේත්‍ර.....මට ටිකක් නිදාගන්න ඕනි....ඔයාට පුළුවන් නම් වීඩියෝ ඔන් කරලා සිංදුවක් කියන්නකො..මට නින්ද යන්න"

"හ්....හා සුදුබේබි ඉන්නකො...මම වත්ත පහලට යන්නම්....මෙතන කට්ටිය ඉන්නවනෙ"

"වත්ත පහලට?"

"නෑ නෑ දුරකට නෙවේ සුදුබේබි....ලාවුළු ගහ තියෙන හරියට"

"හා මැණිකෙ.....එතනනම් බයක් නෑ"

"ඒකනෙ සුදුබේබි....ඉන්නකො ඩිංගිත්තක්"

තත්පර ගාණක් යද්දි ආශවට ඇහුනෙ පුංචි එකාගෙ හති සද්දෙ.ඔක්කොම වැඩ පැත්තක දාලා නේත්‍ර වත්ත පහලට දුවන වග තේරෙද්දි ආශවගෙ ඇස් වල කඳුලු පිරුණෙ නේත්‍ර වෙනුවෙන්ම දැනුනු ආදරේට.හැම වැඩේටම වඩා නේත්‍රට හැමදාම තමන්ව අංක එක උනා.ආශව ඒ ගැන හිතද්දි පවා ඒ හිතුවක්කාර හිත සන්තෝසෙන් උඩ පයින්න ගත්තෙ පුංචි කාලෙ ඉදම් කාගෙන්වත් නොලැබුනු ආදරේ නේත්‍රව මුණ ගැහුනු දවසෙ ඉදන් නේත්‍රගෙන් ලැබෙන නිසා.තමන්වම අංක එක කරගත්තු ආදරේකට කවුද ලෝභ නැත්තෙ?

"ස්.....සුදුබේබි"

"නේත්‍ර.....ඔයාට හති නේද දුවලා?"

"ටිකක් සුදුබේබි....ඩිංගිත්තක් ඉන්න හොඳද මම හති ඇරලා ඉවර වෙනකං"

"හා..."

"ඉන්නකො මම වීඩියෝ ඔන් කරන්නම්"

ලාවුළු ගහේ කදට හේත්තු උනු නේත්‍ර වීඩියෝ දුරකථන ඇමතුම සක්‍රීය කරගෙනම හති අරින්න පටන් ගනිද්දි හිනාවීගෙන ඇමතුමට සම්බන්ධ උනු ආශවගෙ ඇස් ලොකු වෙලා මූණ ලා රතු වෙන්න ගියේ තත්පට කීපයයි.තොල් දෙකත් ලාවට විවර කරගෙන,දහඩියට තෙත් වෙලා තිබ්බ කොණ්ඩෙ පස්සට කරන ගමන් හති අරින නේත්‍රගෙ තද රතුපාට උනු මූණ දැක්ක ගමන් ආශවට මතක් උනේ කලින් දවසේ රාත්‍රිය.නේත්‍ර දිහා ටික වෙලාවක් බලන් උන්නු ආශවට තමන්ගෙ හැඟීම් උඩට එනව වගේ දෙයක් දැනුනු නිසා ආශව ඉක්මනින්ම දුරකථන ඇමතුමෙන් ඉවත් උනා.

"මම වතුර ටිකක බීලා ඇවිත් කෝල් එකක් ගන්නම් නේත්‍ර....ඔහොම ඉන්න ටිකක්"

ආශවගෙ කෙටි පණිවිඩේ දැක්ක පුංචි එකා ඇත්තටම උනේ මොකද්ද කියලාවත් තේරුම් නොගෙන මහන්සිය ඇරලා ඉවර වෙලා ආශව එනකං බලන් උන්නා.ටික වෙලාවකින් ආශව ඇමතුමට සම්බන්ධ වෙලා ඇඳේ කොට්ටෙන් ඔලුව තියං නේත්‍ර දිහාවට ඇස් අරං එද්දි ඩිංගිත්තක් ලැජ්ජා හිතුනත් නේත්‍ර හෙමින් සැරේ තමන්ගෙ  හඬ අවධි කලා.

"Nenjukul peidhidum

Maamazhai neerukul

Moozhgidum thamarai

Sattendru marudhu vaanilai

Pennae un mel pizhai

Nillamal veesidum

Peralai nenjukul neenthidum

Tharagai pon vannam soodiya

Kaarigai pennae nee kaanchanai

Oh shanthi

Shanthi oh shanthi

En uyirai uyirai

Neeyenthi

Yen sendrai

Sendrai ennai thaandi

Ini neethaan endhan andhaathi

Nenjukul peidhidum

Maamazhai neerukul

Moozhgidum thamarai

Sattendru marudhu vaanilai

Pennae un mel pizhai

Mmmmm.....mmmmm.......hmmmmm.....mmmmmm

ස්.....සුදුබේබි ? දෙයියෝ නින්ද ගිහින් මගෙ හුරතල් සුදුබේබිට"

කටත් බාගෙට ඇරගෙනම නිදාගෙන ඉන්න ආශව දිහා බලලා ආදරෙන් කිව්ව නේත්‍ර තිරයෙන් පේන ආශවගෙ මූණ මතින් තොල් තද කරලා ඇමතුම විසන්ධි කලා.ආශවට ඕනි උනු විදියටම නේත්‍ර ආශවව සිංදුවක් කියවලා නිදි කෙරෙව්වා.නේත්‍රගෙ සන්සුන් හඩට මේ ලෝකෙ කරන්න අමාරුම දේවල් පවා හරි ලේසියෙන් කරවන්න හැකියාවක් තිබුණා.ආයෙමත් දුරකථනය අතට ගත්තු නේත්‍ර ඇමතුමක් ගත්තෙ දෙවින්ට.

"හෙලෝ නේත්‍ර මල්ලි කියන්න....මොකක් හරි අවුලක්ද?"

"නෑ නෑ දෙවින් අයියෙ....අයියෙ,ඔයාලා රෑට සුදුබේබිලාගෙ දිහා යනවා නේද?"

"ඔව් මල්ලි....අපි හවසම යන්න ඉන්නෙ"

"සුදුබේබිව නෑයො අතරට නොයවන්න උත්සාහ කරනවද අයියෙ....මම එනකං? මම පුළුවන්කමක් ලැබුනු ගමන්ම එන්නම්.එතකං සුදුබේබිව අනික් අයගෙන් ඈත් කරලා තියාගන්නවද?"

"හරි මල්ලි..මම එහෙම කරන්නම්...ඔයා බය නැතුව හෙමීට එන්නකො"

"හරි දෙවින් අයියේ.....බුදු සරණයි"

"බුදුසරණයි මල්ලි"

.

.

.

.

.

"අම්මා වලව්වට යනවද?"

"ඔව් පොඩ්ඩො....අද එහෙ අවුරුදු සාදෙනෙ....උදව් කරන්න යන්නෝනිනෙ"

"මාත් එන්නම් අම්මෙ"

"උඹ එන්න එපා මගෙ මැණිකෙ ඔව්වගෙ....මිනිස්සු රෑ වෙද්දි බීලා සිහියක් නෑ අන්තිමට.මගෙ පුතාව මහ මුදියන්සෙ මොකක් හරි වැඩකට ඔය මිනිස්සු අස්සට යැව්වොත් අපි බෑ කියන්නද? බීපු මිනිහෙක්ගෙන් මගෙ පුතාට කරදරයක් උනොත් මොන දෙයියන්ට කියන්නද? මගෙ පුතා ඉන්න"

"ම්.....මම එන්නම් අම්මෙ.....සුදුබේබිගෙ වැඩ වගයක් කරල දෙන්න තියේ"

"සුදුබේබිගෙ?"

"ඔ....ඔව් අම්මෙ....අවුරුදු උත්සවේ වැඩ වගයක් ලෑස්ති කරගන්න....."

"එහෙනම් යං....හැබැයි උඹ මහ මුදියන්සෙගෙ දෑහැට පේන්න එහෙම යනවා නෙවෙයි! මහ මුදියන්සෙ උඹව දැක්කොත් වැඩක් පවරනවනෙ...මම විතරක් වලව්වෙ ඇත්තන්ට කැඹුරුවහම ඇති මයෙ පුතේ"

"මම කාමරේම ඉන්නම් අම්මා....සුදුබේබි එක්ක ඉද්දි පරිස්සම්"

"එහෙනම් යං.....ඔය දිග කලිසමක් ඇඳගෙන යමු.මොක්කු මොක්කු එනවද දන්නෑනෙ අද"

නිර්මලාගෙ වචන එක්ක කාමරේට දිව්ව නේත්‍ර ඉක්මනටම දිග කලිසමක් ඇඳගෙන එලියට ආවා.ගෙදර දොරවල් ජනෙල් වහල දැම්ම නේත්‍රයි නිර්මලායි දොරත් අගුළුදාලා එලියට බහිද්දි ගොම්මන් කළුවර වැටීගෙන එන ගමන් තිබ්බා.

"කෑම අම්මලා උයන්න ඕනිද?"

"නෑ පොඩ්ඩො....එව්වා හෝටලේකින් ගේනවලු.අපිට තියෙන්නෙ ඉතින් ඔව්වා ලෑස්ති කරලා පිලිවෙලකට වැඩ ටික කරන්න තමා"

"තව ටික කාලයයි අම්මා.....ඊටපස්සෙ මම අම්මව හොඳට බලාගන්නවා"

පුංචි එකාගෙ වචන වලට ආදරෙන් හිනා උනු නිර්මලා නේත්‍රගෙ ඔලුව අතගාන ගමන් කදු කෑල්ල නැගලා වලව්වත්තට ගොඩ උනා.සුදු ඇඟට ලොකු කමිසෙකට නිල්පාට දිග කලිසමක් ඇඳන් උන්නු නේත්‍ර තමන්ගෙ ඇඳුම ගැන සැලකිලිමත් උනේ සුදුබේබිගෙ කොළබ යාලුවො ඉස්සරහ සුදුබේබිව අපහසුතාවයට පත් කරන්න ඕනි නැති නිසා.ආශව ජීවිතේට නේත්‍ර නිසා ලැජ්ජා නොවුණත් හීනමානෙ කියන දෙයින් නේත්‍ර තවම පීඩා විඳින ගමන් හිටියා.

වටපිට බලන ගමන් ඉක්මනටම තරප්පුව ලගට දුවන් ගිය නේත්‍ර උඩුමහලට දුවගෙන යද්දි නේත්‍රට ඇහුනෙ හුරුපුරුදු හඩවල් වල වගේම නුපුරුදු හඩවල් වල හිනා හඩවල්.

"නෑ නෑ....ලියෝන්ගෙ පස්සෙන් ඔය කොල්ලා එන්නෙ දැන් අවුරුදු දෙකක වෙලේ ඉදන්.මූ හෙන සීන් එක දානවා.තමුසෙ දවසක් ගැහුවත් එක්ක නේද ඌට?"

"ඔව්....මල වදේ"

"මූ ගැහුව එක ඕකේ දෙවින්....හැබැයි මූ ගහපු හේතුව ඇහුවම තමා පුකෙනුත් හිනා යන්නෙ"

"මොකද්ද හේතුව ?"

"මූ බැනලා මූ ගේ නෙවෙයි කියලා....ඒ උනාට මූ දැන්.....ඕහ්!!! නේත්‍ර මල්ලියා!"

මෙච්චර වෙලා කට්ටිය එක්ක කෑ ගගහ උන්නු සනුක ඉදගෙන උන්නු සෝෆාව උඩින් නැගිට්ටෙ නේත්‍රගෙ රූපෙ එතනින් මතු වීමත් එක්ක.උඩුමහලෙ තිබ්බ කුඩා විසිත්තකාමර කොටසෙ ඉදන් උන්නු කොල්ලො ටික අස්සෙ තමන්ගෙ සුවදායි රූපෙ හෙව්ව් නේත්‍රගෙ මූණෙ හිනාවක් මතු උනේ තමන් ඉස්සරහට ආව ආශවව දැකලා.

"එන්න නේත්‍ර.....එන්න"

නේත්‍රව අල්ලලා ලගට ගත්තු ආශව නේත්‍ර දිහා ඇහිපිල්ලම් ගහන්නැතුව බලන් ඉන්න සනුකගෙ ඇඟේ වැදීගෙනම ගිහින් සෝෆාවක කොනකින් ඉදන් නේත්‍රව තමන් ලගින්ම ඉදෝගත්තා.ටිකකින් හරි සිහියට ආව සනුක තමන් ලග උන්නු ලියෝන්ව ඇදලා අරං ලියෝන්ගෙ කම්මුලකට සද්දෙන්ම හාද්දක් තියද්දි අතමිට මොලවගත්තු ලියෝන් සනුකගෙ බඩට හයියෙන් පාරක් ගැහුවා.

"කවුද තිදස්වර අයියා මේ?"

කෙදිරිගාන සනුක දිහා බලන්න මහන්සි නොවුනු ලියෝන් ආශවගෙන් ඇහුවෙ දැනුනු කුතුහලේට.ආශව දවසක් කිව්ව රූප ලක්ෂන එක්ක දුරකථනෙන් දැක්ක රූපේ ජීවමාන ප්‍රතිබිම්බෙ මෙතන ඉද්දි හිතට දැනුනු අවුල් සහගත බව හංගගත්තු ලියෝන් ආශවගෙන් ප්‍රශ්න කලා.

"ඕහ්.....මට ඔය දෙන්නව ලගයි කියලා දැනුනා....මම ලේසියකින් මිනිස්සු ලං කරගන්නෑ.ඒත්.....උබලා දෙන්නව මට සෙට්.ඒකයි මම මේ දේ කියන්නෙ"

ආශවගෙ වචන එක්ක දෙවින් හිනාවෙලා ඔලුව් උඩපහල වනලා සනුක,ලියෝන් දෙන්නා දිහා බලද්දි සනුක ලියෝන් දෙන්නත් ඇස් ලොකු කරං ආශව දිහා බලන් උන්නා.

"මේ නේත්‍ර.....කෙටියෙන්ම කිව්වොත් මගෙ හැමදේම....මගෙ ජීවිතේ,මගෙ ආදරේ,මගෙ හුස්ම ටික,මගෙ පවුල....හැමදේම නේත්‍ර.උබලගෙ වචනෙන් කිව්වොත් මම ඉන්නෙ සීරියස් රිලේෂන්ශිප් එකක...නේත්‍ර මගෙ බෝයිෆ්‍රෙන්ඩ්.....අනිවාර්යයෙන්ම දවසක මගෙ පුංචි හස්බන්ඩ්"

ආශවගෙ පැහැදිලි කිරීම් එක්ක මේ දේවල් දැනන් උන්නු සනුක පුළුවන්තරම් තමන්ව පාලනේ කරගත්තත් ලියෝන්ට ඒ දේ අමාරු උනා.එහෙම්මම ඉදන් උන්නු සෝෆාවට හේත්තු උනු ලියෝන් තමන්ගෙ වේදනාව,කම්පනය පාලනේ කරගන්න උත්සාහ දරන ගමන් හිටියා.නේත්‍රට එදා අනතුරක් වෙන්න ගිය දවසෙ ආශවගෙ හැසිරීම එක්ක හැමදෙයක්ම දැනන් උන්නත් මෙවෙලෙ ආශවගෙ කටින් පිටඋනු වචන නිසා සනුකගෙ පිරිමි හිතත් ලාවට රිදිලා තිබුනා.

දණහිස් දෙක උඩ තිබ්බ අත් දෙකේ ඇගිලි වලින් සෙල්ලම් කර කර උන්නු නේත්‍රගෙ අවිහිංසක හුරතල් බව නිසා සනුකගෙ හිතේ තියෙන හැඟීම අමුතු විදියට වැඩි වෙද්දි සනුක තමන්ගෙ හිතටම තරවටු කරගත්තා.ටිකකින් සන්සුන් උනු ලියෝන් ආශවයි නේත්‍රයි ලගට ලං වෙද්දිනම් නේත්‍ර ඔලුව උස්සලා ලියෝන් දිහා බැලුවා.

"හායි න්.....අම්ම්?"

"න්.....නේත්‍ර"

"ඕහ් යස්.....නයිස් ටු මීට් යූ නේත්‍ර"

"නයිස් ටු මීට් යූ ටූ.....ස්...සුදුබේබි මෙයාගෙ නම මොකද්ද?"

නයිස් ටු මීට් යූ කෑල්ල හයියෙන් කිව්ව නේත්‍ර හෙමින් සැරේ ආශවගෙ පැත්තට බර වෙලා ඉතිරි හරිය හෙමින් මුමුනද්දි නේත්‍රගෙ හුරතලේ එක්ක නේත්‍රගෙ කම්මුලක් මිරිකපු ආශව නේත්‍රට උත්තර දුන්නා.

"එයා ලියෝන්, නේත්‍ර"

"ආආආ....නයිස් ටු මීට් යූ ටූ ලියෝන්"

නේත්‍ර දිහා ටිකක් වෙලා බලන් උන්නු ලියෝන් ලා හිනාවක් එක්ක එතනින් ටිකක් එහාට වෙද්දි සනුක නේත්‍රගෙ ඉස්සරහට කඩාගෙන පැන්නා.සනුකගෙ හදිසි ආගමනය එක්ක නේත්‍ර ටිකක් ගැස්සුනත් නේත්‍ර සනුක එක්කත් හිනා උනා.

"නයිස් ටු මීට් යූ මල්ලි බබා......අයිම්....."

"අයියෝ....සනුක අයියව දන්නවනෙ මම....සනුක අයියා විහිලු කරනවා"

"කමක් නෑ අනේ....එන්න අතට අත දීලා අඳුරගමු"

නේත්‍ර හිනාවෙවී සනුකව දන්න වග කිව්වත් සනුක තමන්ගෙ උත්සාහෙ අතෑරියෙ නෑ.සනුකගෙ හිත ගැන නොදන්න පුංචි එකා අත දික් කලත් සනුකගෙයි,නේත්‍රගෙයි අත් මැද්දෙන් ආවෙ නහර පිරුණු හයිය අතක්.

"ඔන්න අතට අත දුන්නා....දැන් පලයන්!"

"යැයි යැයි තමා"

සනුකගෙ අත අල්ලලා හයියෙන් හෙලෙව්ව ආශව සනුකට රවද්දි ආපිට ආශවට රවලා ඇද කෙරුව සනුක ගිහින් දෙවින්ලා ලගින් ඉදගත්තා.

"මේහ්......ලබන මාසෙ ටුවර් එක සෙට්ලු ඈ"

"බංගලාදේශ් එකද?"

"නෑ ආශවයා....ඉන්ග්ලන්ඩ් ටුවර් එක...ඔන්න හා හා පුරා කියලා උඹ යන්න ඉන්නෙ ඒකට එහෙනම්"

සනුකගෙ වචන එක්ක පුංචි එකාගෙ අත තමන්ගෙ අතක තදින් මිරිකෙනවත් ඒ පුංචි බෝල ඇස් සංතෝසෙන් දිලිසෙනවත් ආශව දැක්කා.එහෙම්මම නැවිලා නේත්‍රගෙ කම්මුලකින් සියුම් හාද්දක් තිබ්බ ආශව මෙලෝ ගාණක් නැතුව එහාට උනත් නේත්‍ර නම් ඇසුත් ලොකු කරං රතු ගැහිලා හිටියෙ ලැජ්ජාවට.

"එතකොට ප්‍රැක්......"

"කාටවත් බෑ පරදන්න නම්!

වීරියක් හිත ලඟ ඇත්නම්!

කටනම් පොඩීඊඊඊඊඊඊඊඊ

පුක නම් ලොකුයීඊඊඊඊඊඊ

තව ඉන්න බෑ ඉවසලා......

මම ඔයාව දූසනේ කරන්නද අනේ"

"අතපය හරියට තියං ඉදපං යුගාන්! මම තෝව උස්සලා දානවා නැත්තං මේකෙන් බිමට!"

"චුට්ටක් කරන්නම් අනේ"

"පුදුම අසහනයක්නෙ ති.....යුගාන්! පස්ස!!!!"

"කූචි කූචි සොප්ට්"

කොල්ලො ටික ඉන්න තැනට ටිකක් එහායින් ඇහුණු ගෝරනාඩුව එක්ක දෙවින් තමන්ගෙ ඔලුවෙ අතගහගත්තෙ දැන් මෙතන වෙන්නෙ මොක්ද්ද කියලා  දැනගෙන උන්නු නිසා.ඒත් එක්කම විසිත්ත කාමරේ ඇතුලට කඩාගෙන පැන්න තෙවිනුයි ඒ පිරිපස්සෙන් අත් දෙකත් දික් කරං ටිකක් නැවීගෙන ආව දිවාෂයි නිසා කට්ටියම සද්ද නැති උනා.වැදගත් විදියට ඉදන් ඉන්න දෙවින්ගෙම අනු පිටපතක් මෙලෝ කමකට නැතුව කෑ ගහගෙන ඇතුලට දුවන් ඇවිල්ලා දෙවින්ගෙ ඇගට පනිද්දි ඒ පිටිපස්සෙන් ආව කොට රූපයකුත් දෙවින්ගෙ ඇගටම පැන්නා.

"ඇති දෙන්නම! නවත්තන්නයි කිව්වෙ! මේ ගෙදර නෙවේ! කෝ! දෙනවා දැන් දෙන්නටම!"

දෙවින්ගෙ සද්දෙ එක්ක දෙවින්ගෙ උකුල උඩ පොරකාගන්න ගමන් ඉන්න පොරකුකුල්ලු දෙන්නා පාඩුවෙ පැත්තකට උනා.දෙන්නව තමන්ගෙ දෙපැත්තෙන් ඉන්දෝගත්තු දෙවින් හිනාවක් මූණට අරං අනික් අය එක්ක කතාව පටන් ගත්තා.

"රකිතයි ඉන්දීපයි මොකෝ නැත්තෙ?"

"දෙන්නම ගමේ ගිහින්...ඉන්දීප හවස ගිහින් තියෙන්නෙ.රකිතනම් අවුරුදු සමරල තියෙන්නෙම උන්ගෙ අත්තම්මලාගෙ ගෙදරලු....ඒකයි"

"දෙවින් පණ,කෝ අනේ දෙනෙත් අයියා?"

"දෙනෙත්ලාගෙ අප්පච්චිගෙ ඔෆිස් එකේ පාටි එක අද.....එයා ඒකෙ"

"හයියෝ එහෙමද?මේ ආසව කන්න මුකුත් නැද්ද?ආ...කවුද මේ අලුත්‍ දෙන්නා....ආ මෙයාවනම් දන්නවා.මෙයාගෙ අපේ ගේට්ටුව ඉස්සරහ දවසක් කටත් ඇරං ෆ්‍රීස් උනේ....ඔයා කවුද එතකොට?"

"හායි අයිම් ලියෝන්"

"හායි....මම දිවාෂ....මෙතනින් ඉදගන්නකො ඉතින්"

ටික වෙලාවක් යද්දි ලියෝන්,දිවාෂ,නේත්‍ර තුන් දෙනා හොද කයිවාරුවක් දාගෙන ඉද්දි තෙවිනුත් ඒ මැද්දෙන් කතාවට පැන්නා.

"නේත්‍ර මල්ලි....ඔයාලගෙ ගෙදර සාරියක් නැද්ද? කොළ පාට වගේ?"

"හොයන්න ඕනි තෙවින් අයියෙ....අම්මගෙ ඇති සමහරවිට....ඇයි?"

"ප්....පොඩි වැඩකට අනේ.තියේනම් කියන්න පුලුවන්ද?"

"හා මම බලලා කියන්නම්"

ආශවයි දෙවිනුයි සනුකයි එයාලගෙම කතාවක් කරගෙන ඉද්දි ටිකකින් ඩෙවල් වර්ග කීපයක්,ක්‍රිස්පි චිකන්,ච්ප්ස් එක්කම බීම බෝතල් කිහිපයක් මැනුවෙල් උඩට අරං ආවා.මැනුවෙල්ගෙ කනට කරලා ආශව මොකක් හරි කියද්දි ඔලුව වැනුව මැනුවෙල් ටිකකට පස්සෙ වයින් වීදුරු කිහිපයක් එක්ක සීල් කරලා තිබ්බ වයින් බෝතලයකුත් උඩට ගෙනාවා.

"උබලා ඩ්‍රින්ක්ස් ගන්නවනෙ? ලියෝන් ඔයත් ගන්නවා නේද?"

"ඔව් තිදස්වර අයියා....මම එන්නම්"

සනුක,ලියෝන්,දෙවින්,තෙවින් හතරදෙනා වයින් විදුරු වලට වයින් පුරවගෙන සෝෆාව උඩින් ඉදගනිද්දි චිකන් කෑල්ලක් කටේ ඔබන් උන්නු නේත්‍ර ආශව දිහා බැලුවා.මොකද ඊයෙ රෑත් ඔය මත් ජාතියක් අරං සුදුබේබි කෙලපු පිස්සුව ගැන නේත්‍රට හොද මතකයක් තිබුනා.නේත්‍ර ලගට ආව ආශව වීදුරුවක් අරගෙන ඒකට බීම පුරවලා නේත්‍රට දෙද්දි ආශව එක්ක හිනා උනු පුංචි එකා අත් දෙකෙන්ම බීම වීදුරුව ගත්තා.

"තව මොනාහරි ඕන්නම් කියන්න මැණිකෙ හොදද? මම අරං එන්නම්....ම්ම්ම්?"

"හා සුදුබේබි....සුදුබේබි යාලුවො ලගට යන්නකො.මම ඉන්නම් මෙතන"

"ඔයත් යං.....දිවාස! ඕක කවුරුත් අරං දුවන්නෑ....යං අතනට"

ඩෙවල් ප්ලේටයක් උකුල උඩ තියං කකා හිටිය දිවාෂ ආශවට විරිත්තලා එහෙම්මම නැගිටලා දෙවින්ලා ලගින් ඉදගත්තා.කට්ටියගෙ කතාබස් එක්ක කාලෙ ගත වෙලා යනවවත් නොදැනෙද්දි ඇස් දෙක පොඩි කර කරම නේත්‍ර ආශවගෙ ඇගට හේත්තු උනා.

"දොයිමතද වස්තුවෙ?"

"හුම්ම්ම්"

සනුකයි ලියෝනුයි ඇස් ලොකු කරං ආශව දිහා බලන් හිටියා.මොකද එයාලා දෙන්නා දන්න ආශව කොහෙත්ම මේ වගේ මෘදු මිනිහෙක් නෙවෙයි.සමහර අවස්ථාවලදි ආශවගෙ සීතල හැසිරීම් එක්ක මේ වගේ උණුහුම් මනුස්සයෙක් ඉන්නවදවත් කියලා ඒ දෙන්නට හිතාගන්න බැරි උනා.නේත්‍රගෙ පුංචි ඔලු ගෙඩිය තමන්ගෙ ලොකු අතකින් අතගාපු ආශව නේත්‍රව තමන්ගෙ උරහිසකට බර කරවගත්තා.

"චූචියව මම එක්කන් ගිහින් නිදි කරවන්නද?"

"එපා! එයා ගැන මම බලාගන්නම්"

දිවාෂ දිහාවට රැවිල්ලක් පා කෙරුව ආශව නේත්‍රගෙ කමිසෙ හරියට හදලා නේත්‍රව තව ටිකක් තමන්ට තුරුල් කරගත්තා.ඇස් දෙක පියාගෙන සන්සුන් විදියට නින්දට වැටෙන නේත්‍ර දිහා බලන් හිටිය සනුකගෙ මූණටත් හරි සන්සුන් හිනාවක් ආවෙ නේත්‍රගෙ තිබ්බ ඒ සන්සුන් ගතිය නිසාමයි.නේත්‍රගෙ ඉණ වටේ ආශවගෙ අත එතිලා තියෙන විදිය බලලා හුස්මක් පිට කෙරුව සනුක වයින් වීදුරුවෙ තිබ්බ අන්තිම ටිකත් උගුරට හලාගෙන තව වයින් ටිකක් වීදුරුවට වත්කරගත්තා.

"මම නේත්‍රව නිදි කරවලා එන්නම්....මෙහෙම ඉද්දි අමාරුයිනෙ"

"තාම කාලවත් නෑනෙ? නේත්‍ර මල්ලි ඔහොම්මම නිදාගනියිනෙ?"

"නෑ.....ඊයෙ පාන්දර වෙනකං ඇහැරිලා ඉදලා අද උදේම නැගිට්ටනෙ....පැය බාගයක් වගේ ඇහැ පියාගෙන හිටියම ඇතිවෙයි....මට පැය බාගෙකින් කතා කරනවද කවුරුහරි? මටත් නින්ද යයිද දන්නෑනෙ"

"මම කතා කරන්නම්....උඹ නිදාගනින්කො මල්ලි එක්ක ගිහින්"

නේත්‍රව අත් දෙකට උස්සගත්තු ආශව එහෙම්මම කාමරේට යද්දි දිවාෂ දෙවින් ලගට හෙමින් සැරේ කිට්ටු උනා.

"දෙවින් පණ මේ අහන්නකො"

"ඔව් කියන්න දිවාෂ මල්ලි"

"අරුන් දෙන්නා ඊයෙ පාන්දර වෙනකං ඇහැරං ඉදලා මොනා කලාද දන්නෑ නේද?"

"ඈ?"

"ඈ නෙවේ අනේ....පාන්දර වෙනකං ඇහැරං හිටියා කිව්වෙ....අනේ ආසව ඊයෙ බීලත් එක්ක හිටියෙ.මගෙ චූචියගෙ බඹසර බිදුනවත්ද දෙවින් පණ?"

"බිදුනත් ඉතින් ආශවයගෙ අතින්නෙ....උබට මොකටද එව්වා යුගාන්?"

"තොට තේරෙන්නෑ තෙවින් මගෙ හදේ පැසවන වේදනාව....මේ බලන්න මගෙ ඇස් වල කදුළු.....දෙයියනේ චූචියා මම වෙනුවෙන් රැකගෙන හිටිය පතිවත නේද කෙලෙසිලා තියෙන්නෙ....දෙවින් පණ මගෙ ඔලුව අතගාන්න....මගෙ ඔලුව පැලෙන්න වගේ"

දිවාෂ බොරුවට ඉකි ගගහා දෙවින්ට ලං වෙද්දි ලියෝනුයි සනුකයි මූණට මූණ බලාගත්තා.

"අම්ම්ම්.....මෙයා අඩන්නෙ ඇයි එතකොට?"

"ආ....මෙයාලුනෙ නේත්‍රව බදින්න හිටියෙ ඒකයි"

දෙවින් හිනාවෙවී කියද්දි සනුකයි ලියෝනුයිත් හිනා උනේ වෙලා තියෙන්නෙ මොකද්ද කියලා තේරුණු නිසා.ඒත් එක්කම දිවාෂගෙ ඇඬිල්ල නැවතුනේ තමන් ලග තිබ්බ තෙවින්ගෙ දුරකථනෙ නාද වෙන සද්දෙ එක්ක.දිවාෂ තිරයට එබෙනවත් එක්කම දුරකථනෙ අතට ගත්තු තෙවින් කට්ටියගෙන් ටිකක් ඈතට ඇවිදන් ගියා.

"ඔ....ඕසිණී මොකටද තෙවින්ට කෝල් කරන්නෙ?"

දිවාෂ ප්‍රශ්නාර්ථ බැල්මක් එක්ක තෙවින් දිහා බලද්දි හිනා වෙවී දුරකථන ඇමතුමට උත්තර දෙන තෙවින්ගෙ රූපෙත් එක්ක දිවාෂගෙ පපුව නොසෑහෙන්න කැක්කුම් කරන්න ගත්තා.

.

.

.

.

.

"බඩගිනියි නේද? මම ආශවව ඇහැරවන් එන්නම්"

දෙවින් කියාගෙනම පුටුවෙන් නැගිටිද්දි දිවාෂට ආව දුරකථන ඇමතුමක් එක්ක දිවාෂ දෙවින් දිහා බැලුවා.

"දෙවින් පණ....අම්මා කතා කරනවා ටිකක් එන්නලු.යංකො මාත් එක්ක....සනුක අයියෙ,ඔයා ඇහැරවනවද ආසවට?"

"ඕකේ දිවාෂ....මම ඇහැරවන්නම්"

දෙවින් දිවාෂ දෙන්නා පහලට බහිද්දිනුත් තෙවින් හිටියෙ දුරකථනෙන් කාටහරි හිනා වෙවී පණිවිඩ යවන ගමන්.ලියෝන්ට ටිකක් ඉන්න කිව්ව සනුක හෙමින් සැරේ ආශවගෙ කාමරේ දොර ලගට ගිහින් දොරට තට්ටු කලා.

"ආශව....ආශව"

පහලින් ඇහෙන සංගීත ශබ්දෙත් එක්ක ආශවට තමන් කතා කරන එක ඇහෙන්නැතිව ඇති කියලා හිතුව සනුක හෙමින් සැරේ කාමරේ දොර විවර කලා.වෙන කෙනෙක්ගෙ කාමරේකට අවසරයක් නැතිව ඇතුල් වෙන එක වැරදි වැඩක් උනත්,මෙවෙලෙ සනුකට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.හෙමින් සැරේ ආශවට කතා කරන්න ආශවගෙ ඇඳ ලගට ලං උනත් සනුක එහෙම්මම ගල් ගැහුනෙ තමන්ගෙ ඉස්සරහ තිබ්බ රූපෙ නිසා.

ආශවගෙ පපුවට තමන්ගෙ පිට හේත්තු කරන් නිදන් උන්නු නේත්‍රගෙ ඉණ වටෙන් ආශව අතක් දාලා නේත්‍රව තද කරන් හිටියා වගේම,නේත්‍රගෙ එක අතක් ආශවගෙ අත් දෙක උඩත් අනික් අත නේත්‍රගෙ ඔලුව පැත්තකින් කොට්ටෙට කිට්ටුවත් වැතිරිලා තිබ්බා.පිරුණු ලා රතු පාට තොල් දෙකත් බාගෙට විවර වෙලා කම්මුලුත් පුරවගෙන නින්දට වැටිලා ඉන්න මේ පුංචි සුරදූතයා දිහා බලන් උන්නු සනුක හෙමින් සැරේ ඇඳ පාමුල දණ ගහගත්තා.

"ආශව මෙච්චර මේ පොඩි එකා එක්ක ආදරෙන් බැඳෙන එක පුදුමයක් නෑ....රූපෙ වගේම ගතිගුණත් ලස්සනයි"

නේත්‍රගෙ මූණ දිහා බලාගෙනම සනුක මුමුණද්දි තද නින්දක උන්නු ආශව නේත්‍රව තව ටිකක් තද කරලා තුරුල් කරගත්තෙ කාටවත් ගෙනියන්න දෙන්නෙ නෑ වගේ.ආශවගෙ චලනය එක්ක කලබල උනු සනුක ආශව සන්සුන් උනාට පස්සෙ ආයෙමත් වතාවක් නේත්‍ර දිහා බැලුවා.තමන්ගෙ හිතේ ඇති වෙච්ච පුංචි හැඟීම තමන්ගෙ කීමවත් නාහා එන්න එන්නම මෝරන වග සනුකට තේරුම් ගියා.සිය පාරක් හිතුව සනුක හිත කියන දේ අහලා ඇස් දෙක පියාගත්තෙ ලොකු තීරණයක් අරගෙන.

සනුක ලොකු වරදක් කිරීමේ පලවෙනි පියවර තියන්න හිත හදන් තිබ්බා.වෙන කෙනෙක් එක්ක ආදරෙන් බැඳුනු කෙනෙක්ට ආදරේ කරන එක තමන්ටම කරගන්න ලොකු වරදක් වග දැන දැනම සනුක ඒ පියවර තියන්න දෙපාරක් හිතුවෙ නැහැ.ඒ විදියට සනුක සනුකගෙ මුළු ජීවිත කාලෙම වේදනාවෙන් විඳවීමේ පලවෙනි පියවර හරි අපූරුවට සනිටුහන් කෙරුවා.

"ම්....මම ආදරෙයිනෙ ඉතින්"

තමන්ටම මුමුණගත්තු සනුක හීන් සීරුව නැවිලා නේත්‍රගෙ නලලින් තමන්ගෙ තොල් දෙක තද කලා.නින්දක හිටියා උනත් ආගන්තුක ස්පර්ශයක් දැනීම එක්ක නේත්‍ර දඟලන්න ගනිද්දි ඉක්මනටම නේත්‍ර උන්නු තැනින් නැගිට්ට සනුක දොර හරියට ගිහින් දැන් මෙතනට ආවා වගේ ආශවට කතා කරන්න ගත්තා.

"න්...නේත්‍ර! ඇයි මැණිකෙ? හීනයක් දැක්කද?"

"ද්...දන්නෑ සුදුබේබි"

නේත්‍රගෙ දැඟලිල්ල එක්ක අවධි උනු ආශව නේත්‍රව පපුවට තුරුල් කරගනිද්දි සනුකත් ආශවට කතා කලා.සනුකට ඔලුව වැනුව ආශව තවමත් ලාවට ගැහෙන නේත්‍රව තුරුල් කරං ඒ හිස් මුදුනෙන් හාදු තරවද්දි පුංචි එකාත් ආශවගෙ අත් අතරෙ ගුලි ගැහුනා.නේත්‍රයි ආශවයි දිහා බලලා ලාවට හිනා උනු සනුක හෙමින් සැරේ කාමරෙන් එලියට යද්දි නේත්‍රවත් අතින් අල්ලගත්තු ආශව කාමරෙන් එලියට බැස්සෙ නේත්‍රට බත් කන්න දෙන්න ඕනි නිසා.

සමහර මල් තියෙනවා එකම එක බඹරෙක්ගෙ විතරක් පහස ලබන.වෙන බඹරුන්ට අඩුම තමන්ගෙ සුවඳවත් විඳින්න නොදෙන.මේ ලෝකෙ හැම කතාවකටම සාධාරණ සතුටුදායක අවසානයක් නැති වග දැනන් උන්නු නුවර අහස වේදනාවෙන් හිනා වුණා.

...................................................................................................

වචන 5500+ 😓❤️

හරි නෑ තමා කොටස..ඔහේ ලියන්නම් වාලෙ ලිව්වෙ.කොරි බබාලා ඒකට🥺💔

අවුරුදු උත්සවේ කෑල්ල හොදට ලියන්න උත්සාහ කරන්නම් මම🥺❤️

පුළුවන් නම් වචනයක් කියාගෙන යන්න බබාලා❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter