Back
Chapter 93

92 කොටස🤍✨️

නිවාලන්න මා...

"අද උඹලටත් පේපර් ක්ලාස්ද?"

"ඔව්....රකිතලාට මොනාද තිබ්බෙ අද?"

"කෙමෙස්ට්‍රි බං....අනේ මංදා ඕයි කෙලවෙලා වගේ ඉන්නෙ....ගොඩදාගන්නත් ඕනි...නැත්තං හෙන නෝන්ඩියනෙ හෙඩාම කෙලෝගත්තා කියලා"

"ඔව්....මායි මූයි කතා උනෙත් ඒක....හැමපාරම ටොප්බෝඩ් එකේ රිසාල්ට්ස් බලනවනෙ තදේටම....කොහෙහරි කැම්පස් එකකට පැනගන්න තිබ්බනම් හරි"

"කොහෙ හරි නෙවේ ආශවයා..ජපුරෙම යන්න ලියපං....නේත්‍රට ජපුර නතින් කියලා උඹ දන්නවනෙ?"

"අනේ මංදා දෙවින්....ශුවර් නෑ මටනම්....කාලෙත් අඩුයි.නේත්‍ර කියන්නෙත් පුළුවන් තරම් කොහෙ හරි යන්න පාස් වෙමු කියලා....ජපුර කියලා ස්ට්‍රෙස් දෙන්නෑ මට එයාවත්"

"ඔව් ඉතින් තව කි කාලෙද?"

"ඔව්...අනික නේත්‍ර දන්නවා ස්ට්‍රෙස් උනොත් මට ලියන එකවත් හරියට ලියාගන්න බෑ කියලා..."

"උඹ අද පේපර් එකනම් ශේපෙ ලිව්වා?"

"ලියන්න බැරියෑ බං.....අද දවල් පේපර් ක්ලාස් තියෙන නිසා උදේ හය වෙනකං නේත්‍ර මාව ඇහැරවං වැඩ කෙරෙව්වා....ඊයෙ අටට විතර පටන් ගත්තු පාර"

"උඹ විතරකෑ....කොල්ලත් ඇහැරිලා ඉන්න ඇති"

"ඔව් ඔව්.....නිදාගන්න කිට්ටු වෙද්දි ලැවරිය වගේකුත් උස්සන් ඇවිල්ලා තේත් බොන්න දීලා නිදාගන්න දුන්නෙ"

"මූටනම් හෙනම වාසියි ඈ නේත්‍ර මල්ලි නිසා....අපිට කොයින්ද බූල් බල්ලො?"

"ඇයි උඹේ බබා?"

"දෙනෙත්? අනේ අම්මේ....මගෙ මේ ඔලුව හිල් වෙන්න පුලුවන්නන් හිල් වෙලා....පාඩම් කියලා දෙන්නෙ ගුටි දිදී....හැබැයි ඉතින් මතක හිටිනවා හොඳට"

"ඒකනෙ....අර එනවා දෙනෙත් කෑමත් අරගෙන....මේ....රකිත....මට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනි"

"ආ....ඔව්....යමං අර හරියට"

දෙනෙත් අරං ආව යෝගට් පාන වලින් දෙකක් නිකමටවත් දෙනෙත්ගෙන් නාහාම උස්සගත්තු ආශවයි රකිතයි පන්තිය පිහිටලා තිබ්බ බිමේ කොනකට යද්දි දෙන්නටම රැව්ව දෙනෙත් ඉතුරු වෙලා තිබ්බ යෝගට් පානෙ දෙවින්ගෙ අතේ තියලා ආපහු පාරක් ආපන ශාලාව පැත්තට හැරුනත් දෙනෙත්ගෙ කරෙන් අතදාගත්තු දෙවිනුත් දෙනෙත් එක්කම ආපනශාලාවට ගියා.පන්ති භූමිය කොනකට වෙන්න තිබ්බ සියඹලා ගහ යටට ගිය ආශව රකිත දිහා බලද්දි ගහේ කඳට හේත්තු උනු රකිත ආශව දිහා බලලා කල්පනාකාරී විදියට ඔලුව වැනුවා.

"උඹ නේත්‍රට එදා කියලා තිබ්බා...."

"ම්ම්....ඔව් ...අරුන්දතී...."

"මොකද්ද කිහාංකො සීන් එක?"

යෝගට් පානෙන් උගුරක් බිව්ව රකිත ආශව දිහා බලද්දි ආශවත් රකිත දිහාම විමසිල්ලෙන් බලාගෙන හිටියා.

"අරුන්දතීට කොල්ලෙක් නෑ කියලා නේත්‍ර මල්ලි කිව්වා...මම අරුන්දතී ගැන හොයනව වගේ සීන් එකක් හිතන්න එපා හරිද? මම එහෙම අරුන්දතී ගැන මුකුත් හිතන කෙනෙක් නෙවෙයි....නේත්‍ර මල්ලිගෙ අක්කා වගේම ඉස්කෝලෙ වැඩ වලදි අරුන්දතීව හම්බෙලා තියෙන නිසා මම අරුන්දතීව දන්නවා.....මම මේ සීන් එක උනත් කියන්නෙ එයා නේත්‍ර මල්ලිගෙ අක්කා නිසා"

"ඔව් අවුලක් නෑ කියපං.....උඹ අරුන්දතී ගැන එහෙම හිතනවා කියලා මම කොහොමත් හිතන්නෙ නෑ....අරුන්දතී උඹ හොයන ටයිප් නෙවෙයිනෙ"

"ඔව්.....මේකයි....අරුන්දතී කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා මම දවස් දෙකක්ම දැක්කා....එකපාරක් අරුන්දතී ඉස්කෝලෙ ඇරිලා එද්දි මම ගියා එහෙට....මේ ලගකඳි....දෙසැම්බර් වල එන ජුබිලි එක එක්කම ඇදෙන කොන්සට් එකට ගර්ල්ස්ස්කූල් වලිනුත් උදව් ඕනිනෙ....මම ඒක කතා කරගන්න ගියේ....ගිහින් එද්දි තුන විතර වෙලා....එකහමාරකට ඉස්කෝලෙ ඇරෙන්නෙ....අරුන්දතී අතුරුපාරක් ලග කොල්ලෙක් එක්ක එතකොටත් කතා කර කර ඉන්නවා....හිතපංකො,ඒකිත් ප්‍රිෆෙක්ට් කෙනෙක් නිසා දෙකට ඉස්කෝලෙන් එලියට ආවා කියමුකො....ඒත් බං පැයක්? පැයක් තනියම කොල්ලෙක් එක්ක කතා කරන්න තියෙන්නෙ මොනාද ඌ විශේෂ කෙනෙක් නෙවෙයිනම්?"

"ඔව්....ඒක ඇත්ත... ඊටපස්සෙ? උඹ කොල්ලව දැක්කද?"

"එදා මිනිහා හෙල්මට් එක දාගෙන මම දකිද්දි හිටියෙ....මම හිතන්නෙ එවෙලෙ කතා කරලා ඉවර වෙලා පිටත් වෙන්නද කොහෙද ගියේ මිනිහා....එදා මූණ දැක්කෙ නෑ.හැබැයි මම නෝට් කරගත්තා.මම උඹලට කියන්න ගියෙත් නෑ ඉතින් නිකං බොරුවට ලොකු කරගෙන මෙව්වා දඟලන්න ඕන්නෑනෙ කියලා...."

"ඒකෙ අවුලක් නෑ....අපි උනත් හිතන්නෙ එහෙමනෙ"

"උඹලා මැච් එකට යන්න සතියකට කලින්.....හරියටම සතියකට කලින් මම ආයෙ දැක්කා අරුන්දතීව.....අරුන්දතීලගේ ගෙවල් වලට හැරෙන තැන දන්නවනෙ? ඒ හරියෙ ගෙයක් දොරක් නෑනෙ ලොකුවට....අරුන්දතී හිටියෙ එතන....මම ඒ හරියෙන් ගියේ ඇයි වගේ බලන්නෙපා උඹ....යකෝ අපේ අත්තම්මලාගෙ ගෙවල් තියෙන්නෙ ඒ හරියෙනෙ......මම එදානම් ඇත්තටම ටිකක් ස්ලෝ කරලා බැලුවා දෙන්නා දිහා....වෙන මුකුත් නිසා නෙවෙයි අරුන්දතී හිටියෙ ඒ කොල්ලගෙ අතේ පිරිත් නූලක් ගැටගහන ගමන්!"

"සිරාවටම? එහෙනම් ඉතින් සෙට් රකිත උන් දෙන්නා....නිකං ඔහොම කරනවයෑ....ඌ මෙහෙ එකෙක්ද?"

"ඉදපංකො කියලා ඉවර වෙනකං....මම පිටිපස්සෙන් අඳුනගත්තා කොල්ලා එදා හිටිය එකාමයි කියලා....ඒත් මූණ බලාගන්න තිබ්බ වුවමනාවට මම බයික් එක අරං ශේප් එකේ එතනින් ගියා.කොහොමත් ෆුල්ෆේස් දාලා තිබ්බ නිසා මාව අඳුනගන්න බෑනෙ....කොහොමහරි මම කොල්ලගෙ මූණ දැක්කා....ඒත් මට හිතාගන්න බෑ ඇත්තටම මම දැක්ක දේ ඇත්තද මැවුනද කියලා"

"ඒ ඇයි?"

"ඒ හිටියෙ උඹලගෙ ටීම් එකේ ආදිත්‍ය බං! ඌ කොහොමද අරුන්දතී එක්ක සෙට් උනේ?"

"මොකක්! ආදිත්‍ය! එහෙම වෙන්නෙ කොහොමද?"

"මට හිතාගන්නත් බෑ ආශව.....ආදිත්‍ය ඉන්නෙ කොලඹ....අරුන්දතී මෙහෙ....සෝශල් මීඩියාස් වලින් උනත් ඔහොම කිට්ටු වෙන්න තරම්? උඹම හිතපංකො...."

"ම්ම්ම්.....ආදිත්‍යගෙ විදියට එහෙම වෙන්න බෑ තමා"

ආශව කිව්වෙ ආශව ආදිත්‍යගෙ හැටි හොදටම දන්න නිසා.ආදිත්‍ය යාලුකමකට උනත් තෝරගත්තෙ සෑහෙන්න සල්ලිකාර ආදිත්‍යගෙ පවුල් මට්ටමේ ගෑනු ලමයි හා පිරිමි ලමයිව.අනික් අතින් ආදිත්‍යගෙ පෙම්වතිය වෙලා හිටියෙත් දිව්දේත්‍රා.ඉතින් කොහෙත්ම ආදිත්‍ය ඉකං කතාබහ කිරීමෙන් විතරක් අරුන්දතී වගේ කෙනෙක්ට කිට්ටු වෙන්නෑ කියලා ආශව දැනගෙන හිටියා.කොහොමත් නේත්‍රගෙ ආශ්‍රේ එක්ක ඉගෙන ගත්තු දේවල් නිසා ඉක්මනට කලබල නොවෙන ආශව මේ දේ උනත් හෙමීට විසඳගන්න තීරනේ කලා.හැබැයි ඒ ඉවසන ආශවම සමහර අවස්ථා වලදි නේත්‍ර සම්බන්ධ සිද්ධි වලදි හුඟක් කලබල උනු අවස්ථා තිබ්බා.හැබැයි මේ දේදිනම් ආශව ඒ තරමට කලබල උනේ නැහැ.

"උඹ ආයෙ දැක්කොත් මට එවෙලෙම කෝල් එකක් ගනින්....හරිද?"

"හරි ආශවයා.....නේත්‍ර මල්ලිගෙ අක්කා නිසා මම මේ දේවල් කිව්වෙ....මොනා උනත් උබලා අපි දන්න කෙල්ලෙක්නෙ බං.අනික් අතින් මම අරුන්දතීව සාමාන්‍යෙන් ආශ්‍රේ කරල තියෙන නිසා දන්නෙ ඒකි හරි හොඳයි...එහෙම කෙල්ලෙක්ට වැරදෙනවා බලං ඉන්න බෑනෙ ආශව"

"ඔව් ඔව්....රකිත මේක කිව්ව එකම ලොකු දෙයක්.මම මොකක් හරි බලන්නම්කො කරන්න.නේත්‍ර එක්කත් කතා කරලා බලන්න ඕනි"

"හරි ආශවයා...."

"යමං....මොනාහරි කාලා එමු.මේක විතරක් මදිනෙ....කෝ ඉන්දී....ආ ඌ ආට්ස්නෙ කරන්නෙ නේහ්?"

"ඔව්.....මේ.....අර සීන් එක ඇත්ත ඈ.ඉන්දීප දිවාෂ මල්ලිට කැමතියි තමා.දිවාෂ මල්ලි ඒලෙවල්ස් ඉවර වෙනකං ඉන්නවා කිව්වා කියන්න.මම කිව්වා ඉතින් ඒ වෙද්දි කොල්ලව කවුරුහරි උස්සයිද දන්නැ කියලා...."

"ඉන්දීපට අවුලක් නැත්තං දිවාෂ එක්ක කතා කරලා බලන්න කියපංකො"

"ඔව්....මිනිහා නිවාඩුපාඩුවෙ කතා කරයි....අපි බලමුකො"

"ම්ම්ම්ම්ම්"

ආශවගෙ ඔලුවෙ එක පැත්තක අරුන්දතීගෙ ප්‍රශ්නෙත්,අනික් පැත්තෙන් දිවාෂගෙ ප්‍රශ්නෙත් තිබ්බා.ඇත්තම කිව්වොත් ආශව ඒ හැමදේම ගැන හිතන්න මූලිකම හේතුව උනේ එව්වා නේත්‍ර කල්පන කරන ප්‍රශ්න උනු එක.නැත්තං ආශව උනත් එව්වා පැත්තකට කරලා දාන්න තිබ්බ සම්භාවිතාවය වැඩි වුණා.

හවස පන්ති ඉවර උනු ආශව තට්ට තනියම ගම්මානෙ ගාව පාරෙන් බැස්සෙ දෙවින් දෙනෙත්ලගෙ ගෙදර පාඩම් කරන්න ගිය නිසා.වෙනදට දෙවින් හිටියත් අද කවුරුත් නොයිදිය එක ආශවට බයක්වත් පාළුවක්වත් ගෙනාවෙ නැහැ.ආශවට ඕනි උනේ ඉක්මනටම වලව්වට ගිහින් දවල් ඉදන් මගෑරුණු පුංචි රූපෙ ඇස් දෙකට අහු කරගන්න විතරමයි.මාර ගහට එහා පැත්තෙන් ටිකක් මෙහාට වෙන්න නැවැත්තුව බස් රථයෙන් බැහැගත්තු ආශව මාර ගහ තිබ්බ පැත්තට පනිද්දි ලා ටෝච් එලියක් මාර ගහ යටින් දැක්ක නිසා ඇස් දෙක අඳුරට හුරු කරගෙන ඒ දිහා බැලුවා.

"දෙයියනේ නේත්‍ර!"

පුට් සයිකලයක් උඩට වෙලා ආශව එන මග බලාගෙන උන්නු නේත්‍ර අඩියට දෙකට ආශව ලගට දුවලා ගිහින් ඒ කරේ තිබ්බ බෑගය අරගනිද්දි ආශව හරි ආදරෙන් පුංචි නේත්‍ර දිහා බලන් හිටියා.නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව අර මහ කරුවලේම පුංචි එකාගෙ හිස් මුදුනෙන් හාද්දක් තියද්දි හුරුපුරුදු බට්ටිචි හිනාව ආශවට ඇහුණා.

"තනියමද ආවෙ මැණිකෙ?"

"ඔව් සුදුබේබි.....මැනුවෙල් මාමගෙන් පුට්සයිකලේ ඉල්ලන් ආවා"

"දෙයියනේ!....ආයෙ කරුවලේ තනියම ගමන් බිමන් එපා"

"දෙවින් අයියත් නෑනෙ සුදුබේබි අද.....සුදුබේබි තනිපංගලමෙ එන්න ඕනි නෑනෙ ඉතින් පාරෙ....නේත්‍ර ඉන්නකං සුදුබේබිට තනියෙන් කොහෙවත් යන්න වෙන්නෙ නෑ"

හා දත් දෙකත් එලියෙ දාන් හිනාවෙවී පුංචි එකා පණ්ඩිතකං කියවද්දි ආශව හරි ආදරෙන් අඳුරෙදි උනත් දිලිසෙන ඒ බෝල ඇස් දිහා බලන් හිටියා.ආශවගෙ බෑගයත් උස්සන් බයිසිකලේට නැග්ග නේත්‍ර ආශවට එන්න කියලා කියද්දි බයිසිකලේ ලගට ආව ආශව නේත්‍රගෙ නාහෙ මිරිකලා හිනා වුණා.

"මම බයිසිකලේ පැදං යන්නම් නේත්‍ර.....මම බරයිනෙ"

"සුදුබේබිව නේත්‍රට බර නෑ....නගින්නකො"

"මම අරං යන්නම් මැණිකෙ...ඔයා ඉදගන්නකො"

"උදේ ඉදංම මහන්සි වෙලා එන සුදුබේබිව තවත් මහන්සි නොකරන්නනෙ නේත්‍ර ආවෙ......මෙහෙම දෙයක්වත් කරගන්න බැරි තරම් නේත්‍ර පුංචි නෑ සුදුබේබි....මම දුර්වලයි කියලා සුදුබේබි නොහිතන වග මම දන්නවා....ඒත් මම පුංචියි කියලා සුදුබේබි හිතනවනෙ....සුදුබේබිගෙ ඇස් වලට මම පුංචි උනාට මම ඇත්තටම මේ අවුරුද්දෙ දහ අටක් වෙන කොල්ලෙක් සුදුබේබි"

නේත්‍රගෙ කතාබහ දිහා බලන් උන්නු ආශව හරි ආදරෙන් නේත්‍රගෙ ඔලුව අතගාලා ඔලුව උඩ පහල වනද්දි නේත්‍ර කොට්ටෙකුත් තියං ආව බයිසිකලේ ඉස්සරහ ආශවට පෙන්නුවා.නේත්‍ර එක්ක හිනා වුණු ආශව කොට්ටෙ උඩින් පස්ස් තියාගෙන කකුල් දෙක ටිකක් උස්සගනිද්දි නේත්‍ර ආසනෙන් ඉදගෙන පැඩලය පාගලා ඉස්සරහට ඇදෙන්න ගත්තෙ ආශවගෙ බෑගයත් කරේ එල්ලන්.

ආශව නේත්‍රට බලපෑම් කරන්න ගියේ නැහැ.කොච්චර නේත්‍රට දුක් දෙන්න අකමැති උනත්,නේත්‍රව තෙහෙට්ටු කරවන්න අකමැති උනත් නේත්‍ර නේත්‍රවම දුර්වලයෙක් විදියට දකින විදියට වැඩ සිද්ධ කරන්න ආශවට ඕනි වුණේ නැහැ.ඒ නිසාම ආශව නේත්‍ර ආසාවෙන් කරන වැඩ වලට අකුල් හෙලන්න කැමති වුනේ නැහැ.නේත්‍ර කිව්ව කතාවෙත් ඇත්තක් තියෙන වග ආශව තේරුම් ගත්තා.තමන්ගෙ ඇස් වලට නේත්‍ර පුංචි එකෙක් උනත් අනික් මිනිස්සුන්ගෙ ඇස් වලට එහෙම නොවෙන වග ආශවට තේරුම් ගියා.අප්පච්චි උනත් කලින්ට වඩා බර වැඩ නේත්‍රට කරන්න දෙද්දි,නේත්‍රගෙ ගෙදර සමහර වගකීම් නේත්‍ර කරට අරං ඉද්දි,රධීන් එදා නේත්‍රට අර වගේ කරදරයක් කරන්න තරම් හිත හදාගනිද්දි ආශවට තේරුම් ගියා අනික් මිනිස්සුන්ගෙ ඇස් වලට නේත්‍ර ලොකු කොල්ලෙක් කියලා පේන වග.

"පේපර්ස් සාකච්ඡාත් කලාද සුදුබේබි?"

"ඔව් නේත්‍ර.....හැට අටක් ලකුණු තිබ්බා අද එකට"

"ඉකෝන් නේද තිබ්බෙ?"

"ඔව්...."

"ඉස්කෝලෙ පේපර් එකට වඩා ලකුණු වැඩි වෙලානෙ සුදුබේබි....තව ටිකක් මහන්සි වෙමුකො අපි....මම ප්‍රශ්න වගයක් හදලා තිබ්බා"

"ඔයා ඉන්නකං කරන්න බැරි වෙන එකක් නෑ මට.....ඔයා කෑවද නේත්‍ර?"

"සුදුබේබි එනකං මම කන්නෑනෙ සුදුබේබි.....සුදුබේබි දවල්‍ට බැඳලා දුන්නු බත් එක කෑවද?"

"ඔව්.....නේත්‍ර යන්න කලින් හදලා දුන්න එක නොකා කොහොමද? මම කෑවා"

"මම රොටියි හදලා හතු මාලුවක් හැදුවා සුදුබේබි....වලව්වෙ නෙවේ අපේ දිහා....මෙහෙම්ම ගිහින් කාලා යංද? වලව්වෙ බත් උයලා තිබ්බෙ"

"බත් කන්න බෑ අනේ දැන්.....ඔයාලගෙ ගෙදර යං.ගිහින් රොටී කාලා .....මේ,මම රෑට ඔයාලගෙ දිහා ඉදන් පාඩම් කරන්නද අද?"

"හා සුදුබේබි......එහෙම කරමු....ලොකු මැණිකෙට කෝල් එකක් අරං කියන්න ඒත්....ලොකු මැණික්ව් බය වෙයි....සුදුබේබි! ඔලුව හොල්ලන්නෙපා.....නේත්‍රට පාර පේන්නෑ......මම කොටයි සුදුබේබි මෙතනින් ඉදං උන්නත්"

"අනේ අම්මේ.....මේ කොල්ලනෙ මේ ලොකුයි කියන්නෙ"

හැඩලය උඩ තිබ්බ නේත්‍රගෙ අතක් මිරිකන ගමන් ආශව කියද්දි නේත්‍ර හයියෙන් හිනාවෙවීම බයිසිකලේ පැද්දා.ගම්මානෙ අක්කර ගාණක ඉමක් නොපෙනෙන්න විහිදිලා තිබ්බ වෙල මැද්දෑවෙන් මේ රෑ ජාමෙ දෙන්නා එක්ක ගමන් කරද්දි ගොයම් කොල සිපගෙන හමාගෙන ආව හීතල හුලඟ එක්ක නේත්‍රගෙන් හමන ගැටපිච්ච සුවඳට වහ වැටුණු ආශව තමන්ගෙ මූණ හරියෙම තිබ්බ නේත්‍රගෙ මූණට තව ටිකක් කිට්ටු කලා.පුංචි එකාගෙ බර හුස්ම වැල් එක්ක ඇඳන් ආව කමිසෙත් උඩ බොත්තම ඇරිලා හුලඟට ඒ සිනිදු පපුව ටිකක් නිරාවරණය වෙලා තියෙනවා දැක්ක ආශවගෙ හැඟීමුත් ටිකක් ඇවිස්සුනා.නේත්‍රට නොදැනෙන්න ඒ පපුව හරියට ඔලුව ලං කෙරුව ආශව තදේටම එන ගැටපිච්ච සුවඳ ආග්‍රහණය කරද්දි ඔය මුකුත් නොදන්න නේත්‍ර හයියෙන් හයියෙන් බයිසිකලේ පැදගෙන වලව්ව ලග පිට පාරෙන් තමන්ගෙ ගෙවල් පැත්තට බයිසිකලේ හරවලා පල්ලම පරිස්සමින් බැහැගත්තා.

"යං සුදුබේබි"

ආශවගෙ බෑගයත් කරේ එල්ලගත්තු නේත්‍ර ගේ ඇතුලට ගිහින් කාමරේට පැන්න පාර එලියට ආවෙ තුවායයි ඇඳුමකුයි අරගෙන.

"සුදුබේබි ගිහින් ඇඟපත සෝදන් එන්නකො....මම උඩහට දුවලා බයිසිකලේ දීලා එන්නම්....ලොකු මැණිකෙට මම කියන්නද සුදුබේබි කියනවද?"

"පුංචි අම්මට මම කියන්නම් නේත්‍ර.....ඔයා ඕක දීලා එන්නකො...මම එන්නද යන්න උඩහට?"

"එපා එපා සුදුබේබි....මේ ඩිංග මොකද්ද මට හුරුයිනෙ....මම ගිහින් එන්නම්"

ආශව තුවායත් කරේ දාගෙන ලිඳ පැත්තට ඇදෙද්දි නේත්‍ර බයිසිකලෙත් තල්ලු කරං කන්ද වගේ තියෙන පාර දිගේ වලව්වට දිව්වා.පිලිකන්න පැත්තට වෙලා බුලත් විටක් හප හප උන්නු මැනුවෙල්ට බයිසිකලේ පෙන්නලා ඒකට ස්තූති කරපු නේත්‍ර ආයෙමත් කඩියා වගේ පල්ලම දිගේ දුවගෙන ඇවිත් ගෙට ගොඩ වෙද්දිත් ආශව ලිඳ ලඟ ඇඟ සෝදන සද්දෙ නේත්‍රට ඇහුනා.ඇඟපත සෝදන් ගෙටගොඩ වුණු ආශව තුවාය අරං ගිහින් පුටුවක් උඩින් දාලා කුස්සියට ආ හැටියෙම ආශවගෙ අතට හම්බුනේ පොල් රොටී එක්ක උනු උනු හතු මාලුවෙන් ටිකක් බෙදුව පිඟානක්.ආශව ඇඟ සෝදන් එන ටිකට නේත්‍ර හතු මාලුව රත් කරලා තිබ්බා.

"අම්මෝ මේකෙ රහ! අනාගතේ සුභයි මගෙ"

නේත්‍රට ඇහැක් ගැහුව ආශව කියද්දි නේත්‍ර කලේ සන්තෝසෙන් හිනා වුණු එක විතරයි.සුදුබේබිගෙ සතුටෙන් ඇරෙන්න නේත්‍ර වෙන සතුටු වෙන දෙයක් කොයින්ද? කාලා බීලා ඉවර කෙරුව ආශවට පැයක් නිදාගන්න ලෑස්ති කල නේත්‍ර ආශවට නින්ද ගියාට පස්සෙ ඉක්මනටම කලේ ආශවට පාඩම් කරන්න ඕනි දේවල් ලෑස්ති කල එක.අන්තිමට ඒ ඔක්කොමත් ලෑස්ති කල නේත්‍ර කලින් අනලා තිබ්බ පිටි මිශ්‍රණේ අරගෙන ලිප ආයෙමත් අවුළුවගත්තෙ සුදුබේබි පාඩම් කරද්දි කන්න දෙන්න හදන්න හිතාගත්තු සීනි මුරුක්කු ටික බැදගන්න.

ඉතින් ආදරේ කියන්නෙ එහෙම දෙයක්.එකිනෙකා ලග සැනසීම හොයන දෙයක්.දෙන්නත් එක්ක එකටම අත් අල්ලන් ගොඩ යන්න පාර හදාගන්න දෙයක්.විශ්වාසය කියන කඹේ උඩ හරි සමබරව යන්න ඕනි දෙයක්.ආදර සම්බන්ධයක් ඇතුලෙදි එක්කෙනෙක් අනිකාගේ සැනසීම නැති කරනවනම්,අසීමාන්තිකව අනවශ්‍ය පීඩනයක් දෙන ගමන් සීමා පනවනවනම්,එකිනෙකා ගැන විශ්වාසයක් නැත්තං,තමන් කියන කියන පදේට අනිකා නටන්න ඕනි කියන මතේ ඉන්නවනම්,අනික් කෙනාව රිද්ද රිද්ද ඉදලා හිටලා සනසන එකයි ආදරේ කියල හිතනවනම්....එතන අවංකවම ආදරයක් නෑ කියන එක සාමාන්‍ය දැනීමක් තියෙන පුද්ගලයෙකුට උනත් තේරෙන්නම ඕනි දෙයක්.

ආදරේ කියන්නෙ හරියටම මෙහෙම දෙයක් කියලා නිර්වචනයක් දෙන්න අමාරු බව ඇත්ත.

හැබැයි,

ආදරේ කියන එකට ලේසිම නිර්වචනෙ තමා ආශව සහ නේත්‍ර!!! නේත්‍ර ආශවට දෙන දේ...ආශව නේත්‍රට දෙන දේ.අන්න ඒකයි ආදරය.

..............................................................................................

"සිඟිතී!!!!!"

"අනේ ඇයි ජානකී කෑ ගහන්නෙ? කන පැලෙනවා අනේ"

"මේ ඔයාගෙ යාලුවෙක් ඇවිල්ලා"

"ඉන්න එන්නම්"

පඩිපෙල දිගේ පහලට බැස්ස දිවාෂ පඩිපෙල උඩම තිරිංග තද වෙලා වගේ නැවතුනේ පහල ඉන්න කෙනාව දැකලා.මේ ටිකේ ඉස්කෝල වලිනුත් උසස් පෙල ලමයිට පාඩම් කරන්න ඕනි නිසා පාසල් එන එක අනිවාර්‍ය කරල නොතිබ්බ නිසා උසස් පෙල ලමයින්ගෙන් සීයට අනූ පහක් විතරම පාසල් යන එක නවත්තලා අමතර පන්ති වලට විතරක් සහභාගී වෙන ගමන් හිටියා.ඉස්කෝලෙත් නොයන නිසා මේ ටිකේ කොණ්ඩෙත් ලාවට වැවීගෙන ලාවට රැවුලකුත් වවන් උන්නු තෙවින් දිවාෂලාගෙ ගෙදර සෝෆාව උඩ ඉදගෙන හිටියෙ ලා රතු උනු ඇස් දෙකක් එක්ක.

"ආ මෙයාද?"

"ඔව්.....පුතා ආව කාරනේ සිගිති එක්ක කතා කරගන්නකො එහෙනම්"

"හරි ආන්ටි....ඉස්කෝලෙ පොඩි වැඩක්....යුගාන් යංකො මම එන්නම් උඩට"

දිවාෂ මුකුත් කියන්නත් කලින් පඩිපෙල ලගට ආව තෙවින් දිවාෂට කතා කරගෙනම උඩට නගිද්දි මුකුත් කියාගන්න බැරි උනු දිවාෂත් ජානකී දිහා එකපාරක් බලලා තෙවින්ගෙ පස්සෙන් උඩට නැග්ගා.උඩ තට්ටුවට යද්දි තෙවින් පේන්න නොහිටිය නිසා තමන්ගෙ කාමරේ ඇතුලට එබිලා බැලුව දිවාෂ කාමරේට ඇතුල් වෙනවත් එක්කම කාමරේ ඇතුලට ඇදිලා ගිහින් ඒත් එක්කම වැහුනු දොරට තද උනා.

"මේ මොන හු#තක්ද මේ? අතෑරපං මාව"

"උඹ අද අරූ එක්ක කියෝ කියෝ හිටියෙ මොනාද අච්චර? ඌත් එක්ක කාර් එකේ නැගලා ගියත් එක්ක?"

"කවුද ඕයි? මොනාද? ඕනි පුකක් තෙවින් ඉස්සෙල්ලාම මාව අතෑරපං"

තමන්ව කාමරේ දොරට හිර කරං ඉන්න තෙවින් දිහා බැලුව දිවාෂ කෑ ගහද්දි තෙවින් කලේ කෑ ගහන දිවාෂගෙ කට දෙපැත්තෙන් අල්ලලා තද කෙරුව එක.

"සද්දෙ අඩු කරගනින් යුගාන්!"

"උව්බව්ගෙ අව්ත්තව්ම්මට......"

තෙවින් කට තද කරං උන්නුනිසා දිවාෂගෙ කටින් හරියට වචන පිට වුණෙත් නැහැ.තෙවින් අතාරින්න පාටක් නැති තැන දිවාෂ කලේ එක කකුලකින් තෙවින්ගෙ දණහිසට පාරක් ගැහුව එක.ඒකත් එක්කම තෙවින්ගෙ ග්‍රහණෙ ලිහිල් වෙද්දි දිවාෂ තෙවින්ගෙ අතින් අල්ලලා කරකවලා තෙවින්ව දොරට තද කලා.තත්පර ගාණක් ඇතුලෙදි උනු සිද්ධිය තෙවින් තේරුම් ගන්නකොට තෙවින් දිවාෂගෙ අත් අස්සෙ හිර වෙලා ඉවරයි.

"මොකද්ද තෙවින් උඹට වෙලා තියෙන්නෙ? ආ? මට උබේ ඉස්සරහට එන්න එපා කියලා මොකද්ද උඹ නටන නාඩගම?"

"උඹ අර ඉන්දීප කියන පරයා එක්ක මොනාද එච්චර කතා කලේ කියලා යකෝ ඇහුවෙ මම!!!! උඹ යාලුවෙක්වත් නැතුව ඌව හම්බෙන්න ගිහින් ඌ එක්ක උගෙ වාහනේම නැගලා යන්න තරම්!"

"උඹ හිතනවා වගේ මම ඌව හම්......හරි!උඹට මොකද්ද තියෙන වැඩේ මම ගැන? ආ? උඹ ගිහින් අර නල්ලමලේ ගෑනිව නලෝපංකො! මොන හු#තකටද මම ගැන හොයන්න එන්නෙ?"

"වැඩක් නෑ තමා! ඒත් මට ඕනිනම් මම වැඩකට ගන්නවා!"

"ච්!!!!"

තෙවින්ව අත ඇරලා දැම්ම දිවාෂ තෙවින් ලගින් ඈත් වෙලා තෙවින් දිහා බැලුවෙ කලකිරීමකින්.ලොකු හුස්මක් පහල දැම්ම දිවාෂ ලාවට හිනා වෙලා තෙවින්ගෙ කම්මුලක් උඩින් තමන්ගෙ සිනිදු අතක් තද කලා.

"ඔහොම හැසිරෙන්න එපා අයියෙ....අතෑරියනම් මාව අතෑරපු විදියටම ඉදපං....උඹ ඔහොම හැසිරෙද්දි මගෙ හිතේ අර වහලා දාලා තියෙන බලාපොරොත්තු පෙට්ටිය ටික ටික ඇරෙන්න ගන්නවා"

දිවාෂගෙ ලාවට කදුළු පිරීගෙන එන ඇස් දැක්ක තෙවින් ඉක්මනටම අහක බලාගනිද්දි දිවාෂ තෙවින්ගෙ මූණට එබිලා ලස්සනය හිනා වුණා.

"ඉන්දීප්පයියව හම්බුනේ අහම්බෙකින්......එවෙලෙ කතා කරලා එයා එක්ක ආවෙ....කතා කල දේවල් ඔයාට කියන්න තරම් දැන් ඔයා මට කිට්ටු කෙනෙක් නෙවෙයිනෙ.ඉස්සර හිටිය තෙවින් අයියා තවම හිටියනම් මම ඒ දේත් ඔයා එක්ක බෙදාගන්නවා.....මම මේ ටික කිව්වෙ තවමත් මගෙ මෝඩ හිත ආසා නෑ ඔයා මාව වැරදියට තේරුම් ගන්නවට"

තෙවින්ට කියන්න ඕනි ටික කිව්ව දිවාෂ හෙමින් සැරේ තෙවින් ලගින් ඈත් වුණා.

"දැන් යන්න.....රෑ ගමන් බිමන් තියාගන්න එපා.එක්සෑම් ගොඩ දාගන්න බලපං....අර චිංචි මානවිකාව එක්ක ගමන් අඩු කරලා පාඩම් වලට ෆෝකස් කරපං"

දිවාෂ දිහා බලලා වචනයක්වත් කිව්වෙ නැති තෙවින් අනික් පැත්ත හැරෙද්දි ආයෙමත් දිවාෂගෙ වේදනාබර කටහඩ ඇහුණා.

"ආයෙ මෙහෙම විටින් විටේ ඇවිත් යන්න එපා ඕයි....උබට ඒක නිකංම ඇවිත් යෑමක් උනාට මට ඒක ජීවිත කාලෙටම මූඩ් ගහන්න බලපාන හේතුවක්!"

දිවාෂගෙ කටහඩ නැවතෙනවත් එක්කම තෙවින් වේගෙන් පඩිපෙල බැහැගෙන දිවාෂලාගෙ ගෙදරින් එලියට ගියා.එකපාරක් දිවාෂගෙ ගෙදර දිහා හැරිලා බැලුව තෙවින්ගෙ ඇස් දෙකේ තිබ්බෙ අමුතුම බැල්මක්.

"පරණ ඉරි කෑලි හැමදේම මකාගෙන තනි සුදු පිටුවක් විදියට උඹ ලගට මම එනකං ඉවසපං යුගාන්.....වෙන අයගෙ ඉරි කෑලි තියෙන පිටුවක උඹ ලියන්න ඕනි නෑ....කාගෙවත් පිටුවක අකුරු නොලිව්ව උඹේ පෑනෙ පලවෙනි අකුර උඹ ලියන්න ඕනි මම උඹ ලගට අරං එන පිරිසිදු තනි සුදු කඩදාසියෙ....එතකං ඉවසපං!"

තනියම හිතලා ලොකු හුස්මක් පහල දැම්ම තෙවින් වැවීගෙන එන රැවුල් කෑලි උඩින් අතගාන ගමන් එතනින් වේගෙන් පිටත් වෙද්දි මෙච්චර වෙලා ජනෙල් කවුළුවෙන් තෙවින් දිහා බලන් උන්නු දිවාෂ ඇඳට වැටිලා කාමරේ උඩ හිස් විදියට බලන් හිටියා.

"සමහර විට නේත්‍ර කිව්වා වගේ හැමදේම හොඳින් වෙයි"

දිවාෂ ඇඳ උඩට වෙලා තනියම හූල්ලද්දි තෙවින් සිංහවංශ වලව්වට ගොඩ වෙන ගමන් හිටියා.තෙවින්ගෙ හිතේ තිබ්බෙ ලොකු ආවේගයක්.දිවාෂගෙ ඈත් වීම තෙවින්ව නොසෑහෙන්න නොසන්සුන් කරල තිබ්බා.දිවාෂ කොච්චර කිව්වත් ඉන්දීපගෙ හිතේ දිවාෂ ගැන තියෙන දේ තෙවින් දැනගෙන හිටියා.ඔය හැමදේම හිතන ගමන් ගෙට ගොඩ වුණු තෙවින් දැක්කෙ සාලෙ වාඩි වෙලා ඉන්න ආශවව.පුදුමාකාර විදියෙ කෑම බීම ගොඩක් එක්ක තේ පැන් සංග්‍රහයකින් ආශවට සංග්‍රහ කරලා තියෙන තමන්ගෙ අත්තම්මාව දැක්ක තෙවින්ට හිනා ගියේ අත්තම්මා සාමාන්‍ය මනුස්සයෙක්ට බත් කටක්වත් නොදෙන කෙනෙක් උනු නිසා.

"ආශව?"

"මම පොඩි වැඩකට ආවෙ තෙවින්....ඔයාට කතා කරන්න පුළුවන් තැනක්...."

"මගෙ රූම් එකට යමු....වරෙං"

ගෙදර ඇවිත් බඩුවක් මුට්ටුවක් හරි පොලවෙ ගහලා පීඩනේ පිටකරගන්නවා කියලා හිතුවත් ආශව උන්නු නිසා ඒක කරගන්න බැරි වුණු තෙවින් ආශව එක්කම උඩ තට්ටුවෙ කාමරේට ඇතුල් වුණා.විශාල උඩු මහලෙ කොනේම කාමරේක හිටිය තෙවින් ඒ කාමරේ තෝරගන්න හේතු වෙලා තිබ්බෙ වලව්වෙ තිබ්බ ලොකුම කාමරේ ඒක නිසා වග ආශව දැනගෙන හිටියා.තෙවින්ගෙ සංගීත කටයුතු වලට අවශ්‍ය බඩු තියාගන්න වගේම ඒකට ඕනි කරන නිරවුල් මනස වෙනුවෙන් එ වගේ ඉඩකඩ තියෙන කාමරයක් තෙවින් තෝරගෙන තිබ්බා.

"ආශවයා ආවෙ?"

"මම කෙලින්ම කාරණේට බහින්නම්කො තෙවින්....කොහොමත් වටේ යනවට වඩා ඩිරෙක්ට් කතා කරන එක හොදයිනෙ"

"ඔව්.....කියපං"

"උඹෙයි දිවාෂගෙයි අතරෙ මොකක් හරි ප්‍රශ්නයක් උනාද?"

ආශවගෙ වචන එක්ක තෙවින්ගෙ ඔලුවෙ පීඩනේ දෙගුණ උනා.ඇත්තටම මීට ටික වෙලාවකට කලින් උනු දේ ගැන ආශව දන්නවනම් කීයටවත් ආශව මෙවෙලෙ ඔය ගැන තෙවින්ගෙන් අහන්නෙ නැති උනාට ඒ ගැන නොදන්න ආශවට තෙවින්ගෙ හිතේ තියෙන පීඩනේ ගැන තේරුමක් තිබුනෙ නැහැ.පීඩනෙයි,වේදනාවයි ඔක්කොම එක්ක තෙවින් ආශව දිහා බැලුවෙත් කට කොණකින් හිනා වෙලා.

"දැන් උඹ මොකද එක එකාගෙ සීනි කිරන්නෙ?"

"තෙවින්! සීමාව දැනගෙන කතා කරපං! උඹ දන්නවා මගෙ ඉවසීම බිංදුවයි කියලා!"

"ඉතින්? ඉතින් මොනා අහන්නද ආවෙ එහෙනම්? මට යුගාන්ගෙන් වැඩක් නැති නිසා නෑ කිව්වෙ....එච්චරයි! යකෝ මගෙ ජීවිතේ ගැන තීරණ ගන්න බලද්දි මට වඩා මේ වෙන උන්ටනෙ අයිතිය තිබිලා තියෙන්නෙ?"

"කට! කට තෙවින්! ජානකී මොනාහරි කිව්වද උඹට?"

"ජ්.....ජානකී ආන්ටි....නැහැ...."

ආශවගෙ ගැඹුරු කෝපකාරී හඬ එක්ක තෙවින් ටිකක් පහු බහිද්දි ආශව ඇහුව ප්‍රශ්නෙ එක්ක තෙවින් එක තැන හිර වුණා.ඇත්තටම තමන්ගෙ මේ වෙනසට එදා ජානකී කිව්ව දේත් එක අතකින් ලොකු බලපෑමක් එල්ල කලා කියලා තෙවින් සම්පූර්ණයෙන්ම පිලිගත්තා.කුරුලු කූඩුවක ඉන්නවා වගේ හරි සන්තෝසෙන් ජීවත් වෙන දිවාෂගෙ පවුල ඇතුලෙ විරසක ඇති කරවන්න තෙවින් කැමති උනේ නැහැ.හැබැයි ජානකී කියන්නෙ දිවාෂට පණ වගේ ආදරේ කරන අම්මෙක් නිසා දවසක දිවාෂ මොන්ං තීරණයක් ගත්තත් අන්තිම මොහොතෙ හරි ඒ අම්මා දරුවගෙ සතුට ගැන හිතලා ඒ දේට කැමති වෙයි කියලත් තෙවින් දැනන් හිටියා.ඒත් ඒ හැම දේම පරයලා තෙවින්ගෙ යටිහිතේ තිබ්බ අඩමානයක් බලවත් වෙලා තෙවින්ව දිවාෂට ලං වෙන එක දුර්වල කරවලා තිබ්බා.

"උඹට එක හිතක් නැත්තං අර දිවාෂයට බලාපොරොත්තු නොදී ඉන්න තිබ්බා තෙවින්!"

"උඹ මොනාද මම ගැන දන්නෙ ආශව ආ? උඹ මොනාද දන්නෙ!!!"

තෙවින් ලඟ තිබ්බ මේසෙට පාරක් ගහද්දි තෙවින්ගෙ ඇඳ උඩ ඉදන් උන්නු ආශවත් හිටගෙන අතමිට මොලවගත්තා.

"දන්නෙද? දන්නෙ උඹට මොලයක් නෑ කියන එක....අර පොඩි එකා උඹ වෙනුවෙන් අච්චර කැපකිරීම් කරලා,අපි හැමෝගෙන්ම පවා උඹව අතෑරිච්ච වෙලාවල් වලදි උඹ ලඟින්ම ඉඳලා,උබව මනුස්සයෙක් කරන්න අච්චර මහන්සි වෙලා.....මොකද්ද අන්තිමට ඒ කොල්ලා අහගත්තෙ උඹෙන්? වදයක් වෙන්න එපා කියලා.යකෝ උඹට එහෙම කියන්න අයිතියක් නෑ තෙවින්!"

"ආශව ඇති......"

"ඇති නෙවෙයි.....දිවාෂගෙ අම්මා හරි අප්පච්චි හරි,උබලගෙ අම්මා හරි අප්පච්චි හරි මොකක් හරි කිව්වා උනත් ඒ හැමදේම කාලෙ එක්ක ශේප් කරගන්න පුලුවන් කියලා හිතට ගටක් ගනින් තෙවින්! යකෝ එහෙනම් මායි නේත්‍රයි කරන්නෙ දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්නෙ.තේරුම් ගනින් තෙවින්! කොන්ද කෙලින් තියාගෙන තීරණ ගනින්!"

"ආශවයා.....නොදන්න මගුල් කියවන්න එපා"

"මොනාද නොදන්න මගුල්? ආ? ඒක කියපං"

"මගෙ ජීවිතෙත් යම් යම් පරණ සිද්ධි තියෙනවා අතුගාලා දාන්න ඕනි.....ඒ දේවල් හදාගන්න ඕනි මම"

"ආහ්! ඒක නිසාද අර කොළඹ හිටිය කාලෙ කරගහගත්තු මරාලෙ ආයෙ කරගහන් තියෙන්නෙ! උඹ කරන්නෙම අර දිවාෂගෙ හිත රිදෙන දේවල්"

"ආශව මම කිව්වා උඹට....මට ඕනි පරණ දේවල් අයින්ම කරලා අලුත් මනුස්සයෙක් වෙන්න!"

"බයිලා ගහන්න එපා තෙවින්! උඹ අර කොල්ලව උබ තනියෙන් හිටිය කාලෙ යූස් කරලා උඹේ මානසික නිදහසට දැන් ඒකව......"

"ආශව නවත්තපං යකෝ! නවත්තපං!!!! මම යුගාන්ව යූස් කලේ නෑ!!!"

"එහෙනම් මොකද්ද උබ කලේ? පරණ මතක පරණ මතක කිය කිය නිදහසට කරුණක් හදන් අර කොල්ලව මග අරින එක නෙවෙයිද උඹ කරන්නෙ?"

"නෑ යකෝ නෑ!!!!"

ආශවගෙ කමිසෙ කොලරයෙන් අල්ලන් උන්නු තෙවින්ගෙ ඇස් රතු වෙනවත් එක්කම තෙවින් ආශවගෙ ඇස් දෙක දිහා කෙලින් බැලුවා.ආශවගෙ කට කොණක තිබ්බ හිනාව වගේම ආශවගෙ සෘජු බැල්ම එක්ක තෙවින්ගෙ කේන්තිය දෙගුණ තෙගුණ වෙන්න ගත්තා.අද තෙවින්ව අවුස්සලා හරි ඇත්ත එලියට ගන්නවා කියලා හිතාගෙන ආව ආශව එක අතකින් තෙවින්ගෙ කමිසෙ කොලරය අල්ලන් ඇහි බැමක් උඩ දැම්මා.

"උත්තර නෑ නේද? බොරුවට නිදහසට කාරණා හදාගත්තම ඔහො....."

"මගෙ හිතේ කොණක තවමත් නේත්‍ර ඉන්නවා මිනිහෝ!!!!! නේත්‍ර ඉන්නවා!!!! හිතේ පුංචි කොණක හරි වෙන කෙනෙක් තියාගෙන අර සුදු මලක් වගේ ඉන්න පිරිසිදු යුගාන් ලගට මට යන්න බෑ ආශව!!!! මමත් පිරිසිදු වෙන්න ඕනි!!!! යකෝ මට ඒක කරගන්න උදව් කරපං!!!"

හිතුවෙවත් නැති විදියෙ උත්තරයක් තෙවින්ගෙන් ලැබෙද්දි ආශවගෙ අත් තෙවින්ගෙ කොලරයෙන් අතෑරුණා.ආශවව එහෙම්මම තෙවින්ගෙ ඇඳ උඩ ඉන්දවෙද්දි තෙවින් ඔලුවත් අල්ලගෙන ආශව ලගින් ඉදගත්තා.හයියෙන් හුස්ම උඩ පහල දාලා ටිකක් සන්සුන් වුණු ආශව තෙවින් එක්ක කතා කරන්න හිතාගත්තා.මොකද තෙවින්ට ඕනි උනු දේ ඊට වඩා දෙගුණයක් වැඩියෙන් ආශවට ඕනි වුණා.ඒ තෙවින් නේත්‍රව අමතක කරන එක.

"තෙවින්....."

"ස්...සමාවෙයං ආශවයා මට.....මට සමාවෙයං....ඒත් නේත්‍ර කියන්නෙ මගෙ පලවෙනිම අවංක හැඟීම ආශව....ඒක ආදරයක්ද එහෙම නැත්තං වෙන මොකක් හරිද කියන්න මම දන්නෑ.හැබැයි ඒක හරි පිරිසිදු අවංක හැඟීමක්.....මගෙ ජීවිතේ පලවෙනි වතාවට දැනුනු...ඒක එච්චර ඉක්මනට අමතක කරන්න පුළුවන් හැඟීමක් නෙවෙයි ආශව"

ආශව නිහඬවම හිටියෙ තෙවින්ට කතා කරන්න ඉඩ දීලා.තෙවින් නේත්‍රව කාලෙකට කලින් දවසක තුරුල් කරං උන්නු හැටි ආශවට මතක් වෙද්දි ආශවගෙ අතමිට මෙලවුණා.තෙවින් තමන්වත් දෙවින් වගේ හිතන්න කියලා ආශවගෙ ඉල්ලපු ඉල්ලීම පවා මෙවෙලෙ ආශවට මතක් උනා.එදා තෙවින් එහෙම කියලා කරල තියෙන්නෙ බොරුවක්ද කියන සැකේ ආව ආශවට තෙවින්ගෙ දත් බඩට යන්න ගහන්න පුළුවන් තරමෙ ආවේගයක් ආවත් ආශව තමන්වම පාලනේ කරගෙන ඉවසුවා.

"ඒත් එදා.....මම නේත්‍රට මගෙ හැඟීම් පලවෙනියටම හා අවසාන වතාවට කිව්ව දවසෙ,නේත්‍රව අමතක කරන්න තීරණෙ කල දවසෙ....උඹෙන් ගුටිත් කෑවෙ මම....සත්තයි ආශව....එදා ඉදන්ම මම කලේ නේත්‍ර මල්ලිව අමතක කරපු එක....ටිකෙන් ටික අමතක කරපු එක....."

තෙවින් ලොකු හුස්මක් පහල දැම්මා.

"මම සීයට අනූවක් විතරම නේත්‍රව අමතක කරලා තියෙන්නෙ ආශව....මට ඒක දැනෙනවා.....යුගාන් ලං වෙන්න ලං වෙන්න නේත්‍ර ගැන මගෙ හිතේ තිබ්බ හැඟීම් පිච්චිලා ගියා....ඒත්,ඒත් ඒක කැලලක් වගේ අර ඉතුරු සීයට දහය ඇතුලෙ තියෙනවා....මම කැමති නෑ ආශව....නේත්‍ර ගැන හැඟීමෙන් කැළලක්වත් ඉතුරු වෙනවට මම කැමති නැහැ.මට යුගාන් ලගට යන්න ඕනි සීයට සීයක්ම නේත්‍රගෙන් රිකවර් වෙලා...."

"ඔව්....ඒක හරි"

"ඔව් ආශව....යුගාන්ගෙ ජීව්තේ පලවෙනිම හැඟීම මම...ඒ හිතේ ඉන්නෙ මම විතරයි....මම හීනෙකින්වත් යුගාන්ට වරදක් කරන්න ආසා නෑ ආශව....යුගාන් වගේම මාත් සීයට සීයක්ම පිරිසිදු වෙන්න ඕනි....තනිකරම කිසිම කෙනෙක් නැති හිස් හිතක් අරගෙන යුගාන් ලගට යන්න ඕනි....ඒ හිස් හිත ඇතුලට යුගාන්ට එන්න දෙන්න ඕනි....හිස් හිතේ අස්සක් මුල්ලක් නෑර යුගාන්ගෙන් විතරක් පිරෙන්න ඕනි....එච්චරයි ආශව....මට ඕනි එච්චරයි.....මට ඒකට තව ටිකක් කල් ඕනි....ඒ නිසාමයි මම යුගාන්ව ඈත් කලේ"

"මම උදව් කරන්නම් තෙවින්....මම ආත්මාර්ථකාමී ඇති....ඒත් ඇත්තටම මම ඒ උදව්ව කරන්නෙ සීයට පනහක් උඹ වෙනුවෙන්....පනහක් මම වෙනුවෙන්....නේත්‍ර ගැන වෙන කෙනෙක් නිකමට හරි හිතනවට මම කැමති නෑ තෙවින්"

"මට සමාවෙන්න ආශව.....මගෙ ඔලුව පුපුරන්න වගේ ආවා....ඇත්තටම....දැන් ලොකු සැහැල්ලුවක් දැනෙනවා"

"හ්ම්ම්ම්....."

"අපි තව ටිකක් කතා කරමුද ආශව?"

"හරි ...... කතා කරමු"

ආශව තෙවින් වෙනුවෙන් වගේම තමන් වෙනුවෙන් තෙවින්ට උදව් කරන්න තීරණේ කලා.නේත්‍රව වෙන කෙනෙක් හිතේ තියං ඉන්නවා කියන හැඟීමට පවා වෛර කරන ආශව ඉස්සර වගේ කෝපකාරී නොවී දැන් දැන් අවස්තානුකූලව හැසිරෙන්න ඉගෙන ගෙන තිබ්බා.ඒ දේවල් උනත් එයාට ටික ටික හුරු කලේ ඒ පිරිසිදු ආත්මෙ....නේත්‍ර!"

..............................................................................................

"මේ මොකද්ද මේ....මේක මට දැකල හුරුයි වගේනෙ....මේ වගේ කඩදාසියක්......කොහෙදිද?"

නේත්‍ර කල්පනා කලේ වලව්වෙ පහල තට්ටුව අතුගාගෙන ඇවිත් කුණු ටික එක්කාසු කරලා කුණු බක්කියට දාද්දි අතට ආව ලස්සන කොලයක් දිහා බලාගෙන.කහ පාට පසුබිමක සුදුපාට බෝල බෝල තිබ්බ ඒ කොලේ නිතර දෙවේලෙ දකින්න පුළුවන් කොල ජාතියක් නොවුණත් තමන්ගෙ ඔලුවෙ ඒක එච්චරටම රැදිලා තියෙන්නෙ කොහොමද කියලා කල්පනා කෙරුව නේත්‍රගෙ කල්පනාව බිඳුනෙ එතනට ආව ආශව නිසා.

"නේත්‍ර!!! මේ!!!"

රිසිට්පතක් වගේ දෙයක් නේත්‍ර ලගට දික් කල ආශව මුමුණද්දි රිසිට්පත දිහා බැලුව නේත්‍රගෙ ඇස් දෙක අතේ තිබ්බ කහපාට කොල කෑල්ල දෙසට යොමු වෙලා තත්පර ගාණක් ඇතුලත ඒ ඇස් ලොකු උනා.ආශව උනත් ඉන්නෙ යම් කම්පනයකින් කියන එක තේරුම් ගත්තු නේත්‍ර ආශව දිහා බලලා සන්සුන් වෙන්න කියලා සන් කලා.

"නේත්‍ර මේ ඇඩ්‍රස් එක....එතකොට....එතකොට ඇයි ඒ? මොකද්ද වෙන්නෙ?"

"මට තේරෙන්නෙත් නෑ සුදුබේබි.....ලොකු මැණිකෙ ඇයි....."

"එන්නකො.....පුංචි අම්මා ගෙදර නෑ මෙවෙලෙ...එන්න හවස් වෙනවා....මට මේ ගැන හොයාගන්න ඕනි"

"ස්....සුදුබේබි ඒක හොද නෑ නේද? ලොකු මැණිකෙගෙ පෞද්ගලික දෙයක්නෙ"

"නේත්‍ර.....ඔයාමයි නේද කිව්වෙ පුංචි අම්මා ඇස් වලින් කදුළු වක් කර කර උණ ගැනිලා උන්නු දවසෙ ඇඬුව කියලා? නේත්‍ර හිතන්න....ඒකයි මේකයි සම්බන්ධනම්?"

"අපිට පුළුවන් එහෙම උනොත් ලොකු මැණිකෙගෙ හිත හදන්න මොකක් හරි කරන්න නේද සුදුබේබි?"

"ඔව්....ඔයා එහෙම කියනවනම් මම ඕනි දේකට කැමතියි....ඒත් මේක අපි හොයාගන්න ඕනි.....යංකො කාමරේට"

නේත්‍රවත් අතින් අල්ලගත්තු ආශව හෙමින් සැරෙ ලොකු මැණිකෙගෙ කාමරේට ඇතුල් වෙලා දොර අඩවල් කරලා දැම්මෙ කෝකටත් හොදයි කියලා හිතාගෙන.විශාල නමුත් හරි පිලිවෙල වලව්වෙ ප්‍රධාන නිදන කාමරේ ලොකු මැණිකෙට වගේම මහ මුදියන්සෙට වෙන වෙනම අල්මාරි දෙකක් තිබ්බා.මහ මුදියන්සෙත් ආශව වගේම අල්මාරි වහලා යතුරු අරං ගෙදරින් පිට වුණත් ලොකු මැණිකෙගෙ අල්මාරියෙ යතුර යතුරු කටේම එල්ලෙමින් තිබ්බා.

"අපි මේ කරන්න යන්නෙ වරදක් නෙවේද සුදුබේබි?"

"අපේ හිතේ පුංචි අම්මට රිද්දන්න අදහසක් නෑනෙ නේත්‍ර....නේද? ඒක නිසා කමක් නැහැ"

ආශවගෙ පිටිපස්සට වෙලා ඇසුත් බෝල කරං බලන් ඉන්න නේත්‍රගෙ නාහෙ ලාවට හැපුව ආශව අල්මාරියෙ දොර අරිද්දි පුංචි එකා ලාවට රිදුම් දෙන නාහෙ තමන්ගෙ අල්ලෙන් හරි හුරතල් විදියට අතගාගත්තා.අල්මාරිය ඇරිය ආශව නේත්‍ර එක්කම බිම ඉදගෙන ලොකු මැණිකෙගෙ අල්මාරියෙ යටම තට්ටුවෙ තිබ්බ ෆයිල් වගයක් එලියට අර ගත්තා.

"නේත්‍ර.....ඔව්වා පරිස්සමින් බලන්න.අපි වෙනසක් නැතුව්ම මෙව්ව තියන්න ඕනි අන්තිමට.නැත්තං පුංචි අම්මට සැක හිතේවි"

"හරි සුදුබේබි....සුදුබේබිට මේ අල්මාරිය හුරුයි වගේනෙ?"

"හ්ම්ම්ම්....එකපාරක් මම මේ වගේම දෙයක් කලා....අම්මා ගැන ඇත්ත දැනගත්තෙ මම එදා"

ආශවගෙ ඔලුව අතගාලා ආශවට ඔලුව වැනුව නේත්‍ර ෆයිල් ඇතුලෙ තියන ලියකියවිලි එකෙන් එක පෙරලලා බලන්න ගත්තා.උප්පැන්න සහතික වගේ පෞද්ගලික ලියකියවිලි,සහතික පත්‍ර අනන් මනන් ගොඩක් අස්සෙන් කොච්චර බැලුවත් සැක හිතෙන දෙයක් හොයාගන්න දෙන්නටම පුළුවන් උනේ නැහැ.

"සුදුබේබි මේ! ලොකු මැණිකෙ සබරගමු කැම්පස්ද?"

"ඔව්......එතකොට....."

"ඔ...ඔව් සුදුබේබි.....අපි හිතන දේ හරිද?"

ආශවටයි නේත්‍රටයි හරි හුරුපුරුදු ගෙදරක තිබ්බ විශ්වවිද්‍යාලීය බැජ් ෆොටෝවක මතකයක් හිතට එද්දි ආශව තව ෆයිල් එකක් එලියට ගන්න අල්මාරිය අස්සට අත දැම්මත් ආශවගෙ අතේ මොකක් හරි පැටලුනා.

"නේත්‍ර! මෙතන තව ලාච්චුවක් තියේ!"

"ආනෙ.....හොර ලාච්චුවක් සුදුබේබි!"

තට්ටුවෙ උඩ කැල්ලෙ සඟවලා අල්ලලා තිබ්බ රහස් ලාච්චුවෙ යතුර හොයාගන්න ආශවටයි නේත්‍රටයි නොසෑහෙන්න වෙලා ගියා.ලොකු මැණිකෙගෙ මාල කරාඹු දාන අරුමෝසම් බඩු පෙට්ටියෙ තිබ්බ යතුරු කැරැල්ලෙ තිබ්බ ඔක්කොම යතුරු දාලා අන්තිමට තිබ්බ යතුරෙන් ලාච්චුව ඇරගත්තු ආශව එලියට ගත්තෙ ටිකක් ලොකු ලියුම් කවරයක්.

"සුදුබේබි ඔව්ව සමහරවිට ලොකු මැණිකෙගෙ ලව් ලෙටර්ස් වෙන්න ඇති....එව්වා අපි කියවන එක හොද නෑ නේද?"

"ඔව් නේද නේත්‍ර....ඒත් කෙනාව හොයාගන්න අහම්බෙන් ගන්න එකක් බලමු අපි....නම විතරක් ඇතිනෙ"

"හා සුදුබේබි....එහෙම කරමු"

ලියුම් කවරෙ අස්සෙ තිබ්බ ලියුම් වලින් එකක් එලියට ගත්තු ආශවයි නේත්‍රයි ඒ ලියුම දිගෑරලා බලද්දි උඩම තිබ්බ ආදරණීය ආමන්ත්‍රණය දැක්ක ආශව නේත්‍ර දෙන්නටම ලා හිනාවක් මූණට ආවෙ ලොකු මැණිකෙත් ආදරවන්තියක් වෙල ඉදලා කියලා තේරුණු නිසා.

"මගෙම ආදරණීය කෞමදීට,"

ලියුමෙ තිබ්බ දේවල් කියෙව්වෙ නැති නේත්‍ර පිටු තුන හතරක ලියුමක් උනු ඒ ලියුමෙ අවසන් පිටුවට පෙරලුවෙ ඒ කෙනාගෙ නම හොයාගන්න.ඒත් එක්කම නමට කලින් ලියුමෙ ලියලා තිබ්බ අන්තිම වාක්‍ය දැක්ක නේත්‍ර ඇසුත් ලොකු කරං ආශව දිහා බලද්දි ආශව ඔලුව උඩපහල වැනුවෙ තමන් දෙන්නා සැක කල දේ ඇත්ත කියලා තහවුරු කරන ගමන්.

අතේ තිබ්බ කොල කෑල්ල ලොකු මැණිකෙගෙ කාමරේට ආව හේතුව,සුදුබේබි අහම්බෙන් දැකලා අරං ආව කුරියර් රිසිට් පත,තමන්ගෙ යාලුවෙක්ගෙ ගෙදරක තියෙන බැජ් ෆොටෝව,ලොකු මැණිකෙ එදා උණ විකාරෙන් දෙඩෙව්ව් 'ඇස් දෙක පේන මානෙ හිටියත් ලං වෙන්න බැරි' කියන දේ තේරුම තේරුම් ගත්තු ආශවයි නේත්‍රයි ලොකු හුස්මක් හෙලලා ආයෙමත් ලියුමෙ අන්තිම වගේම එව්ව කෙනාගෙ නම දිහා බැලුවා.

"කෞමදී කිව්වා වගේම මම කැමතියි දවසක අපි දෙන්නට ඉපදෙන දරුවට 'යුගාන්' කියලා නම් තියන්න

මීට,ඔබේම ආදරණීය චමින්ද"

නුවර කියන්නෙ ප්‍රේමයේ නගරයම නෙවෙයි විරහවේ නගරයත් කියන්නෙ ඇත්තක් කියන එක ගල් බැම්ම ලග බිම වාඩි වෙලා උන්නු නේත්‍ර කල්පනා කලේ ගල් බැම්ම උඩට වෙලා කන්ද පැත්ත බලාන ඉන්න සුදුබේබි දිහා බලලා බීරිං කරං එන නුවර ආකාහෙ දිහා බලන ගමන්.වැහි බිංදුව දෙක එක දෙක වැටෙන්න ගනිද්දි නේත්‍රගෙ ඔලුවට ආවෙ එකම එක දෙයයි.සමහරවිට නුවර අහස මේ හලන්නෙ විරහා වේදනා උහුලන්න හිර කරං උන්නු කදුළු වෙන පුළුවන්! කියන එක.

...................................................................................................

වචන 4400+❤️

ඊලග චැපෙන් පස්සෙ සුදුබේබිගෙ ඉස්කොලෙ කාලෙ ඉවර වෙයි බොහෝ දුරට❤️

ඔන්න අරුන්දතීගෙ බූත කොල්ලත් හම්බුනා

ලොකු මැණිකෙගෙත් හම්බුනා

හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

අදහසක් කියන් යන්න බබාලා කැමතිනම්❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter