Back
Chapter 94

93 කොටස 🤍✨️

නිවාලන්න මා...

"හෙලෝ නේත්‍ර....."

"සුදුබේබි දකුණ බලාගෙන එලියට බහින්න හොදද? බැහැලා දෙයියො බුදුන් සිහි කරගෙන එන්නකො....මම මේ මෙතන හැරෙන පාර ලඟ ඉන්නෙ සුදුබේබි"

"හරි නේත්‍ර මම එන්නම්"

අවුරුදු දහ තුනක....හරියට බැලුවොත් ඊටත් වඩා ටිකක් වැඩි වුණු කාලයක පාසල් ජීවිතය අවසන් කරන අවසන් දවස් ටික ආශවට එලඹිලා තිබුණා.උසස් පෙල විභාගයේ පලවෙනි දවස අදට යෙදිලා තියෙද්දි ඊයෙ නේත්‍ර එක්ක පන්සල් ගිහින් බෝධිපූජාවකුත් තිබ්බ ආශව අද සැහැල්ලු මනසකින් විභාගයට යන්න පිටත් උනත් නේත්‍රව ඇස් මායිමට අහු නොවිච්ච එක ගැන ආශව හිටියෙ හරි කනස්සල්ලෙන්.පුරුදු විදියටම අද සුදුපුතා යන සුභ ගමන නිසා මහ මුදියන්සෙ සේවකයන්ව වලව් මායිමෙන් අහක් කරලා තිබ්බා.

ලොකු මැණිකෙ ඉස්සරහට ගෙනාව වතුර වීදුරුවෙන් උගුරක් බිව්ව ආශව එහෙම්මම වාහනේට නැග්ගෙ පලවෙනි දවසෙ නේත්‍ර එක්ක නිදහසේ යන්න ඕනි නිසා.වාහනේ පදවගෙන ඉස්සරහට ඇදුනු ආශවගෙ මූණෙ හිනාවක් පිරුනෙ ක්‍රීම් පාට දිග කලිසමකට පොඩි කොලරයක් තියෙන සුදුපාට අත් දිග කමිසයක් ඇදන් උන්නු නේත්‍රව දැකලා.මල් වගයක් දාගෙන උන්නු සිලි කවරෙකුත් එක්ක නේත්‍ර වාහනේට නැගලා ඉදගත්තෙ ලස්සන හිනාවක් මූණෙ පුරෝගෙන.

"සුභ උදෑසනක් සුදුබේබි"

"සුභ උදෑසනක් නේත්‍ර....මල් අරගෙන ආවෙ?"

"සුදුබේබි එක්සෑම් කරනකං මම ඉස්කෝලෙ කිට්ටුව තියෙන පන්සලට යන්න හිතාන ආවෙ....බෝධිපූජාවක් කරන්න"

නේත්‍රගෙ වචන වලට ආශවට දෙන්න උත්තර නැති උනා.හැමදාම වගේ තමන් වෙනුවෙන් ලොකුම කැපකිරීම් කරන මේ පුංචි කොලු පැංචාට ආපිට දෙන්න තියෙන්නෙ තමන්ගෙ ආදරේ විතරක්ම නිසා ආශව ඒ ආදරේ ඇති වෙන්න නේත්‍රට දුන්නා.කතාබහ එක්කම නිදහස් මනසකින්,හිතකින් ඉස්කෝලෙට කිට්ටු උනු ආශව ඉස්කෝලෙ ලගම තියෙන වාහන ගාලෙන් වාහනේ නවත්තලා නේත්‍රගෙ පැත්තට හැරුණා.

"හැමදාම වගේ.....මගෙ ජීවිතේ ඉන්න වැදගත්ම මනුස්සයා විදියට ඔයාගෙ ආශිර්වාදෙ දෙනවා නේද මට?"

නේත්‍රගෙ පැත්තට හැරුණු ආශව වාහනේ ඇතුලෙදිම නේත්‍රගෙ කකුල් දෙක අල්ලලා වඳිද්දි ඇස් වලින් ගලන කදුළු එක්ක පුංචි එකා ආශවව තුරුල් කරං ආශවගෙ නලලින් දිග හාදුවක් තියන ගමන් ආශිර්වාද කලා.

"බුදු සරණයි මගෙ සුදුබේබිට....මගෙ සුදුබේබිට වරදින්නෑ කවදාවත්ම......සුදුබේබි හොදට ගිහින් විභාගෙ කරන්නකො.....සුදුබේබිට පුළුවන්"

ආශව ඉස්කෝලෙ ගේට්ටුවෙන් නොපෙනිලා යනකං බලන් උන්නු නේත්‍ර එකපාරටම ගැස්සුනේ කවුරුහරි තමන්ට තට්ටු කරන වග තේරිලා.පිටිපස්ස හැරිලා බලද්දි එතන හිටිය දෙවිනුයි දෙනෙතුයි එක්ක හිනා වෙලා කතා කල නේත්‍ර ඒ දෙන්නටත් සුභ පතලා හෙමින් සැරේ ඉස්කෝලෙ කිට්ටුවම තියෙන පන්සල දිහාට ඇදෙන්න ගත්තා.

"තව පැය බාගයක්ම තියේනෙ"

ටිකක් විශාල නවීන පන්නෙට හදලා තිබ්බ පන්සලට ඇතුල් වුණු නේත්‍ර මල් හදන තැනට හෙමිහිට ඇවිදගෙන ගියා.කොහොමත් පන්සල් වගේ තැන් වල තිබ්බ සන්සුන් බවට හැමදාමත් ආදරෙ කෙරුව නේත්‍ර මල් ටික ලස්සනට වට්ටි තුනකට හදලා තියලා වීදුරු වලින් ආවරණය කරලා තිබ්බ පහන් දල්වන තැනට ගිහින් පහන් නවයක් සුද්ධ කරලා අරගෙන එව්වට තෙල් පුරවලා පරිස්සමින් පහන් නවයම පත්තු කලේ නිවෙන්න ඉඩ නොදී.පහන් ටික පත්තු කරලා ආයෙම මල් හැදුව තැනට ආව නේත්‍ර මල් වට්ටි තුන පිලිවෙළින් චෛත්‍යට බෝධියට සහ පිලිම වහන්සේට පූජා කරලා ඇවිත් බෝ මළුවෙන්ම ඉඳගත්තා.

"පේපර්ස් බෙදලා ඉවරනෙ....සුදුබේබි ලියන්න ගන්න ඇති"

අතේ බැඳන් උන්නු දුඹුරුපාට ඔරලෝසුව දිහා බලලා මිමිණුව නේත්‍ර ගාථා කියන්න පටන් ගත්තෙ ආශවට ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන.පුරා පැය දෙකක් පුරාවට ගාථා,ආශිර්වාද කවි,සෙත් කවි කියලා බෝධි පූජාව තිබ්බ නේත්‍ර විවේකයෙන් පස්සෙ එලඹෙන පැය තුන ඇතුලතත් පිරිත් කියන ගමන් ආශවට ආශිර්වාද ලැබෙන්න සැලැස්සුවා.අන්තිම විනාඩි පහ ඇතුලතදි බෝධිපූජාව අවසන් කෙරුව නේත්‍ර ඉක්මනටම ඉස්කෝලෙ ලඟට ඇවිදන් ගියේ සුදුබේබි එලියට එද්දි තමන් එතන ඉන්න ඕනි නිසා.

නේත්‍ර ඉස්කෝලෙ ලඟට යද්දිනුත් සෑහෙන්න දෙමව්පියො වැඩිහිටියො ඉස්කෝලෙ ගේට්ටුවට මෙහායින් හිටගෙන හිටියෙ ලමයි එනකං බලාගෙන.සාමාන්‍යයෙන් උසස්පෙල විභාගයෙදි උනත් පලවෙනිම දවසෙ උදේ හවස දෙකේදිම ලමයිව ගේන ගෙනියන එක දෙමව්පියෝ හුඟක් වෙලාවට කල කාර්‍යයක් උනා.වැඩිහිටියො ගොඩ අස්සෙට ගිහින් පැත්තකින් හිටගත්තු නේත්‍ර පොඩිහිටියා බලන් හිටියෙ ඉස්කෝලෙන් එලියට එන ලමයි අස්සෙ තමන්ගෙ සුදුබේබි ඉන්නවද කියන එක.

"අනේ සුදුබේබි හරි හුරතල්"

නේත්‍රට තනියම මිමිණුනෙ ලමයි ගොඩ අස්සෙන් එලියට ඇවිල්ලා ලමයි දුවං යන දෙමව්පියෝ ගොඩ දිහා බලන ගමන් ඔලුව එහාට මෙහාට හරෝන ආශවව දැකලා.දෙමව්පියෝ දිහා බලන ගමන් හිස් මූණකින් වටපිටට ඇස් යෙමෙව්ව ආශවගෙ ඇස් දිලිසුණේ පාර එහා පැත්තෙ ඉදන් මෙහා පැත්තට පනින නේත්‍රව දැකලා.ලමයි තමන්ගෙ අම්මලා අප්පච්චිලා ලගට දුවං යනව වගේම නේත්‍ර ලඟට වේගෙන් දුවං ආව ආශව නේත්‍රගෙ අතකින් අල්ලගනිද්දි ආශව එක්ක හිනා වෙලා තමන්ගෙ අතේ පැටලිලා තිබ්බ ආශවගෙ අත මිරිකුව නේත්‍ර රථ ගාල පැත්තට ඇදෙන්න ගත්තා.

"සුදුබේබිට දවල්ට කන්න ඕනි මොනාද?"

"නේත්‍ර.....පේපර් එකේ සමහර ප්‍රශ්න....."

"ඒක ලියලා ඉවරනෙ සුදුබේබි.....ඒක ගැන අමතක කරන්න හොදද? ඊලග පේපර් එක ගැන හිතමුකො දැන්....ම්ම්ම්?"

"හ්....හා නේත්‍ර හරි....ඇත්ත තමා.දැන් කතා කරලා වැඩක් නෑනෙ"

"සුදුබේබි මොනාද කන්නෙ? ගෙදර ගිහින් හදලා දෙන්නම් මම"

"නේත්‍ර....."

වාහනේ එලවන ගමන් උන්නු ආශව නේත්‍රගෙ කම්මුලකින් අත තියලා තද කලේ නේත්‍ර එහෙම අහන්න හේතුව දන්න නිසා.තුන හමාරත් පහු වෙලා තියෙන මේ වෙලාව වෙද්දි අනිවාර්යයෙන්ම වලව්වෙ දවල් කෑම මේසෙ අස් කරලා තියෙන වග ආශව දැනන් උන්නා.අද අප්පච්චි ගෙදර කියන්නෙ අනිවාර්යයෙන්ම දවල් දොලහමාර එක වගේ වෙද්දි දවල් කෑම මේසෙ අරිනව වගේම දෙක දෙකහමාර වෙද්දි ඒක අස් කරනවත් ආශව දැනන් හිටියා.තමන් කෑවද නැද්ද කියන එක කොහෙත්ම අදාල නැති මහ මුදියන්සේ ඊලගට උයන්න අවසර දෙන්නෙ රාත්‍රියට වගත් පුරුද්දෙන්ම ආශව දැනගෙන හිටියා.

"තේ ටිකක් බීලා ඉන්නම් නේත්‍ර.....දැන් ගිහින් මේ මහන්සි පිට උයන්න ඕනි නෑ ඔයා"

"එහෙම කියන්න එපා සුදුබේබි.....සුදුබේබි දන්නවනෙ සුදුබේබි වෙනුවෙන් කරන දේවල් වලින් මට මහන්සියක් එන්නෙ නෑ කියලා"

"බතුයි මොනාහරි එක මාළුවකුයි කමු නේත්‍ර.....ලොකුවට මුකුත් එපා"

"අම්මා ඊයෙ පොළොස් ඇඹුලක් හදලා තිබ්බා....අපි එහෙනම් ඒක එක්ක හාල් මැස්සො බැදුමක් හදලා කමු සුදුබේබි"

"මරුනෙ....ඔය තියෙන්නෙ හොඳ කෑමක්"

එක අතකින් සුක්කානම කරකෝන ගමන් අනික් අතින් නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුව ආශව හිනා වෙලා කියද්දි නේත්‍ර හෙමින් සීරුවෙ ආශවගෙ උරහිස උඩින් තමන්ගෙ ඔලුව තියාගත්තා.

ආශවලට ඒ විදියට උදේ නවයට විභාගය පටන් ගනිද්දි තෙවින්ලගෙ විභාග කාලය වැටිලා තිබ්බෙ උදේ එකොලහට.උදේ විභාගය යෙදිලා තිබ්බ තමන්ගෙ අයියා උනු දෙවින්ව කුමාරිහාමි වගේම නිශ්ශංක මහත්තයත් හරි අපූරුවට චාරිත්‍රානුකූලව පිටත් කරද්දි ඒ කිසිම කෙනෙක් තෙවින් විභාගෙට පිටත් වෙන වෙලාවවත් දැනන් උන්නෙ නැහැ.දෙවින් ගෙදර හිටියනම් තමන් කීයටවත් මෙහෙම තනි නොවෙන බව තෙවින් දැනන් උන්නා වගේම තමන් පිට වෙන වෙලව වෙද්දිනුත් අයියා ඉන්නෙ විභාග ශාලාවෙ නිසා තෙවින් පුරුදු විදියට තනියම ගමන පිටත් වෙන්න හිතාගත්තා.

විභාගෙ කිට්ටු වෙන දවස් ටිකේම දෙවිනුත් දෙනෙත්ගෙ ගෙදරට වෙලා පාඩම් වැඩ වලට යොමු වෙද්දි තෙවින් සිංහවංශ වලව්ව ඇතුලෙ තනි වුණා.පාඩම් කරන්නවත් මානසිකත්වයක් නොතිබ්බ තෙවින් ඔහේ පාඩමක්වත් නොකර හිටියත් පුරුදු විදියට එක මනුස්සයෙක් තෙවින්ගෙ ඒ චර්යාව වෙනස් කලා.උදේ පාන්දර දෙකට තුනට වැරදීමකින් කියලා හැමදාම නොදන්න දුරකථන අංකෙකින් ඇමතුම් ලැබෙද්දි තද නින්දෙ උන්නු තෙවින් හැමදාම ඇහැරුනා.ඒ මහ පාන්දර ඇහැරුණාට පස්සෙ අර නොදන්න අංකෙන්ම වට්සැප් මාධ්‍යය හරහා කරන්න ඕනි වැඩ,ප්‍රශ්න පත්‍ර තෙවින්ට එවද්දි තෙවින් ටිකෙන් ටික වැඩ කරන්න හුරු උනා.අන්තිම දවස් වල හවස එළඹෙද්දි තෙවින්ගෙ කාමරේ දොර ලඟින් තියලා තිබ්බ පුංචි පුංචි කෑම බීම පවා තෙවින්ට ලැබෙද්දි මේ කැපකිරීම් කරන කෙනා කවුද කියන එක තෙවින් නිහඬවම සැක කලා.

ඔය දේවල් හිතන ගමන් එලියට බැස්ස තෙවින් කාත් කවුරුත්ම නැතුව ගේට්ටුවෙන් එලියට පය තියන්න යද්දිම තෙවින්ට ඇහුනෙ හුරු පුරුදු කටහඬක්.

"දකුණු කකුල තියලා එලියට වරෙං!"

"ය්....යුගාන්?"

ගේට්ටුව ඉස්සරහ තියෙන කණුවට හේත්තුවකුත් දාගෙන වතුර බෝතලේ අතේ තියාන උන්නු දිවාෂ දිහා බැලුව තෙවින් මුමුණලා දකුණු කකුල ඉස්සරහට තියද්දි තෙවින්ගෙ ඉස්සරහට ආව දිවාෂ වතුර බෝතලේ තෙවින් දිහාට දික් කලා.

"ඕකෙන් උගුරක් බීලා පල....වීදුරු උස්සන් එන්න බැරි නිසා වතුර බෝතලයක් අරං ආවා"

දිවාෂ කියද්දි දිවාෂට නොපෙනෙන්න හිනා වුණු තෙවින් වතුර බෝතලෙන් උගුරක් අරං බීලා ඒක ආයෙ දිවාෂට දෙද්දි දිවාෂ තෙවින් දිහා බලලා ලා හිනාවක් දැම්මා.

"හොඳට එක්සෑම් කරගන්නවා! පුළුවන් උපරිම කරගන්න....තමුසෙට පුළුවන්"

තෙවින්ගෙ ඔලුවට පාරක් ගැහුව දිවාෂ එහෙම්මම හැරිලා පාරෙ අනික් පැත්තට යද්දි තෙවින් ටික වෙලාවක් දිවාෂ දිහා බලන් ඉදලා පිටත් වුණා.ගුරු පාර දිගේ හෙමින් සැරේ ඇවිදන්  ගිය තෙවින් පාර කිට්ටුවට එද්දි දුවන්න ගත්තෙ බස් රථයක් එන ගමන් තිබ්බා කියලා දැක්ක නිසා.වේගෙන් ආව බස් රථයට ගොඩ වුණු තෙවින් හිතට ආව සැකයක් නිසා ආසනේක ඉදගෙන නිකමට වගේ ගම්මානෙට යන පාර දිහා හැරිලා බැලුවා.

"යුගාන්....."

ගම්මාන පාර දිගේ ආපහු හැරිලා යන දිවාෂගෙ ඡායාව දැක්ක තෙවින් තමන් තනිවෙලා නෑ කියන සතුටුදායක හැඟීම එක්ක ඇස් වලට උනපු කදුළු පිහගත්තා.

..............................................................................................

"මොකෝ කියන්නෙ? සෙට් එකම අද ක්වීන්ස් එකට බහිමුද?"

"යමං.....මෙහෙම්මම බස් එකට නැගලා යං"

"ආශව! වරෙං ෆොටෝ එකට"

"අඩෝ ටික්ටොක් හදන්න වීඩියෝ එකකුත් ගමුකො ඕයි..."

"පොඩ්ඩක් ඉදහං මැත්ස් එකේ උන් ටිකයි ආට් උන් ටිකයි ආවෙ නෑ තාම"

"අම්මටසිරි රකිතයි ඉන්දීපයි තෙවිනුයි ඉන්නවා නේහ්?"

"සහස්‍රයත් එයි අපි එක්කම"

"උන් වෙනමම යයිද දන්නෑ"

"නෑ....රකිත මැසේජ් එකක් දාලා තිබ්බා උන් සෙට් එක එනකං ඉන්න කියලා"

"මල්ලිත් අපි එක්ක එයි..."

"එලියට වෙලා ඉමුද එහෙනම්?"

සෑහෙන කාලයක් තිස්සෙ තිබ්බ ලොකු බරක් නිදහස් කරපු කොල්ලො ටික එලියට ආවෙ හිනා වෙවී.අදින් පස්සෙ හැමෝම තමන්ගෙ හීන පස්සෙ දුවන්න ගනීවි.කට්ටිය විසිරිලා යාවි.ඒත් එක දවසක් එයි හැමෝම එකට ආයෙ එකතු වෙන.අවුරුදු ගාණක දිවිල්ල නවත්තලා චුට්ටක් හිනාවෙවී කතා කරන.පාසල් ජීවිතේ ඉවර වුනාට පස්සෙ තමා ලොකුම අරගලේ වෙන ජීවන අරගලේට මූණ දෙන්න වෙන්නෙ කියන එකට ටිකකට අමතක කෙරුව කොල්ලො ටික හරි සන්තෝසෙන් හිනාවෙන ගමන් හිටියා.

"අර එනවා කට්ටිය....දෙනෙත්! බස් එකට දුවලා ගිහින් නවත්තගනිංකො!"

පන්තියෙ කොල්ලෙක් කෑ ගහද්දි ඉස්කෝලෙ පහු කරං ගිය බස් එක පැත්තට දුවං ගිය දෙනෙත් බස් රථෙ නවත්තගෙන ඉද්දි රකිත,තෙවින් කට්ටියවත් මැදි කරගත්තු කොල්ලො ටික දුවං ඇවිත් බස් රථයට ගොඩ වුණා.කට්ටියටම ආශවයි දෙනෙතුයි ටිකට් ගද්දි අද ආශවගෙන් මොකක්ම හරි සැලකුමක් ඕනි කියලා කෑ ගැහුව කොල්ලො ආශව ගාණෙ අද යන බිලෙන් බාගයක් ගෙවන්න පොරොන්දු කරවගත්තෙ ජාතික කණ්ඩායමට තේරුණු සතුට තමන් එක්ක බෙදාගත්තෙ නැති වගට චෝදනා කරන ගමන්.

ක්වීන්ස් හෝටලය කිට්ටුව බස්නැවතුමෙන් බැහැගත්තු ඉලන්දාරි ටික කතාවෙන් කතාවෙන් හෝටලයට ඇතුල් වෙලා ඇති පදම් විනෝද වෙන්න ගත්තෙ ආයෙ කට්ටිය කවදා හම්බෙයිද කියලා දන්නෙවත් නැති නිසා.හවස පහ විතර වෙද්දි කට්ටිය එලියට යන්න නැගිටිද්දි ආශව තමන්ගෙ අතට ආව ලොකු බිල දිහා බලලා මුකුත්ම නොකියා තමන්ගෙ බැංකු කාඩ්පත සේවකයට දික් කරද්දි දෙනෙත් තමන්ගෙ බැංකු කාඩ්පත එතනින් තිබ්බෙ ඉතුරු බාගෙ තමන්ගෙ කාඩ් පතෙන් ගෙවලා දාන්න කියලා.

"මොකෝ කල්පනාව? ආශව...."

"ආ.....ඔව්.....නේත්‍රගෙ බර්ත්ඩේ එක එනවනෙ....මේ මාසෙ මැද.....මොනාහරි කරන්න ඕනි ඒකයි කල්පනා කලේ"

"පාටි එකක් දාමු"

"පාටි එකක් දාන්න පුළුවන් දෙනෙත්.....ඒත් නේත්‍ර ඒ වගේ දේවල් වලට නෙවේ ලොකුවටම ආසා....මම තව ටිකක් හිතලා බලන්නම්කො"

දෙනෙත් ආශවවයි දෙවින්වයි තෙවින්වයි බස් නැවතුමෙන් ඇරලවලා ගෙදරින් එවලා තිබ්බ වාහනේ නැගලා යද්දි ආශවයි දෙවිනුයි බස් රථයකට ගොඩ උනා.පුරුදු විදියට ගම්මානෙ පාර ගාවින් බැහැගත්තු ඉලන්දාරි තුන් දෙනා ගුරුපාර දිගේ ඉස්සරහට ඇදෙන්න ගනිද්දි දෙවින් හෙමින් සැරේ කතා කරන්න ගත්තා.

"දැන් අපි සෙල්ලම් විදියට හිතුව කාලෙ ඉවරයි......ඉස්සරහට කරන මොන දේ උනත් අපි වගකීමෙන් කරන්න ඕනි....ආශවයා මොකෝ කරන්න ඉන්නෙ?"

"ක්‍රිකට් තමා දෙවින්.....ක්ලබ් එකකින් මාව සිලෙක්ට් කරගනියි කියලා විශ්වාසයක් තියෙනවා....එතන ඉදලා මම මගෙ ගේම ගහනවා....උඹ?"

"මමත් ක්‍රිකට් වල ජීවත් වෙන්න ආසයි ආශව.....ඒ උනාට....අප්පච්චි සෑහෙන්න මාව හිර කරන්න යන්නෙ....මට අවුල්....මට මගෙ ආසාවෙන් ජීවත් වෙන්න...."

"අයියෙ,තමුසෙ තමුසෙට ඕනි දේ කරනවා....තමුසෙට අවුල් දාන්න ආවොත් කවුරුහරි ඒක මම බලාගන්නම්"

තෙවින් දෙවින්ගෙ කරට අතක් දාගෙන කියද්දි දෙවින් තෙවින්ගෙ බඩට පාරක් ගැහුවා.කොහොමත් තමන්ට වඩා තමන්ගෙ මල්ලි නොසෑහෙන්න වෙනස් බව දැනන් උන්නු දෙවින් මොකක් හරි ප්‍රශ්නයක් උනත් තෙවින් කොහොම හැසිරෙයිද කියන එක ගැන වග වෙන්න තමන්ටවත් බැරි වග දැනගෙන හිටියා.අයියා මලෝ දෙන්නා දිහා බලලා හිනා වුණු ආශව තෙවින් දිහා බලද්දි තෙවින් ආශව එක්ක ලාවට හිනා වුණා.

"තෙවින් මොකෝ කරන්න ඉන්නෙ?"

"මම කොහොමත් ඊලඟ ඉන්ටෙක් එකේදිම ප්‍රයිවට් කැම්පස් යන්න ඉන්නෙ....මියුසික් සයිඩ් එකේ ඩිග්‍රි එකක් කරන්න"

"මල්ලි? අප්පච්චි....."

"මට එයාගෙන් වැඩක් නෑ.....මම මට ඕනි දේ කරනවා....අම්මා සල්ලි එවන්නම් කිව්වා.....අනික මම සිංදුවක් කරන්න ඉන්නෙ"

"නියමයිනෙ තෙවින්.....වැඩ ඉවරද ඒකෙ?"

"ලිරික්ස් කලා....මමමයි....මෙලඩි එකත් ඕකේ.....බලමුකො....තව මාස දෙක තුනකින් කරගන්න බලනවා...."

"ප්‍රයිවට් යන්න ඉන්නෙ ඇයි ඉතින්? ගවර්මන්ට් එකකට?"

"බෑ ආශවයා.....මට එච්චර රිසාල්ට් එකක් එන්නෑ....අනික මගෙ හීනෙ එක්ක මට ගවර්මන්ට් යුනි එකක වැඩ කරලා බෑ....මට එහෙම යන්න ඕනිකම තිබ්බනම් මම මීට වඩා මහන්සියෙන් වැඩ කරනවනෙ....මගෙ වැඩ එක්ක මම වීකෙන්ඩ් එකේදි විතරක් යන්න ඉන්නෙ කැම්පස්...ගවර්මන්ට් වල ඒම බෑනෙ.....මට සෙට් වෙන්නෙ ප්‍රයිවට්....අනික මම කරන්න යන ඩිග්‍රි එක අවුරුදු තුනයි....හරියටම තුනෙන් අපිව එලියට දානවනෙ...තැග් ගැහීමක් නෑ....ගේමක් ගහගන්න පුළුවන් වෙයි මට"

තෙවින් පිස්සෙක් වගේ දඟල දඟල හිටියට තමන් දෙන්නටත් වඩා හොදට අනාගතේ ගැන හිතලා තීරණ අරං තියෙන හැටි දැක්කම ආශවයි දෙවිනුයි දෙන්නම තෙවින්ගෙ පිටට තට්ටු කලේ ලෙංගතු හිනාවක් පාන ගමන්.දෙවින් තෙවින් දෙන්නා සිංහවංශ වලව්වට හැරෙද්දි ආශව ගෙදෙට්ට දිව්වෙ තමන් එනකං බලන් ඉන්න බෝල ඇස් දෙක මතක් කරන ගමන්.

වලව්වට ගිහින් ඇඟපත සෝදන් ඇඳුමක් මාරු කරගත්තු ආශව පණ කඩාගෙන පහලට දුවන්න ගත්තෙ සුපිපි ගෙනත් දීපු කිරි තේ එක දිහා නිකමටවත් බලන්නෙ නැතුව.නේත්‍රලාගෙ ගෙදර ලඟට ගිය ආශව හෙමින් සැරේ ගේ පිටිපස්සෙන් ගියේ නේත්‍ර ඉස්සරහ දොර අගුළු දාලා තිබ්බ නිසා.හිතුවා වගේම කුස්සියෙ උන්නු පුංචි එකා දර ලිපට පිඹ පිඹ මොනාහරි හදන ගමන් හිටියා.චුට්ටක් කොල්ලව ගස්සන්න හිතෙව්ව ආශව හෙමීට අඩි තිය තිය නේත්‍ර ලගට ලං වෙන්න උනේ නේත්‍රව එකපාරටම පැනලා බදාගන්න උනත්,

"සුදුබේබි ආවද? තේ එකක් හදන්නද?".

ආශවගෙ මූණ මැලවිලා ගියේ කරන්න ගිය වැඩේ හරු ගියේ නැති නිසා.ඒත් එක්කම තමන්ගෙ පැත්තට හැරුණු නේත්‍ර දිහා බලලා ඇහිබැමක් ඉස්සුව ආශව නේත්‍ර ලගට ටිකෙන් ටික එන්න පටන් ගත්තා.

"මම පුළුවන් තරම් අඩි සද්දෙ නෑහෙන්නනෙ අනේ ආවේ...."

"සුදුබේබි ඔතනින් එද්දිම මට සුදුබේබිගෙ සුවඳ ආවා...."

ආශවගෙ කම්මුලකින් අත තිබ්බ නේත්‍ර හිනා වෙලා කියලා කේතලේ සෝදලා ලිපේ තිබ්බ හට්ටිය බාලා කේතලේට වතුර පුරෝලා කේතලේ ලිපේ තියද්දි ආශව හට්ටිය අස්සට එබුණා.

"මස් කරි එකක්? මොනා කන්නද මේ?"

"බඩ්ඩක්....මම කියන්නෑ සුදුබේබිට....සප්‍රයිස් එකක්....හුම්"

ඇසුත් හීනි කරං හිනාවෙවී කිව්ව පුංචි එකා ආශවට තේ එකක් හදලා දීලා කැරට් ලීක්ස් වගයක් කපන්න ගනිද්දි ආශව කුස්සියෙ තට්ටුව උඩට පැනලා ඉඳගත්තා.

"මැච් එක අනිද්දා නේද සුදුබේබි?"

"ඔව් නේත්‍ර.....හෙට ප්‍රැක්ටිස් වලට යන්න ඕනි"

"යංකො සුදුබේබි.....තේ එක බීලා ගිහින් ඩිංගක් දොයියගන්නකො....මම සුදුබේබිට ඇහැරවන්නම් උයලා"

"අනේ අනේ මම ඉන්නම්කො අනේ....ඔයාට කරදර නොකර මෙතන ඉදගෙන ඉන්නම්"

"එතකොට සුදුබේබිව සප්‍රයිස් කරන්න බෑනෙ සුදුබේබි.....අනේ ගිහින් දොයියගන්නකො"

"හ්ම්ම් හ්ම්ම්ම්....යන්නම්....හැබැයි පගාව ඕනි"

"මොනාද සුදුබේබි? බිස්කට් එකක් ඕනිද?"

"ඔව්....කුකී එකක් තමා කන්න යන්නෙ....ජීවිතේට කන්න පුළුවන් රසම කුකී එක"

"ඈ?"

"නේත්‍ර කුකීස්"

නේත්‍රව ඉනෙන් ඇදලා ගත්තු ආශව පුංචි එකාගෙ තොල් දෙතුන් පාරක් උරලා සිපගෙන තට්ටුවෙන් බැහැලා කුස්සියෙන් එලියට ගිහින් ආයෙම දුවලා ඇවිල්ලා නේත්‍රගෙ කම්මුල් දෙකෙනුත් හාදු දෙකක් තියලා කාමරේට දිව්වා.ආශවගෙ කෝලම් වලට තනියම හිනා වුනු නේත්‍ර ඉක්මන් කරලා එලවලු ටික කපලා කුස්සියෙ බකට් එකකට දාලා තිබ්බ හවස් වරුවෙ ටවුමෙන් ගෙනාව පරාටා රොටී පැකට්ටුව එලියට අරගෙන ඒක ගාණට කෑලි වලට කපන්න ගත්තා.

දුම් කාගෙන දර ලිපේම තමන්ට පුළුවන් උපරිම රහට කොත්තුවක් හැදුව අහිංසකයා ඊලගට ගියේ අරලිය ගහ යටට.ප්ලාස්ටික් පුටුවක් අරං ගිහින් ගහ යටින් තිබ්බ නේත්‍ර ඉණට අත් දෙකත් තියාගෙන ගහ දිහා බලල ගේ ඇතුලට දුවලා ඇවිල්ලා වයර් කෝඩ් එකක් ගේ ඇතුලෙ ප්ලග් පොයින්ට් එකකට ගහලා ඒක එලියට ඇදගෙන ආවා.ගේ ඇතුලෙ තිබ්බ වෙසක් කාලෙට දාන්න ගෙනාව බල්බ් වැල් දෙක තුනක් උස්සන් ආව නේත්‍ර අරලිය ගහේ පාත තිබ්බ අතු කීපයක් අතරෙ බල්බ් වැල් දෙකක් රඳවලා අනික් එක ගහේ කඳ වටේට එතුවා.බල්බ වැඩ කරනවද කියලා එකපාරක් එලියට ඇද්ද වයර් කෝඩ් එකට ගහලා බැලුව නේත්‍ර එව්වා ආයෙම ගලවලා තියලා පිටිපස්සෙ දොරයි ඉස්සරහ දොරයි හෙමින් සීරුවෙ වහලා දාල එලියට පැන්නෙ ආශවට නෑහෙන්න.

"මාමෙ .....මට පෙප්සි එකක් දෙන්නකො"

"පෙප්සිනම් නෑ කොල්ලො....කොකා කෝලා විතරයි තියෙන්නෙ"

"එහෙනම් ඒකක් දෙන්නකො.....ලොකු බෝතලයක් මාමෙ....කූල් කල එකක් ඕනි"

කඩේ තට්ටුව උඩ අත් දෙකත් තියාගෙන උඩ පනින්න ඔන්න මෙන්න සන්තෝසෙන් ඉන්න පුංචි එකා කියද්දි කඩේ මනුස්සයා හිනා වෙලා ලීටරේ බීම බෝතලයක් අරං නේත්‍රට දුන්නා.අතේ මිට මොලවං ආව සල්ලි ටිකත් කඩේ මනුස්සයට දීලා ඉතුරු ඉල්ලගත්තු නේත්‍ර ආපහු පාරක් අනික් පැත්ත හැරිලා දිව්වෙ හරි සන්තෝසෙන්.

"සුදුබේබි.....සුදුබේබි නැගිටින්නකො....."

පැයක් දෙකක් නිදන් උන්නු ආශව හෙමීට ඇස් ඇරියෙ තමන්ගෙ පපුව උඩට දැනුනු බර ගතියකුයි පුංචි මිමිණිලි සද්දෙකුයි එක්ක.ඇස් අරිද්දිම තමන්ගෙ පපුව උඩ ඔලුව තියං උන්නු නේත්‍රව දැක්ක ආශව පුංචි එකාව තුරුල් කරං ආයෙම ඇස් වහගත්තා.

"නැගිටින්න මගෙ සුදුබේබි.....නේත්‍ර සුදුබේබිට බඩ්ඩක් ලෑස්ති කලා"

ආයෙමත් පුංචි එකා තමන්ව හොල්ල හොල්ල කතා කරන නිසා ඇස් දෙක පොඩි කරන ගමන් නැගිට්ට ආශව තමන්ගෙ පපුව උඩට වෙලා ඇස් දෙකත් බෝල කරං බලන් ඉන්න නේත්‍රගෙ තොල් උඩින් කෙටි හාද්දක් තිබ්බා.ආශවගෙ හාද්ද එක්ක රතු ගැහුනු නේත්‍ර මූණ බිමට බර කරගනිද්දි නේත්‍රගෙ මූණට එබුනු ආශව පුංචි එකාගෙ රතු ගැහුනු කම්මුලක් හෙමීට මිරිකුවා.

"කෝ ලෑස්ති කල බඩ්ඩ?"

"යංකො සුදුබේබි"

ආශවගෙ අතින් අල්ලගත්තු නේත්‍ර සාලෙ හරියෙදි ආශවට ටිකක් පාත් වෙන්න කියලා ඒ චූටි අත් දෙකෙන් ආශවගෙ ඇස් දෙක වහගත්තා.නේත්‍රගෙ අත් තියෙන විදිය එක්ක තමන්ට ඉස්සරහ පේන බව තේරුම් ගත්තු ආශව කලේ තමන්ගෙ ඇස් දෙක වහගත්තු එක.ආශවට ඕනි වුනේ නැහැ නේත්‍ර මෙච්චර කල කැපකිරීමක් බාල්දු කරලා දාන්න.

"මෙන්න සුදුබේබි!!!"

ආශවගෙ ඇස් උඩ තිබ්බ තමන්ගෙ අත් දෙක අහක් කල නේත්‍ර සන්තෝසෙන් කියද්දි ආශව තමන්ගෙ ඇස් දෙක ඇරලා බැලුවා.ආශවගෙ කදුළු පිරුණෙ නේත්‍ර තමන් වෙනුවෙන් කරලා තියෙන දේ දැක්කම.සුදුබේබිගෙ විභාගය ඉවර වෙලා සුදුබේබිට නිදහසක් ලැබීමේ සතුටට නේත්‍ර සාදයක් ලෑස්ති කරල තිබ්බා.ඒ දෙන්නට විතරක්ම.පුංචි නමුත් හරි ආදරණීය එකක්.

ලස්සනට බල්බ් වලින් දිලිසෙන අරලිය ගහ යටට ගිය ආශවගෙ මූණට ලස්සන හිනාවක් ආවෙ අරලිය ගහ යට බංකුව උඩ තියෙන කෑම ටික දැකලා.නේත්‍රම හැදුව කොත්තුවක්,පුංචි පුඩිමක් වගේම සීතල බීම බෝතලෙත් දැක්ක ආශව නේත්‍රගෙ හිස් මුදුනෙන් හාද්දක් තිබ්බා.

"ස්තූති කරලා ඔයාව පිට කෙනෙක් කරන්න මට බෑ නේත්‍ර....මම ආදරෙයි.....හුඟාක් ආදරෙයි....මම වෙනුවෙන් කරන මේ හැමදෙටම....මම ඕනි තරම් පාටීස් වලට ගිහින් තියෙනවා නේත්‍ර.....ඒත් මට මේ වෙනකං ලැබුනු හොදම පාටි එක මේක....ඇත්තමයි.....අපි දෙන්නා විතරක්ම....ඒක හැඟීම හරි ලස්සනයි නේත්‍ර"

නේත්‍රගෙ කර වටේ අත දාන් නේත්‍රට ආශව මුමුණද්දි පුංචි එකා තමන්ගෙ ඇස් වලට උනපු කදුලු පිහිදගත්තා.ආශව කියලා කියන්නෙ නොසෑහෙන සාදයන් වලට සහභාගී උනු කෙනෙක්.තරු පහේ හෝටල් වල,ලංකාවෙ වගේම පිටරටවල් වල පවා සාද වලට සහභාගී උනු කෙනෙක්.ඒත් ඇත්තටම ඒ හැම එකකටම වඩා ආශවට නේත්‍ර තමන් වෙනුවෙන් සූදානම් කල මේ සාදය හරි විශේෂ එකක් උනා.ඒ වගේම ආශවට වටිනාම කියන සාදය උනෙත් ඒක.

"මට බෙදලා දෙන්නකො නේත්‍රම ......හරි සුවඳයි මේක"

"ඉන්න සුදුබේබි"

බංකුව උඩ තිබ්බ වීදුරුවකට බීම පුරෝලා ඒක ආශවට දුන්නු නේත්‍ර පිඟානකට කොත්තු ටිකක් බෙදලා දෙද්දි ආශව ලගම තිබ්බ පුටුවකින් ඉදගත්තා.ආයෙමත් නේත්‍ර ලස්සන කරලා තිබ්බ වටපිටාව දිහා බැලුව ආශව නේත්‍රගෙ ඔලුව අතගෑවා.

"ඔයා එක්ක ඉන්න තත්පරෙත් හරි නිදහස් නේත්‍ර"

"මටත් සුදුබේබි.....දැන් සුදුබේබිගෙ ජීවිතේ එක ගමනක් ඉවරයි...පටන් ගන්න යන්නෙ වෙනම ගමනක්....මට ඕනි උනා සුදුබේබිට පුළුවන් විදියට ඒ වෙනුවෙන් ට්‍රීට් එකක් දෙන්න"

"ඔයා හැමදාම මට දුන්නු පුළුවන් දේ නෙවෙයි නේත්‍ර.....හොඳම දේ....අද වෙනකං මට ලැබුනු හොඳම දේවල් ලැබුනෙ ඔයාගෙන්"

"නේත්‍ර ආදරෙයිනෙ සුදුබේබිට"

"සුදුබේබිත් ආදරෙයි මගෙ නේත්‍රට.....කෝ ඔයත් එන්න මැණිකෙ කන්න....මම බෙදලා දෙන්නද?"

"එපා සුදුබේබි කන්නකො.....මම බෙදාගන්නම්"

තමන්ගෙ පිඟානටත් කොත්තු ටිකක් බෙදාගත්තු නේත්‍ර පුටුවෙන් ඉදගනිද්දිම ආශව නේත්‍රගෙ පැත්තට හැරිලා කට ඇරියා.තමන්ගෙ පිඟානෙන් කටක්වත් කාලා නොතිබ්බ ආශව නේත්‍රගෙන් පලවෙනි කෑම කට කවාගනිද්දි පුංචි එකා හරි ආසාවෙන් ආශවට කෑම කැව්වා.

"ම්ම්ම්....කඩේ කොත්තු මොනාද අනේ.....නේත්‍ර රහට හදලා....ඇත්තටම අද වෙනකං මම කෑව රහම කොත්තුව මේක"

නේත්‍ර කලේ හිනා වුණු එක විතරයි.කාලා බීලා සන්තෝස උනු දෙන්නා අන්තිමට පිම්බුනු බඩවලුත් අල්ලන් අරලිය ගහ යට එහෙට මෙහෙට ඇවිද්දෙ ඉස්මුරුත්තෙටම කාලා තිබ්බ හන්දා.හඳ එලිය හොදට වැටිලා තිබ්බ රාත්‍රියක අඩ අඳුරු මිදුලෙ ඇවිදින ගමන් දෙන්නට දෙන්නගෙ අනාගතේ ගැන කතා කරගන්න එක දෙන්නටම හරි ආදරණීය හැඟීමක් උනා.බඩවල් බැහැලා අමාරුකම් අඩු උනාට පස්සෙ ආශව එක්ක ගෙට ගිය නේත්‍ර දොර වහලා දාද්දි නේත්‍රව අත් දෙකට උස්සගත්තු ආශව කාමරේට ගියේ පුංචි එකාගෙ තොල් වලට වද දෙන්න තිබ්බ උවමනාවට කියලා තේරුම් ගත්තු නුවර අහස හඳ එලිය හංගගත්තෙ හරි ලැජ්ජාවෙන්.

..............................................................................................

"අද මැච් එක කීප දෙනෙක්ට ස්පෙශල් මැච් එකක්....ආශව,සනුක,ආදිත්‍ය,මිතුන්,කාංචන.....ඔයාලා අන්ඩර් නයින්ටීන් ප්ලේ කරන අන්තිම මැච් එක මේ"

"යස් කෝච්!!!"

"අමතක නොවෙන විදියෙ හොද ගේම් එකක් දෙන්න අද....හචාපචා වෙලා අයින් වෙනවට වඩා ගේම් එකක් දීලා මිනිස්සුන්ගෙ ඔලුවෙ රැදෙන කැරැක්ටර් එකක් වෙලා අයින් වෙන්න"

"යස් කෝච්!"

"ඔතන ප්ලේ කරන සමහරු ඉන්දියන් බී ටීම් එකෙත් ඉන්න අය කියලා දන්නවනෙ...අපි ඉන්නෙ එකට එකක් විදියට....අද දිනන්න ඕනි සීරිස් එක වින් කරන්නනම්....ගේම් එකක් දෙන්නම වෙයි.....හොර කරන්න ඉඩ තියෙනවා එයාලා....ඕක වෙනවනෙ කොහොමත්.....හැබැයි රණ්ඩුවට යන්න එපා....අම්පයර් එක්ක කතා කරලා විසඳගන්න බලන්න....තේරුනානෙ?"

"යස් කෝච්!"

"ආශව! ආදිත්‍ය! ලියෝන්! තුන් දෙනා කන්ට්‍රෝල් පිට ඉන්නවලා! සනුක,මේ තුන් දෙනාව කන්ට්‍රෝල් කරලා බලාගන්න....තේරුනානෙ?"

"යස් කෝච්!"

"ආශව.....මොන දේ උනත් රණ්ඩුවට යන්න බෑ! ලියෝනුත් එහෙමයි.....ලියෝන් අමතක කරන්න එපා මේ පාර තමුන්ව රිසව් ප්ලේයර් කෙනෙක් විදියට නැෂනල් ටීම් දාන්න යන්නෙ කියන එක!"

"ඕකේ කෝච්!"

"ආශව?"

"කෝච්?"

"ප්‍රශ්න වෙන්න පුලුවන්.....ආශව ආවේගශීලී කියලා තේරිලා ඇති පහුගිය මැච් දෙක එක්ක.... ඔය ප්ලේයර් කෙනෙක් ඔයා එක්ක ගැටෙන්න එන්න පුළුවන්....ඒ වෙලාවට ඒක මග ඇරලා ඉන්න....ඔයාට යන්න තියෙන ඉස්සරහ ගමන් නවත්තගන්න එපා ඉක්මනට කේන්ති අරං"

"කේන්ති යන එකක් නෑ කෝච්!"

"එහෙනම් ඕකේ.....සෝ බෝයිස්.....ගුඩ් ලක්! ගේම් එකක් දෙමු"

කට්ටියම ඩ්‍රෙසින් රූම් එකේ ඉදන් එලියට එද්දි සනුක ආශවගෙ කර වටේ අත යැව්වෙ හිනාවෙවී.

"කේන්ති යන එකක් නෑ කියලා ශුවර් පිට කිව්වෙ මොකෝ?"

"අදත් නේත්‍ර මැච් එක බලන්න එනවා සනුක....එයාගෙ ඉස්සරහ කේන්තිය පාලනේ කරගන්න පුළුවන් මට"

"ආ ඔව් නේද? මටත් විශ් කලා මල්ලි"

"ඔව් ඔව්....ඊයෙ කිව්වා සනුක අයියටත් විශ් කරන්න ඕනි කියලා"

සනුක හිනා වෙලා ඔලුව වනද්දි ආශව බවුන්ඩ්‍රි එක කිට්ටුව කණ්ඩායම හිටිය තැනට ගියේ සනුක කාසියේ වාසිය උරඟා බලන්න පිට්ටනියට යද්දි.ඉන්දීය කණ්ඩායම් නායකයා සහ සනුකගෙ අතට අත දීමෙන් අනතුරුව කාසියේ වාසිය උරඟා බැලුවා වගේම වාසිය සනුකගෙ පැත්තට කැරකෙද්දි සනුක දෙපාරක් නොහිතා පන්දු යැවීම මුලින් කරන්න ඉදිරිපත් වුණා.

"තව පැය බාගෙකින් වගේ පටන් ගනියි....කට්ටිය රෙඩි වෙමු"

කණ්ඩායම හිටිය තැනට ආව සනුක කියද්දි කොල්ලො ටික ආයෙමත් ඩ්‍රෙසින් රූම් එකට දුවලා ගියා.ඇඟිල්ලක ආබාධයක් ඇති වෙලා තිබ්බ ලියෝන් තමන්ගෙ දබරැගිල්ලෙ ඔතලා තිබ්බ බැන්ඩේජය අල්ල අල්ල ඉද්දි ඩ්‍රෙසින් රූම් එක ඇතුලට ආව බිවේෂ් ලියෝන් ලඟින් ඉදගත්තා.

"ඇයි?"

"ල්....ලියෝන්ට විශ් කරන්න ආවෙ"

"තෑන්ක්ස්....දැන් යන්න"

"ලියෝන්ගෙ ඇඟිල්ල හුගක් රිදෙනවද?"

"බිවේෂ්! ප්ලීස් ලීව්.....මගෙ මෙන්ටලි සිටුවේෂන් එක මැච් එකට හුඟක් බලපානවා කියලා ඔයා දන්නවනෙ....ඔයා නිසා මම ස්ට්‍රෙස් වෙන එක විතරයි වෙන්නෙ....ඒ නිසා යන්න"

"ස්.....සොරි ලියෝන්....මට ඕනි උනෙ ඔයාට විශ් කරන්න විතරයි....සොරි....මම යන්නම්"

ලියෝන් දිහා බලලා හිනා වුණු බිවේෂ් එතනින් නැගිටලා යද්දි සනුක ලියෝන් දිහා බලලා ඇස් දෙක රෝල් කරලා අහක බලාගත්තා.කොහොමත් ලියෝන්ගෙ මේ ක්‍රියාකලාපෙ එක්ක ලියෝන්ට මොකක්ම හරි වේදනාත්මක දෙයක් වෙන බව සනුකට ඉවෙන් වගේ වැටහුනත් කොච්චර තේරුම් කලත් ලියෝන් තේරුම් නොගන්න නිසා සනුක ලියෝන්ට පැහැදිලි කරන එක නවත්තලා තිබ්බා.

"සනුක අයියෙ....ඔයාට බැරිද ඔය මනුස්සයට ටීම් එක පලාතකටවත් එන්න බැරි වෙන විදියට මොකක් හරි තහනමක් දාගන්න?"

"ඒ කොල්ලා ආවෙ ඔයාට විශ් කරන්න විතරයි ලියෝන්....මම හැමදාම කියනවා වගේ මෝඩ වෙන්න එපා...ඔයාට දවසක හිතුනොත් ඔයා හුඟක් පරක්කු වෙලා කියලා,අන්න ඒ හැඟීමෙන් ඔයාට ජීවිත කාලෙම විඳවන්න වෙයි"

ලියෝන්ගෙ නලලට පාරක් දුන්නු සනුක කෝච් ලඟට ඇවිදන් යද්දි දුරකතනෙන් නේත්‍ර එක්ක කතා කරලා ඒක පැත්තකින් තිබ්බ ආශව නානකාමරේට යන්න පිටත් වුණා.සනුක එක්ක තරහා උනු ලියෝන් සනුකටත් ගස්සගෙනම එතනින් යද්දි ආදිත්‍ය හිනාවෙලා ඔලුව දෙපැත්තට වැනුවෙ කොච්චර කලත් තමන්ගෙ යාලුවා උනු බිවේෂ් ලියෝන්ව කීයටවත් අත අරින්නෙ නැති බව දන්න නිසා.අත් දෙක දිග ඇර ඇර පුංචි ව්‍යායාමයක් කරන්න ගත්තු ආදිත්‍ය එකපාරටම ගැස්සිලා ගියේ ආශවගෙ දුරකතනෙ නාද වෙන්න ගත්තු නිසා.

"අරුන්දතී?"

ආශවගෙ දුරකථන තිරයේ වැටිලා තියෙන නම දිහා බැලුව ආදිත්‍ය දෙපාරක් නොහිතා දුරකථන ඇමතුමට සම්බන්ධ වෙලා දුරකථනෙ කනේ තියාගත්තෙ හිතේ පැසවන කාරණයක් නිසා.

"හෙලෝ සුදු...."

නානකාමරේ දොර ඇරෙන සද්දෙ එක්ක ඉක්මනටම ඇමතුම විසන්ධි කල ආදිත්‍ය දුරකථනෙ පැත්තකින් තිබ්බෙ ආශව එතනට එද්දි.ආශව දිහා බලලා සැක නොහිතෙන විදියට එහාට ගිය ආදිත්‍ය දිගටම ව්‍යායාම වල නිරත වෙද්දි ආයෙමත් අරුන්දතීගෙන් ආව ඇමතුමක් එක්ක ආශව දුරකථනෙ අරං ටිකක් එහාට ගියා.

"හහ්! සුදූ ලු....දේතු කිව්ව දේ ඇත්ත...කොල්ලෙක් ඉද්දිම මම එක්ක නැලවෙන්න එනවා ලැජ්ජා නැති ගෑනි!"

සුදුබේබි කියලා අරුන්දතී කියන්න ගිය දේ වරදවා වටහාගෙන කට කොණකට ආව හිනාවක් එක්ක ආශව දිහා බැලුව ආදිත්‍ය ආයෙමත් ව්‍යායාම වලට අවධානෙ දෙද්දි සනුක කණ්ඩායම පහලට එක්කන් යන්න දුවගෙන ආවා.

.

.

.

.

.

"ලකුණු එකසිය හැත්ත අටක්....ලොකු ටාගට් එකක් අපිට"

"සොරි සනුක අයියෙ අද මට....."

"ඉට්ස් ඕකේ ලියෝන්.....ඔයාගෙ ඇඟිල්ල එක්ක අද ඔයා ගත්තු විකට්ස් දෙක ලොකු දෙයක්....ඒක ගැන හිතන්න එපා"

"හරි අයියෙ"

"ආශව තෑන්ක්ස් මචං.....උබ කඩන්න අමාරුම විකට්ස් තුන කැඩුවා....ඒකට තෑන්ක්ස්....ආදිත්‍ය උඹටත්....කැච් එකක්වත් අතෑරිය නැති එකට"

ආශවයි ආදිත්‍යයි දෙන්නම හිනාවෙලා ඔලුව වනද්දි ආයෙමත් සනුක කතා කරන්න ගත්තා.

"උනු දේ උනා....දැන් අපි මේක ගහන්නම ඕනි....ආශව,අද ඔයා පස්වෙනියට යන්න....හතරට එපා"

"හරි සනුක"

"මම තුන් වෙනියට යන්නම්.....අනික් ප්ලේසස් වල වෙනසක් නැහැ"

"ඕකේ සනුක"

"ඕකේ බෝයිස්!!!! අපිට පුළුවන්! ගේමක් දෙමු!"

සනුකගෙ තීරණේ කොච්චර නම් සාර්ථක එකක්ද කියලා කට්ටිය තේරුම් ගත්තෙ මුල් විකට් දෙක හරි අපූරුවට ලේසියෙන්ම ලකුණු තිහක් වගේ ප්‍රමාණයක් ඇතුලත බිඳ වැටෙද්දි.ඉන්දියා කණ්ඩායමේ හිටිය දක්ෂතම දඟරපන්දු යවන්නා හමුවෙ බිඳ වැටුණු පලවෙනි විකට්ටුවෙන් පස්සෙ පිටියට පිවිසිය සනුක සාර්ථකව පන්දු වලට මුහුණ දෙද්දි සනුක එක්ක කඩුල්ලෙ රැඳිලා උන්නු අනික් සඟයා දැවිලා ගියේ හතරවැන්නාට අවස්ථාව දෙන ගමන්.ලකුණු තිහක් ඇතුලත බිඳ වැටුණු කඩුලු දෙකට තවත් කඩුල්ලක් එකතු උනේ ලකුණු පනහෙ සීමාව ඔන්න මෙන්න පෙනී තියෙද්දි.ඒත් එක්කම පිට්ටනියට පිවිසීමේ අවස්ථාව ආවෙ ආශවට.

"ඔයාට පුළුවන්!!!! සුදුබේබී!!!!!"

'ශ්‍රී ලංකා' කියලා කෑ ගහන සද්ද එක්කම තමන්ගෙ කනට ඇහුනු හුරුපුරුදු හඬ එක්ක ආශව පැවීලියන් එක දිහා බලද්දි පහලම පඩිවලින් එකකට වෙලා උඩ පයින තමන්ගෙ පුංචි එකාගෙ රූපෙ එක්ක ආශව හිනා වුනා.නේත්‍ර දිහා බලලා පපුවට අත තියාගත්තු ආශව එහෙම්මම පිත්තත් කරකවන ගමන් පිට්ටනියට යද්දි පැවීලියන් එකේ උන්නු නේත්‍ර උඩ පැන පැන කෑ ගැහුවා.

සාමාන්‍යයෙන් ජාතික කණ්ඩායමට තරම් ලොකු ප්‍රේක්ශක පිරිසක් මේ කණ්ඩායම වෙනුවෙන් නොයිදියත් සැලකිය යුතු පිරිසක් ඇවිල්ලා හිටියෙ එංගලන්ත සංචාරයෙන් කට්ටිය පෙන්නපු දක්ෂතා එක්ක.හිතුවා වගේම ආශවගෙ පැමිණීම එක්ක ආශව,සනුක දෙන්නගෙ සම්බන්ධතාවය ඉතාමත් ශක්තිමත් විදියට ගොඩ නැගෙද්දි සනුක තමන්ගෙ පිත්ත ඉස්සුවෙ සනුක ලබාගත්තු අර්ධ ශතකයක් නිසා.

"කමෝන් ආසව!!!! ගහපාංං!!!!! හයක් ගහපාංං!!!! තොට පනහට හයයි ඕනී!!!!!"

දිවාෂගෙ කෑ ගැහිල්ල එක්කම ආශව පහර දුන්නු පන්දුව බවුන්ඩ්‍රිය උඩින් පියාඹගෙන යද්දි ලංකාවෙ කොඩියක් අතේ තියං උන්නු නේත්‍ර කොඩිය දිවාෂගෙ ඔලුවට දාලා උඩ පැන පැන කෑ ගහන්න ගත්තා.පුරුදු විදියට පපුව උඩට වැටිලා තියෙන මුද්ද උඩින් අත තියාගත්තු ආශව පැවීලියන් එක දිහා බලාගෙනම පිත්ත ඔසවද්දි ඊලඟ ඕවරය යොමු කරන්න ආවෙ ඉන්දීය කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නෙක්.

ඉතාමත් සාර්ථක අන්දමට පන්දු වලට මුහුණ දුන්නු සනුක වගේම ආශව කණ්ඩායම ජයග්‍රහණයේ මාවත කරා ගෙනියද්දි අවසන් ජයග්‍රාහී හතරේ පහර ආශවගෙන් ලැබෙද්දි නේත්‍ර එතනම ඉදගත්තෙ ඇස් වලින් ගලන කදුළු පිහිදන ගමන්.ආශවලගෙ ජයග්‍රහනෙ එක්ක හැමෝගෙම අවධානෙ පිට්ටනියෙ තිබ්බත් මොන වෙලාවක හරි නේත්‍ර දිහාට කැමරාවක් යොමුවෙන්න පුළුවන් වග දැනන් උන්නු උපාධ්‍යා ඉක්මනටම දුවගෙන ගිහින් නේත්‍රගෙ ඉස්සරහුන් හිටගෙන නේත්‍රව ආවරණය කරගෙන ඔල්වරසන් දෙන්න ගත්තා.

"And the Man of the match award goes to Ashawa Thidaswara for his outstanding performance!"

තරඟාවලිය අවසානයේදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් ඉදිරියෙ තරඟේ වීරයා නිවේදනය කල වෙලාවෙදි නේත්‍ර කදුළු ගලන ඇස් දෙක පිහිදන් පැවීලියන් එකට වෙලා විශාල තිරයෙන් පේන තමන්ගෙ සුදුබේබි දිහා බලන් උන්නා. ලා හිනාවක් එක්ක ඉස්සරහට ගිය ආශව චෙක්පත හා කුඩා කුසලානය අතට අරගෙන හැමෝටම අතට අත දීලා ආයෙමත් කණ්ඩායම හිටිය තැනට යද්දි අනුශූරතාවය සඳහා වන චෙක්පත හා කුසලානය ගන්න ඉන්දීය කණ්ඩායම් නායකයා ඉදිරියට ගියා.හැමදේම අවසානෙදි ඉදිරියට ගිය සනුක ශූරතා කුසලානය අරං ඇවිත් ජයග්‍රාහකයො වෙනුවෙන් හදලා තිබ්බ විශාල පුවරුව පිටිපස්සෙන් ගිහින් කට්ටිය එක්ක හිටගනිද්දි මල් වෙඩි සංදර්ශන එක්ක කොල්ලො ටික ඔල්වරසන් දුන්නා.

පැවීලියන් එකට වෙලා මේ හැමදේම දිහා බලන් උන්නු නේත්‍ර තමන්ගෙ රතු වෙච්ච නාහෙ පොඩි කරන ගමන් කල්පනා කලේ සුදුබේබි කලින් දවසෙ රෑ තමන්ට කිව්ව දේ.

"සුදුබේබි මේ පාර සෙල්ලම් කලා ගියපාරටත් අඩා හොඳට"

"ම්ම්ම්ම්ම්....ගියපාර මට ලොකු උනන්දුවක් තිබ්බෙ නැ"

"ඒත් සුදුබේබි එහෙම හිතන්නෙපා...පලවෙනි මැච් එකෙන්ම හොදටම සෙල්ලම් කලානම් සුදුබේබිට ලොකු හොඳක් එනවනෙ"

"මට ලෝකෙ ඉස්සරහ හොදට ප්ලේ කරන්න ඕන්නෑ නේත්‍ර....මට ඕනි ඒක ඔයාගෙ ඇස් ඉස්සරහ කරන්න....මම අන්ඩර් නයින්ටීන් ප්ලේ කරලා ගන්න පලවෙනි අවෝඩ් එක ගන්න ඕනි ඔයාගෙ ඇස් ඉස්සරහ....ගියපාර ඕනි උනේ නෑ මට....මේ පාර මම මෑන් ඔෆ් ද මැච් වෙනවා....ඔයාගෙ ඇස් ඉස්සරහ"

"සුදුබේබි කිව්ව විදියටම කලා"

නේත්‍ර ආදරෙන් ආශව දිහා බලන් ඉද්දි ඡායාරූප වලට පෙනී උන්නු ආශව දිහා තව ඇස් දෙකක් යොමු වෙලා තිබ්බෙ පැවීලියන් එකේ වීදුරු කුටියක ඉදන්.කට කොණකට හිනාවක් නගාගත්තු දිව්දේත්‍රා දුරකථන ඇමතුමක් ගන්න ගමන් ඇතුලට යද්දි නේත්‍ර දිහාට යොමු වෙලා තිබ්බ ඇස් වල අයිතිකාරිව තව කෙනෙක් අල්ලගත්තා.

"මොනාද බලං ඉන්නෙ!"

"නිදුකි! මම බයත් උනා!"

"නේත්‍ර දිහාද බලන් හිටියෙ?"

"ම්ම්ම්ම්....."

"ඔයා හරි හොදයි උපාධ්‍යා.....අර දිව්දේත්‍රා බලන්න....හෙන කරුමයක්නෙ වෙන්න එන්නෙ....ඔයා ඒ අතින් මාරම වෙනස්"

"හ්ම්ම්ම්"

"ඔයාට ගැලපෙනම කෙනා නේත්‍ර නෙවෙයි වෙන්න ඇති....ගැලපෙනම කෙනා හම්බුනාම ඔයාගෙ ජීවිතේ හුගක් ලස්සන වෙයි"

"ඒත් මම නේත්‍රට හරි ආදරෙයි නිදුකි....මට නේත්‍රව අමතක කරන්න හුඟක් අමාරු වෙයි"

"ඒත් නේත්‍රව ඔයාට ලැබෙන්නෙත් නැති නිසා ටිකෙන් ටික හරි අමතක කරන එක නේද හොද? ඔයාට ලොකු ආදරයක් ලැබෙන්න ඕනි උපාධ්‍යා....ඔයා ඒකට සුදුසුයි"

"ම්ම්ම්ම්ම්"

"ඔයා ආශව අයියට සපෝට් කරන එක ඇත්තටම මට හෙනම සප්‍රයිස් එකක් උනා මුලදි....දැන් ඔයා ගැන දන්න නිසා මට තේරෙනවා"

"නේත්‍රගෙ සතුට වෙනුවෙන් නේත්‍ර ආදරේ කරන කෙනාට උදව් කරන්න පුළුවන් වෙන තරමටම මම නේත්‍රට ආදරෙයි"

උපාධ්‍යා ලාවට හිනා වෙලා කියද්දි නිදුකි උපාධ්‍යාගෙ කරවටේ අතක් යවාගත්තා.දෙන්නම නොදැන දෙන්නගෙ පිටිපස්සෙ ඉදන් මේ කතාව ඇහුණු තව කෙනෙක් ලස්සන හැඟීමකින් දිලිසෙන ඇස් වලින් උපාධ්‍යා දිහා බලාගෙන හිටියා.

..............................................................................................

"බෑ බෑ මට සිංදු කියන්න බෑ....."

"ඒ දිවාෂ මල්ලි බොරුව නොදා ඉන්නවකො....ඔයා අපේ මල්ලි එක්ක කවර් එකක් කලේ?"

"අනේ බෑ දෙවින් පණ ඒත් මට"

"දිවාෂ බබා අනේ කියන්නකො සිංදුවක්"

"අනේ දැන් බෑ දෙනෙත් අයියෙ....ලයිව් කියද්දි හරි කැතයි"

"අනේ මමත් ඔයාගෙ කවර් එක විතරයි අහලා තියෙන්නෙ...කියන්නකො මල්ලි"

"අනේ අනේ සනුක අයියෙ බෑ.....මට දැන් ලැජ්ජයි"

"දිවාෂ.....අනේ මම ආසයිනෙ.....කියන්නකො"

"මොකද්ද චූචියො කිව්වෙ?"

"කියන්නකො සිංදුවක්"

"ආසව! දීපං ඔය ගිටාර් එක මෙහෙට....මම සිංදුවක් නෙවේ දහයක් කියන්නම් චූචියො ඔයා වෙනුවෙන්"

දිවාෂ හැමදාම ගහන බණේ ගහද්දි ඇස් දෙක රෝල් කෙරුව ආශව ගිටාරයෙන් දිවාෂගෙ ඔලුව පැලෙන්න පාරක් ගහන්නත් හදලා ආයෙම ඒක පැත්තකට දාලා ගිටාරෙ දිවාෂගෙ අතට දුන්නා.ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් ගත්තු දිවාෂ තමන්ගෙ හැඟීම්බර කටහඩ අවධි කරද්දි වැව් ඉවුරෙ ඉදන් වැවේ ඈත දිහා බලන් උන්නු තෙවින් හෙමීට තමන්ගෙ ඇස් දෙක පියාගත්තා.

"හිත හිත නුඹ පිට ඇදුණාට

රහසෙම වෙනතක බැදුණාට

මම සිටි සිහිනය මම මෙහෙම

අල්ලන් ඉන්නම්

ටික ටික ඉඟි මට දැනුණාට

නොහිතුණු හැටි පුදුමෙකි තාම

අපි වෙන්වුණු හේතුවෙ රහස

හංගන් ඉන්නම්

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට

මගෙ සතුට සොයමි නුඹ ගාව

සැනසුම පතමි නුඹට හැමදාම

සඳ නුඹට දුක නොහිතුනාට

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට

මගෙ සතුට සොයමි නුඹ ගාව

සැනසුම පතමි නුඹට හැමදාම

සඳ නුඹට දුක නොහිතුනාට......."

දිවාෂගෙ කටහඬ එන්න එන්නම ඇඬුම්බර උනත් කට්ටිය ඉස්සරහ දුර්වල වෙන්න ඕනිකමක් නොතිබ්බ දිවාෂ පුළුවන් විදියට සිංදුව කියාගෙන ගියා.

"හිතවත්කම් හිත කඩලා තිබුණා

අපරාදේ අපි හමුවී තිබුණා

තුරුළේ සතපා

අඳුරේ සනසා

මදිවීද කියන් දැනුණා

දවසක් වත් පෙම් කරලා තිබුණා

හිතුනේ නැතිදෝ වැරදී කියලා

හැමදේ සඟවා

පිට වී තිබුණා

හිත නැද්ද දරා......."

තමන්ට තෙවින්ව මුලදිම හම්බුනු තැන,තමන් තෙවින්ට බොරුවක් කියලා හරි සන්තෝසෙන් කඩේට පැනලා දිව්ව හැටි,ඊලඟට ටිකෙන් ටික දෙවින්ගෙ රූපෙ නිසාම තෙවින් යාලුවෙක් වගේ තමන්ගෙ හිතට කිට්ටු වෙන්න ගත්තු හැටි,තෙවින් නේත්‍රගෙ ප්‍රශ්නෙ එක්ක තමන් ලගට ඇවිත් ඇඬුව හැටි,ටිකෙන් ටික තෙවින්ගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහින්ම තමන්ට තෙවින්ව විශේෂ කෙනෙක් උනු හැටි,තමන් තමන්ටත් වඩා තෙවින් ගැන වද වෙන්න ගත්තු හැටි දිවාෂට මතක් උනා.

"නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට

මගෙ සතුට සොයමි නුඹ ගාව

සැනසුම පතමි නුඹට හැමදාම

සඳ නුඹට දුක නොහිතුනාට

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට

මගෙ සතුට සොයමි නුඹ ගාව

සැනසුම පතමි නුඹට හැමදාම

සඳ නුඹට දුක නොහිතුනාට"

ටිකෙන් ටික තෙවින් තමන්ගෙ පපුවට තුරුල් වෙලා අඩද්දි,උරහිසට බර වෙලා කතා කරද්දි තමන්ගෙ පපුව අමුතු තාලෙකට ගැහෙන්න ගත්තු හැටි දිවාෂට මතක් වුණා.තෙවින් ලං වෙද්දි දැනුනු බඩ පපුව දැවිල්ලට මුල් කාලෙ කිරි,කෝමාරිකා බීපු හැටි පස්සෙ හෙමීට තමන්ගෙ ඇත්ත හැඟීම් තේරුම් ගත්තු හැටි,තෙවින්ව අතෑරගන්න බැරි තරමට තෙවින්ට බැඳුනු හැටි දිවාෂට මතක් උනා.තමන්ගෙ හිතේ ඇතිවුනු කුළුදුල් හැඟීම ඒ හැඟීමෙ අයිතිකාරයම අමු අමුවෙ මරලා දාද්දි දැනුනු පපුව හිරවෙන ගතිය දිවාෂට දැනුත් දැනෙන්න ගත්තා.මොන දේ උනත් තමන් තෙවින් වෙනුවෙන් හැමදාම ඉන්න වගට තමන්ටම දිවුරගෙන තිබ්බ දිවාෂ පුරුදු විදියට තමන්ගෙ සතුට උකසට තියලා තිබ්බා.

"හිත හිත නුඹ පිට ඇදුණාට

රහසෙම වෙනතක බැදුණාට

මම සිටි සිහිනය මම මෙහෙම

අල්ලන් ඉන්නම්

ටික ටික ඉඟි මට දැනුණාට

නොහිතුණු හැටි පුදුමෙකි තාම

අපි වෙන්වුණු හේතුවෙ රහස

හංගන් ඉන්නම්....."

ලොකු හුස්මක් පහලට දාලා සිංදුව ඉවර කෙරුව දිවාෂට කට්ටියම අත්පොලසන් දෙද්දි දිවාෂගෙ ඇස් වලින් මගෑරුණු තෙවින්ගෙ ඇස් වලින් පල්ලම් බැස්ස කදුළු හොර රහසෙම තෙවින්ගෙ අත් අස්සෙ හැංගිලා ගියා.

*     *     *     *     *

"ආශව,උඹට මේල් එකක් ඇවිල්ලා ඇති බලපං"

වැව් ඉවුරෙ තිබ්බ ගල් පොත්තට පිට දීලා උඩහින් වැටිලා තියෙන පාරෙ යන මිනිස්සුන්ගෙන් වහං වෙලා සතුටු සාමීචියෙ යෙදෙමින් උන්නු ඉලන්දාරි ටිකගෙ සද්දෙ අස්සෙන් සනුක කියද්දි ආශව තමන්ගෙ දුරකථනෙ තමන් ලගට වෙලා ඉදගෙන අත් දෙකෙන්ම අල්ලන් සැන්ඩ්විච් කෑල්ලක් කමින් උන්නු නේත්‍රට දුන්නා.ඇසුත් බෝල කරලා ආශව දිහා බැලුව නේත්‍ර බෙල්ල ටිකක් පැත්තට නවලා ආශවට ප්‍රශ්නාර්ථ බැල්මක් යොමද්දි ආශව හිනා වෙලා නේත්‍රගෙ නහය ලාවට මිරිකුවා.

"සුභ දෙයක් වෙන්න ඕනි මම හිතන දේනම් ඇවිත් තියෙන්නෙ.....නේත්‍රම බලන්න ඒ නිසා"

ආශව කියද්දි පාන් කෑල්ලත් පැත්තකට විසික් කෙරුව නේත්‍ර අත් දෙකත් ලග තිබ්බ සර්වියට් එකකින් පිහිදන් අත් දෙකෙන්ම ආශවගෙ දුරකථනෙ තමන්ගෙ අතට ගත්තා.නේත්‍රගෙ ඒ පුංචි ක්‍රියාව එක්ක සනුකගෙ පපුව ආයෙමත් බර වෙද්දි ලොකු හුස්මක් පහල දැම්ම සනුක හිත පාලනේ කරං නේත්‍ර දිහා බලාගෙන හිටියා.

"ස්....සුදුබේබි! ද්....දෙයියනේ සුදුබේබිට ක්ලබ්ස් තුනකින් මේල්ස් එවලා!!!! ස්....සුදුබේබිව බඳවගන්න කැමතියි කියල!!! ම්....මට සතුටුයි සුදුබේබි....නේත්‍රට සතුටුයි"

ඉකිගහන ගමන් ආශවගෙ පපුවට පැන්න පුංචි එකා ඉකි ගගහා අඬද්දි ආශව හරි ආදරෙන් ඒ පුංචි පිට උඩින් තමන්ගෙ අත එහෙ මෙහෙ කලා.හිස් මුදුනෙන් හාදු කීපයක් තිබ්බ ආශව නේත්‍රව පුළුවන් තරම් තුරුල් කරං දුරකථනෙ තමන්ගෙ අතට ගනිද්දි කොල්ලො කට්ටියම ආශව දිහා බැලුවෙ සුභ ආරංචිය ඒ කට්ටියටත් දැනගන්න තිබ්බ වුවමනාවට.

"මොකද්ද ආශවයා? කොහෙන්ද ඇවිල්ලා තියෙන්නෙ?"

"සීසීසී එකෙනුයි එස්එස්සී එකෙනුයි ඇවිත් තියෙන්නෙ දැන්....ටැමිල් යූනියන් එකෙන් පැයකට කලින් ඇවිල්ලා"

"අඩෝ කන්ග්‍රැට්ස් බං! මට උනා වගේ සතුටුයි"

ආශව ලගට පැන්න දෙවින් නේත්‍රගෙ ඇඟ උඩින්ම අත දාලා ආශවව තුරුල් කරගනිද්දි දෙවින්ගෙ ඇස් වල පිරිලා තිබ්බ සතුටු කදුළු දැක්ක ආශව දෙවින් එක්ක හිනා වුනේ දෙවින්ගෙ තම්න් වෙනුවෙන් ඇත්තටම සතුටු වෙන කෙනෙක් බව දන්න නිසා.දෙනෙත්ව බදාගෙන හාද්දක් දුන්නු දිවාෂ උඩ පැනලා බිම ඉදගෙන ආශවට පහක් ගහද්දි දෙනෙතුත් ආශවව වැලදගෙන සුභ පතලා ඉදන් උන්නු තැනින් ඉදගත්තා.උනේ මොකද්දවත් දන්නෙ නැතුව ලොකු කල්පනාවක උන්නු තෙවිනුත් කට්ටියම ආශවට සුභ පතන නිසා හරි සන්තෝසෙන් දුවං ඇවිත් සුභ පතද්දි දෙනෙත් නිකමට වගේ දෙවින්ගෙ දුරකතනෙ තමන්ගෙ අතට ගත්තා.

දෙවින් කියන්නෙත් ඇත්තටම දක්ෂ ක්‍රීඩකයෙක් කියන එක දෙනෙත් දැනන් හිටියා.දෙවින් ගැන පාසල් කාලෙ හුගක් ක්‍රීඩා සංගම් වල ඉහල නිලධාරීන් පාසලේ පුහුණුකරු එක්ක කතා කල වගත් දෙනෙත් දැනගෙන හිටියා.ඒ නිසා නිකමට වගේ දෙවින්ගෙ මේල් වලට පිවිසුණු දෙනෙත්ගෙ අත වෙවුලන්න ගත්තෙ විනාඩි තුනකට කලින් දෙවින්ට ඇවිත් තිබ්බ ඊමේලය නිසා.

"ද්....දෙව්....."

"ඇයි බබා?"

ආශවගෙන් ඈත් වුණු දෙවින් දෙනෙත් ලගින් ඉදගනිද්දි සනුක ආශවව වැලඳගෙන සුභ පැතුවා.සනුකගෙ අත් නොදැනුවත්වම නේත්‍රගෙ පිට උඩින් යද්දි එකපාරටම ගැස්සුනු නේත්‍රගෙ වෙනස තේරුනු සනුක තමන්ගෙ අත අහකට අරං එක අතකින් විතරක් ආශවව වැලදගෙන සුභ පැතුවා.

"මට අපේ ක්ලබ් එකෙන් මැසේජ් එක ආවෙ....උඹට එව්වා කියලා මේල් එක"

"තෑන්ක්ස් සනුක....."

"දෙනෙත් ඇයි මේ වෙවුලන්නෙ?"

"දෙවින් පණ! අඬන්නෙ ඇයි ඔයා!"

දිවාෂගෙයි තෙවින්ගෙයි කටහඩවල් එක්ක සනුකගෙයි ආශවගෙයි නේත්‍රගෙයිත් අවධානෙ ඒ පැත්තට ගියා.

"ම්....මටත් මේල් එකක් ඇවිල්ලා ආශවයා එස්එස්සී එකෙන්"

"දෙවිනා! අඩෝ!!!!"

නේත්‍රවත් ඇදගෙනම දෙවින් ලගට පැන්න ආශව අඬ අඬ ඉන්න දෙවින්ව තුරුල් කරගනිද්දි සනුකත් දෙවින්ට අතට අත දීලා සුභ පැතුවා.සුදුබේබිටයි දෙවින් අයියටයි හිර වෙලා උන්නු පුංචි නේත්‍ර චොප්පං වෙලා ඉද්දිම දෙවින්ට සුභ පතද්දි නේත්‍රගෙ ඔලුව අතගෑව දෙවින් නේත්‍ර එක්ක හිනා වුනා.ආශවයි නේත්‍රයි දෙවින්ගෙන් ඈත් වුනු ගමන් දෙවින්ගෙ ඔලුව ඇදලා අරං තමන්ගෙ පපුවට තද කරගත්තු දෙනෙත් තමන්ගෙ ඇස් වලින් ගලන් යන කදුළු වලට ඔහේ යන්න ඉඩ අරිද්දි දෙවිනුත් දෙනෙත්ගෙ තුරුලෙදිම මෙච්චර කල් තමන් උන්නු පීඩන හැම එකක්ම දිය කරලා ඇරලා අඩන්න ගත්තා.දෙවින් ලඟින් ඉදගත්තු තෙවිනුත් තමන්ගෙ අයියව තදින් තුරුල් කරගනිද්දි මල්ලිගෙයි ආදරවන්තයගෙයි මැද්දට වෙලා උනුහුම් වෙන දෙවින් තමන්ට ඕනිම කරන තව උනුහුමක් නැත්තෙ මොකද බලන්න ඔලුව ඉස්සුවා.

"දිවාෂ මල්ලි...."

"ද්....දෙවින් පණ....මට....මට හුස්ම ගන්න බෑ.....මට සතුටුයි"

වැව් ඉවුරෙ පස් උඩ මිට මොලවගත්තු අත් දෙක තියාගෙන නලල ඉවුරට බර කරං එක දිගටම අඬන දිවාෂ ලගට දුවලා ගිය දෙවින් තමන්ගෙ පුංචි දිවාෂ මල්ලිව තුරුල් කරගනිද්දි දිවාෂ හයියෙන් කෑ ගහලා දෙවින්ගෙ තුරුලට වෙලා ඇඬුවා.

ටික වෙලාවක් යද්දි වැව් ඉස්මත්ත නිහඬ වෙලා තිබ්බා.වැවට උඩින් පියාඹන් යන කුරුල්ලො දිහා බලන් උන්නු දිවාෂ දිහා තෙවින් බලන් ඉදිද්දි දෙනෙත් තමන්ගෙ පපුවට තුරුල් වෙලා කෙටි නින්දකට වැටිලා ඉන්න දෙවින් දිහා හරි ආදරෙන් බලන් හිටියා.ගොම්මනේ හමන නුවර හුළඟට හෙමීට රැලි ගහන වැව් වතුර දිහා බෝල උනු ඇස් වලින් බලන් උන්නු නේත්‍ර දිහා ආදරේ වෑහෙන ඇස් වලින් බලන් උන්නු ආශව වගේම ආදරේ එක්ක වේදනාවත් කැටි උනු ඇස් වලින් බලන් උන්නු සනුකගෙ බැල්ම වැටිලා තිබුණා.හැම හිතක්ම හරි අපූරුවට දැනන් උන්නත් හැමෝගෙම හිත් වල රහස් ඒ හැටියටම රැක ගත්තු නුවර ආකාහෙ හෙමීට හඳ මාමට ආකාහෙ ඉඩ දෙන්න ගත්තෙ පොපියන තරුණ හදවත් වලට වගේම විඩාපත් උනු තරුණ හදවත් වලටත් පුංචි ආලෝකයක් දෙන බලාපොරොත්තුවෙන්.

...................................................................................................

වචන 5500+❤️

ඔන්න දෙන්නටම ආවා මේල්ස්....ඊලගට තමා හොදම සෙල්ලම් ටික පටන් ගන්නෙ😓❤️

බබාලා අදහසක් දීගෙන යන්න හොදනම්❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter