Back
Chapter 98

97 කොටස🤍✨️

නිවාලන්න මා...

"මල්ලි බය වෙන්න එපා....අපි ඔයාලට කරදරයක් කරන්නෙ නැහැ"

"ඔ....ඔයා කවුද?"

"මම කවුද කියල දැනගන්න එක මෙවෙලෙ අත්‍යවශ්‍ය නෑ.....ඔයාට මොකක් හරි තුවාලයක් උනාද?"

"නෑ....."

"අක්කෙ...."

"ඔව් යුග්.....ඔව් මල්ලි කියන්න"

"ඇත්තටම මොකද්ද මේ වෙන්නෙ? නේත්‍ර කියන්නෙ කාටවත් කරදරයක් කරල තියෙන කෙනෙක් නෙවෙයි....අඩුම කෙනෙක්ට බැනලවත් නැහැ....ඇයි නේත්‍රට?"

"හේතුවක් තියෙනවා.....මේ දේවල් නේත්‍රට මූණ දෙන්න ඕනි දේවල් නෙවෙයි....මේ හැමදේම වෙන්නෙ පටලැවිල්ලක් නිසා"

"මො....මොකද්ද?"

"ඒක දැනගන්න එකත් මෙවෙලෙ අත්‍යවශ්‍ය නැහැ.....නේත්‍ර මල්ලි...ටික දවසක් යනකං පරිස්සම් වෙන්න....ටික දවසකින් පස්සෙ ඔයාට මේ වෙන දේවල් නැවතෙයි.....අපිව විශ්වාස කරන්න පුළුවන් ඔයාට....අර ඔයා ගෙවල් පාරෙ වංගුව ලග ඉන්න අයට බය වෙන්න ඕනි නෑ....බය වෙන්න ඕනි හෙල්මට් දාන් ඉන්න කෙනෙක්ව දැක්කොත්....හෙල්මට් ගලෝගෙන මෙච්චර දවස් හිටිය දෙන්නව දැක්කනෙ ඔයා? ඒ දෙන්නගෙන් ඔයාට කරදරයක් නැහැ"

"ඒ කෙනෙක් තමා බේරගත්තෙ මාව"

"ඔව්...."

"මම වෙනුවෙන්? ඔයාලා? දන්නෙවත් නැති අය"

නේත්‍රගෙ ප්‍රශ්නත් එක්ක කොණ්ඩෙ කොටට කපං උන්නු කෙල්ල කටේ තිබ්බ චුයින්ගමය එලියට විසික් කරල තව එකක් කටට දාගත්තෙ ලොකු කල්පනාවක් එක්ක.නේත්‍ර ඇහුව ප්‍රශ්නෙ එයාටත් ප්‍රශ්නයක් වගේ.

"ඒක අදටවත් අපි දන්නෙත් නෑ....ඔයාලට උදව් කරන කෙනා ඉන්නවනෙ....එයාට පුළුවන් ලේසියෙන්ම ඔයාව බිල්ලට දීලා එයාගෙ සතුට රැකගන්න....ඒත් එයා එහෙම කරන්නෙ නෑ.....ආශව නේත්‍ර....ඔය දෙන්නව එයාට මොනම හරි හේතුවක් එක්ක විශේෂයි....ඒ කෙනාට ලේසියෙන් කෙනෙක්ව විශේෂ වෙන්නෙ නෑ....හොද විදියට කොහොමත් විශේෂ වෙන්නෑ....හැබැයි ඔය දෙන්නා එයාගෙ ග්‍රීන් කාඩ් සයිඩ් එකට වැටිලා....ඒ නිසා බය වෙන්න එපා"

"එයා කවුද?"

"ඒක දැනගන්න එකත් මෙවෙලෙ අත්‍යාවශ්‍ය නෑ"

කොණ්ඩෙ කොට කෙල්ල දිහා බලල ලොකු හුස්මක් පහල දැම්ම නේත්‍ර දිවාෂලාගෙ ගෙදරින් බැස්සා.ආශව අද එනකං දිවාෂලාගෙ ගෙදර නැවතිලා ඉන්න කියලා මේ ගෑනු ලමයා නේත්‍රට කිව්ව දේ අහක දාන්න නේත්‍රට හිතුනෙ නෑ.විකාර උනු ඔලුවක් එක්ක බිමට බැහැගත්තු නේත්‍ර දිවාෂ එක්ක ගේට්ටුව ඇරගෙන ඇතුලට යනකංම බලන් උන්නු ගෑනු ලමයා වාහනේ හරවගෙන් ගියා.සමහර විට අවුරුදු ගාණක් යනකං ඒ ගෑනු ලමයව නේත්‍ර දකින අවසාන වතාව මේක වෙන්න ඇති.

.

.

.

.

.

"කවුද තමුන්?"

"මම කවුද කියලා දැනගන්න එක මෙවෙලෙ අත්‍යාවශ්‍ය නෑ කොල්ලො!"

"තමුසෙට මොනාද මගෙන් කෙරෙන්න ඕනි? මොකද්ද මේකෙ තේරුම? තමුන් කවුද කියලවත් කියන්නෙ නැතුව මොකද්ද මනුස්සයො මේ කරන්නෙ?"

ආශවගෙ කටහඩ උස් වෙද්දි ඉදිරියට ඇදෙන වෑනය ඇතුලෙ පිටිපස්සෙ ආසන වල උන්නු කළු ඇඳගත්තු පුද්ගලයො හය දෙනාම ලාවට ගැස්සිලා ගියේ ඉස්සරහ ආසනේ ඉන්න දරුණු මිනිහා ඉස්සරහ කිසිම කෙනෙක් මේ විදියට හඬ උස් කරලා කතා කරන්නෙ නැති නිසා.ඊලග තත්පරේ මොන වගේ දරුණු දෙයක් මේ පොඩි හිතුවක්කාර ඉලන්දාරියට වෙයිද කියලා කට්ටිය බයෙන් හිටියත් ඉස්සරහ මගී ආසනේ හිටිය දරදඬු පිරිමියා කට කොණක හිනාවක් එක්ක පිටිපස්ස හැරිලා බැලුවා.

"මාවනෙ දැනගන්න ඕනි උනේ.....මේ ඉන්නෙ මම"

"තමු....තමුන් ක්....කොහොමද මම වගේ....."

"ඒක දැනගන්න එකත් මෙවෙලෙ අත්‍යාවශ්‍ය නෑ"

ආශවට ගොත ගැහුනෙ තමන් තව අවුරුදු කීපයක් වයසින් වැඩි උනානම් තියෙනවා කියල හිතන්න පුලුවන් රූපයක්,කෙටියෙන්ම කිව්වොත් තමන්ගෙ අවුරුදු කීපයක් වැඩිමල් ප්‍රතිබිම්බෙ තමන් දිහා හැරුලා කට කොනකින් හිනා වෙනවා දැකලා.පුංචි පුංචි වෙනස්කම් තිබ්බත් ඇත්තටම මේ කෙනා තමන්ගෙ නිවුන්නෙක් විදියට උනත් කෙනෙක් රැවටෙන තරමට ඒ රූප දෙක සමාන උනා.එක වගේ හතක් ඉන්නවා කියලා කිව්වට ඇත්තටම එහෙම දෙයක් ජීවිතේ පලවෙනි වතාවට අත්වින්ද ආශව ආයෙමත් පියවි සිහියට ආවෙ පෙර කිව්ව පුද්ගලයගෙ ගැඹුරු හඬ නිසා.

"මෙයාව දන්නවද?"

සිගරැට්ටුව අනික් අතට මාරු කරගත්තු දරදඬු පිරිමියා ආශවට තමන්ගෙ දුරකථන තිරේ පෙන්නලා අහද්දි ආශව ඒ දිහා පැහැදිලිව බැලුවා.ආශවගෙ ටිකක්වත් නොගැස්සුනු ඇස් දිහා පුදුමෙන් බලන් උන්නු පිරිමියා දිහා බැලුව ආශව තමන්ට යොමු උනු ප්‍රශ්නෙට උත්තර දෙන්න ගත්තා.

"කවුද මේ?"

"ආහ්?"

"කවුද මෙයා? මම දන්නෑ මෙහෙම කෙනෙක්ව!"

"තමුසෙ මාව විහිලුවකට ගත්තද!"

"විහිලුවක් නෙවෙයි....ඒත් මම දන්නෑ මෙයාව....මම සාමාන්‍යෙන් විහිලු කරන කෙනෙක් නෙවෙයි!"

"මේවගේ රූපයක් තියෙන කෙනෙක්ව දන්නෑ?"

"දන්නවා! මෙයා නේත්‍ර වගේ....ඒත් මේ නේත්‍ර නෙවෙයි....ඉතින් මම කොහොමද මේ කෙනාව දන්නෙ?"

"ඔහෝ....."

ආශවගෙ උත්තරෙන් පුදුම උනු මේ පිරිමියා නිහඬවම ඉස්සරහ බලාගත්තෙ ලොකු කල්පනාවකට වැටිලා.ඔය රූප දෙක නොසෑහෙන්න පටලගත්තු මිනිස්සු අතරෙ එක බැල්මෙන් රූපෙ වෙනස අඳුනගත්තු මේ කොල්ලගෙයි නේත්‍රගෙයි තියෙන බැඳීම ගැන දෙපාරක් හිතන්න මේ පිරිමියට ඕනි උනේ නැහැ.හිස් බැල්මෙන්ම ආශව දිහා ආයෙ බැලුව මේ කෙනා ආශවගෙ මූණ දිහා හොඳින් බැලුවා.

"තමුන්ට පැටලුනේ නෑ?"

"පැටලෙන්න දෙයක් නෑ.....ඔය නේත්‍ර නෙවෙයි කියලා බැලුව ගමන් පෙනුනා මට....ඇයි මෙයා එක්ක මොකද්ද අපි දෙන්නට තියෙන සම්බන්ධෙ?"

"ඒක දැනගන්න එකත් මෙවෙලෙ අත්‍යාවශ්‍ය නෑ...."

"අත්‍යාවශ්‍ය නැත්තං ඔය ඉස්සරහින් නවත්තනවා! මට බැහැලා යන්න!"

"සම්බන්ධෙයි අනවශ්‍ය....ඒත් මේකෙන් තමුසෙගෙ අර නාටු කොල්ලට බලපෑමක් තියෙනවා!"

"නාටු මේ ෆොටෝ එකේ ඉන්න එකානෙ! නේත්‍ර කොහෙද නාටු!"

"හොඳට අහගන්නවා මම දැන් කියන්න යන දේ! ඒක තමුසෙගෙ නේත්‍රට සම්බන්ධයි!"

"කියන්න....න්....නේත්‍රට කරදරයක්ද?"

මෙච්චර වෙලා උස්ව තිබ්බ ආශවගෙ හඬ එකපාරටම බාල වෙද්දි ඉස්සරහ ආසනේ හිටිය මිනිහත් ටිකක් නිහඬ උනේ ඔය හැඟීම් දැන් දැන් ඒ කෙනාටත් දැනෙන්න පටන් අරං තිබ්බ නිසා.ආදරේ කරන කෙනාගෙ ඉස්සරහ ටිකක්වත් දුර්වල නැති මිනිස්සු දුර්වලයො වෙන හැටි ඒ කෙනාත් ඉගෙන ගන්න ගමන් හිටියා.

"දැන් ටිකකට කලින් තමුසෙගෙ කොල්ලට කරදරයක් වෙන්න ගියා....තමුසෙ දන්නවද ඒක?"

"නේත්‍රට! නේත්‍රට මොකද්ද! උඹද කලේ! මොකා උනත් කමක් නෑ නේත්‍රට හීරීමක් හරි වෙලානම් මම උඹව මරනවා!!!"

"තමුන්ගෙ කොල්ලට ප්‍රශ්නයක් නෑ! වෙන්න යන එක නවත්තගන්නයි මේ හදන්නෙ!"

"කියන්න....මම ඕනි දෙයක් කරන්නම්"

ආශවගෙ උත්තරේ එක්ක වාහනේ අතුරු පාරකට හැරෙව්ව රියදුරා දිහා බලලා ඔලුව වැනුව පිරිමියා ආයෙමත් කතා කරන්න ගත්තා.

"නේත්‍ර කියන කෙනාගෙ ජීවිතේට අහක යන පැටලිල්ලක් නිසා අනතුරක් වෙන්න ඉඩකඩ තියෙනවා....අද උනෙත් එහෙම දෙයක්"

"අද? මොකද්ද?"

"අද නේත්‍රට කරදරයක් කරන්න කෙනෙක් ආවා....කෙනාව එව්වෙ කවුද කියලා මම දන්නවා...සන්සුන් වෙනවා පොඩි ඉරුගල්බණ්ඩාර!!! ඒ කෙනාගෙයි මගෙයි අතරෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ...ඒකට තමුන් මැදිහත් වෙන්න ඕනි නෑ"

"ඒත් ඌ නේත්‍රට.....!!!"

"ඒක පැටලිල්ලක් නිසා....මේ රූපෙ ඉන්න කෙනාව නේත්‍ර කියලා වැරදියට තේරුම් ගත්තු නිසා....ඒ නිසා මේ දෙන්නා දෙන්නෙක් කියලා ඒ කෙනාට පෙන්නන්න ඕනි!"

"කියන්න"

"තව දවස් කීපෙකින් ඇක්සිඩන්ට් එකක් වෙයි.....තමුන් දන්න කියන කෙනෙක්....ලොකුවට නොදන්නවා උනත් දන්න කෙනෙක්.....එයා ඇක්සිඩන්ට් උනාට පස්සෙ තමුන් නේත්‍ර එක්ක යන්න ඕනි එයාව බලන්න"

"කවුද ඇක්සිඩන්ට් වෙන්නෙ?"

"දන්න කෙනෙක්"

"කවුද?"

"නේත්‍ර නෙවෙයි....තමුන් අර බඩ බැඳන් ඉන්න යාලුවෙකුත් නෙවෙයි...ඒ ඇතිද?"

"හරි"

ඇත්තටම මේ හිතාමතාම මේ මනුස්සයා අනතුරකට පත් කරන්න ඉන්න තමන් දන්න කෙනා කවුද කියලා ආශව කල්පනා කලත් ඒකට හරිහමං උත්තරයක් ආශවට ලැබුනෙ නැහැ.ඇහුවත් මේ මනුස්සයානම් ඒ ගැන කියන්නෑ කියලා තෙරුම් ගත්තු ආශව ඉදිරියට කරන්න ඕනි දේවල් මොනාද කියලා අහගෙන හිටියා.මොකද කොච්චර කොහොම උනත් ආශවගෙ අංක එක වුණේ නේත්‍ර...නේත්‍ර විතරමයි!

"එතන කෙනෙක් ඉදියි...එයාගෙ පවුලෙ කෙනෙක්....අන්න ඒ කෙනා නේත්‍රව දකිද්දි කලබල වෙයි....තමුන්ට ඒ කෙනාව අඳුනගන්න පුළුවන් වෙයි ඒ නිසා...අදුනගන්න බැරි උනොත් එතනට ගියාම කියනවා....මම තමුන්ට ෆොටෝ එකක් එවන්නම්"

"හරි"

"එයා ඇහුවත් නැතත් තමුන් තමුන්වයි නේත්‍රවයි ඒ කෙනාට අඳුන්වලා දෙන්න ඕනි....නේත්‍ර පොඩි කාලෙ ඉදන්ම මෙහෙ හිටිය එව්වා,නේත්‍ර යන ඉස්කෝලෙ හැමදේම....තේරුණාද?"

"ඔව්"

"එච්චරයි....සැක නොහිතෙන විදියට ඒ කතාව අරං යනවා....කතා කරලා ඇක්සිඩන්ට් උනු එකාව බලලා ආපහු එනව....."

"ඒත් මම කොහොමද හිතන්නෙ තමුන් අපිව බේරන්නමයි මේක කරන්නෙ කියලා?"

"ගෙදර ගිහින් නේත්‍රගෙන් අහගන්නවා අද එයාව බේරගත්තෙ නොදන්න මිනිස්සු නෙවෙයිද කියලා....ඒ හැමෝම මගෙ මිනිස්සු...අනික මම මෙහෙම ලේසියෙන් කෙනෙක් ඉස්සරහට එන්නෙ නැහැ...."

ඉස්සරහ හිටිය මනුස්සයා වාහනේ තිබ්බ අලුබදුනට සිගරැට් කොටය ඔබද්දි වාහනේ එලවන ගමන් මෙච්චර වෙලා නිහඬව වාහනේ එලවමින් උන්නු සුදුමැලි පාට තරුණයා කතා කරන්න ගත්තා.

"මෙයාව,මේ විදියට මෙයාගෙ රූපෙ කාටවත් පෙන්නන කෙනෙක් නෙවේ....මෙයාව සාමාන්‍ය බිස්නස්මන් කෙනෙක් විදියට මිනිස්සු ඕනි තරම් දැකල ඇති....හැබැයි අන්ඩර්වර්ල්ඩ් එකේ කිසිම කෙනෙක් මෙයාව රූපෙන් අදුනන්නෙ නෑ....එයාලා දැකල තියෙන බිස්නස්මන් වෙන්න ඇති මේ අන්ඩර්වර්ල්ඩ් එකේ 'ඩොන්' කියන්නෙ කියලා කිසිම කෙනෙක් දන්නෙ නැහැ මල්ලි...."

"හැබැයි!"

ආයෙමත් අර දරඳඩු පිරිමියා තව සිගරැට්ටුවක් අතට අරං මොකක් හරි මතක් උනා වගේ ඒක පැත්තකින් තියලා කතා කරන්න ගත්තා.

"මම මේ විදියට පේන්න එන්නෙ හේතු දෙකක් මත....එකක් ඒ මිනිහා ඊලග විනාඩියෙ මැරෙන්න තියෙනවනම්....නැත්තං මොන හේතුවකින් හරි මගෙ හිතට ඒ කෙනා ගැන හොද පැත්තට බර විශේෂයක් ඇවිල්ලා තියෙනවනම්.....ඊලග විනාඩි දෙක ඇතුලත තමුන් මේකෙන් බැහැලා සේෆ් පිට ගෙදර යනවා කියන්නෙ තමුන් අයිති මෙතනින් දෙවනි කොටසට!"

"හා"

ආශවගෙ අහංකාර හැසිරීම ඉස්සරහ අනික් තරුණයො ඔක්කොම කලබල වෙලා හිටියත් ඉස්සරහ උන්නු මනුස්සයගෙ තිබ්බෙ කට කොනක හිනාවක් විතරයි.අන්තිමට බස් නැවතුම්පල කිට්ටුවෙන්ම වෑනය නැවැත්තුවට පස්සෙ ඉස්සරහ උන්නු මනුස්සයා ආශව දිහා හැරිලා බැලුවා.

"මොකක් හරි උවමනාවල් උනොත් හිතුවක්කාර නොවී දෙපාරක් හිතන්නෙ නැතුව තෙවින්ට කියනවා මට කතා කරන්න කියලා"

"තෙවින්? ඌ කොහොමද....."

"ඒක දැනගන්න එකත් මෙවෙලෙ අත්‍යාවශ්‍ය නෑ...."

"මට කාගෙවත් උදව් ඕනි නෑ!"

"හරි....අපි දෙන්නා හම්බෙන අවසාන වතාව මේක වෙයි....යන්න පුලුවන් දැන්"

"හරි"

වෑනයෙන් බිමට බැස්ස ආශව දොරත් හයියෙන් වහන් යද්දි මෙච්චර වෙලාවක් හුස්මවත් ගන්නෙ නැතුව හිටිය තරුණයො ටික හුස්මක් පහල දාලා තමන්ගෙ නායකයා දිහා බලද්දි නායකයගෙ මූණෙත් ලා හිනාවක් ඇඳුනා.

"ඩොන්! අර පොඩි එකා තව කියෙව්වනම් එහෙම දෙන්න හිටියෙ මම හොම්බට දෙකක්"

"ඒක කරන්න බෑ මැතිව්!"

ඉස්සරහින් යන ආශව දිහා බලාගෙනම 'ඩොන්' කියලා ආමණ්ත්‍රනේ ලද මෙච්චර වෙලා ආශවට ඕනි කරන උපදෙස් දුන්නු දරදඬු පිරිමියා මිමිණුවා.

"ඔක්කොගෙම ඇස් වහලා ඒ කොල්ලා හෙමින් සැරේ අර ස්පෝර්ට්ස් බෑග් එක ඇතුලට අත දාන් හිටියෙ....මට ශුවර් ඕකෙ බැට් එකක් හරි විකට් පොලු හරි තියෙන්න ඇති කියලා....තමුසෙලා අතක් හරි තිබ්බනම් ඌ දෙපාරක් හිතන්නෑ ඒකක් ඇදලා අරං ගහනවා"

"අපි හැමෝගෙම ඇස් වැහුවට උබ ඒක දැකලා?"

"ඔව්......"

"උගෙ හයිය බලපංකො පොඩි වෙලත්"

රියදුරු ආසනේ උන්නු පිරිමියා මුමුණද්දි දරදඩු පාට පිරිමියා ආයෙ කට කොණකින් හිනා වුණා.

"උගෙ ලේ ආදිල්! උගෙ ලේ වලින් එන හයිය ඒ.....ඒක ගැන මට අමුතුවෙන් හිතන්න දෙයක් නෑ"

"ඌ උඹට සද්දෙ දාද්දිනුත් උඹ කේන්ති නොගෙන හිටියෙ ඒකද?"

"ඇත්තටම....මොකද එව්වා ඉරුගල්බණ්ඩාර කොල්ලා හිතල කරන දේවල් නෙවෙයි කියලා මම දන්නවා....ඒ උගෙ ගතිගුණ....හැබැයි මම හිතුවටත් වඩා කොල්ලා බය නෑ වගේ නේද?"

"බයනම් අර එකෙක්ගෙ අතක් අර වගේ තලයිද? මතකනෙ....එදා ඌව අපි දකිද්දි කුණුමාළු කෑල්ලක් වගේ හිටියෙ...."

"ඔව්....ඒ කොල්ලත් මේකාගෙ වයසෙමනෙ....මම හිතුවා අපි වගේ වැඩිමල් සෙට් එකක් දකිද්දි බය වෙයි කියලා ටිකක් හරි....ඒත් නෑ...."

"නෑ තමා....උඹ වගේමයි ඌත්....ඉතින් පුදුමයක් නෑ"

"හ්ම්ම්ම්"

"ඉස්සරහට මොකද කරන්නෙ?"

"නේත්‍රට දැම්ම ගාඩ් එක අයින් කරන්න එපා ආදිල්.....ඒ වගේමයි ආශවටත්....දෙන්නටම ඒ ගාඩ් එක එහෙම්මම තියන්න"

"හරි.....සැන්ඩෝ....ඒ වැඩ ටික බලපං....ලකියාවයි තුමිදුවයි එහෙ ගමේම නවත්තන්න....උන් ඔන්ලයින් වැඩ කරන උන් වගේ දිගටම පෙන්නගෙන ඉන්න කියපං.....මදුෂාන්වයි බිංදුවයි දෙන්නටත් ආශවගෙ පස්සෙන් ඉන්න කියන්න...."

"සැන්ඩෝ...."

"ඔව් ඩොන්"

ආදිල්ගෙ කතාව නැවැත්තුව ඉස්සරහ ආසනේ උන්නු පිරිමියා සැන්ඩෝ දිහා හැරිලා බැලුවා.

"උන් හතර දෙනාට මේ වැඩේ භාර දුන්නෙ විශ්වාසෙ මත කියන එක හොදට මතක් කරපං සැන්ඩෝ! ඒ විශ්වාසෙ කැඩුවොත්......මගෙ ලඟ සමාවක් නෑ කියන එක අමතක කරන්න එපා....උන්ට වගේම උන්ව මේ වැඩේට යෙදෙව්ව උඹටත්!"

"හ්....හරි ඩොන්....කොල්ලො දෙන්නව රකිනවා අපි"

"හ්ම්ම්ම්"

බස් නැවතුම්පල ඇතුලට ඇවිදන් ගිය ආශවගෙ පස්සෙන් සැක නොහිතෙන විදියට ඇවිදන් ගිය තමන්ගෙ ගෝලයෙක්වත් දැක්ක 'ඩොන්' කියලා නම ලැබුව පිරිමියා ආදිල් දිහාවට හැරුණා.

"යමං!"

"කොහෙද දැන් යන්න ඕනි?"

"නුවර.....මාලිගාව පාරෙන් යං"

"පොඩි එකා ගෙදර ගිහින් ඉදියි අපි යද්දි....."

"මම මොකෙක්වවත් බලන්න නෙවෙයි යන්නෙ!"

"එහෙනම් කෙලින්ම ගෙදර යං....මගුලටද මාලිගාව පැත්තෙන් යන්නෙ?"

"කිව්වම අහලා යමං ආදිල්!"

"උඹනම් අනේ මංදා ධවාන්!"

හයියෙන් හිනා වුණු ආදිල් වාහනේ හරවගනිද්දි 'ධවාන්' කියලා නම් දැරුව දරඳඩු පුද්ගලයා හිස් බැල්මෙන් ජනේලෙන් එලිය බැලුවත් ඒ මූණෙ ලා හිනාවක් ඇඳුනෙ ආදිල් කිව්ව පොඩි කොල්ලව මතක් වුණු නිසා වෙන්න ඇති.

..............................................................................................

"නේත්‍ර!"

"සුදුබේබි....සුදුබේබි ඇයි මේ හති දාගෙන?"

ආශව ගෙදර ඇවිල්ලා දවස් දෙකක් ගත වුණේ නේත්‍රගෙ පස්සෙන්ම වැටිලමයි.නේත්‍ර එදා පාරෙදි උනු දේ ආශවට කියද්දි ආශව තමන්ගෙ ඇස් වලින් ගලල යන කදුළු නවත්තන්න උත්සාහ කලේම නැහැ.ආශව එදා එක දිගටම පැයකට වඩා වැඩි කාලයක් ඇඬුවා.නේත්‍රට රධීන්ගෙන් කරදරයක් වෙන්න ගිය දවසට පස්සෙ ආශවගෙ ඇස් වලින් මෙහෙම කදුළු වැටුනෙ කාලෙකින්.නේත්‍රට තුරුල් වෙලා,නේත්‍රගෙන් සමාව ඉල්ල ඉල්ල,නේත්‍රව එහෙට මෙහෙට හරෝ හරෝ තුවාල නෑ නේද කිය කිය ආශව පිස්සෙක් වගේ හැසිරුණා.අන්තිමට නේත්‍රගෙ සැනසිලි වදන් වලින් සැනසිලා කෙටි නින්දකට වැටුණු ආශව ඇහැරුණු වෙලේ ඉදන් කලේ නේත්‍රගෙ පස්සෙන් වැටුණු එක.අන්තිමට එදා නිර්මලාටත් සද්දයක් දාලා නේත්‍රට පාඩම් වගයක් කියලා දෙන්න තියෙනවා කියලා තමන්ගෙ කාමරේ නවත්තගත්තු ආශව ඇත්තටම නේත්‍රට පාඩම් කරන්න දීලා තමන් ලගම නේත්‍රව නවත්තගත්තා.

දවස් දෙකක් ගෙවුණු තැන එලඹුනු ඉරිදා නේත්‍ර හිටියෙ ආශවගෙ ඇඳුම් වගයක් නවන ගමන්.කොළඹ අරං ගිය යට කලිසම් මදි කිය කිය නාහෙන් ඇඬුව ආශවට පොඩි ඇඳුම් බෑගයක් හැදුව නේත්‍ර වැඩියෙන්ම ආශවගෙ යට ඇඳුම් ඒකෙන් තැන්පත් කරන ගමන් හිටියා.එකපාරටම හති දාගෙන කාමරේට ඇතුල් වුණු ආශව ඇසුත් ලොකු කරං නේත්‍ර දිහා බලන් ඉද්දි කලබල උනු නේත්‍ර ආශව ලඟට ඇවිදන් ගියා.

"සුදුබේබි....සුදුබේබි මේ ඇයි කියන්නකො"

"ඇ....ඇක්සිඩන්ට් එකක් වෙලා"

"කවුද සුදුබේබි? කලබල වෙලා ඇයි මෙච්චර? කවුද?"

"බ්....බිවේෂ්!"

"බිවේෂ් අයියා? දෙයියනේ!"

දවස් කීපෙකට කලින් තමන් වගේම ආගන්තුක මැරවරයෙක්ව හම්බුනු එක ගැන විතරක් කියලා,නේත්‍ර වගේ කෙනා ගැන සහ එදා ඒ මනුස්සයා කිව්ව හදිසි අනතුර ගැන ආශව නේත්‍රගෙන් හැංගුවෙ අන්තිම්ට හැමදේම උනේ නේත්‍ර නිසා කියලා හිතාගෙන නේත්‍ර පසුතැවිලි වෙයි කියන බයට.ඇත්තටම එදා කිව්ව අනතුර ගැන ආශව හංගන්න විශේෂම හේතුව උනේ ඒක.නැත්තං නේත්‍ර නිසා වෙන මනුස්සයෙක් විඳෙව්වා කියන පසුතැවිල්ලෙන් නේත්‍ර ජීවිත කාලෙම ගෙවයි කියලා ආශවට බය හිතිලා තිබ්බා.ආශවට මොන දේටත් වඩා වටින දේ උනේ නේත්‍ර.නේත්‍රගෙ සතුට.නේත්‍රගෙ හිනාව.

"නේත්‍ර ලෑස්ති වෙන්නකො..අපි ගිහින් බලල එමු"

"හා සුදුබේබි....ඉන්න මම ඉක්මනට ඇඳුමක් දාන් එන්නම්"

"ඔහොම ඉන්න මමත් එනවා"

නේත්‍ර ගෙදර දුවන්න හදද්දි අතට අහු උනු කලිසමක් අතේ රෝල් කරගත්තු ආශවත් නේත්‍රගෙ පස්සෙන් දිව්වෙ නේත්‍රව තනි කරන්න තිබ්බ අකමැත්තට.අන්තිමට නේත්‍රගෙ ගෙදර තිබ්බ කමිසයක් ඇඳගත්තු ආශව ඇඳුම් ඇඳගත්තු නේත්‍ර එක්කම ගෙදරින් එලියට බැහැලා නේත්‍රව නේත්‍රලාගෙ ගෙවල් ලග පිට පාර හරියෙන් තියලා වලව්වට දිව්වා.බයිකය අරං ආව ආශව ආයෙමත් ඔලුව දෙපැත්තට වනලා බයිකය නේත්‍රලාගෙ ගෙදර මිදුලෙන් දාලා  නේත්‍ර එක්කම සිංහවංශ වලව්ව පැත්තට ඇදුනා.

"සුදුබේබි....බයික් එකේ යමු"

"බෑ නේත්‍ර....මට බයයි....බයික් කවර් වෙලා නෑනෙ....යන ටිකට ඔයාට මොකක් හරි කරදරයක් උනොත්....දෙවින්ගෙන් කාර් එක ඉල්ලගෙන යං"

"හා සුදුබේබි"

දෙවින්ලගෙ ගෙදර ගිහින් දෙවින්ට කතා කලත් දෙවින් ගෙදර නොයිදිය නිසා එලියට ආව තෙවින් ආශව දිහා බැලුවා.

"තෙවින් කාර් එක දෙන්න පුලුවන්ද? අපි දෙන්නා...."

"බිවේෂ්ව බලන්න යන්නද?"

"ඔව් බි.....උඹ කොහොමද දන්නෙ? සනුක උඹටත් කිව්වද?"

ආශවට උත්තරයක් නොදුන්නු තෙවින් ආශවට ඇහැක් ගහලා කාරයේ යතුර අරං ආවෙ අලුත් ටී ෂර්ටයකට මාරු වෙලා.

"යං.....මාත් එන්නම්"

තෙවින්ට ඔලුව වැනුව ආශව නේත්‍ර එක්කම පිටිපස්සෙ ආසනේට නගිද්දි තෙවින් කළු පාට පිස්තෝලයක් වාහනේ ලාච්චුවට දානවා ආශව දැක්කත් නොදැක්කා වගේ හිටියා.තෙවින් මෙහෙම තමන් දෙන්නා එක්ක යන්නෙ අහේතුකව නෙවෙයි කියලා එදා අර මනුස්සයව හම්බුනු වෙලාවෙන් පස්සෙ තේරුම් අරං උන්නු ආශව නේත්‍රව තුරුල් කරං පාර ගැන හරි අවධානෙන් යද්දි බයික් දෙකක් තමන්ගෙ වාහනේ පිටිපස්සෙන් එනවා දැක්කා.පැති කණ්නාඩියෙන් ඒ බයික දෙක දැක්ක තෙවින් මුකුත් නොවුණා වගේ පාඩුවෙ වාහනේ පදිද්දි ඒවගෙන් තමන්ට අනතුරක් නෑ කියලා දැනගත්තත් ආශව රෝහල ලගට එනකංම නේත්‍රව ආවරණය කරගෙන හිටියා.

"ආශව උඹ බැහැලා යමං.....දැන් මම ගන්න කෝල් එකට ජොයින් වෙලා ෆෝන් එක සාක්කුවෙ දාගෙන ඉදපං.මොකක්ම හරි අවුලක් දැනුනුත් මොකක්ම හරි වචනයක් කියපං....මම එතනට එන්නම්"

"හරි තෙවින්....නේත්‍ර යං"

නේත්‍රව වාහනෙන් බස්සගත්තු ආශව විදුලි සෝපානය පැත්තට යද්දි නේත්‍ර ඇසුත් බෝල කරං ආශව දිහා බැලුවා.

"මම නොදන්න දෙයක් මෙතන වෙනවද සුදුබේබි? තෙවින් අයියා ඇයි අවුලක් උනොත් කියලා කිව්වෙ?"

"එහෙම දෙයක් නෑ නේත්‍ර....එදා වෙන්න ගිය කරදරේ ගැන තෙවිනුත් දන්නවා....ඒකයි එහෙම කියන්න ඇත්තෙ"

විදුලි සෝපානෙට ගොඩ උනු ආශව දොර වහගන්න හැදුවත් ඒත් එක්කම සෝපානෙට ගොඩ උනු තරුණයෙක් ආශවලා දිහාවත් නොබලා හරි සාමාන්‍ය විදියට සෝපානෙ වහල දැම්මා.

"සුදුබේබි"

නේත්‍ර රහසින් කතා කරද්දි ආශව තමන්ගෙ කන පුංචි එකාගෙ කට ලගට ලං කලා.අතකින් කටත් ආවරණය කරගෙන රහසක් කියන පුංචි එකාව ඇස් කොණින් දැක්ක අර තරුණයා ලාවට හිනා වෙලා ඉස්සරහ බලාගත්තෙ දැන් ආශවට කියන රහස තමන් දන්න නිසා.

"මෙයා තමා අර වංගුව ලග බයික් එකේ ඉන්නවා කියලා කිව්වෙ මම....එදා මාව බේරගත්තෙත් මෙයා සුදුබේබි"

නේත්‍ර කිව්ව දේට ඔලුව වැනුව ආශව ආයෙමත් ඉස්සරහ බලලා අර තරුණයා දිහා බැලුවත් ඒත් එක්කම අදාල තට්ටුවට ආව නිසා සෝපානෙ දොර විවර උනා.ඉස්සර උනු ආශවගෙයි නේත්‍රගෙයි පස්සෙන් අර කොල්ලා ආවත් එයාගෙන් කරදරයක් නැති බව දන්න ආශව සැහැල්ලුවෙන් අදාල කුටිය ලඟට ගියා.දොර ලඟ උන්නු සනුක ආශව ලගට ඇවිත් ආශවගෙ පිටට තට්ටු කරලා දොර ලගට ගිහින් උන්නු ආරක්ෂකයො දෙන්නට මොනාහරි කිව්වට පස්සෙ මොනාහරි ආයුධ ගෙනල්ලද කියලා කරපු පරික්ෂාවකින් පස්සෙ ආශවටයි නේත්‍රටයි ඇතුලට යන්න පුලුවන් උනා.

"ඇඬුවා ඇති ලියෝන්....දැන් ඉදන්වත් තමුසෙ මගෙ මල්ලිට දුක් නොදී ඉන්නවා!"

"සොරි අයියෙ.....ආයෙ එහෙම දෙයක් වෙන්නෑ....මට....අට දරන්න බැරි මම මෙයාට කෑ ගැහුවට පස්සෙ මෙහෙම දෙයක් උනු එක"

"එ..එක්ස්කියුස් මී"

"ආහ්....ආ....ආශව අයියෙ....අනේ බලන්නකො බිවේෂ් කතා කරන්නෑනෙ මම එක්ක"

ලියෝන් අඬ අඬ ආශවට කිව්වත් වෙනදා වගේ ලියෝන් ආශව ලඟට දුවං ආවෙ නෑ.ඒ වෙනුවට ලියෝන්ගෙ අත තදින්ම බිවේෂ්ගෙ අත එක්ක බැඳිලා තිබ්බා.සිහි නැති බිවේෂ් දිහා බලන් හිටිය ආශව බිවේෂ් ලගටම වෙලා බිවේෂ්ගෙ ඔලුව අතගගා හිටිය පුද්ගලය දිහා බැලුවෙ ඒ කෙනා නේත්‍රගෙ දිහා බලලා කලබලෙන් වගේ නැගිට්ට නිසා.බිවේෂ් ලගට ගිහින් ලියෝන් එක්ක කතා කල ආශව එතන හිටිය මනුස්සයා දිහාවට හැරුණෙ සිහි නැතුව ඉන්න බිවේෂ් එක්ක කතා කරන්න බැරි නිසා.

"ත්....තඹර?"

ඒ කෙනා මුමුණනවා ආශවට ඇහුනත් බිවේෂ් ලග්ට වෙලා අඬන ලියෝන් දිහා දුකින් බලන් උන්නු නේත්‍රට ඒ වගක් ඇහුනෙ නැහැ.තමන් කතා කරන්න ඕනි කෙනා මෙයා කියලා තේරුම් ගත්තු ආශව නේත්‍රගෙ අතක් තදින් අල්ලගෙන සැකයක් නොවෙන විදියට කතා කරන්න ගත්තා.

"හායි....අයිම් ආශව....නයිස් ටු මීට් යූ මිස්ටර්?"

"ඕහ්! හායි....අයිම් හේරාද් මඩුගල්ල....බිවේෂ්ගෙ අයියා"

"ඕහ්....බිවේෂ්ට මොකද්ද උනේ මිස්ටර් හේරාද්?"

ආශව නිකං අහනව වගේ හේරාද්ගෙන් ඇහුවත් ඒ මනුස්සයගෙ ඇස් නේත්‍ර ලගින් නැවතිලා ටිකකින් හීනි වෙනවා ආශව දැක්කා.ඈතට තනිකරම එක වගේ දැක්කට ලං වුණාට පස්සෙ නේත්‍රගෙයි අර නේත්‍ර වගේ අනික් කොල්ලගෙයි තියෙන පුංචි වෙනස්කම් මේ මනුස්සයගෙත් ඇහැ ගැටෙන්න ඇති කියලා තේරුම් ගත්තු ආශව කතාවට හරිම වෙලාව මේක කියලා තීරණය කරලා කතාවට මුල පිරුවා.

"බිවේෂ්ට....ආහ්....ඔව්.....බිවේෂ් ඊයෙ මේ ලමයව හම්බෙන්න කලම්බු ගියා....ගිහින් එද්දි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ....කඩුගන්නාව හරියෙදි...."

"ඇක්සිඩන්ට් උනු අනික් වාහනේ?"

"ඒ මනුස්සයා පැනලා ගිහින්....අපි ඇන්ට්‍රි එකක් දැම්මා....අප්පච්චිත් හොයනවා ඒ ගැන"

"මඩුගල්ල ඇමතිතුමා?"

"ඔව්....ඒක නෙවේ ආශව...මෙයා කවුද?"

"ඕහ්"

අන්තිමට කුතුහලේ දරාගන්න බැරි උනු හේරාද් ම ආශවගෙන් අහද්දි ආශව ලා හිනාවක් එක්ක හේරාද් දිහා බැලුවා.ඒත් එක්කම ආශවටයි නේත්‍රටයි කුටිය කොනක තිබ්බ සෝෆාව පෙන්නලා ඉදගන්න ආරාධනා කෙරුව හේරාද් කොල්ලො දෙන්නා එක්කම එතනින් ඉදගත්තා.

"මෙයා නේත්‍ර...."

"න්....නේත්‍ර? මෙයා කොහෙද ඉන්නෙ?"

"මෙයා ඉන්නෙ අපේ ගෙවල් ලඟමයි.....පුංචි කාලෙ ඉදන්ම මම දන්නෙ....ඇයි මිස්ටර් හේරාද්?"

"ආහ් නෑ.....මම නිකං ඇහුවෙ....මේ ලමයව දැකලා පුරුදුයි වගේ නිසා...නේත්‍ර ඉස්කෝලෙ යනවද?"

"ඔව්.....අපේ ඉස්කෝලෙටමයි යන්නෙ"

"ඕ...ආ....ආහ් හරි"

හේරාද්ගෙ ඇස් දෙක ආයෙමත් නේත්‍ර ලගට ඇවිත් පසුතැවිල්ලක ස්වරූපයක් ගත්තා.බිවේෂ්ට තවම සිහිය නැති නිසා නේත්‍ර ගිහින් ලියෝන්ගෙ හිත ශක්තිමත් කරද්දි ආශව සුහදව හේරාද් එක්ක කතා බහේ යෙදුනා.නේත්‍ර කියන්නෙ එදා අර මනුස්සයා පෙන්නුව රූපෙ ඉන්න කෙනා නෙවේ කියලා පැහැදෙන විදියට ආශව හරි සාමාන්‍ය තත්වෙකින් හේරාහ් එක්ක කතා කලා.පැය බාගයක් විතර ගත උනාම කට්ටියගෙන් සමුගත්තු ආශව ලියෝන්ටත් යනවා කියලා එලියට එද්දි දොරකඩදි ආශවගෙ මූණ ඉස්සරහට හම්බුනේ ආදිත්‍යව.

"ආ....ආශව"

"ආදිත්‍ය.....බිවේෂ්ගෙ තත්වෙ ගැන ඩොක්ටර් මොනහරි කිව්වද?"

"නෑ ආශව.....ටිකකින් සිහිය එයි කියලා විතරයි කිව්වෙ....සිහිය ආවට පස්සෙ තමා ඉතුරු ටික....මූ මෙහෙම හරි ඉතුරු උනු එක ඇති මට"

"ඇයි ඒ?"

"උඹ වාහනේ දැක්කෙ නැද්ද බිවේෂ්ගෙ?කුඩු වෙලා ගිහින් තිබ්බෙ....පිටිපස්ස ගන්න දෙයක් නෑ....ඉස්සරහින් එහෙම වැදුනනම් මූ.....මට හිතද්දිනුත් අවුල්...මේ නේත්‍ර නේද? ඔයත් ආවද ආශව එක්ක?"

"ඔව් අයියෙ.....බිවේෂ් අයියට ඉක්මනටම සනීප වෙයි....මම බෝධිපූජාවක් තියන්නම් ඔයාලගෙ යාලුවා වෙනුවෙන්"

"පිං මල්ලි......මම ඔය කතාව අද දවසට ඇහුව දෙවනි වතාව....මම යනවා....ඌ ගාව මම ඉන්නම ඕනි"

"ඕකේ ආදිත්‍ය....සී යූ"

"සී යූ ආශව"

"සී යූ මල්ලි"

"සී යූ අයියෙ"

එලියෙ හිටිය සනුක එක්කත් ටිකක් වෙලා කතා කරන ගමන් උන්නු ආශව සනුකට තමන්ගෙ ගෙදර යමු කියලා කිව්වෙ හෙට කොහොමත් තමනුත් කොලබ යන නිසා.නේත්‍රත් සනුකට ආශවලගෙ ගෙදරට එන්න කිව්වට පස්සෙ ඒකට එකඟ වුනු සනුකත් ආශවයි නේත්‍රයි එක්කම යන්න පිටත් උනා.ඒත් එක්කම බිවේෂ් රැඳිලා උන්නු කුටියෙ දොර ඇරගෙම ඔලුව එලියට දැම්මෙ හේරාද්.

"ආශව....නේත්‍ර.....සොරි"

"ආහ්?"

නේත්‍ර ඇත්තටම පුදුම වෙලා උත්තර දෙද්දි ආශවත් සැක නොහිතෙන්න ඒකට අත්වැල් දුන්නා.

"ම්....මම සොරි කිව්වෙ....අද...ම්ම්....අද මගෙ මානසික තත්වෙ එච්චර හොද නැති නිසා මොනාහරි ඔයාලට මගෙ අතින් හිත රිදෙන දෙයක් කියවුණානම් සමාව ඉල්ලන්න"

"එහෙම නෑ මිස්ටර් හේරාද්....අපි ගිහින් එන්නම්"

"හරි.....බුදු සරණයි....ජේසු පිහිටයි!"

හේරාද් ඇතුලට ගියාම සනුකත් එක්කම ආශවයි නේත්‍රයි පහලට බැස්සා.වාහනේ හිටිය තෙවින් ආශව දිහා බලද්දි ඔලුව වැනුව ආශව එක්ක හිනා උනු තෙවින් දුරකථනෙන් කෙටි පණිවිඩයක් යවනවා දැක්ක ආශව හිත සැහැල්ලු කරගත්තා.නේත්‍රගෙ ජීවිතේට තිබ්බ ලොකුම අනතුරෙන් නේත්‍ර ගැලවුණා කියලා හිතුව ආශව පිටිපස්සෙ ආසනේ ජනේලෙන් එලිය බලන් ඉන්න නේත්‍රගෙ මුණ හරවගෙන ඒ නලලින් හාද්දක් තිබ්බා.

ආශව හිතුවා හරිද? ඇත්තටම ඒ වෙන්න ගියේ නේත්‍රට ජීවිතේ තිබ්බ ලොකුම අනතුරද? ආශව හරි වෙන්නත් පුලුවන්.වැරදි වෙන්නත් පුලුවන්.

..............................................................................................

"අර එච්ටීටීපීට එන්න කියපං කාර්තික්!"

"යෙච්ටීටීපී කීවෙ මොකාද ඩිවාෂ?"

"හු#තිගෙ පුතා කියල....ගිහින් එක්කං වරෙං රෝහන්ව"

"ආ....රෝඅන් උට්ටිගෙ පුටා....ශරි ශරි"

"ඇයි දිවාෂ කේන්ති අරං? මොකක් හරි ප්‍රශ්නයක්ද?"

කාර්තික්ව පිට කරපු දිවාෂව දැක්ක නේත්‍ර නළුවරණය පවත්වන එක ටිකකට සංගමේ උප සභාපතිට භාර දීලා දිවාෂ ලගට එද්දි දිවාෂ හිනා වුණා.

"නෑ චූචි.....රෝහන්ගෙ රෙස්පොන්සිබල් ගතිය හරිම අඩුයි...ක්ලබ් එකක ප්‍රසිඩන්ට්නේ එයා"

"ඕ....මොකද්ද උනේ?"

"එක ඩාන්සින් අයිටම් එකක් තියෙන්නෙ....කපල් ඩාන්ස් එකක්....ගර්ල්ස්කූල් එකේ අයත් ඉන්නවා ඒකට....රෝහන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩුත් ඒකෙ ඉන්නවා....මෙයා කෙල්ල එක්ක මල් කඩ කඩ ඉන්නවලු ප්‍රැක්ටිස් වෙලාවෙදි....අයිටම් එක ප්‍රැක්ටිස් කරවන්නෙ අපේ විදුලයි එහෙ ස්කූල් එකේ සෙනදියි...මේ දෙන්නා එකපාරක් විහිලුවෙන් වගේ ප්‍රැක්ටිස් කරන ටයිම් එකේදි මල් කඩන්න එපා කියලා කිව්වට රෝහන් ගනන් අරං නෑ...."

"එහෙම බෑනෙ නේද? එයාගෙ අතේනෙ සම්පූර්ණ වගකීම තියෙන්නෙ"

"ඒක තමා....විහිලුවෙන් කිව්වට පස්සෙ මේ දෙන්නත් මුකුත් කියලා නෑ....උන් දෙන්නා කියනව ඉතින් ප්‍රසිඩන්ට් එක්ක එහෙම කියෝගෙන යන්න බෑනෙ කියලා...ඇත්තනෙ චූචි....මම ඒකයි හිතුවෙ මම ඌට කතා කරනවා කියලා"

"ඔව්....එහෙම කරමු...නැත්තං බෑනෙ...."

"ඔයත් එනවද? මට අවුල් මගෙ කටින් කැත වචන පිට වෙයි කියලා"

"හා මමත් ඉන්නම්කො....ඒත් ඔයා කතා කරන්න ඕනි දිවාෂ....ඊලග සීනියර් ප්‍රිෆෙක්ට් විදියට රකිත අයියලා ඇහැ ගහන් ඉන්නෙ ඔයාට....ඒ නිසා ඔයා මේ දේවල් සහයෝගෙන් කතා කරන්න ඉගෙන ගන්න ඕනි....තේරුනාද? කෑ ගහන්න ඕනි තැනදි කෑ ගහලා,ගොඩින් විසදගන්න පුළුවන් තැන් වලදි ගොඩින් විසදගන්න ඕනි....රකිත අයියා බලන්නකො....හරි තැන්පත් විදියට ප්‍රශ්න විසදනවනෙ....මම ඔයා එක්කම ඉන්නවා...ඒ ගැන සැකයක් තියාගන්න එපා හොදද? නේත්‍ර දිවාෂගෙ හොදම යාලුවනෙ"

"මගෙ වාසනාව ඔයා වගේ යාලුවෙක් ලැබුනු එක නේත්‍ර...ඇත්තමයි"

"මටත් එහෙමනෙ....ඔයා වගේ යාලුවෙක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ කාටවත්"

"අපි එහෙනම් රෝහන්ට කතා කරමු....වැඩේ වෙලාවට වැඩේ කරන්න ඕනි....දැන් අපේ අය අපි එක්ක වැඩ කරන්න ඉදලත් අපි මල් කඩ කඩ ඉන්නෑනෙ....ඔයා අර ආසවයා එක්ක මල් කඩ කඩ කාලෙ නාස්ති කරන්නෑ...මම..."

දිවාෂ කතාව එකපාරටම ගිල ගනිද්දි නේත්‍ර හිනාව හිර කරං දිවාෂ දිහා බැලුවා.

"ඔව් ඉතින්....කියන්නකො....ඔයා....ඔයා කා එක්කද ඈ?"

"අනේ නෑ නෑ චූචි....මට වැරදිලා කියවන්න...."

"ඔය එන්නෙ හිතේ තියෙන හොර එලියට....අර තෙවින් අයියට පාට් එක දැම්මට දිවාෂ හරි ආදරෙයි නේද එයාට?"

"ම්ම්ම්....ඒත් ඌට එච්චර ලේසියෙන් චාන්ස් දෙන්න බෑ"

"ඔව් එපා.....ඔයාගෙ අගේ එයාට දැනෙන්න දෙන්න ඕනි....මම ආසත් නෑ මගෙ යාලුවා කා ඉස්සරහවත් බාල්දු වෙනවට"

"ඔව්....ඕකා කල දේවල් වලට ලේසියෙන් සමාව දෙන්න හොද නැ.....ආ අර එන්නෙ රෝහන්"

රෝහන් ලගට ඇවිත් දිවාෂගෙන් ඇයි ඇහුවම දිවාෂ නේත්‍ර එක්ක එකතු වෙලාම හෙමින් සැරේ රෝහන්ට එයාගෙ වරද පැහැදිලි කරන්න ගත්තා.මුලදි රෝහන්ගෙ හඬේ උස් බව වැඩි වෙද්දි දැඩි උනු දිවාෂගෙ හඬ ඊටත් වඩා තියුණු උනාම රෝහන් කට වහන් අහන් ඉන්න ගත්තා.නේත්‍ර තමන්ගෙ පිටට දාන තට්ටුව එක්ක සන්සුන් වුණු දිවාෂ හෙමින් සැරේ ආයෙමත් කතා කරන්න ගනිද්දි රෝහන් තමන්ගෙ වරද තේරුම් ගත්තා.ආයෙ එහෙම දෙයක් නොවෙන්න පොරොන්දු වුණු රෝහන් කර කර හිටිය වැඩේට පිටත් වෙද්දි නේත්‍ර දිවාෂ එක්ක හිනා උනා.

"මම කිව්වෙ....හෙමීට පැහැදිලි කලාම හරි"

"ඔව්....හැමදේටම කේන්ති ගන්න හොද නෑ තමා"

"ඕනිම මනුස්සයෙක්ට පලවෙනි වතාවෙදි හොදින් එයාගෙ වරද පහදන්න ඕනි....දෙවනි පාර ටිකක් තදින් කියන්න ඕනි....තුන් වෙනි පාර තමා දඬුවම් දෙන්න හෝ සැරෙන් කතා කරන්න ඕනි....පලවෙනි වතාවෙම කෑ ගැහුවොත් එයා අපි එක්ක වෛර බැදගන්නවා මිසක වරද වටහාගන්නෙ නෑ"

"ඔව් නේත්‍ර .....ඇත්ත....අපි උනත් එහෙමනෙ...අපේ කෝණෙන් අපි බැලුවම හරි අනික් අය දිහාත්"

"ඔව්....අපිට හිතෙන විදියටම අනික් කෙනාටත් හිතෙන්වා ඇති කියලා හිතුවම වෙන ප්‍රශ්න හරි අඩුයි"

"ඒත් චූචි....අර එන පගයටනම් මම ගහනවා ලබ්බ...දැන් දවස් තුනක් තිස්සේ එකම තැටිය ගහන්නෙ"

"තෙවින් අයිය නේද?"

"ඔව්....ඒ පගා තමා....මේ ටිකේම එකම ලබ්බ කියවන්නෙ....මම ගණන් ගන්නෑ"

"ඔයා එයා එක්ක කතා කරන්නකො දිවාෂ එහෙනම්....ඔය තෙවින් අයියා එන්නෙ ඔයාව බලන්නනෙ....මම යනවා අතනට"

"මූ එක්ක කතා කරන්න දෙයක් නෑ...මට වැඩ තියේ"

"හරි ඔයා කොහොමත් විනාඩියකට දෙකකට වඩා කතා කරන්නෑනෙ ..... එහෙම හරි කතා කරලා වැඩේට යන්න...මම යනවා"

නේත්‍ර උඩ පැන පැන ආයෙමත් නළුවරණය පැවැත්වෙමින් තිබ්බ තැනට යද්දි දිවාෂත් අතේ තිබ්බ ෆයිලය වහන් එතනින් එහාට යන්න හැදුවත් දිවාෂගෙ මග ඇහිරුවෙ තෙවින්.

"අහකට වෙයං"

"බෑ"

"මොන හු#තක්ද තෙවින්! මට වැඩ තියෙනවා...කිරිසප්පයො නලවන්න වෙලාවක් නෑ"

"ආ....ඒ කියන්නෙ යුගාන්ම පිලිගන්නව මම යුගාන්ගෙ කිරිසප්පයා කියලා?"

"ඕයි වදයක් වෙන්න එපා අයියෙ....පැත්තකට වෙයංකො.මම මෙතන උඹව තල්ලු කරලා ශෝ දාලා හයිලයිට් වෙන්න ඕන්නෑ ලමයි ඉස්සරහ....ඒ නිසා අහකට වෙයං"

"යුගාන්....මාව මගාරින්න හදන්නෙ ඇයි මෙච්චර?"

"මගෑරිල්ලක් නෑ....එහෙමයි කියලා මට උඹ එක්ක නැලවෙන්න ඕනිත් නැ...අහකට වෙයං"

"යුගාන්...මම කිව්වනෙ....මම ඕෂිණී එක්ක බ්‍රේකප් උනා"

"ඉතින්?"

"ඉතින් කියන්නෙ? තේරුම් ගන්නවකො"

"මේ අයියෙ!"

දිවාෂ තෙවින්ගෙ ඇස් දිහා එක එල්ලෙ බලද්දි තෙවින් ටිකක් ගැස්සුනත් දිවාෂ බලාගෙනම හිටියා.

"උඹට ඒකිගෙ ජීවිතෙයි මගෙ ජීවිතෙයි දෙකම සෙල්ලමක්ද සිරාවටම?"

දිවාෂගෙ වේගාත්මක වචන එක්ක ගැස්සිලා ගිය තෙවින් දිවාෂ දිහා බලන් හිටියා.

"ය්....යුගාන්?"

"මම එදත් කිව්වා ඒකි එක්ක ඉදින් කියලා....මොකද්ද උඹ කලෙ? ඒකිව අතඇරලා මම ලගට එනවා! තෙවින්,හෙට මට වඩා හොද කෙනෙක් හම්බුනොත් උඹ මටත් ඕකම කරයිනෙ?"

"යුගාන්!"

"කෑ ගහන්න නෙවෙයි....මම ඇත්ත කිව්වෙ....උඹට මාව සෙට් නැති උනොත් මාව අත ඇරලා වෙන එකක් ලඟට යයි....ඒ නිසා නිකං බොරුවට මට හිත රිද්දගන්න ඕනි නෑ....ගෙදරින් හොයලා දෙන එකක් දවසක බැඳගන්නවා"

"කෙල්ලෙක්ව?"

"ඔව් ගෙදරින් කොල්ලො හොයන්නෑනෙ මට....කෙල්ලෙක්ව තමා"

"අපි බලමුකො උඹ වෙන එකෙක්ව බදින හැටි....අම්මපා යුගාන් මරාගෙන මැරෙනවා ඈ!"

"අනේ මේ! මගෙ ජීවිතේට ඇඟිලි ගහන්න එපා.එදා ඔයත් කිව්වනෙ.....ඉතින් මටත් එහෙම කියන්න හයියක් තියෙනවා...ඉතින් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න....මරාගෙන මැරෙන්න මොකද ඔයාගෙ බඩින් මම එලියට ආවෙ නෑනෙ"

"අපි බලාගමුකො...උඹ නටපං යුගාන්! මම අතාරින්නෙ නෑ තමුසෙව!"

"නටන්න විදියක් නෑ....මම කලේ ඩ්‍රාමා...අහකට වෙයං!"

බැරිම තැන තෙවින්ව අහකට කරලා ප්‍රධාන ශාලාව පැත්තට ඇදෙන දිවාෂ දිහා බලන් උන්නු තෙවින්ගෙ කට කොනක තිබ්බ හිනාව නේත්‍ර දැක්කත් නේත්‍ර නොදැක්කා වගේ අහක බලාගත්තා.නේත්‍ර හිටිය තැනටත් ගිහින් නේත්‍ර එක්කත් කතා කල තෙවින් මොනාහරි වුවමනා දෙයක් තියේනම් කියන්න කියලා එතනින් පිට වෙද්දි දිවාෂයි තෙවිනුයි ගැන හිතුව නේත්‍රගෙ පපුවෙන් ලොකු හුස්මක් පිට උනා.

ඔය විදියට අනික් අයගෙ වැඩ කටයුතු කරගෙන යද්දි ගීත ගායනා කරන්න ඕනි කරන අයව තෝරමින් උන්නු ආර්ය දෙනෙත් එක්ක කතාබහ කරන්න පුංචි විවේකයක් අරගත්තා.

"දෙනෙත් අයියෙ ....."

"ඔව් ආර්ය බබා කියන්න"

"අයියෙ,ආශව අයියටත් සිංදු වෙන් කරන්න ඕනි....එයාට කීයක් වගේ දාමුද?"

"තනි එකයි....ඩුවට් එකයි...නේත්‍ර එක්ක දාමු.මොකෝ ආයෙ කියන්නයෑ දෙන්නා"

"හා ඒක හොදයි....තෙවින් අයියත් කිව්වා ඕනි කියලා ආශව අයියා එක්කයි ඔයා එක්කයි සිංදුවක් කියන්න"

"ම්ම්....අපි තුන් දෙනා දාගමුකො එකක්....අපිම ඉදලා බෑ....අන්තිමට අපි ඕගනයිස් කරලා අපිම සිංදු කිව්වා කියයි...."

"නෑ නෑ...අද මියුසික් සර් කතා කලා උදේ මට....එයා තමා කිව්වෙ....ස්පෙශල් අයිටම් එකකුත් දාන්න කිව්වා ගෲප් සෝන්ග් එකක් වගෙ....අයියා දන්නෑනෙ සර් කිව්ව එක"

"මොකද්ද?"

"අර අයියා මලෝ හය දෙනාට අයිටම් එකක් කරන්නම දෙන්න කිව්වා....ඒක ගැන බලන්න ඕනි"

"සර් කිව්වද? එහෙනම් දාගමු එකක්...බලමුකො....ඉස්සෙල්ලාම මේ ටිකට ඕනි ලමයිව තෝරගන්න ඕනිනෙ"

"හයිස්කූල් එකෙනුයි මහාමායා එකෙනුයි එවලා තිබ්බා ගර්ස්ලව සිලෙක්ට් කරලා....නේත්‍රගෙ අක්කයි උපාධ්‍යායි ඉන්නවා දන්න අයට"

"අපි බලමු එයාලගෙ වොයිසස් සෙට් වෙන්නෙ ක එක්කද කියලා....බලලා කරමු"

"අද බලමුද? එයාලා අද ආෆ්ටර් ස්කූල් එනවා කිව්වා....මේ....එහෙ ස්කූල් එකෙන් ලෙටර් එකක් එවලා"

"හරි බබා....එහෙම කරමු....කොහොමත් පහ හය වෙනකං ඉන්න පුලුවන්නෙ අපිට"

"සර්ලා මිස්ලා ඉදියි නේද දෙනෙත් අයියෙ?"

"ඔව්....ඒ කමිටි එකේ කට්ටිය ඉන්නවා....ඒ නිසා අවුලක් වෙන්නෑ"

"හරි එහෙනම්.....තව ව්ස්සක් වගේ ඉන්නෙ ඔඩිෂන් එකේ....ඉක්මනට ඉවර කරලා සිලෙක්ට් කරමු"

"හරි....ශෙනාල්....ඊලග එක්කෙනාව ඇතුලට ගන්න"

*      *      *      *      *

"ආශව නවත්තපං!"

"මට බෑ.....මොන වදයක්ද සනුක මේක?"

"ආශව....ඔයිට වඩා දේවල් ඉස්සරහදි වෙන්න පුලුවන්....දැන් මේ අල්ලපනල්ලෙ වෙන ටී ෂර්ට් එකක් ප්‍රින්ට් කරගන්නද?"

"ශිට් ශිට්!!!!"

"අපි මොකක් හරි කරන්න බලමුකො"

"මොනා කරන්නද? මේ පාරත් සෝශල් මීඩියාස් වල වයිරල් ගිහින්! අර පොඩි එකා ඊයෙ රෑ හුස්ම උඩට අදිනවා කෝල් එකේදි! මුකුත් කෙලින් නොකිව්වට ඒකාගෙ පපුව පැලෙන්න එනවා ඇති සනුක!"

"හරි.....එහෙමයි කියලා අපිට....."

"උබට වැඩක් නැති උනාට නේත්‍ර කියන්නෙ මට වටින එකම මිනිහා! උබලට එව්වගෙ වටිනාකමක්....."

"වටිනාකම දැනෙනවා ආශව!!!! උබ කටවහපං!!!"

"සනුක!"

"ආශව කූල් ඩවුන් මචං....."

"ම්....මට බෑ සනුක....ම්....මට...ම...මට නේත්‍ර ලඟට යන්න ඕනි"

"යංකො....ම්ම්ම්....."

ආශවගෙ කරට අත දාගත්තු සනුක ආශවගෙ උරහිසකට තට්ටු කරද්දි ආශව දණහිස් දෙක උඩින් තමන්ගෙ අත් වල වැලමිටවල් තියං ඒ උඩින් ඔලුව තියාගත්තා.ආශවගෙ ඔලුව පැලෙන්න වගේ එමින් තිබුනෙ ඊයෙ හවස ඉදලා සමාජ මාධ්‍ය වල ආයෙමත් දිව්දේත්‍රාගෙ වීඩියෝවක් සංසරණය වෙන්න අරං තිබ්බ නිසා.මේ දවස් වල සමාජ මාධ්‍ය තුල ජනප්‍රියම ගීතයකට නර්ථනයේ යෙදෙමින් උන්නු දිව්දේත්‍රා ඇඳන් හිටියෙ ආශවගෙ අංකය සහිත ක්‍රිකට් ටී ෂර්ටයක්.කමෙන්‍ට් වල වැඩියෙම දිව්දේත්‍රා මවාපාන දේ ගැන විශ්වාස අරන මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා යද්දි සමහර ෆේස්බුක් පිටු වල දිව්දේත්‍රා සහ ආශවගෙ ඡායාරූප දෙකක් එකට දාලා හැදුව පෝස්ටු පල වෙන්න ගත්තෙ දෙන්නා නොසෑහෙන්න ගැලපෙන බව පවසමින්.

ඊයෙ හවස ආශවට දුරකථන ඇමතුමක් ගත්තු නේත්‍ර ඔය වීඩියෝ දර්ශන ගනන් ගන්න එපා කියලා ආශවගෙ හිත හයිය කලත් නේත්‍රගෙ කැඩි කැඩී ඇහෙන හුස්ම එක්ක නේත්‍ර ඉන්න පීඩනේත් ආශව තේරුම් ගත්තා.දෙන්නා දෙපැත්තට වෙලා ඉද්දි දෙන්නටම පුළුවන් උනේ තනියම ඒ දේවල් දරාගන්න එක විතරක් වෙද්දි දරාගැනීමේ සීමාව පැන්නෙමින් තිබ්බ ආශව අද පුහුණුවීම් වලට නොයා ඉන්න අවසර අරගෙන නුවරට එන්න බස් රථයකට ගොඩ උනේ සනුකගෙ බලවත් විරෝධතාවය මැදමයි.

"උඹට දැන් ලබන සතියෙ සිකුරාදාත් ඉන්න වෙයි පුතේ ප්‍රැක්ටිස්"

"කමක් නෑ....දැන් යන්න ඕනි මට"

"අනේ මංදා ආශව...උඹට තනියම යන්න පුලුවන්ද?"

"ඔව්!"

"මම නම් කැමතිම නෑ මේ වැඩේට....උබ අරකි කරන මගුල් නිසා ප්‍රැක්ටිස් මගෑරවගන්න එක..."

"ඒකිගෙ මගුලක් නෙවේ සනුක....මට මේ දේවල් දරන්න අමාරුයි....උඹ නොහිතුවට මෙතන පැති ගොඩක් තියෙනවා.කවදාමහරි දවසක මගෙ ලවර් නේත්‍ර කියලා මේ ලෝකෙටම එලි වෙන වෙලාවක් එනවා...එවෙලෙට ඔය දේවල් මතු වෙනවා...නේත්‍රට ඇඟිල්ල දික් කරන්න ඕනි තරම් උන් ඉදියි එදාට....මේවා ඇත්ත කියලා හිතලා මම නේත්‍ර වැරදිකාරයො වෙලා දිව්දේත්‍රා කියන එක්කෙනා හොද කෙනා වෙයි....මට ඕනි මගුලක්,ඒත් නේත්‍රට අනවශ්‍ය බලපෑම් එනවට මම කැමති නෑ.....

අනික උඹට තේරෙන්නෙ නැද්ද ක්ලබ් එකේ ඉන්න සමහරුත් මම දිහා බලන්නෙ අමුතුවට....ආදිත්‍ය කතාබහ කලත් ඌත් ඇරියස් පිට ඉන්නෙ...මට පිට උන්ව වැඩක් නෑ තමා...ඒත් ක්‍රිකට් කියන්නෙ ටීම් වර්ක් එකක් සනුක....මම කොච්චර නරක මිනිහෙක් උනත් ප්ලේයර් කෙනෙක් විදියට මට ටීම් එකක් ඇතුලෙ සාධාරණ කෙනෙක් වෙන්න ඕනි...ඉස්සර උනත් ස්කූල් ටීම් ප්ලේ කරද්දි අර එකෙක් හිටියා,ඌ එක්ක මගෙ මොන ප්‍රශ්නෙ තිබ්බත් මැච් එක ගහන ටයිම් එකේදි මම ඌට සපෝට් කලා,ඌව මෝටිවේට් කලා....නිකං ආශවයි,නේත්‍රගෙ ආශවයි,ක්‍රිකටර් ආශවයි කියන්නෙ තුන් දෙනෙක් සනුක....මට ඉස්සරහට මේ කොහෙවත් ඉන්න ගෑනියෙක් නිසා ටීම් එක ඇතුලෙ ගැටුම් හදාගන්නත් බෑ.

ඒ හැමදේම එක්ක අපේ අප්පච්චි! එයාත් වැඩිකල් නොයා මෙව්වා දකියි.නොදැක්කත් කවුරුහරි පෙන්නයි...එක්කො අප්පච්චි දිව්දේත්‍රාගෙ තාත්තා එක්ක කතාබහ කරලා ඒකිව මගෙ කරේ ගහයි...නැත්තං මටත් බැනලා,දිව්දේත්‍රාටත් මොනාහරි කියලා ඔක්කොටම කලින් මේ ක්‍රිකට් ගහන වැඩෙන් මාව නතර කරයි! එයාට ඕනිත් ඒක....මෙව්වා කරන්නද ක්ලබ් එකකට ජොයින් උනේ අහලා අපූරුවටවත් මාව මේ ෆීල්ඩ් එකෙන් අයින් කරවන්න කරන්න පුළුවන් හැමදේම කරයි....

උඹ නොදකින පැති වලින් මම මේ කිව්වෙ ටිකයි සනුක....දැන් තේරෙනවද ඇයි මම මෙච්චර ස්ට්‍රෙස් ගන්නෙ කියලා?"

"මට තේරෙනවා ආශව....ඒත් හදිස්සි වෙන්න එපා කිසිම දේකට....මම එදත් කිව්වනෙ"

"හ්ම්ම්ම්"

"එල්පීඑල් සීසන් එක එනවා ඉස්සරහට....උඹ ප්‍රිමියර් මැච් ටිකත් සුපිරියට ගොඩ දාගත්තු හින්දා බොහෝදුරට උඹව වෙන්දේසියට දායි....එතනදිත් පරිස්සම් වෙන්න වෙනවා උඹට"

"හ්ම්ම්"

"දැන් ඉදලම හිත හදාගනින් ආශව....උබව ගන්නෙ මොන ටීම් එක උනත් උඹට ඒකට යන්නම වෙනවා....ඒක දිව්දේත්‍රාගෙ තාත්තගෙ ටීම් එක වෙන්න උනත් පුළුවන් "

"මම දන්නවා සනුක....ඒත් මෙවෙලෙ ඔව්වා මතක් කරන්න එපා"

"දැන් ඉදන්ම එන දේකට මූණ දෙන්න ලෑස්තිපිට ඉන්න එක හොදයිනෙ ආශව....ඒකයි මම කිව්වෙ"

"හ්ම්ම්....මම යනවා සනුක එහෙනම්....බස් එකක් ගැහුවා අතන"

"හරි.....උබ ගෙදරද යන්නෙ?"

"නෑ....ඉස්කෝලෙට....අද නේත්‍රලා හවස් වෙනකං ඉස්කෝලෙ ඉන්නවා ඉවෙන්ට් එකක වැඩ වලට....මම මෙහෙම්මම ඒකට යනවා"

"හරි ආශවයා පරිස්සමින්.....බායි"

"බායි"

බස් රථයෙ පිටිපස්සෙ ආසනෙන් ඉදගෙන ඔලුව ජනෙල් කවුලුවට හේත්තු කරගත්තු ආශව පිටත් වෙලා අත වැනුව සනුකට ආපිට අත වනලා බස් නැවතුමේ කාර්යබහුල බවට ඇස් දෙක යොමු කලා.කොළබ ප්‍රධාන බස් නැවතුමේ අතනින් මෙතනින් හතර වටෙන් දාන බස් රථයි,බස් රථ අස්සෙන් අස්සෙන් එහෙට මෙහෙට දුවන මිනිස්සුයි පීඩාකාරී ආශවගෙ ඔලුවට තව පීඩනයක් දුන්නා.අන්තිමට ඇස් වහගත්තු ආශව තමන්ගෙ ඇස් දෙක ඇරියෙ කොලඹ විඩාබර නාගරික සුවඳ නැති වෙලා මහනුවරට ඇතුල් වෙද්දිම ආව හීතල සුවඳ තමන්ගෙ නාස් පුඩු වලට දැනෙද්දි.

"මහනුවර ත්‍රි## විද්‍යාලෙ ලඟ බහින්න බහින්න!"

කොන්දොස්තරගෙ හඬින් හරි සිහියට ආව ආශව අතේ තිබ්බ පොඩි ගමන් මල්ලත් අරගෙන ඉස්කෝලෙ ඉස්සරහින් බැහැගත්තා.පාසලේ මුරකාරයා ආශවව ඉක්මනටම අඳුනගෙන හිනාවක් එක්කම පාසල ඇතුලට යන්න උපදෙස් දෙද්දි ආශව ඉස්කෝලෙ ඇතුලට පය ගැහුවෙ ඉස්කෝලෙ සෑහෙන නිහඬතාවෙක ගිලිලා තියෙන වෙලාවක.අත් ඔරලෝසුව දිහා බලලා වෙලාව දෙකත් පහු වෙලා කියලා තේරුම් ගත්තු ආශව නිහඬවම පාසලේ ප්‍රධාන ශාලාව පැත්තට ඇදෙන්න ගත්තෙ සාමාන්‍යෙන් පාසලේ මොකක්ම හරි උත්සවේක පෙර පුහුණුවීම් හෝ සැලසුම් හදන්න කට්ටිය හුඟක්ම එකතු වෙන්නෙ එතනට නිසා.ආශවගෙ අනුමානය හරි කියලා ඔප්පු කරන ගමන් ප්‍රධාන ශාලාව ඇතුලෙන් ලොකු කසුකුසුවක් ඇහෙමින් තිබ්බා.

"ෆෙයරි ටේල් එකක නරක කුඩම්මෙක් නෑ කියන්නෙ පරිප්පු නැති හෝටලයක් වගේ"

"ඔව්....එතකොට ඔයාලා හැමෝම කැමතිද ඒකෙ කපල් එක කොල්ලො දෙන්නෙක්ම වෙනවට?"

"වැඩිහිටියන්ට පමණයි දර්සන නෑනෙ ඉන්දීප්පයියෙ....ඒ නිසා අවුලක් නෑ අනේ"

"ඔව්....අනික වෙනසක් තියෙන්න ඕනිනෙ...හැම ඉස්කෝලෙම එකම විදියෙ ඩ්‍රාමාස් පෙන්නන්නෙ නැත්තං"

"ඩ්‍රාමා මිස් මොකෝ කිවෙ නේත්‍ර මල්ලි?"

"මිස් කිව්වා ඒක හොඳයි කියලා රකිත අයියෙ...හොඳ වෙනසක් කියලා..ස්ක්‍රිප්ට් එකේ අඩුපාඩු කියන්නම් කියලා බලලා"

"එහෙනම් ඒක හරිනෙ...දෙනෙත්....ෆීමේල් වොයිස් වල වැඩේ බැලුවද?"

"ඔව්....මේ.....උපාධ්‍යාගෙ වොයිස් එක තෙවින්ගෙ වොයිස් එක එක්ක හොදටම සෙට් ඈ.....සිරාවටම....ආයෙ අරුන්දතීගෙයි රකිතගෙයි වොයිසසුත් පර්ෆෙක්ට් විදියට මැච් වෙනවා"

"ආයෙ කවුද ඉන්නෙ ගර්ස්ලා?....ආ උපාධ්‍යා නංගි?"

"ආයෙ අපේ ඉස්කෝලෙන් දෙන්නෙක් ඉන්නවා.එච්චරයි...අරුන්දතී අක්කලගෙ ඉස්කෝලෙන් එක්කෙනෙක් ඉන්නවා නේද අක්කෙ?"

"ඔව්....එක්කෙනෙක් ඉන්නවා"

"ඒ තුන් දෙනාටත් අපි බැලුවා...ආර්ය බබා! නිදිකිරා වැටෙන්නෙ නැතුව ෆයිල් එක ගන්න මෙහෙට....ආ මේ තියෙන්නෙ....ඒ තුන් දෙනාට අපි සිලෙක්ට් කරලා තියෙන්නෙ සහස්‍ර,කාර්තික්,විශ්ව.....ම්ම්ම්.....එතනින් එක ගර්ල් කෙනෙක් ටැමිල්...ඒකයි කාර්තික්ව බැලුවෙ.."

"එතකොට දෙනෙත් ඒවට හෙට ඉඳන්ම ප්‍රැක්ටිස් කරන්න පුලුවන්ද?"

"ඔව් රකිත පුළු....."

"සුදුබේබි!!!!"

"අනේ මේ චූචි.....ඔයා මම ඉද්දි ඔය ගස් කබරයා ගැන හිතන්න එපා අනේ...මේ හැන්ඩියා වගේ ජැන්ඩි පහට ඔයාගෙ දිවාස ඔයා වෙනුවෙන් පැය විසි හතරම උනත්...."

"දිවාස!"

"ඒ ගමන මටත් ආසවගෙ වොයිස් එක ඇහෙන්න ගත්තනේ....සත්තයි චූචි...ඔය මිනිහට මම හැමදාම රෑට දෙස් දෙවොල් තියන නිසා දැන් දැන් මට ඌව හීනෙනුත් පේනවානෙ....මාව මරනවා ඌ හීන වලින් ඇවිල්ලා...ඕකට හො...."

"ආශවයා! උඹ ආවද අද?"

"සුදුබේබි ඇවිල්ලා!!!"

"මම ආවා නේත්‍ර"

ප්‍රධාන ශාලාව් හිටිය ලමයි කීප දෙනාවත් අමතක කෙරුව නේත්‍ර දුවලා ගිහිල්ලා ආශවගෙ අතකට බර වෙද්දි නේත්‍රගෙ කර වටේ අත යවලා නේත්‍රව තුරුල් කරගත්තු ආශව දිහා බලන් උන්නු දෙනෙත් ලොකු හුස්මක් පහල දැම්මෙ මෙතන ඉන්න හැමෝම මේ දෙන්නා ගැන දැනුවත් විශ්වාසකටයුතු මිනිස්සු නිසා.නේත්‍රවත් අල්ලගෙනම කට්ටිය ඉදන් හිටිය තැනින් ඉදගත්තු ආශව නේත්‍රගෙ කොණ්ඩෙ අවුස්සලා කට්ටිය දිහා බලලා ඔලුව වනද්දි කට්ටියම ආයෙ කතාව පටන් ගත්තත් ආශවගෙ වෙනස ගැන නේත්‍රට දැනිලා තිබ්බා.

"සුදුබේබි තාම අරක ගැන හිතනවද?"

"ම්ම්ම්ම්....ගෙදර ගිහින් නිදහසේ කතා කරමු නේත්‍ර"

"හා සුදුබේබි....."

කට්ටියම කතා කර කර ඉද්දි ආශවගෙ පැත්තට හැරුණු දෙනෙත් කතා කරන්න ගත්තා.

"ආශව.....ඔයාට ප්‍රැක්ටිස් එන්න පුලුවන් සිකුරාදායි වීකෙන්ඩ් එකෙයි විතරයි නේද?"

"ඔව්....ඇයි මට අයිටම් එකක් තියෙනවද?"

"ඔව්....හෙට ඩ්‍රාමා එකට කැරැක්ටස් සිලෙක්ට් කරනවා....ඔයත් එන්න නේත්‍ර මල්ලි එක්ක"

"මම එන්නම්....මොකද්ද ඩ්‍රාමා එක? නේත්‍ර ලිව්ව ස්ක්‍රිප්ට් එකද?"

"ඔව්....ඩ්‍රාමා එකට ගර්ල්ස් එකේ කාවවත් ගන්නෙ නෑනෙ නේද රකිත?"

"නෑ නෑ.....සිංදුයි ඩාන්සින් අයිටම් එකකටයි විතරයි අරගන්න පර්මිශන්ස් දුන්නෙ"

"ඔව් ඉතින් අපේනෙ කොන්සට් එක.....අරුන්දතී,උපාධ්‍යා...අපි එහෙනම් සැට'ඩේ ප්‍රැක්ටිස් දාගමු සිංදු ටිකටයි ඩාන්සින් අයිටම් එකටයි? එහෙම හොදයි නේද?"

"ඔව් දෙනෙත් අයියෙ....එහෙම හොදයි"

කට්ටියගෙ කතාබහ තව පැයක් දෙකක් ගියාට පස්සෙ ඉවර වෙද්දි ගෙවල් වලට යන්න හිතාගෙන හැමෝම එලියට බැස්සා.දිවාෂගෙන් මොකක් හරි කුණුබැනුමක් අහන් උන්නු තෙවින් ඇවිත් දෙනෙත්ගෙ අස්සට වෙලා හුරතල් වෙවී අවධානෙ ගන්න හදද්දි නේත්‍ර දිහා හොරෙන් බලලා ලා හිනාවක් පෑව උපාධ්‍යා කට්ටිය එක්කම එලියට බැස්සා.

"උපාධ්‍යා නංගි....."

"ඔව් රකිත අයියෙ කියන්න...."

"ඔ....ඔ....ම්ම්ම්....ඔ.....ඔයා මැත්ස් නේද කරන්නෙ?"

සෙනදිට නැටුම් පුහුණුවීම් ඉවරනම් එන්න කියලා දුරකථන ඇමතුමක් අරං පාසලේ ප්‍රධානා ගේට්ටුව පැත්තට ඇවිදන් යමින් උන්නු උපාධ්‍යා රකිතගෙ කටහඩ එක්ක නැවතුනා.උපාධ්‍යා ලගට ආව රකිත උපාධ්‍යා එක්ක කතා කරද්දි කොහොමත් සමාජශීලී ගෑනු ලමයෙක් උනු උපාධ්‍යා හරි සුහදව රකිත එක්ක කතා කරන හැටි දැක්ක ඉන්දීප රකිත එනකං මග නැවතුනා.ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක් ඉස්සරහ ගොත ගැහුනත් රකිත කොහොමහරි හිතට හයිය අරං කතා කරන්න ගත්තා.

"ඔව් අයියෙ....මැත්ස් කරන්නෙ"

"මේ.....මම කලෙත් මැත්ස් නංගි...සෙකන්ඩ් ශයි කරන්න ඕනි වෙන්නෑ කියලා ශුවර් එකක් තියෙනවා මට....ම්ම්....ඔයාට ඕනිනම් මගෙ නෝට්ස් පේපර්ස් අනන් මනන් ඔයාට දෙන්න පුලුවන්....නිකං ගෙදර තියෙන එකනෙ"

"ආ....ලොකු දෙයක් අයියෙ ඒක...මමත් හොය හොය හිටියෙ....කොහොමද ගන්න පුලුවන්?"

"ඔයා අනිද්දට එනවනෙ මෙහෙ....මම එදාට ගේන්නම්ද?"

"අයියට පුළුවන්නම් ලොකු දෙයක්"

"මම ගේන්නම්....නංගි දැන් යන්නෙ කොහොමද?"

"වෙහිකල් එක එනවා අයියෙ....ඒකෙ යනවා...ඔයත් යන්නෙ ඒ පැත්තටනම් මම එක්ක යමු"

"නෑ නැ.....මම එ පැත්තට නෙවෙයි යන්නෙ....බස් එකේ යන්නම් මම"

"හරි අයියෙ"

උපාධ්‍යාගෙන් සමුගත්තු රකිත ඉන්දීප ලඟට ඇවිදන් එද්දි ඉන්දීපට හිනා ගියේ රකිතගෙ රතු වෙලා තිබ්බ කන් දෙක නිසා.ඉන්දීපගෙ බඩට පාරක් ගැහුව රකිත කට්ටිය ඉන්න පැත්තට ඇවිදන් යද්දි රකිතලා එනකං හිටිය ආශවලාත් ඒ එක්කම බස් නැවතුම පැත්තට ඇදෙන්න ගත්තා.එලියට ආව සෙනදි එක්කම ගෙදරින් එවලා තිබ්බ වාහනේට නැගගත්තු උපාධ්‍යා පාසල ලගින් පිටත් වෙද්දිම වගේ නේත්‍රලා යන බස් රථය නැවතුමෙන් නතර කලා.ඒකට කට්ටිය එක්කම ගොඩ වෙන රකිතව දැක්ක උපාධ්‍යාගෙ මූණෙ ලා හිනාවක් ඇඳුනා.

"ඒ පැත්තටම යනවා උනාට මම අහද්දි නෑ කියලා මගෑරියනෙ රකිත අයියා"

"ම්ම්ම්ම්......කොල්ලා පැණි ඇඹලයෙක් නෙවෙයි එහෙනම්"

"හ්ම් හ්ම්ම්....ඒ වගේ....වෙනස් කෙනෙක් වගේ නේද සෙනදි? නැත්තං ඉතින් ආශව අයියලා නේත්‍රලාගෙ යාලුවෙක් වෙයියෑ....එයාලත් ඒ වගේම හෙන සීන් එකේනෙ ඉන්නෙ"

"අනික මෙහෙ සීනියර් ප්‍රිෆෙට්ක්ට් නේ...."

"ම්ම්ම්ම්"

බස් එකට නගින අය දිහා බලපු උපාධ්‍යා සාමාන්‍ය විදියට රකිත ගැන කතා කලත්,උපාධ්‍යාගෙ ඇස් දෙක පුරුදු විදියට තිබ්බෙ නේත්‍ර ලග.ලොකු හුස්මක් පහල දැම්ම උපාධ්‍යා පුරුදු විදියට නේත්‍ර දිහා ඈතට වෙලා  බලන් ඉඳලා රියදුරාට පිටත් වෙමු කියලා සන් කලා.වාහනේ ජනේලෙට ඔලුව තියං උන්නු උපාධ්‍යාගෙ අතින් අල්ලගත්තු සෙනදි ඔලුව උඩ පහල වනද්දි සෙනදි එක්ක හිනා වුණු උපාධ්‍යා ලොකු හුස්මක් පහල දැම්මා.

ගම්මානෙ පාර ලඟින් පුරුදු විදියට බැස්ස ඉලන්දාරි හතර දෙනා මාර ගහ පැත්තට පැනලා ගම්මානෙ ගුරු පාරට හැරෙද්දි නේත්‍ර ආශවගෙ කරේ තිබ්බ බෑගය අල්ලගත්තා.

"සුදුබේබි ඕක දෙන්නකො මට...මම අරං යන්නම්"

"එපා නේත්‍ර ඕනි නෑ....ම්ම්....මෙහෙම යංකො"

"පුළුවන්ද සුදුබේබි?"

"බරක් නෑ නේත්‍ර....ඇඳුම් කෑලි දෙක තුනක් තියෙන්නෙ"

"එහෙනම් කමක් නෑ.....සුදුබේබි දවල්ට කාලද ඉන්නෙ?"

".............."

"මට හිතුනා කාලා නැතුවැති කියලා....මෙහෙම්මම අපේ දිහෑ යං සුදුබේබි.....බණ්ඩියට බත් ඩිංගිත්තක් දාගෙනම අපි කතා කරමුකො"

"හා නේත්‍ර.....එවෙලෙ බඩගින්නක් තිබ්බෙ නෑ....ඔයත් එක්ක කතාබහ කලාට පස්සෙ අර ස්ට්‍රෙස් ගතිය අඩු උනා වගේ උනා.....දැන්නම් බඩගිනියි"

"ඉක්මනට යමුකො සුදුබේබි.....මොනාහරි හදාගෙන කමු"

"හා"

ආශව ඉන්නෙ හරි මානසිකත්වෙක නෙවෙයි කියලා තේරුම් ගත්තු නේත්‍ර ආශවව පාර අයිනට කරගෙන ඉස්සරහට ඇවිදන් යද්දි පිටිපස්සෙන් ඇහුණෙ ලොකු විලාපයක්.ඒ කටහඬ තෙවින්ගෙ කියලා තේරුණු ආශව පිටිපස්ස බලන්න වෙහෙසුනේ නැත්තෙ තෙවින් ලගම දිවාෂ හිටිය හන්දා නිසා උනත් හැමෝටම කරුණාවන්ත නේත්‍ර පිටිපස්ස හැරිලා බැලුවා.රතු වෙච්ච නාහෙත් අල්ලගෙන ඇස් වල කදුළු පුරවං හිටිය තෙවින් මොකද්ද මංදා ගෙඩියක් අතේ තියං තමන් ලගට ලං වෙන දිවාෂ දිහා බලන ගමන් කෑ ගහමින් උන්නා.

"යුගාන් එපා!!!!"

"දිවාෂ.....ඔය අර....අයියෝ....ඔව්වා නාහෙට තියලා නෙවේනෙ පුපුරවන්නෙ....නලලට ගහලානෙ"

"ඒත් නේත්‍ර චූචියෝ....මුගෙ නාහෙට තියලමයි මට මේපඩ ගෙඩි පුපුරවන්න ඕනි"

"ඊයා යුගාන්.....පූප් ගෙඩි කියලවත් කියපංකො!පඩ පඩ කියද්දි හරි කැතයි....අනික ඕක මගෙ නාහෙට තියලා උඹ පුපුරවන්නෙ...යකෝ නම ඇහෙද්දිත් හිරිකිතයිනෙ"

"හිතුනොත් පඩ ගෙඩිය උඹේ පුක් ගෙඩිය උඩින් තියලා පුපුරෝනවා තෙවින් මම! කට වහං නහය දීපිය!"

"මට බෑ!"

"දීපං!"

"ආශවයා! නේත්‍ර මල්ලි එක්ක පරිස්සමින් වරෙං! මම දුවනවා!"

"ඔහොම ඉදපං!අසහනකාර බල්ලා! ඉදපං!"

ඈතට දුවගෙන යන තෙවින්ගෙ පස්සෙන්ම දුවගෙන යන දිවාෂ දිහා බැලුව නේත්‍ර හිනා වෙලා ඔලුව දෙපැත්තට වනද්දි ආශවටත් හිනා ගියා.වෙල් යායත් පහු කරලා තද තැඹිලි පාට ඉර එලියෙන් බේරෙන ගමන් ගස් හෙවණෙන් ගෙට ලං උනු නේත්‍රයි ආශවයි නේත්‍ර ඉක්මනටම හදලා ගත්තු මාළුවකුයි බතකුයි එක්ක කෑම එක අරගෙනම කතා කරන්න එලියට බැස්සා.

"පහල ගල් පොත්ත දිහාවට යං සුදුබේබි"

"හා....එතනට යමුකො"

ගොම්මන් කරුවලෙන් හතර වටේම අඳුරු වෙලා තිබ්බත් නේත්‍ර තමන්ගෙ තියුණු ඇස් වලින් බිම බලන ගමන් ආශව එක්ක පහල වෙල් යාය අයිනෙ තියෙන ගල් පොත්ත දිහාවට ඇවිදන් ගියා.ගල් පොත්ත කොණක තිබ්බ තණකොලවත් නැති පුංචි වැලි ගොඩ උඩින් පස්ස තියාගත්තු නේත්‍ර ලගින්ම වාඩි උනු ආශව නේත්‍රගෙ උරහිසකට බර උනා.

"සුදුබේබි.....තාම අර ප්‍රශ්නෙ ගැන හිතනවද? ම්ම්ම්ම්"

"හ්ම්ම්ම්....ඒක එන්න එන්නම දික් ගැස්සෙනවා නේත්‍ර....පෙරේදා මැනේජ්මන්ට් එකෙන් මට කතා කලානෙ"

"ඒ ඇයි සුදුබේබි?"

"අර දිව්දේත්‍රාලගෙ තාත්තම කතා කරලා කියලා කන්ට්‍රැක් ප්ලේයර් කෙනෙක් විදියට මාව එයාලගෙ ක්ලබ් එකෙන් හයර් කරන්න කැමතියි කියලා....මැනේජ්මන්ට් එකෙන් කතා කරලා ඇහුවෙ ඒ වගේ ඔෆර් එකක් අතෑරියෙ ඇයි කියලා "

"ඉතින් සුදුබේබි,සුදුබේබි ඒක රිජෙක්ට් කරපු නිසා සුදුබේබි ඉන්න ක්ලබ් එකට නේද වාසි වෙන්නෙ?"

"ඔව්....ඒත් සාමාන්‍යෙන් ප්ලේයර් කෙනෙක් එහෙම චාන්ස් එකක් රිජෙක්ට් කරන්නෑනෙ....ඒ නිසයි එයාලා මට කතා කරලා තියෙන්නෙ....මම මොනා කියන්නද නේත්‍ර? දිව්දේත්‍රා නිසා කියන්නද බෑ කිව්වෙ? මම නොසෑහෙන්න අසරණ උනා"

"ස්....සුදුබේබි....."

"ක්ලබ් එකේ අය හිතයි මට ට්‍රැක් කියලා එහෙම දෙයක් කිව්වොත්....හොඳ වෙලාවට සනුක ආවා එවෙලෙ....මම හිතන්නෙ අපේ කෝච්ට තේරිලා තියෙන්නෙ මොකක් හරි අවුලක් මට තියෙනවා කියලා...එයා ශේප් එකේ සනුකට එන්න කියන්න ඇත්තෙ...සනුක ඇවිත් කතා කරලා බේරුවෙ මාව"

"සනුක අයියා මොනාද කිව්වෙ?"

"මම අලුත් කෙනෙක්,අනික ස්ථාවර විදියට එක ක්ලබ් එකකට ප්ලේ කරන්න කැමති කෙනෙක්....මෙතනින්ම මගෙ තැන හදාගන්න කැමති කෙනෙක්....ඔන්න ඔහොම එව්වා වගයක් කියෙව්වා....ඌ නොහිටියනම් අනේ මංදා...මට අවුලක් වෙන්නෑ...ඒත් මාව අමුතු එකෙක් ගාණට දානවා ඔතන සමහර ලොක්කො"

"සුදුබේබි....ආයෙ එහෙම ප්‍රශ්නයක් උනාම එකපාරටම කලබල නොවී ඉමු....අව්ලක් වීගෙන එනවා දැනුනොත් අපි විශාර මාමට හරි කතා කරලා ඇඩ්වයිස් එකක් ගමු"

"හ්ම්ම්ම්"

"අපි දෙන්නා අපේ වයසට දෙන්න පුලුවන් උත්තර දීපු සමාජ මට්ටම ඉවරයි සුදුබේබි....දැන් අපිට උත්තර දෙන්න වෙලා තියෙන්නෙ වෙනම සමාජ මට්ටමකට....තාම අපි ඒකට මූණ දෙන තරමට මෝරලා නෑ....ඒක හන්දා ඒ මට්ටමේ විශ්වාසවන්ත කෙනෙක්ගෙන් අපිට උපදෙස් ගන්නම වෙනවා....එහෙම කෙනෙක්ට ඉන්නෙ විශාර මාමා විතරනෙ සුදුබේබි"

"නේත්‍ර කියන කතාව හරි"

"අපි මූණ දෙමු සුදුබේබි.....මේ බාධක ටික කොහොමහරි අපි පැනගන්නම ඕනි"

"ඔයා ලඟ ඉන්නවනෙ....කොහොමහරි පනින්නම්"

"පනින්නම් නෙවේ....පනිමු....සුදුබේබි තනි කෙනෙක් නෙවේ....මම ඉන්නවනෙ"

"ඒක විතරයි මට සහනෙකට තියෙන්නෙ"

නේත්‍රගෙ අතක් අල්ලගත්තු ආශව තව ටිකක් නේත්‍රගෙ උරහිසට ගුලි වෙද්දි නේත්‍ර ආශවගෙ හිස් මුදුනෙන් හාද්දක් තිබ්බා.

"සුදුබේබි...."

"ම්ම්ම්ම්"

"සුදුබේබි මට මොකක් හරි ඇඳුමක් කුරියර් කලාද?"

"මම? නෑනෙ නේත්‍ර...ඇයි?"

"පෙරේදා මට පාර්සල් එකක් ආවා....මම ගියාම පෙන්නන්නම්කො....හූඩි එකක්....මම හිතුවෙ සුදුබේබි එවලා කියලා...වෙන මට ඔව්වා එවන්න කෙනෙක් නෑනෙ"

"මම එව්වෙ නෑ නේත්‍ර....මට ගෙදර ගියාම පෙන්නන්නකො"

"හා සුදුබේබි"

"ඒත් මම නැතුව කවුද? වැරදිලා ආව එකක්ද?"

"මමත් මුලින් හිතුවා සුදුබේබි එහෙම....ඒත් ඒක ඇතුලෙ තිබ්බා "ටු මයි ඩියර් නේත්‍ර" කියලා....ඒකයි මම ඒක තියාගත්තෙ"

"බලමුකො ගෙදර ගියාම"

රෑ කළුවර වැටෙනකංම නේත්‍ර ආශව එක්ක කතා කලා.ආශවගෙ රිදිලා තිබ්බ හිත පුළුවන් තරම් හැදුවා.අන්තිමට සතා සරපයා ඇදෙයි කියන බයට ගෙදර ආව නේත්‍ර කේතලෙත් ලිපේ තියලා ආශව එක්ක කාමරේට ගියෙ තමන්ට ආව තෑග්ග පෙන්නන්න.

"මේ තියෙන්නෙ සුදුබේබි"

ලා රෝසට ලා තැඹිලි පාටට හුරු හූඩියක් නේත්‍ර ආශවට පෙන්නද්දි ආශව ඒ දිහා බලන් හිටියෙ ඒකෙ තිබ්බ හුරු ගතිය නිසා.ඒත් එක්කම දෙයක් මතක් වෙලා හිතට ආව සැකේ එක්ක ඇඳුමෙ ලේබලේ බැලුව ආශව ඔලුව උඩ පහල වැනුවා.

"මම හිතුවා හරි....මේක එදා ඉන්ග්ලන්ඩ් වලදි මම ඇඳුම් ගත්තු ශොප් එකේ තිබ්බ හූඩි එකක්නෙ....ඒත් කවුද මේක?"

ආශව නේත්‍රට කියද්දි නේත්‍රත් ඇස් ලොකු කරං කල්පනා කරන්න ගත්තෙ එංගලන්තෙන් අරං ඇදුමක් එවන්න තරම් කෙනා කවුද කියලා.ඒත් එක්කම දෙයක් මතක් උනු නේත්‍ර ආශවගෙ පැත්තට හැරුණා.

"ගිය මාසෙ ලොකු මැණිකෙගෙ යාලුවෙක් ඉන්ග්ලන්ඩ් ගියා නේද සුදුබේබි? සුදුබේබිටත් ඇඳුම් වගයක් ගෙන්නගෙන තිබ්බා කිව්වෙ...සමහරවිට මටත්....."

"ඔව්....පුංචි අම්මා වෙන්න ඇති....කුරියර් කලේ ඔයාට දෙන එක වෙන කෙනෙක් දැක්කොත් අවුලක් වෙයි කියලා හිතලා වෙන්න ඇති"

"ඔව් නේද සුදුබේබි"

"මට ඕක මතකයි....එදා ඕක සනුකයා අත ගගා හිටියා....ඒකෙන් මට මතක තිබ්බෙ"

ආශව කියද්දි හිනා වුණු නේත්‍ර ඔලුව වනලා කුස්සියටයද්දි හූඩි එක නවලා නේත්‍රගෙ කබඩය ඇතුලෙන් දැම්ම ආශවත් නේත්‍රගෙ පස්සෙන් ගියා.මේක ඇත්තටම එව්ව කෙනා කවුද කියලා ආශවගෙ කටින් පිට වෙලත් ආශවවත් නේත්‍රවත් ඒ කෙනාව සැක කලේ නැහැ.ටිකක්වත් සැක කලේ නැහැ.

..............................................................................................

"එතකොට මේක සින්ඩරෙල්ලා ටයිප් එකට යන්නෙ?"

"ඒ වගෙ තමා....අපි කතා වෙලා නේත්‍රට ලියන්න කිව්වේ ඒකෙන් අරංනෙ"

"හරි....ඔක්කොම හරි කියමුකො...උඹලට ඇත්තටම ශුවර්ද මේ දෙන්නයි මේ කපල් එකට හරියන්නෙ කියලා?"

"නේත්‍රනෙ ලිව්වෙ ස්ක්‍රිප්ට් එක...එයාම කිව්වා මේ දෙන්නා කැරැක්ටර්ස් වලට සෙට් කියලා"

"රකිත,ඒත් බලපං.....නයයි අඳුකොලයි වගේනෙ බං"

"ඔතන සපත්තුව දාලා රජකුමාරයා තමන්ගෙ කොල්ලව හොයාගන්න එක කෙසේ වෙතත් මුන් දෙන්නා සපත්තු ගලවං ගහගනියි"

"සිරාවටම.....බෝල්ට් ඇණයි කිරි හොදියි වගේ බං"

"නම් දෙකවත් ගැලපෙන්නෑ මුන් දෙන්නගෙ"

"ආශවයි දිවාෂයි....බලපං ඒ නොගැලපීම"

"අර බලපංකො ස්ක්‍රිප්ට් එක කියවගනිල්ලා කියලා දුන්නු ටිකට දිවාෂයා මොකක් හරි වලියක් ඇදන් ආශව එක්ක"

"මම කියන්නද? අපි පොඩ්ඩක් ඇක්‍ට් කරවලා බලමු...."

"ඔය චරිත මාරු කරන්න වෙනවා...ඔන්න බලපංකො"

කට්ටියම බලං හිටියෙ වේදිකාව පාමුල හිටිය දැනට නාට්‍යට තෝරලා තියෙන ප්‍රධාන චරිත ටික දිහා.නාට්‍යයෙ ප්‍රධාන චරිත දෙකට තේරිලා තිබ්බ දෙන්නා දිවාෂයි ආශවයි වෙද්දි නේත්‍ර රඟපෑමෙන් වැලකිලා හිටියෙ පිටපත ලිව්ව කෙනා තමන්ම උනු නිසයි.අන්තිමට සමහර ලමයිගෙ නැති තැන බැනිලි වලට ලක් වෙන්න ඕනි නැති නිසා නේත්‍ර පිටපත ලියලා පාඩුවෙ හිටියෙ අන්තිමට ලියලා තමන්ම රඟත්පෑවා කියලා කතා අහගන්න තිබ්බ අකමැත්ත නිසා.

"අපි එකපාරක් බලමුද මේක?"

නේත්‍ර වේදිකාව ඉස්සරහට ඇවිල්ලා අහද්දි කට්ටියම ඔලුව වනලා වේදිකාවට නැග්ගා.පලවෙනි දර්ශනේ විදියට තිබ්බෙ දිවාෂට ගෙදර වැඩපල කරන්න කියලා කුඩම්මා වද දෙන සිදුවීමක්.ඒකටම හරියන්න පෝර දාන සුළු සහෝදරයෙක් හා සහෝදරියකුත් කුඩම්මාගෙ දරුවො දෙන්නා විදියට හිටියා.නාට්‍යම ඉංග්‍රීසි දෙබස් වලින් සමන්විත උනේ පිටපතට අනුව සිංහල භාෂාවට වඩා ඒකට ඉංග්‍රීසි බස ගැලපුනු නිසා.කුඩම්මා විදියට චරිතෙට තේරිලා උන්නු කෙනා කාර්තික් වෙද්දි සහෝදරයා හා සහෝදරිය විදියට දෙවින්ව සහ තෙවින්ව තේරිලා තිබුණා.

"කාර්තික්.....පටන් ගන්නකො"

කාර්තික් ගෑනු කෙනෙක් වගේ හිතට අරගෙනම ලතාවට වේදිකාව මැද්දට ඇවිදන් ඇවිත් කෑ ගහන්න ගත්තා.

"ඉවාන්!!!!!"

ඒත් එක්කම එතනට ඔලුව පාත් කරගත්තු දිවාෂ අහිංසකයා වගේ ඇවිල්ලා කාර්තික්ගෙන් ඇයි අහද්දි කාර්තික් එක දිගටම දිවාෂට බයින්න ගත්තා.තව පැයක් යන්න කලින් හෝදන්න තියෙන රෙදි ටික සෝදලා,කෑම හදලා,මල් පැල වලට සාත්තු කරලා,හාල් ටිකත් කුඩු කරලා පිටි කරන්න කියලා කෑ ගහද්දි දිවාෂ බිම බලාගෙනම හිටියා.ඊලගට එතනට ආව දෙවින් තෙවින් දෙන්නත් ඒ දෙන්නට ඕනි කරන වැඩපල ටික කියලා කෑ ගහද්දි කුඩම්මා උනු කාර්තික් ඒ ටිකත් දිවාෂට කරන්න කියලා බලපෑම් කරන්න ගත්තා.පිටපතට අනුව සහ සාමාන්‍ය සුරංගනා කතා වලට අනුව ඊලගට තිබ්බෙ දිවාෂ අඬ අඬ ඒ වැඩපල කිරිල්ල උනත්,

"හරි ලස්සනයි වෙරි ගුඩ් කුඩම්මෙ! ඔය ඔක්කොම ටික පැයක් ඇතුලත කරන්න මම රොබෝ කෙනෙක් කියලා හිතුවද? අනික් එක තොපි දෙන්නා! ඇයි අතපය හතර නැද්ද ඉදිකට්ටට නූල දාන්නත් මම ඕනි වෙන්න? කෙලිනවා තොපි තුන් දෙනාගෙම හතර හන්දි කැඩෙන්න! උඹලට ලේසි වෙන්නෑ මේ ඉවාන් එක්ක! මරෝනවා දැනගනින්! උබලා තුන්......."

"හෝව් හෝව් දිවාස හයියෝ...."

ශ්‍රවණාගාරෙ මැද්දට වෙලා කට්ටියගෙ හඬවල් වල ප්‍රමාණවත් බව පිරික්සමින් හිටිය නේත්‍ර ඔලුවත් අල්ලගෙන ඉස්සරහට එද්දි රකිතලත් ඇස් දෙක කරකෝලා උඩ බලාගත්තෙ දිවාෂගෙ වැඩ නිසා.කට්ටියම හිනාවල් තද කරන් හිටියත් ආශවටනම් හිනා ගිහින් තිබ්බෙ නෑ.මොකද ආශවට ඕනි උනේම නේත්‍ර එක්ක මේ චරිතෙ කරන්න මිසක් දිවාෂ එක්ක කරන්න නෙවෙයි.

"අනේ ස්ක්‍රිප්ට් එකේ තියෙන විදියට කියන්නකො හොඳ දිවාෂ වගේ.....ඔහොම කෑ ගහන්න යන්නෙපා හයියෝ"

"අනේ චූචි....මම ආසා නෑ මොකෙක්වත් මට බයිනවට රෙද්ද.....කුඩම්මා උනත් එකයි සහෝදරයො උනත් එකයි!"

"අනේ....එහෙම කරන්නෙපානෙ....අපි හරියට කරමුකො දිවාෂ"

"මට හරියට කරන්න පුලුවන්....හැබැයි"

"ඕ....මොකද්ද?"

"ඔයා කුඩම්මා වෙලා මට හද තරු ගේන්න කිව්වත් ගේනවා චූචි සත්තයි!"

දිවාෂගෙ සුපුරුදු පැණි හැලිල්ල එක්ක කට්ටියම ඈනුමුත් ඇරලා අහක බලාගනිද්දි රකිතගෙ අදහසකට අනුව ප්‍රධාන චරිත දෙකේ ගැලපීම බලන්න ආශවගෙයි දිවාෂගෙයි රංගනයෙ කොටසක් ඉදිරිපත් කරන්න ලෑස්ති උනා.ඒ කොටසෙ තිබ්බෙ ආශව දිවාෂට ආදරේ ඉදිරිපත් කරන කොටසක්.

"පටන් ගන්න දිවාෂ"

නේත්‍රගෙ සන් කිරීම එක්ක දිවාෂ තමන් ලගට ඇවිදන් එන ආශවව දැකලා දුවලා යන්න හැදුවා.එවෙලෙ ආශවට තිබ්බෙ දිවාෂගෙ අතින් අල්ලන් දිවාෂව තමන් ලගට ඇදලා අරගෙන ආදරේ ප්‍රකාශ කරලා ඊලගට දෙන්නා එක්කම ගීතයක් ගායනා කරන්න.ආශවව දැක්ක ගමන් දිවාෂ අනික් පැත්ත හැරිලා දුවන්න හදද්දි ආශව දිවාෂගෙ කොලරයෙන් අල්ලලා ලඟට ගත්තා.

"දුවන්නැතුව ඉදපංකො කොටෝ!"

"බෙල්ලෙන් නෙවේ අතින් අල්ලපං ආසව!"

"අතින් අල්ලන්න උඹ නේත්‍රද? අනේ මේ!"

"නේත්‍රනම් මම සරුවාංගෙන්ම අල්ලන්න දෙනවනෙ! උබත් නේත්‍ර නෙවේ එක තමා පස්නෙ ආසව!"

දිවාෂගෙයි ආශවගෙයි කුටු කුටු ගෑම නැවැත්තුව ඉන්දීප දෙබස් කියන්න පටන් ගන්න කියද්දි ඇස් දෙක රෝල් කෙරුව ආශව දිවාෂ දිහා බැලුවා.

"තමුසෙට කොහොමද ඕයි ආදරෙයි කියලා කියන්නෙ? දැක්කම දෙන්න හිතෙන්නෙ මූණ දෙකක් වෙන්න!"

"උබ දන්නවත ආසව....මගෙ බඩ කැලැත්තිලා වමනෙට එනවා උඹ මට ආදරෙයි කියයි කියලා බයට....සත්තයි!"

"නේත්‍ර හිටියනම් හරි උඹ වෙනුවට...නැත්තං මම වෙනුවට තෙවින් ඉන්න තිබ්බෙ!"

"නෑ ආසව....උඹට වැරදුනා"

"මොකද්ද? මම වෙනුවට නේත්‍ර හිටියත්,උඹ වෙනුවට නේත්‍ර හිටියත් හරි! චූචියා උඹ වෙනුවට මෙතන හිටියනම් මම දනියි ප්‍රේමනීය ජවනිකා රඟ දක්වන හැටි!"

"උඹ නම් මහ අපලයක් දිවාස!"

"උඹත් මහ අපලයක් ආසව! මගෙයි නේත්‍රගෙයි මැද්දට පැනලා!"

"නේත්‍ර!"

"චූචි!!"

"අනේ මට බෑ මූ එක්ක රඟපාන්න!"

"මටත් බෑ මූ එක්ක රඟපාන්න!"

"අනේ අයියෝ!!!"

නේත්‍ර ඔලුවත් අල්ලන් ශ්‍රවණාගාරෙ මැද්දෙ ඉදගනිද්දි දෙවින්ලාත් වැටිච්ච වැටිච්ච තැන් වල ඉදගත්තා.මේක හරියන වැඩක් නෙවෙයි කියලා තේරුනු ඉලන්දාරි ඔක්කොම හැරුණෙ ශ්‍රවණාගාරෙ මැද්දෙ ඉදන් හිටිය නේත්‍රගෙ පැත්තට.

"නේත්‍ර මල්ලි!"

"ඕ....."

"ඔයාට වෙනවා දිවාෂගෙ කැරැක්ටර් එක කරන්න!"

අන්තිමට නේත්‍රට උනේ වටපිටේ අය මොනා කිව්වත් කමක් නෑ කියලා හිතාගෙන වේදිකාවට නගින්න.නැත්තං ආශව කීයටවත් මේක හරියට කරන්නෑ කියලා හැමෝම තේරුම් ගත්තා.අදාල ජවනිකාව ආයෙ ගමු කියලා කතා වුණු කොල්ලො ටික ශ්‍රවණාගාරෙ තැන්තැන් වල ඉදගනිද්දි දිවාෂ කෙලින්ම ගිහින් ශ්‍රවණාගාරෙ මැද්දෙන් හිටගත්තෙ හඬ පරීක්ෂාවට.

අපූරුවටවත් නේත්‍රව ඇදලා අරගෙන ලං කරගත්තු ආශව නේත්‍රට ආදරේ ප්‍රකාශ කරද්දි නේත්‍රත් ඒකට එකඟ නොවෙන්න කාරණා හුඟක් මතු කරලා කිව්වා.අන්තිමට දෙන්නම ආදරේ කරන්න එකඟ වෙලා අදාල ගීතයට යොමු වෙන තැනදි පෙර පුහුණුවීම නතර කරද්දි කට්ටියම සැනසුම් සුසුම් හෙලුවෙ රඟපෑම නොසෑහෙන්න හොඳ තත්වෙක තිබ්බ නිසා.

"දෙනෙත්,ආර්ය.....සිංදු ටික ප්‍රැක්ටිස් කරවමු....අර ගෑනු ලමයිව හුඟක් වෙලා තියාගන්න බෑනෙ"

"හරී"

කට්ටිය ඒ ඒ වැඩ වලට පිටත් වෙලා යද්දි නේත්‍ර දිවාෂ දෙන්නා නාට්‍ය පුරුදු කරන වැඩේ භාරගත්තා.නොදැනිම පැය දෙක ගෙවිලා ගිහින් අන්තිමට පහමාර වගේ වෙද්දි ඔක්කොම ලමයි ඉස්කෝලෙන් පිටත් වෙලා ගියත් නේත්‍රලා ආශවලා ඉස්කෝලෙ ඇතුලෙ රැඳුනා.

"අද මම ගෙදර යනවා මල්ලි එක්ක...කමක් නැද්ද මම මෙහෙ හිටියට?"

අරුන්දතී හෙමින් සැරේ නේත්‍රගෙන් අහද්දි නේත්‍ර හිනාවෙලා ඔලුව වැනුවෙ මෙතන අවුල් සහගත කෙනෙක් නැති නිසා.මොනා උනත් අරුන්දතීව තනි කරන්න නොහිතුව උපාධ්‍යාත් සෙනදි එක්කම නතර වෙද්දි දෙනෙත් ගෙනාව බනිස් වගයක් කාලා කිරිකෝපි බිව්ව කොල්ලො ටික වැඩේ ගැන කතා කරන්න ගත්තා.

"නේත්‍ර....."

"ඕ සුදුබේබි...."

"ඩ්‍රාමා එකේ එන්ඩ් එක වෙනස් කරන්න හොදද?"

"ඒ ඇයි සුදුබේබි?"

"මම සෑඩ් එන්ඩින්ස් වලට ආසා නෑ"

"මම ආසත් නෑ ඒ හැටි....ඒත් සෑඩ් එන්ඩින් හොදට හිතට වදිනවනෙ....දුක කියන දේ සතුටට වඩා මිනිස්සුන්ට දැනෙනවනෙ සුදුබේබි...ඒකයි මම එහෙම දැම්මෙ"

"මම කලින් හා කිව්වෙ ඒකට මම රඟපාන්නෙ දිවාසයා එක්ක උනු නිසා...ඌ එක්ක මම රඟපාන එක සෑඩ් එන්ඩින් වෙන එකමයි හොද...ඒත් ඔයා එක්කනෙ දැන් කරන්නෙ....ඒ නිසා මේක හැපි වෙන්න ඕනි"

"හා සුදුබේබි....මම වෙනස් කරන්නම්"

ප්‍රසංගය පැවැත්වෙන්න නියමිත දවසට තියෙන කාලෙ සීමිත උනු නිසා වගේම වෙනදට මේ වගේ වැඩවලට මූලිකත්වෙ ගන්න ආශව දෙවින් දෙන්නට මේ දේවල් වලට සම්බන්ධ වෙන්න තියෙන ඉඩකඩ සීමිත වීම නිසා කට්ටිය යම් හිරවීමකට ලක්වෙලා හිටියා.තියෙන වැඩ කටයුතු ටික හරියටම බෙදාහදාගෙන වැඩේ වෙන්න ඕනි විදිය ගැන කතා කරන ගමන් හිටිය කට්ටියට ටිකකින් කම්මැලිකමක් දැනෙන්න ගත්තෙ අද දවසම එකම වැඩේට හිර වෙලා හිටි නිසා.

අරුන්දතී ලඟින් වාඩි වෙලා උන්නු උපාධ්‍යාගෙ ඇස් දෙක නැවතිලා තිබ්බෙ හිනාවෙවී කියෝන නේත්‍ර ලඟ වෙද්දි උපාධ්‍යා දිහාවට වෙන පිරිමි ඇස් දෙකක ආදරණීය බැල්මක් වැටිලා තිබ්බ බව උපාධ්‍යා දැනගෙන හිටියෙ නෑ.උපාධ්‍යාගෙ ඇස් දෙක තියෙන තැන දැක්කත් අර පිරිමි ඇස් වල තිබ්බ ලස්සන හැඟීම අඩු උනේ නැති කොට ඒ ඇස් උපාධ්‍යාටම ඇලිල තිබ්බා කියලා කෙනෙක් ඒ දිහා අවධානෙන් බැලුවනම් දකින්න තිබ්බා.

"ඒ සිංදුවක් කියමුකො...."

"අද රැග් එකක් දෙමු"

"කාටද?"

"වෙන කාටද අනේ....අපේ ගීත කෝකිලාවො දෙන්නගෙන් එක්කෙනෙක්ට"

"උපාධ්‍යා කියන්න කියන්න සිංදුවක්....තෙවින්....ගිටාර් ක ගහපංකො"

"අනේ මට බෑ....දැන්නම් බෑ"

"බෑ කියලා බෑ උපාධ්‍යා නංගි....ඔයානෙ මම එක්ක සින්ග් කරන්න ඉන්නෙත්....තාම ඔයාගෙ වොයිස් එක හරියට අහලත් නෑ මම....කෝ කියන්න බලන්න"

"ම්ම්ම්ම්"

කට්ටියම නිහඬව උපාධ්‍යාගෙ පැත්තට හැරෙද්දි තෙවින්ට ලං වෙල කියන සිංදුව රහසින් කිව්ව උපාධ්‍යා ඇස් දෙක් පියාගත්තා.සංගීතයෙ මුල් හරිය ගිහින් සිංදුව පටන් ගන්න තැන එද්දිම ඇස් ඇරිය උපාධ්‍යාගෙ ඇස් දෙක තිබ්බෙ කෙලින්ම නේත්‍ර ලඟට වැටිලා.

"කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ.....

අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ....

කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ....

අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ....

සඳේ මං කෙසේ කියන්නේ....

හිතේ තියෙන ඒ ආදරය.....

මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා....

නෙතේ වේදනා නිවෙන්නේ.....

ඔබේ රූ නිසා....

හිත පාවෙලා දුර ගියා......

පෙම් වර්ෂා වහී මා තෙමා......

සිත් සංකා නිවී යයි මෙදා......"

එතනින් එහා නේත්‍ර දිහා බලලා කියාගන්න බැරි උනු උපාධ්‍යාගෙ කටහඬ වෙවුලද්දි උපාධ්‍යාට කිට්ටුවෙන්ම ඉදගෙන උන්නු රකිත උපාධ්‍යාව අපහසුතාවෙකට පත් නොවෙන විදියට ගීතෙ ඊලග කොටස කියන්න ගත්තා.

"සංසාරිණී මගේ......

නන්නාඳුනන්නියේ......

මා මවනා හීනයේ.......

ඔබ ඉන්නවා වගේ.......

සංසාරිණී මගේ.......

නන්නාඳුනන්නියේ........

මා මවනා හීනයේ......

ඔබ ඉන්නවා වගේ......."

රකිත දිහා බලලා ස්තූතිපූර්වකව හිනා වුණු උපාධ්‍යා ආයෙමත් ඊලග කොටස කියන්න ගනිද්දි නේත්‍රගෙ උරහිසක් වටේ ගිහින් තිබ්බ ආශවගෙ අතක් ඒ පුංචි උරහිස උඩ කිටි කිටියෙ තද වෙන හැටි දැක්ක උපාධ්‍යා නේත්‍ර දිහා කෙලින්ම නොබලා ඉන්න වගබලාගත්තා.

"දේදුන්නේ පවා නැති සොබා රූපේ......

හැංගෙන්නේ ඔබේ ළඟ තමා.....

කුළුඳුලේ මාගේ ප්රේමාදරේ......

නේක වාරේ බැඳේ හදවතේ......

පෙම් වර්ෂා වහී මා තෙමා......

සිත් සංකා නිවී යයි මෙදා......."

උපාධ්‍යාට මතක් වුනේ නේත්‍රව මුලින්ම දැක්ක දවස.එදා බිම වැටිලා උන්නු තමන් ලගට දුවං ඇවිත් තමන්ට උදව් කරලා හිනා වෙලා සමුදුන්නු පිරිමි ලමයා තමන්ගෙ ජීවිතේට මෙච්චර බලපෑමක් කරයි කියලා උපාධ්‍යා හීනෙකින්වත් හිතුවෙ නෑ.හැමදාම ඈත ඉදන් ඒ ලමයා දිහා බලන් උන්නු හැටි,තනියම හීන ගොඩක් මැව්ව හැටි,ඒ පිරිමි ලමයට තමන් කෙලින්ම තමන්ගෙ හැඟීම් කිව්ව හැටි,අන්තිමට තමන්ව ප්‍රතික්ශේප උනු හැටි මතක් උනු උපාධ්‍යාගෙ හිත හීනියට රිදුනත් ඒ හැමදේම නේත්‍රගෙ සතුටනෙ කියලා හිතුව උපාධ්‍යා රිදෙන හිත සන්සුන් කරගත්තා.ඊලග කෑල්ල කියන්න කලින් රකිත දිහා බැලුව උපාධ්‍යා රකිතට ඔලුව වනලා උදව් ඉල්ලද්දි රකිත ආයෙමත් ඊලග කොටස උපාධ්‍යා එක්කම කියන්න ගත්තා.

"සංසාරිණී මගේ.....

නන්නාඳුනන්නියේ....

මා මවනා හීනයේ....

ඔබ ඉන්නවා වගේ.....

සංසාරිණී මගේ....

නන්නාඳුනන්නියේ.......

මා මවනා හීනයේ.....

ඔබ ඉන්නවා වගේ......"

එතනින් එහාට තව දුරටත් උපාධ්‍යාට සිංදුව කියාගෙන යන්න බැරි බව තේරෙද්දි උපාධ්‍යා නිහඬ වුණා.තමන්ගෙ පලවෙනිම ආදරෙන් තමන් පරාද වුනත් නේත්‍ර ඉන්නෙ සතුටින් කියලා හිතුව උපාධ්‍යා ටිකක්වත් නේත්‍රටවත් ආශවටවත් වෛර කලේ නැහැ.උපාධ්‍යාගෙ අපහසුකම තේරුම් ගත්තෙ රකිත තෙවින්ට ඉඟි කරල ඉතුරු ටික කියන්න පටන් ගනිද්දි කීප දෙනෙක්ටම මොකක් හරි වෙනසක් මෙතන උනා කියලා තේරුනත් කාගෙවත් පෞද්ගලිකත්ව අවුස්සන්න උවමනාවක් නොතිබ්බ ලමයි ගීතයට විතරක් අවධානෙ යොමු කලා.

"සඳේ මං කෙසේ කියන්නේ.....

හිතේ තියෙන ඒ ආදරය.....

මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා.....

නෙතේ වේදනා නිවෙන්නේ......

ඔබේ රූ නිසා.......

හිත පාවෙලා දුර ගියා......

පෙම් වර්ෂා වහී මා තෙමා.......

සිත් සංකා නිවී යයි මෙදා......

සංසාරිණී මගේ......

නන්නාඳුනන්නියේ......

මා මවනා හීනයේ......

ඔබ ඉන්නවා වගේ.......

සංසාරිණී මගේ.....

නන්නාඳුනන්නියේ......

මා මවනා හීනයේ......

ඔබ ඉන්නවා වගේ......."

රකිතගෙ නිවුණු හඬ එක්ක ගීතෙ අවසන් වෙද්දි කට්ටියම ඔල්වරසන් දීලා උපාධ්‍යාටයි රකිතටයි හොඳ කිව්වෙ දෙන්නගෙම හඬවල් වල තිබ්බ මියුරු ගතිය නිසා.ගීතෙ අවසන් වෙලා ඊලඟ තත්පර පහේදි ආශවගෙ ඇස් නේත්‍ර මතත්,නේත්‍රගෙ ඇස් තමන්ගෙ උකුල උඩ තියෙන ආශවගෙ අත මතත්,උපාධ්‍යාගෙ ඇස් නේත්‍ර මතත් ,රකිතගෙ ඇස් උපාධ්‍යාගෙ මතත් රැඳිලා තිබ්බ බව දිවාෂ දැක්කත් දිවාෂට ඒ ගැන අවධානෙ යොමු කරන්න බැරි උනේ තමන්ගෙ පිටි අල්ල හෙමින් සැරේ අතගෑව තෙවින් නිසා.අතමිට මොලෝලා තෙවින්ගෙ ඔලු ගෙඩියට පාරක් දුන්නු දිවාෂ අනික් පැත්ත හැරිලා දෙවින්ගෙ උරහිසට සිහි නැතුව ඇදන් වැටුණ එකෙන් දිවාෂ කලින් දැක්ක සිද්ධිය අමතක වෙලා ගිහින් තිබ්බා.

.

.

.

.

.

"නේත්‍ර ඔය මගෙ පොත් මේසෙ උඩ තියෙනවා නේද කොල පාට ෆයිල් එකක්?"

"කෝ....ආ....ඔව් සුදුබේබි"

"ඕකෙ කොළඹ ඉස්කෝල කීපෙකම ඒලෙවල් ටර්ම් ටෙස්ට් වල පේපර්ස් තියෙනවා.....ඔයා එව්වා කරන්න හොඳද?"

"හා සුදුබේබි.....සුදුබේබි ගිහින් ඇඟ සෝදන් එන්නකො...මම එතකං මේ ටික බලන්නම්"

"හරි මැණිකේ....මේ මොනාහරි කෝල් ආවොත් ආන්සර් කරන්න හොදද?"

"හා සුදුබේබි"

"උම්මා"

නේත්‍රගෙ කම්මුලක් චප්ප වෙලා යන්න හාද්දක් තිබ්බ ආශව තුවායත් කරේ දාගෙන නානකාමරේට ගිහින් දොර වහගනිද්දි නේත්‍ර ඇඳ උඩ වාඩි වෙලා ආශව අරං ආව ප්‍රශ්න පත්‍ර බලන්න ගත්තා.ඒත් එක්කම ඇඳ උඩ තිබ්බ ආශවගෙ දුරකථනෙ නාද වෙද්දි නන්නාදුනන අංකෙකින් ආව ඇමතුම දිහා ටික වෙලාවක් බලන් හිටිය නේත්‍ර ඒකට සම්බන්ධ උනා.

"හෙ......"

"ආශු...."

මේ විදියට ආශවට කතා කරන්නෙ කවුද කියල දැනගෙන උන්නු නේත්‍රට එහා පැත්තෙන් ඇහෙන ගෑනු කටහඩේ අයිතිකාරි දිව්දේත්‍රා කියලා තේරුම් ගන්න අමාරු උනේ නැහැ.ආශව තවම එන පාටක් නැති එකේ මෙයා එක්ක කතා කරන්න නේත්‍ර තීරණේ කලා.

"ආශව අයියා නෑ....එයා නාන්න ගියා"

"ඔහෝ! මේ ආශුගෙ බලු කුක්කද කතා කරන්නෙ?"

"බලු කුක්කා නෙවේ මම නේත්‍ර"

"හහ්! පිනට කන්න බොන්න දෙන නිසා ආශු යන යන තැන වැඩකාරයා වගේ වැටීගෙන එන එකානෙ මේ?"

"ඔයාට ඕනි විදියකට හිතාගන්න පුලුවන් අක්කෙ....ඇයි කෝල් කලේ?"

"ආ! බලු කුක්කගෙ සද්දෙ මොකෝ? අක්කාගෙන් ඔය අයියව මම උදුරගනියි කියලා බය උනාද? පවුලම ගොඩ යන්න බර අත්තක එල්ලිලා දැන් ඉතින් ඒක රැකගන්න කරන්න තියෙන පක්කලිකං ඔක්කොම කරනවා"

අක්කා? නේත්‍ර හිතුවෙ දිව්දේත්‍රා කිව්ව දේ ගැන.තත්පර ගාණක් ඇතුලත දිව්දේත්‍රා තමන්ගෙ අක්කා එක්ක සුදුබේබිව පටලං කියලා තේරුම් ගත්තු නේත්‍ර ඔලුව දෙපැත්තට වනලා දුරකථනෙන් අදෝනා තියෙන දිව්දේත්‍රාට අවධානෙ දුන්නා.

"අහන්ද ඉන්නෙ තමුසෙ?"

"ඔව් අක්කෙ කියන්න"

"කරුණාකරලා තමුසෙගෙ අක්කට කියනවා ආශුගෙන් ඈත් වෙන්න කියල....හරියකට කන්න බොන්නවත් නැති පවුල් වල උන් කොහොමද ආශු දකින හීනෙට යන්න උදව් කරන්නෙ? හොදට මතක තියාගන්නවා! ආශුගෙ දෛවෙ ලියවිලා තියෙන්නෙ මම එක්ක....අන්න ඒ නිසයි එයාගෙ හීනෙ ක්‍රිකට් උනෙත්,මම ක්‍රිකට් වල බල කණුවක් වගේ තියෙන පවුලක එකම දුව උනෙත්! අහන්ද ඉන්නෙ? මෙව්වා ඔලුවෙ තියාගන්නවා!"

"අක්කා දන්නවද දන්නෑ....අපි ඔලුවෙ තියාගන්න ඕනි අපිට අවශ්‍ය සහ ජීවිතේට ගත යුතු දේවල් විතරයි....එක කනකින් අහලා අනික් කනින් පිට කරන්න ඕනි දේවල් අපි ඔලුවෙ රඳවගන්න ඕනි නෑ"

"තමුසෙ කට ගහන් එනවද මම එක්ක? උඩ පයින්න ලෑස්ති ව්න්න එපා....ආශු දවසක....."

"ප්ලීස් අක්කෙ.....ආශව අයියට එයාගෙ ගමන එයා ආසා විදියට යන්න දෙන්න.....එයාට බලපෑම් කරන්න එපා.....එයා තනි කෙනෙක් නෙවේ....හෙවනැල්ල වගේ එයා වටේ ඉන්න කීප දෙනෙක් ඉන්නවා....එයා වෙනුවෙන් පණ උනත් දෙන්න ලෑස්ති කෙනෙකුත් ඉන්නවා....ආශව අයියා එයාගෙ හීනෙට හෙමින් හෙමින් හරි යයි....ඒ නිසා එයාගෙ ගමනට ඇඟිලි ගහලා එයාව අවුල් කරන්න එපා අක්කෙ.ප්ලීස්.....මම තියනවා.බුදු සරණයි"

ගෑනු ලමයි එක්ක කියෝගෙන යන්න අකමැති වුණු වැදගත්කමට හැදිලා උන්නු නේත්‍රට ආයෙ දිව්දේත්‍රා මුකුත් කියන්න කලින් දුරකථන ඇමතුම විසන්ධි කරද්දිම තමන්ගෙ පිට හරියෙන් ලොකු සීතලක් දැනුනා.ඇඟපත සෝදන් ඇවිල්ලා උන්නු ආශව නේත්‍රව පිටිපස්සෙන් තුරුල් කරං ඕඩික්ලෝන් නාලා උන්නු ඒ හිස් මුදුන සිපගනිද්දි නේත්‍ර ඇස් වල පිරුණු කඳුලු හිර කරං ආශවගෙ හීතල පපුවට හේත්තු උනා.

"සුදුබේබි....අර අක්..."

"මම අහන් හිටියෙ නේත්‍ර....ඒ ගැන හිතන්න එපා....ඔය ගෑනිට පිස්සු"

"හ්ම්ම්ම්"

නේත්‍රව නැගිට්ටවගත්තු ආශව ආයෙමත් නේත්‍රව පිටිපස්සෙන් බදාගෙන ජනෙල් කවුළුව ලඟට ඇවිදන් ගිහින් හිටගෙන කළුවර වෙලා තිබ්බ නුවර අහසට බැලුම් හෙලුවා.

"ඔයා එන්න කලින් මගෙ ජීවිතේ අන්න අර වගේ....."

කළු ගැහිලා තිබ්බ නුවර අහස පෙන්නුව ආශව මුමුණද්දි බෙරි වෙලා තිබ්බ නේත්‍රගෙ මූණ හිනාවකින් හැඩ උනේ ආශව ඔය දේ කියන්නෙ කීවෙනි පාරටද කියලා නේත්‍රටම මතක තිබ්බෙ නැති නිසා.

"හැබැයි ඔයා ආවෙ අන්න අර වගේ"

කළු වලාකුලු අස්සෙ හැංගිලා තිබිලා ටිකෙන් ටික මතු වෙන හඳ දිහා බලාගෙන ආශව මුමුණද්දි නේත්‍ර තව ටිකක් ආශවගෙ පපුවට බර උනා.

"ඊට පසේ මගෙ ජීවිතේ අන්න අර වගේ උනා නේත්‍ර...."

හද එලියෙන් බැබලෙන නුවර ආකාහෙ දිහා බලලා මිමිණුව ආශව කියද්දි තමන්ගෙ බඳ වටේ එතිලා තිබ්බ ආශවගෙ අතක් අරං ඒ උඩින් හාද්දක් තිබ්බ නේත්‍ර ආශවගෙ පැත්තට හැරුණා.

"සුදුබේබි....."

"ම්ම්ම්"

"මොන හේතුවක් නිසාවත් අපි දෙන්නට අපි දෙන්නව මගෑරෙන්න හොද නෑ"

"මම මගෑරව ගන්නෙ නෑ නේත්‍ර"

"ම්....මහමුදියන්සෙ මාව මරනවා කිව්වත් මාව අතාරින්න එපා සුදුබේබි....."

"............"

"ස්.....සුදුබේබි......ම්....මට පොරොන්දු වෙන්න"

"අප්පච්චි එහෙම කිව්වොත් අපි දෙන්නා ඈතකට පැනලා යං! මට බෑ ඔයාව මගෑරවගන්න"

"පොරොන්දුයි"

"මමත් පොරොන්දුයි...එ....ඒත් මැණිකෙ...."

"කියන්න සුදුබේබි"

"මම නිසා ඔයාගෙ ජීවිතේ ඔට්ටුවට තියන්න එපා රත්තරනේ......සුදුබේබිට හැමදේටම වඩා වටින්නෙ උඹව!"

"ස්.....සුදුබේබි....."

"ම්ම්ම්ම්ම්"

"මට මගෙ ජීව්තේට වඩා වටින්නෙ සුදුබේබිව!"

නේත්‍රගෙ ස්ථීරසාර වචන එක්ක නේත්‍රගෙ ඇස් දිහා බැලුව ආශව පුංචි එකාව ලොකු හාදුවකට ඇදලා ගත්තෙ යටිහිත ලොකු බයකින් වෙලා ගනිද්දි.තමන් වෙනුවෙන් නේත්‍ර නේත්‍රගෙ ජීවිතේ ඔට්ටු දායිද කියන බය ආශවහෙ යටි හිතේ තැන්පත් වෙන්න වෙන්න ආශවගෙ හාදුව ගැඹුරු උනා.පුංචි එකාව කකුල් අස්සෙන් අත දාලා උස්සගත්තු ආශව එහෙම්මම නේත්‍රව තමන්ගෙ ඇඳ උඩින් පරිස්සමට ඇල කරලා ඒ නලලින් හාද්දක් තියලා ඇඳ ලගම තිබ්බ පුංචි මේසෙට අත ගෙනිච්චා.පීරිසියක තියලා තිබ්බ ගැටපිච්ච මල් වලින් එකක් අතට ගත්තු ආශව පුංචි එකාගෙ නලලෙ ඉදන් ගෙල ලගට එනකං සියුම්ව ඒ මල ඇදන් ඇවිත් එහෙම්මම ආයෙමත් පුංචි එකාගෙ තොල් ඩැහැගත්තා.විනාඩි විස්සකට විතර පස්සෙ නේත්‍රගෙ තොල් වලින් ඈත් වෙලා ඒ නලලට තමන්ගෙ නලල තියං හති අරින ආශව නේත්‍රගෙ මූණ දිහා බලන් කල්පනා කලේ මේ පුංචි එකා තමන්ට කොයිතරම්නම් ආදරෙයිද කියන එක.

නේත්‍රගෙ හැඟීම් පිරුණු බෝල ඇස් දිහා බලන් උන්නු ආශවගෙ හැඟීම් පිරුණු තද දුඹුරු පාට ඇස් දෙක උඩින් ලා කදුළු පටලයක් බැදෙද්දි නේත්‍ර ඉස්සිලා ආශවගෙ නලල උඩින් තමන්ගෙ තොල් තද කලා.නුවර පිහගෙන හමන් ආව හුලඟට පීරිසිය උඩ තිබ්බ එක ගැටපිච්ච මලක් බිම වැටෙන්න ගියත් ආශව ඉක්මන් කරලා අත පහලට දාලා ඒ මල වැටෙන්න නොදී ආයෙමත් පීරිසිය උඩ පරිස්සමට තැන්පත් කරලා හුලං එන කවුළුව වහලා දැම්මා.ඒත් එක්කම ආශව ගැස්සිලා ගියේ නේත්‍ර මිමිණුව වචන කීපෙකට.

"දවසක සුදුබේබිගෙයි,මගෙ ජීවිතෙයි අතරෙන් මට තෝරාගැනීමක් කරන්න උනොත්,මම මගෙ අන්තිම හුස්මපොද සුදුබේබිගෙ තුරුලට වෙලා පිට කරලා දානවා!"

නේත්‍රගෙ වචනත් එක්ක ආශවගෙ පපුවෙ කෙටුවා වගේම විදුලියක් ඈත නුවර ආකාහෙත් කොටනවා ආශව කවුළුවෙන් දැක්කා.

...................................................................................................

වචන 9300+😊❤️

උපාධ්‍යාව සනුකට සෙට් වෙනකං බලන් උන්නු බබාලා මේ වෙද්දි

ඇත්තටම මේක දෙන්න පරක්කු උනු හේතුව හරි මොට්ටයි....මම හිතන් හිටියෙ පෙරේදා මම අප්ඩේට් එකක් දුන්නා කියලා🙂💔 අනේ ඊයෙ බබාල දෙන්නෙක් මැසේජ් බෝඩ් එකෙයි තව බබෙක් වට්සැප් එකෙනුයි මගෙන් අප්ඩේට් නැද්ද ඇහුවම තමා මම දැක්කෙ බාගයක් ලියලා විතරයි,දීලා නෑනෙ කියලා තාම😹

අදත් වචනයක් දීගෙන යන්න බබාලා❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter