Back
/ 51
Chapter 11

...එකොළොස්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

රුද්‍ර ගියා. ගියයින් පස්සෙ මම අම්මා හදිස්සියෙ කෑම උයන දිහා බලන් හිටියෙ ඇත්තටම මට කරන්න දෙයක් තිබුනෙ නැති නිසා.. අර ආව රූප සුන්දරී ගියා ගියාමයි පල්ලෙහාට ආවෙ නැති වෙනකොට මම අම්ම ගාවට වෙලා උයන කරන ඒව ගැන හිතුව. රුද් ආදරේ මට නං මං මොකටද කොහෙවත් යන වෙට්ට ගෑනු ගැන හිතන්නෙ.

ඔයා මගෙ නං ජීවිතේ මල්....

ඔයා මගෙ නං ජීවිතේ මල්

ටිකක් වෙලා අම්ම එක්ක හිටපු මං පැණි මූණකුත් දාන් රුද්ගෙ කාමරේට ආවෙ එයාගෙ ශර්ට් එකක් අරන් යන්න. මට අමූතුම ආසාවක් ඇති උනා එයාගෙ ශර්ට් එකක් ඇඳල බලන්න.

"මා.. නාන් මේලේ පෝරේන්."

"සරි පා.."

සිංදුවත් කිය කියම පඩිපෙළ නැගගෙන ආව මම රුද්ගෙ කාමරේ ඉස්සරහ නැවතුනා. දොර ඇරලනෙ. ලාවට අඩවන් වෙලා තිබ්බ දොරෙන් මම ඇතුළ බැලුවා.. ලාච්චු ඇරෙන වැහෙන සද්දෙකුත් එක්ක මට ඇහුන රුද්ගෙ අල්මාරිය ඇරෙනව. අම්මා පල්ලෙහනෙ. එතකොට මේ කවුද. මනීශා ? මම දොර දඩාස්ගාලම ඇරිලා. මගෙ රුද්ගෙ අල්මාරියට එබීගෙන ඉඳපු ඒකි ගැස්සිලා මං දිහා බලලා මට නුරුස්සන බැල්මක් දානකොට මම අඩියෙන් අඩිය ඒ පැත්තට ගියෙ ඒකි මොනවද අදින්නෙ බලන්න උනත් ඉක්මනට අතේ තිබ්බ එකක් ඒකි ගව්මෙ සාක්කුවට දාගෙන එතනින් අහකට උනා.

"තමුසෙ මොනවද මගෙ රුද්ගෙ කාමරේ කරන්නෙ ?''

මං අහද්දි ඒකිගෙ කට කොණේ ළාවට හිනාවක් ඇඳිලා මැකිලා ගියා. මට මේකිව අල්ලන්නෙම නෑ.. අනේ රුද් මට මේකිව පේන්නම බෑ.

"මං ඒ ප්‍රශ්නෙම තමුසෙගෙන් ඇහුවොත් ?"

කිසිම ගානක් නැතුව ඒකි මගෙන් අහද්දි මගෙ යකා නගින්න පුළුවන් උඩටම නැග්ගා. මං මේකිව මරනව. මරලා හිරේ යනවා. අම්මපා ඇත්තමයි මේ වේසිට අච්චර පැහැදිලිව මේ මගෙ මිනිහා කියලත් ගානක් නැති හැටි.

"මගෙ මිනිහගෙ කාමරේට මං නෑවිත් කොහොමද ම්ම්.. ඇරත් ඊයෙ අපි ඔය ඇඳ උඩ කොච්චර දැඟලුවද. උෆ් පිරිමියෙක් වෙලා මට එයාගෙ දාංගලේ දරාගන්න බැරි එකේ ඉතින්-"

දඩාස්..

මාවත් තල්ලු කරගන දොරත් සද්දෙට වහන් ලෑලි පස්සත් උල් කරන් ඇවිදන් යන ඒකි දිහා බලන් ඉද්දි මගෙ කට කොණේ මතු උනේ හිනාවක්. ඒත් මේ මමද ?.. මේ හැසිරීම මගෙද ? පොඩි දේටත් කඳුළු පුරෝගෙන අඬන රුහාන් ද ? නෑ මට මෙතනදි වෙනම අනන්‍යතාවක් හදාගන්නම වෙනවා. මං මේ ගනුදෙනු කරන්නෙ මගෙ රුද් එක්ක විතරක් නෙමෙයි.. ඇස් පිල්ලම් දෙක තුනක් ගහල ඔලුවදෙපැත්තට වනපු මම රුද්ගෙ අල්මාරියට ඔලුව දාපු මම එයාගෙ සුදු පාට ශර්ට් එකක් අතට ගත්තා. දෙයියනේ සුවඳයි. මං එහෙම්ම ඒකත් අරන් මගෙ කාමරේට ආවෙ පස්සෙ ඇඳල බලනව කියල හිතාගන වෙද්දි මං දැක්කෙ මගෙ පරෙයියා චිකූගෙ කූඩුව ඇරල තියෙනවා. අනෙ මගෙ චිකූ. මට හොඳට මතකයිමං යද්දි කූඩුව වහල චිකූට කන්න දීලා ගියේ. ඒත් එයාගෙ කෑම එක මේ වෙද්දි තිබ්බෙ ජනේලෙ ගාව වගේම හීලෑ වෙච්චි එයා මගෙ ඇඳ උඩ හරි ලස්සනට ඉඳගෙන හිටියා වෙද්දි මම ඉක්මනට චිකූ දිහා බලල ගිහින් එයාගෙ කෑම එක එතනින් ගද්දිම..

දඩාස්..

ජනේලෙ වැහිල ගියා. අනේ කෑම එක බර උනොත් මේ ජනෙල් පියන ඇතුලට ඇදෙන්න නූළක් ගැටගහලා. පෙනෙන නොපෙනෙන තරම් උනත් මං ඉක්මනට කාමරේ වටේම ඇස් යැව්වේ තව මොනවද ප්‍රශ්න බලන්න වෙද්දි මං කිසිම කරදරයක් නැහැයි කියල තේරුම් ගත්තයින් පස්සෙ නිදහසේ හුස්මක් ගත්තා. අනේ චිකූ. කවුද මේක කරේ. මං හිතන ගෑනි උනොත් මගෙ ප්‍රථිපත්ති වෙනස් වෙන්න මහ වෙලා යන එකක්නෑ.. මගෙ මූණ රතු උනා. මූණම දැවිල්ලයි. මං දන්නව මට තරහ ගියාම එහෙම වෙනව. ඉවසන්න රුහාන් ඉවසන්න.

.

.

.

හවස් වෙනකල්ම කාමරෙ ඉඳපු මම හයට විතර නාගෙන කාමරේට ඇවිත් ඇඳගන්න ඇඳුමක් බලද්දි මම දැක්කෙ ඇඳ උඩ පැත්තක නවලා තියන එයාගෙ ශර්ට් එක වෙද්දි මම ඒක ඇඳගත්තා. එයාගෙ ශර්ට් එක මට ඕනාවටත් වඩා ලොකු උනා. මොකද ඒක තනිකර මං වගේ දෙකකටත් වැඩි වෙද්දි. මට මං ගැන සාධාරණ බයක් ඇවිත් වෙනව. හිහි. වැරතිත මා. ඒ ශර්ට් එකට සුදුපාටම ශෝටක් ඇඳගත්ත මම කාමරෙන් එලියට බැස්සෙ චුට්ටක් ගාඩ්න් එක පැත්තෙ ඇවිදල එන්න. මොකද මේ අලි පත බංගලාව ඇතුළෙ කාමරේටම වෙලා ඉන්න බෑනෙ. අර පිටිපස්සෙ පූල් එකක් එහෙමත් තියෙනව ඒ පැත්තට බල්ලෙක්වත් යන්නෑ. මං සාලෙ ඉඳපු අම්මාට හිනාවක් පා කරල යවල ගාඩ්න් එකට යනවා කියාගෙන එලියට බැස්සම රුද්ගෙ මැරයො මං දිහා බලල ඉක්මනට අහක බලාගත්ත. මේක සරි මගුලක්නෙ කඩවුලේ. කොහෙන්වත් මොනාහරි පෙනවද කියල පල්ලෙහ ට ඇස් යවල බලපු මම එහෙම්ම ගාඩ්න් එකට ආවා. එතන මං හිතන්නෙ මිහිපිට දිව්‍යලෝකයක්. ඒ තරන් එතන ලස්සනයි. මං හිමීට එතන තිබ්බ ලොකු අඹ ගහකට හේත්තුවෙලා මල් මැද්දෙන් ඉඳගත්තා. සූරියකාන්ත මල් යායක්. රෝසමල් යායක්.. වගේ ගොඩාක් මල් තිබ්බ එතන අනේ මට හැම තැනකටම වඩා මේ ගෙදර මට එතනට ආස හිතුන.

මගෙ සිහියට ආවෙ රුද්ව දැකපු පළවෙනි දවස වෙද්දි මං නිරායාසයෙන්ම ඒ දවසට ඇදිලා ගියා.. පැයක් විතර ඒ මතකෙ ඇතුළෙ ඇවිදපු මට ඒ අහංකාර මූණෙ හරි ආදරණීය හිනාවක් මැවෙන විදිය පවා මතක් උනා. අත පෑරෙන්න නොදී පරිස්සම් කරන විදිය පවාමට මතක් උනා. දැනටමත් බැන්ඩේජ් ගලවලා තිබ්බ අත මට ජීවිත කාලෙටම පරිස්සම් කරගන්න වෙනවා. ලේසි නෑ උරිස්ස කැඩුනම අමාරුයි. එයා මාව පරිස්සමට බලාගත්ත විදිය පවා මට මතක් උනා.. ඒ නපුරු ඇස් මං ගාවදි උණුහුම ඉල්ලන විදිය මට මතක් උනා.

"යෙන්න ඉංගෙ එන්න පන්ර? රුහාන්?"

මට ඇහුනෙ එයාගෙ කටහඬ වෙද්දි අනේ මට දැනුනෙ ගොඩක් කල් එයාගෙම් ඈත් වෙලා හිටියා වගේ. මං පිටිපස්ස හැරිල බැලුවා. ඔව් ඒ හිටියෙ මගෙ රුද්.. මගෙම රුද්. මගෙ විතරම වෙන්න ප්‍රාර්තනා කරලා ජීවිත කාලෙම මං වෙනුවෙන් උන්න මගේ රුද්. එයා මගෙ ඇඳුම දිහා බැලුවා.. උඩ ඉඳන් පල්ලෙහාටම.

"මගෙ ශර්ට් එකක් ඇඳන් මොකෝ ම්ම්''

"පාලු හිතුන"

මං එයා මගෙ එහාපැත්තෙන් ඉඳගද්දි එයාට තුරුල් උනා වගේම එයාව ගැස්සුනා. මට ඒක දැනුනා. මං ඊගාවට කියන්න යන එකෙන් ඔයාට කලන්තෙ දායිද දන්නෑ.. අමෝ අමෝ පාතාල කල්ලි නායක රුද්ට කලන්තෙ දාල ඉම්හි ඉම්හි චීම්ස්.

"රුද්.."

"යෙන්න පාපා..රූහා යෙන්න සොල්ල. උනක්කු යෙන්න වේනුම්..ම්ම්"

"එනක්කු..."

"ආමා යෙන් තංගම් යෙන්න වේනුම්"

"එනක්කු උංගල් කාදල් වේනුම් ඩා.. නා උනක්කු රොම්බ කාදල් රුද්... "

මං එයාට තුරුල් වෙලා ඉඳපු විදිය මොහොතකටවත් වෙනස් නොකරකියද්දි මගෙ ඉඟ වටේ එතිලා තිබුනු එයාගෙ රලු අත් තද උනා.. මං හිතන්නෙ කලන්තෙ දාලා.. මට දැනුන මගෙ හිස් මුදුනෙන් හාදුවක්.

වගේම මං ආදරේ කරන මනුස්සයා එක්ක රොමෑන්ටික් වෙනකොට මට ඇහෙන්නඕන සිංදුව කියල හිතන් උන්න සින්දුව වෙනුවට වෙනමම සින්දුවක් මගෙ ඔලුවෙ ප්ලේ වෙන්න ගත්තා

"කෝ බලන්න මං දිහා.."

එයාගෙ පපුවට තද කරන් ඉඳපු මූණ එයා දෝතටගද්දි මං එයාගෙ ඇස් දිහා බැලුවා... ඒ ඇස් වල ලාවට බැඳිලා තිබුන කඳුළු පටලේ මට එයා ඒ දේ කොච්චර බලාපොරොත්තුවෙන් හිටියද කියන එකට සාක්ශි කියද්දි මමත් මගෙ අත් දෙකෙන් එයාගෙ මූණ මගෙ අතෙන් බාගයක්වත් අල්ලන්න බැරි එයාගෙ මූණ අල්ලගත්තා..

"මං හරි ආදරෙයි ඔයාට මගෙ රුද්."

"නානුම් යෙන් කාදල්"

එයා මගෙ තොල් වලට බර උනේ මගෙ අත් එයාගෙ කර වටේ එතෙනකොට.. විනාඩි කීපයක් එයාගෙ ආදරණීය හාදුව එක්ක ඔට්ටු උන මට අන්තිමේ හති වැටුනා.

________________________________

අනේ වස්තුකැටේලා මූඩ් නෑ ලියන්න. දවස් ගානක් ලියන්න අරන් මේ නවත්ත නවත්ත ඉඳල කොහොමහරි අද කොටාගත්තෙ මේ ටික. හෙටත් දෙන්න බලන්නම් අනේ තරහ වෙන්නෙපා පැටව්නෙ. ඉක්මනට එන්නම්.

පරිස්සමට ඉන්න.. බායි ආතරෙයී.............

Share This Chapter