Back
/ 51
Chapter 10

...දහවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

වෙනදා නැති තරමෙ උණුසුමක් මට දැනෙද්දි මං ඇස් අතින් පොඩි කරගත්තා. මාව තව තවත් පපුවකට තුරුල් වෙනව දැනෙද්දි මං ඉක්මනට ඇස් ඇරලා බැලුවා.. දෙයියනෙ මගෙ ඉස්සරහ හිටියෙ එයා. උන් හිටි තැන් අමතක වෙච්ච මම දඩිබිඩි ගාල නැගිටල ඇඳේ ඉඳගෙන මගෙ ඇඟ දිහා බැලුවෙ අලාභ හානියක් වෙලා නං මේකාගෙ බෙල්ල මිරිකන්න බලන් වෙද්දි මං දැක්කෙ කිසිම ආපදාවක් නැතුව ඊයෙ ආපු විදියටම ඉන්න මං. මට සැනසුම් සුසුමක් පාතට වැටුනා. හනේ මගෙ පතිවත ආරක්සිතයී. මං බැලුවෙ නිදාගෙන ඉන්න රුද්‍ර දිහා වෙද්දි ඇහැරල ඉද්දි කොයිවෙලෙත් ඇවිලෙන ඇස් තියන මේ මනුස්සයාගෙ ආදරණීය ඇස් හරි සාමකාමීව පියවෙලා තිබුනා.

මං හිතන්නෙ එයා මං වෙනුවෙන් කරල තියෙන කැපකිරීම් එක්ක මට එයාට ලං වෙන්න හිතුනා. මොන මනුස්සයාද ඇත්තටම ආදරයක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ හොඳමකාලෙ කැප කරන්නෙ ? එහෙම මිනිස්සු අඩුයි.. අඩුයි නෙමෙයි එහෙම මිනිස්සු හොයාගන්නවත් නෑ..

ඔයා කැමති නං මට ආදරෙයි කියන්න.. වගේ කතා එයාගාව නෑ.. එයා තනිකර වචනයේ පරිසමාප්තියෙන්ම දුශ්ටයෙක්.. මට මතක් උනේ ඊයෙ..

"මට උඹට අනිත් උන් වගේ මං උඹට ආදරෙයි කියලා දණ නවලා ආදරේ කියන්න තේරෙන්නෙ නෑ.. මොකද මං ආදරේ කරේ උඹට විතරයි. මගෙ පළවෙනියත් උඹ අන්තිමයත් උඹ. රොම්බ කාදල් ඩා... නා උනක්කු රොම්බ කාදල්.. බදිල් වේන්ඩා.. මට කියන්නඩ විතරයි වේණුම් සරි. එනක්කු බදිල් වේන්ඩා.. නා උනක්කු රොම්බ කාදිලික්කිරේන්.. මේ ගල් හදවත උණු උනේ උඹගාව විතරයි සරියා... මං උඹට කාලෙ දෙන්නම්. අවුරුද්දක්ද කල්පයක්ද දෙන්නම්. හැබැයි උඹෙ කටින් නෑ කියන වචනෙ කියවෙන්න බෑ සරි. ඕන තරම් කල් අරන් මටම විතරක් කාදල් කරපන්"

ආදරෙයි ආදරෙයි කියල අන්තිමේටම ඕන තරම් කල් දෙන්නම් නෑ කියන්න බෑ එයාටම ආදරේ කරන්න කිව්ව ඒ නපුරා දිහා බලාගෙන මං කල්පනා කරද්දි එයාගෙ ඇස් ඇරුනා වගේම එයා මං දිහාට හැරුනා

"ම්ම්..යෙන්න මේ ඔයාගෙ හස්බන්ඩ් ලස්සනයිද"

ඊයෙ හදපු කොණ්ඩෙ මූණට වැටිල තියෙද්දි ඒ ඇස් මං දිහාට වැටිලා තිබ්බා. අනේ මේ මනූස්සයා මෙච්චර ලස්සන උනේ කොහොමද...

"විකාර මං බලන් හිටියෙ නෑ.."

මං ඇඳෙන් නැගිට්ටා වගේම එයා ආපහු මාව ඇඳ උඩට ඇදල ගත්තා..

"ආව්වා..."

"කොංඦම් ඉරුංග."

තව ටිකක් ඉන්න කියන ගමන් එයා මට තුරුල් වෙද්දි මම අහේතුකව එයාගෙ ඇඟ වටේ අත් දාගෙන එක අතකින් ඔලුව හිමීට පිරිමැද්දා. ආයෙ මහ වෙලාවක් යන්න කලින් එයාගෙ හුස්ම වැටෙන තාලෙන් එයාට නින්ද ගිහින් කියල දැනගත්ත මම හිමීට නැගිටල ශීට් එකත් ඉනක් හරියට පොරවලා ජනෙල් වල කර්ටන්ස් වහල දොරත් හිමීට වහන් කාමරේට ආවා.. ඒත් එක්කම මා ඇහුනෙ පල්ලෙහා මහ කලබලයක් වෙද්දි මූණවත් හෝදන්නෙ නැතුව ඉඳපු මම පල්ලෙහාට පියෑඹුවා...

"මමා.. ම්-මේ කවුද ?"

"ආහ් මේ ඉන්නෙ අපෙ රුද්‍රගෙ යාලුවෙක් මනීශ පුතා. එතකොට මේ එයාගෙ අක්කා මනීශා."

"ආහ්.."

යාලුව කෙසේවෙතත් ඇණයක් වෙයි වගේ කියල මගෙ හිත ලාවට කියන්න ගත්තත් මං ආය අනික් අතට හිතුවෙ රුද්‍රට මොකටද මේ වගේ පඟර නැට්ටිච්චියො. හුම් මං වගේ ලස්සන චීස් බෝලයක් ඉද්දි මොකාද මං අහන්න කුණූ උන චීස් කෑලි.

"රුද්‍ර නිදිද කුට්ටි?"

"ආමා මා"

"ම්ම්.. මාත් දැක්කා. රෙන්ඩු පේර් ඔඳට තුරුල් වෙලා නිදාගෙන ඉන්නව."

අම්ම මට විහිලුවට වගේ කියද්දි මාව රතු උනා. දෙයියනෙ අම්ම දැකලනෙ ඒ කියන්නෙ. මං ශේප් එකේ හිනාව වහන් අහක බලාගද්දි මං දැක්ක අර යාලුවගෙ අක්ක කිව්ව එකී මට රවනව. හොඳක් නං දැනෙන්නෑම තමා දැන්නම්.

"ඉදු යාර් මා?"

"ඉදු යෙන් මාප්පුලේ"

අම්ම මං ගාවට ඇවිත් මාව තුරුල් කරගන්න ගමන් කියද්දි මට මහ කුරිරු සතුටක් දැනුනා. මගෙ ඇන්ටනාවට අහුවෙන දේවල් ලේසියෙන් බොරු නෙමේ අක්කෙ. අපි බලමුකො. මමත් කට කොණෙන් පේන්නම හිනා වෙලා අම්මා ගාව පූසෙක් වගේ හුරතල් උනා.

"ඉදු රුහාන්?"

"ආමා"

"ඕහ්.. වනක්කම් තම්බි. ඔයාගෙ ආදරවන්තයා ඔයාගැන නොකියපු වෙලාවක් නැති තරම් රුහාන්."

මට සතුටක් දැනෙද්දි මං අම්මට තව ටිකක් තුරුල් උනේ මං උදේට දත් මැදලවත් නෑනෙ කියල අමතක වෙලා යද්දි. ඇත්තටම මට අම්මගෙ උණුසුම දැනෙනකොට මහා සැහැල්ලුවක් දැනුනා. මං මේ ලැබුන ජීවිතේට හරි ආදරෙයි දෙයියනෙ. ඒත් ආදරෙ පස්සෙ බලාගත්ත හැකි. දැන් මේ නැට්ටිච්චි මොකාටද එන්නෙ බලන්න ඕන.

"අදු ඉල්ල මා.. අපි මාස දෙකක් ඉංගේ ඉරුක්ක පෝරේන්"

"ප්‍රච්චන ඉල්ලේ පා... මාත් රොම්බ ආසයි ඔයාලා ඉන්නවට"

අම්මා කියද්දි දෙන්න කාමර හදාගන්න ගියා වගේම මමත් කාමරේට ඇවිත් මූණකට හෝදන් එලියට එද්දි රුද්‍රත් ඇඳගෙන එලියට එනවා. දෙයියනෙ මේ මිනිහා උදේම කොහෙ යනවද මගෙ පපුවත් එලියට පනින්න වගේ යකෝව්. අනේ මං යකාට අඬ ගැහුව නෙමෙයි හරිද. සොරි සොරි යකෝ කෑල්ල නෑ. කළුපාට කලිසමකට රතුපාට ශර්ට් එකක් ඇඳල ඒකෙ උඩ බොත්තම් දෙක ඇඳලා ඉඳපු එයාගෙ බෙල්ලේ තිබ්බ සුදු රත්තරන් වලින් හදපු මාලෙත් එලියට පේද්දි කාමරෙන් එලියට බැහැල අඩියක් දෙකක් ඇවිදන් ආව එයා දිහා මං බලන් හිටියා වගේම අඩි කීපයක් ඇවිත් එයාගෙ ඉස්සරහා කහපාට කොට ශෝර්ට් එකකුයි ලොකු ටී ශර්ට් එකකුයි දාන් ඉඳපු මං දිහා එයාත් කන්න වගේ බලන් හිටියා... එයාගෙ ඇස් දිළිසෙනවා.. මගෙ මූණ රතු වෙනවා. අඩියට දෙකට මං ගාවට ආපු එයා මගෙ ඉනවටේ අතක් දාලා මාව ඇදල ගන්නවත් එක්කම මහා බරක් නොවිච්ච මම එයා දිහාවට පුළුන් ගොඩක් වගේ ඇදිලා යද්දි එයාගෙ නිදහස් අත මගෙ කම්මුලේ නැවතුනා.. ටිකක් වෙලා ඇස් දිහාම බලන් ඉඳපු එයා මගෙ මූණට පාත් වෙනවත් එක්කම මං ඇස් තද කල්ලා වහගත්තා. මේ වෙන්න යන දේ.. ආයිශ් මෙයා මාව කිස් කරන්නද යන්නෙ...

"ර්-රුද්"

"ම්ම්.."

"රුද්.."

"කියන්න මොකෝ ම්ම්.."

ආයිශ් ඇයි මට වචන පිටවෙන්නෙ නැත්තෙ. අපි දෙන්නගෙ තොල් ස්පර්ශ වෙන්න ඔන්න මෙන්න තියාගෙන අපි දෙන්නා රහස් කතා කරන්න ගත්තා. ඒ ඇස් කතාවක් කියනවා. මං ඒ ඇස් කතාව දන්නවා.. මං ගාව ඉද්දි ඒ නපුරු ඇස් ආදරණීය කතා කියනවා

"ම්හ්..මුකුත් නෑ.."

"ම්ම්..බය නං හැමදාම මං ගාව නිදාගන්න එන්න ම්ම්.."

එයා කියල මගෙ අතේ මැනික් කටුව ගාවින් අල්ලගත්තා. මෙයා මාෆියා වලදිත් මෙහෙම සොෆ්ට් ද දන්නෑ. වෙන්න බෑනෙ, ඒ උනාට. එහෙම කෝමද? හිතේ ඇති හැමදාම නිදියන්න එයි කියල.. යැයි යැයි

"කන්න යමු. මට මීටින් එකක් තියනවා."

එයා ඇත්තට කඩවසම්. මං හිතන්නෙ මේ ලෝකේ ඉන්න කඩවසම්ම පිරිමියා එයා. ඔව් ඒකෙ වෙනසක් නෑ. අදටත් හෙටටත් එයා තරම් පෞරුශයක් තියෙන කඩවසම් මනුස්සයෙක් බිහි වෙන්නෙ නැතිවෙයි. එයාගෙ පුනරුප්පත්තියක් උනොත් මිසක්කා.. එයා මගෙ අතින් අල්ලන් පඩිපෙළ බහින්න ගත්තා වගේම මට පොඩ්ඩක් තරහ යාගෙන එන ගමනුයි තිබ්බෙ. මොකද මේ මනුස්සයා මාව කිස් කරන්න ගිහින් නොකර හිටියා. මගුල. ආයිශ් මට මේකා එක්ක තරහයි දෙයියනෙ..

"ඔයා මොකද මගෙ රුද්ගෙ කාමරේ කරන්නෙ?"

_________________________________________

අපි දන්නෑ ඔන්න. මේකයි මට පොඩ්ඩක් මේක ආදරණීය පැත්තට බර කරලා ලියන්න ඕන. මොකද ඉතින් එකපාරට මට මිනීමරුවො ගේන්න බෑනෙ. අනික කුණාටුවලට කලින් පරිසරය නිස්කලංකයිනෙ. හරි අදට ඔච්චරයි සමාවෙන්න පොඩ්ඩයි. මං ඉක්මනට එන්නම්. ලියාගන්න මූඩ් එකක් නෑ. ඉක්මනින්ම දෙන්නම් හෙට එන්නම් ආයෙත්.

කතාව කෝමද කියලත් කියන් යමු..

වෝට් කමෙන්ට් හලන අයට ආදරෙයි

Share This Chapter