Back
/ 51
Chapter 9

...නවවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

අනේ ඒ හිටියෙ මම...

"ඔයා නැතිවෙලයි කියලා මං දැක්ක දවසෙ.. රෑ මං මේක ඇන්දෙ. දවසක ඔයා ඔය වයසට ආවම මේ වගේ ඉඳී නේද හිතනගමන්. ඉතින් මං හිතුව වගේ ඔයා ඒ වගේමයි.. නෑ ඊටත් වඩා ලස්සනයි.. අවුරුදු හතක් මං උඹව හිතේ ජීවත් කරන් හිටියා යෙන් කාදල්.. මං හිතක් පපුවක් නැති අමනුස්සයෙක්. රුද්‍ර කියන නම ඇහුවත් මිනිස්සු ළඟ නොයිද දුවන ජාතියෙ මිනිහෙක් රුහාන්.. මට උඹට අනිත් උන් වගේ මං උඹට ආදරෙයි කියලා දණ නවලා ආදරේ කියන්න තේරෙන්නෙ නෑ.. මොකද මං ආදරේ කරේ උඹට විතරයි. මගෙ පළවෙනියත් උඹ අන්තිමයත් උඹ. රොම්බ කාදල් ඩා... නා උනක්කු රොම්බ කාදල්.. බදිල් වේන්ඩා.. මට කියන්නඩ විතරයි වේණුම් සරි. එනක්කු බදිල් වේන්ඩා.. නා උනක්කු රොම්බ කාදිලික්කිරේන්.. මේ ගල් හදවත උණු උනේ උඹගාව විතරයි සරියා... මං උඹට කාලෙ දෙන්නම්. අවුරුද්දක්ද කල්පයක්ද දෙන්නම්. හැබැයි උඹෙ කටින් නෑ කියන වචනෙ කියවෙන්න බෑ සරි. ඕන තරම් කල් අරන් මටම විතරක් කාදල් කරපන්"

ඒ ඇස් නපුරු උනා.. බලන් ඉද්දි රතු වෙලා ගියා.. මේ යකා ආදරෙයි කියන්නෙ මෙහෙමද හත්වලාමෙ. හරි හුත්තක් උනානෙ මේක.

එයාගෙන් බාගයක් විතර සයිස් උන මං දිහා එයා බලාගෙන ඉඳල මාව ස්ටෝර් රූම් එක ඇතුළෙ දාලා එයා යන්න ගියා. මුලින් මේ මෙයාගෙ ස්ටයිල් වෙනස් කරන්න ඕනා. වෛට්ටිය නං අව්ලක් නෑ හැබැයි කොණ්ඩෙ තමයි.. ඉන්නකො ඉන්නකො ඔහොම.. මං මගෙ ෆෝන් එක අතටගත්තා..

...Vinthy's saloon..

ම්ම් මේ තියෙන්නෙ.. පෙරළියක් කරමු බොසා.. මං ඒ නම්බර් එක ඩයල් කරල කෝල් එකක් ගත්තා...

.

.

.

"කවුද මූ.."

"අණ්ණා ගේට්ටුව ගාව හිටගෙන මෙහෙන් එන්න කිව්වයි කිව්වා.."

"ඉල්ලෙ. අපි එන්න කිව්වෙ නෑ.. මූ ඔත්තු බලන්න ආවද දන්නෑ."

මට ඇහුනෙ පල්ලෙහායින් රුද්‍ර වගේම මිත්‍රන් කතාවෙනවා වෙද්දි මගෙචිකූ එක්ක හිටපු මම පොඩ්ඩක් එහාට කන දික් කලා... අඩේ යෙන්න මුං මේ මිනිහව මරයිද.. මං පරෙයියාවත් උස්සන්ම පල්ලෙහට දිව්වා.

"මූ හොරෙක්ද අණ්ණා?"

"අයියෝ ඉන්න. එන්දිරිංග වින්තී.. මම ඒ මනුස්සයට එන්න කිව්වෙ. යකෝ මේක හරි මගුලක්නෙ. මේ මනුස්සයව හොරෙක් වගේ පේනවද. කොයිවෙලෙත් මිනිස්සු දිහා සැකෙන් බලන්නෙ හරි මගුලක් තමා.. යෙන්න. ඔහොම බලන්නෙ? ඔයා නැගිටින්න වින්ති. මං ඔයාට එන්න කිව්වෙ මේ නාකි ස්ටයිල් එක දාන් ඉන්න අණ්ණව පොඩ්ඩක් පොශ් කරල ගන්න''

ඔක්කොටම සද්දෙ දැම්ම මම වින්තිවත් නැගිට්ටෝලා. රුද්‍රට රැව්වා.. හරි මගුලක්නෙ. ඇත්තමයි මේ මනුස්සයා මට ප්‍රෙශර් නග්ගනවා..

"ම්-මට?"

''ඔව් ඇයි පොඩ්ඩක් ඔය කොණ්ඩෙ හදාගන්න අනේ.. ඔයා උනත් මං වගේ ලස්සනට ඉන්නෙපැයි..''

මං හිතන්නෙ කාලෙකට පස්සෙ මං පුරුදු දඟකාර කොල්ලා වෙලා හිටියා.. වගේම මට එයා ගාවදි නිදහසක් දැනුනා... වචනයක්වත් නොකියපු එයා ගිහින් පුටුවෙන් ඉඳගද්දි වින්ති එයාගෙ කොණ්ඩෙ කපලා හදන්න ලෑස්ති වෙන ගමන් හිටියා... මම ත් ළඟ තිබ්බ පුරුවකින් ඉඳගත්තෙ අපෙ මනුස්සයගෙ ග්ලෝ අප් එක බලන්න.. පොඩ්ඩක් ඉන්න. මං අපෙ මනුස්සයා කිව්වද? නෑනෙ.. ඒක තමා මං එහෙම කියනවද නේද.

මං ටිකක් වෙලා ඒ දිහා බලන් හිටියා. මොනවද මංද කතුරු වගයක් අරම් කොණ්ඩෙ එහෙට කපනවා මෙහෙට කපනවා අර විදිය කරනවා මේ විදිය කරනවා. ඔලුව එහෙට හරෝනවා මෙහෙට හරෝනවා. ඒත් මං නොදැකපු දෙයක් කියන්නද. මේ මනුස්සයා ශේප් එකේ ඉනේ තිබ්බ පිස්ටල් එකට අත තියන් හිටියෙ. මං බොරුද කිව්වෙ හැමෝ දිහාම සැකෙන් බලන්නෙ.. පුදුමයි මං දිහත් බලනවද දන්නෑ..

මං හිතන්නෙ මගෙ ඇස් වැහුනා.. මගෙ පරෙයියා මගෙ ඇඟ උඩ ඉඳගෙන ඉද්දි මගෙ ඇස් වැහුනා.. මං කිව්වෙ නින්ද ගියා.

.

.

.

"අඩ්ඩඩ්ඩා....මෙයාගෙ ලස්සන බලාපල්ලකො. අණ්ණා දැන් නිකන් හීරෝ වගේ.''

"මට මෙහෙම සෙට් නෑ බං.. කොණ්ඩ කුරුල්ලෙක් වගේ..''

මං ඇස් ඇරියා. කියවගන්න මිත්‍රනුයි කොණ්ඩෙ කපන වින්තී දෙන්නම මගෙ ඉස්සරහ හිටගෙන ඉද්දි මං හිමීට ඇස් කරකෝලා එහාපැත්තෙ හිටපු රුද්‍ර දිහා බැලුවා...

"මලෝත්තයි කෝ මගෙ රුද්‍ර"

එතන හිටියෙ එදා මගෙ ඉස්සරහට ආව රස්තියාදුකාර රව්ඩි වගේ ලස්සන රුද්‍ර වෙද්දි මං එයා ගාවට ගිහින් එයා ඉස්සරහ හිටගත්තා..

"දෙයියනේ.. රොම්බ අලගාර්ක රුද්"

මගෙ සර්වාංගෙම සීතල වෙලා ගියෙ මූණත් එල්ලන් ඉන්න එයාගෙ ලස්සනට වෙද්දි මං ඒ මූණ අත් දෙකෙන්ම අල්ලගත්තා.. ආහ් දැන් ඉන්නෙ කොල්ලා වගේ දිගටම ඔහොම ඉන්න අනේ එතකොට කන්න හිතෙනවා.

''ඉතිං කනවද?"

එයා ඇහුව. මාව රතු උනා.. සරළයි. මං හිනා වෙලා වින්තිට පේ කරන්න යද්දි එයා සක්කුවෙන් පර්ස් එක ඇරන් ඒකෙන් සල්ලි දුන්නම වින්ති හිනාවෙලා යන්න ගියා... වගේම එයාගෙ බිස්නස් කාඩ් එකක් බිම වැටුන. මං ඒක අහුලගත්තා.. අහ් මෙයා ටැටූත් කරනවද. මරුනෙ මාත් ගහන්න ඉන්නෙ පපුවෙ එකක්.එයාට කතා කරමු.

.

.

.

මං හිටියෙ කාමරේ.. මගෙ හිත දෙගිඩියාවෙන් පිරිල තිබ්බා.. මගෙ ඔලුවට ආවෙම රෑ කෑම මේසෙදි එයා මං දිහා බලන් හිටපු විදිය වගේම මට දුන්න චිත්‍රෙ වෙද්දි මං ඇස් වහගන ඇඳේ පෙරළුනා.. අනේ මට එයා ඕනෙනෙ. මං එයාට කැමති කියන්නම්ද? ම්ං නැගිටල මගෙ චිකූ ගාවට ගියා.. වැස්සත් එක්ක එලියේ.. හොඳ වෙලාවට අකුණු ගහන්නෙ නැත්තෙ මං බයයි නැත්තන්

"චිකූ... ම්ම්ම්... යෙන්න සොල්ල පා... මං එයාට ආදරෙයි නේ.. ආදරෙයි කියන්නද ඈ... ඈ චිකූ මං කියන්නද? තව ඉවසන් ඉන්න බෑනෙ චිකූ..."

"..."

මං හිමීට දොර ඇරන් කාමරෙන් එලියට බැස්සා.. රුද්‍ර කොහෙද ඉන්නව කිව්වෙ එහා කාමරේ නේද.. මං හිමීට ඒ කාමරේට අඩිය තිබ්බා...

..ටොක් ටොක් ටොක්..

සද්දයක් ඇතුළෙන් නෑහෙද්දි මං ආය තට්ටු කරා..

..ටොක් ටොක් ටොක්..

කිසිම සද්දයක් නැති වෙද්දි මං ආපහු එන්න හැරුනත් ඒ දොර ඇරෙනවත් එක්කම මාව ඇතුළට ඇදිල ගිහින් බිත්තියකටයි තව මනුස්සයෙක්ගෙ ඇඟකටයි හිර වුනා.. මං දන්නව මේ එයා.. සුවඳ මං අඳුරනවා. ටේබල් ලෑම්ප් එක විතරක් ඔන් වෙලා තිබ්බ ඒ කාමරේ ලාවට එලියක් තිබ්බා වගේම මගෙ ඉස්සරහ කළුවරේම හිටගෙන ඉන්න අඩ නිරුවත් යෝධ ඇඟ දිහා මට බැලුනා. බනිස් ගෙඩි ඔබල වගේ තිබ්බ ඒ බඩ දකිද්දි මට කියන්න ආව එක පවා අමතක උනා...

"මොකද ගේ දිගේ හොල්මන් කරන්නෙ ම්ම්?"

මං එයාගෙ මූණ දිහා බැලුවා. එයාගෙ ඇඟේ තිබ්බ එකම දේ සුදුපාට වේට්ටිය විතරක් වෙද්දි අඬ අඳුරෙ අඬ නිරුවත් රූපේ මාව බිත්තියට හේත්තු කරන් උන්නා.. අනේ දැන්නම් මට යන්න ඕන වගේනෙ..

''ම-මම් මේ ආහ්...''

වෙන්නෙපා කියල තිබ්බ දේ උනා.. අකුණක් ගැහුවා.. කියන්න ආව එක කියාගන්න බැරුව ගිය මම එයාගෙ කරේ එල්ලුනේ අත් දෙකම එයාගෙ බෙල්ල වටේ දාගන. ඒ එක්කම තව අකුණක් ළඟම පුපුරලා යද්දි මම එයාගෙ බාහුවක් හපාගත්තා

"ම්හ්.. බයද?"

එයා අහනකොට මං තවත් එයාට තුරුල් උනා.. මං ඇයි බයවෙන්නෙ. එයා මගෙනෙ. මගෙ හැමදේමනෙ අද ඉඳන්. ඉතිං මම ඒ දේහධාරී අඩ නිරුවත් ඇඟේ එල්ලිලා ආරක්ශාව හොයන එක වැරදි ද?

"ඇඳෙන් තියනව ඔන්න මම.."

එයා මාව දෝතට ගත්තා. අරන් එයාගෙ ඇඳ දිහාට හිමීට අඩිය තියල මාව ඇඳ උඩින් තියලා මට ඒ උණුසුම් ශීට් එක පෙරෙව්වා.. පොරවලා එයත් මගෙ එහාපැත්තෙන් මාව තුරුල් කරන් හාන්සි උනා.. ලොකු ආරක්ශාවක් දැනෙනව.. මං ඒ උණුසුම් පපුවට පූස් පැටියෙක් හා සමානව තුරුල් උනේ කියන්න තියන හැමදේම කල්දාන ගමන්

_____________________________

ම්හුක් කල් දැම්මලු ඔන්න මං දන්නෑ.

ඔයාල හොල්මං මන්දිර එහෙම බැලුවත ඈ.

මං නං හොල්මන් මංදිර බලන්න ගිහින් මගෙ ජීවිතේ දකින්න අකමැතිම, නිතර දෙවේලෙ දකින්න වෙන නිසාම මම මෙහෙන් යන්න ප්ලෑන් කරපු,මං මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු, කරන.. මනුස්සයා දැකල හොල්මං පෙනිලා හිටියෙ. වැඩක් නෑ..

ගිහින් එන්නං ෆ්‍රී වෙච්ච ගමන් දෙන්නම්😘

Share This Chapter