Chapter 19: ...දහනමවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Words: 11553

"අහ්හාව්.."

ඇඟ ඇඳට ඇළිල වගේ දැනෙද්දි මං ඇස් ඇරියා. අම්මෝ මගෙ බඩ කොන්ද නෑ වගේ. එහෙම වෙන්නැතෑ අලියෙක් ඇඟ උඩ නැටුවම. මං එහෙම්ම එයාගෙ සුවඳ එන පපුවට තව ටිකක් තුරුල් උනා.. සුවඳයි අප්පා. මං ආය ඔලුව උස්සලා දඟලලා දඟලලා එයාගෙ මූණ කෙලින් ආවා..

ගනකම් ඇස් පිහාටු, ඇහිබැම එක්ක ඒ ඇස් තදින් පියවිලා ගිහින් තිබ්බ වගේම බර හුස්මවල් එයාගෙන් පිටවුනා.. හත්තික්කේ මගෙ මුළු ඇඟම වේදනාවයි. මං එයාගෙ වැහිල තියන ඇස්, නහය දිගේ මගෙ ඇඟිල්ල අරන් ආවා... අරන් ඇවිත් අන්තිමේටම එයාගෙ තොල් ගාවින් නැවතිනවතෙක්කම මගෙ ඇඟිල්ල එයාගෙ දත් අස්සට හිරවුනා.

"ඌයියා"

රිදුනෙ නැතත් මං ඌයි ගාද්දි එයා එහාට වෙලා මාව ඇදල ළඟට ගත්ත.

"ම්ම් යෙන්න පාපා"

"හුම්ප් යෙන්න යෙන්න ගාන්න එපා මනුස්සයො මගෙ ඇඟම තලල දාල වගේ රිදෙනව"

"ගොඩක් අමාරුද?"

"හුම්..ඔව්නෙ රුද් අලි පැටියා වගේ ඇඟේ නැටුවම රිදෙනවනෙ.. අනෙක.. අනික ඒක.."

මං ඇඟිල්ලකින් එයාව පහුරුගාන ගමන් හිමීට මූණ දිහා බැලුව.. ම්හුක්

"අනික?"

"ඒක ම්-මේ.. කන සේරම ඒක්-කට ද...යන්නෙ?"

මං අහද්දි එයාගෙ කනක් රතු වේගෙන ආවා වගේම මගෙ මූණම රත් උනා.. ලැජ්ජයිනෙ

"ඩේ පෛත්තියකාරන්.. මොනාද මේ උදේම කියවන්නෙ ඈ.."

"යෙන්න රුද්‍රා. කරන්න හොඳ නම් යෙන්න.. කිව්ව කියල මොකද"

"අම්බෝ එනක්කු මුඩියාද.. තර්ක කරල දිනන්නම බෑ ඔයා එක්ක"

එයා හරිබරි ගැහිල මාව තව ටිකක් තුරුල් කරගන කතා කරන්න ගත්තා..

"තෙරියුමා රූහා.. එනක්කු රොම්බ සතෝශම්.. අවුරුදු හතක් මං මගෙ කුට්ටි වෙනුවෙන් බලන් හිටියා. අවුරුදු හතක් මං නොමැරි මැරුනා. මං අර ඉස්සර දැකපු පුංචි කොල්ලා මේ වයසට ආවම මෙහෙමයි කියල හිතෙන් මවාගත්තා.. මං එක්ක ආදරෙන් ඉඳී කියල හිතුවා.. ඒ හැමදේම මගෙ ඇස් ඉස්සරහා ඇත්ත වෙලා තියෙද්දි.. මට දරාගන්ඩ බෑ රූහා. මට දැන් මැරිලා ගියත් පුදුම තරම් සතුටුයි.. පුදුම තරන් හිතට සැහැල්ලුයි.."

මැරෙන කතාව කියද්දි මං එයාගෙ පපුව හැපුව. කෑල්ලක් කඩලා ගන්නම තරම් රිදෙන්න හපලා අතාරිද්දි අනේ එයා වචනයක් වත් නොකියා ඉඳල මගෙ කම්මුලෙන් සිනිදු හාදුවක් තිබ්බා.. එයාගෙ රැව්ල ඇනෙද්දි කිචි අනේ...

"අනාත කරල මැරෙන්නද හදන්නෙ ආහ්?"

එයා හිනාවෙද්දි මං එයාගෙ මූණ මගෙ අත් දෙකටම ගත්තා. මගෙ හිතේ මං හිතන්නෙ හැඟීම් දාස් ගානක් පොරකන්න ඇති... අමාරුවෙන් මං වචන කීපයක් එළියට දාගත්තා..

"අණ්ණා.. මොකක්ම හරි උනොත් දවසක මාව ඔයාට කලින් මැරෙන්ඩ දෙන්න . මට අයිය නැතුව ජීවත් වෙන්න හිතාගන්න බෑ. මං ප්‍රාර්තනා කරනව මං මෙච්චර කාලෙකට කරපු පිනක් තියනව නම් ඒ හැමදේම මගෙ රුද්ට ලැබෙන්න කියලා.. මං උඹට ගොඩක් ආදරෙයි අයියෙ. මං ඔයාට කලින් මැරෙන්න කියල ප්‍රාර්තනා කරන්න.."

"අයියො කෝ ඉංගෙ වා.."

මගෙ ඇස් වල පිරිලා තියන කඳුළු දැකපු එයා මගෙ කඳුළු පිහිදල ඇස් වලට හාදු තිබ්බා..

"දුක හිතුනද?"

"ඔව්නෙ අයියො.."

"කෝලම මගෙ තව චූට්ටක් නිදාගන්නවද ම්ම්".

"අනේ ම්හුක් පල්ලෙහට යන්කො..".

"වොශ් දාන් වා"

ඇඳෙන් නැගිටපු එයා බෙඩ් ශීට් එක ඇඟේ ඔතාගෙන මාව අත් දෙකට උස්සලා අරන් බාතෲම් එකට ගියා..

"පරිස්සමට ම්ම්..

"හ්ම්.."

මාව බිමින් තියපු එයා හොට් වෝටර් ඔන් කරල මං එක්කම වතුර යටට ආවෙ මං එයාට තුරුල් වෙද්දි. වතුර රස්නෙයි තමයි.. ඒ උනාට කාටද දෙයියනෙ මේ පපුවෙන් එහාට වෙන්න හිතෙන්නෙ.. මගෙ ඇස් අතක ඉඳන් බෙල්ලටත් වැදිලා තියන ටැටූ එක දිගේ යද්දි එයාගෙ පපුවත් ඒ ටැටු එකට අහු වෙලා තිබ්බ..

"අණ්නා.."

"යෙන්න??"

"මේ ටැටූ එක.. ඇයි ගැහුවෙ?"

"නිකන් දරුවෝ.."

"ම්ම්..."

මං නිකට එයාගෙ පපුවට තියල අත් දෙකෙන්ම එයාව බදාගද්දි ඒ මූණට හරි ලාවට හිනාවක් ආවා.. එයා ලස්සනයි.. ලස්සනටත් වඩා එයා ගොඩාක් හැන්ඩ්සම්.. පිරිමියෙක්ට තියන්න ඕන දේහ ලක්ශන පවා කිසිම අඩුවක් නැතුව තිබුන එයා පුදුම තරම් සර්ව සම්පූර්ණයි.

අපි දෙන්නම වොශ් දාල පල්ලෙහට එද්දි අම්ම කාටද කෑගහනව..

"තමුන් දැන්ම මේ ගෙදරින් එළියට බහින්න ඕන.. රාජ් මට සමාවෙන්න පුතේ. මේ ගෙදර ඔයාට තෙනක් තිබ්බට උඹලාගෙ අක්කට ආය ඉල්ලෙ සරි.."

මමයි රුද්‍රයි මූණෙන් මූණ බලාගත්තා.. රුද් ඉක්මන් වෙන්න ගියත් එයා ආය මාව අත් දෙකට අරන් ඉක්මන්ට පඩිපෙළ බැහැල යද්දි රාජ්ගෙ අක්කා, රාජ්, විශ්වා වගෙම මිත්‍රන් හතර දෙනත් එක්ක අනිත් සේරම එතනට වට වෙලා හිටියා..

"මා?යෙන්න ප්‍රච්චනෙ?"

"යෙන්න ප්‍රච්චනෙ? මේ වගේ ගෑනියක්ට මේ ගෙදර සතුට නෙති කරන්ඩ දෙන්න බෑ පුතා. ඉප්පෝවේ. මේ දෙන්ම මේකිලා එලියට යන්ඩ ඕන.."

මටත් ඌමනාවතිබ්බෙ ඒක කරගන්න උනත් මංදිහා වගේම රුද් දිහා බලන් දත්මිටි කන ඒ කෙල්ලව දැකල මට ඉබේම බය හිතුන.. ඇයි මට හොඳක් නොදැනෙන්නෙ..

"අ-අයියෙ මාව බිමින් තියන්ඩකො..".

"ඔහොම ඉන්ඩ කුට්ටි ඇවිදින්න අමාරුයිනෙ"

ප්‍රශ්නෙ පැත්තක දාල මාව රතුවෙද්දි මං ආය මලීශා දිහා බැලුව..

"මා මොකද්ද උනේ කියන්ඩ.."

"මං උයන්ඩ ආවා. එද්දි මේකිලා කුස්සියේ. මොනවද කරන්නෙ ඇහුවාම උයන්ඩ උදව් කරන්ඩ ආවෙ කිව්ව. මාත් අනේ කියල දෙන්නා එක්ක උයන්ඩ ගත්තා. ෆ්‍රිජ් එකෙන් මං කරපිංචා අත්තක් ගන්ඩ ගියා මේකිගෙ අතේ මේන්.."

අම්ම දික් කරේ වස බෝතලයක්. දෙයියනෙ. මට බයටම රුද්ව මිරිකුනා..

"අ-අයියෙ!"

"රාජ් මට සමාවෙයන්. උඹලගෙ අක්කා මෙහෙන් යවපන්. නැත්තන් මට මරන්ඩ දීපන්."

රුද් වෙන මොකුත්ම නොකියා කෑම මේසෙන් ඉඳගද්දි රාජ් අක්කව ඇදන් එලියට ගියා..

"හදාගන්න ගත්ත පර වේ*"

රාජ්ගෙ කටින් මට ඇහුන අන්තිම වචන ඔච්චරයි..

"රුද්‍ර මේක අහල කලබල වෙන්න එපා.."

"අම්මා කෝ කියපන් මිත්‍රන් අම්මා කෝ?"

"රුද්‍ර අපිට සමාවෙයන්"

_________________________________

හායි.. පොඩ්ඩයි නේ.. කම්මැලී අනේ..

ඉක්මන්ට එන්නම් කියන්න බෑ. මට කම්මැලිකමක් ඇවිත්..

ඔයාල ඉල්ලන්නෙත් නෑනෙ ඉතිම් මට දෙන්ඩ මතක් වෙන්නෙත් නෑ 😒

බායි බායි. අපි යනව බච් කන්ඩ