Back
/ 51
Chapter 20

...විසිවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"රාජ්..මට ඇත්තම කියනවද?"

"මොකද්ද රුහාන්.."

"මනීශා...ඔයාගෙ-"

"නෑ.. එයා මගෙ කවුරුත් නෙමෙයි.."

මගෙ ඇස් පුදුමෙන් ලොකු වෙන්න ඇති.. එහෙම කියන්න තරම් සහෝදරයො තරහ වෙලාද?

"ඒත් එ-"

"නෑ රුහාන්.. අක්කා, මල්ලි කියාගත්තට අපි දෙන්නා එක අම්මගෙ බඩින් ආව දරුවො නෙමෙයි. ඔයාට උනත් වෙනස තේරිලා ඇති.. එයා ඇත්තටම මගෙ අප්පයි අම්මයි මුලින්ම දරුවො නැතිවෙයි කියල හදාගන්න ගත්ත ළමයෙක්."

රාජ් කියද්දි මගෙ ඇස් නළලටම ගියා. ඒක තමයි එහෙනම් මෙච්චර හරියක් කරන්න ඇත්තෙ.. මට කතාව වෙන පැත්තකට හරවන්න ඕන උනා. මැරේජ් එක වෙලා සතියක්.. රාජ්ගෙ අක්කව.. ගෙයින් එළියට දාලා සතියක්. අඩුම රාජ් නෙමේ එයා මොනා කරනවද කියල හොයල බැලුවෙ. රුද් ගෙත් ෆැක්ට්‍රි එකක ප්‍රශ්නයක් වෙලා මේ දවස් ටිකේ එයාට ගෙදර ඉන්නතරම් වත් වෙලාවක් නැතිවෙද්දි එක්කො මං ගාව රාජ් නැවතුනා. නැත්තන් හැමදාම වගේ විශ්වයි මමයි මොකාක් හරි මෝඩ ජෝක් එකක් කර කර හිටියා..

"කෝ අපේ රුද් දැන්ම එන්නෙ නෑ කිව්වද?"

මගෙ කෝල්ස් උස්සන්නෙම නැති තැන මං කතා කරද්දී රාජ් මං දිහා බැලුව.

"ඌට ප්‍රශ්න හරියට. ඉක්මන්ට එයි . ඒක නෙමේ මං අහන්න හිටියෙ"

"???"

"මේ... ඔයාගේ.. යාලුවා.. මේ..."

"ඔව් ඉතින් විශ්වාට මොකද?"

"නෑ නෑ කරදරයක් නෙමේ...මට ටිකක් එයා ගැන දැනගන්න ඕනෙ.."

"කියන්නම්...

⏳

After a month

මාසයක්ම ගෙවිලා ගියෙ සතුටෙන්.. සතුටෙන් කියන්නෙ මම,මගෙ රුද්‍ර, මගෙ රුද්‍රගෙ අම්මා, රාජ්, මිත්‍රන්, විශ්වා.. මගෙ රාජ්ගෙ මන්දිරේ තනිකරම ආදරෙන් පිරුණ මන්දිරයක් වෙද්දි රුද්‍රගෙ අම්මා මට හැමවෙලේම පුළුවන් තරම් විහිළු කරා.. මොකද මේ ගෙවුන මාසෙන් එක දවසක් නැතුව ඇති මම ඇදේට නැතුව කෙළින් ඇවිද්ද.. රුද්‍ර මාව උස්සන් නොගිය.. හැබැයි මට රුද්ගෙ අම්මා ඕනාවටත් වඩා ආදරෙයි කියලත් මට තේරිලා තිබ්බෙ.. ඉතින් මේ පව්ල ඇතුළෙ මං ඕනාවට වඩා සතුටු උනා. ඒත් අද උදේ පාන්දර තත්වෙ ගොඩාක් වෙනස් උනා...

රුද්‍ර මාවත් පෙරළන් මගෙ ඇඟ උඩට ගොඩ උනා විතරයි...

"අසුරන් ලොකු හදිස්සියක්.."

වෙනදට දොරට තට්ටු කරන මිත්‍රන් අද තට්ටු කරන ගමන්ම එළියෙ ඉඳන් කෑගහද්දි මම දෙයියන්ට පින් දුන්නා අපේ ඇඟේ ඇඳුම් තිබුන එකට.. අණ්ණා, රුද්‍ර කෑලි මුකුත්ම නෑ කෙලින්ම අසුරන්.. එයාගෙ නපුරු නම..

"මහත්තයෝ..."

"ඉන්ඩ.. නා වරේන් සරියා.."

"ම්ම්..."

"උල්ලෙ වා මිත්‍රන්.."

"අණ්ණා.."

"යෙන්නාච්ච??"

"අණ්ණා ඔයාගෙ ඩයමන්ඩ් ෆැක්ට්‍රියටයි වෙපන් ස්ටෝර් එකටයි දේවා ගහලා.."

මං හිතන්නෙ ඕනාවටත් වඩා මාව කලබල උනා.. අනේ අපේ සතුට නම් නැති කරන්ඩ එපා දෙයියනේ...

"අනේ මහත්තයා.."

මං රුද්ගෙ අත තද කරල අල්ලගද්දි එයා එහෙම්ම නැගිට්ටා..

"එතන හිටපු අයගෙන් කවුද බේරිලා ඉන්නෙ?"

"කවුරුත් නෑ අණ්ණා සේරම මැරිලා.. පස් දෙනක් හොස්පිට්ල්.අපෙ හොස්පිට්ල් එකටම ඇඩ්මිට් කරා. හතරදෙනෙක් icu එකේ, එක්කෙනෙක් නෝමල් වෝඩ් එකේ.."

"ඌව ගෙනත් හිර කරපන්.."

එහෙම කියපු රුද් නැගිට්ටා.. නැගිටල එයා ඇඳන් උන්න ශර්ට් එක ආපහු දාගද්දි මිත්‍රන්ගෙ පවා ඉනේ ගන් එකක් තියනව මම බලාගන..

"මිත්‍රන් උඹ ඉඳපන් මෙහෙ.. රාජ්වයි තව පනස් දෙනෙකුයි ලෑස්ති කරපන්.. ඉතුරු සෙට් එකම ගේ වටේට දාපන්.."

"අනේ අයියෙ.. කොහෙද යන්ඩ හදන්නෙ.."

මගෙ ඇස් වල කඳුළු නලියද්දි මම ගිහින් එයාව පිටිපස්සෙන් බදාගත්තා.. බෑ මට එයාට යන්න දෙන්න බෑ මගෙ හිතට හරි නෑ.. මගෙ ඇඟට පවා අමාරුයි.. එකපාර ඇඳෙන් නැගිටපු නිසාද කොහෙද මං වටේ සේරම කළු වෙලා පැත්තට විසිවෙන්න ගියත් එයාගෙ ඇඟේ එල්ලුන එකෙන් මං නොවැටී බේරුනා..

"මේ අහන්න මගෙ චෙල්ල කුට්ටි ඩා නී.."

මුළු ගෙදරම රත් වෙලා තියන වෙලේ මන් හිතන්නෙ අපෙ ගෙදර ඉඳපු සතෙක් වත් නිදාගන්න නැතුව ඇති.. රුද්‍ර ගන් එකකුත් ඇඟේ ගහන් යන්න ලෑස්ති වෙලා දොරකඩ ඉද්දි මගෙ පපුව පැළිලා යන්න වගේ ආවා.. අනේ මට ඒ අස්සෙන් වමනෙට වගේ.. ඇඬෙන්නත් වගේ මන් හිතන්නෙ ඇඬුම් හිර කරන් ඉඳලමයි මට වමනෙට වගේ තියෙන්නෙ.

"පුතා.. නා එන්න පන්ර වේනුම් පා?"

රුද්ගෙ අම්මා අහද්දි රුද් අම්මා දිහා බැලුවා රුද්ගෙ ඇස් වල බයක් කියල නාමයක් නෑ.. අපි හැමෝම කලබල වෙලා හිටියා හැබැයි එයා නැතුව..

"ඔන්නුම් ඉල්ලේ මා.. කුට්ටි.. පරිස්සමට ඉන්න. තේරුනාද.. මොනවා උනා කිව්වත් ගෙදරි එළියට බහින්න එපා.. මිත්‍රන් කිව්වොත් විතරක් හරි මම කිව්වොත් විතරක් හරි එළියට බහින්න.. තේරුනානෙ.. හැබැයි අපි කවුරුත් නැතුව එලියට යන්නත් එපා.. අම්මා නීයුම් දාන්..සරී?"

කියවන් කියවන් ගියපු රුද් අපි දිහා බලද්දි මගෙ ඇස් දිගේ කඳුළු බේරුනා. අනේ මගෙ හිතට හරි නෑ යන්න එපා කියන්න ඕනකම තිබ්බත් ජීවිතෙත් මරණෙත් අතර සටනකට යන එයාව දුර්වල කරන්න බැරි හින්දා මන් එයාගෙ පපුවට තුරුල් උනේ කාන්දමක් යකඩෙකට ඇලෙනව වගේ...

"යෙන්න? මගෙ පැටියා බය වෙන්න එපා සරි.. ඔයාගෙ රුද් ගිය විදියටම ආපහු එනවා. එතකල් අම්මා එක්ක පරිස්සමට ඉන්න.."

මං ඔළුව වනද්දි මගෙ නළලෙන් හාදුවක් තියපු එයා වාහනේට නැගල යන්න ගියෙ මිත්‍රනුත් තව ගාඩ්ලා ගොඩකුත් ගෙදර ඉතුරු වෙද්දි.. මට රුද්ගෙ උණුහුම ඕනෙනෙ දෙයියනෙ... මට එයා ගාව ඉන්න ඕන...

පාන්දර තුනට කිට්ටු වෙනකලුත් ඇහැරන් ඉඳපු මට හතරාමාර පහු වෙනවත් එක්කම ලාවට නින්ද යාගන ආවා.. පැය බාගෙකට ඇස් පියවුන මට එකපාට්ට උගුරට එනවා වගේ හැඟීමක් එක්ක ඇස් ඇරෙද්දි මං සේරම පෙරළන් මිදුළට දිව්වා..

බ්වෑක්ක්!!

බ්වෑක්ක්ක්!!

ආහ් අම්මා...

ඇඬෙන්න තරම් එද්දි මන් ළඟ තිබ්බ ගහකට හේත්තු උනේ වටේම කළු කරලා යන ගතිය හින්දා.. ගොඩක් වෙලා ඇස් ඇරගන්න බැරුව පොරකාපු මට ආයම වමනෙ යද්දි ගේ ඇතුළෙ ඉඳපු අම්මත් දුවන් ආවෙ වැටෙන්න ගියපු මාව අල්ලගන්න..

"අයියෝ කඩවුලේ යෙන්න මේ... කුට්ටිට ගෑස් වැඩිවෙලාද අප්පා.. මං කීවා ඊයෙ දෙන්නට කන්ඩ කියලා කොහෙද දෙන්නම වේන්ඩා වේන්ඩා ගෑවා.. වා.. එදාවදු සාප්පාඩ ඉරුංග.. උල්ලෙ වා පාපා.."

මන් අම්මට වත්තම් වෙලා ගේ ඇතුලට ඇවිත් මූණත් හෝදන් සෝෆා එකට වැටුනා. අනේ මට හිතට බයයි.. මට එයාගෙ උණුහුම ඕනෙනෙ...

උණ ගතියක් එක්ක මගෙ ඇස් පියවෙලා යද්දි මගෙ නිපල්ස් වලින් පවා ඇදෙනවා ඇදෙනව වගේ වේදනාවක් ආවා...

____________________________

ඉවර නෑ තව එකක් දෙනවා..

පොඩ්ඩක් අව්ස්සන්න ආවෙ..

ටිකක් ඉන්ටකො අනිකත් මෙහෙම්ම එක හුස්මට කොටල දානකන්😗 හැබැයි පොඩි එකක් හොඳේ

Share This Chapter