Back
/ 51
Chapter 21

...විසි එක් වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"අනේ අම්මා මට නම් බෑ අම්ම.."

රුද් ගිහින් පැය දොළහක්වත් ඇති.. මමවත් අම්මාවත් නෙමේ කාලා හිටියෙ.. ඇඟට දැනෙන ලොකු අමාරුවත් එක්ක මට දවසම වමනෙට එද්දි අම්මා මන් දිහා බලන් ඉඳලා මොන මොනාද ගාඩ් කෙනෙක්ට කිව්වා... විශ්වා වත් හිටියා නම්.. ඌව අද උදේ රාජ් ගිහින් එයාපෝට් දාලා ආවෙ.. කැම්පස් එකේ එක්සෑම් ඉවර උන ගමන් එක්කන් එනව කියල දහ අතේ දිවුරලා

"හරි මැඩම්.."

"කොහෙද මා එයාලව යැව්වේ?"

"සැකයක් විතරයි කුට්ටි.. නීංග තූක්කුංග.. කාලත් නෑනෙ දරුවෝ.. කන්ඩ අප්පා රුද්‍ර ආපුවාම නැත්තන් මාව තමයි බනින්නෙ"

"බෑ මා.. අනේ කන්ඩ නම් කියන්න එපා මට ඔක්කාරෙට වගේ.."

"කැමති මොනව හරි හදල දෙන්නද පාපා?"

"ම්හූක් එපානෙ මා.. එනක්කු රුද් වේනුම්.. මට එයාට තුරුල් වෙලා ඉන්න ඕනා.."

අම්මගෙ මූණ කලින් තිබ්බටත් වැඩිය දැන් නොසන්සුන් වෙලා තියෙද්දි මම අමාරුවෙන් කාමරේ ඇඳ උඩ වාඩි උනේ රුද්ගෙ ශර්ට් එක තුරුල් කරගන්න ගමන්..

"මැඩම්.."

ආව ගාර්ඩ් කෙනෙක් බොක්ස් එකක් ගෙනල්ලා දුන්නෙ මිත්‍රන් කාමරේ දොරත් මහ සද්දෙට ඇරන් ඇතුළට එද්දි..

"මා?? ඒක ඇත්තද?"

එයා අහන්නෙ මොකක් ගැනද කියල තේරුමක් නැති තැන මම බොක්ස් එක ඇරලා බැලුවා... pregnancy tests??

"මා??"

අපි තුන්දෙනාම මූණවල් දිහා බලද්දි අම්මා මාව බාතෲම් එකට දැම්මෙ මේක චෙක් කරන් එන්න කියල වෙද්දි මට දැන් තවත් ඇඬෙන්න තරම් ආවා..

"ඔයා ඇත්තටම ආවද පැටියෝ?"

මං මගෙ බඩට අත තියන් ටෙස්ට් එක දිහා බලන් හිටියෙ ඒකෙ තව ඉරක් ඇඳෙයිද කියලා වෙද්දි ඒක දිහා බලන් විනාඩි පහක් විතර ඉඳපු මම ඒකෙ මොකුත්ම සටහන් නොවෙද්දි ඒක කුණු කූඩෙට දාන්න ඒක ගාවට ගියා...

ඒත්...

ඒත්....

ඒත්......

අන්තීමපාරට ඒක දිහා බලන්න හිතපු මම ඒක දිහා බලද්දි මාව අඩි දෙකක් විතර පස්සට විසි වෙලා ගියා.. ඒක ඒක පොසිටිව්. තදටම රතුපාට ඉරි දෙකක් ගිහින් තියෙද්දි මගෙ සිහිය තවත් ඈතට ගියා.. අනේ මට එයාව ඕනනේ.. අනේ අයියෙ දැන් අපි දෙන්නෙක් ඉන්නවා පරිස්සමට ගෙදර එන්න කියන්න ඕන වෙච්ච මගෙ සිහිය මගෙන් ගොඩක් ඈතට ගියා වගේම මං අඩියට දෙකට බාත් රූම් එකෙන් එළියට දුවන්න ගියත් මාව දොර අරිනවත් එක්කම විසි වෙලා ගිහින් වැටෙන්න ගියා... ඒත් මාව වැටුනෙ නෑ.. එයා ඇවිත්ද??

නෑ එයාගෙ සුවඳ නෙමෙයි..

"දෙයියනෙ රුහාන් මොකද මේ තව ටිකෙන් බිම.."

"මිත්‍රන්..."

අම්මයි මිත්‍රනුයි මගෙ වටේ වට වෙද්දි මම කඳුළු පිහිදන් මගෙ අතේ තිබුන ටෙස්ට් එක අම්මගෙ අතට ගුළි කරේ ඊගාව විනාඩියෙ අම්මගෙ තුරුළෙ මාව ගුළිවෙද්දි.

"මිත්‍රන් පුතා... ඩොක්ටට කතා කරන්ඩ වෙනවා..."

"සරි මා.."

මිත්‍රන් ගෙ පවා ඇස් කඳුළු වලට රතු වෙලා තියෙද්දි මාව එකපාරක් බදාගත්ත මිත්‍රන් "එයා හිටිය නම්.." කියල යන්න ගියා..

"මොනාද කුට්ටි කන්න ඕනා?"

අම්මා අහද්දි මගෙ ඇස් වල කඳුළු නළියෑවා.. බඩේ දරුවා ගැන හිතනවටත් වඩා මට මතක් උන එකම දේ මගෙ රුද් වෙද්දි මම අඬාගන අම්මට තුරුල් උනා..

"වේන්ඩා මා.. එනක්කු අවර් වේනුම් මා.. එන්න කියන්ඩ මා.."

"අනිවාරෙන් එයි කුට්ටි අඬන්න වේන්ඩා..සරී.. අපේ රුද්‍ර කුට්ටියාත් බඩේ තියන් අඩන්න එපා කුට්ටී.. වා මං අඹ කරියක්වත් හදන්ඩ.."

අම්මා මාව නළවගන්න හැදුවත් මට නෙමේ ඇඬිල්ල නවත්තගන්න පුළුවන් උනේ.. හිත කලබලයි.. අනික මට නරකක් දැනෙනවා. අනේ මගෙ රුද් මොනවා කරනවද දන්නෙ නෑ..

අඹකරියක් එක්ක බත් කටවල් දෙක තුනක් අම්මා කවද්දි ඒ ටිකත් ආපහු දාපු මම ඇඳටඇවිත් හාන්සි උනා. මට කන්න බෑ අප්පා.. මට රුද් ව ඕනෙ.. ඇයි මේ මිනිස්සුන්ට නොතේරෙන්නෙ.. එක්කො මම එයාව හොයන් යන්ඩද?

ඒත් මං කොහෙ යන්නද..

හැබැයි පැය විසි හතරක් ගිහිල්ලත් එයා නාවොත් මම යනවා.. අනිවාරෙන්ම යනවා.

"කුට්ටී.. මේ ඩොක්ටට ඔයාව බලන්ඩ දෙන්නකො.."

අම්මා.දොරත් ඇරන් ඇතුළට එද්දි මං ඒ දිහා බැලුවා.. සතුටුයි.. මට නොසෑහෙන්න සතුටුයි.. හැබැයි ඊටත් වඩා මට වේදනාවයි.. අනේ මගෙ පැටියට මේ ප්‍රශ්න නැති කාලෙක අපි ගාවට එන්න තිබුනා..

ඇඳ උඩ මගෙ ටෙස්ට් එකේ රිසාල්ට් එක තියෙද්දි ඩොක්ටර් ඇවිත් මාව චෙක් කරල මං එක්ක හිනා උනා..

Congratulations Mrs. Wishwajith.. You are 2 weeks pregnant..

ඩොක්ට හිනා වෙලා යන්න යද්දි මිත්‍රන් ඇතුළට ආවෙ පළතුරු කූඩෙකුත් උස්සම්..

"ආස මොනාද දන්නෑනේ.. ඔක්කොම කන්න රුද්‍ර ඒවි.."

"ඔයාටවත් මුකුත් කරන්න බැරිද මිත්‍රන්.."

බැරිම තැන මම එයාගෙන් අහද්දි මිත්‍රන් ජනේලෙන් එළිය බලාගත්තා.. අම්මත් ඔහේ බලන් ඉන්නවා.. ඇයි මට හොඳක් නොදැනෙන්නෙ...

මගෙ චිකූ මගෙ බඩ උඩ හොඳට නිඳාගන ඉද්දි මං මගෙ ඇඟිලි එයාගෙ දිගේ අරන් ගියා.. එයා මට දුන්න තෑග්ග.. පළවෙනිම තෑග්ග..

හවස හයයි...

තාම රුද්‍ර නැති වෙද්දි මං හිටියෙ දරාගැනීමෙ සීමාවෙ අවසාන මට්ටමේ.. මට ඕන උනා රුද්ව බදාගන ගොඩාක් වෙලා කියවන්න.. හුරතල් වෙන්න.. ඒත් එයා කෝ?

කරදරයක්වත්...වෙ.....

*ඩෝං....ඩෝං...*

ගේ ඉස්සරහ දොරෙන් සද්දයක් ඇහුනා.. වෙඩි සද්දයක්.. එයා ඇවිත්ද.. එක පේළියට වෙඩි තියාගන්නව ඇහෙද්දි ඇඳෙන් බැහැපු මම අඩියට දෙකට කාමරෙ දොර ගාවට දිව්වෙ එයාගෙ කරේ එල්ලෙන්න බලන් උනත් එක අතක් ලේ පෙරන් මං ගාවට දුවන් ආවෙ මිත්‍රන්.. එහෙම මිත්‍රන්ව දැක්ක පාර මට කලන්තෙට එද්දි මං එහෙම්ම කබඩ් එක අල්ලන් හිටගත්තා...

"රුහාන්.. රුහාන්.. අපි යන්න ඕනා.. ඉක්මනට එන්න.. "

මගෙ අතින් අල්ලගත්ත මිත්‍රන් ඉස්සරහට දුවද්දි මං මගෙ නොමේරපු බඩත් එක අතකින් අල්ලගත්තා..

"අම්ම කෝ.. මිත්‍රන් අම්මා..."

"අම්- ඒවට උත්තර දෙන්න වෙලා නෑ රූහා ඉක්මනට මෙතනින් යන්න.. ඩැරන්.. රුහාන්ව පරිස්සමට එක්කන් යන්න.. මතකනෙ කෙළින්ම යාපනේට.."

"මට යන්න බෑ මිත්‍රන් මොකද්ද වෙන්නෙ.."

"ඇටෑක් එකක් නොහිතපු විදියට අනේ රත්තරන් මෙතනින් පලයන් අපිට උඹත් නැති කරගන්න බෑ.. මං පණ දීලා හරි රුද්‍ර එනකල් මෙතන ඇදන් යන්නම් අනේ යමන්කෝ මල්ලි වඳින්නම් උඹයි දරුවයි බේරියන්.. අනේ අම්ම ව- මං රුද්‍රව ඉක්මනට එවන්නම් ඩැරන් උඹ තමා රුද්‍රගෙ විශ්වාසම ඩ්‍රයිවර් කොල්ලව පරිස්සමට ගෙනියපන්.."

මිත්‍රන් මාව ඩැරන්ට භාර දීලා යද්දි මං අඬන ගමන් ඩැරන් දිහා බැලුවා.. ඇයි මට මේ මනුස්සයා ගැන හොඳක් නොදැනෙන්නේ... ඇයි මට බය හිතෙන්නේ..

ගේ ඇතුළෙන් තව වෙඩි සද්ද ඇහෙද්දි උමගක්වගේ එකකින් එළියට ආපු අපි කාර් එකට නැග්ගා. එලියට ආවා නෙමේ මාව ඇදන් ආවා. ඔටෝම කාර් එක ලොක් වෙද්දි මං බලාගන ඩැරන් මං දිහා කණ්ණාඩියෙන් බලන් ඉන්නවා...

"සමාවෙන්න මහත්තයා..."

මගෙ ඇස් නිලංකාර වෙලා යද්දි මං දැක්කා ඩැරන් මොනාද කියනවා...

______________________________

සද්ද නැතුව යන්නෝනෙ.. තව එකක් ඕන නං කමෙන්ට් එකක් දාන්න එක කමෙන්ට් එකක් හරි ඕන කියල වැටුනොත් තව එකක් අදම දෙනවා😗

Share This Chapter