Back
/ 51
Chapter 22

...විසි දෙවනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

Rudhra pov...

"ඔය මිනී ටික විසි කරපන්.."

රාජ්ට කියපු මම ෆෝන් එක ඔන් කරා.. ඌ පැනගත්තා.. එක්කො අපිව රැවැට්ටුවා.. කොහොමින් කොහොමහරි මං දැනගත්තා තුන් දෙනෙක් අපි ඇතුළෙ ද්‍රෝහියෝ ඉන්නව කියලා. හවස් වෙලා මගෙ කුට්ටි බයත් වෙලා ඇති.. මහන්සිය නැතිවෙලා හිනාවක් එද්දි මම ෆෝන් එක ඔන් වෙන්න දීලා ඩිෆෙන්ඩර් එකට නැග්ගා..

ටිං

ටිං

ටිං

You have 99+ missed calls

රූහාගෙන්, අම්මගෙන්, මිත්‍රන්ගෙන් මැසේජ් කෝල්ස් ගොඩක් තියෙද්දි හිතට දැනුන සැනසීම නැත්තටම නැති වෙලා යද්දි මම අනික් අතට මිත්‍රන්ට කෝල් කරා...

They attacked to the main house

රාජ් වාහනේට නගිනකොට මං දැක්කෙ මිත්‍රන්ගෙන් මට ඇවිත් තියන මැසේජ් එක වෙද්දි මාව වෙව්ලන්න ගත්තා..

"රුද්‍ර??"

"ඕයි රුද්‍ර.. මොකද ප්‍රශ්නයක්ද?"

මගෙ අතින් ෆෝන් එක අතෑරෙද්දි ඒක රාජ් අල්ලගෙන මැසේජ් එක බලලා එහෙම්ම වාහනේ ස්ටාර්ට් කරල පාරට දැම්මා.. අනික් වාහනත් අපෙ පස්සෙන් එද්දි පුදුමාකාර වේගෙකින් රාජ් වාහනේ අරන් ආවා.. මං දන්නෑ.. මට ජීවිතේ පළවෙනි පාරට බයයි.. අනේ යන්න එපා මට හිතට හරි නෑ කියල දහස් වතාවක් කියපු ඒ ඇස් මතක් වෙද්දි මට ඊටත් වඩා බයක් දැනෙද්දි මම වෙව්ලන අත් වලින් දිගටම රුහාන්ටත් මිත්‍රන්ටත් අම්මටත් ගත්තා... ඇයි මේ කවුරුත් ෆෝන් ආන්ස නොකරන්නෙ...

අනේ උස්සපන්..

ෆෝන් එක පොළවේ ගහන්න බැරි කමට අතේ ගුළිකරගත්ත මම ගේ පේන මානෙ වෙද්දි දැක්කෙ දැනටමත් කුඩු වෙලා තියන මේන් හව්ස් එක වෙද්දි මගෙ ඇඟ දිගේ ගියපු හිරිය මොළේට වෙනකල්ම ගියා... තාමත් වෙඩි සද්ද.

Team A shoot

Team B shoot

Team c cover us

Team D find Ruhan sir, Anitha madam and Mithran

රාජ් කතා කර කර කියනව ඇහෙද්දි වාහනේ ගෙයින් ඇතුළට දානවත් එක්කම මම වාහනෙන් පැන්නා.. මං පනිනවත් එක්කම කෑගහපු රාජුත් වාහනේ අතෑරල පැනල මං ගාව හිටගත්තෙ වාහනේ ඔහේ ඉස්සරහට වේගෙන් ගිහින් මහ සද්දෙට බිත්තියක වදිනකොට.. ඉස්සරහට හම්බෙන ඕනම එකෙක් මරන්න තරම් බයක් තරහක් මට තියෙද්දි මම ඉස්සරහට අඩිය තිබ්බෙ මගෙම ටීම් එකේ සෙට් එකක් මං පස්සෙන් මාව ගාඩ් කරද්දි..

"එකෙක් ඉතුරු කරන්න එපා.."

මං කියද්දි ඔළුව වනපු රාජ් ඉස්සරහට ආව දෙන්නෙක් අත් දෙකෙන් අල්ලලා අබරලා බෙලි කඩලා දානවත් එක්කම ගන් එකක් දික් කරන් මන් ඉස්සරහට ආව එකෙක්ගෙ ඔළුව කුඩු වෙලා යන්නම වෙඩි තියපු මම තව එකෙක්ගෙ දණිහ කඩලා බෙල්ල අඹරවලා දැම්මා..

කොහෙදෝ ඉඳල ලේ පෙරාගන මිත්‍රනුත් අපිට එකතු වෙද්දි උගෙ ඇස් වල තිබ්බෙ සමාව ඉල්ලන බැල්මක්. උගෙ ඇඟේ උණ්ඩ බැහැපු පැල්ලම් හයකට වඩා තියෙද්දි දැනටම උගෙ තොල කට සුදුමැලි වෙලා තිබ්බා..

"රුද්‍ර.. කොල්ලව ඩැරන් එක්ක යාපනේ යැව්වා..."

ඩැරන්.. මට මුන් දෙන්නට පස්සෙ විශ්වාසම එකා වෙද්දි අපි තුන්දෙනා ඉස්සරහා අඩිය තිබ්බෙ අහුවෙන හැම එකාම නැගිටගන්න බැරි වෙන්නම මරල දාන ගමන්. ඔළු කටු පුපුරන් උණ්ඩ බහිද්දි මගෙ යක්කු ටික සේරම එකෙක් නෑර මරලා දාලා මං ගාවට ආවා..

"බොඩීස් ගිනි තියපන්. මෙතන ඉන්න බෑ දැන්"

මං කියද්දි ඔළුව වනපු ගාඩ්ලා සෙට් එකක් සීයකට වඩා මැරුණ සෙට් එක අරන් යද්දි මං මිත්‍රන් දිහා බැලුවා.. ඌ අමාරුවෙන් මගෙ අත අල්ලගද්දි මට උගෙ ඇඟේ සීතල හොඳට දැනුනා...

"රාජ්.. හොස්පිට්ල් එකට ගෙනියමු.."

"ඩොක්ටර්ස්ලා ඉන්නවා.."

"ඉක්මන්ට සර්ජරි එකට ගන්න කියපන්.. "

"රුද්.. රුද්- ක්-කලබල නොවී අ-අහපන්..."

මිත්‍රන්ගෙ කටෙන් ලේ ගුලියක් එළියට පනිද්දි මං වැටෙන්න ගියපු ඌව තද කරලම අල්ලගත්තා.. නෑ නෑ උඹට යන්න බෑ...

"රාජ් ඉක්මන් කරපන් හු#තෝ"

එක දිගටම ලේ එන වෙඩි පාරවල් මම වහගන්න හැදුවා... හොස්පිට්ල් එකෙ වාහනේ එද්දි මම ඉක්මනට රාජ් එක්ක ඌව ට්‍රොලියට දැම්මා. දාලා ඇම්බියුලන්ස් එකට දාලා ඔක්සිජන් මාස්ක් එක දාද්දි මං අහගන ඩොක්ටර්ස්ලා කුටුකුටු ගානවා..

"මෙයාව බේරගන්න බැරිවෙයි සර්.. කතා කරන්න දෙයක් තියනව න-"

"කට වහපන්.. කට වහපන් හරී.. බෙහෙත් කරපන්.. ඉක්මනට තොපි සේරම මරනවා මම.."

මං කෑගහද්දි බය උන ඩොක්ටර්ස්ලා පුලුවන් තරම් ට්‍රීට්මන්ට් කරන්න ගත්තා උනත් මැශින් එකේ මිත්‍රන්ගෙ හාට් බීට් එක අඩු වේගෙන යද්දි රාජ් හයියන්ම කෑගහලා ඔළුව මිරික ගත්තා. අමාරුවෙන් අමාරුවෙන් ඔක්සිජන් මාස්ක් එක ගළෝපු රාජ් කඳුළු බේරන් මං දිහා බැලුවා..

"අ-හ-ප-න්.. ම්-මටහ් කැහ් කැහ් එච්-චර වෙ-වෙලා නැ-තිහ් වෙයී..."

"මොනාද හුත්තො කියවන්නෙ.."

රාජ්ගෙ ඇස් වල පවා කඳුළු තියෙද්දි දිගටම මගෙ අත වගේම රාජ්ගෙ අත තද කරගත්ත මිත්‍රන් කියවන් කියවන් යද්දි අපි ඌ එක්කම ඉස්සරහට ඇදුනා..

"ක්-කොල්ල-ව ම්-මන්.. ප්-පරිස්-සමට.. ඩැරන් එ-එක්කහ් යැ-ව්වා..."

"ම්-මට ස්-ස්-සමාවෙයන් ඒත් උඹෙ අ-අම්මා.. උඹෙ අම්ම්-මා.. මට බේ-බේරගන්න කැහ් කැහ්.. බ්-බැරුව ග්-ගියාහ්"

මාව හිටපු තැනම ගල් වෙද්දි මං මිත්‍රන් දිහා බැලුවා.

"ස්-සමාවෙයන් උ-උඹලා ද්-දෙන්-නා.. මට- යාලුවෙ-ක්හ් ට.. ව-ඩා... සහෝද්-රයො- දෙ..න්..නෙක්.. සමා-වෙයන්.. මං උ-උත්-සහා කළා...අම්ම්-මා.. එයා....උඹෙ- ක්-කොල්ලා- ප්-ප්‍රෙග්න්-"

ටී.......................................ක්

මැශින් එක සද්දෙකුත් එක්ක නැවතිලා යද්දි මිත්‍රන්ගෙ ඇස් වළින් කඳුළු පේළියක් බේරුනා වගේම මං වාහනේ දෙවනත් වෙන්නම කෑගැහුවා...

"ආර්හ් ඇයී................"

"මේක හරෝපන් මේන් හව්ස් එකට"

ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ට රාජ් කෑගහද්දි ඇරිලා තිබ්බ මිත්‍රන්ගෙ ඇස් දෙක වහපු රාජ් උගෙ ලේ බේරුන පපුව මැද ඔළුව ගහගත්තා.. ඌ රාජ්ට ආදරේ කළා... රාජ්? එතකොට රාජ්? ඒක දන්නෙ ඌමයි...

"මට සමාවෙයන්!මට සමාවෙයන්.."

එක දිගටම රාජ් මුමුණද්දි මම මේන් හව්ස් එකට ආපු ඇම්බියුලන්ස් එකෙන් ආපහු බිමට පැන්නා.."

අනේ අම්මා මට කියන්න මේක විහිළුවක් කියලා.. ගෙදර ඉඳපු ගාඩ් කෙනෙක් මං ගාවට එද්දි මං ඌට කෑගැහුවා..

"අම්මා.. මගෙ අම්මා කොහෙද මිනිහෝ..."

"බොස්.. මැඩ.ම්ම්"

"කියපන් ගොත නොගහා මගෙ අම්මා කෝ යකෝ"

"සමාවෙන්න බොස්.. අපිට මැඩම් බේරගන්න බැරුව ගියා.."

පැත්තක සුදු රෙද්දකින් වහලා තිබ්බ අම්මගෙ මිනිය මට පෙන්නද්දි මගෙ සිහිය විකල් වෙලා ගියා.. මං කොතනද වැරැද්දුවේ.. මට කොතනද වැරදුනේ.. මට කොතනද වැරදුනේ. අම්මගෙ ඔළුව මගෙ ඔඩොක්කුවට ගත්ත මම කෑගහද්දි රාජ් ඇතුළට ආවා..

කඳුළු හිඳෙනකල්ම අඬපු මම එතනින් නැගිටිද්දිම මගෙ ෆෝන් එක රිං වෙනවා මට දැනුනා.. රූහා???

එයාද...

"හෙලෝ.."

"හෙලෝ මිස්ටර් රුද්‍ර.. දේව්නාත්... විශ්වජිත්..."

"උඹව මං ලේසියෙන් අතාරී කියල නං හිතන්න එපා මං උඹව අමුවෙම මරනවා..."

මං අහන්න අකමැතිම කටහඬ මට එහාපැත්තෙන් අහද්දි මම කෑගැහුවා

"චැහ් චැහ් චැහ්.. අපේ රුහාන් බබාගෙ හස්බන්ඩ් කලබල වෙලානෙ.. කෝ මං මාසයක්ම ඉන්න දුන්නා සුභ ආරංචි නැද්ද ම්ම්.."

"කට වහපන් පරයා.."

"අය්යෝ...කෝ ඉතින් දැන් අම්මත් මැරුනා.. පොඩි කාලෙ ඉඳන් යාලුවෙකුත් මැරුනා.. ඔයාගෙ රෝස මලත් මං ගාවනෙ..."

"රූහා?? තමුසෙ මගෙ කොල්ලට අතක් තියපන් බලන්න..""

"චුක්.. අයියො බන් මං උස්සන් ආවෙ අත් දෙකෙන්මනෙ.. "

මගෙ ඇඟ රත් වෙද්දි මං අතට අහූන සේරම පොළවෙ ගැහුවා..ඩැරන්.. ඩැරන් උඹ තමයි අනිත් එකා..

ඒ පැත්තෙන් කෝල් එක කට් වෙලා යද්දි මං කාමරේට දිව්වා... මං දුර්වලයෙක් වෙලා.. අනේ මට උඹව අරන් යන්න තිබුනා.. රුහාන් ගෙ ෆෝන් එක අරන් ගිහින් නම් ට්‍රැක් කරතෑකි.. අනේ මට උඹ විතරයි ඉතුරු කුට්ටී...

කාමරේට දුවපු මම හැමතැනම ෆෝන් එක බැලුවා.. කෝල් කරොත් ආන්ස කරයිද.. නෑ අනතුරේ දාන්න බෑ.. මං ආයමත් ලාච්චු සේරම අවුස්සන්න ගත්තා වගේම ඇඳ ගාව ටේබල් එක ගාවට ගියපු මම දැක්කෙ ඇඳ උඩ තිබ්බ ටෙස්ට් එකක්...මේ මොකක්?

ඒක දැකපුවාම මට සිහියක් පතක් නැතුවගියා වගේම ඒකෙ තිබුන රතුපාට ඉරි දෙක දැකපු මට ඇඬෙන්න ආවා.. නෑ නෑ ඇයි මේ වෙලාවෙම.. ශිට්!

ඒක පරිස්සමට සාක්කුවෙ දාගත්ත මම බාතෲම් එකට ගිහින් මූණ හෝදගත්තා.. වමනෙ අපුල කාමරේ පුරාම..

"රාජ්.. රුහාන්ගෙ ෆෝන් එක ට්‍රැක් කරපන්.."

..

..

..

"ටයිම් බෝම්බ් එකක්..රුහාන්ගෙ ඇඟේ ටයිම් බෝම්බ් එකක් බැඳලා"

________________________________

ඔයාලට ගිනි ගෙඩි දෙන්නමයි හිතෙන්නෙ.. මං ගිහින් එන්නම්. වෙලාව ගානට 00:00

බායී🥰

Share This Chapter