Back
/ 51
Chapter 23

...විසිතුන්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

*අලුතෙන් ටිකක් ඇඩ් කරා.. දැම්ම ගමන්ම කියවපු අය ඉන්නා නම් චුට්ටක් ස්ක්‍රෝල් කරලා අන්තිම හරියට යන්න..*

.

.

.

Ruhan pov..

සීතලම සීතල කාමරේක මාව හිර කරලා.. මට මොකුත් පේන්නෙත් නෑ කළුවරයි.. මට මතක ඩැරන් මාව කාර් එකට දාන් ගිහින් මට සිහිය නැති වෙනව විතරක් වෙද්දි මං කලුවරේම අතපය පොඩ්ඩක් එහා මෙහා කළා.. කවුරුත්නෑ එක්කො ඩැරන් තනියම නැත්තන් ඩැරන් මෙයාලගෙ.... නෑ මට ඊට වඩා දෙයක් හිතන්න ඕන නෑ.

මට බයයි.. මට රුද්‍රගෙ තුරුළෙ ඉන්න ඕන වෙලා තියන වෙලාවෙ මෙහෙම හිර වෙලා ඉන්නවා කියල මතක් වෙද්දි ආයෙත් ඇඬෙන්න ආවා. අනේ මාව බේරගන්නකො...එයා පරිස්සමෙන් ඇති නේද... අම්මා, මිත්‍රන් බේරෙන්න ඇති නේද...

හිර කරල තිබ්බ කාමරේ යකඩ දොරවල් ඇරිලා යද්දි කාමරේ ඇතුළට ආවෙ උස මහත මනුස්සයෙක්.. කළුවරේ මූණ කට නොපෙනුනත් මං ගාවටම අඩි තිය තියා ආපු ඒ මනුස්සයා නැවතුනත් මං නෙමේ ඔළුව ඉස්සුවේ... ඉන්නෙ කව්ද කියල නොපෙනෙන තරම් කරුවලයි..

"රුද්‍රගෙ බාබි ඩෝල් අපිට සලකන්නෙ නැද්ද ඉතින්.."

මගෙ නිකටෙන් අල්ලපු ඒ මිනිහා මගෙ මූණ උඩට උස්සද්දි මම මූණ ගසලා අහකට ගත්තා..මට අප්පිරියයි. මේ මිනිහා ගාව සිගරට් ගඳයි. අනේ මගෙ දරුවට මුකුත් කරන්න එපා කියල මට කෑගහන්න ඕන උනත් මට කෑගහගන්න බැරි උනා.. මං කෑගැහුවොත් උන් මගෙ දරුවා ගැන දැනගනී.. දැනගත්තොත් නෙ කරදර කරන්නෙ.. හොඳම දේ එහෙම මුකූත් අඟවන්නෙ නැතුව රඟපාන එක...

"අම්බෝ... ඉන්දියාවෙන් අරන් ආපි හුරතලා නේද මේ.."

මගෙ මූණ ආයෙමත් උස්සලා අල්ලගත්ත ඒ මනුස්සයා මාව ගැටගහල තිබ්බ පුටුවෙන්ම කකුල තියන් මගෙ මූණට එබිල මගෙන් ඇහුවා. කටෙන් එන සැර සිගරට් ගඳට මට කලන්තෙට වගේ එද්දි මම තද කරල ඇසුත් වහන් හුස්මත් හිර කරගත්තා..

Rudhra pov

මචන් ඩැරන්ව අල්ලගත්තා. අපේ එකම වාහනයක්වත් යාපනේට ගිහිල්ලා නෑ.. ඩැරන්ට දුන්න වාහනේ වත්තෙන් එළියට ගිහිල්ලා තියනවා.. 7.28ට.. 11.33ට ඌව අල්ලගත්තා ගෙදර උන් එක්ක රටින් පනින්න ලෑස්ති වෙලා ඉද්දි කටුනායකින්..

"හරි යමන්..."

රාජ්ගෙ ඇස් ඉදිමිලා රතු ගැහිලා..මේ වෙලාවෙ අඬන්න කෑගහන්න බැරි කමට අපි ඉවසන් හිටියා.. මේක අම්මා ගැනවත්, මිත්‍රන් ගැනවත් හිතන්න වෙලාවක් නෙමෙයි.. අපි කොහොමහරි පණ ගැහෙන දෙන්නා බේරගන්න ඕනා.. ඔව් එක්කෙනෙක් නෙමෙයි.. දෙන්නෙක්.. තාම හැදෙන්නවත් හිතලා නැති මගෙ කිරිසප්පයා..

"හෙල් එකේ.."

ඩැරන්ව වගේම උගෙ ගෑනී ළමයි දෙන්නයිත් හෙල් එකේ හිර කරල තියෙද්දි අපි දෙන්නා හෙල් එක දිහාට අඩි අරන් ගියා.. ලේ ගඳ මගෙ නාස් කුහර දිගේ දුවනකොට මං ඒ ලේ සුවඳ මගෙ නහය හරහා යන්න හොඳ හුස්මක් ගත්තා.. නාස්ති කරන්නත් වෙලා නෑ..

යකඩ කූරු වලින් හදපු දොර ඇරෙද්දි මං වගේම රාජුත් ඇතුලට ගියෙ ගැටගහල තියන හතරදෙනා බලන්න.

"උණුවතුර ලයින් එක ඇරපන් පවර් එක ෆුල් දාලා.."

ඔළුව වනපු රාජ් එතන තිබ්බ ටැප් වලින් උණුවතුර ටැප් එකට බටයක් ගහලා ඒක ඇරියා දුම් දාන උණුවතුර එළියට එද්දි මං ඒක කෙළින්ම ඩැරන්ගෙ ඇඟට ඇල්ලුවෙ සිහිය නැතුව ඉඳපු ඌ සිහිය ඇවිත් මගෙ හෙල් එක දෙක කරද්දි..

"කියපන්.. ඇයි උඹ එහෙම කරේ.."

ඌ බෙරිහන් දෙනකොට මගෙ කටහඬ ඊටත් වඩා වැඩි වෙන්න ඇති..

"අනේ ස-සම්"

"සමාව නෑ.. පො#@# මං උඹව විශ්වාස කරා. උඹෙ පව්ල බලාගත්තා. උඹ ඒකට මේකද දුන්න ප්‍රතිඋපකාරෙ ආහ්? මගෙ අම්මට පළවෙනි වෙඩිල්ල තියල තියෙන්නෙ උඹ.. කියපන් උඹ මගෙ ඉඳුල් කාපු බල්ලා කොහොමද වෙන හුත්## #### නැව්නෙ ආ? මගෙ කොල්ලව කොහෙද ගෙනිච්චෙ? මගෙ කොල්ලයි දරුවයි කොහෙද යකෝ"

උණුවතුර එක එක දිගටම ප්‍රෙශර් කර කර මං කෑගහද්දි ඌ පුළුවන් තරම් පුටුව උඩ දැඟලුවෙ ඌගෙ ගෑනී ළමයි දෙන්නයි මහ සද්දෙට බෙරිහන් දෙනකොට

"ආර්හ්--- එ-එපා බ්-බොස් උන් අ-අපිව ම්-මර-යී.."

ඩැරන් කියද්දි මං උණුවතුර එක ඕෆ් කරා... නෑ උඹ කොහොමත් මැරෙනවා. මම උඹව කොහොමත් මරනවා..

"මරන්නෑ.. මං බේරගන්නම් උඹලව උන්ගෙන්.. සැනසීමෙ ජීවත් වෙන්න හදල දෙන්නම් උඹලට. මගෙ කොල්ලයි දරුවයි කොහෙද කියපන්.."

ඉනේ තිබ්බ ගන් එක මං රාජ්ට දික් කරද්දි ඌ ඒකට උණ්ඩ පුරවන්න ගත්තා..

"අන්තිමවතාවට අහන්න. එක්කො මට කියන්නෙ නැතුව මැරියන්.. නැත්තන් කියල සැනසීමෙ පලයන්..ම්ම්.. පොරොන්දු උනානෙ සැනසිම දෙනව කියල මම.."

කටහඬ අසීමාන්තික විදියට මගෙ සාමාන්‍ය වෙද්දි මම බුලට් පුරෝපු ගන් එක අරන් ආය ඉනේ ගහගත්තා.

"ගම්පහා. ගම්පහ බීච් එකට කිට්ටුව.."

"රුද්‍ර රුහාන්ගෙ ලොකේශන් එක ට්‍රැක් කරා.. මොබයිල් එකේ ලොකේශන් පෙන්නන්නෙ ගම්පහා. රුහාන්ගෙ ඇඟේ තියන චිප් එක පෙන්නන්නෙත් ගම්පහ.. "

මගෙ කට කොණට හිනාවක් එද්දි මං ඩැරන් දිහා බැලුවා...

"මුන් ටික ලෙහලා යන්න දීපන් රාජ්.."

රාජ් මගෙ දිහා ඇස් හීනි කරන් බැලුවෙ උඹ සිරාවටමද කියන්නෙ වගේ අහන්න වෙද්දි මං ඌට ඇහැක් ගැහුවා.. රාජ්ගෙත් මගෙ වගේම හිනාවක් කට කොනේ ඇඳෙනකොට රාජ් එතනින් එහාට උනා.

නළල ඇඟිලි දෙකකින් තද කරගත්ත මම එළියට ගිහින් ගාඩ්ලා දෙන්නෙක්ට කතා කරා..

"ම්ම්.. මේගෑනිට උඹට කැමති දෙයක් කරපන්. හැබැයි පණ ඉතුරු වෙන්න බෑ.."

සැනසිලිදායක මූණක් තිබ්බ ඩැරන් එපා කියල එක දිගට කෑගහන්න ගද්දි මං ඌගෙ දණිස්සට ශූට් කරල අඩියට දෙකට ඌ ගාවට ගිහින් කොණ්ඩෙන් ඇදල අල්ලගත්තා. ළමයි දෙන්න හූ කියල අඬනවා..

"උඹට සැනසීමක් දෙන්නම්. මං කිව්වනෙ. උඩට ගියාම උඹලට සැනසීමක් තියෙයි.."

පැත්තක අඬ අඬ ඉඳපු ළමයි දෙන්නට ශූට් කරපු මම ඩැරන්ගෙත් ඔළුව කුඩු වෙලා යන්නම ශූට් කරේ ගාඩ්ලා දෙන්නට එළියට යන්න කියන ගමන්..

"උඹගෙ මිනිහට කියපන් මගෙන් ද්‍රෝහි කමට සමාවක් නෑ කියලා.."

ඩෝං..

මෙච්චර වෙලා සද්ද වලින් පිරිලා ගියපු හෙල් එක නිශ්ශබ්ද වෙලා යද්දි එක හුස්මට මම රාජ් එක්ක උඩට ආවෙ Team A, B, C, වලට අපි එක්ක එන්න ලෑස්ති වෙන්න කියන ගමන්..

Team A, B ඉස්සරහින් ඇතුළට ගියා, අනික පිටිපස්සෙන් ඇතුළට ගියා.. හරී.. Team C ස්නයිපර්ස්ලා රෙඩී කරන්න.. එතකොට Team D හෙලිකොප්ටර්ස් ලෑස්ති කරන්න. එකෙක් බේරෙන්න බෑ. හැංගිලා සෙල්ලම් කරන පො### හිටියොත් ඌ මැරෙන්න බෑ.. තේරුනානෙ. මට පණපිටින් ඕන.. දෙන්නෙක් නැවතිලා මේ ගෙදර ගිනි තියපන්.. ඊටපස්සෙ ගිහින් බදුල්ලෙ අලුත් මේන් හව්ස් එක රෙඩි කරපන්. දරුවා ලැබෙනකන් රුහාන් පරිස්සම් වෙන්න ඕන. මට මොනාමහරි උනොත්.. රුහාන්ව එක්කන් බදුල්ලට.. තේරුනානේ..

"ඕකේ බොස්!"

ඔක්කොම වාහන වලට නැගල ගම්පහට යන්න පිටත් වෙද්දි මං ළාවට දැක්කෙ ගෙදර දොරකඩ අම්මායි මිත්‍රනුයි හිටගෙන ඉන්නවා...

"අම්මා..."

Ruhan pov...

ආපු මිනිහා සැරෙන් සැරේම මගෙ එහෙන් මෙහෙන් අල්ල අල්ල යන්න ගද්දි හෙලවෙන්නවත් බැරුව ඉඳපු මම අන්ත අසරණ උනා.. අනේ රුද් ඔයා කොහෙද...

ආයමත් දොර ඇරුණෙ අර මිනිහා ඇතුළට එද්දි.. කන්න දුන්න කිසිම දෙයක් නොකා ගෙදර ඉද්දිත් වමනෙ කරපු මට කෑම සුවඳක්වත් නැති මෙතන උගුරට එන්න පවා එකම හේතුව වෙච්ච ඒ සිකරට් ගඳ නහයට දැනෙද්දි අන්තිමේ මං හිර කරල තිබුන තැන ලයිට්ස් ඔන් උනා.. මේක කූඩුවක් නෙමෙයි...

ඒත්...

ඒත්...

මේක රූම් එකක්.... ආයමත් මගෙ හිතට නරකක් දැනෙද්දි මං ඔළුව උස්සල බැලුවෙ මං දිහාට ඇවිදන් එන මිනිහා දිහා.. මෙච්චර වෙලා මූණ නොදැකපු මම අවසානෙ මූණ ඇස් දෙකටම දකිද්දි මං කෑගැහුවා..

"රුද්?"

නෑ මේ මගෙ රුද් නෙමෙයි.. මේ හැසිරීම් මොකුත් එයා වගේ නෙමෙයි... කිසිම වෙනසක් නෑ.. එකම වගේ.. හැබැයි මට මගෙ රුද්ව අඳුරගන්න බැරි වෙන්න මං මැරිල ඉපදිලා නෑ.. උඩුකය නිරුවත්ව ඉඳපු ඌ මාව ලෙහල දැම්මා... මට යන්න දෙනවද..?

මං අඩියක් දොර දිහාට තියද්දිම එකපාරට මාව පස්සට ඇදිලා ගියෙ මං ඉක්මනටම මගෙ අත් දෙකෙන් තාම හීනියට තියන බඩ අල්ලගෙන..

"අහ්හාව් අතෑරපන්..කව්ද ත්-තමුස්-සෙ?"

"ඔහ් සොරි බේබී රෝස්.. ඒත් මං ඔයාගෙ රුද් නම් නෙමේ.. මං දේවා, දේවා විශ්වජිත්.."

උස්සගත්ත පිම්මටම මාව කාමරේ කොනේ තිබ්බ ඇඳට විසි වෙලා යද්දි මං ඇස් තද කරල පියාගත්තා..

"ආහ්.."

වීදුරු වාස් එකකුත් එහෙම්ම කුඩුවෙලා ගිහින් මගෙ අතට වැටෙද්දි අතෙන් දැනුන වේදනාවට මම නැගිටගන්න හැදුවත් සේරටම වඩා ඉක්මන් උන මගේ රුද් වගේ මනුස්සයා ඇඳට නැගල මාව ඇඳට තද කරගන මූණට පාත් උනේ මං දිගටම ඌව තල්ලු කරන්න අත පය වන වනම කෑගහද්දි..

"අනේ රුද්... ආව්හ්හ්"

මගෙ ටීශර්ට් එක ඌ අතින් ඉරිලා යද්දි මං පුළුවන් තරම් හයියෙන් ඒකව තල්ලු කරේ බලාපොරොත්තු නොවෙච්ච සිදුවීමට ඌව ටිකක් පස්සට විසිවෙද්දි

චටාස්..මගෙ කම්මුලක් රත් වෙලා යද්දි මගෙ ඇස් වලින් තවත් උණු කඳුලු පෝලිමක් වැටුනා..

"උඹ දඟලල වැඩේ අමාරු කරනව බේබි රෝස්.."

"ආහ්ව් උඹ පිස්සෙක්.. අනේ රුද් මාව බේරග්-"

''ඌ එන්නෙ නෑ.. ඌට උඹ වැඩක් නෑ.."

මගෙ කටට මගෙම අත් දෙක තියලා තද කරපු ඒ මිනිහාඅනික් අතින් මගෙ ශෝට් එක පවා ඉරලා විසි කරලා දාද්දි අන්තිම බලාපොරොත්තුවත් අතෑරුන මගෙ ඇස් වළින් කඳුලු පෝලිමක් ගලාගන ගියා..අනේ ඉක්මනට එන්නකො..

"ඔයා පරක්කුයි මහත්තයෝ...ඔයා පරක්කුයී..."

___________________________________

හායි..

කෝමතේ

සමාව බාජනේකට දාලා ආයෙත් ඉල්ලන්නං හයිත

කම්මැලී නේ මං දන්නව. ඊළඟ ටිකම කම්මැලි වෙයි ඉතින් මළගෙවල් සීසන් එකනෙ එන්නෙ😗

ඒනං අපි ගියා

බායී...

Share This Chapter