Back
/ 51
Chapter 24

...විසි හතරවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

Ruhan pov...

අප්පිරියා සහගත අත් මගෙ ඇඟ පුරාම යද්දි මං අමාරුවෙන් ඒ මිනිහව තල්ලු කරලා දාන්න හැදුවා. මට බයටම ඇඟේ හයිය පවා නැතිවෙලා ගිහින්...

දඩස්...

මහ සද්දෙට දොර පුපුරලා යද්දි මගෙ ඇඟ උඩ ඉඳපු රුද් වගේම මනුස්සයා අහකට උනා.. ඇස් පවා කරකවගන්න බැරුව ගල් වෙලා වගේ හැඟීමක් දැනෙද්දි මන් අමාරුවෙන් ඇස් කරකෝලා දොර දිහා බැලුව..

"රු-ද්...."

දරාගැනිමේ සීමාවෙ උපරිම ඉඳපු මගෙ ඇස් වැහිලා යද්දි මට ඇහුනා එයා හයියෙන් කෑගහනවා..

Rudhra pov

කතා කරගත්ත විදියට සේරම ඇරේන්ජ් වෙද්දි මං ඒ පරණ ගේ ඇතුළට දිව්වා..

"රුද්‍ර සද්ද කරන්ඩ එපා යකෝ..."

රාජ් පිටිපස්සෙන් ඇවිත් මට ගන් එකෙන් ඇනලා කියද්දි අපෙව් ගාඩ්ස්ලා නිශ්ශබ්දවම හොරු වගේ පැනලා දේවාගෙ හැම ගාඩ් කෙනෙක්ම මරල දැම්මා.. සමහරුන්ගෙ අතපය කඩලා කටට අහුවෙච්ච කොළකෑලි රෙදිකෑලි ඔබල නිශ්ශබ්ද කරා..

"අහ්ආව්..."

මං රාජ් ගෙ මූණ දිහා බලද්දි ඌ දැනටමත් මගෙ මූණ බලන් ඉඳල තියෙන්නෙ.. ඒ මගෙ රූහා නේද?

"මචන් අනේ කලබල වෙන්න නම් එපා.. හිමින් යමන්.."

"සද්ද නැතුව උනත් ඉක්මන් අඩි තියපු මමත් රාජුත් පඩිපෙළ දිගේ උඩට නගිද්දි වහල ලොක් කරලා තිබුන එක කාමරයක් ගාව අපි නැවතුනා..

''ම්ම්ම්බ්හ්ක්"

ඇතුළෙ මොනවගෙව් දෙයක්ද වෙන්නෙ කියල තේරුම් ගන්න මහ වෙලාවක් නොගිය මගෙ අත් වෙව්ලන්න ගද්දි මම දොරේ ලී පුපුරලා යන්නම දොරට ගැහුවා..

"රුහාන්!"

ඇඳ උඩ කිසිම ඇඳුමක් නැතුව වැටිල ඉන්න "මගෙ රුහාන්"ගෙ ඇස් වල කඳුළු බේරෙන ගමන් තිබ්බා වගේම ඊට එහාපැත්තෙන් හිටියේ...

මගෙම නිවුන්නා.. මගෙම නිවුන් සහෝදරයා... හේතු විස්තර කරන්න වෙලා නෑ.. ඒත් පාතාල ලෝකෙ මමත් දේවත් කියන්නෙ නයයි මුගටියයි වගේ දෙන්නෙක්. මොකක්මහරි හේතුවකට අපි දෙන්නම එකම වගේ ඉපදුනා..

මං දිහා බලපු මගෙ රූහාගෙ ඇස් වැහිලා යද්දි මං කලබල උනේ නෑ කිව්වොත් ඒ බොරුවක්.. රාජ් දේවා දිහාට වෙඩිල්ලක් තියද්දිම කරගන්නම දෙයක් නැති වෙච්ච දේවා වෙඩි පාර පවා කාගන ලාච්චුවක් ඇරල ස්මෝක් බෝම්බ් එකකුයි, මොකක් හරි රිමෝට් එකකුයි ගත්තා..

මං රුහාන් ගාවට දුවද්දි ස්මෝක් එකකින් මුළු කාමරේම පිරිලා යද්දි මං සිහිය නැතුව ඉඳපු රුහාන්ව තුරුල් කරගත්තා.. දේවා පැනල ගියාද.. ඒව මට ඇත්තටම වැඩක් උනේ නෑ.. බය ගුල්ලෙක් වගේ පැනගත්ත දේවාට හිනා වෙන්නවත් හිතන්න බැරි වෙද්දි මං ඉක්මනට මගෙ ශර්ට් එක ගලවලා රුහාන්ට අන්දවලා අත් දෙකට ගත්තා.. අනේ කඩවුල් මට මගෙ කොල්ලව රැකලා දෙන්න... කිසිම දෙයක් වෙලා තියෙන්න එපා

"රුද් අරූ පැනගත්තා."

"දැනට.."

"කොල්ලට මොකද?"

"ප්‍රශ්නයක්..නෑ....ඒ මොකක්ද?"

මං රාජ් දිහා බලද්දි රාජ් කෙලිම්ම රුහාන්ට පොරවලා තිබ්බ ශීට් එක අයින් කරා...

"ටයිම් බෝම්බ් එකක්.. රුහාන්ගෙ ඇඟේ ටයිම් බෝම්බ් එකක්.."

මගෙ ඇඟේ ලේ වතුර වෙලා යනව වගේ හැඟීමක් එක්ක මං රාජ් දිහා බලල ඇස් පියවෙලා තියන මගෙ කොල්ලා දිහා බැලුවා.. දණිස්සට පිටිපස්සෙන් බැඳල තියෙන්නෙ.. අපි බලන් ඉද්දිම ඒකෙ ටයිම් එක ඔන් උනා.. එහෙනම් අරූ ගත්ත රිමෝට් එක මේකෙ..

"රාජ්... රාජ් මොකද ක්-"

"ශ් ශ්..කලබල වෙන්න එපා.. උඹට මට බෝම්බ්ස් ගැන අයිඩියා එකක් තියනව හරී.. කලබල වෙන්න එපා යකෝ කිව්වම අහපන්.. තප්පර පහලවයි තියෙන්නෙ.. තෝ හදන්නෙ සේරම එකතැන මරවන්නද.. සන්සුන් වෙයන් හු$තෝ"

රාජ් මට කෑගහද්දි මං කැඩිල තිබ්බ වාස් එකෙන් එහෙම්ම කෑල්ලක් ගත්තා...

"රාජ්..."

"උඹට පුළුවන් මචන්.. තප්පර දහයයි තියෙන්නෙ.. දන්නවනෙ.. එක්කො නිල් එක්කො රතු ... හොඳට බලපන්.. හොඳට හිතපන්..."

"නිල් එ-එක "

"රතු නෙමේද?"

"ර්-රතුද?"

"නිල් නිල් තොගෙ අප්පට හැමිනෙන්න.. මං ගනිද්දි කපපන් හරී"

තප්පර තුනයි..

දෙකයී....

එකයී....

කපපන්....

වටේම නිශ්ශබ්ද වෙලා යද්දි මගෙ වෙව්ලන අත් වලින් නිල් වයර් එක කැපිලා තිබ්බා.. ටයිම් බෝම්බ් එක ඕෆ් වෙලා යද්දි සැනසිලිදායක හුස්මක් දාපු රාජ් එහෙම්ම එළියට ගියෙ මං මගෙ ශර්ට් එක විතරක් ඇඟේ තියන රුහාන්ව අත් දෙකටම උස්සගද්දි..

"තාම සිහිය නැද්ද?"

"මං දන්නෙ නෑ බන් මං දන්නෙ නෑ... දෙයියන්ගෙ නාමෙට ඔය වාහනේ අපෙ හොස්පිට්ල් එකට හරෝපන්.."

ඌටත් කෑගහපු මම මගෙම පුරුකක් බඩේ තියන් ඉඳපු මගෙ කොල්ලව ඇස් වලින් කඳුලු වැටෙද්දිම තුරුල් කරලා.. එක කම්මුලක් ඉදිමිලා, මගෙම අයිතිය ලියවෙලා තියන තොලකට පවා පුපුරලා ගිහින්.. අත ගාවත් කැපුමක්.. මගෙ පපුව පැත්තක් රිදීගන ආවා.. මං පරක්කු උනා.. මට සමාවෙන්න. මට සමාවෙන්න මං පරක්කුයි...

විනාඩි පහළවකින් හොස්පිට්ල් එකට එද්දිත් සිහිය නොතිබ්බ එයාව ට්‍රොලී එකක දාගෙන ඇතුළට අරන් යද්දි මම හොස්පිට්ල් එකේ ගේට් එක ගාව ඉඳගත්තා.. මුළු හොස්පිට්ල් එකම දෙවනත් වෙන්න කෑගහපු මං ගාවට රාජ් ඇවිත් මාව තද කරලම බදාගද්දි මං ඌව තද කරන් මෙච්චර වෙලා හිතේ හිර වෙලා තිබ්බ හැම දුකක්ම එකින් එක පිට කරා. උඹ කොහොමද තම්බි අපේම අම්මා? උඹ එක්ක පොඩිකාලෙ ඉඳන් ඉඳපු යාලුවා.. මගෙන් උඹට සමාවක් නං නෑ...

"රුද්.. අපි ලොකු අණ්ණාට කතා කරමුද?"

"අණ්ණට?"

"ඔව් එයා මේ දේවල් දැනගන්න ඕන නැද්ද..?"

"දැනටමත් එයා දැනගෙන ඇති.."

"ම්ම්.."

හොස්පිට්ල් එකේ දොර ගාව හිටගෙන එහෙටයි මෙහෙටයි ගිහින් මගෙ කකුල් දෙකට විරාමයක් නැතිවෙද්දි අන්තිමේ දොර ඇරුනා..

"ඩොක්ට?"

"පේශන්ට්ට ප්‍රශ්නයක් නෑ.. ඒත් අම්-තේරෙනවනෙ එයාව ස්ට්‍රෙස් කරන්න එපා.. එකතු වීමක් වෙලත් නැහැ.. පරිස්සම් වෙන්න ඒ වගේ දේකදි.. අනික පේශන්ට් ප්‍රෙග්නන්ට්.. සිහිය නැති වෙලා තියෙන්නෙ නම් කම්පනේට.. සිහිය නැති වෙන්න තරම් බය කරන්න එපා ඒ වගේ දේවල් වලට.. අකමැති නම් ඔයාලට පුළුවන් එකතු නොවී ඉන්න 9 මන්ත්ස් වගේ වෙනකල්... සිහිය ආවම අරන් යන්න පුලුවන්.."

ඩොක්ට යන්න යද්දි මමයි දොර ඇරන් ඇතුළට දිව්වෙ රාජ්ට බලෙන් ටිකට් කපවගන්න කියල. මගෙ එකා එක්ක මං මොකටද යකෝ බලෙන් කරන්නෙ. මුන්ගෙ දැනුම පොත් වලට විතරයි

Inside the house

Ruhan pov

"ම්ම්හ්ම්..."

තදටම දැනුන ඔළුව කැක්කුමත් ඇඟේ අමාරුවත් මං තාම ජීවත් වෙනව කියල සාක්ශි කියද්දි අමාරුවෙන් ඇස් ඇරපු මම ඇස් මං ඉඳපු තැන වටේටම අරන් ගියා.. නෑ මේ අපෙ ගෙදර නෙමෙයි.. මගෙ හිතට බයක් දැනෙද්දි ආයමත් මට මේ දැන් උනා වගේ හිතෙන සිදුවීම මතක් වෙද්දි මං ඇඳේ ඉඳගත්තා..

"අනේ එ-එපානෙ.."

මං බල අල්ලලා බැලුවා.. ලොකු වෙලා නැති උනත් බඩට දැනෙන හරි ලාමක බර තවම දැනෙද්දි මං මගෙ ඇඟ පුරාම ඇස් ගෙනිච්චා.. මගෙ ඇඳුම් මාරු කරලා.. නෑ ඉරුන ඇඳුම් වෙනුවට මගෙ ඇඟේ තිබ්බෙ රුද්ගෙ ඇඳුමක්.. මං ඇඳෙන් බැස්සෙ මට හිටගන්නවත් පන නැතුව එහෙටයි මෙහෙටයි විසිවෙද්දි..

මට මාව අප්පිරියයි..

පුළුවන් තරම් අප්පිරියාව යනකල් නාගන්න ඕන වෙච්ච මම රුද්ගෙ ඇඳුම එහෙම්ම ගලවලා දැම්මෙ ඇඳ පාමුල..

ක්ලික්..

දොරේ අගුල කැරකෙනවත් එක්කම ඇතුළට ආවෙ හෙම්බත් උන මූණකින් මගෙ රුද්. හිනා වෙන ඇස් මැරිලා ගිහින්.. මාව අප්පිරියද අයියෙ..

ඇස් වලින් ගලපු කඳුළු අලුත් වෙද්දි මම අඬාගෙනම බාත් රූම් එකට රිංගගත්තෙ මගෙ කඳුළු දැකලා එයා ගැස්සිලා මං ගාවට එන්න හදද්දි..

"කුට්ටී.. රූහා.. මේ දොර අරින්න..."

"මාව පිස්සෙක් නොකර දොර අරින්න රූහා.."

එයා එළියෙන් කතා කරනව ඇහුනත් මං බාත් රූම් එකේ ශවර් එක ඇරලා නියපොතු පාරවල් යනකල්ම අතුල්ල අතුල්ල අඬ අඬාම හෝදන්න ගත්තා..

වතුරවලට සීතලේ මාව ගැහෙද්දි මං ඒත් ඇඬුවා.. බාත් රූම් එකේ තිබ්බ බ්‍රශස් වලින් මං මාවම හූර හූර මට දැනෙන අප්පිරියාව යවාගන්න හැදුවා.. නෑ මට තවත් අප්පිරියයි.. බඩට කෑමක් නැ මගෙ දරුව බඩගින්නෙ... මට කන්නවත් බෑ.. බාත් රූම් එකේ දොරේ ලොක් එක කඩාගෙන දොර ඇරෙද්දි ඇතුළට ආව රුද්ගෙ ඇස් මං ගාව නැවතුනා.. .

"රූහා.. දෙයියනෙ ඇඟ සීරිලා නේද.. ලේත් එනවා.. අනේ මට තව ගින්දර දෙන්න එපා මගෙ රත්තරන් මාව නිවපන්.. උඹ විතරයි මට ඉන්නෙ.."

බිඳුණු කටහඬකින් කියපු එයා මං ගාවට අඩියට දෙකට ඇවිත් මගෙ අතේ තිබ්බ බ්‍රශ් එක අල්ලලා වීසි කරා.

"මගෙ මහත්තයො.. මාව අ-අප්පිරියද?"

අපි දෙන්නවම ශවර් එකේ වතුරට තෙමිලා යද්දි එයා මං ගාව දණ ගහගන වෙව්ලන මගේ තොල් අල්ලගත්තෙ නවත්තන්නෙම නැතිව කියවන මගෙ කට නවත්තන ගමන්.. මාව ඈත් කරල මගෙ මූණ දිහා බලන් හිටපු එයාගෙ ඇස් වල කඳුළු පිරෙද්දි එයා මාව තද කරලම බදාගත්තා..

"මගෙ පන! රූහා ඔයාව වෙව්ලනවා..."

මාව හෝදලා පිරිසිදු කරපු එයා මාව ටවල් වලින් ඔතලා බාත් රූම් එකේ කොමඩ් එක වහල ඒක උඩ මාව ඉන්දවලා ඉක්මනට වොශ් දාගෙන මාවත් උස්සගෙනම කාමරේ ඇතුළට ගියා..

"අණ්ණා.. අම්මා?"

...........

"අණ්ණා...?"

එයාගෙන් සද්දයක් නැති වෙද්දි එයා මං ගාවට ආවෙ ඇඳුමකුත් අරන්..

"කෝ එන්න පිහදාන්න.."

මං තව දුරටත් මං එක්ක හුරතල් වෙන මගෙ රුද්ව දැක්කෙ නෑ.. එයා මොනවම හරි මගෙන් හංගනවා..

මං ඇඳුම් ඇඳන් ඉවර වෙලා මගෙ අතින් එයාගෙ අතක් අල්ලගත්තා...

"රුද්.. ම-මගෙ බඩේ... ඔ-ඔයාගෙ... දරුවෙක්.. ඉන්නවා.. "

කියල ඉවර වෙනවත් එක්කම මාව ඒ ලොකු අත් අතරෙ හිරවෙද්දි එයා හිමිට මිමිණුවා.

"මං දන්නවා.. දැන් රෙස්ට් කරන්න.. උදේ වෙලානෙ.."

ම්ම්...

"මොනවා හරි කාලා ඉමුද?"

"රුද්..."

"ම්ම්.. ඒ මිනිහා ම්-මාව ඇ-ඇල්ලුවා.."

මගෙ පපුව තවත් රිදෙන්න ගද්දි මං එක අතකින් පපුව මිරිකගත්තා.. එයාට මාව අප්පිරියා ඇති.. එයාට මාව අප්පිරිය ඇති...

"ඔයාට මුකුත් උනේ නෑනෙ පාපා.. මං වෙලාවට ආවනෙ.. මං ඔයාව බේරගත්තනෙ.."

"මං එ..යාව අ-අඳුරගත්තා රුද්.. එයා ඔයා වගේ-මයි.."

"දැන් ඒ ගැන කතා කරන්න තරම් මානසික මට්ටමක ඔයා නෑනෙ අපි මේ ගැන හිමින් කතා කරමු.. හරිද.."

එයා මගෙ පිට වටේ අත් යවලා මාව බදාගද්දි මං එයාගෙ උණුහුමට තුරුල් උනා.. මට ආයමත් බයයි.. අනේ දෙයියනෙ මේ දේවල් කොහෙන් ඉවර වෙයිද..

"කෑම අරන් එන්නම්.."

"හ්ම්.."

රුද් දොරත් වහන් යන්න යද්දි මං කාමරේ තනි උනා.. කාමරේ ඉන්න දැනුන කම්මැලිකමට මම ඇඟට දැනෙන තෙහෙට්ටුව පාලනේ කරන් කාමරේ දොර ඇරන් එළියට ආවා.. කොහොමත්ම කලින් ගේ වගේ නෙමේ ඊට වඩා පොඩීද මන්දා.. මං පඩිපෙළ ගාවට ගියා.. පඩිපෙළ බහින්න අන්තීම අඩියෙ තියෙද්දි මට ඇහුනෙ රුද් මිත්‍රන් මොනවම හරි කතාවෙනවා..

මං දන්නව හොරෙන් අහන් ඉන්න එක වැරදියි.. හැබැයි වෙච්ච කිසිම දෙයක් මේ තත්වෙ ඉන්න මට කියන්නෙ නෑ කියල දන්න හින්දා මට හොරෙන් අහන් ඉඳල හරි දැනගන්න ඕන උනා.

"රුහාන්ට කිව්වද?"

"නැහැ.."

"ඒත් කොල්ලා අම්මවයි මිත්‍රන්වයි අහයි බන්.."

"මොනව හරි කියමු.. එයා ඉන්න තත්වෙ උඩ මට මේ දේවල් කියන්න බෑ.."

අම්මටයි මිත්‍රන්ටයි මොකක්ද වෙලා තියෙන්නෙ?

මං තව අඩියක් අඩමානෙට තියල කන චූට්ටක් ලං කරා..

"බොඩිස්?"

"පුච්චමු.. ලොකුවට දෙයක් කරන්න වෙලා නෑනෙ.."

"ඒ උනාට අම්මයි මිත්‍රනුයි පණ දුන්නා උඹෙ පණ වෙනුවෙන්.."

මට ආයෙමත් ලෝකෙම කඩාගෙන වැටෙන හැඟීම දැනුන.. අම්මා?..

රුද් පඩිපෙළ ගාවට කිට්ටු වෙද්දි ගොඩ වෙලාවකින් නොකා ඉඳපු මට සිහියක් පතක් නැතුව ගියා වගේම වටේම කලු වෙලා යන හැඟීමක් එක්ක පඩිපෙළ ගාවට ආපු රුද්ගෙ ඇඟටම විසිවෙලා ගියෙ එයත් මාව අල්ලගද්දි..

"රුද් ඒ දෙන්නා??"

__________________________

ප්‍රශ්න ඇති නේද?

රුහාන් මොන වගේ හැසිරෙයිද?🙂

1. රුහාන් rape උනේ නෑ..

2. රුද්‍ර අර පව්ලක් මරපු එකත් ප්‍රශ්නයක් වෙන්න ඇතිනෙ.. රුද්‍ර කියන්නෙ මැරයෙක්... ඉතින් එයාගෙන් අපිට හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.... තේරුනාද..

තව ප්‍රශ්න තියනව නං අහන්න.

දිගටම ලියන්නත් පුළුවන්.. ඉවර කරන්නත් පුළුවන්.. මං කිව්වත් වගේ මේක ආවට ගියාට ලියන්නෑ මං අවසානෙ වගේම අවසානෙන් පස්සෙ දේවලුත් හිතලම පටන්ගත්ත එකක්..

ඔයාල දිගටම ලියන්න කිව්වොත් මට පුළුවන් ලියන්න මේක..

ඔබෙ සැප මගෙ ශතුටා~යී

ගිහින් එන්නම්

Share This Chapter