Back
/ 51
Chapter 28

...විසි අටවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

Ruhan pov

***********

මගෙ මූණ දිගේ සීතලක් යද්දි මට ඇහැරුනා. නිදිමතයි. ඈනුමක් යවල කොණ්ඩෙත් කසන ගමන් මං ඇඳේ ඉඳගන වටපිට බලද්දි මං දිහා බලන් ඉන්න රුද්ව..

"දැන් ඇයි ? ආයෙ හිත රිද්දන්න නම් ආවෙ අනේ පාඩුවෙ යන්න අයියෙ.."

වචනෙකින්වත් එයාට නොබැනපු මම අද නොබැන බැන්නා. එයා වැරදි..

මගෙ දිහා බලන් ඉඳපු එයා එහෙම්මම මාව තුරුළට ඇදල ගද්දි මං අතපය ගල් කරන් එහෙම්ම හිටියා. ඇයි දන්නෑ දැන්..

උරිස්සට අත් තියල මං එයාව අහකට කරා. සැරෙන් සැරේ වෙනස් වෙන්න ගත්තොත් මටනෙ රිදෙන්නෙ..

"ඇඟේ ඇලෙන්නැතුව කියන දෙයක් කියන්න රුද්"

"එනක්කු මනිච්චිරිංග පා..මං-මං ඇත්තටම මට ඇත්තටම ඕන උනේ මම නැ-ති දවසක ඔ-"

මං එයාගෙ කට අතින් වහල දැම්මෙ අපෙ ඇස් එකට පැටලෙද්දි

"මොනාද ඔය කියන්නෙ. වඳින්නම් අණ්ණා මටයි මගෙ අහිංසක දරුවටයි එයාගෙ අප්පා නැති කරන්න එපා."

මගෙ අත එයාගෙ කටින් එහාට කරගන එයා මාව ආයෙමත් ළඟට ඇදල අරන් තුරුල් කරගත්තා. හිතේ ගොඩක් දේවල් ඇති එයාට කියාගන්න බැරුව..

"කියන්න තියන දෙයක් කියන්න අණ්ණා මං අහන් ඉන්නෙ"

හුස්මක් පාත දාපු එයා මගෙ බෙල්ල අස්සෙ මූණ ගහන් ටිකක් වෙලා හිටිය. මං හිතන්නෙ ඒ හුස්මෙ බර එයාගෙ බරටත් වඩා වැඩි ඇති..

"කුට්ටි මේ අහන්ඩ. අපේ දේවල් බිඳවැටෙන්න අරන්.. හැමදේම අකුරක් නෑර පිටට ගිහින් තියනව. මං ළඟ ඉන්නෙ මමයි රාජුයි අණ්ණයි විතරයි.. එතනින් ටීම් තියෙන්නෙ මටයි අණ්ණටයි විතරයි. තේරෙනවද මෙතන තියන බරපතළකම.. මට බයයි ඔයාටයි මගෙ සින්න කුට්ටිටයි ප්‍රශ්නයක් වෙයි කියල.. ඔය දෙන්නට මොනව හරි උනොත් මම.. මම කොහොමද-"

"ඔයා ඉන්නකල් අපිට කරදරයක් වෙන්නෙ නෑ මගෙ රුද්.... මං ඔයාව විශ්වාස කරනවා මටත් වඩා. තේරුනාද?"

හිතේ තිබ්බ බය හංගන් මං එයාගෙ හිත සැනසුවා..

"කන්න කැමති මොනව හරි තියනවද?"

"ම්ම්...ඔයාගෙ ඔළුව තමා.."

"අඩ්ඩඩ්ඩා එන්න ලූසා පා නී?"

කාලෙකින් අපි දෙන්න හිනා උනා. දවස් ගානකින්.. මං හිතුවෙ එක ඇඳේ දෙපැත්තට බෙදිල අපිට නිදාගන්නවෙයි කියල උනත්.. නෑ එහෙම උනේ නෑ..

"රුද් බඩගිනීනෙ.."

රුද්ට තුරුල් වෙලා ඉඳපු මං ඔළුව උස්සල එයා දිහා බලද්දි මගෙ කම්මුලක් එයාගෙ ලොකු ඇඟිලි දෙකකට අහු උනා..

"මොනවද ඕන?"

"ම්ම්... මට... ඕන පේර අයිස්ක්‍රීම්.."

"බනානා අයිස්ක්‍රීම්?"

"ඒ මොන ලෝකෙ එකක්ද බබා ඒ?"

"දැන් කියන්නෙ දෙන්න බෑ කියලද? ආ දෙන්න බෑ කියලද කියන්නෙ කියන්නකො"

"ඉතින් මං එහෙම එකක් කොහෙ ගේන්නද කුට්ටී අනික මේ මහ රෑ අයිස්ක්‍රීම් කන්න පිස්සුද?"

"පිස්සුද?ආ පිස්සුද කියලද ඇහුවෙ ඔව් ඔව් මට තමා පිස්සු. හුහ් මටෝන්නෑ ඔයාගෙ අප්පා අපිට ආදරේ නෑ සින්න කුට්ටි. ඒකා මහා නරකයි. මටයි ඔයාටයි දුශ්ටකම් කරනවා"

මං බබා එක්ක කියවන්න ගද්දි එයා ඔළුවෙ අත ගහගත්ත

"එන්නකො හදාගමු අපි ම්ම්.."

"මොනාද?"

"පේර අයිස්ක්‍රීම්.."

"කුට්ටි ඔයාලගෙ අප්පා තමා හොඳම අනේ.."

"කෝ පයින් යන්න එපා එන්න මං වඩාගන්න"

රුද් මාව හරහට උස්සගද්දි මං එයාගෙ කර වටේ අත දාල රැව්ල වැවුන මූණ චප්ප කරගෙන උම්ම එකක් දුන්න.

"ආ දැන් හරිද කුරුළු ජෝඩුව.."

අපි ඉස්සරහින් හිටගත්ත රාජ් එහෙම අහද්දි රුද් මාව කිචන් එකේ පැන්ට්‍රිය උඩින් ඉන්දුවා. අපි කනවා පේර අයිස්ක්‍රීම්..

"රාජ් ඉංගෙ වා~ඩා..."

"යෙන්න මචන් වට් කේස් දෝනි කේස්ද?"

"ඉල්ලෙ ඩා.. අපෙ එක්කෙනාග පේර අයිස්ක්‍රීම් ඕනෙලු"

"පේර?"

"හදල හරි කවමු ඕයි මගෙ කෙස් ගස් ටිකත් ගලවලා දායි.."

"ඉතින් උඹ හදපන්. මගෙද ළමය උඹෙද?"

"මගෙ මගෙ. උඹ මාමනෙ"

මං දෙන්නගෙ කටහඬට ඇහුම්කන් දීගෙන හිටියා. බබාගෙ අප්පයි මාමයි හදල දෙන්නැතෑ.. කෝ දන්නෑ ලොකු මාමා. එයත් ආවනං හරි හුහ්

"ඔය අයිස් ක්‍රීම් එකක් ගනින් බන්. පේර ගෙඩි ටිකක් දාල කලවං කරල හදමු"

යූටියුබ් වලයි හැමතැනම පේර අයිස්ක්‍රීම් හදන විදිහ බලපු රාජ් කෑගැහුව. කමන්නෑ ඉතින් මට කොහොමහරි ඕනෙ පේර සුවඳ ඒව. මට අප්පිරිය නැත්තෙ පේර විතරයි.. රුද් මං දිහා බැලුවෙ මගෙන් හාද එපාද අහන්න වගේ වෙද්දි මං කතා කරා

"පේර රහයි සුවඳයි එනව නං කමක්නෑ.."

"ම්ම්.."

මහ කෝකියො දෙන්න වගේ දෙන්නත් එක්ක කුස්සියෙ වැඩ පටන්ගද්දි එන්න හදපු ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනාව මං කුස්සියෙ දොර ගාවින්ම හරෝලා යවල දැම්ම. එයා ඕන්නෑ.

වැනිල අයිස් ක්‍රීම් එක ගත්ත රුද් ඒකෙන් බාගයක්ම කෝප්පෙකට දාල දියවෙන්න ඇරියා.

රාජුත් පේර ගෙඩි ටිකක් අරන් ඇවිත් හෝදල කපල අයිස්ක්‍රීම් පොඩ්ඩක් දාල බ්ලෙන්ඩ් කරල රහ බැලුව.. අනේ මංද. හොඳ නැත්තම් මේ ජෝඩුවටම ගිල්ලනව.

රුද්ටත් රහ බලන්න කටේ ඔබපු රාජ් රුද් ගෙ මූණ දිහා බලන් ඉඳල රුද් ඔළුව වැනුවට පස්සෙ මගෙ අතටත් දුන්න.

ම්ම් අව්ලක් නෑ. පළවෙනි හැන්ද කටේ දැම්මයින් පස්සෙ දෙන්නට ඒකහදල ෆ්‍රිජ් එකට දාන්න දීලා මං එළියට ආව. අප්පෝ මෙහෙ මහ රෑට සීතලයි

වෙලාව එකොළහට විතර ඇති. කොණ්ඩෙ කපන්නවත් වෙලානැතුව මගෙ කොණ්ඩෙත් උරිස්ස ගාවට වගේ චුට්ටක් දික් වෙලා.. ටිකකින් මට දැනුන සීතල මැකිලා උණුසුම් අත් දෙකක් බඩවටේ එතෙද්දි මං ඒ අත්දෙක තව ටිකක් තද කරල අල්ලගත්තා.

"මිත්‍රන් නැතුව පාලුයි රුද්.. මගෙ හොඳම යාලුව වගේ එයා හිටියෙ. අම්මනැතුවත් පාළුයි එයා මට එයාගෙම දරුවෙක්ට වගෙ සැලකුවෙ..."

මං අහගෙන එයා ආයමත් බර හුස්මක් පාත දානවා. එයාට දුකඇති. ඉස්සර ඉඳන්ම යාලුව නැති උනාම දුකයි තමයි..

"ඌ හොඳ යාලුවෙක් කුට්ටි.. හොඳ මනුස්සයෙක්.. මං හිතනව ඉන්න තැනක සතුටින් ඉඳී කියල..අම්මත් එහෙම තමයි.."

"ම්න්..යමු.."

"කොහෙද?"

"අයිස්ක්‍රීම් කන්න."

"අනේ මේ අහන්නකො මට කන්න බෑනෙ අරන් තියල තියනවද? මං කන්නම් පස්සෙ ප්‍රොමිස්.."

"ම්ම් කමන්නෑ මහ රෑ කාලා ලෙඩ වෙන්න එපා"

ම්ම්..

විනාඩි කීපෙක නිශ්ශබ්දතාවෙකින් පස්සෙ මං ආය කතා කළා...

"මට ඔයාලගෙ පව්ල ගැන කියන්න පුළුවන්ද රුද්..මං නොදන්න දේවල් මට දැනගන්න ඕන.."

"ම්ම්..."

මගෙ උරිස්සට මූණ තියපු රුද් ඇස් වහන් හුස්මක් ගත්තා. ඒ එක අතක් මගෙ බඩ උඩ රැඳෙද්දි මම ඒ අතට උඩින් මගෙ අතත් තියාගත්තා..

"මගෙ අප්පා.. එයාගෙ පළවෙනි මැරේජ් එකේ ළමය තමයි ආදි අණ්ණා.. මගෙ අම්මා දෙවනි මැරේජ් එක. අප්පා ආදි අණ්ණගෙ අම්මා අතෑරලා මගෙ අම්ම ගාවට එද්දි අප්පා දැනන් ඉඳල නෑ ආදි අණ්ණගෙ අම්ම සුභානා ප්‍රෙග්නන්ට් කියලා. මගෙ අම්මා දැනගෙන ඉඳලත් නෑ අප්පා මැරීඩ් කියල. එයා ඒක ලෝකෙන්ම හංගලා. අන්තිමෙ අප්පා අතින් මගෙ අම්මටත් මාවයි දේවා වයි ලැබෙන්න ආවා. එතකොටම තමයි අණ්ණගෙ අම්මත් අප්පයි අම්මයි ඉඳපු ගෙදරට ඇවිත් තියෙන්නෙ. අවුරුදු හතක් අටක්වත් නැති ආදි අණ්ණව අරන්..

මගෙ අම්මයි ආදි අණ්ණගෙ අම්මයි එකපැත්තක් උනා. මොකද දෙන්නම සාධාරණයි. අපෙ අප්පා තමයි නරක මනුස්සය තේරුනාද.."

"ම්ම්.."

"ඉතින් අප්පා එළවන්න හදද්දි අණ්ණගෙ අම්මාව මගෙ අම්ම ගෙදරට අරන් තියාගෙන. අන්තිමේ තාත්තගෙ තුන්වෙනි ගෑනු කෙනත් අපේ ගෙදරටම ගෙනාවා. ඒ මට අවුරුදු පහේදි. ඔහොම කල් යද්දි තමයි අපෙ එහා ගෙදරට ඔයාල ආවෙ. මමයි අණ්ණයි ගොඩාක් හිතවත් වෙද්දි මගෙ නිවුන්නා අපෙන් ඈත් උනා. අප්පගෙ 3 වෙනි ගෑනි එයාගෙ හිත නරක් කළා.. විස පිරෙව්වා. අන්තිමට අම්මට පවා කරදර කරන්න තරම් ඔළුව විස වෙද්දි අපි එයාව ගහල ගෙදරින් පන්නගත්තා. පස්සෙ අප්පයි එයයි එක පැත්තක් වෙලා අණ්ණා බැඳල හිටපු ගෑනු ළමයව බඩේ උන්න බබත් එක්කම මරල දැම්මා. ඒක මාරම සාහසිකයි.. ඊටපස්සෙ අණ්ණගෙ අම්මා.. අප්පව මරපු අණ්ණා රටින් පිට වෙලා ගියා. මොකද අපි කාටවත් අපෙම තම්බිව මරන්න හිත දුන්නෙ නෑ. හැබැයි දැන්.."

"ඇති රුද් අනේ තව නම් කියන්න එපා.."

හුස්ම හිරවෙද්දි මම හැරිල රුද්ට තුරුල් උනා.. පව් දෙයියනෙ ආදි අණ්ණා..

"ශ්.. ශ්.. කෝ නාඩා ඉන්න. ඕක තමා මගෙ තංගම්ට මොකවත් කියන්න බැරි කෝ ඉතින් අඬන්න එපා දරුවෝ.."

"අපිටත් එහෙම වෙයිද අණ්ණා?"

"මං ඉන්නකල්.. එහෙම වෙන්න දෙන්නෙ නෑ.. දැන් එන්න රෑවෙලානෙ.. අපි නිදාගමු ම්ම්.."

______________________________

එයාලා නිදි.

මාත් නිදාගන්නයි යන්නේ..

කම්මැලී නේද. කම්මැලී තමා මට තේරෙනො.

මට කියන්න බලන්න මෙච්චරතාක් කතාව කොහොමද?

මොනව හරි improve වෙන්න තියනවද?

එහෙනම් කියල තියන්න.. ආයෙත් එනකල් හැමෝම පරිස්සමට ඉන්න❤

Share This Chapter