Back
/ 51
Chapter 29

...විසි නමවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

කොච්චර සතුටෙන් හිටියත් සමහර මිනිස්සු නැති පාළුව නැති කරන්න බෑනෙ.. අන්න ඒ වගේ තමා අපේ ජීවිත උනත්.. රුද්ගෙ අම්ම නැතුව හරි පාළුයි.. එතකොට සැරින් සැරේ ඇවිත් මට එක එක විකාර කියවපු මිත්‍රන් නැතුව හෙන පාලුයි.. මට මතක් උනේ මං එක්ක සිංහල කතා කරන්න පුළුවන් කියල සතුටු වෙච්ච මිත්‍රන්ව..

"රුහාන්.. රුහාන්.. අපි යන්න ඕනා.. ඉක්මනට එන්න.. "

"ඇටෑක් එකක් නොහිතපු විදියට අනේ රත්තරන් මෙතනින් පලයන් අපිට උඹත් නැති කරගන්න බෑ.. මං පණ දීලා හරි රුද්‍ර එනකල් මෙතන ඇදන් යන්නම් අනේ යමන්කෝ මල්ලි වඳින්නම් උඹයි දරුවයි බේරියන්.. අනේ අම්ම ව- මං රුද්‍රව ඉක්මනට එවන්නම් ඩැරන් උඹ තමා රුද්‍රගෙ විශ්වාසම ඩ්‍රයිවර් කොල්ලව පරිස්සමට ගෙනියපන්.."

ඇස් දිගේ කඳුලක් පල්ලෙහට වැටෙද්දි මගෙ ඇඟ වටේ තද වෙච්ච එයාගෙ අත් දෙක මං අල්ලගත්ත.. මාස දෙකක්ම ගෙවිල ගිහින්.. උඹ නැති අඩුව දැනෙනව මිත්‍රන්.. ඔයා නැතුව පාළුයි මා... අපෙ බබාටත් දැන් මාස දෙකයි සති දෙකක්..

"යෙන්න මේ.. අඬනවද?"

"ම්හූ~"

මං හැරිල එයාගෙ බඳ වටේ අත් දාල එයාට තුරුල් උනා.. මට හරි බයයි.. මට ඉස්සරහ ගැන බයයි...

"රුද්.. මට පොරොන්දු වෙන්න මාව දාල යන්නෙ නෑ කියල.."

"ම්ම්.."

"කෝ ඉතින් පොරොන්දු වෙන්න.."

"මං පොරොන්දු වෙනව මගෙ පණ දීලා හරි ඔයාවයි මගෙ පැටියවයි රකිනව කියල.."

"අ-

ටොක් ටොක් ටොක්..

"ඕ යාර්?"

"මං ඩා.. උඹලගෙ අණ්ණා.."

මේ එයාගෙ අණ්ණගෙ කටහඬ මට ඇහුන පළවෙනිම පාර.. මොකටද දන්නෑ ආවෙ.. සිගරට් නං බොන්නෙපා කියන්න ඕන මගුල. රුද් ගිහින් දොර අරිද්දි මං රුද්ගෙ පස්සට උනා. අනේ මංද එයා ආව දවසෙ ඉඳන් මාව ගොඩක් වෙලාවට රාජ් හැංගුවා වගේ එකක් හින්දා මට එයා.දකිද්දි බය හිතුන..

"මේ.. රුහාන්ට.. කන්න ආසයි කියල මමයි.. රාජුයි.. ගිහින්.. කෑම වගයක් ගෙනාව... දෙන්නටම කන්න එන්න පුළුවන්.."

රුද්ගෙ අණ්ණා අපි දෙන්න.දිහාම බලල යන්න යද්දි මමයි එයයි පල්ලෙහට බැස්සා..

පේන තරන් නරක නෑත් වගේ..

"මේ.. රුද්.. අයියට වයස කීයද?"

"හතලිස් තුනක්"

"ඈ?? වයස පේන්නෑනෙ රුද්.. දෙයියනේ වයසට එයා හොඳටම ලස්සන වැඩි නැද්ද?"

"රුහාන් මගෙන් ගුටියක් කනවද ම්ම්.."

යන ගමන නවත්තපු එයා බිත්තියක් අතරෙ මාව ඇඟට තෙරපලා තද කරගද්දි මං එයාගෙ මූණ දිහා බැලුවා.. මහ ඊරිසියාවෙක්.. මගෙනෙ..

මං එයාගෙ චබී කම්මුලක් මිරිකුවෙ එයා පාත් වෙලා පාර හිටින්නම මගෙ නාහෙ හපද්දි..

"ආව්ව්හ් මෝඩ වස්සා රිදුනද මන්තා.."

"මන්තා නෙමේ හනුමන්තා.. මොනවටද අයියටයි රාජ්ටයි ආසයි කිව්වෙ ම්ම්.."

මාව හරහට උස්සගත්ත එයා පඩිපෙළ බැහැන් බැහැන් යද්දි මං හොඳට කර වටේ අත් යවල එයාට තුරුල් වෙලා හොඳට තදට මස්ල්ස් තියන එයාගෙ පපුව දත් වලින් අල්ලගද්දි එයා හූ තියලම කෑගහද්දි..

"අපෙ පුතාට ආය බට්ටක් කන්න හිතිලනෙ.."

"මෝජුද?"

"හුම්ම්ම්"

"මිරිස් කෑලි කන්න එපා හරි.. සැරකන්න බෑනෙ.. ඊටපස්සෙ කඳුළු පෙරන් හූ කියනවා.."

"ම්ම්..හ්ක්"

ආය මගෙ කටටම හාදුවක් තිබ්බ එයා මාව පුටුවෙන් ඉන්දුවෙ එයාගෙ අයියයි රාජුයි දෙන්න හිනා වෙවී බලන් ඉද්දි...

මේ දවස් වල මොනව හරි ලොකූ දෙයක් ප්ලෑන් වෙනව.මං ඒක දැනන් හිටියා. හැබැයි මට ගොඩක් දේවල් එයාල කිව්වෙ නෑ. මොකද අන්තිම පාර මම රුද්ගෙ ඇඟේ කොහෙන් හරි ලේ පාරක් වැදිල තිබිලා කලන්තෙ දාල වැටුනා..

අපි තුන් හතර දෙනා මේසේඉඳගද්දි මං කෙලිම්ම හැන්ද දාලා බටුමෝජුවෙන් හෙන ගොඩකුයි බත් පෝඩ්ඩකුයි බෙදාගත්ත.මට මතකයි ඉස්සර මගෙ අම්මා මේවා රසටම හදනවා.. මොනා කරන්නද ඉතිම්...

මේ දවස් ටිකේම ආසයි කියල මොනව කෑවත් මට අනික් පැත්තට ගියා.. තව සති දෙකයිනෙ වමනෙට එන්නෙ කියල මාත් ඉවසන් හිටියට මටත් වඩා වද උනේ රුද්..

"ආහ්ව්.."

මගෙ කකුලක් මේසෙ වදිද්දි රුද්, ආදි අණ්ණා, රාජ් තුන්දෙනාම කලබල උනේ කන එකත් දාලා රුද් නැගිටිද්දි..

"වාහනේ ගනින් අණ්ණා බබා හම්බෙන්ඩ යන්නෙ.."

"හා ඉඳපන්.."

"හුස්මගන්න රූහා හොඳට හුස්ම ගන්න"

මං ඇසුත් ලොකු කරන් තුන් කට්ටුව නටන නාඩගම දිහා බලන් හිටියා.. අණ්ණා නැගිටින්න ගිහින් පුටුවෙනුත් වැටෙන්න ගිහින් රුද් කන එක තියල මාව උස්ස ගනිද්දි ඔන්න දැන් නම් මට කෑ නොගහා බැරුව ගියා.

"නවත්තපියව් යකුනේ මොන යකාටද මාස දෙකාමාරෙන් ළමයි හම්බුනේ?"

මුළු ගෙදරම මාරම සයිලන්ට් වෙද්දි හිටපු හිටපු තැන් වල හිටපු හිටපු විදියට තුන් කට්ටුවම ගල් උනේ මං දඟලල හූරලා රුද් අතින් බැහැල පාඩුවෙ කන්න ගද්දි. මෙහෙම කද්දි හෙනම රසයි..

තුන් දෙනාත් ආය ඉඳගෙන කන්න ගත්තෙ ලැජ්ජාවට රුද්ගෙ කනක් රතුවෙලා තියෙද්දි. බොරුවටද ඇත්තටද දන්නෑ ඉතින් තුන් දෙනා කොයිවෙලේත් මාව හිනස්සනවා.

"කෝ ආ කියන්න"

හොඳට බත් එක්ක අනපු කටක් රුද් මට කැව්වෙ මං අප්පිරියාවෙන් තක්කලි කෑල්ලක් එයාගෙ පිඟානෙන් එහාට කරද්දි..

"ඇති රුද්.."

"යෙන්න බබා.. කටවල් දහයක්වත් කෑවෙ නෑ.."

"අනේ රුද්.."

"අන්තිම කට කනවද ඊටපස්සෙ ඕන්නෑ.."

"ම්ම්.."

රවට්ටල මට වැඩිපුරත් කටක් එයා කවද්දි කාල අත හෝදගන්න ගිය රුද්ගෙ අයිය ආවෙ අයිස්ක්‍රීම් ටිකක් මගෙ මග් එකට දාන්.

"ආ.."

"තැන්කුයි ලොකු අයියෙ..ඔයා හරී~හොඳ්-

මං පුරුදු විදියටම කටයි බඩයි දෙකම අල්ලන් දිව්වෙ වත්තෙ කෙලෝරට.

බ්වෑක්..

කන එකත් පැත්තක දැම්ම රුද් මං පස්සෙන්ම එළියට ඇවිත් මාව වාරු කරන් අල්ලගන මගෙ පිට අතගෑවෙ මට කාපුවයි කවපුවයි සේරම ඇටයක් නැතිවෙන්න ගිහින් අඬන ගමන්ම රුද්ට ලං වෙද්දි..

"අනේ.."

"තව චුට්ටයිනෙ තංගම් ඉවසල ඉමු මං ඉන්නවනෙ.."

"ම්ම්..."

එහෙම්ම මගෙ නළලෙ පැත්තකින් හාද්දක් තිබ්බ එයා ඊටපස්සෙ අතේ තිබ්බ වතුර එක මගෙ කට පිහලා ඉතුරු ටික බොන්න දුන්නා..

"ඉනෆ් වැඩිය එපා ආපහු වමනෙට එයි.."

මං එයාගෙ අත් අතරෙ හිරවෙද්දි එයා මාව උස්සන්ම ගෙට ගියෙ මට හෙනටම ලැජ්ජ හිතෙද්දි..

_________________________

ටයිම් ස්කිප් කරන්නත් පුළුවන්..

මොකද්ද කරන්න ඕන ම්ම්

මං ඔයාලට බඩ්ඩක් පෙන්නනද?? හාද??

හැබැයි ඉතින් දැම්ම පෙන්නුවොත් වැඩක් නෑ කියලත් හිතේ.. ම්හුක්.. පෙන්නන්නද

ගිහින් එන්නම් හරිද

හැමෝම පරිස්සමට ඇති කියල හිතනව..

Share This Chapter