Back
/ 51
Chapter 31

...තිස් එක්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

රුද්ගෙ ඩිෆෙන්ඩර් එක ගෙදර දාල එයා ආවෙ ආදි අණ්ණගෙ වාහනේ.. වෙනදට ඕක නැතුව ගමන් යන්න බැරි එයා අද ඔය හොඳට ආවෙ කාර් එකක. හැබැයි ඉතින් හේතුව නම් උනේ මං..

මට නගින්නත් ඩිෆෙන්ඩරේ උස වැඩී ගගා නැහුන එයා අන්තිමේ මාවත් ඇදන් කාර් එකට නැගල ආවා.

අපිට වඩා වේගෙන් ෆුට්සයිකල් පවා යද්දි මං ඔරවගෙන එයා දිහා බලන් හිටියෙ ඇත්තටම මේ මිනිහට පිස්සුද වගේ බැල්මකින්. වළවල් ගැට්ටවල් වලින් පවා එයා පුදුම ස්ලෝව් එකේ වාගනේ ගද්දි මට එයා ගැන ලෝබත් හිතුන.. ලෝබ කමටම මම එයාගෙ අත් ගොබේට හේත්තු වෙලා ඇස් පියාගත්තෙ එයා ඩ්‍රයිව් කරන ගමන්ම මගෙ නළලට හාද්දක් දෙද්දි..

"යෙන්න පා.. මේ.."

"මුකුත් නැ..."

විනාඩි පහළවකින් විතර අපි කොහාටද මංදා ආවම එයා ඉක්මනට කළුපාට සීතලට අඳින කෝට් එකත් අත උඩින් දාගන කාර් එකෙන් බැහැල ඉක්මනට මට අනික් පැත්තෙන් බහින්න දොර ඇරියා..

මං කිව්වේ එයා මට හොඳ.....ට සලකනවා මේ දවස් වල. නෑ කලින් ඉඳලත් සැලකුවා. ඒ උනත් පොඩි පොඩි වලි කේස් ඇති උනානෙ අපි අතරේ.. ඉතින් ඒවයින් පස්සෙ එයා තව හොඳවෙලා.

"ආහ්ව්.."

නැගිටින්න ගියත් මගෙ ඔළුව කාර් එකේ වහලෙ වදින්න යද්දිම රුද් ඉක්මනට අත තියල මගෙ ඔළුව බේරගත්තා..

"හා හා සිහියෙන්.."

"ම්හූ~"

දෙයියනේ... කාර් එකෙන් බැස්ස ගමන් මගෙ ඇස් වලට අහු උනේ මාරම ලස්සන වීව් එකක්..

"වතුරට බහින්න එපා.."

ම්ම්..

පිස්සු හැදෙන තරම් ලස්සන පැත්ත දිහා මං කට ඇරන් බලන් ඉඳියෙ රුද් මලක් කඩන් ඇවිත් මගෙ කනේ ගහද්දි.. සීතල හුලං ඇවිත් මගෙ මූණෙ වදිනකොට මං අත් දෙක පපුවට තුරුල් කරගත්තෙ රුද් එයාගෙ අතේ තිබ්බ කළුපාට කෝට් එක මට පොරොවද්දි

"දුවන්න කරන්න එපා.."

"උඩපයින්නෑ.."

"කෝ ඔය වතුරට බහින්නෙපා කොල්ලොහ්"

රුද්ගෙ කටටයි මගෙ කකුල් දෙකටයි නිවනක් නැතිවෙද්දි මං වටේම දිව්වා.. අනේ මෙහෙ හරි ලස්සනයි. සල්ලි තිබ්බ නං මං මේ මුළු ලෑන්ඩ් එකම ගන්නව අනේහ්හ්... දැන් අපෙ පොඩි රුද්‍රයා බඩේ ඉඳන් බේරගනිල්ලා භූමිකම්පාවක් කියනවද දන්නෑ. මේ මොහොතෙ මට ඕන උනේ උපරිමෙන්ම ජීවත් වෙන්න වෙද්දි මම දුව දුව ලස්සන මල් කඩාගත්තා.... හැබැයි මං පරිස්සම් උනා. මොකද මේ ඉන්නෙ රුද්ට පස්සෙ මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කෙනා..

දූවල රුද්ගාවට ගියපු මම එයාගෙ මූණට පිඹිද්දි එයා මාව එක අතක් ඉනවටේ යවල අල්ලගන මගෙ නහයට යන්තම දාල තිබ්බ දාඩිය මහපට ඇඟිල්ලෙන් පිහලා දැම්ම.

"කකුල් රිදෙන්නැද්ද ම්ම්?"

"නැහැනෙ.."

"කමන්නෑ චුට්ටක් අතනින් ඉඳගන්න.."

එයා මට පෙන්නුවෙ ටිකක් එහාට වෙන්න හයිකරල තියන සුදුපාට ලොකු ඔන්චිල්ලාවක්.. රුද් මාව හරහට උස්සගනිද්දි මම මල් වල පෙති එකින් එක ගළෝලා දාලා සේරම එකතු කරගත්තා..

"රුද් මේ කොහෙද?"

"බදුල්ලෙනේ.."

"ඉතින් මේ වත්ත?"

"ආ..ඒක මං ගත්තා.."

කිසි ගානක් නැතුව එයා කියද්දි මං බෙල්ල හරවල එයා දිහා බලපු බැලිල්ලට තව පොඩ්ඩෙන් මට බෙල්ල අනික් පැත්ත ඇඹරෙනවා...

"කඩවුලෙ බෙල්ලත් ගලෝගන්නව තව ටිකෙන්.."

"ඇත්තද රුද්.. ඔයා මේක ගත්තද අනේ.. බොරු නේද? ඈ.. ඈ ඒයි බොරු නේද?"

"ගත්තා. යෙන්න මේ පොඩි ළමයෙක් වගේ ම්ම්.."

"ම්හූ..." මම ඔළුව වනල එයාගෙ පපුවෙන් ඔළුව ගහගත්තෙ එයා මාවත් උස්සන්ම අර සුදුපාට ඔන්චිල්ලාවෙන් ඉඳගද්දි.. එයා ගාව ශුවඳයි...

"රුද් අපේ අර ගෙදරට මොකද උනේ?"

ඒක ගිනිතිබ්බා..

"කව්ද?"

මං ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලද්දි එයා මං මල් පෙති ගුලි කරන් ඉඳපු අත් දෙක එයාගෙ අත් අතරට මැදි කරන් එතනට නහය තියලා උඩට ඇද්දෙ මගෙ ඇඟෙ හිරියක් යද්දි

කිචි අප්පාහ්

"ඒ උනත් මං ඒ ගෙදෙට්ට කැමති රුද්.."

"ආය හදවන්නම් එහෙනම්.."

"බොරුවට වියදම් කරන්න එපා.."

"ඒකට කමන්නෑ යෙන්න මැරිල ගියාම අරන් යන්නද චෙල්ලකුට්ටී.."

"මැරෙන කතා කියන්න එපා අණ්ණා..ඔයා එහෙම කියද්දි මගෙ පපුව රිදෙනවා.."

"මනිච්චිරිංග.. සරියා.. ආය කියන්නෑ.."

"ම්ම්.."

මං එයාගෙන් අහකට වෙලා මල් පෙති ටික උඩ වීසි කරේ මල් පෙති වැස්සක් අපි දෙන්නම වහන් වැටෙද්දි..

මං ඒ දිහා බලන් හිටියෙ පිස්සෙක් වගේ.. ආපු ලොකු හුලඟකින් ඔන්චිල්ලාව බැඳල තිබ්බ ගහේ පෙති වැටෙද්දී හිනාවෙවී හිටපු මාව එයාගෙ පපුවට ඇඳිලා ගියා..

"නා උනක්කු රොම්බ කාදල් ඩා.."

"අණ්ණා.."

"ම්ම්?"

"නානුම් උනක්කු රොම්බ රොම්බ කාදල්.. යෙන්නෙයි විට්ටිට්ටු පෝගාද අණ්ණා(මාව දාලා යන්න එපා අයියෙ)..

"එංගේයුම් පෝ මාට්ටේන්.."

එතන තිබ්බ මල් ගළවගත්ත එයා හිමීට ඔටුන්නක් හදන්න ගත්තෙ මං එයාගෙ පපුවට හේත්තු වෙලා ඇස් වහන් එයාගෙම සුවඳට ඉව අල්ලද්දි. මෙච්චර සුවඳ මල් තියෙද්දි මට ඕන උනේ එයාගෙ සුවඳම විඳගන්න..

අන්තිමේ පොඩි ළමයෙක් වගේ ඔටුන්න හදල ඉවර කරපු රුද් දිවත් හපාගෙන ඒක මගෙ ඔලුව උඩින් තිබ්බා..

"ලස්සනයි.."

"ඔයාට?"

"වේන්ඩා. රැජිනට විතරක් තිබ්බම හොඳටෝම ඇති."

"හිහී.." එයා මගෙ නළලට හාද්දක් දෙද්දි මං ඔටුන්න පොඩි නොවෙන්න එයාට තුරුල් උනේ ආපහු ගහේ තිබ්බ මල් වැටෙද්දි.. බොරු කියන්න ඕන්නෑනෙ.. මෙ දවස් වල මට ඕනම නළල් හාදු තමා. ඉස්සර නං වෙනම කතාවක්. ඒත් මට දැන් කොහොමහරි දවසට නළලට හාදු කීපයක් දුන්නෙ නැත්තන් දුක හිතෙනව.

"අණ්නා.. මේ පේනවද මේ ගහ අපි දෙන්නට ආශිර්වාද කරනව වගේ."

පාවෙලා ආව මලක් මං අත් අතරට හිර කරන් එයා දිහා බලල හිනා උනේ එයා ඒ මල අතට ගද්දි...

"දන්නවද රූහා.. ආදරේ අවංකයි නං කඩවුල් සැනසීම දෙනවලු... අපෙ ආදරෙත් අවංකයිනෙ.. ඒ හින්දා අපි දෙන්නටත් කවදමහරි දවසක එයා සැනසීමක් දෙයි.."

කළුවර වැටීගෙන එද්දි අපි ඔන්චිල්ලාවෙන් නැගිට්ටා..

"කාලා යනවද ගෙදර ගිහින්-"

"අණ්ණා කඩ කෑම කන්න බෑ අණ්නා.."

"ම්ම්.."

මල් පිරුන වත්ත මැදින් අපි ඇවිදන් ආපහු කාර් එක ගාවට ආවා

එහෙම්ම කාර් එකට නගින්නෙ නැතුව වාහනේ පිටිපස්සෙ ඩිකිය ඇරපු එකා එතනින් ගත්තෙ හරි හුරුබුහුටි මල් පොකුරක්

''ආ මේක මගෙ චෙල්ල කුට්ටිට.."

"අයී...සූදයි.."

අත් දෙකම දික් කරල මල් පොකුර අතට ගත්ත මම ගෙදර යනකල්ම ඒක ඉඹ ඉඹ ගියෙ සැරෙන් සැරේම රුද් මගෙ කොණ්ඩෙ අව්ල් කර කර හාදු තියද්දි..

______________________

කරතරයක් කරන්න නෙමේ අනේ එළියට ගත්තෙ දෙන්නව චූට්ටක් ඇවිද්දවන්න අපෙ රුහාන්ව..

අනේ මන්තා ඒයී මට මෙහෙම ආදරෙන් ඉන්න ජෝඩුවට බාල්දි දාන්න හිතෙන්නෙම නෑනෙ..

ගිහින් එන්නම්. සීතල වැඩිවෙලා මෝඩ මට උණ💔

හැමෝම පයිස්සමෙන් ඉන්න.. ..🥰

Share This Chapter