Back
/ 51
Chapter 32

...තිස් දෙවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"රුහාන්.."

වත්ත පිටිපස්සෙ ගොළුබෙල්ලෙක් අතේ තියන් ඔට්ටු වෙච්ච මං දිහාට රුද්ගෙ අණ්ණා ආදි එද්දි මම ගොළු බෙල්ලවත් අල්ලන් චූට්ටක් ඉස්සරහට ආව බඩත් අල්ලන් නැගිට්ටා..

"ඊයා විසි කරන්ඩ ඕකව. මොන මොන විසභීජද දන්නවද?"

අණ්ණා මට බැනල ගොළු බෙල්ලව ඇදල අරන් විසි කරද්දි මගෙ ඇස් වල කඳුළු පිරුන.

"අනේ..."

"අයියයියෝ අඬන්න වේන්ඩා රුහාන් අඬනව නම් ඔයාගෙ පරෙයියව දෙන්නෑ හොඳේ ආන්න අයිතිකාරයව හොයන් ඇවිත් කියල රුද්‍ර හාල් ඇට ටිකක් දෙන්න කුස්සියට ගියා."

"ඈ?"

"ආමා.. දුවන්නැතුව හිමීට යන්න සරියා.."

මං කඳුළුත් පිහිදාන් කෙලින්ම කිචන් එකට ගියෙ එතන මට එදා රුද් දුන්න පරෙයියා ඉන්නව දකිද්දි..

"අනේ චිකූ.."

පුදුමෙනුත් පුදුමයි.. කන එක පැත්තක දාපු චිකූ පියාඹල ඇවිත් මං දික් කරපු අතේ වහලා හොඳට හරිබරි ගැහිල වාඩි උනේ මං එහෙම්ම ඒකව අරන් පපුවට තුරුල් කරගද්දි..

"අනේ මං පාළුවෙන් ඉඳියේ.."

සේරම බලන් ඉඳපු රුද් ඇවිත් මාව පැත්තකින් බදාගෙන නළලෙ පැත්තකට දිග.......හාද්දක් දීලා සාලෙට ගියෙ වැඩ කරන්න ඉන්න ආන්ටි හිනාවෙද්දි.

"මගෙ චිකූ. මමාව හොයාගත්තද ම්ම්ම්.. මං හිතුව ඔයත් මට නැති උනා කියලා.."

හාල් ඇට කීපෙකුත් අරන් මං සාලෙ ඉන්න රුද් ගාවට ආවෙ පරෙයිය පෲ පෲ ගාද්දි..

"අදු උනක්කු රොම්බ කාදල් නේ.. බලන්නකො හොයාගෙන බදුල්ලටම ඇවිත්.."

"ම්ම්.."

"දැන් ඉතින් අපිට අවධානෙ නෑ.."

රුද් කියද්දි මට හිනාගියෙ මං චිකුව ටේබල් එක උඩින් තියල එයාගෙ පපුවට තුරුල් වෙද්දි..

"එහෙම නෑ රුද්.."

"මාස හතරයි නේද කුට්ටි.."

"හ්ම්හ් තව පහයි.."

කාලෙ ඉගිල්ලෙනවා. හිතට දැනෙන නරක හැඟීම දවස් කීපෙකට නැතිවෙනවා. ආයමත් එනවා. අදත් ඒ වගේ දවසක්.. මං රුද්ට තුරුල් වෙලා ගැහෙන පපුවට ඔළුව තියාගත්ත. මං ගොඩක්ම ආස මේ පපුව ගැහෙනව අහන් ඉන්න.

රුද් කතා කරන්නෙ අඩුවෙන් උනත් එයාගෙ පපුවට ඔළුව තියාගත්තම මට ඒ හදවත එයාගෙ ආදරේ අකුරු කරල කියනව.

"ආ...රොම්බ නල්ලම් තනිකඩ අපි ඉස්සරහ ඔය හැසිරෙන හැටිද ඈ.."

රාජ් කිය කිය ඇවිත් අපිට ඉස්සරහා පුටුවෙන් ඉඳගත්තෙ කොහෙහරි ගිහින් ඇවිත්. රුද් නම් කැමති නෑ එළියට ගිහින් වොශ් නොදා ඉන්නවට. හැමෝටම කෑගහන්නෙ විසබීජ යයි කියල මට..

රුද්ගෙ අණ්ණත් ගෙට ආවෙ කෝල් එකකින් කාටද බැන බැන වෙද්දි රුද් ඇස් හීනි කරන් ඒ දිහා බැලුවම අණ්ණා දෙන්නටම එළියට එන්න කියන් ගියෙ මං රුද්ගෙ අත මිරිකද්දි..

"ප්‍රශ්නයක් නෑනේද?"

"ඉල්ලේ කුට්ටි නා වරේන් ම්ම්.. අණ්ණ එළියටනෙ කතා කරේ.."

"හ්ම්හ්.."

රුද් යද්දි මං සෝෆා එකේ හරහට හාන්සි උනේ චිකූ ඇවිත් මගෙ පපුව උඩ හරිබරි ගැහිල ඉඳගද්දි..

ආයෙත් අර භයානක මූසලගතිය හිතට දැනෙනවා.. ඉස්සරහට ආපු බණ්ඩියත් එක්ක මට වැඩිය හෙල්ලෙන්නවත් හම්බුනෙ නෑ. උඩ කාමරේ වෙනුවට රුද් පල්ලෙහා අණ්ණගෙ කාමරේ ඉල්ලුවත් මං ඒකට කැමති උනේ නෑ. මට ඕන උනේ හැමදාම නැගිට්ට් ගමන් අර ලස්සනට පේන ගස් දිහා බලන් ඉන්න.. ඉතින් අන්තිමේ මට උනේ කාමරේට යන්න රුද් එනකල් ඉන්න වෙච්ච එක. මාව වඩාගන ගිහින් තියන්නත්, වඩාගෙන අරන් එන්නත් එයා පුරුදු වෙලා හිටියා. කෝමත් මට වඩා දෙගුණයක්ම එයා ලොකු හින්ද මං හිතන්නෙ මාව උස්සන එක එයාට පුළුන් ගොඩක් උස්සන් යනව වගේ වෙන්න ඇති..

ඒ එක්කම ඇතුළට ආපු රුද් මං ගාවට ඇවිත් සෝෆා එක ගාව බිම ඉඳගත්තෙ මං දිහා බලන්..

"යෙන්න මේ.. මොනාද කල්පනා කරන්නෙ මගෙ සින්න කුට්ටිගෙ මමා ම්ම්"

"ම්හූ.. හිතට හරිනෑනෙ.."

"කෝ වාංග.. වඩාගන්නද මන්.."

මට සෝෆා එකෙ ඉඳගන්න උදව් කරපු රුද් මං අත් දෙක දික් කරද්දි පරිස්සමට මාව වඩාගත්තා..

"කන්න මොනව හරි ඕනද? හවසට එලියට යන්න වෙනවා.."

"අනේ හෙට යන්නකො..."

"ගිහින් සීක්කරමා වරුවේන් කුට්ටි.. බයවෙන්න ඕන්නෑ. ගියපු විදිහටම එන්නම්."

"ම්ම්..."

මාව ගෙනිහින් උඩින් තියන්න රුද් දැඟලුවත් මං යන්න බෑම කියපු හින්ද එයා පැය දෙකක් වගේ මාව වඩාගෙන, වෙලාවකට වත්ත වටේ ඇවිද්දුවා..

හවස හතර වගේ කිට්ටු වෙද්දි ගෙදර ලාවට මට නොසන්සුන්කමක් දැනුනත් මට ඒක අණ්ණා වත්, රුද් වත්, රාජ් වත් දැනෙන්න දුන්නෙ නෑ..හැබැයි මට නොතේරෙන්න මං බබෙක් නෙමෙයිනෙ.

"කුට්ටි අපි ගිහින් එන්නම්.."

යන ගමනට නහයෙන් අඬන්න හොඳ නෑ තමයි හැබැයි එයාල මේ යන්නෙ හොඳ ගමනකුත් නෙමෙයි. දෙයියනෙ මට බයයි.

"ම්ම්..."

"ප්‍රශ්නයක්ද?"

"නෑ රුද්.. මට පොරොන්දු වෙන්න පරිස්සමට එනව කියල. මාව කාමරේට වඩාගන ගිහිල්ල තියන්න ඔයා එනව නේද?.."

"එනවා.. අනිවාරෙන්ම."

හ්ම්..

මගෙ ඉන වටේ අතක් දාලා මගෙ නළලට දිග හාද්දක් තිබ්බ රුද් ලෝබකමේ මගෙ තොල් අල්ලගද්දි මං එයාගෙ ශර්ට් එක අත් අතරෙ ගුලි කරන් වැටෙන කඳුලු වලට ඉඩ දුන්න.

"පරිස්සමෙන් ඉන්න. කිසිම වෙලාවක එළියට බහින්න එපා. කවුරු කිව්වත්."

මං ඔළුව වනද්දි රුද් ආපහු මගෙ තොල් වලට වගේම නළලටත් කෙටි හාද්දක් දීලා ගිහින් වාහනේට නැග්ගෙ තණකොළ පොඩි කරන් වාහනේ ඉස්සරහට ඇඳෙද්දි.. එයාලගෙ වාහනේ යනවත් එක්කම තව වාහන දහයක් දොළහක්ම වත්තෙන් එළියට දැම්මෙ ගෙදර ගාඩ් එකත් තද වෙද්දි..

ශිට් ආයෙත් හිතට හරිනෑ..

මං මේසෙ උඩ තිබ්බ පේර ගෙඩියකුත් දත් අස්සෙ හිර කරන් ටීවි එක දාගත්තෙ චිකූවත් පපුවට ගන්න ගමන්..

.....

හත පහුවෙනවත් එක්කම එළියෙ ඇවිද ඇවිද ඉඳපු මම ගෙට ආවා. හිත නොසන්සුන්. ඉක්මනින් එනව කියල කිව්වනෙ... මම ගෙට එනවත් එක්කම වගේ ගෙදර ඉස්සරහ වේගෙන්ම ඇවිත් නැවැත්තුවෙ රුද් ගියපු වාහනේ..

එයා ඇවිත්...

මං ඉස්සරහට යන්න යද්දිම රාජ් මට එහාට වෙන්න කිව්වම.. මං දැක්කෙ..

දෙයියනෙ...!

මගෙ කකුල් පණ නැතුව මාව ඇදගෙන වැටෙන්න ගියත් මං ඉක්මනට එතන තිබ්බ කණුවක් අල්ලගත්තා

__________________________

හායි..

කෝමතේ බාල්ජි බාල්ජි

බායී

පරිස්සමෙන් ඉන්ඩෝව්❤

ශෝර්ට් ස්ටෝරියක් ලියන්න්න යන්නෙ. මහ එපිසෝඩ් ගොඩක් නැති කියවන අය ඒපැත්තට එන්ඩෝ!

Share This Chapter