Back
/ 51
Chapter 33

...තිස් තුන්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

මං එයා එනව දැකල මම ආය ඉස්සරහට අඩියක් තිබ්බෙ ගෙයි දොරකඩ ඉඳන්.. තව අඩියක්වත් මට ඉස්සරහට යන්න නොලැබුනේ යන්න යද්දිම රාජ් මට දොරකඩින් අයින් වෙන්න කියද්දි.. මං ඉක්මන්ට ගෙයින් ඇතුළට වෙලා අයිං උනා.

කෝ මගෙ රුද්? හිතට නරකම දැනෙද්දි දෙවියනෙ. මං දැක්කෙ ලෙඩ්ඩු අරන් යන ඇඳක දාලා අරන් එන එයාව. මගෙ කකුල් පණ නැතුව මාව ඇදගෙන වැටෙන්න ගියත් මං ඉක්මනට එතන තිබ්බ කණුවක් අල්ලගත්තා. කකුල් වලට පණ ආව ගමන්ම එළියට එන්න එපා කිව්වත් මං ඉදියට නෙරල තියන බඩත් උස්සන් අඩියට දෙකට මිදුළට දිව්ව..

"අණ්ණා.. අනේ රුද්.."

ඒ ඇස් පියවෙලා තිබ්බ වගේම ඇඳන් ගියපු කළුපාට ශර්ට් එක ලේ වලින් පෙඟිලා තිබුන.. එකදිගටම වැටෙන කඳුළු වලට වැටෙන්න ඉඩ දුන්න මම එයාව ඇතුළට අරන් යන්න දුන්නා..

අනේ ඇයි අපිට මෙහෙම දුක් දෙන්නෙ දෙයියනේ.. මං කාටවත්ම වැරැද්දක් කරල නෑනෙ.. මගෙ ජීවිතේ අරන් මගෙ රුද්ව බේරල දෙන්න.. මොන සාපයක්ද මේ මගෙ රුද් ගෙවන්නෙ..

පඩිපෙල් වල නැගන් අරන් යන්න බැරි හින්දා අන්තිමේ රුද්ව අණ්ණගෙ කාමරෙන් තියද්දි ආව ඩොක්ටර්ස්ලත්, නර්ස්ලත් ඇතුළට ගිහින් දොර වහගත්තා..

අවසානෙ එළියෙ මමයි, ආදි අණ්ණයි, රාජුයි විතරක් ඉතුරු වෙද්දි ගාඩ්ස්ලා ගෙයින් එළියට ගියා. වටපිටේ වෙන කිසිම දෙයක් මට බලන්න සිහියක් නොවෙද්දි අණ්ණගෙ අතටත් ඩොක්ටර් කෙනෙක් බෙහෙත් දාල ඇතුළට දිව්වා..

ඕන කරන මැශින් බෙහෙත් සේරම ගෙදරටම එද්දි සැරෙන් සැරේ ඇරෙන දොරෙන් මං බලාගෙන මගෙ රුද්ගෙ ලේ පිරුන ඇඟ තව කෙනෙක් පිහිදානවා..

"අනේ ආදි අණ්ණා මොකද්ද උනේ?එයා හොඳට හිටියනෙ?"

"තමුසෙලට මගෙ රුද්ව බලාගන්න බැරුව ගියාද? රාජ්? තමුසෙගෙ හොඳම යාලුව නේද? ඇස් කටේ දාන්ද උන්නේ.."

මමත් ටිකෙන් ටික කලහකාරී වෙද්දි මම අන්තිමේ බිම රූටලා බිත්තියට පිට දීලා ඉඳගත්තෙ ඇස් ඉස්සරහම වැහිල ගියපු එයාගෙ ඇස් එක්ක ලේ වලින් නෑවිලා තිබ්බ එයාගෙ ඇඟ, මූණ මතක් වෙද්දි. අනේ දෙයියනෙ මට එයා නැති කරන්න එපා

Back to evening arround 5.30

දේව් තනියම එළියට යනවයි කියල ලැබුන ආරංචියකට රුද් එළියට බැස්සෙ හිත හොඳකින් නම් නෙමෙයි.. එයාගෙ රූහා අනිවාරෙන්ම හිතට හොඳ නෑ කිව්වොත් එදාට නරකක් වෙන්න තියන සම්භාවිතාවය වැඩී කියල රුද් දැනන් ඉද්දි උනත් එයා යන්නෙ චාන්ස් එක මිස් කරගන්න බැරි හින්දා. මොකද රුද්‍රගෙ මල්ලි දේව් කියන්නෙ තමන්ගෙ අප්පගේ, වගේම තව රුද්‍ර එක්ක අමනාපෙන් ඉන්න ගොඩාක් පාතාලකල්ලි නායකයො එක්ක සම්බන්ධකම් පවත්වන.. හැමවෙලේම උන් එක්කම එළියට බහින බයගුල්ලෙක්...

මහපාරට දාපු රුද්‍රගෙ වාහනේ වේගෙන්ම යද්දි ලොකේශන් නැවතුනේ කැළෑවක.

"මෙතන කියල ශුවර්ද?"

"ලොකේශන් පේන්නෙ මෙතන"

"ඒත් මේ කැළෑවක් අස්සෙ?"

හිතට ආව අමුතු සැකෙත් එක්ක රුද්‍ර අහද්දි රාජ් තොල් නොපිට පෙරළිලා අනේ මංද වගේ සයින් එකක් දුන්නා.

"කමක්නෑ යමන්.."

තුන්දෙනත් එක්කම කැළෑව ඇතුළට ගියහම කණ්ඩායම් තුනකට බෙදිලා තුන්දෙනා වට කරල අල්ලගන්න ප්ලෑන් කරත් එයාල දැනන් හිටියෙ නෑ දේව්ගෙ එකම අරමුණ උනේ රුද්‍ර කියන එක. රුද්‍ර කොහොමත් තනි අලියා වගේ මිනිහා. තනි අලියා දරුණුයි කියනවනෙ..

අවසානෙදි තුන්දෙනා තුන් පැත්තට යද්දි තමන් ගාව ඉන්න ගාඩ්ස්ලා එකින් එක්කෙනා අතුරුදහන් වෙන්නෙ අභිරහස් විදියට.. එක්කො රුද්‍රගෙ පණ රැකේවි.. නැත්තන් දේව් ජීවත් වේවි..

එකපාරටම පනස් දෙනෙක්ගෙන් විතර සමන්විත වෙච්ච කණ්ඩායමක් එකපාරටම රුද්‍රව වටලගන්නෙ ගහ මරාගන්න හරි රුද්‍ර එක්කන් ආව ගාඩ්ලගෙන් දැන් හත් අට දෙනෙක් විතරක් ඉතුරු වෙලා ඉද්දි.. වටකරගත්ත ආගන්තුක කණ්ඩායමේ පිටිපස්සෙම ඉඳන් ඉස්සරහට කෙනෙක් ආවෙ සේරම එයාට ඉස්සර වෙන්න ඉඩ දෙද්දි...

රුද්‍රට සමාන රූපයක් තියන මේ කෙනා රුද්‍රගෙ එක කුස උපන් සහෝදරයා..

"අඩ්ඩඩ්ඩා.. අණ්ණා මෝඩයා වගේ අහු උනානෙ..."

රුද්‍ර ගෙ ඇස් වල පන්ස් දෙනෙක් නෙමෙයි කීදෙනක් ආවත් හොයාගන්න බැරිම දේ තමයි බය කියන හැඟීම. තරහටම වෙව්ලමින් ඉඳපු රුද්‍ර බැලුවෙ මීට දින කීපෙකට උඩදි වෙඩිකාලා වෙලුම්පටි ඔතපු දේව්ගෙ අත දිහා. දුර්වලතාවයක් හොයාගන්න නෑ. මෙතන දැන් බලය අතින් ගොඩක්ම දුර්වල තමන් කියල දැනගත්තම රුද්‍ර කරේ ඉක්මනටම වොච් එකෙන් ආදි අණ්ණටත් , රාජ්ටත් සිග්නල් එකක් යවපු එක වෙද්දි හිමින් හිමින් ඉස්සරහට ආව දේව් දිගටම කතා කරන් ගියා.

ඉතින් මගෙ අණ්ණා.. මගෙ අම්මගෙන් මට ලැබෙනවටත් වඩා ආදරේ ලැබුනෙ උඹට... අවධානෙ ලැබුනෙත් උඹට. එකම රූපෙ තිබුනත් සමාජෙ පවා පිළිගත්තෙ ගරු කරේ උඹට. අම්මව මරන්න ලොකුම.හේතුව මට වඩා උඹට ආදරේ කරපු එක.

එතකොට අනිත් කෙනා රුහාන්.. අපි ඒ ගැන කතා කරමුද?"

"රුහාන් ගැන වචනයක් කතා කරන්න එපා ස#කිලි බල්ලා.. උඹ කරන්නෙ පවක් යකෝ. කියල ඉවර කරගන්න බැරි පවක්."

"මං විතරද? අණ්ණා මිනිස්සු මර මර යන්නෙ?"

"උඹයි මාව මේවට ඈඳගත්තෙ. මම පාඩුවෙ ඉඳපු එකෙක් යකෝ"

දෙන්නගෙම කටහඩවල් එන්න එන්නම උස් වෙද්දි දේව් තව අඩියක් රුද්‍ර දිහාට තිබ්බා..

"උඹට මම කිව්ව රුහාන්ගෙන් අයින් වෙන්න කියල. උඹ ඇහුවද?"

"උඹට කලින් මම රුහාන්ට ආදරේ කරේ. රුහාන් කියන්නෙ මගෙ ආදරෙ යකෝ රුහාන් මගෙ."

රුද්‍රගෙත් කටහඬ උස් උනේ බෙල්ලෙ නහර පෑදෙන තරමට. කටකොනකින් හිනාවෙච්ච දේව් අතේ තිබුන ගන් එක රුද්‍රගෙ බඩට තද කරේ රුද්‍රගෙ ඇස් වල බයක් ගෑවිලාවත් නැතිවෙද්දි..

"උඹෙ වස්තුව මං අද උඹව මෙතන මරල දාලා අයිති කරගන්නවා.. ඌ ඉන්න තැන මං බොහොම ඉක්මනට හොයාගන්නව අණ්ණා.. ඌව හොයගෙන මං ඔය බඩේ ඉන්නව කියන උඹෙ කාලකන්නියාවත් මරල දාල ඌව මටම ලියාගන්නව හහ්හහ්හහා.."

වෙඩි තියපන්. එකෙක් ඉතුරු වෙන්න බෑ..

රුහාන් ගැන රුද්‍රට කියල දේව් තර්ජනේ කරත් රුද්‍ර හිනාවෙද්දි දේව්ට තරහ ගියෙ මරණෙ පෙනි පෙනි හිනාවෙන්නෙ මොන මෝඩයාද කියල හිතන ගමන්.

"මාව මරපන් හැබැයි මගෙ එකා මගෙ හුස්මක වෙනසත් අඳුරනව. අද මෙතන මං මැරුනත් මරණෙ දොර ඉස්සරහින් හරි මම හැරිල එනව ."

ඉවසගන්නම බැරි තැන දේව්ගෙ අතේ තිබුන ගන් එකේ උණ්ඩ හයක්ම ඉවර වෙනකල් රුද්‍රගෙ ඇඟේ හිටින්න වෙඩි තියන්නෙ කොච්චර අමාරු උනත් රුද්‍රව දණගැස්සිලා හරි කෙලින් ඉද්දි..

"අණ්ණා මට දණින් වැටුන එහෙනම්.."

"ක්-කවද්-දාවත් නෑ.."

ආයමත් උණ්ඩයක් බහිද්දි කැළේ මැදම බිමට වැටුන රුද් ගත්ත හුස්ම එහෙම්මම වාතයට මුහු කරන්නෙ එතන සේරම යන්න යද්දි...

Back to present

"පේශන්ට්ගෙ හාට් බීට් එක ලෝ වෙනවා...."

අඩවල් වෙලා තිබ්බ දොරෙන් කතා කරන දේවල් ඇහෙද්දි මට කරන්න පුලුවන් දෙයක් තියනවද? ඇත්තටම නෑ.. වැළහින්න වගේ අඬනව ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නැහැ.

"ආහ්ම් අනේ අණ්ණා රුද්.."

"ශ්හ්..ශ්හ්...ඔයාල දෙන්න වෙනුවෙන් එයා නැගිටීවි.."

ඇතුලෙන් මැශින් වල සද්දෙ ඇහෙද්දි මං කන් දෙක වහන්ම කාමරේ ඉස්සරහ වකුටු උනා..

"රාජ් තම්බි මෙයාට සිහිය නැතිවෙන්න මොකුත් දෙමුද එයා කලබලයි..."

"ම්ම්.."

_____________________

හායි...

ඔච්චරයි ඉතින්

කම්මැලිද?

මටත් කම්මැලි හිතිලනෙ.. අද ලියන්නෑ කියලම ඉඳල මේ දැම්මෙ

ගිහින් එන්නම්

Share This Chapter