Back
/ 51
Chapter 34

...තිස් හතරවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

මගෙ සිහියත් මගෙන් ඈතට යද්දි මට දැනුනෙ අත් බාහුවට සියුම් තුඩක් ඇතුළු වෙනව වගේ හැඟීමක්.. ඒ එක්කම මාව මොකක්ම හරි රික්තකයක් වගේ තැනක අතරමන් උනා.....

මං හිටියෙ ගෙදරනෙ.. මේ කොහෙද.. කොහෙද මගෙ රුද්‍ර...

"රුහාන්...."

A/N pov...

මුළු ගෙදරම ඇතිවෙච්ච කලබලකාරී තත්වෙත් එක්ක රාජ් සහ ආදි දෙදෙනම එකතු වෙලා රුහාන්ට පැය කීපයකට හරි නින්දයන්න ඉන්ජෙක්ශන් එකක් inject කරන්නෙ ඇත්තටම මේ වෙලාවෙ රුහාන් කලබල වෙලා දරුවට මොනවම හරි උනොත් රුද්‍ර නැගිටින ඊළඟ විනාඩියෙ මෙතන තවත් ප්‍රශ්නයක් වෙන හින්ද.

"උණ්ඩ කීයක්ද?"

"දාසයක් ගත්තා ඩොක්ටර්"

"ලේ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද බලන්න. රුද්‍ර බොස්ගෙන් බ්ලීඩ් වෙනව වැඩී.. ඒ හා සමානව අපිට දෙන්න ලේ මදිවෙයි.."

රුද්‍රම වියදම් කරල උගන්නපු ඩොක්ටර් රාමචන්ද්‍රන් කියන්නෙ උදව්වට ඉඳපු නර්ස් කෙනෙක්ට.. නැවතෙන්නෙ නැතුවම එළියට දුවපු නර්ස් දොරත් ඇරන් එළියෙ කතා කර කර ඉඳපු ආදිට කතා කරන්නෙ රාජ් එක්කම ආදිත් දුවන් එද්දි..

"පේශන්ගෙ තත්වෙ ටිකක් critical.. ඒ හින්දා කවුරු හරි කෙනෙක් ඉන්නවද අපිට blood donate කරන්න පුළුවන්?එහෙම කෙනෙක් නැත්-"

"මගෙන් ගන්න පුළුවන් වෙයි මම එයාගෙ අණ්ණ.."

ඔළුව වනපු නර්ස්ගෙ පස්සෙන් ආදි යන්නෙ රාජ්ට මින් ඉස්සරහට වෙන්න ඕන හැමදේම කියන ගමන්...

මෙතනදි අනිවාරෙන්ම දේව්ගෙ ඉලක්කෙ උනේ රුද්‍ර.. එතකොට ඊලඟට? ඊළඟට රුහාන්... අනිවාරෙන්ම රුහාන් ඒවගේම රුහාන්ගෙ බඩේ වයස මාස හතරක් වෙන පොඩි දරුව.

මුළු ගෙදරම රුද්‍රගෙ ලේ සුවඳ ගහද්දි ඔළුවෙ අත් දෙක ගහන් දොරට හේත්තු වෙලා ඉඳපු රාජ් යන්නෙ එහා කාමරේ නින්දයන්න injection එකක් විදපු රුහාන් ගාවට.. නින්දෙදි උනත් ඒ හිතට කිසිම සැනසීමක් නෑ.. ඒක ඒ මූණෙන්ම පේනව. තවමත් රුහාන්ගෙ මූණෙ ගලාගෙන යන කඳුළු පාරවල් ඒකට සාක්ශි කිව්වා..

අහල තියෙනවද සංසාරික ආදර කතා ගැන? යම් ආත්මෙක හමුවෙන්න බලාපොරොත්තු දුන්න.. මොකක්මහරි දෛවයෙ සරදමකට වෙන් වෙන්න ලියවුන?...

Rudhra pov...

වෙච්ච කිසිම දෙයක් මතක නැතුව මට ඇහැරුනා.. අමුතුම ලෝකයක්.. මං මේ කොහෙද?...

මේ කොතනද?....

මගෙ කකුල්වලට දැනෙන වතුර ස්පර්ශයත් එක්ක මං බිම බැලුවා... නොනවත්වාම වතුර උඩගහන මුහුදක්.. ඈතට යනකල්ම නිල්ම නිල් පාට වතුර.. ගැඹුර කොච්චරද කියන්න බැරි තරම්....

පුරුදුකාරයෙක් වගේ මගෙ හිත මට ඇවිදන් යන්න කියද්දි මං වතුරෙන් ගොඩට ආවා...

මගෙ කකුල් වලට වැදුන දෙයක් නිසා මම ආයමත් නැවතුනත් මං දැක්කෙ මගෙ කකුල් ගාව නැවතිල තියන ලිලී මල් කිණිත්තක්..

මට මේක මගෙ... ආහ්.. කාට දෙන්නද? මේ මල් කිණිත්ත මට කෙනෙක්ට දෙන්න ඕන.. එයත් මල් වලට ආසයි ඒත් කවුද ඒ...

නම මතක් උන වෙලේක හොයන් ගිහින් දෙනව කියල හිතාගන මම ඒ මල් කිණිත්ත අහුලන් සාක්කුවට දාගත්තා.. පොඩ්ඩක් ඉන්න.....

මං කවද්ද සුදු ඇන්දෙ?..

අනික මේ ඇඳුමෙ සාක්කු කෝ?..

මං මේ කොහෙද ඉන්නෙ...?

හිතට එක එක විදියෙ ප්‍රශ්න ගොඩක් එක්ක අමුතු විදියෙ බය හිතෙන උත්තර ගොඩකුත් මටම හිතෙද්දි මම ඉක්මනට මෙතනින් දුවන් ගියා..

ඇයි මේ හැමතැනම සුදු පාට... මං ආයෙමත් නැවතුනේ අමුතු තැනක තණකොල, ගස් කොළන් පවා සුදුපාට.. ඇරත් මේ තණකොළ ගස් පුළුන් වගේ.. හැමදාම මෙතන ඉන්න තරම් මේ පරිසරේ සනීපයි... මම මෙතන නවතින්නද?...

මං දුවන එක ටිකකට නතර කරල බෙන්ච් එකකින් ඉඳගත්ත... සීතලක්ද උණුහුමක්ද කියන්න බැරි හරි සනීප හුළඟක් මගෙ මූණෙ වැදිල යද්දි මට ඒ හුළඟ පස්සෙ දුවන්න හිතුන..

A/N pov...

"ඩොක්ට මොනවා කරත් වැඩක් නෑ වගේ පේශන්ට්ගෙ හාට් බීට් එක වීක් වෙනවා.."

"තමුන් කට වහන් බ්ලීඩ් වෙන එක නවත්තනවා. හිතනවද රුද්‍ර සර්ට ජීවිතේ දෙන්නෙ නැතුව අපි එකෙක්ටවත් මෙතනින් යහතින් එළියට යන්න ලැබෙයි කියලා.."

කාමරේ ඇතුළෙ ඇතිවුනේ පුදුමාකාර නොසන්සුන්කමක්.. ඇතුළෙ සද්දෙ උනත් පිටට ඇහෙද්දි ලේ දීලා ඉවර වෙලා එලියට ආව ආදිට හිතුනෙම රුහාන්ව නිදි කරේ හොඳ වෙලාවට කියල..

මොකුත්ම කරන්න බැරිවෙයිද?

රුද්‍රව බේරගන්න බැරිවෙයිද?

මොන දේ හිතුනත් ආදිගෙ හිත තරයෙම කියන්නෙ තමන්ගෙ මල්ලි අනිවාරෙන්ම නැගිටිනව කියලා.. ඔව් රුද්‍ර නැගිටින්නම ඕන.. රුද්‍රට ජීවත්වෙන්න තියන ලොකුම හේතු දෙක එහා කාමරේ පණපිටින් ඉද්දි එයා කොහොමද සදහටම නිදාගන්නෙ?

මේ අතරෙ කාමරේ surgery එක කරන ගමන් ඉඳපු රුද්‍රගෙ හාට් එක තවත් වීක් වෙන්නෙ සම්පූර්ණ තුවාල වහල ඩොක්ටර්ස්ලා අමාරුවෙන් හාට් බීට් එඅ නෝමල් කරගන්න දඟලද්දි..

Back to rudhra pov..

සදහටම නවතින්න තරම් මේ තැන් ලස්සනයි.. ඇයි මට හිතෙන්නෙ මගෙ ජීවිතේ වගකීම් මොකුත් නෑ කියල.. කවුරු හරි මං ගැන දුක් වෙනවද.. නෑ එහෙනම් මෙතන ඉන්න එපැයි.. හිම වගේ තණ පියළි උඩින් මම ඇවිදන් ඇවිදන් ඉස්සරහටම ගියා... ඔක්කොටම හපන් මේ හීතල..

"රුද්?.."

"මා?"

මං ඉස්සරහට හිනාවීගෙන ආවෙ අම්මා... අම්මගෙ හිනාමුසු මූණට මම අත දික් කරද්දිම ඒ රූපෙ මැකිලා ගියෙ ආයෙම මාව වෙන තැනකින් මතුවෙද්දි...

මොකද්ද මේ වෙන්නෙ.. මාව පිළිගන්නද මේ මේතරම් මෙතන ලස්සන... ඈත බෙන්ච් එකක ඉඳන් හිටියෙ අම්මයි මිත්‍රනුයි.. මගෙ යාලුවයි මගෙ අම්මයි...

"නීංගල් රෙන්ඩු පෙයර්.. "

ඒ දෙන්නම මං දිහා බලල හිනා උනේ මං ඒ දෙන්නට මැදින් බෙන්ච් එකේ ඉඳගද්දි..

"යෙන් කුට්ටී."

අම්මගෙ සීතල අත් මගෙ මූණ ස්පර්ශ කරාම මට දැනුනෙ හිරිගඩු පිපෙන හැඟීමක්...

අවසානෙ.. මට අදුරන දෙන්නෙක් හම්බුනා..

"ඔයා මෙහාට අයිති කෙනෙක් නෙමේ රුද්‍ර.. ඔයා යන්ඩම ඕන.."

එහාපැත්තෙ ඉඳපු මිත්‍රන් මට කියද්දි මං එයා දිහාට දැම්මෙ පිස්සුද වගේ බැල්මක් උනත් මට හොඳටම කියන්න පුළුවන් ඒ දෙන්නගෙ බැල්මවල් වෙනස් උනේ නෑ.. සීතල හැඟීමකින් ඔහේ බලන් හිටියා..

"පෛත්තියමා? මං කොහෙ යන්නද. උඹ පලයන්. බූරුවා. "

"යෙන් චල්ලම්.. ඔයා යන්ඩම ඕන රුද්‍ර.. උඹගෙ දරුවටයි කොල්ලටයි මොකද වෙන්නෙ? උඹ යන්ඩම ඕන.. පලයන්.. දැම්ම මෙතන උඹලට අයිති නෑ.."

අම්ම වගේම මිත්‍රනුත් මාව තල්ලු කරද්දි මං විසි වෙලා ගිහින් බෙන්ච් එකෙන් බිමට වැටුනෙ මගෙ නහයත් බිම ඇනෙද්දි..

මට රිදුනෙ නෑ.. ඔව්මයි මට රිදුනෙ නෑ.. ඒ කියන්නෙ මම මේ ඉන්නෙ හීනෙකද?.

උන දේවල් ටිකෙන් ටික මට මතක් වෙද්දි මං ඉඳපු තැන එහෙම්මම වෙනස් උනා.. සම්පූර්ණ කළුවර කාමරේකට මාව ඇදිල යද්දි මං හිටගෙන හිටියෙ දොරවල් දෙකක් ඉස්සරහා..

"මගෙ පන... මෙහෙ එන්න... මං එක්ක යමු.. වේදනාවක් නැති ලෝකෙකට..."

එක දොරක් ඉස්සරහ හිටගෙන හිටියෙ සම්පූරන සුදු ඇඳගත්ත මගෙ..මගෙ... රුහාන්.. මෙච්චර වෙලා මතක් කරන්න හදලත් මට අමතක උන මගෙ රුහාන්..

මං ඒ දිහාට අඩියක් තියද්දිම මට ඇහුනෙ කළු දොරෙන් වේදනාත්මක ඉකිගැසීමක්.. කළුපාට දොරෙන් කියන්නෙ වේදනාවද? එහෙනම් මම යනව සදාකාලික සතුට තියන ලෝකෙට... මගෙ යටි හිත කළු දොර ගාවට යන්න කිව්වත් මගෙ උඩ හිත කිව්වෙම සතුට ඇති තැනට යන්න කියල වෙද්දි මම ඒ දිහාට අඩි තියල දොරට කිට්ටු කරා....

A/N pov..

ඩොක්ටර් හාට් බීට් එක නවතින්න යන්නෙ...

දෙයියනෙ... හදවත නැවතුනා..

ඉකමනට මැශින් එක ගන්නවා...

සීයට දානවා.. ඉක්මන් කරනවා..

වන් ටූ ත්‍රී....

දිගින් දිගටම ට්‍රීට්මන්ට් කරත් වැඩක් උනේ නෑ. අවසානෙදි අමාරුවෙන් ගැහුන හදවතක් නැවතුනා...

________________________

මං මළා

හුවෑ..........😭

පස්සෙ එන්නං ප්ලේන්ටියක් බීල කයියක් ගහන්න. දැන් ඉතින් මලගෙවල් ලෑස්ති කරන්නත් එපැයී😭

Share This Chapter