Back
/ 51
Chapter 36

...තිස් හයවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"අනේ ඇයි රුද් ඔයා මං එපා කියද්දි ගියෙ.. මට පොරොන්දු වෙන්න ආය එහෙම යන්නෙ නෑ කියලා.."

ලෙඩ ඇඳේ ඉඳපු රුද්ගෙ අතක් මගෙ අත් අතරට මැදි කරන්ම මම ඇහුවෙ ලෙඩ ඇඳේම මට පොරොන්දුව ගන්න.. මගෙ සද්දෙටද කොහෙද අණ්ණලා දෙන්නත් දුවන් එද්දි මම එහාට නොවී ඒත් රුද්‍රවම අල්ලන් හිටියා.. මං දන්නව දැන් රුද්ට මට තුරුල් වෙන්න ඕන ඇති. රුද්ගෙ ඇස් මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් මං දිහා බලන් ඉද්දි මට තේරුනා ආදරේ කියන්නෙ කොච්චර අමාරුකම් තිබුනත් තමන් ආදරේ කරන කෙනාගෙ එක ස්පර්ශෙකින්, බැල්මකින් මුළු හිතම සුවපත් කරන්න පුළුවන් එකට කියලා...

"මං උඹට කිව්ව තනියම යන්න ඕන්නෑ කියල"

රාජ් කෑගහද්දි කාමරේ දොරට දාල තිබුන කර්ට්න් එකක් හෙළවුනා.. හුලඟක්වත් ආවද?.. නෑනෙ.. මට දැනුනෙවත් නෑ..

"එයාට කෑගහන්න එපා රාජ් අණ්ණා.."

හොඳ හුස්මක් ගත්ත ආදි අණ්ණා ඇවිත් රුද්ගෙ මූණට අත තිබ්බ..

"අපි බය උනා.."

"ක්-කාමරේට යන්න.."

ටිකක් වෙලා ඉඳපු අණ්ණලා ආපහු කාමරේට යද්දි රුද් මටත් කිව්වා.

"ඔයාව දාල මම කාමරේට යන්නෙ නෑ. මේක හරි මගුලක්නෙ. මම නං යන්නෑ. නා පෝග මාට්ටේන්.. "

එයාගෙ තොල් අතරෙ ඇඳුනෙ හීනි හිනාවක්.. එයා අමාරුවෙන්. පව් දෙයියනේ..

"පොරොන්දුවෙනවද මාව දාල යන්නෑ කියල?"

''ම්ම්.."

අයිය ඔළුව වනද්දි මං ඒ අත්ලට හාද්දක් දීලා නින්ද යනකල් හිමීට ඒ කෙස් අස්සෙන් ඇඟිලිතුඩු ගෙනිච්චා.. දියර ජාති තමා දෙන්න කිව්වෙ.. හෙට අණ්ණලා දෙන්න ගිහින් හදන්න මොනව හරි ගෙනාවොත් හොඳයි.. අම්මා මට සමහර කෑම හදන්න කියල දුන්නා නැත්තන් මට හරියට බිත්තරයක්වත් බැදගන්න බෑ. දෙන දේ ගිලින්නනං පුලුවන්..

.

.

.

.

🍂

දවස් කීපයක් ගෙවිල ගියෙ රුද්ගෙ තුවාලත් ටික ටික සනීප වෙද්දි.. මට තේරෙන්නෑ මේ ජීවිතේට මෙච්චර දුක් විඳින්න ගිය ආත්මෙ කොච්චර පව් කරලද කියල. මොන දේ උනත් මං ප්‍රාර්තනා කරන්නෙ හැමදාම අපිට එකටම ඉන්න ලැබෙන්න කියල..

මමත් මේ දවස් ටිකට රුද් ගාවින් හෙල්ලුනේවත් නෑ. මං දන්නව දැන් නැගිටගන්න පුළුවන් වෙච්ච ගමන් රුද් කරන්නෙ ආපහු ආපහු කලින් වගේම අණ්ණලා එන්න එක එක ප්ලෑන්ස් ගහනඑක.. හැමදේම අවසානයෙ අපිට සතුටක් ලැබෙයිද?... හැමදෙයක්ම අවසානේ අපේ අවසානයත් happy ending එකක් වෙයිද?...

හිතපු තරම් අණ්ණා වීක් නැති හින්ද ඩොක්ටර්ස්ලා ඇවිත් දියර ජාති විතරක් දෙන්න කිව්ව එක සුලු ආහාර වලට මාරු කරා. ඒ වගේම හොඳම දේ තමා..

Yesterday..

"අණ්ණා මොනාද කල්පනා කරන්නෙ..."

"ම්හ්.. මැරුණම මිනිස්සු නවතින්නෙ කොහෙද දන්නවද?"

"ම්හු.. නෑනෙ...''

"මං මැරුනා කුට්ටි.. මට ඒක දැනෙනවා..."

"ඒ කිව්වෙ අණ්ණා.."

එයා මාව එයාට එහාපැත්තෙන් ඉන්දවගන හදවත නවතුන වෙලාවෙ සිද්ද වෙච්ච හැමදෙයක්ම කිව්වා.. එයා හැමතැනම ඇවිදන් ගිය හැටි.. අවසානෙ තිබුණ දොරවල් දෙක ගැනත් එයා විස්තර කරද්දි මං අහන් හිටියා...

"අණ්ණා.. නින්දෙන් මැරුණ මනුස්සයෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද?"

"එහෙම බෑනෙ.. හීන දකින්න නම් පුළුවන් නේද..මට ලොකු තේරුමක් නෑ කුට්ටි.."

"ම්ම්..."

නින්දෙදි මට උනෙ මොකද්ද කියන එක මටම අභිරහසක් වෙද්දි මම අණ්ණට තුරුල් උනා.. හැබැයි ඇඟට බර නොවී..

Back to present...

රුද්ට නින්දගිහින්.. එයාට අමාරුයිද කොහෙද එයා සැරින් සැරේම කෙඳිරිගාද්දි මං ආපහු තුවාල වලට දැනී නොදැනෙන්න හිමීට බැන්ඩේජ් එක උඩින්ම ඇඟිලිතුඩු ගෙනිච්චා... කෙඳිරිය ටිකෙන් ටික නැතිවෙලා යද්දි මං හිමින් එළියට ඇවිදන් ආවෙ ඇඳන් ඉඳපු ජ'ර්සි එක ඇඟට තදකරන ගමන්.. මට හරි පාලුයි. මගෙ රුද්ගෙ සින්න කුට්ටිටත් පාළුයි.. ලොකු හුස්මක් පාත දාපු මම කල්පනාවට වැටුන..

සරස්..

සරස්...සරස්...🍃🍂

ගහක කොළ් අතු කීපයක්ම පල්ලහාට වැටෙද්දි මම ගහ උඩ බැලුව.සතෙක්වත් ඉන්නවද දන්නෑ....

මුළුවත්තම පාලුවට ගිහින් තියෙද්දි මං ගේ දිහාට බැල්මක් දැම්ම. මුළු ගෙදරම ලයිට් ඕෆ්.. සාලෙ විතරයි ලයිට්ස් ඔන්. ඒකත් මම දැන් දැම්ම නිසා..

මගෙ ඇස් ගියෙ කෙළවරේ හිටගෙන ඉන්න රූපෙකට.. කළුවරේපේන්නෙත් නෑ.. ආදි අණ්ණවත් ඇහැරිලද? බැනුං අහන්න තමා වෙන්නෙ. සීතල හුළං තද වෙද්දි අනේ මංදා මට හිතුනෙම හුළං එකතැන කරකෝනව කියල..

අහ්හාව්!

ඇහැට ගියපු රොඩ්ඩක් හින්ද මගෙ ඇහැ කෙවෙන්න ගත්ත. මං අමාරුවෙන් ඒකත් අයින් කරගෙන ඇස් ඇරල බලද්දි......

එතන හිස්.. කවුරුත් හිටියද කියල හිතාගන්න බැරි වෙද්දි මං ඔළුව දෙපැත්තට ගසලා ආපහු ගෙට ආවා..

ම්හ්...

හැමදාම වගේ බිත්තියට ඔළුව ගහන් රුද් ගාවින් නින්ද ගිහින් තියෙද්දි මට බඩට දැනෙන කිතියකුත් එක්ක ගැස්සිලා ඇහැරුනා

"ආහ්..ම්..ක්..කව්ද?"

ඇස් කරකෝලා බැල්මක් දාපු මම මගෙ ඇඳුම හදාගත්තෙ එළියට ආව බඩ වහන්. සතෙක්වත් ගෑවිල ගියාද මොනා උනාද මන්දා.. එහාපැත්තෙන්මදාගත්ත ඇඳට ගිහින් මම හාන්සිඋනා.. රුද් රෑට කලබල කරන්නෑ.. කොච්චර උනත් මාව ඇහැරෙන හින්දා අමාරු කාගෙන ඉන්නව මිසක්.. හ්ම්....

හුස්මක් පාත දාපු මම බෙඩ්ශීට් එක ඇදල අරන් බෙල්ලගාවටම පොරවගත්තෙ අතින් බඩට හිමීට හිමීට තට්ටු දාන ගමන්...

නිදිමතයි දෙයියනෙ නිදිමතයි...

ඇස් ළාවට පියවීගන එද්දි මං දැක්කෙ ඉස්සරහ දොර ඇරලදාල පුටුවක් තියන් කවුරුහරි ඉඳන් එළිය බලන් ඉන්නවා..

ආදි අණ්ණා වෙන්න ඇති.. පව් එයාටත් නින්දක් නෑ.. පව්ල මතක් වෙනව ඇති..

මංම හේතු කියන් අවසානෙ ඇස් පියවෙලා යද්දි මටත් සනීපෙට නින්ද ගියා..

🍃

"ගුඩ් මෝනිං...අයියෙ මම සුප් එකක් හැදුව එන්නකො බොමු"

මෙලෝ මගුලක් උයන්න බැරි මම අන්තිමේ යූටියුබ් එක බලන් චිකන් සුප් එකක් හදාගත්තා. නෑ නෑ ඒක කන්න බොන්න පුළුවන් රසයි හොඳයි.. මාත් මුළින් බය උනේ කන්න බැරිවෙයි කියල. ඒ උනාට ටෙස්ට් අරන්න රාජ්ට දුන්නම ඒකා හොඳයි කිව්ව...

ආදි අණ්ණා රුද්ව හෙඩ් බෝඩ් එකට හේත්තු කරද්දි මං හිමීට එයාගෙ උකුලට සර්වියට් එකක් දාලා උරහිසටත් දැම්මා... එතකොට ඇඟේ හැලෙන්නෑනෙ.. රුද් ආස නෑ කෑම ඇඟේ හැලෙනවට. අනික හෝදන්න කරන්න අමාරුයිනෙ.. ඒ හින්ද මං දැම්මෙම ගනකම් එකක්.

''කෝ ආ කියන්න දෙයියෝ."

මූණ අතගාලා රුද්ගෙ කම්මුලට හාද්දක් තියපු මම සුප් හැන්දක් හිමීට කටට ලං කළේ එයා නිහඬවම කට අරිද්දි.

කලින් දවසක එයාම මට කිව්වා එයා මාව බලාගන්න ඕනවෙලේ මට එයාව බලාගන්න කරපු විදියට වැඩ සිද්ද උන එක ගැන එයාට තරහයි කියල. මට කීපසැරයක්ම බැනලා තියනව මහන්සි වෙන්න එපයි කියල. මං කියන්නෙ මගෙ හස්බන්ඩ් මෙහෙම වැටිල ඉද්දි මට පුළුවන්ද නිදාගන්න?.. මෝඩ මනුස්සයා..

"කෝ ඉතින් ඇතිද?"

කට නොඇර ඉද්දි මම ආපහු හැන්ද බාජනේට දාලඑයාගෙ කට පිහිදැම්ම.

"ඇති.."

"ඕන උනොත් බඩගිනි උනොත් කියනවද?"

"හ්ම්.."

"කන්න මොනවහරි හදන්නද සැර නැති දෙයක්වත්?"

මං දිහා බලන් ඉඳපු රුද් කළේ මගෙ බඩ උඩින් හිමීට අත තිව්ව එක. පව් එයාත් හිතේ අමාරුවෙන් ඉන්නෙ.

"මං පොරොන්දු වෙනව ආය මෙහෙම දෙයක් වෙන්න දෙන්නෑ කුට්ටි"

"මංගැන නැත්නම් දරුව ගැනවත් හිතන්ඩ අයියෙ..ඩොක්ටර් ගෙදර ආපු වෙලේ කිව්ව කොල්ලෙක් කියල"

එයාගෙ ඇස් සතුටෙන් දිළිසුනා. එයා ආස උනේ කොල්ලෙක්ට..එහෙමනෙ?..

________________________________

මට කම්මැලි භූතයෙක් වැහිල.

අදත් දහය වෙනකන්ම නිදියල ආපහු දොළහෙ ඉඳන් නිදියල මේ දැන් නැගිට්ට විතරයි😪

තව මහ ගොඩක් නෑ.. මට කතාවක් අදින්න තේරෙන්නෑ අනේ මංදා.. සිදුවීම් ගොඩකුත් නෑනෙ ඉතින්. හතළිහෙන් වගේ ඉවර කරන්නද?

ගිහින් එන්නම්❤

Share This Chapter