Back
/ 51
Chapter 37

...තිස් හත්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"මංගැන නැත්නම් දරුව ගැනවත් හිතන්ඩ අයියෙ..ඩොක්ටර් ගෙදර ආපු වෙලේ කිව්ව කොල්ලෙක් කියල"

එයාගෙ ඇස් සතුටෙන් දිළිසුනා. එයා ආස උනේ කොල්ලෙක්ට..එහෙමනෙ?..එයාගෙ ගොරහැඩි අතකට මගෙ අතක් මිරිකෙද්දි එයා හිනා උනා.. කාලෙකට පස්සෙ...ඒ මූණෙ හිනාවක් ඇවිළි ඇවිළි තිබුනු මගෙ හිතත් නිවල දැම්මා

"ඩොක්ට එහෙම කිව්වද? ආ කුට්ටි.. අපේ සින්න කුට්ටි කොලුපැටියෙක් කිව්වද තංගම්?"

"ම්ම්..ඔව්නෙ.. එහෙම කිව්වනෙ රුද්..."

ඇස් වලින් සතුටු කඳුළු පිටවෙන මොහොතක මම චූට්ටක් ඉස්සරහට වෙලා එයාගෙ තොල් උඩ කෙටි හාද්දක් තිබ්බා..

"ඉක්මනින් හොඳවෙන්නකො රුද් මට හරි පාළුයි.. ඇරත් අපෙ සින්න කුට්ටි පාලුයිලු අප්පා නැතුව.."

"ම්ම්.."

සුප් භාජනේ අයිනකින් තියපු මම රුද්ව්ස් මගෙ උරිස්ස උඩ හාන්සි කරව ගත්ත.

"කුට්ටි දන්නවද.. මට කළින් හිතුන මම මැරිල හරි ඔය දෙන්නව ජීවත් කරන්න.. හැබැයි දැන් මම හිතන්නෙම දාහක් මරලා හරි අපි හැමෝම ජීවත් වෙන්න..මං වෙනුවෙන් කුරුළු කූඩුවක් තියෙනව කියන හැඟීම මාව ආත්මාර්තකාමී කරනව.."

........

"මගෙ කුට්ටි දන්නවාද ඊළඟ ආත්මෙ මට මං කරපු පව් කමා කරගන්න ඕනෙ.. මං කැමතියි මට මිනිස්සු සුවපත් කරන්න ලැබෙනව නම්.."

"එහෙනම් මමත් ඒකට උදව් කරන්නම්ම්ම්..කියෙව්ව ඇති මහත්තයෝ හොඳේ දැන් බෙහෙත් බීලා නිදාගන්න එකයි. ඇඟ අමාරුයිනෙ කියෙව්වට.."

🍃

හීටරේට ගහපු වතුර එක එහෙම්මම තියපු මම බඩත් අල්ලන් ඇවිදන් ආවේ එළියෙ ඉඳපු ආදි අණ්ණා ගාවට..

"අණ්ණා...!"

"අහ්..කියන්න රුහාන්. හදිස්සියක්ද?"

අතේ තිබ්බ සිගරට් එකපොඩිකරලඈතටම විසි කරපු අණ්ණා අහද්දි මට හිතුන ඇත්තටම එයා නපුරු නෑ කියල. සමහරවිට රුද්‍රට හිතෙන්න ඇති එයා ආපු දවස්වල මට නපුරුකම් කරයි කියල..

"හිහි.. නෑ හදිස්සියක් නෙමෙයි.. ඔයා වසයිද අනේ? ඔයා කැමති නැත්ද මං රුද් එක්ක ඉන්නවට.."

මං අහද්දි අණ්ණගෙ ඇස් හීනි උනා..

"දැන්නම් එහෙම එකක් නෑ.. ම්ම්.. හැබැයි....

හැබැයි ඉස්සර නම් මම රුද්ට කිව්වෙ ආදරේ පටලවගන්න එපා කියල. එක දවසක් මම රුද්ට සැරත් කළා..මං ආවම ඔයාව ගෙදර යවනවයි කියලා.."

මට දුක හිතුනා. ඇයි අනේ එහෙම කෝමද මාව යවන්නෙ. ඇරත් මම එයාව බැඳල ඉන්න කෙනානෙ අනේ. එහෙම කෝමද..

අණ්ණා මගෙ ඇස් වලකඳුළු දකිනවත් එක්කම මාව තුරුල් කරගන්න ළං උනත් මං ඒක ප්‍රතික්ශේප කරා.. හේතුවක් දන්නෙ නම් නෑ.. හැබැයි මම කැමති නෑ රුද්ගෙන් එහා කෙනෙක් මාව එහෙම ලොකුවට අල්ලනවට.නැතුව අණ්ණා ගැන අවිශ්වාසයක් නෙමේ..

"සමාවෙන්න රුහාන්.. දැන්නම් එහෙම නෑ. ඇත්තටම දැන් රුහාන් අපිට සහෝදරයෙක් වගේ.. හරියට මට තව චූටි මල්ලි කෙනෙක් ලැබිලා වගේ.."

මං හිනා උනා. ඒක නෙමේනෙ මට අහන්න ඕන උනේ. මට අහන්න ඕන උනේ රෑ තිස්සෙ එළියෙ ඉඳන් මදුරුවෝ කව්වගන්නෙ ඇයි අහන්න.

"ඒකට කමක්නෑ. ඒත් අණ්ණා රෑ වෙනකල් එළියෙ ඉන්න එපා මදුරුවොනෙ.. මං ඊයෙත් බලාගන අණ්ණා එළියෙ ඉන්නව.."

මං කියද්දි ඇස් දෙක හීනි කරපු අණ්ණා මගෙ දිහා බැලුව.වගේම එහෙම්ම බැල්මක් මම අණ්ණටත් දුන්නා..

"මම ඊයෙ රෑ එළියෙ හිටියෙ නෑ රුහාන්"

"ඈ?"

මට නිකන් හෙනයක් ගැහුව වගේ වෙද්දි මම යකෙක් දැකල වගේ ආදි අණ්ණ දිහා බලන් උන්නා..

"හිටියෙ නෑ?"

"ම්හ් ඉල්ලෙ!"

ආයෙ පාරක් මම අහද්දි අණ්ණා කැත නැතුව නෑ කිව්ව වගේම මං දහ අතේ කල්පනා කරා එහෙනම් කව්ද තැන් දෙකකම හිටියෙ කියල.. සමහරවිට රුද්ගෙ තව රව්ඩියෙක්වත්ද?...

ඒ උනත් එයාල ඉන්නෙ මේ හව්ස් එකට එහානෙ අනේ.. මොන මල විකාර පේනවද මන්දා..

"ප්‍රශ්නයක්ද රුහාන්?"

මට අණ්ණට කියන්න හිත නොදෙද්දි මම ගේ ඇතුළට ආව.. ගෙට එනවත් එක්කම වගේ මට මතක් උනේ වතුර ගහල ගියපු හීටරේ.. දෙයියනෙ ගේත් ගිනි ග-

නෑ..මං කිචන් එකට යද්දි ඒක නිවිලා. ඒකත් ස්විච් එකෙන්ම. මමද නිව්වෙ?...

මට මතක නෑනෙ?

මම නිවන්ද ගියෙ පත්‍තු කරන්ද ගියෙ?...

ආර්හ් රුද් හොඳ උනාම පිස්සු හැදිලා කියල බෙහෙත් ගන්න වේවිද දන්නෙ නෑ..

එක එක විකාර කල්පනා වෙද්දි තාම උණු රස්නෙ වතුර එක කෝප්පෙට දාන් සීනී පිටී ටික අරන් රුද් ගාවට ගියා.. එයානිදි නෑ.. රුද්ගෙ කල්පනාව කොහෙද දුර ඈතක රැඳිල තියෙද්දි මං එයා ගාවට ගිහින් සේරම ටික පිළිවලට මේසෙ උඩ තිබ්බා. සද්දෙට ගැස්සුන එයා මං දිහා බලද්දි මං කට කනටම යවල හිනා උනා..

"යෙන්න රූහා මේ?"

"තේ එකක් හදල දෙනවත බබා ඔයාට සින්න්ස් කුට්ටිට ඔයාගෙ චේ බොන්න ඕනලු නේ චේ එකක් ජෙනෝජ.."

හොඳට කතා කරපු මං ටික ටික ඇස් කරකෝ කරකෝ තොත්තයෙක් වගේ කතා කරන්න ගත්තම හිනාවෙලා අත දික් කරපු රුද් මගෙ කම්මුලක් අල්ලලා මිරුකුවා..

"හුරතල් වෙනවා. කෝ දෙන්නකො"

අත එහෙ මෙහෙ කරල රුද් වතුර එකට පිටි කලවම් කරා. මං ඇත්තටම සුදු කිරි බොන්න ආසත් නෑ. හැබැයි ඉතින් රුද් හදනව නං ඒක රහයි. අන්තිමේ කිරි සුවඳ ගහන කිරි එක මගෙ ඉස්සරහ තියෙද්දි රුද් අත පිහිදගත්ත.. වෙන වෙලාවට රුද් හිටිය නම් සේරම එයානෙ කරල දෙන්නෙ. වැඩගන්න ඌමනාව නෙමේ. ඒත් මට මගෙ පොඩි දේ පවා එයා ඕනාවටත් වැඩිය හොඳට කරල දෙන්න යද්දි මට හරි ලෝබයි. පුරුදු නැතිකමනෙ ඉතින්.. අපෙ ඊගාව බබා ආවම නම් එයාට පුළුවන් වෙයි සේරම මහදැන මුත්තා වගේ කරල දෙන්න...

"කිව්වනම් කිරි එකක් හදල දෙනවනෙ රුහාන්"

"ම්හ් මට රුද් හදපු එකක් බොන්න ඕන උනා"

ඇතුළට ආව රාජ් කියද්දි මං කිව්ව. හදිස්සියෙම මතක් වෙච්ච දෙයක් හින්ද මං රාජ්ව නවත්තගත්තා. මේක විසඳගන්න ඕන ඉස්සෙල්ල. නැත්තං ඕක මහ රෑටත් මගෙ ඔළුවට වද දෙනවා.

"රාජ්.. ඔයාද එළියෙ...රෑට හිටන් ඉන්නෙ.. මම අණ්ණගෙනුත් ඇහුවා... ඒ උනත් එයා නෙමෙයි කිව්වනෙ.."

"ආහ්.. එළියෙ කිව්වෙ? මං එළියට බැස්සෙ නෑ රුහාන් තම්බි.. මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"නෑ නෑ... දැනගන්න ඇහුවෙ.. ප්‍රශ්නයක් නෑ රාජ්"

"ම්.."

රාජ් යන්න යද්දි මං රුද් දිහා බැලුව. ඒ මූණෙ තිබුනෙ වෙච්ච දේ කියන්න වගේ එකක් වෙද්දි මං සේරම මුළ ඉඳන් එයාට කිව්ව.. සැරින් සැරේ රැළිවැටෙන ඇහිබැමත්... එක එල්ලෙම මං දිහා බලන් ඉන්න බැල්මත් මං කිව්වයින් පස්සෙ වෙනස් උනේ නෑ..

"ම්...අපි බලමුකො. මං ගාර්ඩ් එක වැඩි කරන්න කියන්නම්. යෙන් කුට්ටි රෑට එළියට බහින්නෙ නැතුව ඉන්නකො"

රුද් කියද්දි මං ඔළුව වැනුවා.. එයා කියන දේ අහන එක ඇත්තටම හොඳයි කියල මටත් මේ වෙලාවෙ හිතුන.

________________________________

හායී.....

ප්‍රමාද දෝශයට මට සමාව දෙනව නේත ඈ ඒයිලා..

චූට්ටක් white lotus එකට අවධානෙ දුන්න කලින් දවස් වල. අන්තිම දවස් දෙකේ ඒකවත් බැරුව ගියා අනේ ෆෝන් එක අබලන් වෙලා අලුත් එකක් ඊයෙ රෑ අරන් ආවා. චූටි එකක් හරි දුන්නෙ ඔයාල බලන් ඉන්න හින්දා..

එහෙනම් කියන්න බලන්න කවුද ඔය රෑට එළියෙ ඇවිදින්නෙ?🙂

ආයෙත් එන්නම්.. හැබැයි white lotus එක දීලා තමා හර්ත...

පරිස්සමෙන් ඉන්න කට්ටිය..

💗

Share This Chapter