Back
/ 51
Chapter 38

...තිස් අටවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"දැන් කොහොමද... හොඳක් දැනෙනවද?.."

අපි හැමෝම බලන් හිටියෙ ඇඳ උඩ ඉඳන් ඉන්න රුද් දිහා..මූණත් දෙක කරන් ඇඳ උඩ ඉඳපු එයා ඔළුව වැනුවා.. දැන් ඉතින් කොල්ලට නැගිටල ඇවිදින එහෙම පොඩ්ඩක් පුළුවන්...

එයාට ඉක්මනට හොඳ උන එක හොඳයි.. එදා ඒ ගෙදරට එයාව ගෙනාපු විදියට මට මැරෙන්න හිතුන. මතක් කරන්නවත් අකමැති මතක වලට ඒවා එකතු වෙයි..

"හරි එහෙනම්.. වැඩිය මහන්සි වෙන්න එපා.. තේරුනාද.. බෙහෙත් නම් ඕන වෙන එකක් නෑ තුවාල සමහර ඒව වේලෙන්න මේක විතරක් දෙන්නම්.. "

ඩොක්ට බෙහෙතුත් දීලා යන්න යද්දි පැත්තක ඉඳපු මාත් එක්කත් හිනා උනා.. දැන් ඉතින් පණ්ඩිත මහත්තය ගේ පුරාම ඇවිදී... තව මාස තුනක් වගේ තියෙන්නෙ.. මගෙ බණ්ඩියෙ නහරත් පේනව කොළ පාටට.. ඩොක්ට යනකල් ඉඳල රුද් නැගිටල හිටගත්තා. එතකොට පහුගිය කාලෙ ගැන කියනව නම්... ගෙදර ගාර්ඩ් එක සැලකිය යුතු මට්ටමකින් වැඩි උනා.. ආයෙමත් කවුරුත් ගේ ඉස්සරහවත් හිටන් උන්නෙ නෑ.. හිටන් උන්නෙ නෑ කියනවටත් වඩා මම නම් දැක්කෙ නෑ.. මොකද මම එළියට යන එක අඩු කළා. හැබැයි රෑට හැමවෙලේම ඇහෙන සද්ද හින්ද සමහර දවස් වලට මට නින්දක් නැති උනා. ම්-

"මොනවද කරන්නෙ රුද්?"

පිට්පස්සෙන් මාව බදාගන්නව දැනෙද්දි මගෙ කල්පනාව නැවතුන වගේම මාව පරිස්සමට පිටිපස්සෙන් බදාගත්ත රුද් සිනිදුවට මගෙ බඩ දිගේ අතැඟිලි ගෙනිච්චා.

"කිචිනෙ රුද්"

"ම්ම්.."

"අනේ නවත්තන්නකො අප්පා"

මගෙ මතකෙ කෙලින්ම මීට මාස හත අටකට කලින් දවසෙ රෑකට ඇදිල ගියා..

එදා එයා මාවත් පෙරළන් ඇඟ උඩට ආව විතරයි... වෙන්න යන කිසිම් දෙයක් අපි දැනන් උන්නෙ නෑ වගේම එදා තමා අපි අම්මා...මිත්‍රන් එක්ක සතුටෙන් ඉඳපු අන්තිම දවස...

"රුද්..."

"ම්න්"

"කෝ දැන් එහාට වෙන්න.."

"ම්හ්"

මෙහෙ සීතලයි.. රුද්ගෙ උණුසුම් වෙච්ච හුස්ම මගෙ ඇඟේ වදිනකොට මට ඒක සනීපයි කියල හිතුන.

"දැන් මොකක්ද අණ්ණා කරන්න කල්පනාව?.."

"ම්ම්..අපි හැමෝටම සතුටෙන් පරිස්සමෙන් ඉන්න පුළුවන් සිටුවේශන් එකක් හදනවා. මම පොරොන්දු වෙනව අපෙ ඊගාව දරුව ඉපදෙනකොට මේ ප්‍රශ්න මොකුත්ම නැතිවෙයි."

"ඒක හොඳයි තමයි.. ඒත් පව් පුරවගන්න එපා අයියෙ.. ඔයා දන්නවද ඒක කොච්චර පව්ද කියල.."

"දැන දැනත් පව් කරන එක කාලකන්නිකමක්ද රූහා?.. දැන දැනත් මං වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සු රැකගන්න මම කරන්නෙ පව්කාරකමක්ද?"

කණ්ණාඩියෙන් අපෙ ඇස් එකිනෙක පැටලිල තිබ්බා.. එයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.. පව පවමයි... ඒත් පරමාර්තය හොඳ නම්?..ඒත් පව පවමයි නේද? හිතලත් බැරි නොහිතත් බැරි දේවල් අපෙ ජීවිතේ හරි ගොඩයි..

"මගෙ චෙල්ල කුට්ටි කැමති මොනවා හරි තියෙනවද?.."

"ම්හු.. නෑ හැබැයි මට සැර නැතුව පේර අච්චාරුවක් කන්න ඕනෙ..".

"ම්න්..හදමු.. සමාවෙන්න කුට්ටි.. මට බැරි උනා ඉර දෙන්නං හඳ දෙන්නන් කිව්වට කිසි දෙයක් දෙන්න බැරි උනා.."

එයාගෙ මූණෙ තිබ්බෙ පසුතැවීමක්..

"මට ඉර හඳ ඕන නෑ රුද්.. පරිස්සමට ඔයා මං ගාව ඉන්න එකම ඇති.. අපි දෙන්නටත් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන්න පුළුවන් වෙන දවසක් එයි නේද?"

"ම්න්.. පොරොන්දු වෙන්නම්"

" දන්නවද මං කවදත් ආස කරේ ප්‍රශ්න නැතුව සතුටෙන් පිස්සෙක් වගේ ජීවත් වෙන්න... ඊළඟ ආත්මෙ මොන වගේ වෙන්න ඕනද ඇහුවොත් මට ඕන ලස්සන ගමක ඉපදිලා හොඳ අම්මා අප්පච්චි කෙනෙක් එක්ක සතුටෙන් ජීවත් වෙන්න... මගෙ එකම ආදරේ ඔයා වෙන්නත් ඕන.."

"පන්ඩිත හුරතලේ මගෙ"

මගෙ කම්මුලක් හපපු එයා කියද්දි මං හිනාවෙවීම මූණ අකුලගත්ත. මාව මහත් වෙලා..අලබෝලයක් වගේ.. වෙලාවකට රුද් මට අලබෝලෙ කියනව. හුහ්.. සින්න කුට්ටි ආවයින් පස්සෙ මං ආයම කෙට්ටු වෙන්නම්කො..

"මං නාගන එන්නද?"

"මට දැන් පුළුවන්නෙ මම නාවන්නම්.."

"ඒ උනත් ඔයාගෙ තුවාල තෙමුනොත්?"

"ඒව කමක්නෑ.. වාංග"

මාව පරිස්සමට අල්ලන් බාතෲම් එකට ගියපු එයා ටවල් එකත් අරන් ආව. ලා උණුවතුර එන්න හොට් වෝටර් ඔන් කරල බේසමට මොන මොනවහරී සුවඳ ඒව ටිකක් දාපු රුද් මගෙ දිහාට හැරුන..

"ඉන්න ඕක ගළවමු හරිද.."

"ම්ම්..."

ශර්ට් එකක් නැතුව ඉඳපු රුද් ගෙ ඇඟ පුරාම මගෙ ඇස් යද්දි ඉනට අත් දෙකත් තියන් මං දිහා බලන් ඉඳපු එයා මං ගාවට කිට්ටු කරා.. මං ඇඳන් උන්න එයාගෙ ශර්ට් එකේ බට්න්ස් හිමීට ගළවපු රුද් ගෙ ඇස් නැවතුනෙ නහර පෑදිල තිව්න බඩේ.. සේරම පැත්තක දාල එයා මගෙ බඩ උඩින් හාදු කීපයක් තිබ්බෙ කපන්න බැරුව ගියපු එයාගෙ රැව්ලට මට කිචි කැවෙද්දි..

ඇඟේ ඉතුරු ඇඳුම් සේරමත් ගලෝපු එයා පරිස්සමට මාව නාවන්න ගත්ත.. වෙනදට මගේ නිරුවත ගාව එයාට කවදාවත් ඉවසන්න පුළුවන් උනේ නෑ.. හැබැයි අද එයාට ගානක්වත් නෑ.. මාසෙකට කිට්ටුව නොලැබිච්ච ආදරේ රැකවරණය මට දැන් ලැබෙනව. රුද් ඇඳේ උන්නෙ මාසයක් විතර උනත් ඒක මට කල්පයක් වගේ..

පලවෙනි කෝප්පෙ මගෙ ඇඟට දාපු එයා ඊගාව කෝප්පෙ මගෙ ඇස් එයාගෙ අතින් කවර් කරන් ඔළුවට දැම්මා..

සනීපයි...

එයාගෙ අවධානෙ තිබ්බෙ මට රිදවන්නෙ නැතුව මාව නාවගන්න තැන වෙද්දි එයාට එයාගෙ තුවාල පවා අමතක වෙලා තිබ්බා...

මේ ආදරේ මට නිදහසේ විඳින්න පුළුවන් උනා නම්..

නාල ඉවර වෙලා මාව ටවල් එකෙන් ඔතලම හරහට වඩාගත්ත රුද් මාව ආපහු කාමරේට ගෙනාව. තුවාල වල වේදනා පවා මං ඉස්සරහ එයාට ගානක් නැතුව ගියා...

"රුද්.. ඔයාට ඕනි නම්..."

මාව ඇඳෙන් හාන්සි කරපු එයා ඇඳුම් හොය හොය අල්මාරිය අවුස්සද්දි මං ආපහු කතා කරා.. කියපු එක තේරුනාද.. නැත්ද කියල හිතාගන්න බැරි බැල්මක් මගෙ දිහාට දාපු එයා ඇඳුමකුත් තෝරන් මං ගාවට ආව..

"පව්ඩර් ටිකක් දාන්නම්ද?"

"ම්ම්.."

බේබි පව්ඩර් බෝතලයක් ගත්ත එයා මගෙ මූණෙයි ඇඟෙයි ඒව ගාද්දි මං ඒ සුවඳට ඉව අල්ලන්න ගත්ත. මං ඒ සුවඳට හරි ආසයි..

"කුට්ටි... මගෙ කුට්ටි ගැන එහෙම දෙයක් මට හිතුන්නෑ.. ඇත්තටම කිව්වොත් දැන් ඔයා එක්ක ඒ වගේ දේවල් කරන්න පුළුවන් තත්වයක් නෑනෙ.. බේබි ඩිලිවරි එකට තව මාසයක් ඇති ඕන්නම්. එහෙම කට මුල තියන්.. ඔයා එක්ක සෙක්ස් කරන්න තරම් මම තිරිසනෙක් නෙමේ වස්තුව. එහෙම හැඟීමකින් මං ඔයා දිහා බැලුවෙවත් නෑ.. අපිට කල් තියනවනෙ. අපෙ සින්නකුට්ටි ආවම අපි ආපහු වැඩ පටන්ගමු"

මුල් ටික ආදරෙන් ඔළුව අත ගගා කියපු රුද් අන්තිම ටික කියද්දි කට කොනට අරන් මහ වලත්ත හිනාවක් දැම්ම..

"අනේහ් මේ.."

"ඉතින් මමද කිව්වෙ ම්ම්?"

"හරි නරකයි ඔයා.."

"ම්ම්න්න් නරකයි හැබැයි ඔයා ඉස්සරහ විතරයි.."

"සින්න කුට්ටි බඩේ ඉද්දි කියන කතාද රුද් ඔය"

"ඉතින් මංද පටන්ගත්තෙ.."

මගෙ තොල්වලට බර උන රුද් හිමින් හිමින් එයාගෙ තොල් මගෙ බෙල්ල ගාවටම ඇදන් ආවෙ මාව කාලකෙට පස්සෙ ලැබුන ඒ පහසට මත්වෙද්දි...

"ම්හ්..."

_________________________

චිපි චිපි චපා චපා ඩුබි ඩුබි ඩබා ඩබා මචිකොමි ඩුබි ඩුබි ඩූම්..

හායි...

ලෙඩ ඇඳේ හිටිය ඇතිනෙ..

It's time to start the war again බුහ් හහ් හහ් හා!

ගිහින් එන්නම්

මහා නිදිමතක් ඇවිත් තියෙන්නෙ

Share This Chapter