Back
/ 51
Chapter 43

හතළිස් දෙවෙනි පරිච්ඡේදය

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

මං ඇඟිලි තුඩු වලින් ටිකක් ඉස්සුනා.. උස මදි..මං තව චූට්ට්ක් ඉස්සුනා...

ඇයි මෙච්චර මම කොට?

උඩ පනින්නත් බෑනෙ ඉතින්. මං චුට්ටක් එහාට වෙලා ආයෙමත් ඉස්සුනා.. දෙවියනෙ වතුර එතන.. ඒත් එක්කම මාව ලිස්සුවෙ මගෙ පපුව ගැහෙන වේගෙ දහස් ගුනේකින් වැඩිවෙද්දි.... ඇඟට හීන් දාඩිය දාන්න ගත්ත. මං මගෙ ඇස් තද කරලම වහගන අත් දෙකෙම්ම බඩ අල්ලගත්ත... දෙවියනෙ මාව වැටුනොත් අපෙ බබාට මොකුත් වෙන්න එපා.

.

.

.

නෑ මාව වැටුනෙ නෑ..... වැටුන ට වඩා ඉක්මන්ට මාව කෙළින් වෙද්ද් මගෙ පිට කොන්ද හරියෙන් මට හීතලක් දැනුන...

"පරිස්සමින්"

"අනේ රුද්!"

මං පිටිපස්ස් හැරුනෙ ඒ එයා වෙන්න ඇති කියල හිතන් උනත්.. නෑ ඒ එයා නෙමේ. මං පිටිපස්සෙ කවුරුත්ම හිටියෙ නෑ.. ඒ කටහඬ හුරු නිසා මම ඒ කව්ද කියල මතක් කරගන්න හැදුව....

"ක්-කව්ද?"

"අනේ ම්-මට කරදරයක් ක්-කරන්නෙපා"

මගෙ ඉස්සරහින් මට තෙත හුස්මක් දැනෙද්දි මම ඇස් වහන් මිමිණුවා.. අනේ මට බයයි.. මොකක්ම හරි දෙයක් හිමීට මගෙ කොන්ද දිගේ යන සීතල මට දැනුන..

"එයා එන්න ළඟයි!"

ඒ කටහඬ මට හුරුයී. කවුද දෙවියනෙ මෙ

"හෑ!!?"

"හැමදේම පටන්ගන්න කාලෙ හරි"

"අනේ රුද්!!!"

මං කෑගැහුව. අත් දෙකෙන් කන් දෙකම වහන් කෑගැහුව.. දෙයියනෙ කවුද බය නොවෙන්නෙ. මං හිතන්නෙ මට පිස්සු හැදීගන එන්නෙ... බාත් රූම් එකේ දොර දඩාස් ගාල ඇරෙද්දි අඩියට දෙකට මං ගාවට ආපු රුද් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මාව පරිස්සමට බදාගත්තා.. එයාගෙ හුස්ම වේගෙන් වැටෙනව.

"සොරි කුට්ටී තනියම දාල ගියාට.. ඔයා හොඳින්ද?"

"ම්ම්"

මං ඔව් කියන්න ඔළුව වනද්දි එයා කාමරේ පුරාවටම බැල්මක් දාලා බාගෙට ඇරුන කාමරේ දොර දිහා බලන් රවාගෙන හිටියා.. එක්කො අපි දෙන්නටම පිස්සු!

ටවල් එක පිටින් ඉඳපු එයා මාව ඇඳෙන් වාඩි කරවලා මං පෙන්නුව ශර්ට් එක මට අරන් දුන්නෙ එයත් ඇඳුමක් ඇඳගද්දි

"රුද් ඔයා මොනව හරි දන්නව නේද?"

මං ගාව ඉඳගනත් දොර දිහා බලන් ඉන්න රුද්ගෙන් මං ඇහුව. එයා මොනා හරි දන්නවා.. ඉතින් ඇයි මට නොකියන්නෙ.

"මට ඔයාව බය කරන්න ඕන නෑ කුට්ටි"

"ඉතින් නොකියා ඉන්න එකෙන් වෙන්නෙ මම තවත් බය වෙන එක නෙමෙයිද රුද්?"

එයා මගෙ අත මිරිකන් ටිකක් කල්පනා කරා..

"මිත්‍රන්.."

එයා මිත්‍රන්ට කත කරා.. මොන විකාරයක්ද මේ.. කොහොමද මි-

"ආ!!! අනේ රුද්.."

මන් ඉක්මනට මගෙ මූණ අත් දෙකෙන් වහගන රුද්ගෙ උරිස්ස උඩ මූණ හංගගත්තෙ මගෙ ඉස්සරහා මීදුම මීදුම වගේ මොකක් හරි බැඳෙන්න ගත්ත හින්දා..

"රුහාන්ව බය කරන්න එපා හු- කැහ්ම්!"

ආයෙමත් රුද් කියනව ඇහුනත් මම නෙමේ ඇස් ඇරියෙ. මට බයයි. යකෙක් දෙයියනේ යකෙක්!

"ඔයාව බය කරන්න හිතුවෙ නෑ රුහාන්"

"කෝ දැන් කියන්න කියල ඇස් වහන් ඉන්නෙ ඇයි ම්?"

"අනේ මට බ්-බයයීහ්"

ටිකක් වෙලා මූණ වහන් ඉඳපු මම ශේප් එකේ ඇඟිලි දෙකක් එහාට මෙහාට කරල බැලුව. මං දැක්කෙ සුදුපාට ඇඳුමක්.. එයාගෙ මූණ කැත ඇතිද?

"රුද්..එ-යා...ගෙ මූණ.."

"නෑ නෑ කුට්ටි ප්‍රශ්නයක් නෑ බලන්න පුලුවන්.."

හිතට මහ බයක් නොදැනුනත් මට පොඩියට හරි චකිතයක් තිබ්බා.. හොඳ හුස්මක් ගත්ත මං අත් දෙක මූණෙන් අයින් කරල මං ඉස්සරහ නමේකට පස්සෙ හිටන් ඉන්න මිත්‍රන් දිහා බැලුවා..

"හායි!"

දත් ටිකත් විරිත්තන් අත වැනුව එයා කියද්දි මං ටිකක් වෙලා බලන් හිටියා.. මගෙ ඇස් වලට කඳුළු පිරෙනවා.. මට දැනෙනව මගෙ නහයත් බර වීගන එනව...

"අනේ දෙවියනෙ ඔයා.."

මට එයාව බදාගන්න ඕන උනා. ඒත් කොහොමද. මං එයාව බදාගත්තොත් අනික් පැත්තෙන් මතුවෙයි. මම රුද්ට තුරුල් උනා.

"අපෙ රුහාන් බෝල වෙලා නේද රුද්‍ර"

"ම්ම්.."

"අනේ යන්න අප්පා."

ඇස් වල කඳුළු පුරවන් මම ගස්සල අහක බලද්දි දෙන්නම හිනා උනා.. එයත් ඇවිත්.. හැබැයි ඉතින් මට බදාගන්නවත් බෑ.. හ්ම්....

🍃

"ඔයා හරි නරකයි අනේ මාව දවස් කීයක් බය කරාද?"

"සමාවෙන්න ඉතින් මං හිතුවෙ පේන්න ආවොත් බය වෙයි කියල.. මැරුන මනුස්සයෙක් ආවොත් කවුරුත් බයයිනෙ"

පුරුදු විදියටම අපි හිටියෙ ඉඳගෙන.. හැබැයි බිම නම් නෙමේ.. රුද් කැමතිම නෑ මාව බිම ඉන්දවන්න. මට ඒ හින්ද ඉතින් සෝෆා එකේ ඉඳගන්න උනා. මිත්‍රන් කිව්වෙ එයාට අනික් අයට පේන්න එන්න බෑලු.. එතකොට ආදි අණ්ණා.. රාජ්.. දෙන්නම දකින්නෙ නෑ එයාව..

මොකක් හරි දෙකට බෙදුනු ආත්මෙක කතාවකුත් මම අහගන රුද් මිත්‍රන් එක්ක කියනව හලේ මං දන්නෑ මට දන් නිදිමතයි..

"රුද්..."

මං කෑගැහුව. බෙරිහන් දුන්නෙ නැත්තං මේ මනුස්සය ඉක්මනට එන්නෑනෙ. මගෙ රව්ඩියා.

මං හිතන්නෙ තප්පර පහක් ගියෙ නෑ දුවන් ආව වේගෙට අපෙ මනුස්සයාව ලිස්සලා ඇදිල ආව..

"දෙයියනෙ හිමින් එන්නෙපැයි"

"කුට්ටිගෙ සේවට 24/7 මං ළෑස්තී. කියන්න ඔබතුමාට අවශ්‍ය මොනවද?"

මට හිනා හොඳටම. එයා මං එක්ක ඉද්දි ආදරණීයයි අනේ. ඉස්සර මං එයාගෙ dark side එක දකින්න ආස නැති උනාට දැන්නම් චූට්ටියට ආසාවකුත් එනවා..

"දොයිය කරනවද?"

"කාලා දොයි කරන්නම් මමාවයි සින්න කුට්ටිවයි."

මගෙ ඔළුව අතගාපු මිත්‍රන් යන්න යද්දි රුද් මගෙ අත අල්ලන් ඉන වටේ අතකුත් යවල මාව පරිස්සමට කිචන් එකට ගෙනාව. දැන් ඉතින් කාල නිදාගන්න යන්නෙ. දවසෙන් බාගයක්ම මං කරන්නෙ නිදාගන්න එක තමා.. සමහර වෙලාවට මට කන ගමනුත් නින්දයනව.

"එන්න වේනුම් කුට්ටි?"

"ම්ම්.. ඕනම දෙයක්?"

"හ්ම් ආමා"..

"සරි එහෙනං මට ඕනි චීස් පීසා එකකුයි.. චීස් රාමෙන් එකකුයි.. චීස් ගාපු පානුයි... ජෑම් ගාපු බනිසුයි.."

රුද්ගෙ කට දනිස්ස ගාවට ඇරෙද්දි මට හිනා ගියා.. මං විහිලුවක් කරේ..

"මෝඩයා"

"කුට්ටියාට ඕන්නම් හදල දෙන්නම්.. දැන් ඒ පාර චීස් කෑමද ඕන ම්ම්"

"ඔව්නෙ"

මං මගෙ දබර ඇඟිලි දෙක එකට තියල ඇස් ලොකු කරල එයා දිහා බැලුවෙ එයත් හුරතල් අල බෝලයක්නෙ කියල මගෙ කම්මුලක් හිමීට මිරිකද්දි....

පැයක් පැය එකාමාරක් යද්දි ආදි අණ්ණලා කොහෙද ගිහින් එනගමන් කෑම අරන් ඇවිත් තිබ්බත් රුද් හදල තිව්න හින්ද කෝමහරි මට කන්න උනේ සැර නැති ඒවා.

රුද් බයයි.. එයා ඕනවටත් වඩා මේ දවස් වල කලබලයි.මට මතක් උනේ අද දවල් මිත්‍රන් කියපු එක..

"එයා එන්න ළඟයි..!"

ඉක්මනින් එන්න සින්න කුට්ටි අපෙ.. හිතට දැනුන nervous ගතිය මගාරින ගමන් මං ඒම හිතුව. රුද් මාව ඕනවටත් වඩා මේ දවස් වල පරිස්සම් කරන්නෙ ඒකද?...

________________________________________

හිත අදින්නම කියනවා...

ඒත් ප්ලොට් එක ඉවර වෙන්න ළඟයි😂😪

අසරණයි..

චුට්ටයි තමා මං දන්නව. බිසී අනේ. හොඳටම බිසී. පුළුවන් වෙලාවට දෙනව සත්තයි. දවස් දෙක තුනකට පාරක් එනවමයි. White lotus එකයි, reunited souls එකයි, Unspoken hearts beat එකයි, නුඹෙ ඇස් එකයි ඔක්කොම ටයිප් කරන්න එපැයි.

වෙලාවකට එක එක ප්ලොට් ඔලුවට එන මොලේ ගලවල විසිකරන්න හිතයි

ඒක නෙමේ මේකෙ සීසන් 2 නුඹෙ ඇස් එකේ එපියක් කොටල තියෙන්නෙ ඕනද අද ඒක?

ගිහින් එන්නම්💗

Share This Chapter