Back
/ 51
Chapter 42

හතළිස් එක්වෙනි පරිච්ඡේදය..

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

පැය කීපයක් රුද් නිදාගන නැගිටිද්දි ඉඳන් ඉඳල මගෙ පස්සත් හිරි වැටිල තිබ්බා..

"මං ගොඩ වෙලා නිදාගත්තද රූහා..?"

"ම්හ් නෑ නෑ.."

"එළිය වැටිලනෙ දැන්.. දැන් හිතට හොඳයිද?"

"ම්ම්.."

"යමු දැන් බඩගිනි නෙ නේද"

"හා.. මට බඩ ඉරුඟුවක් අරන් දෙනවද?"

බඩගිනි කියද්දිම මට මතක් උනෙ බඩ ඉරුඟු වෙද්දි මං ගත් කටටම ඒකක් ඉල්ලුව.. මට නෙමේ අපෙ එක්කෙනාගෙ සින්න කුට්ටි තමා ඉල්ලන්නෙ. මගෙ කොණ්ඩෙ අව්ල් කරපු රුද් මගෙ අතින් අල්ලන්ම නැගිට්ටා.. එන්න එන්නම මාව බෝල වෙනව අප්පා.. මගෙ ඇඟිලිත් මහත් වෙලා දැන්..

"මං කැත වෙලාද රුද්?"

යන ගමන නතර කරපු එයා මගෙ පැත්ත හැරුන.

"නෑ.. දැන්නම් අල බෝලයක් වගේ.. තම්බලා චීසුයි බටරුයි දාල අනලා කන්න හිතෙනව"

ඉනටත් අතක් තියන් එක අතකින් මගෙ කම්මුල මිරිකුව එයා කිව්ව..

"යාහ් මෝඩ රව්ඩියා"

මං මගෙ කම්මුලෙ තිබ්බ එයාගෙ අතට ගහල අතේ තිබ්බ මල් එකෙනුත් ගැහුව.. මෝඩයා!...

🍃

"එයාට මාව දාලා යන්න උනා රුහාන්.."

"ඉතින් මට උනේ මොකද්ද කියන්නකො.."

"ඔය ඉන්න තත්වෙ උඩ එහෙම දෙයක් ඔයාට කියන්න බෑ තම්බි.. දැන් හොඳ දරුව වගේ සේරම කන්න ම්ම්.. රුද් ආවොත් මටත් බනි"

මං හිටියෙ සෝෆා එකේ. පලතුරු කන්දක් ගෙනල්ල දුන්න රුද් රාජ් එක්ක කොහෙ හරි යන්න ගියෙ මගෙ පරිස්සමට අණ්ණව තියල. ඉතින් මම අණ්ණගෙ වයිෆ්ගෙ ෆොටෝ එකක් ඉල්ලන් බැලුව.

එයා හරිම ලස්සන කෙල්ලෙක්. මන් දන්නෑ රුද්ගෙ අප්පා මොන ජාතියෙ අසමජ්ජාතියෙක්ද කියලා...

"ඔය දෙන්නගෙ කපල් ෆොටෝ නෑද අණ්ණා?"

"ම්ම් තියනව."

මගෙ අතින් ෆෝන් එක ගත්ත ආදි අණ්ණා එහෙම්ම ෆෝල්ඩර් එකකට ගිහින් ෆොටෝස් වගයක් ගත්තා.. අරන් ෆෝන් එක මං අතට දුන්නා.

(A/N: පර්සනලි මේ දෙන්නට මං මාර ආසයි😭 ගර්ල්ටත් වඩා නරි පැටියට තමා)

"අක්කා හරි ලස්සනයි නේද අණ්ණා."

"ඔය ලස්සනම තමා හැමදේටම පරහට හිටියෙ රුහාන්.."

අණ්ණා කියද්දි මට හරි කලකිරීමක් ඇති උනා.. සමහර වෙලාවට අපි අමතක කරන්න හදන සිදුවීම් අපෙ මතකෙට එනව. ඒව ලේසියෙන් අමතක වෙන්නෙත් නෑ.. එක්කො මැරිල ඉපදෙන්න ඕන. සීයට එකකට වගේ එහෙම අමතක වෙන්නෙත් නෑ.. ගිය ආත්මෙ මහ නරක විදියට මැරුනොත් හරි, දුක් විඳල විඳලා මැරුන මනුස්සයෙක් හර් නම් සමහරු ඒව මතක තියං ඉපදෙනවා. අනේ මට නම් මේ ආත්මෙ වෙච්ච දේවල් මුකුත් මතක තියෙන්න එපා.

''ම්ම්..එයා ඔයා දිහා බලන් ඇති.."

"හ්ම්.. ඒ දෙන්නා"

අණ්ණා ඒක නිවැරදි කරා.. ඔව් ඒ දෙන්නා.... මේ තිරිසන්නුන්ට ඊගාව ආත්මයක් නම් හම්බෙන්න එපා..

"සරි සරි.. දැන් සේරම කන්න ඕන හරිද. තව ඇපල් ගෙඩියක් කපල දෙන්නද?"

"ම්හු එපා අ- අන්න රුද් ආව නේද?"

කකා ඉඳපු මිදි ගෙඩිය කටට දාගත්ත මම නැගිටින්න හැදුව.. එකපාර නැගිටින්න බෑනෙ ඉතින්.. යටිපතුල් දැන් ඉදිමිල හරි වේදනාවයි අප්පා.. අණ්ණා මාව නැගිට්ටව ගද්දි මං හිමින් හිමින් රුද් දිහාට ගියා..

හප්පේඒඒඒඒඒ එයාගෙ ඇඟ!

මං හිතන්නෙ මගෙ සින්න කුට්ටිගෙ අප්පා උදේම වැඩ අල්ලල වගේ. තාම හොඳටම හොඳත් නෑ මේ මනුස්සයට. මම උළුවස්සට හේත්තු උනා.

"හස්බන්ඩ්ගෙ ආදරනීය වයිෆ් එයා එනකල් දවසම බලන් හිටිය ඔන්න.."

අණ්ණ හිනාවෙවීම රුද්ට කියල රුද් ආවට පස්සෙ මාව රුද්ටම බාරදීල එතනිං ගියා.. ඇතුලට ආව රාජුත් මගෙ කොණ්ඩෙ අවුස්සල යන්න යද්දි මං සේරටම හිනාවෙවී හිටිය

මං චූටි අඩි තිය තිය ඉස්සරහට ආපු බන්ඩියත් අල්ලන් මං දිහාට එන රුද් ගාවට ඇවිදන් ගියා. වෙනද වගේ දූ..වල ගිහින් කරේ එල්ලෙන්න බෑනෙ..

"අයියෝ.. කඩවුලේ මොකද මේ පාත්ත පැටියෙක් වගේ ඇවිදන් එන්නෙ ම්ම්"

මං ගාවට ආපු එයාගෙ අතක් මගෙ ඉන වටේ පැටලෙද්දි මං එයාගෙ පපුව උඩින් ඔළුව තියාගත්ත. සැනසීමයි!

එයා මැරයෙක් වෙන්න ඇති. හැබැයි කවදාවත් එයා මං ගාව ඉද්දි එයා මැරයෙක් කියල පෙන්නල නෑ. මං ගාවදි එයාගෙ ආදරේ උපරිමේ කියන පැත්ත එයා මට පෙන්නුව. කවදාවත් එයාගෙ ප්‍රශ්නයක් මට කියල මගෙ ඔළුව අව්ල් කරේ නෑ. මං දන්නෙ මෙච්චරයි මම මේ රව්ඩියාට පනටත් වඩා ආදරෙයි එච්චරයී!

"මගෙ ඇඟේ දාඩිය කුට්ටී.."

"ම්හ් කමන්නෑ සූදයි"

තව ටිකක් මම ඒ පපුවෙ ඔළුව ගහගද්දි එයා මගෙ කොණ්ඩෙ හිමීට පිරිමැද්ද. දැන් නම් නිදිත්මතයී...

"කෝ ඇතුළට යමු. මම මගෙ කුට්ටිටයි, සින්න කුට්ටිටයි බඩුවගයක් ගෙනාව.."

"ඇත්තමද..."

"ම්ම්.."

ආපහු රුද්ගෙ අතේ එල්ලිලා මං ගේ ඇතුළට ආවෙ එයා යන වේගෙ බාල කරල මගෙ වේගෙටම ඇවිදිද්දි...

"නාගෙන එමුද කුට්ටි?..රෑ වෙන්න කලින් නාගන්න එක හොඳයි නේද?"

"ඒත් අර බඩ්-"

"ඒක දෙන්නම් කුට්ටි කෝ නාමුද කියන්නකො!".

"ම්ම්හ් කම්මැලිනෙ"

මං උපරීම හුරතල් වෙවී හැදුවෙ කොහොම හරි නාන්නෙ නැතුව ඉන්න වෙද්දි එයා එක්ක මට බේරෙන්නම බැරි උනා..

කාමරේට ආව එයා ඇඳන් ඉඳපු ආර්ම් කට් එක ගළෝලා මගෙත් ඇඳුමෙ බොත්තම් එකින් එක ගළවල දාල බාත් රූම් එකට උස්සන් ගියා..

දැන් නම් ලැජ්ජ නෑ.. මොකද කාලයක් පුරාවටම මට මේක හුරුයි.. තනියම බාත් රූම් එකට යන්න නෑ.. තනියම එලියට අඩිය තියන්න බෑ. මං හිතන්නෙ ඇවිදන් ගිය තැන් වලට වඩා රුද්ගෙ අත උඩ ඉඳන් ගිය තැන් වැඩී...

"අනේහ් බාත් ටබ් එපානෙ රුද් අමාරුයි ඒම"

"හිටන් ඉන්න පුලුවන්ද නැත්-

මං එයාගෙ කතාව නැවැත්තුව. මගෙ චූට්ටි අතින් එයාගෙ කට වහල දැම්ම මම ආපහු අතෑරල එයාගෙ මූණ මගෙ දෝතට ගත්තා

"ඔච්චර වද වෙන්නෙපා රත්තරනෙ මං හොඳින්..ම්ම්.. හිටන් ඉන්න පුළුවන් ඔයා ඉන්නවනෙ. ඔයා ඉද්දි මට ඕන එකක් රුද්.. කලබල නොවී ඉන්න"

"විශ්වාසද?.."

මට බැල්මක් දුන්නු එයා අහද්දි මං ඔළුව වැනුව.

"නෑ.. මටමාව විශ්වාස නෑ.. හැබැයි මගෙ මහත්තයව විශ්වාසයි"

එයාගෙ සීතල තොල් මගෙ නළල උඩ තද වෙද්දි මම ඇස් වහන් එයාගෙ උරිස් වලින් අල්ලගත්තා.. ආදරණීයයි..

ඊටපස්සෙ ආවෙ නාන වෙලාව.. පුරුදු විදියටම එක එඅ සුවඳ බෙහෙත් ජාති වතුර එකට කලවම් කරපු එයා හිමින් මාව නාවන්න ගත්ත. සූදයි අප්පා. මං දන්නව එයා ඔය මටයි අපේ සින්න කුට්ටිටයි දෙන්නටම ගුණ දේවල් ඔය වතුරට දාන්නෙ.

මං නාල ඉවර උනයින් පස්සෙ තෙත මාත්තු කරපු එයා නාන්නෙවත් නැතුව මාව ගෙනත් කාමරෙන් තිබ්බ..

"ඔයා නාගන්න රුද් මම ඇඳගන්නම්.."

"විශ්වාසද පුළුවන් කියල?"

"හ්ම්.."

හිනාවක් දුන්න රුද් බාත් රූම් එක දිහාට යද්දි මං ඇඳුමක් තෝරන්න ගත්ත. ලොකුවට කරදර වෙන්න බැරි හින්ද මම රුද්ගෙ ශර්ට් එකක් ගත්තා..

නෑ ගන්න බැලුවා..හෙව්වා.. කළු කළු කළු කළුමයි තියෙන්නෙ.. අල්මාරියටත් රවපු මම අහම්බෙන් දැක්කෙ ටිකක් උඩට වෙන්න නවල තියල තියන.. කහපාට වගේ ශර්ට් එකක්.

මේ තීන්නේහ්..

මං ටිකක් ඉස්සුනා.. මදි..මං තව චූට්ට්ක් ඉස්සුනා... ඒත් එක්කම මාව ලිස්සුවෙ මගෙ පපුව ගැහෙන වේගෙ දහස් ගුනේකින් වැඩිවෙද්දි.... මං මගෙ ඇස් තද කරලම වහගන අත් දෙකෙම්ම බඩ අල්ලගත්ත...

නෑ මාව වැටුනෙ නෑ..... වැටුන ට වඩා ඉක්මන්ට මාව කෙළින් වෙද්ද් මගෙ පිට කොන්ද හරියෙන් මට හීතලක් දැනුන...

"පරිස්සමින්"

______________________________________

හායීඊඊඊඊඊ

කවුත බොලේ කොල්ලව නැගිට්ටුවේ!!

මෙච්චරයි ලියාගන්න පුළුවන් උනේ..

ප්‍රශ්නයක් තියනව අහන්න හැමෝම උත්තර දේවි කියල හිතනව..

කතාව කොටස් හතලිස් පහෙන් වගේ ඉවර කරන්නත් පුළුවන් පනහෙනුත් පුළුවන්.. මොකෝ කියන්නෙ?

ඔයාල කියන දෙයක් තමා..

හරිම ආසාවෙන් ලිව්ව කතාව.. ඉවර වෙන්න යන්නෙ කියල මතක් වෙද්දි දුකයි අප්පා❤️‍🩹

Share This Chapter