Back
/ 51
Chapter 41

...හතළිස් වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

නින්ද ගියත් වෙනදා වගේ එළි වෙනකන් එක නින්දක් නොවී මාව හැම වෙලේම ගැස්සි ගැස්සි ඇහැරුනා.. උපරිම පැය කීපයක් අල්ලන නින්දත් එක්ක මං හිටියෙ හෙම්බත් වෙලා... ඒක මං දැකපු මායාවක්ද?.. මගෙ ඇස් වලට අහු වෙච්ච මායාවක් වෙන්න බැරිද?...

"ම්හ්.. ආය ඇහැරුනාද චෙල්ලම්.. චූට්ටක් නිදාගන්නවද?නැත්‍තන් එළිවෙන්න මහ වෙලාවක් නැති එකේ පොඩි රව්මක් දාල එනවද ම්ම්"

රුද් මගෙන් ඇහුව. එයාගෙ මූණෙන් කියන්න පුළුවන් එක විනාඩියකට ඇස් වහල නෑයි කියල.. පව් දෙයියනෙ. එක්කො මැවුන විකාරෙකට මම ඕනවට වඩා බය උනාද?.. පව් එයා එක විනාඩියක්වත් ඇස් වහල නෑ.. මූණ හෙම්බත් පාටයි.

"නිදාගන්න චුට්ටක් රුද්.. ඔයාට මහන්සි නේද?"

"ම්හ් කමක්නෑ කුට්ටි මං ඉන්නම් නිදිමත නම් ඔයා නිදාගන්නකො"

"ඕනි නෑ.. අපි එදා ගිය වත්තට යමුද?"

"ගාඩ්ලව ගෙනියන්න වෙයි හැබැයි.."

"වටේට ඉන්න කියන්න කරදර නොකර."

"ම්.."

පාන්දර පහයි.. මට ඕන උනා මල් සුවඳ විඳින්න. කොහෙ හරි යන්න ඕනද අහද්දි මට මතක් උනෙ එතන.. මහ පාන්දර ලා උණු වතුරෙන් මගෙ මූණ සෝදවපු රුද් නාලම එළියට ආවා..

"මොකක්ද මැනිකට අඳින්න ඕන?"

"සීතලයිනෙ"

සීතලට මාව කිටි කිටි ගාල ගැහෙද්දි මම රුද්ගෙ අත් අතරෙට තුරුල් උනා.. මූණ හෝදපු මට මෙහෙම නම් නාපු එයාට....

"චූට්ටි පූස් පැටියෙ වගේ.."

මගෙ කම්මුලෙන් රුද්ගෙ සීතල තොල් නවත්ද්දි එයා හින්දම ඊයෙ බය හිතුන දේවල් අමතක කරල දාලා මම අලුතෙන් අලුත් දවසක් පටන් අරන් හිටියා..

"මේක ඇඳගන්න සීතලයිනෙ"

(බඩ කෝ අහන්ඩ එපා දැන් ඈ)

"ඕනම ඇඳුමකට මගෙ තංගම් හුරතල් පාටයි.. මොනව කරලද අප්පේ මාව මේ කොල්ලා නැතුව විනාඩියක්වත් ඉන්න බැරිවෙන්නම අල්ලගත්තෙ ම්ම්.."

එයා ආදරේ කියනවා... ආදරේ කරන ගමන් ආදරේ කියනවා.. මං ආසම එයා ආදරේ මට අකුරු කරනව අහන් ඉන්න..

මාව උස්සන්ම වාහනේට නැගපු එයා මාව පරිස්සමට වාඩි කරවලා ඩ්‍රයිවින් ශීට් එකේ ඉඳපු එක්කෙනාට පුළුවන් තරම් හිමින් යන්න කියල කිව්ව...

🍃

ව

ිනාඩි තිහක් වගේ යද්දි අපි හිටියෙ අපේම ලස්සන වත්තෙ.. අද නම් මට එක අඩියක් බිමින් තියන්න නුදුන්න රුද් හිටියෙ මාව උස්සන්..

අඳුර මැකිල ගිහින් හිමින් හිමින් එළිය වැටීගෙන එද්දි සීතලක් එක්කමල් වල සුවඳ මගෙ මූණෙ වැදීගන හතර අතේම යන්න ගත්තා..

"මගෙ කුට්ටි ආසයි නේද මෙතනට.."

"ම්ම්..සූදයිනෙ.."

"ඊට වඩා මට සුවඳයි මගෙ අත උඩ ඉන්න මේ රෝසමල.."

එයා මාව දෝතට අරන් ගියෙ බැඳල තිව්න බංකුව ගාවට

"පරිස්සමට ඉඳන් ඉන්න මම එන්නම්.."

මාව පරිස්සමට බංකුව උඩ ඉන්දවපු එයා මල් වත්ත දිගේ ඇවිදල එදා වගේම මල් පොකුරක්ම මට කඩල ඒකෙන් මල් බොකේ එකක් හදල දුන්න.. ඒ මූණෙ හරි සැහැල්ලුවක් ඇඳිල තිබ්බා.. අනේ...!

"කුට්ටි... අද දවසෙ ඊගාව ආත්මෙ ප්‍රාර්තනාවක් කරමුද අපි දෙන්නා?"

"ම්ම්... ඉස්සෙල්ලම ඔයා.."

"හරි.."

මං ඉස්සරහින් බිමට දනක් තියල ඉඳගත්ත එයාගෙ උණුසුම් අත් අතරට මගෙ අත් ගුලි උනා..

"මං ප්‍රාර්ථනා කරනවා... අපි දෙන්නටම ඊළඟ ආත්මෙ සැනසීමක්.. ඒ වගේම මට ඕන මං ගාවින්ම ඒ ආත්මෙත් හයියක් වෙලා ඔයා ඉන්න.."

මං එයාගෙ අත් වලින් මගෙ එක අතක් ගළවන් එයාගෙ කම්මුලක් ස්පර්ශ කරා.. සීතලට කම්මුලත් සීතල වෙලා එයාගෙ..

"ම්ම්... මං ප්‍රාර්තනා කරනව ඊගාව ආත්මෙ එක විනාඩියක් හරි මම මේ පන්ඩිතයට වඩා වැඩිමල් වෙලා ඉපදෙන්න කියල.. ම්ම්.. එතකොට මං කැමති ලස්සන ගමක ආදරණීය අම්මා අප්පා කෙනෙක් එක්ක ජීවත්වෙන්න."

එයාට හිනා ගියා.. එහෙම්මම මගෙ අත් දෙක ආයම එයාගෙ අත එක්ක පැටලෙද්දී එයා මගෙ උකුල උඩ ඔළුව තියාගත්තෙ අපි දෙන්නවම වහගන මල් පෙති,මල් වැස්සක් පහලට වැටෙද්දී..

එයාගෙ කොණ්ඩෙ රැදුන මල් පෙති එක්ක මං සෙල්ලම් කරන්න ගත්තෙ එයා මගෙ උකුලෙන් දිගටම ඔලුව් තියන් ඉද්දි.. නිදිමත ඇති..

"මගෙ රුද්.. බෙන්ච් එක උඩට ඇවිත් උකුලෙන් ඔළුව තියාගන්නකො.. චුට්ටක් ඇස් වහගන්න ඒ කරල.."

මං දිහා බලල ඔළුව වනපු එයා මගෙ කම්මුලටත් කිස් එකක් දීගනම මගෙ දනිස්සට චුට්ටක් කිට්ටුව ඔළුව තියාගත්ත. දැන් ඉතින් එයාට බෑනෙ බඩ කිට්ටුවම ඔළුව තියාගන්න. එයාගෙ සින්න කුට්ටි ඉන්නවනෙ..

"දන්නවද මේ සින්න කුට්ටි මගෙන් මුළින්ම හොරකම් කර ගත්තෙ මොනවද කියල?"

රුද් මගෙන් අහද්දි මං එයා දිහා බැලුව..

"ම්හු..මොනාද?"

"මොකක් හරි උන ගමන් මං දොයිය ගන්න හොයන් එන මේ චූටි බන්ඩිය.."

එයා එයාගෙ මැරකම් සේරම පැත්තක දාලා සාමාන්‍ය අප්පා කෙනෙක් දරුවෙක් ලැබෙන්න ඉන්න තමන්ගෙ වයිෆ්ව පරිස්සම් කරන්නා හා සමානවම මාව පරිස්සම් කරා.. උපරිම සතුටෙන් තියන්න හැදුව.. හැදුවා නෙමේ උපරිම සතුටෙන් තිබ්බා. අඩුම මේ කාලෙට මට දුක කියන්නෙ මොකද්ද කියල පවා අමතක වෙලා ගියා..

රුද් මට දෙන ආදරේ ලෝකෙට කිව්වොත් එයා වෙනුවෙන් ලෝබකම් කරන කී දෙනෙක් ඉඳීද... මගෙ මනුස්සයට මට පැය විසි හතරම ඇස් වහ පුච්චන්න වේවි..

මං එයා එක්ක හිනාවෙද්දි කොහෙදෝ ඉඳන් පාවෙලා ආපු ලස්සන මලක් රුද්ගෙ පපුව උඩ නැවතුනේ රුද් ඇස් වහගද්දි..

ඒ මල අතට ගත්ත මම හිමීට නටුවෙන් කරකද්දි මගෙ කෙස් වලට දැනුනෙ සිනිදු ස්පර්ශයක්.. කවුරු හරි මගෙ ඔළුව අතගෑවද?

හුලඟට වෙන්නඇති. බොරුවට කලබල වෙලා රුද්ව ඇහැරවන්න ඕන්නෑ.. එයාගෙ කොණ්ඩෙ දිගේ ඇඟිලි යවන ගමන් මම අර මලත් මගෙ රුද් හදල දුන්නු මල් පොකුර අස්සෙන් ගහගත්තා..

මගෙ දෛවය කොහොම ලීවත් ඒ ලියපු මනුස්සයාට පින්.. මෙච්චර ආදරයක් හිතේ තියන මනුස්සයෙක් මට දුන්නට...

(ඇයි මට මේ ජිමින්ගෙ AI එක මේ කතාව එක්ක සුපිරියටම මැචින් කියල හිතෙන්නෙ?..ඔයාලටත් එහෙම හිතෙනවද බලන්න😭💗.. මේක අහල බලන්න ඔර්ජිනල් එකට වඩා ලස්සනයි ජිමිනගෙ AI cover එක)

______________________________________

මං දන්නව මදි කීලා.

ඒත් මට දොයිමතයිනෙ ම්හූක්

හෙට එන්නෙ white lotus එකෙන්💗

ගුඩ් නායිට් මගෙ හා පැටව්නෙ

Share This Chapter