Back
/ 51
Chapter 40

...තිස් නවවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"ඉවසල ඉන්න වස්තුව අපි ඉක්මනට හොස්පිට්ල් එකකට යමු.. අණ්ණා බබා එන්න යන්නෙ.. රාජ්..."

"දෙයියනේ රුද්??මට අමාරුවක් නෑ. මේ සින්න කුට්ටි ඇතුළෙ ඉඳන් පයින් ගහපු පාර ගොඩක් සැරට වැදුන...."

ඇයි දෙවියනෙ මම මේ ඉඳගන පාඩුවෙ පේර ගෙඩියක චීස් ගාගෙන කන ගමන් හිටියෙ.. මේ චූටි චන්ඩියා බඩට ගහපු පාරක් එක්කමට කෙඳිරි ගෑවෙද්දි පුටුව උඩම මගෙ එහා පැත්තෙ නින්දෙ ඉඳපු රුද් පුටුවෙනුත් බිමට වැටිල පිස්සුවෙන් වගේ ගේ දිගේ දුවන්න ගත්ත.

"ආ නැද්ද.. බය උනානෙ කුට්ටි.."

"හැච හැච තමා කොන්ද කැඩෙයි බලාගන"

රුද්ට ඇද කරපු මං ආපහු පේරයි චීසුයි කන්න ගත්ත.. රසයි හැබැයි

"ඔය මොන ජරාවක්ද කන්නෙ රූහා"

"ජරාව? ඔයා මං කන කෑම එකටද ජරාව කියන්නෙ?"

මං හිතන්නෙ මගෙ ඇස් වල කඳුළු පිරුන. හනේ... දුක හිතෙනවනෙ. මං ෆූස් ගාල නහය උඩට ඇද්ද. පොඩ්ඩක් කඳුළු ආව ගමන් හොටු එනව රෙද්ද..

"කඩවුලේ.. එහෙම නෙමේ කුට්ටි හයියො.. අඬනව නේද.. නෑ නෑ ඕක නෙමේ ජරාව මේ ඔයාගෙ චිකූට කිව්වෙ. ඕක රසයි නෙ කුට්ටි කන්න කන්න.. මගෙ කුට්ටි ඕනෙකක් කන්නකො"

මං බලන් හිටියෙ පිට අතගගා කඳුළුත් පිහිදල මගෙ හොටුත් පිහිදපු රුද් දිහා..

"ඇත්තමද?"

එයා ඔව් කියන්න ඔලුව වනද්දි මං චීස් ගාපු පේර ගෙඩිය එයාගෙ කටේ එබුව. ඒ මූණ දෙක වෙලා යද්දි එයා ප්‍රශ්නයක් නෑ වගේ ඉන්න හැදුව..

"එක්කෙනෙක් බලු වෙලා නේ"

"අපිට නං ඕක හිතුනෙ මීට අවුරුද්දකට විතර කලින්"

ආදි අණ්ණා රාජ් එක්ක ඇවිත් පුටුවකින් ඉඳගද්දි මං රුද් දිහා බැලුව.

"කාපිය"

"ඈ?.."

"ආමා. රසයි නං කන්න බැරි නෑනෙ. කාලා මිසක් නැගිටින්න එපා"

"අනේ කුට්ටි.."

"ඇයි බැරිද?"

"නෑ නෑ පුළුවන්"

මූණත් මොකද්ද කරගත්ත එයා චීස් දාපු පේර කුට්ටිය පිටින් කටේ ඔබාගත්තා. පව්. රසයි නං කන්න දෙන්න එපැයි දෙයියනෙ මගෙ අහිංසකයනෙ. මට අහිංසක උනාට රටට අහිංසක නෑනෙ.. කුට්ටි ඔයා නං අප්පා වගේ වසවර්තියෙක් වෙන්න එපා..

පැය ගානක් සාලෙට වෙලා පොර අල්ලපු අපි කාමරේට ආවා. දැන්නම් අපි හිටියෙ පහල තට්ටුවෙ කාමරේක. ආදි අණ්ණට උඩ කාමරේ දීල අපි පහල නැවතුනා. මේ අපෙ චූටි දඟයා හින්ද පඩි නගින්න බෑනෙ. අනික මේ තුවාල හොඳ උනා විතරයි රුද්ට කරදර කරන්නත් බෑනෙ.

ලයිට්ස් ඕෆ් කරල ඇඳට ආව රුද්ගෙ අත් අතරෙ මං පරිස්සමට හාන්සි වෙද්දි එහෙම්ම කැරකිලා රුද් මගෙ බෙල්ල අස්සෙ මූණ ගහගත්ත..

"සනීපයි"

හිමීට එයා මිමිණුවෙ මං ඇස් පියාගද්දි. එක අතකට මට මේ ලැබුන ජීවිතේ කොච්චර හොඳද. හිතේ සැනසීමක් නැති උනත් මට ආදරේ මං විතරක්ම හොයන ආදරනීය හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. පව්ලක් වගේ සහෝදරයො දෙන්නෙක් ඉන්නවා..

රුද්ගෙ හුස්ම වැටෙන තාලෙ සාමාන්‍ය වෙලා හීනියට ගෙරවුමක් ඇහෙද්දි මට තේරුන එයාට නින්ද ගිහිල්ල කියල. පැයකටත් වැඩි කාලයක් ඇස් ඇරන් ඉඳපු මට නින්දක් අහකලවත් නොවෙද්දි මං රුද්ගෙ මූණට චූට්ටන් හාදු තියන්නගත්ත. මූණ සීතලයි අනේ. මං ආසම එයාගෙ ඔය නහයයි කම්මුලුයි සීතල වෙනවට.

ටක්... ටක්... ටක්...

දොළහට කිට්ටු වේගන එද්දි පුරුදු විදිහටම අඩි සද්ද ඇහෙන්න ගත්තා.. වෙනදට ගේ වටෙන් ඇහෙන සද්දෙ ටිකින් ටික අපේ කාමරේ දිහාට ආව.. කාමරේ බිත්තියට කිට්ටුවම එළියෙන් ඒ අඩි සද්දෙ නවතිද්දි මම හුස්මක් හිර කරන් ඒ සද්දෙට කන් දුන්නා..

රුද්ගෙ කවුරු හරි ද..

නැවතුන අඩි සද්දෙ ආයම ඇහෙන්න ගත්තා...

ටක්... ටක්... ටක්...

මේ පාර ඒක කාමරේ ළඟ ඉඳන් ඈතට යනව ඇහුනා.. ගාර්ඩ් කෙනෙක් තමයි. බයවෙච්ච හිත් මං එහෙම හිතල හදාගත්තා...

විනාඩියක්... දෙකක්... තුනක්...

ටක්... ටක්... ටක්...

වේගෙන් වේගෙන් ඇහුන අඩි සද්දෙ අඩි සද්ද කීපෙකට පෙරලෙද්දි දඩාන් ගාලා දොරේ මොකක් හරි වැදුන. කව්‍ද ඒ...

"කුට්ටි..කව්ද ඒ?"

මෙච්චර වෙලා නින්දෙ ඉඳපු රුද් ගැස්සිල ඇහැරිලා ඇඳේ ඉඳගත්තෙ මාවත් ඇඳෙන් ඉන්දවන ගමන්..

"ද්-දැක්කනෙ..ම්-ම්න් හැමදාම කිව්-වෙ ඕක ගැන.."

බයටම ගොත ගැහෙද්දි රුද් මාව සන්සුන් කරල දාඩියත් හිමීට පිහිදල දැම්ම.. .

"බය නොවී ඉන්නකො.. මම බලල එන්නම් සරියා?.."

"අනේ වේන්ඩා රුද් .. ඔහොම ඉන්නකො සද්ද නැවතෙයි එළියට යන්න එපා"

"ඔහොම ඉන්නකො යෙන් චෙල්ල කුට්ටිනේ.. බය නොවි ඉන්න.. මේ ගියා ආවා.. හරිද"

"හ්ම්.."

රුද් ඇඳෙන් නැගිටල කාමරෙන් එළියට යද්දි මම මගෙ නලල මිරිකගත්තා. දැන් නම් බයත් හිතෙනව.. මේ මහ රෑ කවුද ගහගන්නෙ. යක්කු ගස් නගින වෙලේ නිදාගන්නවත් නෑ..

කාමරේ ඇතුළෙ තනිවෙච්ච මට මම කාමරේ ඇතුළෙ තනි වෙලා නෑ වගේ හැඟීමක් දැනෙද්දි මම ඇස් පොඩි කරන් කාමරේ හැමතැනම ඇස් යැව්ව. නිදාගත්තෙ නැති හින්දමද කොහෙද මගෙ ඇස් කළුවරට හුරු වෙලා තිබ්බ.

ක්ලික්..

ජනේලෙ ඇරිල සීතලම සීතල හුළඟක් මාව වහගත්ත.. කාමරේ ඇතුළෙ මීදුම බැඳෙනවද.. මොකක්ද මේ වෙන්නෙ.. මං ඇඳෙන් නැගිටින්න හැදුව. අනේ මට තනියම නැගිටගන්න බෑ... මොකක්ම හරි අමුතු දෙයක් වෙනව කියල මට දැන් හිතෙනව..

"ක්-කව්ද.."

කටහඬ පවා ගොත ගැහෙද්දි මං ඇඳේ කෙළවරටම හේත්තු උනා.. එළියට ගියපු රුද් තාම නැතිවෙද්දි මම අත් දෙකෙන්ම මගෙ ඉස්සරහට ඇවිත් තියන බඩ අල්ලගත්ත..දෙයියනෙ ඒ ගමන මොකද්ද මේ වෙන්නෙ..

ජනෙල් අතරෙන් ආව දුම එන්න එන්නම වැඩි උනා.. පුදුමෙ කියන්නෙ හඳුන් කූරක දුමට උනත් හුස්ම හිර වෙන මට මේ දුම ගානක් උනේ නෑ.. හරියටම මීදුම වගේ..

ටක්! ටක්! ටක්...

ආයෙමත් කොහෙදෝ ඉඳල පටන් ගත්ත අඩි සද්දයක් හිමීට ඇරුන ජනේලෙ ගාවට ආවා....

"ආහ්!"

ජනේලෙ අයිනෙ හිටන් ඉඳපු රූපයක් දැක්ක මම ගැස්සුනා..

"අනේ මගෙ දෙවියනේ.. රුද්!!!"

මම පුළුවන් තරම් හයියෙන් කෑගැහුව.. ඒත් එක්කම ජනේලෙ ගාව තිබ්බ රූපෙත්.. කාමරේට ආව මීදුමත් මැකිල යද්දි මං බෙඩ් ශීට් එක ඔළුවෙ ඉඳන්ම දාගත්තා.. වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ මාව ගැහෙනවා.. දාඩියෙන් නෑවිලා ගියපු මාව ආයෙම කෑගැස්සුනේ මං ඔළුවෙ ඉඳන් දාන් උන්න ශීට් එක ඇදිල විසි වෙලා යද්දි..

"ඔයා හොඳින්ද?"

බෙඩ් ශීට් එක ඇදල දැම්මෙ රුද්.. එයා මාව පරිස්සමට තුරුල් කරගත්ත...

"රුද්.. රුද්.. එ-එතන.. ජ්-ජනේලේ ගාව..."

මං ඇඟිල්ලත් දික් කරල පුළුවන් විදියට වෙච්ච දේ කියන්න හැදුවා..

"සන්සුන් වෙන්නකො කුට්ටි.. හොඳ හුස්මක් ගන්න.. සේරම හරි ම්ම්.."

"අ-නේ.. රුද් යන්න එපා ආය.."

හුස්ම හිර කර කර මම එයාට තුරුල් උනා.. අනේ දැන් නම් මේ වෙන්නෙ මොනවද කියල හිතාගන්න බැරි තරමට බයයි...

"මං යන්නෑ.. හරි දැන් ඔහොම හාන්සි වෙලා ඇස් වහගන්න කුට්ටි. මොකුත් උනේ නෑ මගෙ කුට්ටි හීනයක් දැකලනෙ.. ම්ම්.."

රුද්ගෙ වචන වලට පවා මාව සන්සුන් වෙද්දි මං එයාගෙ අත් අතරේ ආයම නින්දට වැටුන.. ගැඹුරු නින්දට මාව ඇදෙන්න කලින් මට ඇහුනෙ රුද් යන්තම් කුටු කුටු ගගා කාටහරි බනිනව.. නෑ මට ඒ කිසි දෙයක් ඔළුවට ගියෙ නෑ...

"මොන මගුලටද රුහාන්ව බය කරේ?.. තමුන් දන්නවා එයා ඉන්න තත්වෙ උඩ ඒක එච්චර හොඳ දෙයක් නෙමේ කියල. ආය එයාව බය කරොත් ආපු දිහාටම යනව තමුන් මගෙ කවුරු උනත්.. ඔය විදිහට තමුන් දැක්කොත් මගෙ අහිංසකයා තවත් බය වෙනවා. හොල්මන් නොකර ඉඳපන්. දැන් මගෙ ජීවිතේට අංක 1 රුහාන්..ආ-"

________________________________________

හරි හරි කොටයි තමා.

ටයිප් කරන ටික දෙනො ඉතින් ඔවාල බලන් ඉන්න හින්ද..

ඒක නෙමේ අලුත් එක කියෙව්වද?..

කෝමද ඒකෙ පළවෙනි එපිය?

ගිහිල්ල එන්නම්.. පුළුවන් උනොත් ඩබල් දෙන්නම්. 💗

Share This Chapter