Back
/ 40
Chapter 19

17 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

තාප්පයා කීව දේත් එක්ක මම කාමරේට දීවේ අඩියට දෙකට....හේ හේ...මෙහෙම හිටියට පැංචට දුවන්නත් පුළුවන් හරිත....මම මේ කාමරේට ඇවිල්ලත් කකුල් දෙක අතගාලා බැලුවෙ මගෙ කකුල් දෙකට රොකට් හයිකරේ කවද්ද කියලා...හැයි අනේ පැංචා දීවා නෙවෙයි විද්දනෙ....මාර වැඩක් තමයි ඒක...හොල්මනක් කරපු හරියක් කීවලු...බලන්න අනේ...එයැයි මගෙ ඇගට පනින්න ආවේ නැත්තන් මට මෙච්චර දෙයක් වෙන්නෙ නෑනේ...ඌප්ස් පැංචා තාප්පයගෙ උකුලට පැන්නා නේද....ඔයාලට කියන්න ඒයිලා කුෂන් එකක වාඩිවුණා වගේ...සනීපේ බැරුවා...අනේ ඇත්තමයි ඒ යකා බෙරිහන් දුන්නෙ නැත්තන් මම තව සූට්ටක් වෙලා සැපට ඉදන් ඉන්නවනෙ....ආ ආ ඔය ඉතින් ඔන්න තොපි හිනාවෙනවා....හිනාවෙන්න එපා අප්පාවේ පැංචට විපතක්නෙ වෙලා තියෙන්නෙ...හා නැද්ද කියන්නකො....

ඒ උනාට එයා මොකක්ද අර කීවේ...තමුසෙ මාව ඇවිස්සුවාලු...විනාඩි පහක්ද දහයක්ද හිටපන්ලු....මොනවද අප්පා ඒ කීවේ...ඔයාලටවත් තේරුනාද අනේ එයැයි ඒ කියපු දේවල්...ඔන්න මටනම් තේරුනේ නෑ...අනේප් මට මොකද...එයා කුණු ගොඩක් උනාට මම මොනවා කරන්නද...පිස්සු...

මම ඉතින් හිත හිතම wash room එක අස්සට රිංග ගත්තෙ හොදට නාගන්න බලන්...උදේම නෑවාම ශරීර සෞඛ්‍යට හොදයි...මිහුක්...ඔයාලා හඩ්ඩො කියලා මම මොනවා කරන්නද...මම ඉතින් මගෙ සෝස පාට පිජාමා සූට් එකත් අරන් තුවායත් ඔලුවෙ ඉදන් පොරවන් නාන්න යන්නයි මේ ලෑස්තිය..ඕ යෑස්...

"සුවද සබන් ඇග ගාලා හායි හායි...."

සිංදුවකුත් කියාගෙනම නාද්දි තමයි ආතල්...මේ මේ බේබි සබන්...පැන්ඩා බේබි දැන් යාලුවෙලා....හේ හේ....ගනන් ගන්න එපා අනේ මම නාන්න ගියපුවාම ඔහොම තමයි...මෙහෙම හිටියට මමත් හොද ගායකයෙක් තමයි...wash room එක ඇතුලේ...එලියට ගියාම ඌ පැනලා යනවද කොහෙද....අනිත් දවසෙ බලාගෙන ඉන්න ඕනෙ මූ කොහෙටද යන්නෙ කියලා....ගායකයා අනේ ගායකයා වෙන කවුරුත් නෙවෙයි....

"හචිස්....."

"හචිස්....."

"හචිස්....."

හනේ දෙයියනේ...මට උණ කියලා අමතක උනානේ...කිවිසුම් යද්දිනෙ මොලේ පෑදුනේ...සෙසඳුවා හිටියනම් මාව මරලා ඩෙසට් එකට ගන්නවා...අනේ ආයෙ උන වැඩි වෙයිද දන්නෙ නෑ....එහෙම උනොත් මම මොකද කරන්නෙ ඒයිලා.....අනේ ගහපන්කො මට එකක්....මෝඩයොත් දැක්කා හැබැයි මෙහෙම මෝඩයෙක් දැක්කෙ නෑ...දැන් ඉතින් මොනවා කරන්නද ඉතුරු ටිකත් නානවා මිසක්...

මම නාගෙන ඔලුවත් හොදට තෙත හින්දගෙන ඇදුමත් ඇදගෙනම එලියට ආවේ තව පොඩ්ඩක් නිදාගන්න හිතන්....කරන්න වැඩකුත් නැති එකේ කම්මැලි අප්පා...ඒ නිසා ඔන්න ඔහෙ නිදාගන්නවා....බේබි ක්‍රීම් චුට්ටකුත් ගාගෙන ඒසී එකත් දාගෙනම මම කරේ ඇදට පැනපු එක...හප්පේ දැනෙන සනීපයක්...දිව්‍යලෝකෙ ගියා වගේ...දැන් උබලා අහන්න එපා දිව්‍යලෝකෙ ගියෙ කොහොමද කියලා....ඔයාලා නොදන්නවා උනාට මම හිටියෙ එහෙ තමයි....වැරදිලානෙ මේ නර ලෝකෙට වැටිලා තියෙන්නෙ...දෙයියොන්ටත් පිස්සු...නැත්තන් මම වගේ කුමාරයෙක්ව මේ යක්කු ගොඩට එවනවද....නෑනේ නෑනේ....හරි හරි ඒවා වැඩක් නෑ මට නිදාගන්න ඕනෙ....ඒ නිසා ඔයැයිලත් දැන් ගියාට කමක් නෑ...චුප් චුප්....

සැප නින්දක හිටපු මාව ගැස්සිලා ගියෙ කාමරේ දොර ඇරුණ සද්දෙට....මේ වෙලාවෙ කවුද කාමරේට එන්න ඉන්නෙ....සෙසඳු එන්න හවස් වෙනවනෙ....ඒ නිසා ඌ වෙන්නත් බෑ...කල්පනා කරපු මගෙ ඔලුවට එකපාරම ආවේ එදා මට කරදර කරන්න ආපු මනුස්සයා වෙද්දි මම කරේ ඇදෙන් බිමට පැනපු එක....හිතේ සැකේට දොර දිහා බලපු මම දැක්කෙ ඇතුලෙන් දොරත් ලොක් කරලා මම දිහා බලන් ඉන්න තාප්පයව....කිසි වෙනසක් නෑ හරියට නිකන් යකෙක් වගේ...තරහ යන හැමදාකම එයාගෙ ඇස් රතු වෙනවා...මම ඒක හොදටම දැකලා තියෙනවා...අදත් ඒ වගේමයි එයාගෙ ඇස්...ඒවා රතුම රතුයි...මරන් කන්න වගේ මගෙ දිහා බලන් ඉන්න විදිහට අර මනුස්සයා උනානම් එකක් කියලත් හිතෙනවා....

"අසනීපයි කියලා අතඅරින්න හැදුවාම උබ එනවද මගෙ කරේ නගින්න ආ...."

"මම..මම..."

"මැරුම් නොකා කට වහපන් නිවේන්...."

අඩියෙන් අඩිය මම ලගට එන ගමන් මහ සද්දෙට බනින්න ගත්ත එයා කරේ මොනවා හරි දෙයක් එයාගෙ සාක්කුවෙන් එලියට ගත්ත එක....බයටම ටික ටික පස්සට ගිය මම නැවතුනේ බිත්තයේ වැදිලා.....මම දැනුයි දැක්කෙ ඒ මගෙ phone එක...එයා අතේ තිබ්බෙ මගෙ phone එක...හොල්මන්වලට බයවුණ පාර phone එකත් දාලමයි දුවන් ඇවිත් තියෙන්නෙ...හනේ වාසනාවන්...මහ වියරු බැල්මකින් phone එක දිහා බලපු එයා කරේ මාව බිත්තියට කොටු කරගත්ත එක....මගෙ පපුව එලියට පනින්න තරම් ගැහෙනවා දෙයියනේ.....එයා ඉන්න විදිහට එයාගෙ හුස්ම කෙලින්ම වදින්නෙ මගෙ තොල්වල...කවදාවත් නැතුව මට දැනුනෙ මගෙ ඇගේ හිරිගඩු පිපුනා හා සමාන හැගීමක් වෙද්දි ආයෙම මම ගැස්සිලා ගියෙ එයා අතේ තිබුණ මගෙ phone එකට ආව කෝල් එකක් නිසා...

"ආන්ස්වර් කරපිය මේක...."

"අහ්...."

"ඕක ආන්ස්වර් කරලා ස්පීකර් දාපන් නිවේන්..."

"ඇ...ඇයි...."

මගෙ කටනම් මහ වේස කටක්...ඇයි යකෝ මෙච්චර හරියක් වෙලා තියෙන අස්සෙත් රෙද්දක් අහනවනෙ....බිම උලාගන්න හිතයි...

"මැරුම් නොකා කීව දේ කරපන් යකෝ..."

දැනුයි මම phone එක දිහා බැලුවෙ...ඒ කතා කරේ දේශාන්....මට ඔයාලට කියන්න අමතක උනානේ එදා සෙසඳුගෙ සිද්ධියෙන් පස්සෙ තාප්පයා මට කීප පාරක්ම කීවා මේ යකාව block කරපන් කියලා....හනේ මට මතක නැතිවුණා ඒයිලා....අද නම් මූ මාව මරන එක මරනවා...ආයෙ ඒකෙ දෙකක් නෑ....බලාපල්ලකො යකෙක් වගේ බලන් ඉන්න විදිහ...මේ යකා මොකට මාත් එක්ක මෙච්චර තරහා ගන්නවද මන්ද...හිතාගන්න බෑ...කරන්න දෙයක් නැතිකමටම මම කරේ කෝල් එක ආන්ස්වර් කරන්න තීරණය කරපු එක....එකායි...දෙකායි...තුනායි...

"ආන්ස්වර් කරපන් නිවේන්...."

"හෙ...හෙලෝ...."

"චූටියෝ..."

ඔය කරේ...හනේ මොන හුත්තක්ද යකෝ මේක..හැමවෙලේම මේ රෙද්දෙ නමක් කියනවා....මරපන්කො මෙන්න මූව...ඒ අස්සෙන් තාප්පයා දත් මිටි කනවා...මේකගෙ දත් ටික කැඩෙනවා මේ කන විදිහට...

"ඇයි කතාකරේ...."

"කතාකරේද....කතාකරේ මගෙ චූටියගෙ කටහඬ අහන්නෙ..."

අස්සවනවා මම කටහඬ....

"දැන් ඇහුවනෙ එහෙනම් මම තියෙනවා..."

"මොකද මේ හදිස්සිය ම්ම්ම්...මම ගත්තෙ පොඩි දෙයක් කියන්නත් එක්ක..."

"මොකක්ද..."

කියපන්කො බලන්න උබේ ඔය පොඩි දේ...

"ඔහ් හෝ ඒ ටිකට තරහත් ගියාද?.....මට දැන් උබව උස්සන් යන්න හිතයි බං..."

ඉදකින් මූ නිකන් අසහනකාරයෙක් වගේනෙ කතා කරන්නෙ....මම ආයෙම කට අරින්න හැදුවට තාප්පයා කරේ මගෙ කට එයාගෙ අතකින් වහගත්ත එක...හරියට නිකන් තෝ තව එක වචනයක් හරි කතා කරොත් මම උබව මරණවා කියන්න වගේ...මමත් ඉතින් එයාට ඕනෙ දෙයක් කරගන්න කියලා පාඩුවේ හිටියෙ දැන් එයාගෙන් ගැලවෙන්න බෑ කියලා දන්න නිසාමයි....

"මොකද කතා නැත්තෙ...."

"ඔයාට තව වැඩි කාලයක් මගෙන් හැංගිලා ඉන්න බෑ චූටියෝ....මම තමුසෙව මගෙ ලගට ගන්න එක ගන්නවමයි...ඒක මතක....."

නෑ...දේශාන් කාරයාට ඒක කියලා ඉවර කරන්න උනේ නෑ....තාප්පයා කරේ මගෙ අතේ තිබ්බ phone එක අරන් කෝල් එක කට් කරපු එක....ඒ කරලා මේ යකා විසික් කරේ නැතැයි මගෙ phone එක...හනේ දෙයියනේ මගෙ පපුවත් නතර වුණා....මගෙ පනත් හරි මගෙ phone එකත් හරි...වෙලාවට ඒක ගිහින් වැටුණෙ ඇදට....phone එක දිහා බලලා මෙහෙ බලන ටිකට තාප්පයා කරේ තවත් මාව බිත්තියට තද කරගත්ත එක....මේ මොකද මේ...

"තමුසෙ ඇයි නිවේන් මට මෙහෙම කරන්නෙ..."

"මම...මම මොනවද කරේ...."

ටිකකට කලින් තරහ ගිය එයාම දැන් කතා කරන්නෙ දුකින්....ඒත් ඇයි...මම මොනවා කරාටද මගෙන් එහෙම දෙයක් අහන්නෙ....

"තමුසෙ මට මොනවද නොකරෙ..."

"අහ්....."

ආයෙම කේන්තියෙන්.....මේ යකා කටුස්සෙක්ද මන්ද...මේ හොදට ඉන්නවා මේ යකා වැහෙනවා....හනේ මම දන්නෙ නෑ මොනවා වෙනවද කියලා....මගෙත් ඔලුව විකාර වෙනවා මූ මේ කියන ඒවට....එක්කො මාව අතඇරලා කියන දෙයක් කියපන්කො ඒත් නෑ....දැන්නම් පැංචට පෝඩ්ඩක් විතර බයයිත් එක්ක....

"තමුසෙ මගෙ ඉවසීම නැති කරනවා නිවේන්..."

"මම..."

එතනින් එහාට එයා කතා කරේම තරහින් වෙද්දි මම කරේ හැමදාම වගේ කදුලු පුරවගත්ත එක...එක අතකට මම කියලා වෙන මොනවා කරන්නද....එයා එක්ක කට ගහගෙන යන්න තරම් හයියක් කොහොමත් මට නෑ....හ්ම්.....

"මම තමුසෙට කීපාරක් කීවද අර පාහරයගෙ nmb එක අයින් කරපන් කියලා....ආ...මම උබට කීවද නැද්ද....කතා කරපන් නිවේන් මම උබට කීවද නැද්ද....."

"කීවා...."

"හහ්....කීවා....එතකොට උබ මේ ඒක අහපු හැටිද..."

"සො..සොරි...මට..මට අමතක උනා..."

"ආයෙ උබට අමතක වෙන එකක් නෑ...."

මහ නපුරු විදිහට එහෙම කියපු එයා කරේ මගෙ අත් දෙක උඩට කරලා බිත්තියට තද කරපු එක....එයාගෙ තනි අතකට මගෙ අත් දෙකම ඇති.....ඉතින් හිතාගන්නකො කෙනාගෙ තරම...මම කොච්චර එයාගෙන් ගැලවෙන්න හැදුවත් වැඩක් උනේ නෑ...ඒකෙනුත් රිදුනෙ අහිංසක මටමයි.....මම දගලන්න දගලන්න එයා කරේ තවත් මගෙ අත් බිත්තියට තද කරගත්ත එක...මම දැන් තටු නැති කුරුල්ලෙක් හයියෝ...හනේ මේ අස්සෙ වෙන වෙන ඒවත් ඔලුවට එනවනෙ...ඇත්තමයි මගෙ මොලෙත් වෙලාවට මහ සාපයක්....

"අත...අතඅරින්නකො...මට...මට..රිදෙනවනෙ."

"වැරදි කරානම් විදවපන්....."

එහෙම කියපු එයා එදා වගේම මගෙ බෙල්ලට පාත් වුණේ වෙන්න යන දේ තේරුන නිසාම මම ඇස් දෙක වහගනිද්දි....මම කීවේ එයා එදා වගේමයි...ටික වෙලාවක් මගෙ බෙල්ල ඉව කරපු එයා කරේ එයාගෙ දිවෙන් මගෙ බෙල්ල තෙත් කරපු එක...දගලලා වැඩක් නෑ කියලා අත්දැකීමෙන්ම දන්න නිසාම මම කරේ එයාට ඕන දෙයක් කරගන්න කියලා බලන් හිටපු එක...එයාගෙ දඩුවම මේකනම් හරි මම ඒක බාරගන්නම්.....මොකද මමයි එදා මෙයාව තෝරගත්තෙ.....දැන හෝ නොදැන මමමයි විහින් කරදරේ වැටුණෙ......හැබැයි ඉන්න....

"ආර්හ්......ඒක...ඒක අමාරුයි...මට..මට ඒක ඉවසන්න අමාරුයි..."

මට මොකක්ද මේ උනේ....එදා එයා කරේ මගෙ බෙල්ල තුවාල වෙන්නම හපපු එක...ඒත් අද...අද එයා කරන්නෙ මගෙ බෙල්ල ඒ තොල් වලින් උරන එක....මට කවදාවත් මේ වගේ හැගීමක් දැනිලා නෑ....ඒක...ඒක මාරයි...හරිනම් මම මේකට බයවෙන්න ඕනෙ...මම මේකට අකමැති වෙන්න ඕනෙ...ඒත් දැන්....මට තවත් ඒ දේ ඕනෙ වගේ දැනෙන්නෙ ඇයි....අනේ ඇයි මේ...මට..මට තේරෙන්නෙ නෑ....මම ඇත්තම කියන්නද...හිනාවෙන්න එපා...ඒත් මම මේ වෙලාවෙ මේ දේ කියන්නම ඕනෙ...ඇත්තටම ඒක මාර සැපක්....ඒකමයි මට ආයෙම කෙදිරි ගෑවෙන්න ඇත්තෙ...

"ම්හ්ම්....ම්හ්ම්......."

මම මොන තරම් දැගලුවත්....මොන තරම් කෙදිරි ගෑවත්...එයා මාව නිකමටවත් අත ඇරියෙ නෑ....ඒ කියලා එයා එක වචනයක්වත් කතාකරේ නෑ....තාමත් මගෙ අත් දෙක බිත්තියට තද කරගෙන එයා මගෙ බෙල්ල උරනවා....මම දන්නෙ නෑ...ඒකට කිස් එකක් කියලා කියන්නත් බෑ....අනේ මන්ද හරි අමුතුයි...හැබැයි මම එක දෙයක් දන්නවා...ඒ දැනටමත් මම ඒ දේට කැමති වෙලා ඉවරයි කියන එක....අදින් පස්සෙ මේ වගේ දේකට මම කවදාවත් කලබල වෙන එකක් නෑ....ඒත් ඇයි...මම දන්නෙ නෑ....මට තේරෙන්නෙ නෑ....හැබැයි එයා මාව අතඇරියා....එයාට ඇතියි කියලා හිතුන නිසාමද මන්දා අන්තිමට එයා මාව අතඇරියා.....රහසින් වගේ මගෙ කනට දෙයක් මමුණලම.....

"අදින් පස්සෙ ලෑස්ති වෙනවා....be my sex partner....මට ඕනෙ වෙලාවට මට ඕනෙ තැනදි.....තමුසෙ අකමැති උනත් මම කැමති නම් වෙන්න ඕනෙ මට ඕනෙ විදිහට...."

"මම....ම..."

"තමුසෙ තමයි...."

එහෙම කියපු එයා යන්න ගියෙ මගෙ ඉනත් ලාවට මිරිකලමයි....එයා කියපු වචනයක් වචනයක් ගානෙම අහගෙන හිටිය මට කියවුනේ එක දෙයයි....

"ඔයාට ඕන දෙයක්...."

එයා මගෙන් ඉල්ලපු දේ මම දන්නවා...කොච්චර හුරතලේට හැදුනත් මමත් ඒ දේවල් දන්නවා....හැබැයි නොදන්න එක දෙයක් තියෙනවා...ඒ මගෙ හිත ඇයි මටම අකීකරු කියන එක....ඒ වගේ බරපතල දෙයක් පිලිගන්න තරම්....මාව නොමරා මැරෙයි කියන එකවත් මගෙ හිත අහන්න කැමති නෑ.....මට මෙහෙම වෙන්න ඕනෙ නෑ....ඒත් මගෙ හිත මටම පිටුපාද්දි මම කියලා මොනවා කරන්නද.....මට තේරෙන්නෙ නැත්තෙ දේශාන් ගැන හිතද්දි බය වෙන්නයි තාප්පයා ගැන හිතද්දි බය නොවෙන්නයි මට අද මොකක්ද උනේ කියන එක.....කලින් නොසෑහෙන්න අඩපු...මට මෙහෙම කරන්න එපා කියලා කෑගහපු මංමද මේ?.........

_____________________________________

ලමයි කතාව හොද නැද්ද?..🤧

අහන්නකො හෙට උදේට ගෝල් දෙන්නම් හරිද...එක දවසෙ කතා 3ක් ලියන්න බෑ අප්පා😫

හෙට එනකන් පරිස්සමින් ඉන්න ඕන හරිද..ආදරෙයි 😚❤❤

Good night😴🌙⭐

@Diyana_45 🖊mention a user

Share This Chapter