Back
/ 40
Chapter 2

01 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

බීප්.....බීප්....බීප්....

කන ලගම බෙරිහන් දෙන Samsung වර්ගයේ පොඩි phone එක...ඒත් නිනව්වක් නැති හරි ගැඹුරු නින්දක ගිලිලා ගිය අහිංසක ඒ රුව..

නින්දෙනුත් අඩුවක් නොවුන හුරතල්කම පිරුණු පිං පාට මූණ...හරි හීනියට ඇදුන හිතම පුරවන ඒ හිනාව...මේ හැමදේම අස්සෙත් හරි සියුම්ව සැගවුණ වේදනාබර අතීතය,රිදුම්දෙන

වර්තමානය,තාමත් නොදන්න අපහැදිලි අනාගතය...

සැනසීමක් නොවුනත් තිබුණ එකම ආරක්ෂාව,

සතුටක් නොවුනත් තමන්ට තිබුණ එකම පවුර..ඇස් පනාපිටම උදුරගත්ත මහ මූසල ඒ රාත්‍රිය...අදටත් හිත බයගන්වන හීනවල පවා හොල්මන කරන ඒ දර්ශන..පොඩි කාලෙ ඉදන් දැකපු දේවල් නිසා ආදරය කියන වචන හතර පවා අමතක කරපු ඒ හිත....එහෙම හිතකට පෙම් බැදි දඩබ්බර ආඩම්බරකාරයෙක්...

ආදරය නිසාම ඇවිලුණ..ආදරය නිසාම නිවුන නිහඬ සීතල චරිතය...මුලදි නොසෑහෙන්න රිද්දපු ඒත් හරි ආදරෙන් මුලු හිතම පුරවපු...දැන ගන්න ආසද ඒ ආදරය...කාත් කවුරුවත් නැති අහිංසක හිත හොරා ගත් නිවේන්ගෙ වස්සානය...ඉතින් පිලිගන්න ජීවිතයට වසන්තය එන්නෙ තමන්වත් නොදන්න කාර්තුවල... 🍂❤

ඕන්න ආයෙම,

බීප්...බීප්..බීප්.....

නිවේන් POV :-

බීප්....බීප්...බීප්....

ආයිශ්..මොන මගුලක්ද මේක නිදහසේ ටිකක් නිදාගන්න නෑනෙ...

"හෙලෝ..."

"හෙලෝ හෙලෝ නෙවෙයි යකෝ බලපන් දැන් වෙලාව...."

මගෙ කන යකෝ මගෙ කන...මූ මොන රෙද්දට උදේ පාන්දර වද දෙනවද මන්ද..ඇත්තට දැන් වෙලාව කීයද...කෝකටත් කියලා phone එක ඈත්කරලා බැලුවෙ වැඩි හොදටත් එක්ක..මොකද මූ එක්ක ලේසියෙන් බේරෙන්න බෑ කියලා අත්දැකීමෙන්ම දන්න නිසා දැනගෙන කතා කරන එක හොදයි...ඉදකින් යකෝ මේ ගස් බල්ලා..තාම වෙලාව හයටත් නෑ...

"ඈ ගස් බල්ලො තාම වෙලාව හයටත් නෑ...තෝ මොන රෙද්දටද මේ උදේ කෝල් ගත්තෙ..."

"අනේ මේ ඒ පකක් මම දන්නෙ නෑ හත වෙද්දි ලෑස්තිවෙලා හිටපන්..."

"ඒ මොන..."

ආයිශ්.....තිබ්බා නේද මූ..ඕකා හැමදාම ඔහොමයි...මුටනම් මොකද මම එපැයි දැන් ලෑස්තිවෙන්න...මම ආසම නැති වැඩක් තමයි උදේට නැගිටින එක..කම්මැලිකම නෙවෙයි මට රෑට නින්ද යන්නෙ නෑ...නින්ද යන්නෙ නෑ කියන්නෙ අනේ මන්ද මට කියන්න තේරෙන්නෙ නෑ...ඒවගෙන් වැඩක් නෑ දැන් ලෑස්තිවෙන්න ඕන...කොහෙ හරි ගමනක් යනවනම් මම අඩුම පැයක්වත් ලෑස්ති වෙනවා..ඒ මගෙ හැටි..අම්මා නම් ඉස්සර කියන්නෙ කෙල්ලෙක්ටවත් නෑලු මට වගේ ලස්සනක්..මටත් වෙලාවකට හිතෙනවා ඒක ඇත්තද කියලා..මොකද කැම්පස් යන කාලෙ කෙල්ලොන්ට වඩා මගෙ පස්සෙන් ආවෙ කොල්ලො...ඒ කාලෙ අම්මා පුළුවන් තරම් මාව පරිස්සම් කරා...අදටත් මම දන්නෙ නෑ ඒ ඇයි කියන්න..මම කොල්ලෙක් උනත් හැදුනෙම ගේ අස්සෙ..කැම්පස් ගිය අවුරුදු හතරෙත් අම්මා මගෙ පස්සෙන්මයි...මුලදි වදයක් උනත් කරන්න දෙයක් නැතිකමටම මම හිත හදාගත්තා...

ඔයාලා බලනවා ඇති නේද මම කවුද කියලා..ඇත්තනෙ නමක් ගමක් නොකියා මමත් උදේ පාන්දර මගුලක් ඇදලා ගත්තනෙ..අර කෑදැත්තා නිසා තමයි මේ ඔක්කොම..හරි හරි ඒවගෙන් වැඩක් නෑ මම නිවේන්...නිවේන් සහස්‍රක බණ්ඩාර...බණ්ඩාර කියන නම කොහෙන් ආවද කියන්න දෙයියෝ තමයි දන්නෙ...ඇත්තටම මට තාම ලොකු වයසක් නෑ අවුරුදු 25යි..25 ක් උනාට 20ක්වත් පේන්නෙ නෑ කියලා තමයි සෙසඳු නම් කියන්නෙ..ඔව් ඔව් දැන් ටිකකට කලින් මගෙ නින්දත් කඩපු අතිජාත පාප මිත්‍රයා තමයි..උගෙ නම සෙසඳු..සෙසඳු මන්දිල් සමරදිවාකර..තනිකරම සල්ලි ආකරයක්..පොරගෙ තාත්තා ඉන්නෙ ඉතාලිවල..අම්මා රටේ නමගිය නිරූපණය ශිල්පිනියක්...පොර කැම්පස් ගියාට මොකද තාම ජොබ් එකක්වත් කරන්නෙ නෑ..කරන්නෙ නෑ කියන්නෙ හොයාගන්නවත් උනන්දුවක් නෑ.

එක අතකට උට ආයෙ හම්බකරන්න දේකුත් නෑ..අම්මයි තාත්තයි මුට පරම්පරා හතකට සල්ලි එකතු කරලා තියෙන්නෙ..සෙසඳුව මට සෙට් උනේ ඒලෙවල් වලදි...ඇත්තටම ඌව මට

හම්බුනේ පෙර පිනකට..මිනිහා නොහිටින්න මම අද ජීවතුන් අතර නෑ...දැනුත් ඔය කෝල් කරේ මගෙ වැඩකට..වැඩකට කියන්නෙ අද මට interview එකක්..මේ මාසෙට එකොලොස් වෙනි ජෝබ් interview එක...එකක්වත් හරි ගියෙ නෑ..දෙයියනේ කියලා අද යන එකවත් හරි ගියොත් මේ අපායෙන් නිදහස් වෙන්න පුළුවන්...

හ්ම්ම්...මම ඉන්නෙ පුංචි එක්ක...මීට මාසෙකට කලින් සතුටක් නැතත් නිදහසේ හරි මම ජීවත් උනා..ඒත් දැන්..දැන් මම ඉන්නෙ තනිකරම අපායක..අද දිනේ මාර්තු 25 හරියටම මීට මාසෙකට කලින් ඒ කියන්නෙ පෙබරවාරි 25...

එදා මගෙ conversation එක දවස..තමන්ගෙ මහන්සියෙන් ඉගෙනගෙන කැම්පස් එකකට යනවා කියන්නෙ,අනිත් අයට කොහොම උනත් මම පොඩි කාලෙ ඉදන් දැකපු එකම හීනේ උනේ ඒක...මම ඒක හැබෑ කරගත්තෙ අම්මයි තාත්තයි දෙන්නම සතුටු කරලා..අවුරුදු හතරක් කැම්පස් ගිය මම එදා උපාධි උත්සවේට ගියෙ හීන දාස්ගානක් එක්ක...මට හැමදේටම වඩා සතුටු හිතුනෙ මූණෙන් මූණ බලලවත් කතා කරන්නෙ නැති අම්මයි තාත්තයි දෙන්නම එකට ඇවිත් ඉන්නවා දැකලා...මම දන්න තරමින් ඒ දෙන්නා marry කරලා තියෙන්නෙ proposel එකකින්...වැඩිය කතාබහ නොකරත් ඒ දෙන්නා ඒ දෙන්නගෙ පාඩුවේ හිටියා..ඒත් එක දවසක් තාත්තා ගෙදර ආවේ හොදටම බීලා..ආපු ගමන් අම්මව අල්ලගත්ත තාත්තා කරේ අම්මට හොදටම ගහපු එක...මට හොදට මතකයි එදා තාත්තා කියපු ඒ වචන...

"උබ පරට්ටි! මම මොකා කියලා හිතලද යකෝ තෝ වෙන මිනිස්සු එක්ක නිදි වදින්න ගියෙ..."

තාමත් සැරින් සැරේට ඒ වචන මගෙ ඔලුව ඇතුලෙ හොල්මන් කරනවා...ඒ කියන්නෙ අම්මට වෙන සම්බන්ධක් තිබිලා...මට එතකොට අවුරුදු 18 ලැබුවා විතරයි..මට හීනෙන් වගේ මතකයි අම්මා ඒ දේවල් ඇත්ත කියලා පිලිගත්ත හැටි...එදා තාත්තා අම්මට ගැහුවෙ සතෙකුට වගේ...මම කොච්චර මැදට පැන්නා උනත් තාත්තා නෙවෙයි නතරවුනේ..මම එදා හිතාගත්තෙ එක දෙයයි මට ජීවිත කාලෙට ආදරේ කියන අකුරු හතරවත් ඇහෙන්න එපා කියලා...අම්මා ගුටිකාපු හැටි මැවෙන හැමවෙලාවකම මම ඒ වචන හතරට වෛර කරන්න පටන්ගත්තා..එදයින් පස්සෙ ඒ දෙන්නා හැසිරුණේ නොදන්න අය ගානට වෙද්දි මට උනේ හරි අසරණ විදිහට ඒ දිහා බලන් ඉන්න..හැබැයි මට තියන ආදරේ එක දශමෙකින්වත් ඒ දෙන්නා අඩු කරේ නෑ..සැනසීමක් නැතත් මම හිත හදාගත්තෙම ඒ නිසා...

කාලෙ ඔහොම ගෙවිලා යද්දි දන්නෙම නැතුව මම කැම්පස් select වෙලා තිබුණා..අවුරුදු හතර ඉවරවෙලා conversation දවස වෙද්දි එකට ආපු අම්මයි තාත්තයි දෙන්නා දැකලා මම හිටියෙ පුදුම සතුටකින්..මම හිතන්නෙ කලිනුත් මම ඒක කිව්වා...මම නිසාම හිනාවෙලා හිටිය ඒ දෙන්නා උත්සවේ ඉවර වෙලා රෑ කෑමකට යමුයි කියලා මාවත් එක්කන් ගියෙ ආයෙ මේ ලෝකෙ දකින්න වෙන්නෙ නෑ කියලා නොදැනුන නිසාම වෙන්න ඇති....එදා රෑ හොදටම වැස්ස..වැස්සෙන් වැස්ස මට උනේ කාත් කවුරුත් නැති අනාථයෙක් විදිහට එදා රෑ මේ ලෝකෙ තනි වෙන්න....හ්ම්ම්....වේගෙන් ආව ටිපර් එකක වැදුණ කාර් එක පැත්තකට ඇදිලා යනවා විතරයි මට මතක මොකද මම ආයෙම ඇස් ඇරියෙ ඊට සතියකට පස්සෙ...අද වගේම එදත් මම ලග හිටියෙ සෙසඳු....

"නිවේන්....මෙහෙ බලපන් මැණික....අනේ උබ ඇස් ඇරියද බං..මම බයවුනා දෙයියනේ..මම බයවුනා උබව මට නැතිවුනා කියලා...."

ඒ එයා...සෙසඳු...හම්බුන දා ඉදලා සෙසඳු ඔහොමයි...රටේ ලෝකෙ නැති නම් කියනවා..වෙනදට විහිලුවෙන් කතා කරන සෙසඳු එදා හොදටම ඇඩුවා...ඒත් කෝ ඒ දෙන්නා...මගෙ අම්මයි තාත්තයි...

"සෙසඳු ...සෙසඳු ....ඒ දෙන්නා..."

"මට සමාවෙයන් බං...."

"සෙසඳු.....නෑ නෑ...එහෙම වෙන්න බෑ...ඒ දෙන්නට එහෙම යන්න බෑ...මාව...මාව මෙහෙම තනියම දාලා ඒ දෙන්නට එහෙම යන්න බෑ....කතා කරපන්කො යකෝ ...අනේ කතා කරපන්කො සෙසඳු.."

විශ්වාස නොකරත් ඇත්ත උනේ ඒක...මම ජීවිතේ ලොකුම ජයග්‍රහණය මගෙ අතට ගද්දි මට වටිනම දේ දෙවියෝ මගෙන් උදුරගෙන තිබුණා....

මැරුණ මිනිහෙක් ගානට ඉස්පිරිතාලේ ඇදක් උඩට වෙලා හිටිය මම අන්තිමට නතරවුනේ පුංචි ලග...මම දන්නෙ නෑ එයා මොන හේතුවකට මාව භාරගත්තද කියන එක...හැබැයි එතන ඉදන් එයා හැමදාම කරේ මට බැනපු එක...බාප්පා කියලත් වෙනසක් නෑ..හැමදාම රෑට බීගෙන ගෙදර එන එයා මුලු ගේම දෙවනත් වෙන්න කෑගහනවා මම අවජාතකයෙක්ලු....කොහොමද දෙයියනේ එහෙම වෙන්නෙ...මම හැමදාම මගෙන්ම අහගන්නවා...අයියා හිටියට පොඩි කාලෙ ඉදන් අද වෙනකන් එක වචනයක් මාත් එක්ක කතා කරලා නෑ...ඔව් ඒ පුංචිගෙ එකම පුතා..දේශාන්...

හිත හිතම හොද හුස්මක් පිට කරපු මම ඉක්මනට ලෑස්තිවුනේ පරක්කු උනොත් අර යකා මෙතන දහ අට වන්නම නටනවා කියලා දන්න නිසාමයි...මහ ලොකු සහතික ගොඩක් නැතත් තිබුණ ටික බෑග් එකට දාගත්ත මම ගෙදරින් එලියට අඩිය තිබ්බෙ කවදාවත් නැතුව අයියා හරි උනන්දුවෙන් මගෙ දිහා බලන් ඉද්දි....කවදාවත් මගෙ දිහාවට එක බැල්මක්වත් නොතියපු අයියා අද ඇයි එහෙම මම දිහා බැලුවෙ...අනේ මන්ද...යනකොටම සෙසඳුත් ඇවිත් හිටිය නිසා මම කරේ කරබගෙන ගිහින් කාර් එකට නැගපු එක..

"Good morning බං..."

"Good morning සෙසඳු..."

"උබ කාලද...මම බර්ගර් එකක් ගත්ත උබට ඔතන පිටිපස්සෙ ඇති අරන් කාපන්.."

"ම්ම්ම්.."

මූ හැමදාම ඔහොමයි කවදාවත් මාව බඩගින්නෙ තියෙන්නෙ නෑ..ඒත් අද පොර කොහෙ හරි යන්නද මන්ද...ඇයි යකෝ පිටරටින් ගොඩ බැහැලා වගේනෙ..

"උබ කොහෙ හරි යන්නද..."

"අද අපේ බාප්පගෙ birthday party එක...ආ අනික මට උබව ගන්න එන්න වෙන එකක් නෑ...පරිස්සමට ගෙදර පලයන්..."

"ඒක අවුලක් නෑ..."

සෙසඳුවා ගෙනත් තිබුණ බර්ගර් එකත් කාලා උට ගත්ත bubble tea එකටත් වැඩේ දෙන්න හිතන් ඒකත් අතට ගත්ත මම කරේ අදාල තැනින් බැහැගත්ත එක....

"මම කැපුනා එහෙනම්....මතක ඇතුව ගෙදර ගිහින් කෝල් එකක් ගනින්.."

"එල එල පරිස්සමින් පලයන්..."

දෙයියනේ කියලා අනිත් පැත්ත හැරුණම තමයි ඇත්තටම දෙයියො බුදුන් සිහිවුණේ...යකෝ මේකෙ ලොකු...තට්ටු එකයි දෙකයි තුනයි....ආආආආ එහෙම ගනන් කරන්න බෑ යකෝ තට්ටු විස්සකටත් වැඩීනේ..

දැන් එතකොට මේකද විජේනායක company එක..නිවේනයා නිවේනයා...ගනින් යකෝ වලගම්බා ගැම්ම ඇගට...මේ තට්ටු විස්සට බය වෙනවද යකෝ මම..No never යකෝ no never...හහ් හිතුවා මදි මේ මාව බයකරන්න...අනේ ඒත් මට බයයි යකෝ...අනේ ආයෙ ඇවිත් මාව එක්ක පලයන්කො...උඩ බලාගෙන bubble tea එකත්

කටේ ගහගෙනම බටු ඇට පන්තියේ මම මේ ලෑස්ති උනේ ඕන පුපක් ප්‍රීති වෙසක් කියලා ඇතුලට යන්න...ඒත්...

"මොන හුත්තක්ද...කවුද යකෝ පාර මැද්දෙ තාප්ප බැන්ද එකා..."

ඇත්තනෙ යකෝ මේ යන පාර මැද මොකාද තාප්ප බදින්නෙ...ආව් මගෙ ඔලුව...කුඩා මොලෙත් හෙල්ලුනා ඒ වැදුන පාර...වැදුණෙ මොකේද බලන්න උඩ බලපු පාර තමයි දැක්කෙ තාප්පයක් නෙවෙයි ඒ ඉන්නෙ මිනිහෙක් කියලා.හේ හේ මූ යකෝ..මම වගේ දෙකක් ඇති..ශේප් එකේ අයින් වෙයන් නිවේනයා නැත්තන් බඩු බනිස් තමයි..මූණ පෙන්නෙත් නෑ..කලුම කලු පාට ඇදගෙන ඒ මදිවට මාස්ක් එකකුත් දාලා...ආ ආ මේ මොකත මේ මගෙ මූණෙ පෙරහැරක්වත් යනවද මූ මේ කන්න වගේ බලන් ඉන්නෙ...අයින් වෙයන් යකෝ මට යන්න...අනේ මට චූ බර හැදෙනවනෙ ඔහොම බලන්න එපා...මූ අයින් වෙන පාටකුත් නෑ...අඩියක් පස්සට අරන් සොරි කියපු මම එහෙමම දුවන් ගියෙ company එක ඇතුලට...මොකාද දන්නෙ නෑ ඒ..ඇයි ඒ මගෙ දිහා එහෙම බලන් හිටියෙ..උදේ අයියත් එහෙමයි...ඇදුමෙ අවුලක් වෙන්න බැරිද...බෑනේ මම උදේ හත් පාරක්ම කණ්ණාඩියෙන් බැලුවනෙ....අනේ ඔහෙ ඕන එකක් මට මොකද...

ඇතුලට යන තැනම හිටිය කෙල්ලගෙන් යන්න ඕනෙ තැනත් අහගත්ත මම ගියෙ 8 වෙනි flour එකට...මේ company එකේ බොස්ට secretary කෙනෙක් තෝරගන්නලුනෙ..අනේ මන්ද මටනම් ෂුවර් එකක් ඇත්තෙම නෑ...මම යනකොටත් අට දෙනෙක් ඇවිල්ලා...ඔක්කොම මට වඩා ලොකුයිනෙ..චූටි මට බයයිත් එක්ක අනේ...මිහුක්...දැන් ඉතින් මගෙ වාරෙ එනකන් ඉදගෙන ඉන්න තමා තියෙන්නෙ...ඒකෙන් මේකෙන් පැයක් විතර ඉන්න උනා guys...කමක් නෑ කමක් නෑ....ඇහුන විදිහටනම් ටිකක් වයසක දෙන්නෙක්ලු interview boad එකේ ඉන්නෙ...ඒකත් හොදයි හැබැයි...

"මිස්ටර් නිවේන් සහස්‍රක බණ්ඩාර...."

"ඔව්..."

"එන්න ඇතුලට..."

ඈ යකෝ ඒ මොකාද ඒ...දැන් මෙච්චර වෙලා කෙල්ලෙක්නෙ ඔය වැඩේ කරේ මේකා කොහෙන්ද එකපාරටම පාත්වුනේ...දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයෙක් වගේ...අනේ මට බයයි යකුනේ...එහෙන් පපුවත් ගැහෙනවා හැටට හැටේ..ඕන මගුලක් කියලා තිස්තුන් කෝටියෙන් තිස් තුනක්ම සිහිකරගත්ත මම cabin එකේ දොර ඇරියෙ ඇතුලට යන්න..දෙයියනේ ඒත්.....

"ඔ...ඔයා...."

ලමයි ලමයි ඔන්න අලුත් කතාව...කියවලා බලන්න හොදද කියලා..හොදනම් comment එකක් දාන්න හරිද...ආ අනික හෙට උදේට goal දෙන්නම් හරිද..අදට විතරක් මේ ලමයට සමාවෙන්න 😫😫

මම ආයෙම එනකන් පරිස්සමින් ඉන්න ඕන හරිද...ආදරෙයි..

GOOD NIGHT 😴🌙❤

@Diyana_45 🖊mention a user

Share This Chapter