Back
/ 40
Chapter 3

02 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"ඔ.....ඔයා..."

දෙයියනේ!මේ අර පාර මැද්දෙ හිටන් මගෙ මොලෙත් හොල්ලපු හයේ හතරෙ පොර නේද...හිටන් කීවේ ඒ හිටන් නෙවෙයි බොලව් හිටගෙන කියන එක...මූ මොකද මේක අස්සෙ කරන්නෙ...හැප්පුන එකට පලිය ගන්න ආවා වෙන්න බැරිද...නෑ නෑ වෙන්න බෑ මමනෙ හරිනම් මුගෙන් පලිගන්න ඕනෙ..මූව දැක්ක පාර ඉබේටමයි අර වචන කටින් එලියට පැන්නෙ...අනේ ඇහෙන්න නැතුව ඇති නේද..මේ යකා නිකනුත් ගහන සයිස් එකේ ඉන්නෙ..කියන්න බෑනෙ ඔයා කීවා කියලා කෙලලා ඇරියොත් කාට කියන්නද..මම මේ අංශක එකසිය අසූවම කැරකිලා බැලුවෙ කෝ අර වයසක ඩබල කියලා...ඇයි අනේ අර කට්ටියනෙ කීවේ ටිකක් වයසක දෙන්නෙක් interview boad එකේ ඉන්නෙ කියලා...කෝ නෑනෙ...මිහුක් දැන්නම් පැටියට බයත් එක්ක...හේ හේ මේ මම කතාකරන විදිහ...ගනන් ගන්න එපා හරිද...සෙසඳු නම් කියන්නෙ නිකන් කතා කරත් මම හුරතල්ලු...කවුද අනේ දන්නෙ...

"මිස්ට නිවේන් ඉදගන්න..."

අහ්...අර කලිනුත් ඇතුලට එන්න කියපු කෙනා ආයෙ කියනවා ඉදගන්නලු...බෑ බෑ අනේ මටනම් බෑ...අර තාප්පයා කන්න වගේ බලන් ඉන්නවනෙ...ඇයි අනේ මගෙ මුකුත් අඩුපාඩුවක් තියෙනවද...නැත්තන් ඉතින් ඔහොම බලන්නෙ ඇයි...මේ මිනිස්සු හදන්නෙම පුංචි මාව බයකරන්න..අර මනුස්සයා එච්චර කියලත් මම නෙවේ ඉදගත්තෙ..අර යකානම් තවම මාස්ක් එක දාගෙන..අපායට ගහපු කැලැන්ඩරේ වගේ ඇති මූණ ඒකනෙ ඔය...

"දේව්...."

අම්මෝ යකෝ ඒ කටහඬ...දාඩියත් දැම්මා..මූනම් පතාලෙ පොරක්ද මන්ද..හනේ යකෝ මාව හප්පලා සොරි කියන්නවත් කට ඇරපු නැති මිනිහා දැක්කනෙ යස අගේට කතා කරපු හැටි...ජේව්...පුහ්...හිතන් ඇති husky voice එකෙන් කතා කරාම මම බයවෙයි කියලා..හරි හරි සූට්ටක් විතර බයවුනා තමයි...කවුද අනේ ඕවා කියන්න යන්නෙ...

"කියන්න බොස්..."

ඇයි ඇයි මේ මිනිහා මේ තාප්පයට බොස් කියන්නෙ...ඔහෙ ඕනෙ එකක් කියලා මාත් ඉතින් කතාවට කන දැම්මෙ මොනාද කියන්නෙ බලන්න...ඕප හොයන්න නෙවෙයි හරිද...ඇහෙන නිසා අහන් හිටියෙ...

"තව කීදෙනෙක් ඉන්නවද එලියෙ..."

"තව පහයි බොස්.."

"ඒ අයව ආපහු යවන්න දේව්..."

"ඒත් ඇයි?..."

"මම හිතන්නෙ ජොබ් එකට ගැලපෙනම කෙනා මට හම්බුනා..."

ඈ යකෝ මුට හෙන හත ගහලත් මදිනෙ..මම ඇතුලට එනකන්ම ඉන්න ඕනෙ උනාද ඕක කියන්න...කලින් කීවනම් මමත් යනවනෙ මේ ගුබ්බෑයම අස්සට රිංගන්නෙ නැතුව...හරී හරී මේක AC කරපු හොද සැප තැනක් තමයි..එහෙමයි කියලා මුට වටිනවද මට එන්න කියලා අනිත් එවුන්ට යන්න කියන්න...රජ කාලේ නීතිනෙ යකෝ එව්වා...හහ් මමත් යනවා හිටපන්කො..යන්න හැරුණට යන්න උනේ නෑ guys මේ ඔල මොට්ටල මාස්ක් කාරයා මාව නවත්තගත්තනෙ...ඉහික්..අනේ පැංචට බයයිනෙ ඒයිලා...අර ගැමුණු යෝධයට බැරි වුනානෙ ඌ එක්ක මාවත් අරන් යන්න...

"මම හිතන්නෙ මම ඔයාට තවම යන්න කීවෙ නෑ...මිස්ටර් නිවේන් සහස්‍රක බණ්ඩාර...."

දෙයියනේ දෙයියනේ මේ යකා කොහොමද මගෙ නම දන්නෙ..මූ CID වෙන්න බැරිද...දැන් ඉතින් කතා නොකරත් බෑ...හැබැයි මම මේක ලේසියෙන් අත අරින්නෙ නෑ...රස්සාවට වඩා මට මගේ නම්බුව වටින එක ඇත්ත...ඒත් මේ කරපු වැඩේට නම්බුව බල්ලට ගිය දෙන් කියලා මමත් කරේ එකට එක කියපු එක..අනේ මට බනින්න තේරෙන්නෙ නෑනෙ...ඔන්න ඔහෙ puppy mood on කරලා බලමු..සෙසඳු කියනවා වගේ මේ මනුස්සයත් මගෙ හුරතල් පෙනුමට රැවටුනොත් එහෙම...

"ආ ඇයි ඇයි දැන් අර යන්න කීවේ...මමත් යනවා...මිහුක්.."

"මට එක එකාව හුරතල් කරන්න වෙලාවක් නෑ...ඒ නිසා කරුණාකරලා වාඩිවෙන්න මිස්ටර් නිවේන්..."

අනේ උබේ හුරතල් කෙරිල්ල මට ඕනෙ නෑ යකෝ...ආවා මෙතන...දැන් ගැලපෙනම කෙනා හොයාගත්තා කීවේ ඉතින් මම මොකටද...තව ඉදගන්නත්ලු..කමක් නෑ ඔන්න ඔහෙ මේ වගේ සැප පුටුවක ආයෙ කවදා ඉදගන්නද ඒක නිසා සූට්ටම සූට්ටක් ඉදගමු...පස්ස ගෙවෙන්නෙ නෑනෙ අනේ...හී හී...

"ඇයි දැන් ගැලපෙනම කෙනා.හම්බුනා කීවේ..මම මොකටද..."

"මට ගැලපෙනම කෙනා තමුන්..."

"අහ්..."

මොකක්!...මොකක්ද මේ මනුස්සයා මේ කියන්නෙ..එයාට ගැලපෙන කෙනා මේ මම කියන්නෙ...මෙයාගෙ ඔලුව කොහෙ හරි වැදුනා වෙන්න බැරිද...අනේ අර ආයෙම මම දිහා බලන් ඉන්නවා...මූණ පෙනුනෙ නැතත් ඒ ඇස් එක එල්ලෙම බලන් ඉන්නෙ මම දිහා කියන්න මට සීයට දාහක් ශුවර්...ඒ පාර මොනවද මේ මනුස්සයා මේ ලියන්නෙ...කොල දෙකක මොනවද ලියපු එයා ඒ දෙක මම දිහාවට දික්කරේ නොතේරෙන කමට මම ඇසුත් ලොකු කරන් බලන් ඉද්දි...මම එක දෙයක් හොදටම දන්නවා..ඒ මගෙ කම්මුල් දෙක පිම්බිලා කියන්න...හිතාගන්න බැරි දෙයක් උනාම මට ඒ දේ නිතරම වගේ වෙනවා...මොනවද මේ ලියලා තියෙන්නෙ...ඒ නම් දෙකක්..ඒත් කාගෙද..

"කැමති එකක් තෝරගන්න.."

මම මොකටද නම් තෝරන්නෙ මට නමක් තියනවනෙ...කමක් නෑ එක්කොත් වෙන දෙයක් වෙයිනෙ ඔන්න ඔහෙ තෝරලා දෙමු..මොනවා නැතත් පොඩි එකාගෙ ආසාවනෙ....

මාව ගැස්සිලා ගියෙ ඒ නම් දෙකෙන් මුලින්ම දැකපු ඒ නමට...

'වස්සාන'

ඇත්ත වස්සාන...මම මගෙ ජීවිතේ ආසම කාර්තුව...ඒත් ඒ නම කොහෙන්ද මෙතනට..මම හිතන්නෙ මට අනිත් නම මොකක්ද කියලවත් බලන්න ඕනෙ උනේ නෑ..හිතන්නත් කලින් වස්සාන කියන ඒ නම ලග මගෙ අත නැවතිලා තිබුණා..ජීවිතේ වසන්තය අත්දැකලා නොතිබුණ මට ඒ නමත් වසන්තයක් උනා...

"ඕකද තමුන්ගෙ අන්තිම choice එක..."

"ඔව්.."

ඔව්..මොනවා උනත් මේ මගේ අන්තිම තීරණේ...ඒත් ඇයි මොකටද මේ නමක්..අනේ මන්ද මට නිකන් විකාරයි වගේ..interview එකට ආව මට අන්තිමට නමුත් තෝරන්න උනා..මුගෙ ලමයට නමක් දාන්න වෙන්න බැරිද...වෙන්නත් බැරිකමක් නෑ හැබැයි...හැබැයි ඊලගට එයා කීව දෙයින් මාව හීතල වෙලා ගියෙ නිකන්මයි..

"උබ දැන් තෝරගෙන ඉවරයි...ලෑස්ති වෙයන් මට ඕනෙ විදිහට වැඩ කරන්න..."

ඇයි මේ...මම මොකටද එයාට ඕනෙ විදිහට වැඩ කරන්නෙ...මට බෑ...අනික මම ආවෙ බොස්ගෙ secretary තෝරගන්නවා කීව නිසානෙ...මෙයා මොනවද මේ කියන්නෙ...

"මට...මට බෑ...මම ආවෙ ඔයාගෙ වැඩ කරන්න නෙවෙයිනෙ...මම ආවෙ interview එකට...බොස්..අන්න හරි එයාගෙ secretary තෝරන නිසානෙ මම ආවෙ..."

හිතාගන්න බැරිකමටම තොලුත් නොපිට පෙරලන් මම කරේ ඔහේ කියවන් ගිය එක..ආයෙම මට දෙයියෝ බුදුන් සිහිවුනේ ඇතුලට ආපු ගැමුණු යෝධයා කීව දේට..

"මේ බොස් තමයි මිස්ටර් නිවේන්..."

"මො...මොකක්..."

එතකොට! එතකොට මම මෙච්චර වෙලා කියවලා තියෙන්නෙ බොස් එක්කද...අනේ මේ මිනිහා මාව ලේසියෙන් අත අරින එකක් නෑ...උදේ ඇගේ හැප්පුනා ඒකට දැන්...අනේ මට බයයි දෙයියනේ...

"හෙට ඉදන් ලෑස්ති වෙනවා වැඩ කරන්න..."

"ඔයාට හොදින් කතාකරන්නම බැරිද..."

මටත් කටවහන් ඉන්න බෑනෙ...මේ වෙලාවට තමයි මටම ගහගන්න හිතෙන්නෙ...මොන කරුම කටක්ද මන්ද මේක...

""හොදින් හරි නරකින් හරි කියලා එකක් නෑ යකෝ...

මට ඕනෙ,වෙන්න පුළුවන් නරකම විදිහට මට ඕනෙ දේවල් මගේ කරගන්න....මට ඕනෙ උබවනම් උබට වෙන්නෙත් අන්න ඒ ටික....මතක තියාගනින්...."

මොනවා...මොනවද මෙයා මේ කියන්නෙ...ජොබ් එකකට කියලා මම මේ කොහෙටද ආවෙ දෙයියනේ...ඇයි...ඇයි මට මෙහෙම කතා කරන්නෙ..මට ඕන්නැති ජොබ් එකක් නෑ...

"මට තමුන්ගෙ ජොබ් ඕනෙ නෑ..."

ඒ කියලා එන්න නැගිට්ට මම ආයෙම පුටුවට

කඩන් වැටුනෙ එයා ඊලගට කියපු දේ නිසා...

"සෙසඳු මන්දිල් සමරදිවාකර...තමුන්ගෙ හොදම යාලුවා...එයාට හිරීමක්වත් වෙනවට අකමැති නම් හෙට ඉදන් වැඩට එනවා...නැත්තන්....."

"නෑ නෑ....එයාට මුකුත් කරන්න එපා...මම..මම එන්නම්...අනේ සෙසඳුට පාඩුවේ ඉන්න දෙන්න.."

"බොහොම හොදයි...හෙට උදේ අට වෙද්දි තමුන් මේ කැබින් එක ඇතුලෙ ඉන්න ඕනෙ...තේරුනාද...."

"තේරුනාද ආ....එකපාරක් අහපුවාම උත්තර දීපන්..."

"තේ....තේරුනා..."

"දැන් තමුන්ට යන්න පුලුවන්....හැබැයි මම කියපු දේ මතක තියාගන්නවා..."

ඇයි මට මෙහෙම කරන්නෙ...මගෙ ජීවිතේට නිදහසක් ඇත්තෙම නැද්ද...මොනවද එයාට මගෙන් ඕනෙ...සෙසඳු..මට බෑ උට කරදරයක් වෙන්න දෙන්න...මට කියලා ඉන්නෙ එච්චරයි දෙයියනේ....ඒත් එයා කොහොමද සෙසඳුව දන්නෙ...අනේ මට තේරෙන්නෙ නෑ...රස්සාවක් හොයන් ආපු මට මොන මරාලයක්ද මේ කඩන් පාත්වුනේ..."වස්සාන" එතකොට ඒ එයාද...මම තෝරපු නම..මට තේරෙන්නෙ නෑ...මට තේරෙන්නෙ නෑ...නිවේන් නිවේන් cool down..මේකත් අනිත් ජොබ් වගේම ජොබ් එකක්...හිතන්න එපා ඔයාට පුළුවන්..පාඩුවේ වැඩ ටික කරගන්න...හ්ම්ම්.

ගෙදර ආපු මම එහෙමම ගියෙ කාමරේට..ආයෙ කන්නවත් එලියට ආවේ නෑ..ඇත්තටම අද උන දේවල්...ඇයි එයා ඒ වගේ දේවල් මට කීවේ...එයාට ඕන දේවල් නරකම විදිහට එයාගෙ කරගන්නවා කියපු එයා අන්තිමට කීවේ මාවනම් ඕනෙ මට වෙන්නෙත් ඒ ටික කියලා නේද...අනේ ඇයි මේ...නෑ නෑ එයා ඒ නිකන් කියන්න ඇත්තෙ..නිකන් උනත් එහෙම කියන්න තරම් දෙයක් එතන උනේ නෑනේ...ආයිශ් මගෙ ඔලුව...සෙසඳු කොච්චර කෝල් ගත්තත් මම නෙවෙයි එකක්වත් ආන්ස්වර් කරේ...මට බෑ ඒ අහිංසකයව මේ දේවල්වලට ඇදලා ගන්න...උටත් මහන්සි නිසා නිදාගන්නවා කියලා msg එකක් දාපු මට නින්ද යද්දි දෙකත් පහුවෙලා...

නින්දට කලින් මට හිතුනෙ එක දෙයයි...ඒ හෙට ඉදන් මොනවා උනත් ඒ හැමදේටම මම කොහොම හරි මුහුණ දෙනවා කියන එක...

ලමයි....මම පොඩි දෙයක් කියන්නද...අනිත් කතාවල වගේ මුලදිම හිත පුරවලා දෙන ලස්සන ආදරයක් නම් මේ කතාවෙන් බලාපොරොත්තු වෙන්න එපා...ඒවා පසුවට හරිද..මම කීවනේ මේක සම්පූර්ණම මම ලියන්නෙ කනපිට...තරහා වෙන්න එපා හරිද..🤧🤧

තව එකක් ලමයි ඔයාලා මේ කතාව කියවලා හොදයි නම් comment එකකුත් දාගෙන යන්න..එතකොටනෙ මට උනත් දිගටම ලියන්න ආස හිතෙන්නෙ...මගෙ හොද ලමයිනේ..😩😁❤

ඔන්න එහෙනම් මම ගියා...ගුණ බුස ජපුර ඈ❤

පරිස්සමින් ඉන්නෝ..ආදරෙයි😚

GOOD NIGHT 😴🌙❤

@Diyana_45 🖊mention a user

Share This Chapter