Back
/ 40
Chapter 31

29 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"හාවෙක් වගේ...."

හෑ.....මොකාද බොල ඒ ටිං බෙලෙක්කයා...බලන්නකො ඒයිලා කන උඩ ඉදන් බෙරිහන් දෙනවා....හරි හරි ඉතින් පැංචා තමයි දූවගෙන ගිහින් ඇගේ වැදුනේ...ඔක්කොම මේ සෙසඳුවා හින්දනෙ...ඌ මොකටද මගෙ පස්සෙ පැන්නුවේ...ඒ උනාට මූ මොකාද මට හාවා හාවා කියන්න...හාවා නෙවෙයි කාවා...පොඩ්ඩක් ඉන්න හරිද ඒයිලා....මේ මොකාද කියලා බලන්න එපැයිනෙ....මමත් ඉතින් හැප්පුනේ මොකාද බලන්න ඇසුත් බෝල කරන් උඩ බලද්දි තමයි දෙයියෝ බුදුන් සිහිවුණේ..

"ඔ...ඔයා...."

"වස්සාන මට කීවේ නෑනෙ ඔයත් ඉන්නෙ මෙහෙ කියලා..."

"මම...මම මේ..."

"ඔහොම වචන පටලද්දි තවත් ආස හිතෙනවා.."

ආආආ මේ මොකත මේ...ඇවිත් තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි අර දේවින්ද කාරයා..ඌව දැක්ක මට බය හිතුණෙ ඉබේටමයි...මේ යකා මොකටද මේ ගේ අස්සට රිංගගත්තෙ....ඒ ටිකට පස්සෙන් ආපු සෙසඳුවත් අතුරුදහන්....හෙන ගහන්න ඕනෙ තිරිසනාට....ඇයි අප්පා මෙච්චර මේ මම කරදරේක වැටිලා ඉන්නවා ඌ හොයාගන්නත් නෑ...මෙලහට යන්න ඇති ශෙනුල් අයියා හොයාගෙන....ඌත් හරියට නිකන් සීනී බෝතලේ හොයන් යන ඇබලයා වගේ....ඉස්සර කොහොමද කියන්නෙ....උබටත් දැන් මට වඩා ලොකු ඌවනෙ නිවේන්..යැයි යැයි තමයි...ඌ මූ කියපු එකා දැන් බලන්න ඕනෙ...අයියාහ්..හුහ්...මල කෝලම්....හනේ දැන් ඒවා වැඩක් නෑ බොලව්නෙ...මේ යකා කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවනෙ...

"තමුසෙ මාර ලස්සනයි බං..."

"එ....එන්න..එපා ලගට....."

"බයද ම්ම්..."

"ම..ම..."

මම ගල් ගැහිලා වගේ බලන් හිටපු නිසාද මන්ද එයා කරේ අඩියෙන් අඩිය මගෙ දිහාවට කිට්ටු කරපු එක...අනේ මට බය හිතෙනවනෙ....මමත් කරේ ලගට එන්න එපා කිය කිය පස්සෙන් පස්සට ගිය එක..මල හුත්තයි..හයියෝ ඒයිලා...අනේ වෙන යන්න තැනක් නෑනෙ...මම අන්තිමට ගිහින් නතරවුණේ බිත්තියේ වැදිලා...අනේ තාප්පවත් නැද්ද දන්නෙ නෑ....එයා හිටිය නම් මොනවා හරි කරලා මාව එයා ලගට ගනීනෙ....අනේ මන්ද මම ඒ මනුස්සයව සෑහෙන්න විශ්වාස කරන්න පටන් අරන්....

"මොකද තමුසෙ වෙවුලන්නෙ...ඇයි මේවා වස්සානට විතරද.."

"අතඅරිනවා මාව..."

"අතඇරියෙ නැත්තන්...."

මම ගිහින් බිත්තියේ වදිනවත් එක්කම ඌ කරේ එක අතක් මගෙ ඔලුවට එහා පැත්තෙන් බිත්තියට තද කරගෙන මගෙ මූණ දිහාවට පාත්වුණ එක....වෙවුලන්නෙ ඇයි අහන්නෙ මුට පිස්සුද....මූ මේ හැසිරෙන විදිහට වෙවුලලා නතරවුණ එක ලොකු දෙයක්....එයාගෙ හුස්ම ලගින්ම වගේ මගෙ මූණෙ වදිනකොට සත්තයි මට පොලව පලන් යන්න හිතුනා....ඒක මහ පුදුම අප්පිරියා හැගීමක්....මේ මනුස්සයා කොහෙන්ද එකපාරම කඩන් පාත්වුණේ...ඒ නැතත් පිට ගෙදරකට ඇවිත් මෙහෙම හැසිරෙනවද...එක අතකට office එකෙත් මාව අල්ලන්න හදපු මිනිහට මෙතන මොකක්ද නේද....හැමදාම වගේ අදත් මම කරේ ඇස්වලට කදුලු පුරවගත්ත එක....මේක නම් මගෙම කරුමෙ..ඇයි බං කොච්චර සීරියස් වෙලාවක උනත් මම කරන්නෙ කදුලු පුරවගන්න එක...අනේ මම හිතලා කරනවා නෙවෙයි ඉබේටමයි වෙන්නෙ...මේකා නම් තනිකරම අසහනකාරයෙක්....පේනවනෙ තොලත් හපාගෙන බලන් ඉන්න කැත....අනේ සෙසඳු වරෙන්කො බං....ඇත්තමයි මට සෑහෙන්න බයයි....මට තේරෙනවා මගෙ කම්මුල් දිගේ කදුලු වැක්කෙරෙනවා.....ඒත් මේ මිනිහා නෙවෙයි එක තප්පරේකටවත් මගෙන් ඈතට ගියෙ....

"දේවින්ද!......."

අනේ එයා ඇවිත්.....වෙන කවුරුත් නෙවෙයි ඒ ඇවිත් හිටියෙ තාප්පයා...තාමත් දේවින්ද කාරයා හිටියෙ මාව බිත්තියට කොටු කරගෙන වෙද්දි කොහෙන්දෝ ආපු තාප්පයා කරේ අරූව ඇදලා අරන් තල්ලු කරපු එක....බුදුඅම්මෝ ඒ ශොට් එක...ආයෙ නෑ අර යකා අඩි ගානක් පිටිපස්සට ගිහින් නැවතුනේ...අනේප් ඔන්න මම නම් මුකුත් කරේ නෑ...තාමත් හිටිය විදිහටම බයවෙලා වගේ බලන් හිටියා මිසක්...ඒකට තාප්පයා....වෙනදටත් අන්තයි...අනේ මට කියන්න තේරෙන්නෙ නෑ ඒයිලා එයා ගැන....ඇත්තටම යකෙක් වගේ...අත්වල නහර පවා ඉලිප්පිලා ගිහින්...එහෙන් දත්මිටිත් කනවා...ගැලවිලා බඩට යයි කියලා කියන්නත් හිතිලා ආයෙම කටවහන් හිටියෙ මේ ඉන්න විදිහට මටත් කෙලලා අරින්න බැරිකමක් නැති නිසා...අහිංසක මම තාම අඩනවා....ඒස කදුලු මහ....

දේවින්ද කාරයා මහ අමුතුවට හිනාවෙලා ආයෙම මගෙ ලගට ඇවිත් මගෙ මූණ ඇල්ලුවේ හීනියට වගේ මට චූ බරකුත් ලෝඩ් වෙද්දි...ඇයි අනේ අරූ මගෙ මූණට අත තිබ්බා විතරයි තාප්පයා නිකන් විසූවියස් ගිනි කන්ද පිපුරුවා වගේ....පැනපු ගමන් අල්ලගත්තෙ නැතැයි අරූගෙ කොලර් එකෙන්....අනේප් ගහපන්කො මෙන්න මුට එකක්....ඇයි අනේ මෙයැයිට පේන්නෙ නැද්ද කියන්නකො පැංචා අඩනවා....ඇත්තටම මට බයයිනෙ...මිහුක්...

ආආආ ඒ පාර මෙන්න මුන් දෙන්නා කෙලගන්නවා....අයියෝ....මේ මොකත මේ වෙන්නෙ....ඔන්න අහගනිල්ලකො ඈ....පැංචා මුකූත් කියන්නෙ නෑ...

"බිස්නස් ගැන කතා කරන්න ආවනම් ඒ වැඩේ විතරක් කරපන් දේවින්ද...."

"උබට ඔච්චර කේන්ති ගන්න දෙයක් මම කරේ නෑ..."

"මොනවද හුත්තො කරේ නෑ කරේ නෑ කියන්නෙ උබ මුට අත තියපු එක හරිද එතකොට...."

මෙන්න මෙයා කුණුහරප කියනවා...so nice අනේ...so nice...මහලොකු බොස්....බොස් නෙවෙයි මූ ජබොස්....කමක් නෑ කමක් නෑ පැංචා නිසානෙ මේ ඔක්කොම....බලන්න ඉතින් ඒ ආදරේ...ඌප්ස්...සොරි සොරි ඒයිලා මම ඒක නිකන් කීවේ...මිහුක්...ඒ පාර අනිකා පටන් අරන්....

"ඒක උබට අදාල දෙයක් නෙවෙයි වස්සාන...."

"කොහොමද යකෝ ඒක මට අදාල නොවෙන්නෙ මේක මගෙ ගෙදර..."

"ඒ කියන්නෙ ගෙදරින් පිට මෙහෙම දෙයක් උනොත් උබට කමක් නෑ කියන එකනෙ...."

මො...මොනවද මූ මේ ඒ පාර කියන්නෙ....

"මොකක්ද...."

"Simple උබ මට මූව දීපන්...දවසකට උනත් කමක් නෑ....."

අනේ....එයා...එයා ඒ මම ගැනද කියන්නෙ....එහෙම දෙයක් කියන්න තරම් මාව එයාට කොහොම පේනවා ඇතිද....දේවින්ද කාරයා මගෙ දිහා බලන් එහෙම කියපු පාර මට හිතුනෙම එක දෙයයි....මම අතින් අතට යන කොල්ලෙක් වගේ මුට පේනවද....එහෙම හිතුන පාර මට ඉකිගැහුනෙ ඉබේටමයි...හැබැයි තාප්පයා...එයා ඊලගට කරපු දේ මම ජීවිතේට බලාපොරොත්තු නොවුන දෙයක්....

"කට වහපන් පරයා....තෝ ආයෙ මගෙ පොඩි එකා දිහා ඇහැක් ඇරලා හරි බැලුවොත් මම උබව මරන එක මරනවා...."

"උබ එහෙනම් මට අතත් ඉස්සුවා නෙහ්...ඒකත් මූ හින්දා...හරි අපි බලාගමු වස්සාන,උබද එහෙමත් නැත්තන් මේ මමද කියලා...."

මහ කැත විදිහට මට කතා කරපු නිසාද ඒත් නැත්තන් මේ එයාගෙ ගෙදර නිසාද කියලා නොදන්නවා උනාට තාප්පයා කරේ දේවින්ද කාරයගෙ කන රත්වෙන්නම පාරක් ගහපු එක...යෝ යෝ ඒකනම් කන කීං ගාන්නම වැදුණා...හොද වැඩේ අසහනකාරයට...ආවා මෙතන පැංචව අල්ලන්න....ඔහෝම පොඩ්ඩක් ඉන්න....එයා ඒ කීවේ මගෙ පොඩි එකා කියලද...හෑ ඒයිලා එයා එහෙමද ඒ කීවේ...ඒත් නැත්තන් මට ඇහුනා වැරදිද....

ඕවා හිතන්න කොහෙද අනේ වෙලාවක්...දේවින්ද කාරයා ආයෙම කියවගෙන ආපු පාරද මන්ද තාප්පයා කරේ ඌව ඇදදදදදදගෙන ගිහින් එලියට තල්ලු කරපු එක....

ඒ තල්ලු කරලත්...

"ආපු විදිහටම ගෙදර පලයන්...උබලා වගේ උන් එක්ක මොන බිස්නස් වැඩට....හැබැයි එකක් මතක තියාගනින්, උබ ආයෙ මුට එක අතක් තිබ්බොත්..........කිය කිය ඉන්නෙ නෑ මම කරලා පෙන්නන්නම්......."

අරූට හොදවගෙන් බැනලා දොරත් වහලා දැම්මෙ මාව රත්වෙලා යද්දි....ඇයි දෙයියනේ ඒ වහපු වැහිල්ලට තව පොඩ්ඩෙන් දොරත් ගැලවෙනවා.....පැංචගෙ පපුවත් ගැහෙනවා අප්පාවේ....ඊටත් හපන් මේ කදුලු....පිහින්න පිහින්න එනවනෙ....අනේ නැවතියන්කො බං...පැංචට ලැජ්ජා කරන්නමයි හදන්නෙ...ඒස කදුලු මහ...

ඒත් එක්කම වගේ මගෙ ලගට ආපු තාප්පයා කරේ මගෙ අතින් අල්ලගෙන ගිහින් sofa එකෙන් වාඩි කරවපු එක....පුදුමයි මට අද බැන්නෙ නෑ....එයැයිටත් දුක හිතුනද දන්නෙ නෑ නේද ඒයිලා....

"බයවුණාද....."

මගෙන්ද එයා ඒ අහන්නෙ....මගෙ ලගින්ම ඉදගෙන මගෙ ඔලුව අතගාපු එයා එහෙම ඇහුවෙ ඇසුත් බෝල කරන් මම එයා දිහාම බලන් ඉද්දි...කවදාවත් නැතුව ඇයි දන්නෙ නෑ හොදින් කතා කරන්නෙ...ඔන්න ඔන්න පැංචගෙ මොලෙත් wrong side යනවා....අනේප් ගහපන්කො මට එකක්...හැයි යකෝ...මේ කුඩු කේඩු මොලේ මහම මහ ඒසයි අප්පා.....අද හවස ඉදන් ඕනවටත් වඩා නරක් වෙලා....නෑ නෑ අනේ මම සෙසඳුව හොයන්න මෙයැයිගෙ කාමරේ අස්සට රිංගගත්තනෙ...මම ඔයාලට කීවා නේද මම ඒ වෙලාවෙ මෙන්න මෙයාගෙ 4to එකක් දැක්කා කියලා....ඔව් ඔව් අනේ බොලාලගෙ තාප්පයගෙ තමයි ඉතින් වෙන කාගෙද ඉතින්....

ඒක දැක්ක වෙලේ මට මොකක්දෝ උනා...අනේ මන්ද ඒයිලා මට කියන්න තේරෙන්නෙ නෑ...මම හිතුවෙම මගෙ පපුව ගැලවිලා අතට එයි කියලා....මේ උට්ටා ඒ තරම් හයියෙන් ගැහුනනෙ....පිස්සු....ඔක්කොමත් හරි මගෙ බඩ....ඒ අනිත් එකා....ඌ නිකන් සුනාමියකට අහුවෙලා වගේනෙ නැටුවෙ....මෙහෙමයි මෙහෙමයි ඉතින් ඒක දැක්ක පාර හිතට පොඩි මෙව්වා එකක් ආවා තමයි...මේවා එකක් කීවේ අනේ මේවා එකක්....අනේප් මම දැන් උබලටත් ගහනවා හරිත ඒයිලා....උබලට ඕක තේරෙන්නෙ නෑ....මේවා එකක් කියන්නෙ අනේ පොඩි කැමැත්තක්...හරි හරි හිනාවෙන්න එපා...පැංචට විපතක්නෙ උනේ...මිහුක්....ඒ උනාට මම ඕවා තැන තැන කියන්න යන්නෙ නෑනෙ....ඔන්න ඔයාලට කීවොත් තමයි....අනේ මට නිකන් දැන් සැජ්ජයත් වගේ.....මේ මිනිහට කැමති හිතුනා කියලා මම මොනවා කරන්නද...මෙයැයි දන්නෙ මාව මරන් කන්න විතරනෙ...පැංචා පව්....ආආආආආ කැමති කියන්නෙ පොඩ්ඩයි හරිද.....ආවා මෙතන ලොකුවට හිතන්න...ඔය ඔය ඉතින් ආයෙ පපුව ගැහෙනවා....මෙයා මේ බලන් ඉන්න විදිහට ලෝබ හිතෙන්නෙ ඇයි අනේ....මටත් දැන් හොදටෝම පිස්සු....

"කෝ ඔය කදුලු පිහදගන්න නිවේන්...."

මම කතා නොකරපු නිසාද මන්ද එයා කරේ එයාගෙ අත් දෙකෙන්ම මගෙ කදුලු පිහදපු එක...අර 4to එකේ වගේමයි....හරි ලස්සනයි...ඇත්තමයි....බලන් ඉන්න ආස හිතෙනවා....අනේ මම දන්නෙ නෑ අයියෝ...මට මොනවා වෙලාද කියලා...මට දැන් හිතෙන්නෙම මේ මිනිහා අස්සට වෙලා හුරතල් වෙන්නනෙ....ඒ ටිකට මට කලින් බයවුණා කියලත් අමතකයි...

ඉන්න අනේ මම සූට්ටක් හුරතල් වෙලා එන්නම්...මුකුත් හිතන්න එහෙම එපා හරිද ඒයිලා...මිහුක්....

"මිහුක්....."

"ඇයි දැන් ඔය අඩන්නෙ..."

"මට බය හිතුනනෙ...."

"බයවෙන්න එපා මම ආවනෙ...ආයෙ මුකුත් වෙන්න දෙන්නෙ නෑ....ඒ නිසා ඔය කදුලු පිහදගන්න...."

"ඇයි ඔහොම කරන්නෙ...."

මම තමයි ඉතින් වෙන කවුද....නෑ නෑ අනේ ඉතින් මමත් දැනගන්න එපැයිනෙ ඇයි එයා මාව බේරගත්තෙ කියලා ඒකයි ඇහුවෙ...හේ හේ...

"කොහොම...."

"මාව බේරගන්න හදන්නෙ...."

"මට ඉන්නෙ තමුසෙ විතරක් නිසා..."

"මො...මොකක්ද ඒ කීවේ...."

"හිතලා බලන්න...."

"හහ්...."

"ඔයාට නොතේරුනොත් ලගදිම දවසක මම ඒක කියන්නම්....එතකල් කල්පනා කරන්න..."

"හෑ..."

තේරුම්ගන්න බැරි මොකක්දෝ කුණුහරුපයක් කියපු එයා එතනින් ගියෙ මගෙ ඔලුව ආයෙම පාරක් හරි හිමීට අතගාලමයි....එක දෙයක් මම කියන්නම ඕනෙ....එයා අද හරි වෙනස්..කවදාවත් නොදැනුන අමුතු සහනයක් එයා ලග තිබුණා....මට කියන්න තේරෙන්නෙ නෑ.....කොහෙද ඉතින් මගෙ පපුවත් අසූ හාරදාහට ගැහෙනවනෙ.....කවුද අනේ දන්නෙ...

____________________________________

ලගදිම සෙට් කරමු නේද 😁

මම යනෝ බායි බායි..පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter