Back
/ 40
Chapter 36

33 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

ශෙනුල් හිටියෙ හොස්පිට්ල් එකේ...තනියම නෙවෙයි වස්සානත් එක්ක....කොල්ලො දෙන්නා ඊයෙ ඉදන් එක තප්පරයක්වත් ඇස් පියාගන්න නැතුව ඇති...ශෙනුල් නම් තාමත් අඩනවා....අඩනවා කියන්නෙ නවත්තන්නෙ නැතුවම අඩනවා...ඔලුවට වැදුන පාරෙ සැර නිසා සෙසඳුට මේ වෙනකන්ම සිහිය ඇවිත් තිබුණෙ නෑ...ඩොක්ටර්ස්ලා නම් කීවේ ඒක ලොකු දෙයක් නෙවෙයි ඒ නිසා බයනොවී ඉන්න තව ටිකකින් සිහිය එයි කියලා උනත් ශෙනුල් ඔය කිසිදෙයක් ඇහුවෙ නෑ...ඒ වෙනුවට කොල්ලා කරේ වස්සාන අස්සට වෙලා ඇති තරම් අඩපු එක...

වස්සාන කියලත් වෙනසක් නෑ...ඌත් හිටියෙ ඉවසන්න පුලුවන් අන්තිම කෙලවරේ...එහෙන් දේවින්ද....තරහා නිවෙනකන්ම උට ගහපු එක ඇත්ත...හැබැයි ඒක නෙවෙයි වස්සානට ඕන උනේ...කොල්ලට ඕන උනේම ඌව මරලා දාන්න...හිතුවත් වගේ කොල්ලට ඕක කරන්න බැරිකමකුත් නෑ...ඒත් පොලීසිය ගාවගත්ත නිසාද මන්ද වස්සානට උනේ ඒ වැඩේ එයාලා අතට භාරදෙන්න....ඔය ඔක්කොමත් හරි...ඒත් නිවේන් ඊයෙ කියපු වචන ටික...වස්සානගෙ මතකෙ හරි නම් කොල්ලා ඊයෙ කීවේ ආදරෙයි කියලා....ඔය හැමදේම එක්ක කොල්ලා හිටියෙ පැටලෙන්න පුලුවන් උපරිමත් පැටලිලා...නිවේන්ගෙන් ඒ ගැන අහන්නද...ඒත් නැත්තන් හිතන්නෙ නැතුව ඉන්නද...වස්සානට මේ මුකුත් තේරෙන්නෙ නෑ....තමනුත් ඒ පොඩි කොල්ලට ආදරෙයි කීවා නේද කියලා මතක් වෙද්දි හිත හදාගෙන ඉන්නත් බෑ...

ඒත් මේ වෙලාවෙ ඕවා හිතලා බෑ....මොකද තමන්ට දැන් හිතන්න වෙන දෙයක් තියෙනවා..ඒ තමයි ශෙනුල් ගැන...තමන්ගෙ යාලුවා මෙච්චර කඩන් වැටිලා ඉද්දි මුකුත් නොකර අහක බලාගන්නද...එහෙම කරන්න තිබුණා ඒ තමන්ගෙ හොදම යාළුවා නොවෙන්න....ඉවසන්න බැරිම තැන වස්සාන කරේ ශෙනුල් දිහාවට හැරිලා කතාවකට මුල පුරපු එක....

"දැන්වත් ඕක නවත්තපන්කො බං....ඩොක්ටර්ස්ලා කීවනෙ කොල්ලට තව ටිකකින් සිහිය එයි කියලා...."

"ඒ..ඒ උනාට...කොහොමද...කොහොමද වස්සාන මම බලන්නෙ...ඌ..ඌ මගෙ පොඩි එකානෙ බං...මට..මට තිබුණා උන් ගැන හොයලා බලන්න...මට..මට..."

"ඒක උබේ වැරැද්ද නෙවෙයි බං...ඒක මගෙත් වැරැද්ද...මම ඊයෙ නිවේන්ව මා එක්ක අරන් ගියානම්...එහෙම උනානම් මේක මෙහෙම වෙන්නෙ නෑ...."

"චූටියා උබට ආදරෙයි කීවද බං..මට මතකයිනෙ උබ එහෙම දෙයක් කීවා වගේ..."

"ම්ම්ම්...කීවා...."

"අඩෝ මරුනෙ බං...."

"මට තාම ඒ ගැන ශුවර් එකක් නෑ බං...එයා හිටපු තත්ත්වෙත් එක්ක කොහොමද එකපාරම එහෙම දෙයක් විශ්වාස කරන්නෙ..."

"ගිහින් ඌ එක්ක කතා කරපන්කො...."

"දැන්ම බෑ...."

"ඇයි...."

"පොඩ්ඩක් ඔහොම හිටපු දෙන්...එයා ඉන්නෙ ශොක් වෙලා වගේ...අර තිරිසනා කොහොමද බං මගෙ පොඩි එකාට එහෙම දෙයක් කරන්න හිත හදාගත්තෙ..."

"දැන් උන දේවල් කතා කරලා වැඩක් නෑනේ...පුලුවන්නම් උට ආදරෙන් කතා කරපන්...උබ හැමවෙලේම ඒ අහිංසකයව මරන් කන්න හදනවා...."

"ආයෙ කවදාවත් මම එහෙම කරන එකක් නෑ...ඌ..ඌ පව් ශෙනුලයා..."

"දැන් පලයන්...මමත් යන්න ඕනෙ මන්දිල් ලගට..."

"ම්ම්..."

ශෙනුල්ගෙ හිත හදන්න කතා කරාට මොකද උනේ නම් ඒකෙ අනිත් පැත්ත...ශෙනුල් කරේ අඩ අඩ උනත් වස්සානට උපදෙස් දීපු එක...ඇත්ත...ශෙනුල් දැනගෙන හිටියා...වෙන මුකුත් නෙවෙයි නිවේන් වස්සානට ආදරෙයි කියපු වග...වස්සාන කියපු නිසාම තමයි ඉතින්...කොහොමින් කොහොම හරි යාලුවාවත් එතනින් යවපු ශෙනුල් කරේ සෙසඳු ලගට යන්න අඩිය ඉක්මන් කරපු එක...

"හ්ම්!........."

Room එකේ දොර ලගට ගිහිනුත් ශෙනුල් හරි බර හුස්මක් ඉහලට ඇදලා ගත්තෙ තමන්ගෙ හිතට බයවෙන්න එපා කියන්න වගේ...ශෙනුල් බයයි...ඔය කවුරු මොනවා කීවත් ශෙනුල්ට බයයි....හුරතලේට හැදුන සෙසඳු කියන්නෙම ලාමක චරිතයක් වෙද්දි ඒ තරම් වේදනාවක් කොහොම දරාගන්නද....ඔය හිතෙනකොට බයවෙනවා ඇරෙන්න ශෙනුල්ට වෙන කරන්න දෙයක් ඇත්තෙත් නෑ.....ඒත් එහෙමයි කියලා ඇතුලට නොයත් බෑ....තමන්ගෙ හිත මොන තරම් කෑගැහුවා උනත් සෙසඳුව ඒ තත්ත්වෙන් දකින්න බෑය කියලා මේ තමයි ඒ පුංචි කොල්ලට තමන්ගෙ උණුහුම ඕනෙම වෙලාව..ඉතින් ඔය හිතුන පාර ශෙනුල් උනත් කරේ ඉක්මනින්ම සෙසඳු ලගට ගිය එක...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"මන්දිල්....අනේ දැන් ඔය ඇති නැද්ද බබා...මේ බලන්න...මේ...ඔයාගෙ අයියා ආවනෙ ඔයාව බලන්න...."

"රිදෙනවද මන්දිල්....අයියට...අයියට සමාව දෙනවා නේද....මම..මම නිසානේ ඔයාට මෙහෙම උනේ....මට තිබුණා..මට තිබුණා උබව තනි නොකර ඉන්න....තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් චූටිගෙ ජීවිතෙත් විනාශයි....එහෙම උනානම්....එහෙම උනානම් මම මොනවද වස්සානට කියන්නෙ...සමාවෙයන් කියන්නද...උගෙ පොඩි එකාව උට නැති කරාට සමාවෙයන් කියන්නද...

ඇයි..ඇයි මන්දිල් මුකුත් නොකියන්නෙ...තරහා වෙලාද...උබ ඔය මාත් එක්ක තරහා වෙලාද....පරිස්සමින් ගිහින් ඉන්න බබා කියලා උබව එදා යැව්වෙ මෙහෙම දෙයක් වෙයි කියලා නොදැනනෙ මන්දිල්...දන්නවා නම්...මම මේ ගැන පොඩිම හරි දෙයක් දන්නවා නම්...එහෙනම් මම කවදාවත් උබට මෙහෙම වෙන්න දෙන්නෙ නෑ..."

ඇතුලට ආවත් හරි ශෙනුල් කරේ සෙසඳු ලගින් වාඩිවෙලා ඔහේ කියවපු එක....අඩලම ඒ ඇස් ඉදිමිලා...ඔය කිසි දේකින් ශෙනුල්ට දැන් වැඩක් නැති ගානයි....ශෙනුල් කරේ සෙසඳුගෙ අතක් අල්ලගෙන හිතේ තියන හැමදේම කියලා දාපු එක....සෙසඳුට ඇහෙනවද නැද්ද...ශෙනුල්ට ගානක් නෑ...

ඔන්න ආයෙම,

"ඇස් ඇරලා බලපන්කො බබා...උබ ඔහොම ඉන්නවා බලන්න මට බෑ...."

"මන්දිල්..අනේ...අනේ දැන් ඇති නැද්ද මන්දිල්..."

එතකොටම වගේ....

"අ...අයියේ...."

"මන්දිල්....අනේ මගෙ පොඩි එකා...උබ...උබ ඇස් ඇරියද රත්තරන්...මම බයවුනා මන්දිල්...මම බයවුනා...මට උබව නැතිවු......"

"ශ්ශ්ශ්.....අඩ...අඩන්න එපානෙ..."

"අනේහ්...."

ශෙනුල් අඩනවා දැනිලද....ඒත් නැත්තන් ශෙනුල් දුකින් නිසාද...ඔය මොකක් නිසා උනත් සෙසඳු කරේ හරි අමාරුවෙන් ඇස් ඇරලා ශෙනුල් දිහා බලපු එක...ඒ බලලත් අයියෙ කියලා කතාකරේ ශෙනුල්ට උන් හිටි තැන් පවා අමතක කරවලා....කොල්ලා කරේ පැනපු ගමන් සෙසඳුව ඇදලා තමන්ට තුරුලු කරගත්ත එක...ඒ කරලත් කොල්ලා කියවිල්ල නම් නතරකරේ නෑ...

"ඔයා හදන්නෙ මාවත් අඩවන්නනෙ..."

"හරි හරි.....දැන් හරිනෙ ඔන්න මම කදුලු පිහදගත්තා...."

"මගෙ හොද අයියා...."

"කෝලම් කරන්න එපා බබා....දන්නවද මම මොන තරම් බයවුනාද කියලා..."

"මම..මම..."

"අඩන්න නම් එපා....ඇයි අනේ මට අඩන්න එපා කියලා දැන් ඒ පාර එයා කදුලු පුරවන්..."

"ඉතින් ඔයානෙ මාව අඩවන්නෙ..."

"ලෙඩ ගානේ හිටියත් කටනම් වහන්නෙ නෑ නේද...හොර කොල්ලා මගෙ....ඔහොම ඉන්නවා මම ඩොක්ටර්ට කතා කරලා එන්නම්..."

ලෙඩ ගානෙ හිටියත් සෙසඳු නෙවෙයි එක තප්පරේකටවත් කට වැහුවෙ...ඇස් ඇරපු තප්පරෙන්ම වක්කඩේ කැඩුවා වගේ කියවනවා...පුදූම කටක් තමයි ඒක...ඔය එක්කම වගේ ශෙනුල් කරේ සෙසඳුට ඔහොම ඉන්න කියලා ඩොක්ටර්ව හම්බෙන්න යන්න හදපු එක....

ඒත්...

"අයියේ...."

"මොකෝ..."

"නි...නිවේන්...."

ඔන්න හරි...කොල්ලට දැන් තමයි නිවේන්ව මතක් වෙලා තියෙන්නෙ...ඒ මතක් උන සැනින්ම සෙසඳු කරේ ශෙනුල්ගෙන් ඒ ගැන අහපු එක වෙද්දි,

ශෙනුල් කරේ...

"වස්සාන ඉන්නකන් උට අතක් තියන්න ඔය මොකෙකුටවත් බෑ මන්දිල්..."

කියලා ලස්සනට හිනාවෙලා room එකෙන් එලියට ගිය එක....

____________________________________

"මේ බෙහෙත් ටික බොන්න...."

"මට එපා...."

"කියන දේ අහලා මේ බෙහෙත් ටික බොන්න මිස්ටර් නිවේන්..."

"මට එපා එපාමයි....ඕවා තිත්තයි..."

අනේප් මටනම් එපා....හැයි අනේ බෙහෙත් බොන්න තරම් අමාරුවකුත් නෑ...ඒ උනාට මේ යකින්න මට බෙහෙත් පොවන්න හදනවා...දැන් ටිකකට කලිනුත් තඩි බෙහෙත් පෙති දෙකක් බලෙන්ම මගෙ කටට දැම්මා..මේන් දැන් ආයෙ උස්සගෙන ඇවිත්...පිස්සු...ඌප්ස්...ඔයාලා බැලුවද මම මේ කාටද බනින්නෙ කියලා....වෙන කාටද ඉතින් හිච්චි නර්ස් නෝනට මිසක්....දොඩම් ගෙඩි දෙකක් තරම් උස නෑ...ඒ උනාට මොකද කට බලාපල්ලකො...ඊව් ඊව් අනේ අහගෙන ඉන්නත් මොකක්ද වගේ...හැතිරි...උබ කොච්චර උඩ පැන්නත් මම ඔය බෙහෙත් පෙත්ත බොන්නෙ නෑ...නෑ කීවොත් නෑ නෑමයි...

හුහ්....ඒකෙන් වැඩක් නෑ ඒයිලා...පැංචගෙ හිතට හරීයට දුකයි...ඊයෙ වෙන්න ගිය දේ..මට ඒ දේවල් මතක් වෙනකොට මම ගැනම අප්පිරියයි.....අර යකා බල්ලෙක් වගේනෙ මගෙ බෙල්ල කෑවේ...ඒ කාපු කෑමට තාම මගෙ බෙල්ල දනවා...ඒ උනාට මට දුක මම ගැන නෙවෙයි සෙසඳු ගැන...ඌ ඊයෙ හිටපු හැටි...අර තිරිසන්නු මගෙ අහිංසකයගෙ ඔලුව පැලෙන්නම ගහලා.....ඌව එහෙම දැක්ක පාර මට කරකියා ගන්න දෙයක් නැතිවුණා...ඒකමයි...ඒකමයි මම අරූ කියන ඕන දෙයක් කරන්න හිත හදාගත්තෙ...ඇත්තටම එහෙම දෙයක් උනානම්...නෑ එපා..මට ඕනෙ නෑ ඒ ගැන හිතන්න...මගෙ තාප්ප කොම්ලා super hero වගේ ඇවිත් මාව බේරගත්තනෙ...අනේ මගෙ සූකිරි බටිල්ලා...මිහුක්...මම ආදරෙයිනෙ ඉතින්...හෑ...පෝඩ්ඩක් ඔහොම ඉන්න...මම ඊයෙ එයැයිට ආදරෙයි කීවා නේද....ඌප්ස්..මට විනාඩියක් දෙන්න ඒයිලා හරිද...පැංචට පෝඩ්ඩක් කල්පනා කරන්න ඕනෙ...

"ආදරෙයි...."

යෝ...කීවා තමයිනෙ...මම එයාට ආදරෙයි කියලා කීවා තමයිනෙ...ඒ උනාට මට යාන්තමට වගේ මතකයිනෙ අනේ එයැයිත් මට ආදරෙයි කීවා කියලා....හනේ දෙයියනේ ඒයිලා...ගහපන්කො මට එකක්...මට නිකන් කිචි කිචි වගේ...ඉහික්...හරිම ඒසයි අප්පා හරිම ඒසයි....

ආආආආ...මෙන්න මේ දඩුලේනි ආයෙ ටිං ටිං ගානවා...

"මේක විහිලු කරන තැනක් නෙවෙයි මිස්ටර්.."

පුහ්...ඒකනම් මාත් දන්නවා...

"ඒ නිසා මේ ටික බොන්න..."

"මට එ....."

"මම පොවන්නම්...."

"හෑ....."

දෙයියනේ ඒයිලා...මේන් බලන්නකො මෙයා...එක පාරම කඩන් පැනලා මම පොවන්නම්ලු....වෙන කවුද ඉතින් තාප්පයා මිසක්....කමක් නෑ අනේ කමක් නෑ...මගෙ හංචි කුචියනෙ...හේ හේ..

"ක..කමක් නැද්ද...."

"It's ok...."

ආආආ...අරකි මොකද අර ඇඹරෙන්නෙ....

තාප්පයව දැක්කා විතරයි අරකිට නිකන් කිරිපණු ගාය හැදිලා වගේ...ඇඹරෙනවා ඇඹරිල්ලක් ආයෙ නෑ වංගෙඩි පරාදයි...පෙනේද..පෙනේද අර මිනිහත් ඇදලා පැදලා It's ok කියපු ලස්සන...මනමාලකමනෙ ඉහටත් උඩින්....ඉදකින් පඩස්තරයා.....තාප්ප බොසා It's ok කීවට පස්සෙ අරකි මූණත් ඌරු පුක කරන් එලියට ගියපු හැටි විතරක්...හොද වැඩේ පරට්ටිට....ආවා මෙතන මෙතන කොල්ලන්ට උකුළු මුකුළු පාන්න...

ඒ එක්කම මම ලගට ඇවිත් වාඩිවුණේ එයා...වෙන කවුද ඉතින් තාප්පයා මිසක්...අනේප් මට නම් ඕනෙ නෑ....තවුසෙත් ඔය මට බෙහෙත් පොවන්න නම් හදන්නෙ මට තවුසෙවත් එපා....අර නර්ස් නංගිත් එක්කම යන එකයි ඇත්තෙ....හැයි අනේ....

"විකාර නටන්නෙ නැතුව මේක බොන්න නිවේන්...."

"මට එපා...."

"මගෙ මාරයා අවුස්සන්න එපා හරී...."

අනේ...ඒ පාර ආයෙම මට සැර කරනවා...එක විනාඩියක් හොදින් කතා කරොත් ඊලග විනාඩි ගානම මෙයා කරන්නෙ මට බනින එක...ඉහික්...මමත් ආදරෙයි කීවනෙ මේ වගේ යකෙකුට....මේ යකා ඊයෙ මට ආදරයි කීවා වගේ ඇහුනට එහෙම කියලා නැද්ද කොහෙද...හැයි අනේ ආදරෙයි නම් මෙහෙමත් කෑගහනවද....හිතට ආපු දුකට මම කරේ පිස්සෙක් වගේ අඩ අඩම කියවපු එක...

"මට..මට ඕන්නෑ තමුසෙව...මහ නරකයෙක්..තමුසෙට හිතක් පපුවක් නැද්ද...ඈඈ..තමුසෙට හිතක් පපුවක් නැද්ද...හැමවෙලේම මට බනිනවා...මට ඕන්නෑ...මට ඕන්නෑ කියන්නෙ ඕනෙම නෑ..ඊව්

අනේ මටත් පිස්සුනෙ...හැයි අනේ පිස්සු නැත්තන් මේ වගේ මිනිහෙක්ට ආදරෙයි කියයිද...නෑනෙ...නෑනෙ..."

"මොකක්ද තමුන් කීවේ...."

"මො..මොකක්ද..."

"ඇයි දැන් ආදරෙයි කීවේ..."

"ක...කවුද...මම..මම...නෑ ඔ..ඔයාට ඇහිලා වැරදියි..."

ඔය කරගත්තෙ වැඩක්...මටත් කටහවහන් ඉන්න බැරුවට හොද පාඩම...මිහුක්...

ඔන්න ආයෙම කියවනවා...මේ යකා මාව මරයිද දන්නෙත් නෑ...

"ඔයා කීවේ එහෙම තමයි නිවේන්...ඇත්ත කියන්න..ඔයා..ඔයා මට ආදරෙයිද..."

හිතපු නැති විදිහට එයා කරේ මගෙ අත් දෙක අල්ලන් ඔයා මට ආදරෙයිද අහපු එක වෙද්දි මමත් කරේ ඔව් කියන්න ඔලුව වනපු එක...ඒ වනලත් මම කීවේ..

"ඒ උනාට තමුසෙට කිසි හිතක් පපුවක් නෑනෙ...මිහුක්...."

කියලා වෙද්දි එයා කරේ ඇදලා අරන් මාව එයාට තුරුලු කරගත්ත එක...ඇයි..ඇයි මේ..එයා මට බනින්නෙ නැද්ද...මම ආදරෙයි කීව එකට එයාට කේන්ති නැද්ද...බැරිවෙලාවත්...බැරිවෙලාවත් ඊයෙ මට ඇහුන දේ ඇත්තක්ද...

එතකොට වගේ....

"හිතක් පපුවක් නෑ කියන උන් ලගම තමයි හිත පුරවලා දෙන්න පුලුවන් ආදරයක් තියෙන්නෙ...."

"හහ්...."

එයා කියපු දේ නොතේරුන නිසාම මම කරේ ඇස් දෙකත් බෝල කරන් එයා දිහාම බලන් හිටපු එක...

"මම තමුසෙට ආදරෙයි නිවේන්...මම තමුසෙට ගොඩක් ආදරෙයි...."

"මො...කක්...ඇත්...ඇත්තටම..."

මට..මට ඇහුන දේ හරිද...එයා..එයා මට ආදරෙයි කීවද...

"මම මොකටද බොරු කියන්නෙ...උබ නොදන්නවා උනාට මම උබට අවුරුදු ගානක ඉදන් ආදරෙයි..."

"හෑ....."

පි..පිස්සු හැදිලද..මොනවද මෙයා මේ කියවන්නෙ...

"ම්ම්....මීට අවුරුදු තුනකට කලින්................................................."

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"එච්චරකල් මම වෙනුවෙන් බලන් හිටියද..."

"හැමදේම කීවට පස්සෙත් මාව විශ්වාස නැද්ද නිවේන්..."

"ම.මට...මට දුකයිනෙ...."

අනේ ඒයිලා...මට දුකයිනෙ...එයා..එයා අවුරුදු තුනක් තිස්සෙ මට ආදරෙයිලු...මාව දැකපු හැටි...මටත් නොදැනි මම ලගින් හිටපු හැටි..එයා ඒ හැමදෙයක්ම අද මම එක්ක කීවා...ඔයාලත් හරි නරකයි ඒයිලා...ඔයාලත් මේ හැමදේම දැනගෙන හිටියා නේද...මහ නරකයෝ...

මම දුකයිනෙ කියපු පාර එයා කරේ මගෙ නලලෙන් තොල් තදකරපු එක...ඒ හැගීම...ඒ හැගීම මම මීට කලින් විදලා තියනවා...නොදැනි උනත් එයා ලග නින්දට යන හැමදාම ඔය සීතල හැගීම මම විදලා තියෙනවා...එතකොට...එතකොට...

"ඔයා...ඔයාද ඒ...."

"මොකක්ද...."

"කලිනුත් මට දැනිලා තියෙනවා...ඔය සීතල..මගෙ නලලට කලිනුත් ඔය සීතල දැනිලා තියෙනවා...ඔයාද...ඒ ඔයාද..."

"ම්ම්ම්....මම තමයි...උබ මගෙ පේන මානෙ ඇස් පියාගත්ත හැමදාම මම මෙහෙමයි..."

"අ..අනේහ්....ඉහික්....ඉහික්..."

"අයියෝ...ඔය ඉතින් චුරු චුරු බබෙක් වගේනෙ...කෝ ඔය කදුලු පිහදගන්න..."

"මහ නරකයෙක්...මිහුක්...."

"වැඩිය හුරතල් වෙන්න ආවොත් හපනවා හරිද..."

"ආආආ..ඇයි ඇයි තවුසෙ කලින් මාව කෑවෙ..be my sex partner යැයි යැයි තමයි.."

"මගෙ පැංචා ආසද ඒකට...ම්ම්..."

"අනේ මේ යනවා යන්න වල් හාවා...අනික තමුසෙ ඇයි මට පැංචා පැංචා කියන්නෙ...මෝඩයා..."

"එනවා මෙහාට...පණ්ඩිතයෙක් මහ..."

කවදාවත් හිතපු නැති විදිහෙ දෙයක් මේ විදිහට වෙනකොට මමත් කරේ එයා අස්සට තුරුලු උන එක...නපුරෙක් වගේ හැසිරුණාට අදනෙ මම දැක්කෙ එයා ඇතුලෙ හැංගුන ඒ ආදරණීය මනුස්සයව....මම දන්නවා...දැන් මාව හොදටෝම රතුවෙලා ඇති...මිහුක්...ස් ස් මේ...අනේ මේ අහනවකො ඒයිලා...හේ හේ ලැජ්ඡයිත් වගේ අනේ....නෑ නෑ මම මේ අහන්න ගියෙ මේකයි හරිද...දැන් එතකොට තාප්පයයි මමයි ටොයිං ටොයිංද....ඔය ඔය ඉතින් හිනාවෙන්න එපානෙ...මිහුක්...ඕනෙ නෑ ඕනෙ නෑ...හැයි අනේ...ඔයලාත් මහ නරකයෝ...

ඒ එක්කම ආයෙම මට කතාකරේ එයා...

"නිවේන්..."

"ඕ...."

"තරහද මා එක්ක..."

"ඒ මොකටද අනේ...."

"මුලදි රිද්දුවට..."

"චූට්ටම චුට්ටක් තරහයි හාද...."

"අනේ ඇත්තට...."

"ඔව්නෙ...."

මූණත් රතු කරගෙන එයා අස්සට තවත් ගුලිවුණේ එයා අන්තිම කියපු ඒ වචන ටික දරාගන්න බැරි නිසාමයි....කවදාවත් හිතුවෙ නෑ...

මගෙ ජීවිතේටත් වස්සාන ඉර්තුවක් ඒවි කියලා...හැබැයි එයා ඒක හරි ලස්සනට කරලා පෙන්නුවා....

දන්නවද එයා අන්තිමට කියපු වචන ටික...

"ඔය පපුව උඩ හැමදාටම හුස්මගන්න අවසර දෙනවද මැණික....රිද්දුව මට එක පාරක් සමාවෙයන්...මම උබව මලක් වගේ පරිස්සම් කරන්නම්...."

ඒ හැමදේම අහගෙන හිටපු මට කියන්න පුලුවන් උනේ...

"මම ආදරෙයි...."

කියලා විතරමයි...

_________________________________

මම යනෝ බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter