Chapter 3 of 24

ගම හැර යෑම ( part 2 )

තුන්කොන් BL1,521 words~8 min read

සසිරු pov

ගමේ ඉන්න අන්තිම දවස අද..කාලෙ ගෙවිලා යද්දි අපි ඉන්ටවිව් යන දවසත් ආවා..මහ පාන්දරම නැගිටලා මං ලෑස්ති නුවර යන්න..තුන හමාරෙ බස් එකේ ගියොත් අප්පච්චි කිව්වා වෙලාවට යන්න පුලුවන් කියලා..

" මතීශ්..නැගිටිනවකෝ.."

" ම්හුක්.."

" උහුක් උහුක් නෙවේ..නැගිටපන් බං වෙලා යනවා.."

මං නැගිටලා ලෑස්තිත් වෙලත් ඉවරයි මෙයා තාම නිදි කොච්චර කතා කරත් මූ නෙවෙයි ඇහැරින්නේ..දැන් අප්පච්චි ආවොත් පුප පැලෙන්න දෙයි මේකට..

" නැගිටිනවා මතීශ්..මං ලෑස්තිත් වෙලා ඉන්නේ..තුන හමාරෙ බස් එකේ යන්න ඕනි දැනටමත් තුනයි.."

" ම්ම්..හ්ම්ම්ම්..තව විනාඩි දහයයි.."

" උබ ඉදපන් එහෙනම් මෙහෙටම වෙලා මං යනවා.."

" හ්ම්ම්.."

" සුදු මහත්තයා..නැගිටපන්.."

ඔන්න බඩු හරි...

" පුකත් උඩ දාන් ඉන්න ලස්සන ඇත්තමයි..දැන් නැගිටලා ලෑස්ති වෙයන්..යද්දි බස් එකේදි නිදා ගමූ.."

" ම්හුක්.."

" මූට මම...නැගිටිනවා.."

" ආව්වා.."

හොද වැඩේ..දුන්නා නේද කිව්වා වගේම පුප පැලෙන්න..

මතීශයා උඩ ගිහින් නිකන්ම ඇදේ ඉන්ද උනා..

" ඇයි ගහන්නේ.."

" ගහන්නෙ තමා ඉක්මනට ගිහින් ලෑස්ති වෙයන් සුදු මහත්තයා.."

" හ්ම්ම් හ්ම්ම්.."

" සසිරු මේ.."

" ම්ම්ම්.."

" කලුවරයි නේ.."

" ඉතින්.."

" තනියට යන්කෝ.."

" මේක මහ පුදුම හුරතලයක් නේ.."

" සුදූ උබ බෑග් ටික එළියෙන් තියපන්..නැත්තන් යන්න එළියට බැහැලා ඒවා හොයන්නේ..සුදු මහත්තයා එනවා යන්න හෝද ගන්න.."

" අදින්න එපා අයියෝ මං එන්නම් ඉතින්.."

අප්පච්චි නිදි මතේම ඉන්න මතීශ්වත් ඇදගෙන ගියා හෝද ගන්න..

මෙහෙමයි ඉතින් එයා යන්න විනාඩි දහයක් තියලා ඇහැරියත් ඉක්මනට වැඩ ටික කර ගන්නවා.. ඒත් මට ලෑස්ති වෙන්න වෙලා යන නිසා යන වෙලාවට විනාඩි හතලිහකට කලින්වත් නැගිටින්න ඕනි..

" හරිද.."

" ආ....හරි හරී..සීතලා......යී...කෝ.....මගෙ ඇදුන්....."

" පුටුව උඩ..මං මැදලා තියෙන්නෙ ඇද ගන්න.."

" හ්ම්ම්.."

මුගෙ යට කලිසමේ ඉදන් ඔක්කොම බලන්න ඕනිත් මං..ඊයෙ ඇදුම් බෑග් ටිකත් අරන් මතීශ් අපෙ ගෙදර ආවා..ඒත් ඉතින් තුන් හතර පාරක්ම ඉස්කෝලේ මහත්තයාලා ගෙදර යන්න උනා මෙයාට සැරින් සැරේ අමතක වෙන ඒවා ගේන්න..

පව් ටවල් එකත් ඉනේ පටලන් කොල්ලා හොදටම වෙව්ලනවා..පාන්දරට ලිදේ වතුර අයිස් වගේ..

එයාට ලෑස්ති වෙන්න ඉඩ ඇරලා නිකමට වගේ අල්මාරිය ඇරලා බැලුබේ අරන් යන්න ඕනි මොනා හරි මගෑරිලද බලන්න..ඒත් නෑ ඒක හිස්..අප්පච්චි ගෙ ඇදුන් දෙක තුන විතරක් මුල්ලක ගුලි වෙලා..අවුරුදු දෙකක්ම මං දැන් ගමෙන් මගෙ අප්පච්චිගෙන් ඈත් වෙලා ඉන්න එපැයි..පුංචි කාලෙ ඉදන් හැදුන වැඩුන තැන දාලා යන්න දුකයි..ඒත් මේක මගෙ හීනේ නේ..

" සසිරූ.."

" ම්ම්ම්.."

" කොණ්ඩෙ පිහිනවකෝ.."

" ශර්ට් එක ඇදන් ඉන්නවකෝ.."

" අයියෝ ඒක පස්සෙ අදින්නම්..ඉක්මනට පිහිනවා සීතලයි මට කන් දෙකත් කැක්කුමයි.."

" කොල්ලෝ ඉක්මනට ලෑස්ති වෙයන්..තව ටික වෙලාවයි පාරට යන්නත් ඇපැයි.."

අප්පච්චි සැරින් සැරේ කාමරේට ඇවිල්ලා ඉක්මනට ලෑස්ති වෙන්න කියලා යනවා.

" ආ..හරි හරි අප්පච්චි මේ මෙයාගෙ කොණ්ඩෙ ටිකක් පිහලා එන්නාම්.."

" කෝ මෙහෙ එනව ඉක්මනට.."

ඇදේ ඉදන් හිටිය මතීශ්ගෙ ඉස්සරහින් මං හිට ගද්දි..එයා මගේ බඩේ නලල තියා ගෙන අත් දෙක ඉන වටේ ඔතා ගත්තා..

" මොකද මේ.."

" සීතලයි.."

" නෑවෙ මොකද මිනිහො ඉතින් මේ සීතලේ.."

" අප්පච්චිනෙ නෑව්වේ..අර තඩි බාල්දියෙන් වතුර එකක්ම මගෙ ඔලුවෙ ඉදන් නැලුවා..මෝඩයා.."

" හොද වැඩේ.."

" යැයි යැයි තමා.."

" කොල්ලෝ මොකද යකෝ තවත් කරන්නේ වරෙව් ඉක්මනට..මනමාලියෝ අන්දන්නවත් මෙච්චර වෙලා යන් නැතුව ඇති.."

" එනවා එනවා අනේ..කෑ ගහන්න එපා මේ මහ පාන්දර වට පිටේ මිනිස්සුත් බය වෙයි.."

" හරි හරි ඉක්මනට ශර්ට් එක දා ගන්නව දැන්.."

" ම්හුක්.."

" ගහනවා මතීශ් මං දැන් උබට..එහාට වෙයන්.."

බූවල්ලෙක් වගේ මාව වෙලාන හිටිය මතීශ්ව මං අමාරුවෙන් මගෙ ඇගෙන් එහාට කරා..මූත් වෙලාවකට පොඩි එකෙන් වගේ..

" ඕනි මගුලක් කර ගනින් මං යනවා.."

" ඉන්නවා ඉන්නවා ඉතින් එන්නම්.."

කොච්චර විශේෂ ගමනක් උනත් මතීශ් ඔහොම තමා ටිකක් උදේම ඇහැරින්න පුදුම කම්මැලිකමක් තියෙන්නෙ..සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් වගේ යද්දිනම් කොල්ලො කෙල්ලො කවුරු උනත් නිදා ගන්නෙ නැතුව හරි ඒක යන්න ලෑස්ති වෙනව නේ..මූ එහෙමත් නෑ..යන්න කොච්චර උවමනාව තිබ්බත් කම්මැලි කමේනම් අඩුවක් නෑ..

" හරිද ඉවරද අංගනාවො දෙන්නා ලෑස්ති වෙලා.."

" අනේ අප්පච්චි.."

අප්පච්චි අපි දෙන්නගෙ උඩ ඉදන් පල්ලෙහාට බලන ගමන් එහම කියද්දි මට ඉතින් සුට්ටක් විතර ලැජ්ජා හිතුනා..

" කෝ සුදු මහත්තයා ඕක දෙන්න මට.."

" එපා එපා මං ගන්නම්..මං හෙන ෆිට් කොල්ලෙක්..මෙන්න මෙහෙ දෙන්න සසිරු ඕකත්.."

තඩි බෑග් තුන හතරක් එල්ලගෙන අප්පච්චි එකක් ඉල්ලද්දි ඒක දෙන්නෙත් නැතුව මගෙ එක්කුත් ගන්න ලෑස්ති..හැමැයි ඉතින් මූට බැරි කමකුත් නෑ..

කඩමලුත් එල්ලන් ඔන්න අපි හා හා පුරා කියලා උතුරු දිසාව බලා දකුණු කකුල පෙරට තියලා අපි ගෙදරින් එළියට බැස්සා..අප්පච්චි අපෙ දුප්පත් ගෙදර දොර ලොක් කරද්දි මගෙ බඩ පපුව පිච්චිලා ගියා..

" මේ අප්පච්චි.."

" මොකද සුදු මහත්තයා.."

" ඔයාට මාව උස්සන් යන්න බෑද ඒයි.."

" උබට මාව උස්සන් යන්න බැරි වෙයිද.."

" අනේ මේ ඕන් නෑ..මට ඔයාව උස්සන් යන්න පුලුවන්නම් මාව ඔයාට උස්සන් යන්න කියන් නෑ නේ..එහාට වෙන්න පාරෙ තව මිනිස්සු යනවා.."

පස්සත් ගස්ස ගස්ස මතීශයා අපිට ඉස්සර වෙද්දි අප්පච්චි මට තට්ටුවක් දාලා පෙන්නුවෙ උගෙ බෝල පස්ස..

" ඇයි ආයේ එන්නේ.."

" නෑ එක්කෝ ඔයාලා එක්කම යන්නම් නේ පාර කරුවලයි..ඔයාලට තනී නේ ඉතින්.."

" අහ් ඔව් ඔව් අපිට තනී.."

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී

මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී

ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි

ආදරයෙන් හමුවෙන්න ඇතී...

හදිස්සියේම මතීශ්ගෙ ෆෝන් එකේ ප්ලේ උන සිංදුව මේ පාන්දර හද එළියයි සීතල හුලගයි එක්ක ගෙනාවෙ හරි ලස්සන අමුතු හැගීමක්..

මං හරි ආසයි ඒ වගේ හිත නිවන සිංදු අහන්න..සමහර සිංදු තියනවා මොන ප්‍රශ්නෙක හිටියත් ඒ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා දාලා හිත මොහොතකට හරි නිවන්න පුලුවන් උන..

" කඳුළු සුසුම් මැද සතුටු සිනාමැද

භවය පුරා ළඟ ඉන්න ඇතී

එදත් මගේ සිත අද මෙන් කැපවී

ඔබේ නමට පුද දෙන්න ඇතී.."

ප්ලේ වෙන සිංදුවත් එක්කම මතීශ් එයාගෙ කටහඬින් තාලෙට පද ගලපද්දි මගෙ ඇගේ රෝම කූම කෙලින් උනා..මොකද එයාට තියෙන්නෙ ලස්සන කාම් වොයිස් එකක්..ඒ කට හඩට මුලු ඇගම හිරි වැටිලා යන්නෙ ඉබේටමයි..

සිංදුවත් තාලෙට මුමුණන ගමන් අපි ආවෙ පාරට..බෑග් ටිකත් බාගෙර ගරා වැටිච්ච හෝල්ට් එක උඩ තියලා බලන් ඉන්නෙ ටව්මට යන බස් එක එනකන්..ටව්මෙ ඉදන් තමා ආයෙ හතර හමාරට නුවරට යන බස් එක..

" එනවා එනවා බස් එක එනෝ.."

නොසෑලී නොතෑවී බාධක හමුවේ

ආ හින්දා ජය ගන්න ඈතී....

ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි

මේ අයුරින් හමු වෙන්න ඈතී.....

සිංදුවෙ අන්තිම පේලියත් ඉවර වෙලා යනවත් එක්කම ඈත ඉදන් මීදුම අස්සෙන් එන බස් එකේ ලයිට් එළිය පෙනුනා..

" සුදු මහත්තයා පස්සට වෙලා ඉන්න බස් එක නවත්තනකන්.."

" හ්ම්ම්ම්.."

" ආ..ඔන්න නැගපන් පරිස්සමින්.."

" සසිරු නගින්න.."

මතීශ් මට ඉස්සර වෙන්න කියද්දි මං බස් එකට නැගලා දෙකේ ශීට් එක්ක කොනේ වාඩි උනා..මතීශුත් මට එහා පැත්තෙ වාඩි වෙද්දි අප්පච්චි අපිට ඉස්සරහින් වාඩි උනේ එයාට එහා පැත්තෙන් බෑග් තියා ගන්න ගමන්..

බස් එකටම ඉන්නෙ අපි තුන් දෙනා ඇර තව ගමේම මිනිස්සු පස් හය දෙනෙක්..ගමේ ඉදන් දුර ජොබ්වලට එහෙම යන අය ඒ..

" සීතලයි සසිරූ.."

" ජැකට් එක නැද්ද.."

" දන් නෑ ඔයා කෝකටද දැම්මේ.."

" අහ් අප්පච්චි ලග තියන බෑග් එකේ ඉන්නකෝ.."

" අප්පච්චි මතීශ්ගෙ ජැකට් එක ඇති ඕකේ අරන් දෙන්නකෝ.."

" මේකෙද සුදූ.."

" ඔව් ඔව් උඩම ඇති.."

අප්පච්චි බෑග් එක ඇදලා උඩින්ම තිබ්බ මතීශ්ගෙ කලු ජැකට් එක මගෙ අතට දුන්නා..මෙයාට සීතල එන නිසාමයි මං ඒක උඩින්ම තියලා තිබ්බෙ..

" ම්ම්ම්.."

ජැකට් එක මතීශ් අතට දෙද්දි එයා ඒක අත් දෙක වැහෙන්න පොරව ගෙන මට ලං වෙලා මගෙ අත් දෙකත් වැහුවා..

" ඇයි.."

" තව්සෙටත් සීතලයි නේ ඉතින් පොරව ගන්නවා ඕක.."

" මට සීතල නෑ.."

" ඔව් ඒක තමා ඔය කම්මුල් දෙකත් රතු වෙලා ජම්බු ගෙඩිය වගේ ඉන්නේ.."

මං ඉක්මනට මූණ අල්ලා ගත්තා..සීතලයි තමා ඉතින් ඒකට එච්චර රතු වෙලාද මං..

" මෙන්න මෙහෙ එනවා බක පණ්ඩිත නැතුව..තව්සෙ රතු උනාම පට්ට ලස්සනයි සසිරූ.."

" අනේ මේ.."

" ඉතින් ඇත්ත නේ කිව්වේ.."

" හරි හරි ඇති ඕක.."

" හ්ම්ම් හ්ම්ම්.."

" මොනාද අනේ බලන්නේ.."

මේ මෝඩයා මගෙ මූණ දිහා බලන් ඉද්දි මට දැනුනෙ මාව තවත් රතු වෙනවා වගේ..

" ලස්සන බැලුවෙ ඉතින්.."

" හා බලා ගන්නවකො ඕනි තරම්.."

මතීශ් එක්ක කියවගෙන ගිහින් තේරුමක් නැති නිසා එයාට ඕනි මගුලක් බලා ගන්න කියලා මං එළිය බලා ගත්තා..හද එළිය වැටිලා වැවේ වතුර දිළිසෙනවා..වැව පහු වෙද්දි ගමේ පන්සල..පාරෙන් ඈතින් පේන පන්සල මේ වෙලාවට අමුතු ලස්සනක් තියෙන්නේ..පුංචි කාලෙ ඉදන් මං හැදුන මගෙ ගම ටිකෙන් ටික පහු වෙලා යද්දි මගෙ පපුව මොකක්ද වෙලා ගියා..මට ආයෙ සෑහෙන කාලෙකට මෙහෙට එන්න වෙන් නෑ නේ..

" මොකක්ද වගේ මෙහෙන් යද්දි.."

" හ්ම්ම්ම්.."

" අපි හැම නිවාඩුවකම මෙහෙ එමු ආයේ.."

" හා.."

" ම්ම්..ඔයාට බඩගිනි නැද්ද සසිරු.."

" නෑ ඉතින්.."

" බොරු කියන්න එපා..උදේ මුකුත් කෑවෙත් නෑ නේ.."

" ටිකක් විතර බඩගිනි.."

" ආ..."

මතීශ් එයාගෙ බෑග් එකෙන් අරන් මට දික් කරේ චොක්කට් බිස්කට් එකක්..මෙයා කොයි වෙලේද බිස්කට් ගත්තේ..

" මේවා කොයි වෙලේද ගත්තේ.."

" ඔයාට ඒ පැහිච්චකන් වැඩක් නෑ නේ ඒයි..කටවහන් කාපන් ඕක.."

" කට වහන් කන්න බෑ නේ.."

" ඇරගෙන කාපන් එහෙනම්.."

ආපිට මුකුත් නොකියා මං බිස්කට් පැකට් එක කැඩුවා..

" ඔයාටත් ඕනිද.."

" එපා.."

" ඕනි කිව්වත් දෙන්නෙ නෑ ඉතින්.."

" හ්ම්ම්ම්...."

" ඒ පාර මොකද.."

නිදි මත වෙලාද මංදා මතීශ් මගෙ උරහිසෙන් ඔලුව තියා ගද්දි මං උරහිස ටිකක් හෙල්ලුවා..

" නිදිමතයි.."

" ම්ම්...නිදා ගන්නකෝ බහින්න ලන් උනාම ඇහැරවන්නම්.."

" හ්ම්ම්.."

මතීශ් මුකුත් නොකියා සීතලේ මට ගුලි වෙලා ඇස් පියා ගද්දි මං චොක්කට් බිස්කට් එක කන්න ගත්තා..

විනාඩි ගානක් ගෙවිලා යද්දි මගෙ ඇස් දෙකත් පිය වෙලා ගියෙ මටත් නොදැනීම..

විනාඩි ගානකට පස්සෙ බහින්න ලන් වෙලා අප්පච්චි කතා කරද්දි ඇහැරුන මම මතීශ්ටත් කතා කරා..

" මතීශ්.."

" ඒයි..නැගිටින්න.."

" ම්ම්හ්..හ්ම්ම්.."

" බහින්න යන්නෙ නැගිටින්න.."

" හ්ම්ම්ම්.."

" සුදු මහත්තයා..බෑග් ටික ගන්නකෝ..ඔක්කොම ගන්න බස් එකේ දාලා එහෙම බහින් නෑ.."

ටවුමට ආව බස් එක නතර කරද්දි නිදි මතේ ඉන්න මතීශ්ට ඉස්සර වෙන්න දීලා අපි බස් එකෙන් බැහැ ගත්තා..

මෙතනින් තමා නුවර යන බස් එකට නගින්නේ..මං මීට කලින් කවදාවත් නුවර ගිහින් නැති වෙද්දි ඉතින් පලවෙනි පාරට හවසට ලස්සනයි කියන ඒ නුවර බලන්න අපි නුවර යන බස් එකටත් නැන්ගා..

*****

😪❤️

vote 👇

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!