Chapter 4 of 24

අලුත් ජීවිතේ ( part 3 )

තුන්කොන් BL1,365 words~7 min read

මතීශ් pov

මං ආයෙත් මගෙ උපන් ගමට..නුවරට ඇවිල්ලා බැස්ස වෙලේ ඉදන් මගෙ හිතට මහ අමුතු හැගීමක් ඇති උනේ..පොඩි කාලෙ නුවර හිටියට අවුරුදු ගානක්ම මං හිටියෙ සසිරුගෙ ගමේ වෙද්දි ඉතින් මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කරපු තැන දාලා එද්දි හිතට දුකයි..ඉම්හි ඉම්හී..දෑස පලාන කදුලුත් එනවා ඒ අස්සෙ..

" මතීශ්.."

" ම්ම්ම්.."

" මෙහෙ ලස්සනයි නේ.."

සසිරුවා ඉන්නෙ කලබල වෙලා..බස් එකෙන් බැස්ස වෙලේ ඉදන් මගේ අතේ එල්ලිලා පොඩි එකෙක් වගේ..

දැන් නුවර ටව්මෙ ඇවිත් බැස්සට ඉස්කෝලේට යන්න තව එක්ක නැගපන්කො රෙද්ද බස් කීයක ආවද දැන්..

වැඩිය නෑ ඉතින් ඔක්කොම තුනයි..

" ගම තරම් නෑ ඉතින්.."

ඇත්තනේ..නුවර ලස්සනයි ලස්සනයි ගෑවට හැමෝම ඔය කියන තරම් ලස්සන නෑ ඉතින්..මේ වගේද අපෙ සසිරුවගෙ ගම..

" සුදු මහත්තයා..අර බස් එකේ යන්න පුලුවන් නේ.."

" ආ ඔව් ඔව් පුලුවන්.."

අප්පච්චි පෙන්නුවේ පැණිදෙණිය බස් එකක්..ලග ලග පොඩි ගමන් වලට හොදම ඉතින් පැණිදෙණිය බස් තමා..පුදුම බස් කැටියක් තියෙන්නෙ එහෙට..විනාඩි පහෙන් පහට බස්..

" වරෙන් මිනිහෝ.."

" ආ මේ එනවා එනවා.."

ඌනම් ඉන්නෙ මේ ලෝකෙ සිහියකින් නෙවෙයි..

අපි තුන්දෙනාම බෑග් ටිකත් උස්සන් බස් එකට නැගලා පිටි පස්සෙම ශීට් එකේ ඉද ගත්තා..

කිසිම කතා බහක් නැතුව පාඩුවේ ටිකක් වෙලා යද්දි ඔන්න එක පාරටම..

ආච්චියේ පෝච්චියේ වතුර නටනවෝ

ආච්චිගේ මූණ කන්න පූසී අඩනවෝ

" අම්මට හු#%$*.."

" සසිරූ....!!! "

" අහම් ලස්සන රිගින්ටෝන් එක නේ..මං ඔයාගෙ ෆෝන් එක ගත්තෙ නෑ එච්චරයි.."

හිටි හැටියේ මගෙ ෆෝන් එක මහ හයියෙන් රින් වෙද්දි දෙයියනේ කියලා බස් එකේ ඉස්සරහා හිටිය ඔක්කොගෙම අවදානෙනම් ඔනෑවටත් වඩා මට ලැබුනා..

අම්මපා ඉදලා ඉදලා මේ සසිරුවා කරොත් කරන්නෙ ඔය වගේ වැඩක්ම තමා..ආච්චිගෙ නටන ඒවා මට කියන් නෑ ඉතින් මේකට..

දැන් එතකොට කව්ද කෝල් ගත්තේ..අම්මට තමා දෙයියනේ අම්මා..

" hello.."

" ආ..මේ එන ගමන්.."

" පැණිදෙණියක.."

" ඔව් ඔව්.."

" හ්ම්ම්..බායි.."

එයාගෙයි මගෙයි අනවශ්‍ය කතා බහා නෑ අවශ්‍ය දේ විතරයි..කොහොමත් අම්මා මාත් එක්ක වැඩිය කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි අපෙ අම්මා පට්ට නපුරුයි..

" කව්ද සුදු මහත්තයා.."

" අම්මා.."

" එයාලා ඇවිල්ලද.."

" ඕ..අම්මා ගෙදර තාත්ති ඇවිල්ලා.."

" සසිරු හිටපන් ඈ මං උබව අල්ලා ගන්නම්.."

" ඉතින් මේ අල්ලන් නේ ඉන්නේ.."

එයා ඉන්නෙ මගෙ අත වටේ එයාගෙ අතදාන් පටලගෙන..

" ඔව් නේද.."

" ඔව් තමා..මතීශ් තව්සෙ කුනුහරප කිව්වා හොදේ කට තලනවා.."

" යැයි යැයි තමා..හු#තා.."

" මතීශ්..!!! "

" සමාවෙන්න සමාවෙන්න.."

පොඩි එකෙක් වගේ නිකන් ශටර් එකෙන් එළිය බලාන හුලන් වැදි වැදී ඔහේ යනවා..එයාට මෙහෙ අලුත් නිසා වට පිටාවෙ හැම දේම හෙන ආසාවෙ බලාන යනවා..

" සුදු මහත්තයා දැන් බහින්න ලගයි නේ.."

" ඔව් අප්පච්චි ඉස්සරහා හෝල්ට් එකේ.."

" සුදූ එන්න.."

" ම්ම්ම්.."

ඉස්කෝලේ ලග හෝල්ට් එකේ බස් එක නතර වෙද්දි අප්පච්චි ඉස්සල්ලා බහිද්දි සසිරුටත් බහින්න දීලා මං බැස්සෙ අන්තිමට..

ඔක්කොමත් හරි මේ ඇදුන් බෑග් ටික උස්සන් ඉන්ටවිව් එන්න උන එක තමා තියන ලොකුම අව්ල..

පාර පැනලා අපි තුන් දෙනාම ගියෙ ඉස්කෝලේ ගේට් එක ලගට..දෙයියනේ මගෙ වීරයා ඉන්නවා නේත කාර් එකට හේත්තු වෙලා..

" අහ් චන්ඩියා.."

මං තාත්තා ලගට දුවන් යද්දි තාත්තා මගෙ කොණ්ඩෙ අව්ල් කරා..

" මෙන්න මේවා ගන්න හලෝ බරයි.."

" කාර් එකට දානවා ඉතින්.."

" සසිරූ..කොහොමද පැටියෝ.."

" හොදින් ඉන්නවා මාමා.."

" බෑග් ටික දීපන් මචං..ඉන්ටවිව් ඉවර වෙලා විශ්වලා ගෙදරද යන්නේ.."

" ඔව් උගෙන් බේරිල්ලක් නෑ කොල්ලව එහෙ නවත්තන්න කියලා.."

තාත්තා අප්පච්චිගෙ අතේ තිබ්බ බෑග් ටික කාර් එකෙන් තියන අතරේ මං සසිරුගෙ බෑග් ටිකත් කාර් එකෙන් තියලා එයාගෙ මූණ බලද්දි මේ කොල්ලා බය වෙලා..

" සසිරු.."

" ම්ම්ම්.."

" බය වෙලාද.."

" හ්ම්ම් ටිකක් විතර..ඉස්කෝලේ ලස්සනයි.."

" තාම දැක්කෙ එළියෙ විතරනේ ඇතුල මීට වඩා ලස්සනයි.."

එයා මට ලස්සන හිනාවක් දුන්නා..ගමේදි මගෙ අම්මා වගේ හිටියට මොකද දැන්නම් පොඩි එකෙක් වගේ..

අපෙ අප්පා තාම හුරු නැති නිසා නේ ඔය හුරු උනාම ආයෙත් නියම සසිරුවා වෙයි..මතීශ්...කුනුහරප කියන්න එපා ගායි කොයි වෙලේ බැලුවත් ඕකනෙ මේකගෙ කටේ තියෙන්නෙ..එතකොට ඒකෙන් කියන්නෙ කොයි වෙලෙත් මං කුනුහරප කියනවා කියන එකද..ම්හුක් නෑ නේ මතීශ් හොද ළමයෙක්..

" චන්ඩි.."

" අනේ මේ ඕක කියන්න එපා මට.."

" හරි හරි..චුටි පුතේ.."

" තාත්තී.."

" බොරුවට කෑ ගහන් නැතුව වරෙන් බං..උබ ගමේ ඉදලා මහත් වෙලාද කොහෙද්.."

තාත්තා කිව්වෙ මගෙ කරට අත දාන් බඩ මිරිකන ගමන්..

අප්පච්චිගෙ කෑම කාලා කොල්ලා දැන් ලොකු  වෙලා ඉන්නෙ..

හිච්චි කාලෙ ඉගෙන ගත්ත ඉස්කෝලේටම ආයෙත් කෝම හරි ආවා නේ එහෙනම් මං..ඉස්කෝලේ ගේට් එකෙන් ඇතුලට යද්දි හිතල දැනුනේ පුදුම සතුටක්..ඒත් නියන් නුහුරු ගතියකුත් දැනුනා..එක වසරෙදි මුලින්ම ඉස්කෝලේට භාර දුන්න දවස වගේ නිකන්..

සසිරුගෙනම් ඇස් කණ්නාඩිය අස්සෙන් දිලිසෙනවා..පොඩි එකෙක් වගේ අප්පච්චිගෙ අතත් අල්ලන් ඉන්න එයාගෙ ඇස් ඉස්කෝලේ හැම තැනටම දුවනවා..

මාව කොහොමත් මේ තැනට ගෙනාවෙ එයා..ඒකනෙ ඉතින් මගෙ ශුඩු කොල්ලට මං ආදරේ..

" මතීශ් දගලන් නැතුව යනවා.."

" හරි හරි අනේ.."

මගදි මුණගැහුන ගලකට අපින් ගහ ගහ ගිය මට සසිරු බැන්නා..

.

.

.

.

.

එක්කත් ඉවරයි ඔන්න සසිරුගෙයි මගෙයි ජීවිතේ අලුත් ආරම්බයක්..

මං හිතන්නෙ අපි දෙන්නව දැන්ම ඉස්කෝලේට ගත්තා..වයිස් ප්‍රින්සිපල් බාප්පා වෙද්දි නොගෙන කොහොමද ඉතින්..දොළහා ආර්ට් ක්ලාස් එක ජීවිතේට ලස්සන මතක එකතු කරයි කියලා හිතේ හැංගුන ලොකූ බලාපොරොත්තුවක් තියනවා..

ඉන්ටවිව් ඉවර වෙලා ගේට් එකෙන් එළියට එනවත් එක්කම ඇස ගැටුනේ සුපුරුදු රූපයක්..

" චණ්ඩී..සෙනාශ් නේද අර.."

" ඒක තමා මාත් බැලුවේ.."

ඉස්කෝලේ ඉස්සරහා ගුවන් පාලමට යන පාර ලග සෙනෝශ් තව කොල්ලො ටිකක් එක්ක වලියක්..මුන්ට ඉස්කෝලේ ඉස්සරහම වලි දා ගන්න ඕනිද..

ඔක්කොමත් හරි තාත්තා සෙනාශ් ගෙ නම කියන පරක්කුවට සසිරුගෙ ඇස් හෙව්වෙ සෙනාශ්ව..හිච්චි කාලෙ ලව් එකනෙ ඉතින්..ඕකා නිසා මූ මට දෙන ආදරේ අඩු කර දවසට තමා මෙ මතීශ් මාරයා වෙන්නේ..

" වලියක් වගේ.."

" ඒක තමා අප්පච්චි.."

" මතීශ් ඒ.."

" ඔව් ඔව් උබෙ මහලොකු යාලුවා තමා.."

" ඇයි එයා රණ්ඩු වෙන්න යන්නෙ.."

" මං දන්නවද බං..තාත්ති ගිහින් කනට දෙකක් දීලා ඇදන් එන්න ඕකව.."

මං කියන පරක්කුවට තාත්තී ඉක්මනට පාර පැන්නෙ සෙනාශ් ලගට යන්න ඒත් එක්කම මාත් එක්ක සසිරුත් ආවෙ අප්පච්චිව කාර් එක ලග තනි කරලා..

" ලොකූ..මොකද මෙතන වෙන්නේ.."

" ලොකු තාත්ති මුට මං.."

" සෙනාශ්...!! "

තාත්ති කොච්චර කතා කරත් ඒ බූරු පුතා යන්නෙම ඉස්සරහා එකාට ගහන්න ඒත් සෙනාශ්ගෙ යාලුවෝ දෙන්නෙක් එයාට යන්න නොදී අල්ලන් ඉද්දි අනිත් එකාව උගෙ යාලුවෝ ටිකක් අල්ලන් හිටියා..

" මොකක්ද පුතා මෙතන වෙන්නේ.."

" අංකල් මේ සෙනාශ්ගෙ මල්ලිට මූ අනන් මනන් කියලා මූට තරහා ගිහින් ඉන්නේ ඒකට.."

" ලොකු තාත්ති මේ බල්ලා අර පොඩි එකාව ටෝක් කරනවා.."

" හොද පොඩි ඒකා.."

" වහපන් හු#තා කට...තෝ හිතුවද ඌ කොල්ලො ගහනවා කියලා..හුරතල් උනාට ඌ තෝ වගේ පො#නයෙක් නෙවෙයි.."

යසයි බේසිකයගෙ කට..සසිරුගෙ ඇස් උඩ ගියා සෙනාශ්ගෙ කටින් පිට උන කුනුහරප ටිකට..

" සෙනාශ් ඕක නවත්තනවා දැන්.."

" මට බෑ මේ මල් පො#නයා ආයෙත් පොඩි එකාට වද දෙන්න එයි..මූව මම ඉතුරු කරන් නෑ අතෑරපන් හු#තො මාව.."

යාලුවෝ දෙන්නා යන්න නොදී අත් දෙකෙන් අල්ලන් ඉන්න නිසා පොරගෙ ට්‍රයි එක කකුලින් හරි අරූට ගහන්න..

කොණ්ඩෙයි ඇදුමයි ඔක්කොම අවුල් කරන් පිස්සෙක් වගේ නිකන්..

" මෙන්න මෙහෙ වරෙන් ලොකූ.."

තාත්ති සෙනාශ්ව ඇදලා අරන් ඇගට තද කරන් හිර කර ගත්තේ ඒ මෝඩයට හෙල්ලෙන්නවත් බැරි විදිහට..

" ආ දැන් ඔය ළමයි ගෙදර යන්න.."

" හරි අන්කල්.."

" එතකොට ඔයා..තමුන් ආයෙ අපෙ පොඩී දිහා ඇහැක් හරි ඇරලා බලලා තිබ්බොත් බලා ගමූ හරී.."

තාත්ති කිව්වෙ මල් පො#නයගෙ උරහිසට තට්ටු කරන ගමන්.. මෙයත් මෙහෙම හිටියට ඒ කාලෙ හොද වලිකාරයාලු..

" උබ මොකද දගලන්නේ..වරෙන් යන්න ගෙදර.."

" මං යන්නෙ මට ඕනි වෙලාවට.."

" මගෙන් කන්න තමා ලොකූ උබ ඔය.."

තාත්ති සෙනාශ්ව බලෙන්ම ඇදන් ආයෙ කාර් එක ලගට යද්දි අපි දෙන්නත් ඒ පස්සෙන්ම ගියා..

" නගිනවා.."

" මට බෑ.."

සසිරුවගෙ මූණ තමා බලන්න වැඩේ..කණ්නාඩි දෙකත් ඇගිල්ලෙන් උඩට කර කර සෙනාශ් දිහා බලන් ඉන්නෙ පුදුමෙන්..පුදුම ඇති තමා සසිරු මූව දන්න කාලෙ මේකා හෙන අහිංසකයි ලොකු වෙන්න ලොකු වෙන්න පුදුම කුලප්පුවක් ආවෙ..

" සසිරූ.."

" ම්ම්ම්.."

මං සසිරුට කතා කරද්දි සෙනාශ්ගෙ අවදානෙ සසිරුට ලැබුනා..

" ඔයා නගින්න ඉස්සල්ලා.."

" හ්ම්ම්ම්.."

සසිරු අපිට ඉස්සර වෙලා කාර් එකට නගින්න ගියාම සෙනාශ් එයාට හොදම එකෙන් රැව්වෙ සසිරුගෙ මූණ අදුරු වෙලා යද්දි..

" නැගපන්.."

" මොන හු..."

මං බලෙන්ම සෙනාශ්ව කාර් එකට නග්ගලා මාත් නැග ගත්තා..සසිරු අයිනේ සෙනාශ් මැද මං අනිත් අයිනේ අප්පච්චි තාත්ති එක්ක ඉස්සරහින් ඉද ගද්දි පස් දෙනාම ලෑස්ති උනේ සෙනාශ්ලා ගෙදර යන්න..බාප්පිනම් ඉස්කෝලේ ඒ උනාට මගෙ පුංචියි පොඩී ඉන්නවනේ..පොඩීට කොල්ලො ටෝක් වෙන එක සාදාරණයි එයා මාරම හුරතල්..ඒ උනාට පොර දැන් දහයෙ..ලබන අවුරුද්දෙ ඕලෙවල්..

සසිරු මූණ එල්ලන් ඉන්න නිසා මං සෙනාශ් ගෙ කර උඩින් අත දාලා සසිරුගෙ ඔලුව අත ගද්දි අර මෝඩයා ඒකටත් රවනවා..රැව්වට වැඩක් නෑ සසිරු මගේ..ආපිට සෙනාශ්ට රවලා මං අහක බලා ගත්තා..

මේ මෝඩයව මට පේන්න බෑ..හිච්චිම හිච්චි කාලෙ එකට හිටියට ඊට පස්සෙ අපි දෙන්නා සහෝදරයො උනාට එච්චර ආශ්‍රයක් තිබ්බේ නෑනේ..ඒ නිසා අපි දෙන්න නයයි මුගටියයි වගේ මං නයා ඌ මුගටියා..

විහගගෙ ඩ්‍රයිවින් ස්කිල්ස් වලට පින් සිද්ද වෙන්න විනාඩි කීපෙනින් අපි හන්තානෙ තියන සෙනාශ් ගෙදර ආවා..

*****

😪👍

vote 👇

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!