Back
/ 50
Chapter 2

[පළමුවන කොටස]

දේදුනු හාදු [TK] On Hold

Mihinu Pov:

මං මිහිනු අභිසෙස් සූරියබණ්ඩාර.. දිග නමක් නේ කමක් නෑ අභී කියලා මතක තියාගන්නකො.. සූරියබණ්ඩාර පවුලෙ ඉන්න එකම දරුවා තමයි මම.. අවුරුදු 18ක කිරිසුදු කොල්ලෙක්.. මගෙ අම්මා සේමිණී කුමාරි සූරියබණ්ඩාර, මගෙ තාත්තා චන්දුල දේශාන් සූරියබණ්ඩාර.. මං ඉන්නෙ මහ නුවර ඒත් පෙරේදා රෑ වෙනකම් විතරයි.. ඕලෙවල් ලියලා ප්‍රතිඵල එනකම් බලන් උන්නු මට මගෙ යාළුවා කෝල් කරලා කියද්දි තමයි දැනගත්තෙ ප්‍රතිඵල නිකුත් වෙලයි කියලා.. ගෙදර කාටවත්ම කියන්නෙ නැතුව ලැප් එකෙන් සයිට් එකට ලොග් වෙලා මගෙ විභාග අංකෙ ගහලා ප්‍රතිඵල පෙන්නනකම් මං නියපොත්තත් හපහප බලන් උන්නා.. මොනා උනත් බයයි.. මං මගෙ පුළුවන් උපරිමෙන් පාඩම් කලා හොදට පේපර් වලට උත්තර ලිව්වා.. විනාඩි දහයකින් මගෙ ප්‍රතිඵල මට පෙනෙද්දි මගෙ ඇස්වලින් ඉබේටම කදුළු ආවා..

2022 G.C.E O/L Examination

Index No: ******

Name: Mihinu Abhises Suriyabandara

School: Maha Nuwara Central Boys School

Result :- 9A's

මං පස්පාරක් විතර ආයෙම ලොග් වෙවී බැලුවා. විශ්වාස කරන්න ඇත්තටම මට හුස්ම ගන්න පවා අමතක වෙලයි තිබ්බෙ.. එහෙමම ලැප් එකත් උස්සගෙන සාලෙට දිව්ව මම අම්මටයි අප්පච්චි ටයි ලැප් එක පෙන්නලා දෙන්නවම එකපාරම බදාගත්තෙ තියෙන සතුටෙ වැඩිකමට.. ඊටපස්සෙ තමයි ඔන්න ලෝකේ පෙරලුනේ.. අපෙ අම්මටයි අප්පචිටයි ලොකු ආසාවක් තිබ්බා ඕලෙවල් පාස් වෙලා ඒ ලෙවල් වලට මාව කොළඹ ලොකු ස්කෝලෙකට යවන්න.. නුවර ස්කෝල වල ඒ ලෙවල් කරන්න තරම් ලොකු පහසුකම් තිබ්බෙ නෑ.. අපෙ අප්පච්චිගෙ යාළුවෙන් කොළඹ ලොකු ස්කෝලෙක විදුහල්පති කෙනෙක්.. ඉතින් අප්පච්චි ඒ අංකල්ට කතා කරලා මාවත් ඒ ස්කෝලෙට දාන්න ඔක්කොම වැඩ ලෑස්ති කරගත්තා.. ඉතින් හෙට ඉදන් අලුත් ස්කෝලයක්, අලුත් පරිසරයක්, අලුත් ළමයි ගොඩක් මට හුරු නෑ.. මං මෙහෙ ස්කෝලේ ආසාවෙන් කෙරුව දෙයක් තිබ්බා ඒ ක්‍රිකට් හරියටම කිව්වොත් මගෙ ජීවිතේ වෙලා තිබ්බෙ ක්‍රිකට් ඒත් අපෙ අප්පච්චි කැමති උනේ නෑ මං ක්‍රිකට් ගහනවට ඒ නිසාම මට 10වසරෙදි ක්‍රිකට් වලට සමුදෙන්න උනා.. මං අහලා තියෙන විදිහට මාව දාන්න හදන ස්කෝලේ හුගක් ප්‍රසිද්ධ ස්කෝලයක් ඒකේ ක්‍රිකට් ටීම් එකකුත් තියෙනවා.. හ්ම්ම් හෙට ඉදන් මං ඉන්නෙ මගෙ අයියා ලග මගේම නෙවෙයි අපිට දුරින් නෑයෙක් වෙන අයියා කෙනෙක්.. අපෙ අම්මයි අප්පච්චී හුගක් පොහොසත් නෑ ඉතින් එයාලා කොළඹ එන්නෙ මාව ස්කෝලෙට ඇතුල් කරන්න විතරයි ඕනෙම නම් දවසක් ඉදී.. කල්පනාවක හිටිය මම ගැස්සිලා ගියෙ අපෙ අප්පචිගෙ කටහඩට..

" සුදුපුතා මෙහෙ හිටියා වගේ නෙවෙයි කොළඹ හරිද බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ මංවත් අම්මවත් ලග නෑ.. භාහිර වැඩ වලට සම්බන්ධ වෙන්න පුලුවන් හැබැයි ක්‍රිකට් හැර.. හොදට ඉගෙන ගන්න එච්චරයි මං බලාපොරොත්තු වෙන්නේ.."

" හ්ම්ම් හරි අප්පච්චී, ඔයාලා හෙට ඉදලද යන්නෙ අම්මා.."

" ඔව් සුදුපුතා, පුතාව දාලා අපි දෙන්නා යනවා අයියලගෙ ගෙදර දවල්ට එන්නම් එක්කගෙන යන්න.."

" හ්ම්ම්.."

ආයෙමත් කාර් එකේ ශටර් එකට මම ඔලුව ගහගෙන පහුවෙලා යන නුවර නගරය දිහා බලාගෙන ඉදියා.. පැය 4ක්වත් යයි කොළඹට යන්න.. තද නින්දක හිටිය මට යන්තමට ඇහැරුනේ අම්මා මගෙ උරිස්සකට තට්ටු කරන ගමන් කතා කෙරුව නිසා.. මං හිතන්නෙ අපි කොළඹට ඇවිල්ලා.. හිමින් ඇස් ඇරලා ශටර් එක පහත් කල්ලා මං හොද හුස්මක් ගත්තා.. හුස්ම පවා බරයි කියලයි මට දැනුනේ..

" පුතාට බඩගිනිද, මොනාහරි ඕනනම් කියන්න අරන් දෙන්නම්.."

" නෑ අම්මි බඩගිනි නෑ තව ගොඩක් දුරද.."

" නෑ සුදු පුතා විනාඩි හතලිස්පහක් වගේ වෙද්දි යාගන්න පුලුවන්.."

අම්මි කිව්වම මං පහුවෙලා යන කොළඹ නගරෙ දිහා බැලුවා.. නුවර වගේ නෙවෙයි මෙහෙ හරි වෙනස් මට ජීවිතේට කොළඹට පය තියලා නැති මට දැනුනේ වෙන රටකට ගිහින් වගේ හැගීමක්.. උස බිල්ඩින්, දුවාගත්තු ගමන් ඉන්න මිනිස්සු, කඩවල්, වාහන පවා මටනම් ඔක්කොම අලුත්.. හෙට ඉදන් මේ හැමදේටම මම හුරුවෙන්න එපැයි.. අයියා කැම්පස් කොළඹ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ තුන්වෙනි අවුරුද්දෙ ඉන්නේ.. ටික දවසක් යනකම් එයා උදේට මාව ස්කෝලෙට ගිහින් දාවි ඊටපස්සෙ මම තනියම යන්න හුරු වෙන්න එපැයි.. මං අහලා තියෙන විදිහට අයියා ඉන්න ගෙදර තියෙන්නෙ පිළියන්දල.. කොහොම හරි අම්මි කිව්වා වගේ විනාඩි හතලිහක් වගේ යද්දි අප්පච්චි කළුපාට ගේට්ටුවක් ලගින් වාහනෙ නතර කල්ලා හෝන් එකක් ගැහුවා.. වටේම තිබ්බ ගෙවල් එච්චර විසාලෙට හදපුව නෙවෙයි.. හරිම සාමාන්‍ය විදිහට හදපු ගෙවල්.. අයියා ඉන්න පැත්තත් ගමක් වගේ.. ලස්සන පැත්තක් මොනා උනත්.. අයියගෙ ගෙදර බැලූ බැල්මට හරි හුරුබුහුටි ඉන්න ආස හිතෙන ගෙයක්.. ටිකක් වෙලා යද්දි අයියා ඇවිල්ලා ගේට්ටුව ඇරියම අප්පච්චි වාහනෙ ඇතුළට දාලා අපි ඔක්කොම එලියට බැස්සා..

" තිසුක පුතා.. කොහොමද ළමයො ඉතින්.. ඒ ලෙවල් රිසාල්ට් ආවයින් පස්සෙ පුතාව දැක්කෙත් අදනෙ.."

" වරදක් නෑ මාමේ එන්නකො ගේ ඇතුළට, වාඩිවෙලා කතා කරමු.."

• තිසුක සිත්සර පෙරේරා.

• වයස අවුරුදු 24යි.

• කොළඹ විශ්වවිද්‍යාලෙ ඉංජිනේරු අංශයෙ තුන්වෙනි වසරෙ සිසුවෙක්.

අයියත් එක්කම ගේ ඇතුළට ගිහින් අම්මි අප්පච්චි එක්කම මාත් ඉදගත්තෙ වටේටම ඇහැ යවන ගමන්.. මං හිතුවට වඩා නම් මේ පැත්ත හුඟක් හොදයි වගේම ලස්සනයි.. නිස්කලංක පැත්තක් නිසා පාඩුවෙ වැඩක් කරගන්න පුළුවන්..

" මාමේ දැන් මල්ලිගෙ ස්කෝලේ වැඩ එහෙම ඔක්කොම හරි නේද.."

" මං ප්‍රින්සිපල් එක්ක එහෙම ඔක්කොම කතා කරලා තියෙන්නෙ පුතා.. දේවේන්ද්‍ර මගෙ යාළුවනෙ.. හෙට උදේට ගිහින් භාර දෙන්න විතරයි තියෙන්නෙ.."

" ආහ් ඒකනම් හොදයි මාමේ.. මං සතියක් විතර යනකම් මල්ලිව ස්කෝලෙට ගිහින් දාන්නම් එතකොට පාරවල් එහෙමත් හුරු වෙයිනේ.."

" අනේ ඔව් පුතා ඒක හොදයි.. කොළඹ අක්කලා හිටියට පුතාව විතරයි මට විශ්වාසෙට හිටියෙ.. "

" බය වෙන්න එපා නැන්දෙ මං මල්ලිව හොදට බලාගන්නම්.. මෙයා දැන් හුඟක් ලොකු වෙලානෙ.. ඉස්සර නම් කොයි වෙලෙත් තිතූ අයියේ තිතූ අයියෙ කියාගත්ත ගමන්.."

" දැන් ඉතින් ලොකුයිනෙ පුතා.. එහෙ ස්කෝලෙ කොල්ලො එක්ක එකතු වෙලා නටන එකමයි වැඩේ.. ඒක නිසා මෙහෙ දැම්ම එක හොදයි නීති තදයි නේ.."

" ම්ම් ඒක ඇත්ත මාමේ.. මාමලා එහෙනම් ඇගපත සෝදගන්නකො මං දවල්ට කෑම හදලා තියෙන්නෙ.. එන්න මං කාමර පෙන්නන්න.."

අම්මයි අප්පච්චි අයිය එක්ක ගියත් මං ඉදගෙන හිටිය තැනටම වෙලා හිටියා.. අප්පච්චිට ඉතින් පේන්නෙ මං දගලන එක විතරයි විකාර.. මං කල්පනා කර කර ඉද්දි අයියා ඇවිල්ලා ආයෙම මට කතා කලා..

" ඉතින් කොල්ලෝ කොහොමද. පුංචි කාලෙ දැක්කට පස්සෙ දැන්නෙ දකින්නෙ.."

" වරදක් නෑ අයියෙ.. ඒකනේ ඔයා ඉතින් ඔයාගෙ මහී බබාව බලන්න ආවේ නෑනෙ ආයෙම.."

" මං හිතන් හිටියට එන්න බැරි උනා පොඩ්ඩෝ.. කැම්පස් අපි හිතන තරම් ලේසි නෑනේ.. ඒක නෙවෙයි මොනාද ඒලෙවල් වලට කරන සබ්ජෙක්ට්.."

" ඒක ඇත්ත.. ආට් තමා අයියෙ මියුසික්, ජපන්, ලොජික්.. ගෙදර අයනම් කැමති නෑ.. ඒත් මං කරන්නෙ ඒවා තමයි.."

" ආහ් ලේසි නෑ හොදේ කොල්ලො මුල ඉදන්ම පොඩ්ඩ පොඩ්ඩ හරි මහන්සි වෙන්න ඕනේ.."

" ඔව් ඔව් අයියෙ නැත්නම් අමාරුයි නේ.."

" හරි හරි කෝ එන්න මං ඔයාගෙ කාමරේ පෙන්නන්න.. මගෙ කාමරේ තියෙන්නෙ මේකට එහාපැත්තෙ ඇදුම් බෑග් නම් හෙට අස් කරගන්න යුනිෆෝම් එකයි ඕන කරන දේවලුයි විතරක් අරගන්න ඒක ලේසිනේ.."

අයියා පුංචි හුරුබුහුටි කාමරයකට මාව එක්කන් ගිහින් ඇග හෝදගන්න කියලා කෑම මේසෙට තියන්න ගියහම මං ඇදුම් බෑග් එක ඇද උඩින් තියලා ඇදෙන් ඉදගෙන කාමරේ දිහා බැලුවා.. සුදු වලට හුරු අළු පාටක් ගාලා තියෙන පුංචි ඇදක් එක්ක ඒ ඇද වතට උඩින් රැක් එකක් ගහලා ඒක උඩින් පොත් එක්ක පුංචි පුංචි පැළ තියලා තිබ්බා.. ඇද ලගින්ම තියෙන ජනෙල් වලට සුදු දුහුල් රෙද්දෙන් ජනෙල් රෙදි දාලා තිබුන කාමරේ අනික් පැත්තෙන් බාතෲම් එකකුයි ඇදේ එහාපැත්තෙන් පොත් මේසයකුත් තිබ්බා..

හුස්මක් පිට කරපු මං ඇදුම් බෑග් එක ඇරලා ඇදුමකුයි තුවායකුයි අරගෙන බාතෲම් එකට ආවේ ඇග හෝදගන්න.. බාතෲම් එකට ඇවිල්ලා ඇදන් හිටිය කළු ඩෙනිමයි ක්‍රීම් පාට බැගී ටී ශර්ට් එකයි ගලවලා දාපු මම ශවර් එක ඇරලා හොදට ඇගහෝදගත්තා.. නුවර වතුර තරම් නැතත් මෙහෙ වතුර ටිකක් සීතලයි.. වතුර ටික ඇගට වැටෙද්දි තිබ්බ මහන්සියත් කොහෙන් ගියාද කියලා නෑ.. පැය භාගෙකින් ඇග සෝදන් ඉවර වෙලා ඇදුමත් ඇදගෙන මං කාමරෙන් එලියට යද්දි කෑම මේසේ අම්මා අප්පච්චි එක්ක අයියා වාඩි වෙලා හිටියා.. මාත් ඉක්මනට ගිහින් එයාලත් එක්කම වාඩි වෙලා කෑම බෙදාගත්තා..

" කොල්ලට කෑම හදන්න පුලුවන්නෙ රසට.."

" තනියම ඉද්දි ඉතින් පුරුදු වෙන්න එපැයි මාමේ.. ලොකුවට දෙයක් නෑ ඉතින්.."

" අපෝ මේ වැඩිත් එක්ක පුතා.. "

මං නම් ඉතින් කතා නොකරම ඉක්මනට කාලා කාමරේට ගියේ පොඩ්ඩක් නිදාගන්න වාහනේක සැපට ආවත් ඇත්තටම හරි මහන්සි.. කාමරේට ඇවිල්ලා ක්‍රීම් පාටට හුරු සුදු රෙදි දැම්ම ඇදෙන් ඇලවුන මම ඔලුව යටින් අත්දෙක තියාගෙන ඇස් දෙක පියාගත්තෙ අද දවසට පොඩි විවේකයක් දෙන්න හිතාගෙන..

එකපාරටම ඇහිච්ච මොකක් හරි පුපුරනවා වගේ සද්දෙකින් හොද නින්දක හිටිය මාව ගැස්සිලා ඇහැරුනේ බය උන පාර ඉන්න තැනවත් මට මතකෙට නොඑද්දි.. විනාඩි පහකට විතර පස්සෙ පියවි ලෝකෙට ආව මම එහෙමම ජනේලෙන් එලිය බැලුවම හොදටම වහිනවා.. නුවරට වහිනවා වගේම.. මං ජනෙල් රෙද්දත් ඇදලා.. යාන්තමට අව්ල් වෙලා තිබ්බ ඇදත් පොඩ්ඩක් හදලා අතේ බැදන් ආව ඔරලෝසුවෙන් වෙලාව බැලුවම රෑ 7.30 ට ලං වෙලා තිබුනා.. මං බාතෲම් එකේ තිබ්බ සින්ක් එකෙන් මූණ පොඩ්ඩක් හෝදගෙන සාලෙට යද්දි අම්මලා තේ බොනවා.. අයියා මං නැගිටලා කියලා දැකලා මටත් කෝපි එකක් හදලා දුන්නෙ ඒක මම කවිච්චියෙන් ඉදගෙන බිස්කට් එකකුත් හපන් ගමන් බොන්න පටන් ගත්තා.. තේ බීලා ඔක්කොම ඉවර කල්ලා අයියටත් උයන්න උදව් කල්ලා කෑම මේසෙට අරිද්දි රෑ 9.00යි පස්සෙ කට්ටිය ටීවි එකේ නිව්ස් බලන ගමන් රෑ කෑම අරගෙන ඉවර කලා..

" සුදු පුතා හෙට යන්න යුනිෆෝම්, සපත්තු, පොත්බෑග් ඔක්කොම එලියෙන් තියලා හදලම නිදාගන්න හොදේ.."

" හරි අප්පච්චි.., ගුඩ් නයිට් අම්මි, අප්පච්චි, අයියා.."

එයාලට ගුඩ් නයිට් කියාගෙනම මං කාමරේට ඇවිල්ලා දොර රෙද්ද විතරක් ඇදලා හෙට ගෙනියන්න බඩු සේරමත් ලෑස්ති කරලා ඇදට පැන්නා.. කෑවට පස්සෙ නිදි මතයි..

ඉතින් හෙට ඉදන් පෙරලන්නෙ මගෙ ජීවිත කතා පොතේ අලුත්ම අලුත් පිටු.. ඒ හැම පිටුවක්ම සතුටකින් වගේම ලස්සන මතක වලින් පිරිච්ච දේවල් වලින් අවසන් කරන්න මං බලාගෙන ඉන්නවා.. මහී එක්ක එකතු වෙන්න ඔයාලත් පොතේ පිටු පුරවන්න.. සුභ රාත්‍රියක්..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________

Hello Lamai,

ඔන්න ඔන්න මං පලවෙනි කොටස අරගෙන ආවා.. අඩුපාඩු කියන්න..

පිලියන්දල කියන්නෙ මං ඉන්න ගම වගේ නගරෙ.. ඉතින් මගෙ ජීවිතෙ උන සිදුවීම් මේකට එකතු කරනවා වෙනස් කරලා.. හිතනවා ඔයාලා කැමති වෙයි කියලා..

එහෙනම් අදහස් කියාගෙන යන්න.. ගුඩ් නයිට් 💜️

Lvyyyuuuu❤️

Share This Chapter