Back
/ 50
Chapter 5

[හතරවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

පළවෙනි පීරියඩ් එකේ ඉදන් හතරවෙනි පීරියඩ් එක වෙනකම් එක දිගට ඉගැන්නුවා.. පන්තිභාර ටීචත් ගොඩාක් හොදයි.. තරුණ කෙනෙක් මාව පන්තියට අඳුන්වලත් දුන්නා.. මං හිතුවටත් වඩා මේ ස්කෝලෙ හොදයි ළමයින්ගෙත් වරදක් නෑ.. ඒත් ඉතින් සමහරු නම් ඉන්නවා ලොකුකම් දාන උන්.. රැග් කරන්න හැදුවක් ශේනු, දිලුම් දෙන්නා නිසා බේරුනා.. රැග් කිව්වට ඔය සිංදුවක් කියන්න නටන්න ඒවට තමයි.. දැන් අපිට ඉන්ටවල් එක.. ගෙදරින් ගෙනාවෙ කිරිබත් එක දැක්ක ගමන් දිලුම්ට පෙරේතයා වැහුනා..

" හිමීට කනවකො මනුස්සයො හිර වෙයි බං උබට.. "

" කිරිබත් කියන්නෙ හිමීට කන්න පුලුවන් ජාතියක් නෙවෙයි ශේනුවෝ.. අඩෙ මේ හුරතලේ ඔයාලෑ අම්මට කියන්න මට හැමදාම කිරිබත් හදලා එවන්නැයි කියලා.. "

" මොකක් හැමදාම කිරිබත් කෑවොත් තෞසෙට යන්න වෙන්නෙ ඉස්පිරිතාලෙට තමයි.. "

" ඉක්මනට කන්න අනේ ඊළඟට තියෙන්නෙ මියුසික් නේ.. "

" ආහ් කියන්න අමතක උනා මහියො අද මිස් ඇවිල්ලා නෑනේ මියුසික් පැවරුමක් දීලා තියෙන්නෙ ඒක කරමු.. "

" ඕහ් එහෙමද හරි එහෙනම් එහෙම කරමු.. "

තුන්දෙනත් එක්ක කාලා වතුර බීලා පහළට ගියේ අතහෝදගන්න.. ටැප් තියෙන තැන ළමයි උතුරනවා.. ස්කෝලෙන් භාගයක්ම ඉතින් අත හෝදන්න ඇවිල්ලා..

" මේ මෙතන අත හෝදගන්න හිටියොත් ඉතින් පන්තියට යන්න වෙන්නෙත් නෑ.."

" ඒක තමයි බං ප්‍රිෆෙක්ට් රූම් එක ළග තියෙන එකට යමු එතන කවුරුත් නෑ.. "

ශේනුයි, දිලුම් ගෙයි පස්සෙන් මමත් ගියේ බෙල් කරන්න කලින් අත හෝදගන්න.. මේකුන් දෙන්නා නම් ඔහේ යනවා මමත් දෙන්නගෙ පිටිපස්සෙන් ඔහේ යනවා.. කොහොමහරි විනාඩියකට විතර පස්සෙ අපි හිටියෙ වෙනම සුදු පාට තීන්ත ගාපු පන්ති කාමරයක් වගේ තැනක.. ඒක පොඩ්ඩක් උඩට වෙන්න වගේ හදලා තිබ්බෙ.. ඊට චුට්ටක් මෙහායින් ටැප් හතරක් හයි කල්ලා සින්ක් එකක් තිබ්බා.. එතනනම් ලමයි කවුරුත්ම නෑ..

" හුරතලේ මේ තියෙන්නෙ අපෙ ස්කෝලෙ ප්‍රිෆෙක්ට් කාමරේ.. මේකේ තමයි ප්‍රිෆෙක්ට්ස්ලා ඉන්නෙ.. "

" ඕ එහෙමද ඒගොල්ලො එතකොට පන්තියෙ ඉන්නෙ නැද්ද.. "

" හෙඩ් බෝඩ් එක තමයි ඉතින් ගොඩක්ම මේකේ ඉන්නෙ.. එයාලා 13 වසරෙන්නෙ තෝරන්නෙ ඉතින් පන්තිවල උගන්නනවා අඩුයි.. ඒ හය දෙනා තමයි මේකේ ගොඩක් වෙලාවට ඉන්නෙ.. "

" ආහ් හරි හරි.. "

පස්සෙ අපි අත හෝදගෙන එතනට වෙලා ටිකක් කයියක් ගහගෙන ඉද්දි ඉන්ටවල් එක ඉවරයි කියලා බෙල් කලා.. මං කිව්වා මේකුන් දෙන්නට පන්තියට ගිහින් කියවන එකක් කියවමු කියලා කොහෙද ඉතින් ඇහුවෙ නෑනේ..

" අඩේ දිලුමො බෙල් කරානෙ බං.. දැන් ප්‍රිෆෙක්ට්ලා ඩියුටි එනවා දැක්කොත් බැනුම් අහන්න වෙන්නෙ හරිද.. "

" මං කිව්වා ඔහෙලා දෙන්නට යමුයි කියලා පන්තියට.. දැන් හරිනෙ.. "

" යෝහ් බයවෙන්න එපා අනේ ඔයා දන්නෙ නැද්ද හෙඩ් ප්‍රිෆෙක්ට් මගෙ අයියනෙ.. "

" ඕහ් ඒක තමයි උදේ එයා ඔයාලගෙ ගෙදර හිටියෙ.. "

" හී ඔව් ඔව් එයා තමයි මේ අපි ශේප් එකේ යමු.. වොශෲම් එක පැත්තෙන් යමු එතකොට ඉක්මනට යන්න පුලුවන්.. "

" හැබැයි සගෝ දැන් ඒ පැත්තෙ ඩියුටි ඉන්නෙ ඔයාලගෙ අයියයි ඩිපියුටී හරිද ඔහේ තමයි අහු උනොත් වග කියන්න ඕනේ.. "

" දෙව් කට පියාගෙන වරෙන් බං යන්න අහු උනොත් මං ඒක බලාගන්නම්.. "

" මහියෝ එන්න යමු බය වෙන්න එපා.."

ශේනු කිව්වට මොකද ස්කෝලෙට ආපු පළවෙනි දවසෙම බැනුම් අහන්න වෙයි කියලා මං නම් බයෙන් ඉන්නෙ.. ශේනු මගෙ අතිනුත් අල්ලගෙන ඉක්මනට ඉක්මනට ගිහින් කොහොමහරි වොශෲම් තිබ්බ පැත්තට ගියා දෙව් මගෙ පිටිපස්සෙන් ආවේ.. අනේ ලොකූ ඇඹරැල්ලා ගහකුත් තියෙනවා.. ශෝක් අප්පා.. මං හිතුවට වඩා මේ ස්කෝලෙට මම ගොඩක් කැමති.. ඒත් වැඩි වෙලාවක් එතන ලස්සන බලන්න මට හම්බුනෙ නැත්තෙ පිටිපස්සෙන් ඇහුන කටහඩට.. අද හරි වගේ..

" මේ තුන්දෙනා මොකද්ද මෙතන කරන්නේ කියලා කියන්න පුලුවන්ද.. "

අපි තුන්දෙනාම එක සැරේ පිටිපස්ස හැරිලා බලද්දි ඒ හිටියෙ උදේම මම ශේනුලගෙ ගෙදර දැකපු, ආයෙමත් ස්කෝලෙට ඇවිල්ලා ස්ටේජ් එකේ කතාව කරපු ශේනුගෙ අයියා ආදිත්‍ය අයියව.. එයත් එක්ක තව එයාගෙම වයසෙ කියන්න පුලුවන් පිරිමි ළමේකුත් හිටියා.. මං හිතන්නෙ ඒ ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්න ඇති.. අනේ ඒ උනාට දැන්නම් බයයි වගේ අප්පා..

" මං ඇහුවෙ මොකද්ද මෙතන වෙන්නෙ කියලා.. තමුන්ලට දැන් පීරියඩ් එකක් නේද.. "

" අයි..යෙ.. මේ නෑ මේකයි අපි කාලා අතහෝදගන්න ටැප් එක ලගට ගියහම එතන හුඟක් කට්ටිය හිටියා ඊටපස්සෙ ප්‍රිෆෙක්ට් රූම් එක ලග තියෙන එකෙන් අතහෝදගෙන පන්තියට එන්න හදද්දි බෙල් කලා.. ඒකයි උනේ.. "

" ඉතින් එහෙනම් මේවගෙ අස්සෙ රිංගන්නෙ කෙලින්ම පන්තියට යන්න තිබ්බනෙ.. "

" වොශෲම් ගිහිල්ලම යන්න හැදුවේ.. "

" හ්ම්ම් හ්ම්ම් දැන් යනවා ඉක්මනට පන්තියට රස්තියාදු වෙනවා.. "

අම්මෝහ් එයාගෙ සැර බලන්නකො හරියට අපි හොර වැඩක් කරා වගෙනේ.. ඊටත් ඇයි අනේ එයාගෙ කටහඬ එච්චර ගැඹුරු.. ශේනු නම් අයියට බයයි වගේ ගොත ගගහ කතා කලෙත්.. ආදිත්‍ය අයියා අපිට යන්න කියනවත් එක්කම ශේනු ආයෙමත් මගෙ අතින් අල්ලගෙන එතනින් යන්න උනත් හැදුවේ ආයෙමත් නැවතුනෙ ආදිත්‍ය අයියගෙ කටහඬට..

" ශේනු, දිලුම් දෙන්නා පොඩ්ඩක් අරහෙට යන්න මේ මල්ලි එක්ක මට කතා කරන්න ඕනේ.. "

" ඈ දැන් ඔයාමනෙ කිව්වෙ පීරියඩ් එකට පරක්කු වෙනවයි කියලා.. අපි යනවා හවසට මෙයා අපෙ ගෙදර එනවනෙ එතකොට කතා කරගන්න.. "

ශේනු ආදිත්‍ය අයියටත් ඇද කරලා එයාට මුකුත්ම කියන්න ඉඩ නොතියා මාවත් ඇදගෙන කෙලින්ම ආවෙ පන්තියට.. හම්මෝ හතී.. පන්තියෙ ළමයි ගොඩක් අය සෞන්දර්ය වලට ගිහින්.. මියුසික් ලමයි ටික විතරයි ඉතුරු එයාලා පැවරුම කරනවා.. දෙව් පොත් ටිකත් අරගෙන නැටුම් කාමරේට ගියා.. අපි දෙන්නත් අනික් අයගෙන් ඉල්ලගෙන පැවරුම කරන්න ගත්තා..

" ශේනු ඔයාලගෙ අයියා ගොඩක් වසයිද හලෝ.. "

" ඇයි එහෙම අහන්නෙ.. එයා එච්චර වස නෑ හැබැයි නෑමයි කියන්නත් බෑ.. අයියා ආදරේ කරන කෙනෙකුට මොනාහරි කිව්වොත් කරදරයක් උනොත් එයා තරම් වස කෙනෙක් මේ ලෝකෙත් නෑ.. "

" ඕහ් එහෙමද.. එතකොට ආදිත්‍ය අයියා ක්‍රිකට් ටීම් එකේ ඉන්නවද.. "

" ඔව් මහී එයා හරි ආසයි ක්‍රිකට් ගහන්න.. "

" ආහ්.. මමත් ආසයි මං 5 වසරෙ ඉදන් ක්‍රිකට් ප්ලේ කරන්නෙ.. "

" මොකක් ඔය ඇත්තමද ඒත් ඇයි දැන් ප්ලේ කරන්නෙ නැත්තෙ ඔයාලගෙ ගමේ ස්කෝලෙට වැඩිය මෙහෙ ක්‍රිකට් වලට හොද ප්ලේස් එකක් තියෙනවා.. ඔයාට ලොකු තැනකට යන්න පුලුවන්නේ.. "

" මමත් ගොඩක් ආසයි ශේනු ඒත් අප්පච්චි කැමති නෑ මං ක්‍රිකට් ප්ලේ කරනවට.. එයා මෙහෙට එන ගමනුත් කිව්වෙ ක්‍රිකට් නැතුව වෙන ඕන එකක් ප්ලේ කරන්න කියලා.. "

" අනේ ඒත් අපරාදෙනෙ මහී මං අපෙ තාත්තිට කියන්නද අංකල් දේශන්ට කතා කරන්න කියලා.. "

" එපා එපා ශේනු ඊටපස්සෙ මට බැනුම් අහන්න වෙයි ඔයාලට ඒක කිව්වයි කියලා.. කමක් නෑ.. "

" දුක් වෙන්න එපා මහී අපි මොකක් හරි කරන්න බලමු.. අප්පච්චිලා අද යනවනේ.. "

" ඔව් ශේනු එයාලා දැන් ගිහින් ඇති.. අම්මි නැතුව මට පාළුයි හැබැයි.. එයා මං ක්‍රිකට් ගහනවට හුඟක් කැමති.. "

" අනේ හලෝ අපි මොකක් හරි කරමු මං අයියා එක්කත් කතා කරන්නම් හොදද.. අයිගෝ මූණ එල්ලගන්න එපා අනේ බලන්න කැත.. "

" අනේ යන්න ශේනු.. ඒයි මේ ඔයාලගෙ අයියා ඇවිල්ලා හලෝ කම්මුල් දෙක අතාරිනවා මගෙ.. "

" මොකක් කොයි අපෙ අයියා.. "

" අර ඉන්නෙ කොරිඩෝ එකේ මේ පැත්ත බලාගෙන.. "

" ඒ මොකද බං ඒ එයා වෙනදට මේ පැත්තෙ පස් පාගන්නෙ නෑනේ මහී.. "

" මං දන්නෙ කොහොමද අයියෝ ඇයි අනේ ඔයාලෑ අයියට පොඩ්ඩක් හිනා වෙන්න බැරි.. "

" ඒ එයාගෙ හැටි බං අන්න අන්න අපෙ පන්තියට එනවා මොන හෙනයක් කඩා පාත් වෙන්නද මන්දා යන්නෙ.. "

" පොඩී තමුසෙ පන්තියට ඇවිල්ලා මේකව හුරතල් කර කර ඉන්නවද නැත්නම් ඉගෙන ගන්නවද.. "

" අනේ මේ මට ඕන දේ මං කරන්නෙ මේ ඉන්නෙ මගෙ හොදම යාලුවෙක් ඉතින් එයා මගේ.. එයාගෙ ඇස්, කම්මුල්, නහය, ඔලුව, කන් ඔක්කොම මගෙ පස්න තියේද පස්න.. "

" කට තලාගන්න එපා පොඩී මට කියලා.. මිහිනු මොනාද තමුන් කරන ස්පෝට්ස්.. "

" ආහ්..මේ..මේ..අයියේ.. මං තාම.. "

" ඔහොම ඉන්න මහී.. අයියෙ මං හවසට ඔයත් එක්ක පොඩි දෙයක් කතා කරන්නම් මෙයා හෙට හරි අනිද්දට හරි ස්පෝට්ස් දෙක කිව්වනම් ඇතිනෙ.. "

" හ්ම්ම් හරි.. වැඩ කරනවා කම්මුල් මිරික මිරික ඉන්නෙ නැතුව.. "

" මිහිනු මං යකෙක් නෙවෙයි ගොත ගහන්නෙ නැතුව කතා කරන්න.. "

" හරි.. අයියෙ.. "

" පොඩී හවසට තිසුක එයි එයා එක්ක ගෙදර යන්න.. මං එද්දි ටිකක් පරක්කු වෙයි.. "

" හරි අයියා.. "

ආදිත්‍ය අයියා හරි අමුතුයි අනේ වෙලාවකට.. මං යකෙක් නෙවෙයි ගොත ගහන්නෙ නැතුව කතා කරන්න කියලා කිව්වට එයා කතා කරද්දි මට බය හිතෙනවනෙ හුම්ම්.. අනේ අම්මියෙ එයා මිහිනු කියලා කතා කරද්දි මගෙ ඇඟත් එක්ක හිරි වැටිලා යනවා යාහ් මොකද්ද මේ මට වෙලා තියෙන්නෙ.. පිස්සුද මිහිනුවෝ ඒ කොල්ලෙක්..

" මිහිනුවො මොකෝ බං මේ රතු කුකුළා වගේ වෙලා.. උබට ඇලජි එකක්වත්ද.. "

" ආහ් අහ්හ්..නෑ නෑ පිස්..සුද ශේනූ.. එන්න අපි මේ පැවරුම කරමු.. "

" හාකො හාකෝ.. "

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

____________________________________

Hello Lamai

ආප්ටර් ලෝන්ග් ලෝන්ග් ටයිම් නෝහ් සී නේහ් 😁

අපෙ කොල්ලො ටික ගියානේද ඔක්කොමලා.. 🙂

හම්නේ ටේකුක් මෝමන්ට් ටික කොහොමද නේ සාහ් දුක කැලේ😪

දම් පාට ලෝකෙ කළඹලා යන්නෙ දෙන්නා යද්දි.. එක අතකින් සතුටුයි එක අතකින් දුකයි 😩❤️

කමක් නෑ ඉක්මනට එයිනේ එයාලා හුම්ම්..

Until We Meet Again 2025 🥺💜️🌙

Comment කරන්නෝඕඕ.. ඊළග එක ඉක්මනට දෙන්නම්ම්..🙂

Lvyyy❤️

Share This Chapter