Back
/ 50
Chapter 4

[තුන්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

පිළියන්දල පැත්තට හරවපු කාර් එක විනාඩි හතලිස්පහකින් විතර යද්දි නැවැත්තුවෙ අයියගෙ කැම්පස් එක ඒ කියන්නෙ කොළඹ කැම්පස් එක ළග.. මං මෙහෙ පාරවල් තවම දන්නෙ නැති නිසා ඉතින් හරියට විස්තර කරන්න දන්නෙ නෑ..

" මං එහෙනම් යනවා නැන්දේ, මාමේ පරිස්සමින් ස්කෝලෙ ගිහින් එන්න පොඩී අයියා ඉක්මනට එනවා අද.. නැන්දලා මල්ලිව දාලා යනවනේ එහෙමම.. "

" ඔව් පුතා නැත්නම් වැඩ පාඩු වෙනවනේ.. "

" හරි මං යනවා එහෙනම්.. "

අයියා වාහනෙන් බැහැලා ගියහම ආයෙමත් අපි එන්නා ආවේ මගෙ අලුත් ස්කෝලෙට.. පැය භාගයක් වගේ යද්දි අප්පච්චි වාහනෙ නැවැත්තුවෙ සුදු තාප්ප තියෙන කළු පාට ගේට්ටුවක් ඉස්සරහින්.. මායි අම්මි බැස්සට පස්සෙ අප්පච්චි වාහනෙ පාක් කරලා අපිත් එක්ක ගාඩ් රූම් එක ලගට ඇවිල්ලා ඒ මාමට මොකද්ද ලියුමක් දුන්නහම අපිට ඇතුළට යන්න කියලා කිව්වා..

බුදු අම්මේ මේ ස්කෝලෙ ලොකු.. ඒ වගේම හරි ලස්සනයි ඇතුළට යද්දිම වගේ සුදු පාට ලොකූ බුදු පිළිමයක් තියෙනවා.  මං දැක්කා හැම ළමයෙක්ම වගේ ගේට්ටුවෙන් ඇතුළට යද්දි ඒකට වැඳගෙන තමයි ගියේ.. සමහර අය නම් මං දිහා පුදුමෙන් බැලුවා අලුත් කෙනෙක් නිසා වෙන්න ඇති.. අන්තිමට අපි හිටියෙ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඉස්සරහා.. එතන තිබ්බ පුටු පේලියෙන් වාඩි වෙලා හිටියෙ ඇතුළට එන්න කියනකම්..

" Mr.Suriyabandara සර් ඔයාලට ඇතුළට එන්න කිව්වා.. "

අවුරුදු 50ක් විතර කියන්න පුලුවන් පිරිමි කෙනෙක් අපෙ අප්පච්චිට ප්‍රින්සිපල් සර් ඇතුළට එන්න කිව්වා කියලා කතා කරද්දි අම්මයි අප්පච්චි මමයි නැගිටලා ඇතුළට ගියා..

" ගුඩ් මෝනින් චන්දු මං ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නෙ.. ලේසියෙන් මේවට දාගන්න බෑ කියලා දන්නවනෙ කොල්ලගෙ කොලිටීස් හොදයි ඒකමයි මං ගොඩක්ම කැමති උනෙ.. "

" ඒක තමයි ශාක්‍ය මට කලිනුත් කිව්වනෙ මේ අර ලියුම.. "

" අහ් හරි එතකොට මිහිනු නේද නම මට පුතාගෙ කලින් ස්කෝලෙ රිපෝට් කාඩ් එකයි ඕලෙවල් රිසාල්ට් ශීට් එකයි දෙන්නකො.. "

මම ප්‍රින්සිපල් ඉල්ලුව ටික දීලා බලාගෙන හිටියා එයා ඒ හැම එකක්ම හොදට බැලුවා බලලා ඒ ටික ෆයිල් එකකට දාගත්තා..

" ආට් නේද කරන්නෙ මොනාද පුතා සබ්ජෙක්ට්ස්.. "

" ඔව් සර් Music, Japanese, Logic තමයි කරන්නෙ.. "

" බොහොම හොදයි.. පුතාගෙ පන්තිභාර මිස්ට කරන්න කැමති ක්‍රීඩා දෙකක් කියන්න අනිවාර්යයෙන් හරිද.. සිරිසේන මේ දරුවව එයාගෙ පන්තියට එක්කගෙන යන්නකො.. පුතා ඔයාගෙ ක්ලාස් එක 12B "

ඔක්කොම දේවල් අහලා අන්තිමට ප්‍රින්සිපල් අර මනුස්සයට එන්න කියලා මාව පන්තියට එක්කගෙන යන්න කියලා කිව්වා.. මං අම්මටයි තාත්තටයි කියලා එලියට ආව ගමන් කවුරු හරි මගෙ පිටට තට්ටුවක් දැම්මා.. මේ ස්කෝලෙ මාව දන්න කවුරුත් නෑනෙ.. මං කව්ද කියලා බලන්න හිතාගෙන පිටිපස්ස හැරුනම දැක්කෙ ශේනුක.. එයා හිටියෙ අපෙ වයසෙම කියලා හිතන්න පුලුවන් තව පිරිමි ලමයෙක් එක්ක.. මොකක් එතකොට එයත් මේ ස්කෝලෙද අනේ ශෝක් නේ මං දන්න එක්කෙනෙක් හරි එතකොට ඉන්නවනේ.. ඒත් ඉතින් එයා මගෙ ක්ලාස් එකේද දන්නෙ නෑනේ..

" ඔන්න ස්ප්‍රයිස් මාත් මේ ස්කෝලෙම තමයි මොකද්ද ඔයාගෙ ක්ලාස් එක.. "

" ඒකනේ මමත් පුදුම උනා හී.. මං 12B ශේනූ.. "

" ආහ් සාදරයෙන් පිලිගන්නවා යාලුවෙ අපෙ පන්තියට.. ඔයා ඉන්නෙත් අපි එක්ක අපෙ පන්තියෙම තමයි.. "

" මොකක් අනේ ඇත්තමද ඒත් මම බයෙන් හිටියෙ කවුරුත් නැති වෙයිදෝ කියලා.. "

" දැන් හරිනේ කෝ ඇන්ටි අංකලුයි.. "

ශේනූ අම්මි අප්පච්චි කෝ කියලා අහද්දිම ඔෆිස් එකේ දොරත් ඇරගෙන ඒ දෙන්නා එළියට ආවා.. අනේ මං ආයෙමත් තනියම..

" සුදු පුතා ආහ් මේ අපෙ විදුහල්පති තුමාගෙ පොඩි කොල්ලනෙ.. එකම පන්තියෙද පුතේ ඔයාලා.. "

" ඔව් ආන්ටි මෙයත් අපේ

පන්තියෙමයි.. "

" එහෙනම් ඔන්න හරිනේ මෙන්න ඔයාගෙ අලුත් රිපෝට් කාඩ් එක.. මං පහසුකම් ගාස්තු එහෙම ගෙවලා තියෙන්නේ අයියා ඒවි දවල්ට හොදද.. පරිස්සමින් ශේනුක පුතා එක්කම ඉන්න හොදට වැඩ ටික කරගන්න අපි ගිහින් එන්නම් අම්මි අප්පච්චි ආදරෙයි.. "

" හරි අම්මි ඔයාලා එනවනේ මාව බලන්න.. "

" ඔව් එනවා මැණික දැන් යන්නකො පන්තියට.. "

" ම්ම් පරිස්සමෙන් යන්න අම්මි අප්පච්චි බුදුසරනයි.. "

මට දුකයි ඉතින් අවුරුදු 11ක්ම නුවර ස්කෝලෙට ගිහින් අම්මිගෙ අතේ එල්ලිලා ගෙදර ඇවිල්ලා ඒ දෙන්නත් එක්කම ඉදලා දැන් තනියම ඉන්න මට පුරුදු නෑ.. ඒත් මම පුරුදු වෙන්න එපැයි අම්මි අප්පච්චි යන්න හදද්දි දෙවනි වතාවටත් මං ඒ දෙන්නගෙ කකුල් දෙක අල්ලලා වැදලා බදාගත්තා.. අම්මි මගෙ නලලට හාදුවක් තියලා අප්පච්චි එක්ක යන්න ගියා.. මගෙ ඇස්වල බැඳුන ලා කදුලු පටලෙත් එක්ක එයාලා පේන්නෙ නැතුව යනකම්ම බලාගෙන හිටියා..

" මහී අපි යමුද දැන් බෙල් කරන්න ලගයිනෙ.. "

" අහ් හරි ශේනු යමු.. "

" හලෝ මං දිලුම් ඔයාගෙ නම මොකද්ද හුරතල් කොල්ලො..

• දිලුම් තාරක දෙව්සඳ

• වයිස අවුරුදු 17

• ශේනුකගෙ හොදම යාළුවා

• පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්

" මං මිහිනු අභිසෙස් හමුවීම සතුටක්.. "

" අනේ ඔයා ශෝයි අනේ හරි හුරතල් නේද ශේනුවෝ.. "

" ඔව් හලෝ උදේ අපෙ ගෙදර ආවහම මං හිතුවේ බෝනික්කෙක් කියලා.. "

" අඩේ ඔයාලා දෙන්නා එක ලගද ඉන්නේ.. "

" ඔව් දෙව් ඔයත් එනවද අද හවස අපෙ ගෙදර අපි මොනාහරි කරමු.. "

" හා මං එන්නම් ඔයාලගෙ තාත්තට කියන්න අපෙ තාත්තිට කෝල් කරලා කියන්න කියලා.. "

" හා මං කියන්නම් මහී ඔයා දැන් ක්ලාසස් වලට යන්න ඕනනෙ.. "

ඒ වෙද්දි අපි තුන්දෙනාම හිටියෙ 12B පන්තිය ඉස්සරහා හිටගෙන.. බෑග් එකේ පටි දෙකත් අත්වලට මිරිකගෙන මං පන්තිය දිහා බැලුවා.. පුදුම තරම් පිළිවෙළයි පන්තියෙ කුණු බිඳක් හොයාගන්න නැතිවෙන්න අතුගාලා තිබුනා.. ළමයි නම් පොඩ්ඩක් පුදුමෙන් අපි දිහා බලන් හිටියා..

" එන්නකො අපි ඉඳගෙන ඉමු ඔයාට අපි දෙන්නා එක්ක ඉන්න පුලුවන්.. "

දිලුම් මගෙ බෑග් එක අරගෙන ගිහින් ඩෙස් තුනක් තුනක් තිබ්බ පේලියක මැද ඩෙස්ක් එකෙන් මගෙ බෑග් එක තිබ්බා.. පළවෙනියටම තියෙන ඩෙක්ස් එකේ ඉන්නෙ ශේනූ වෙනකොට මගෙ එහාපැත්තෙ තුන්වෙනි ඩෙස්ක් එකේ දිලුම් හිටියා.. මං ඒ දෙන්නගෙ මැද්දෙ තවම බෙල් කරේ නැති නිසා අපි තුන්දෙනාම ඉදගෙන ක්ලාස් හොයන වැඩේ ගැන කතා කරා..

" ශේනූ ඒත් මං මෙහෙ ක්ලාසස් ගැන දන්නෙ නෑනේ.. "

" හරි මට කියන්නකො ඔයා මොනාද කරන සබ්ජෙක්ට් කියලා.. "

" මියුසික්, ලොජික්, ජැපනීස් තමයි කරන්නෙ.. මියුසික් නම් මං ඔන්ලයින් ක්ලාස් එකකට යන්නෙ.. අනික් දෙකට තමයි හොයාගන්න ඕනෙ.. "

" බය වෙන්න එපා ඒයි ඔයාට පුලුවන් අපි දෙන්නා එක්ක ක්ලාස් යන්න මොකද අපි දෙන්නත් කරන්නෙ ඔය ටිකම තමයි.. වෙනස් වෙන්නෙ මෙන්න මේකා මියුසික් නොකරන නිසා.. "

" ඕඕ අනේ ඒකනම් හොදයි ශේනූ තෑන්ක් යූ.. එතකොට දිලුම් මොනාද කරන්නෙ මියුසික් වෙනුවට.. "

" මං කරන්නෙ නැටුම් මහී.. "

" ඕහ් එහෙමද මරුනේ.. "

" එහෙනම් හරිනෙ අද ගෙදර ගිහින් කතා කරගමු හරිද.. "

" හරී.. මට කිව්වනෙ ක්‍රීඩා දෙකක් කියන්න කියලා පන්තිභාර මිස්ට ඔයාලා මොනාද කරන්නෙ.. "

" අපෙ දෙව් කරන්නෙ ක්‍රිකට් විතරයි මම නම් බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්.. ඔයාට දෙකක් කරන්න අමාරු නම් එකක් කලාට කමක් නෑ.. ඕක අනික අදම කියන්න ඕනත් නෑ.. "

" අනේ මමත් ක්‍රිකට් ගැහුවා ඒත් දැන් නෑනේ.. එහෙනම් මං ටික දවසකින් මිස්ට කියන්නම්.. "

" එහෙම කරන්න.. "

තව විනාඩි පහක් වගේ යද්දි 7.30 බෙල් එක ගැහුවා.. හැම ළමයෙක්ම නැගිටලා පහලට යද්දි මමත් ශේනූ, දෙව් එක්ක පහලට ගියා.. අද අලුත් ළමයි ආව නිසා ස්කෝලෙ රූල්ස් ගැන කියන්න තියෙන නිසාලු පහලට ගෙන්නුවේ.. පෝලිම් හැදිලා ලමයි ගාථා කියලා ඉවර උනාට පස්සෙ පාසල් ගීය කියලා ප්‍රින්සිපල් කතා කලා.. පිට්ටනියෙ හැම තැනම වගේ ප්‍රිෆෙක්ට්ලා දාලා හිටියෙ ලමයි රැස්වීමට අවධානය නොදෙන නිසා..

" මීළඟට අප පාසලට පැමිණි නවක සිසුන් සඳහා පාසලෙ නීති රීති මාලාව පිළිබඳ දැනුවත් කිරීමට අප විද්‍යාලයේ ප්‍රධාන ශිශ්‍ය නායක ආදිත්‍ය අභිශේක් හට ආරාධනා කරනවා.. "

නිවේදනය කරන්න හිටපු අයියා ස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට්ට කතා කලා විතරයි මෙච්චර වෙලා තැනින් තැන කසු කුසුවක් තිබුණ පිට්ටනිය මීයට පිම්බා වගේ නිශ්ශබ්ද උනා.. මං අව්ව නිසා මූණ බිමට හරවගෙන හිටියත් කව්ද හෙඩ් ප්‍රිෆෙක්ට් කියලා බලාගන්න ඕන නිසා ඔලුව උස්සලා ස්ටේජ් එක දිහා බැලුවා..

සුදු අත් දිග ශර්ට් එකට සුදු දිග කළිසම ඇදලා ගානට කපපු කොණ්ඩෙ පිළිවෙළකට පීරලා දම්වැල් හතරක් එල්ලෙන සුදු යකඩ බැජ් එකක් ඒ පපුවෙ දකුණු පැත්තෙ තියෙනවා.. වෙන කවුරුත් නෙවෙයි ඒ උදේ ශේනුගෙ ගෙදරදි දැකපු පිරිමි ළමයා.. එතකොට එයයි මේ ස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් ආදිත්‍ය අභිශේක්..

• ආදිත්‍ය අභිශේක්

• වයස අවුරුදු 19

• පාසලේ ප්‍රධාන ශිශ්‍ය නායක, ක්‍රිකට් කණ්ඩායමේ නායක, ශාක්‍ය වික්‍රමසිංහ හා නිරෝශා වික්‍රමසිංහ ගෙ දෙවනි පුතා

" සුභ උදෑසනක් හැමෝටම.. විදුහල්පති ඇතුළු ආචාර මණ්ඩලයෙන් අවසරයි.. මම ආදිත්‍ය අභිශේක් 13 ගණිතය අංශයෙ.. අලුතෙන් ආව හැම කෙනෙකුටම කියන්න තියෙන්නෙ ඔයාලා පාසලේ ඉන්න අවුරුදු දෙක ඇතුළත පාසලේ තියෙන නීති රීති පද්ධතියට අනුව හැසිරෙන්න වැඩ කරන්න ඕන.. පෞද්ගලික ප්‍රශ්න මෙහෙ ඇවිල්ලා විසද ගන්න තියාගන්න එපා තම තමන්ගෙ යාළුවො හෝ එහෙම නැති අය උනත් ප්‍රශ්න දාගන්නෙ නැතුව ඉන්න ඕන.. ක්‍රීඩා වලට ඉන්න අයට උදේ 6.00 වෙද්දි පුහුණුවීම් පටන් ගන්නවා.. පාසල් කාලෙ ඇතුළත පන්තියෙ, පුස්තකාලේ, ලැබ් එකක විතරයි ඉන්න පුලුවන්.. හදිසි අවස්ථාවක් නම් පාස් එක භාවිත කරන්න.. මං හිතනවා හැමෝම සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යයි කියලා.. දැන් හැමෝටම පන්ති වලට යන්න පුලුවන් Wish You'll Bright Future.. Thank You.. "

අම්මොහ් ඒ කටහඬ ඒක පුදුම තරම් ගැඹුරුයි.. ඒ වගේ ඩීප් වොයිස් එකක් මං ඇහුවමයි එයාගෙ කතාව ඉවර කරලා මුළු පිට්ටනිය දිහාම ඇස් යවලා අපි හැමෝටම පන්ති වලට යන්න කිව්වා.. පන්තියට ආව ගමන් පළවෙනි බෙල් එක ගැහුවේ පන්තිභාර මිස් ඇතුලට එද්දි..

~~~ඉදිරියට~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_______________________________________

Hello Lamai

1246, කතාව හොදයිද අනේ මන්දා ඔයාලා කියන්නෙ නෑනේ..😪

කියවන එක්කෙනා වෙනුවෙන් හරි ඉතින් මං දෙනවා අප්ඩේට්..🙂

Lvyyy❤️

Share This Chapter