Back
/ 50
Chapter 7

[හයවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

" බබා.. පොඩ්ඩො නැගිටින්න ළමයෝ.. දැන් හවස් වෙලා අර ශේනුකත් ඇවිල්ලා.."

" ම්ම්හ් ඉන්න දෙන්නකූ.. "

" අනේ අනේ හුරතලේ නැගිටින්න ළමයෝ මේ ශේනු බලාගෙන ඉන්නවා ඉක්මනට නැගිටින්න.. ශේනුක මෙන්න මේ ලමයව එක්කගෙන එන්න මං තේ ටිකක් හදාගෙන එන්නම්.. "

අපෙ අයියා කාමරේට ඇවිල්ලා මගෙ ඔලුවත් අතාගන ගමන් හවස් වෙලා නැගිටින්න කියද්දි මම මූනත් අකුලගෙන ආයෙමත් කොට්ටෙ බදාගත්තා.. ඊටපස්සෙ ශේනු ඇවිල්ලා කියලා කියද්දි නම් ඔන්න මාව ඇහැරුනා.. ඒත් මම එහෙමම ඉද්දි අයියා කිව්වා තේ හදාගෙන එනකම් මාව නැගිට්ටවන්න කියලා ශේනුට කියාගෙ එලියට යන්න ගියා..

" අහ් හරි අයියේ.. තේ නම් ඕන නෑ මං මෙයාව අපෙ ගෙදර එක්කගෙන යන්න ආවේ.. අපෙ අම්මා තේ හදලා ඇත්තෙ දැන්.. "

" අහ් එහෙමද හරි එහෙනම් එක්කන් යන්න මාත් ටිකකින් එන්නම්.. "

ශේනු අයියට තේ හදන්න එපා කියලා කියද්දි අයියා මාව එක්කගෙන යන්න එයත් පස්සෙ එන්නම් කියලා කියද්දි මට මතක් උනේ වෙන කවුරුත් නෙවෙයි ආදිත්‍ය අයියව..

" ඒ නැගිටිනවා හොර ගෙඩියා වගේ හිටියා ඇති ඉක්මනට මූණ පොඩ්ඩක් හෝදගෙන එනවා යන්න.. "

" හාව්ව්ව් නිදිමතයි හලෝ.. ඉන්න මං ඉක්මනට එන්නම් ෆ්‍රිජ් එකේ කේක් ඇති අරගෙන කන්න.. "

" හරි හරි මං ඉන්නම් ඉක්මනට එන්න.."

මම මූණ පොඩ්ඩක් හෝදගෙන එනකම් ශේනුට ඉන්න කියලා වොශෲම් එකට රිංගගෙන බේබි සබන් ගාලා මූණයි අතපයයි ත් හෝදගෙන එලියට එද්දි ශේනු කාමරේ හිටියෙ නෑ.. මම තුවායෙන් මූණත් පිහගෙන කාමරේ ජනෙල් දෙකත් වහලා ඇදත් පොඩ්ඩක් හදලා සාලෙට ගියා.. ඒ යද්දි ශේනු කොමඩු බීම බොන ගමන් කේක් කනවා.. යසෛ මූ..

" ආහ් ඔය එන්නෙ කුමාරයා.. බබා ඇන්ටිට කරදර කරන්නෙ එහෙම නෑ හොදේ රෑ වෙන්න කලින් එන්න.. මමත් ටිකකින් ඇවිල්ලා යන්න එන්නම්.. "

" මං එහෙම කරනද අයියෙ ම්හ්ක් එන්න ශේනු යමු ඉක්මනට.. "

" හරි හරි යමු.. තිසුක අයියෙ අපෙ අයියා ඔයා එනකම් බලන් ඉන්නෙ ඉක්මනට එන්න.. "

" හරි මල්ලි මං එන්නම් දැන් යන්න දෙන්නා.. "

පුහ් ඒක බලහන්කො අපෙ අයියා එනකම් ඇයි දන්නෑ එයා බලාගෙන ඉන්නෙ.. ඔව් ඉතින් ඒ දෙන්නා හෙන ෆිට් නේ ම්හ්ක් විකාර.. අයියා එයා එන්නම් අපි දෙන්නට යන්න කිව්වට පස්සෙ ශේනු මාවත් ඇදගෙන එයාලගෙ ගෙදරට යන්න පාරට බැස්සා..

" මේ මහියො අපෙ ලොකූ ඔයාව නවත්තගෙන මොනාද කිව්වෙ හලෝ.. "

ආආඅහ් දැන් මොකද්ද කියන්නෙ අනේ මට නම් දැන් පිස්සු වගේ අප්පා හුම්ම්.. බොරුවක් කියනවා ඔන්න ඔහේ..

" පරිස්සමෙන් යන්න කියලා කිව්වෙ හලෝ.. "

" ඇත්තද යකෝ ඒකටත් මට තමයි පරිස්සමෙන් යන්න කියලා තමයි කියන්න බැරි.. "

" ඉරිසියයි නේද ඔයාට.. "

" පිස්සුද බං මං මොකටද ඉරිසියා කරන්නෙ උබ මගෙ යාලුවනෙ.. "

" හරි හරි ඉක්මනට යමු.. "

කතාවෙන් කතාව අපි දෙන්නා ශේනුගෙ ගේ ළගටම ආවා.. ගේට්ටුවත් ඇරගෙන ඇතුළට ගියපු අපි දෙන්නම සෙරප්පු දෙක ගලවලා ගෙට යන්න හැදුවත් අපි ඉස්සරහට ආවේ ආදිත්‍ය අයියා.. එයා නාලද කොහෙද කොණ්ඩෙ වතුර තාමත්.. මේ මනුස්සයා ලෙඩක් හදාගන්නවා හවස් වරුවෙ නාලා කොන්ඩෙ පිහිදන් නැතුව ඉදලා.. ඇයි දැන් මට මොකද්ද තියෙන රුදාව ඒකා ගැන හිතන්න මිහිනු තෞසෙගෙ හිතනම් හරියට වටේ යනවා හුම්..

" පොඩී මොකද්ද මෙච්චර වෙලා කලේ.."

" ඇයි වදේ මෙන්න මේ නිදිකුම්බර පැටියා නිදාගෙන හිටියෙ බබාව ඇහරවගෙන මූන හෝදවලා එක්කගෙන එද්දි ඉතින් පරක්කු උනා.. "

" කට වැඩී දැන් තමුසෙගෙත් ම්ම් ම්ම් යනවා ගෙට.. ආ මේ තිසුක අයියා එනවා කිව්වා නේ.. "

" ඕඕඕ එයා තව ටිකකින් එන්නම් කිව්වා.. "

ආදිත්‍ය අයියා මෙච්චර වෙලා මොකක් කරාද කියලා අහද්දි පැනපු ගමන් ශේනු නිදාගෙන හිටිය මෝඩ පැටියව ඇරවගෙන එන්න ගිහින් තමයි පරක්කු උනේ කියලා කියද්දි ආදිත්‍ය අයියගෙ ඇස් හැරවුනෙ කෙලින් මගෙ පැත්තට.. ශේනුට ගෙට යන්න කියාගෙනම අපෙ අයියා දැන්ම එන්නෙ නැද්ද අහද්දි ඒකට උත්තර දුන්න ශේනු මාවත් ඇදගෙන කෙලින්ම ගියෙ කුස්සියට..

කුස්සියට යද්දි නිරෝශා නැන්දා මොනාදෝ කෑමක් හදනවා.. හොද සුවඳක් නම් එනවා පොල් බෝනික්කොද දන්නෑ.. පොල් බෝනික්කො කියලා මං කිව්වට ඇත්ත නම පෑන් කේක් ඒකෙ මැදට පොල් දාලා ලස්සනට කහපාට රොටියකින් ඔතලා තියෙන නිසා තමයි මං ඒවට පොල් බෝනික්කො කියන්නෙ..  පොල් බෝනික්කොන්ගෙ සිහියෙන් හිටිය මං හරි ලෝකෙට ආවේ නිරෝශා නැන්දගෙ කටහඬට..

" අනේ මේ අපෙ පුළුන් බෝලෙනෙ.. ගොඩක් වෙලාද පුතේ ඇවිල්ලා.. "

" අනේ නෑ නැන්දේ දැන් ආවේ හී.. "

" අපෙ අප්පෙ මේකගෙ හුරතලේ විදූ කොහොමද අද අපෙ හුරතලේගෙ ස්කෝලෙ දවස.. "

" සතුටින් සාමෙන් ජයග්‍රාහි ලෙස ගතකලා අම්මෙ.. "

" හොදයි හොදයි එහෙනම් දෙන්නා එක්ක කතා කර කර ඉන්නකො මං ඉක්මනට මේ ටික හදාගෙන එන්නම්.. "

ශේනුලගෙ අම්මා අපි දෙන්නට කතා කර කර ඉන්න කියලා ආයෙමත් එයාගෙ වැඩේ පටන් ගනිද්දි ශේනු මාවත් එක්කගෙ ආවේ එයාගෙ කාමරේට.. සුදු පාට මික්ස් නිල් පාටින් පාට කරලා තිබුණ ශේනුගෙ කාමරේ මගෙ කාමරේට වඩා ටිකක් ලොකුයි.. නිල් පාටම ඇදරෙදි දාලා තිබුන සාමාන්‍ය සයිස් ඇදත් ඒ ළගම පුංචි ටේබල් එකක් එක්ක ඇදට ඉස්සරහින් පොත් මේසෙත් ඊට ටිකක් මෙහායින් අල්මාරියත් තියලා තිබ්බා.. පොත් මේසෙටම යා උන ජනෙල් පඩිය ලගින් පොඩි පොඩි පතොක් පැල කීපෙකුයි පොඩි මාළු ටැංකියකුයිත් තිබුනා.. ඇත්තටම ශේනුගෙ කාමරේ ලස්සනයි පිළිවෙලයි..

" ලස්සන බලලා ඉවරනම් ඔය මහත්තයා ඉදගන්නවද.. "

කාමරේ ලස්සන බල බල හිටිය මම මේ සිහියට ආවෙ ශේනුගෙ කටහඩින්.. ඇද පෙන්නලා ඉදගන්න කිව්වම මමත් වටපිට බල බලම ඇදෙන් ඉදගත්තා..

" ශේනු දිලුම් එන්නෙ නැද්ද අර පන්ති ගැන අපෙ අයියට කියන්නත් ඕනේ.. "

" දිලුම් එනගමන් කිව්වා මට හරි අපි එයත් ආවහම කියමු හොදේ.. "

මං මුකුත් නොකියම හිනා වෙද්දි කාමරෙ දොර රෙද්ද එහාට කරගෙන ඇතුළට ආවේ වෙන කවුරුත් නෙවෙයි මේ දැන් මතක් කරපු දිලුම්.. දාඩියත් දාලා දුවලද මේකා ඇවිල්ලා තියෙන්නෙ..

" එන්න එන්න ඔයා එනකම් තමයි හිටියෙ.. මේ තිසුක අයියා ඇවිල්ලා හිටියද එලියේ.. "

" එහෙමද.. අහ් මේ ඔව් ඔව් ඉන්නවා ආදි අයියත් එක්ක කතා කර කර හිටියා.. "

" ආහ් එහෙනම් යමන් ඔහොමම ඉස්සරහට මහීව පන්ති දාන එක ගැන කතා කරන්න ඕනෙ.. "

දිලුම් වත් එක්කගෙනම ආයෙමත් අපි තුන්දෙනත් එක්ක මිදුලට යද්දි අපෙ අයියයි ආදිත්‍ය අයියයි සුදු අරලියා ගහ යටට වෙන්න හදලා තියෙන මේසෙ වටෙන් දාලා තියෙන පුටු දෙකක ඉදගෙන මොනාහරි දෙයක් කතා කරන ගමන් හිටියෙ.. අපි එනවා දැකලා අපෙ අයියා මාව දැකලා හිනාවෙලා ඔලුවෙන් එන්න කිව්වා.. තුන් දෙනත් එක්ක ඉතුරු පුටු තුනෙන් වාඩි උනේ මං ආදිත්‍ය අයියගෙ ඉස්සරහින් වාඩිවෙද්දි..

" තිසුක අයියෙ මිහිනු ව ක්ලාස් යවන්න ඕනනේද.. මායි දිලුමයි කරන්නෙත් මිහිනු කරන සබ්ජෙක්ටමයි.. වෙනසකට දිලුම් කරන්නෙ නැටුම්.. ඒ ඇරෙන්න අපි අනික් ඒවට මහීවත් ගෙන්න ගන්න කියලා බැලුවේ.. "

" ආහ් ශේනු කියනකම් මට ඒක මීටර් උනෙත් නෑනේ.. පොඩ්ඩො ඔයා කරන්නෙ ලොජික්, මියුසික්, ජැපනීස් නේද.. "

" ඔව් අයියෙ ශේනුත් කරන්නෙ ඒටිකමයි.. දිලුම් විතරයි මියුසික් වෙනුවට ඩාන්සින් කරන්නෙ.. "

" ආහ් එහෙනම් ඔයාලත් එක්කම මෙයාවත් එක්කගෙන යන්න.. මං නැන්දලට කියන්නම්.. කවදා ඉදන්ද යන්නෙ දැන්.. "

" හෙට තමයි ජැපනීස් ක්ලාස් එක පටන් ගන්නෙ.. හෙට ඉදන්ම යමු.. හවස 3 ඉදන් 6 වෙනකම් තියෙනවා.. "

" ආහ් පැයැ තුනක් නේ එතකොට ස්කෝලෙ ඇරිලා එහෙමම තමයි යන්න වෙන්නෙ.. "

" ඔව් අයියෙ එහෙම තමයි.. "

" හොදයි හොදයි එහෙනම් යන්න.. ආදිත්‍ය උබට පුලුවන් නේද පොඩ්ඩක් බලන්න උබත් ඔය තිසත්කා එකටමනෙ ක්ලාස් යන්නෙ.. "

" ඔව් අයියේ මං ඒක ගැන බලන්නම් බය වෙන්න එපා.. "

අපෙ අයියා මට ශේනුලත් එක්ක පන්ති යන්න අවසර දෙද්දි අන්තිමට ආදිත්‍ය අයියට මං ගැන බලන්න කිව්වම එයා මං දිහා අමුතුවට හිනා වෙලා බලලා අයියට හා කියලා කිව්වා.. මේ මනුස්සයට පිස්සු ඔව් ඔව් පිස්සු.. අපි තුන්දෙනා එක එක එව්වා කියව කියව ඉද්දි අයියලා මොනාද කැම්පස් එකේ දෙවල් වගයක් කියෙව්වා.. ඔය අස්සෙ ශේනු අපෙ අයියා දිහා හොරෙන් හොරෙන් බලනවා මට කීප පාරක්ම නෝට් වෙලයි තිබ්බෙ.. මං නොදැනුවත්ව මොකක් හරි දෙයක් වෙනවා.. ඒකත් ඔලුවෙ තියාගෙන කයිය ගහද්දි ට්‍රේ එකක කිරි කෝපි වීදුරු පහක් එක්ක අපි එද්දි හද හද හිටිය කහ පාටින් පොල් බෝනික්කො පිරුණ පීරිසියක් තියාගෙන ආවේ ශේනුලගෙ අම්මා..

" ඔන්න මං තේ ගෙනාවා තුන්දෙනාට හරි හරියට කියවලා මහන්සිත් ඇතිනෙ නේද.. "

" මේ කටවල් එහෙම වැහෙන ඒවා නෙවෙයි නැන්දේ.. "

" ඒකනම් ඇත්ත පුතා මේ හුරතලේටත් පුදුම කියවිල්ලක්නෙ තියෙන්නෙ අනේ ඉතින් පුලුන් බෝලෙ.. "

නැන්දා අපෙ අයියගෙ කතාවට උත්තර දෙන ගමන් මේ හුරතලේටත් පුදුම කියවිල්ලක්නෙ තියෙන්නෙ කියලා මගෙ කම්මුල් දෙක මිරිකද්දි ලැජ්ජාවට මං රතු වෙද්දි ආදිත්‍ය අයියගෙ කට කොනේ හරි ලස්සන හිනාවක් ඇඳිලා ගියා..

" හරි හරි මං එහෙනම් යනවා කට්ටියම නිවෙන්න කලින් කිරි ටික බොන්න හරිද.. "

නිරෝශා නැන්දා මගෙ ඔලුවත් අතගාගෙනම ආයෙම ගේ දිහාට යද්දි ශේනු මගෙ ඉස්සරහින් කිරි වීදුරුවක් තියලා ඉතුරු ටික අනික් කට්ටිය ඉස්සරහින් තිබ්බා.. මම කිරි එකට පොඩ්ඩක් පිඹලා පලවෙනි උගුර බිව්වා..  වාහ් නැන්දගෙ කෑම හරි රසයි වගේ.. පොල් බෝනික්කෙකුත් අරගෙන ඒකත් කන ගමන් මං පුටු ඇන්දට හේත්තු වෙලා බබා වගේ කිරි එක බිව්වා.. මං කිරි එක බීලා ඉවර වෙලා වීදුරුව මේසෙ උඩින් තියන්න ඔලුව උස්සද්දි තමයි දැක්කෙ මෙච්චර වෙලා හිටිය ශේනුවත් දිලුම්වත් අපෙ අයියවත් තවදුරටත් මෙතන නෑයි කියලා.. ඉතුරු වෙලා හිටියෙ මමයි ආදිත්‍ය අයියයි විතරක් වෙද්දි මම වටපිට බලලා එයාලව හොයාගන්න හැදුවත් ඒක හරි ගියෙ නෑ..

" අහ්ම් අනික් අයවද හොයන්නෙ.. "

" ආහ් හ්හ් ඔව් අයියෙ එයාලා කොහෙටද ගියේ මෙතන හිටියනෙ.. "

" එයාලා ගියා ගේ ඇතුලට.. පූසෙක් වගේ කිරි එකට මූණ ඔබාගෙන බොද්දි මෙලෝ සිහියක් තිබ්බෙ නෑනේ.. "

" ආහ් හි හි මාත් එහෙනම් යන්නම්.. "

පූස් පැටියෙක් වගේ කිරි එකට මූණ ඔබාගෙන මෙලෝ සිහියක් නෑනෙ කියද්දි වීදුරුවත් අතින් අරන් නැගිට්ට ආදිත්‍ය අයියා ගෙට යන්න කලින් මං යන්නම් කියලා හිතාගෙන නැගිට්ටා උනත් ආයෙමත් නැවතුනෙ එයාගෙම කටහඬට..

" පොඩ්ඩක් ඉන්න මිහිනු.. "

" කියන්න අයියෙ.. "

පොඩ්ඩක් ඉන්න මිහිනු කියලා කියද්දි මම ඒ ගමන්ම කියන්න අයියෙ කියලා කියද්දි කිරි වීදුරුව මේසෙ උඩින් තියලා සාක්කු දෙකටත් අත් දෙක දාගෙන එයා ඇවිදගෙන ආවෙ මගෙ ඉස්සරහට..

" මිහිනු ඔයාට ගෑණු ළමයෙක් ඉන්නවද මං අහන්නෙ ලවර් කෙනෙක්.. "

" ම්හ්ම් එහෙම කෙනෙක් නෑ අයියෙ ඇයි එහෙම ඇහුවෙ එකපාරටම.. "

" නෑ මුකුත් නෑ නිකම් ඇහුවේ.. "

" හා ඒනම් මං යන්නද.. "

එයා එකපාරටම එහෙම දෙයක් ඇහුවහම මං පුදුම උනත් ඒ බවක් නොපෙන්වා උත්තර දීලා මං ගෙට යන්නද අහද්දි මුකුත් නොකියා බලන් උන්නු එයා මං හැරිලා යන්න හදද්දිම මගෙ දකුණු අතේ මැණික් කටුව ළගින් අල්ලලා මාව ආයෙම නවත්තගත්තා..

" චූටි ඔයා හිතනවද ආදරේ කියන දේ ඒ කෙනාව දැකලා තප්පර තුනකින් හදවතේ ඇතිවෙන්න පුලුවන් කියලා.. "

" අයි-- "

" ශ් මම අහපු දේට උත්තර දෙන්න හදිසි වෙන්න එපා ඒ දේ ඔයාටම තේරුනහම මට උත්තරක් දෙන්න.. දැන් යන්න ගෙට පොද ගහනවා.. "

මගෙ අත අතරෑපු එයා මගෙ අතින් තිබ්බෙ අලුත්ම අලුත් සුවඳ සුදු අරලිය මලක්..

ඇයි ආදිත්‍ය අයියා එහෙම දෙයක් ඇහුවේ තප්පර තුනකින් ආදරයක් හිතාගන්න බෑ මට.. දැන්ම උත්තර දෙන්න හදිසි වෙන්න එපා කියලා පොද ගහනවා ගෙට යන්න කියලා ඇස් වලින් ගේ දිහා පෙන්නුව එයා ගේට්ටුවත් ඇරගෙන එලියට ගියා.. අරලිය මලත් අතේ තියාගෙන එයා බිව්ව කිරි වීදුරුවයි මගෙ වීදුරුවයි අරගෙන ගෙට ගියේ ආයෙමත් ගේට්ටුව දිහා හැරිලා බලලා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

__________________________________

Hello Lamai

1500යි 😁

ආදිත්‍ය අයියා මොකාටත එන්න හදන්නේ 👉👈

තෑන්ක් යු ඔයාලගෙ කමේන්ට් වලට, වෝට් වලට.. 💜️

Lvyyy❤️

Share This Chapter