Back
/ 50
Chapter 8

[හත්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

කිරි වීදුරු දෙකත් අරගෙන ඇතුළට ආව මම ඒ දෙක හෝදලා තියලා ගියේ ආයෙමත් ඉස්තෝප්පු කෑල්ලට.. කලින් ලාවට පොද වැටුනත් මේ වෙද්දි හයියෙන් වහින්න පටන් අරගෙන තිබුනා.. එයාගෙ අතේ කුඩයක් වත් තිබ්බෙ නැතිකොට වැස්සෙ තෙමෙනවද දන්නෙ නෑ කියන සිතුවිල්ල මගෙ හිතේ තිබුනා.. දිලුම්, ශේනු, අපෙ අයියා නැන්දලා කවුරුත්ම පේන්න නොහිටිය නිසා ඉස්තෝප්පු කෑල්ලෙ අයිනක තියලා තිබුන කූඩයෙන් කුඩයක් අරගෙන සෙරප්පු දෙකත් දාගෙන ගේට්ටුවත් ඇරගෙන එලියට බැස්සෙ ආදිත්‍ය අයියව හොයාගන්න.. මේ මනුස්සයා කොහෙ මගුලෙ යනවද මන්දා වැස්සෙ.. වටපිට බල බල එද්දි දන්නෙම නැතුව පාරටම ඇවිල්ලා.. මං දන්නෙත් නෑ මෙහෙ තැන්.. තව ටිකක් ඉස්සරහට ගිහින් වංගුවෙන් හැරුනම වෙල..

එතනිනුත් ඉස්සරහට ගිහින් වෙල පටන් ගන්න තැනට යද්දි මං දැක්කෙ පොඩි පැලක් ඇතුලෙ ලී කොටයක් උඩ වාඩි වෙලා ඈතක් බලාගෙන ඉන්න ආදිත්‍ය අයියව.. දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ.. ලොකු හුස්මක් පහතට දාපු මම සෙරප්පු දෙල ගලවලා අතට අරගෙන නියර දිගෙ ගිහින් පැලට ගොඩවෙලා එයාගෙ පිටිපස්සෙන් හිටගත්තා.. ඒ සැනින්ම එයා ඇස් දෙකත් ලොකු කරගෙන මං ඉන්න පැත්තට හැරුනෙ හරියට මගෙන් 'මිහිනු ඔයා මෙතන මොකද්ද කරන්නෙ' කියලා අහන්න වගේ..

" මිහිනු.. මොකද්ද ඔයා මෙතන කරන්නෙ.. තනියමද ආවෙ මේ වැස්සෙ මොකද්ද කරන්නෙ ආහ්.. "

හොර වැඩක් කරපු කෙනෙක් වගේ මං මෙතන මොකද්ද කරන්නෙ කියලා අහන ගමන් මගෙ අතෙ මැණික් කටුව ලගින් තද කරලා අල්ලගත්තු ආදිත්‍ය අයියා අත අතාරින්නෙ නැතුවම ලී කොටෙන් නැගිට්ටා..

" මම මේහ්.. මේ අයියා වැස්සෙම ආව නිසා කොහෙද කියලා බලන්න ආවේ.. "

" මිහිනු..!! මාව හොයාගෙන එන්න කලින් කියනව මට තමුසෙ මේ පාරවල් දන්නවද ආහ් තනියම කොහෙවත් යන්න එපා කියන්නෙ එපා නිසා.. පොඩී එක්ක හරි එන්න තිබුනනෙ ආ.. "

" එයා..ලා..කවුරුත්.. හිටියෙ.. නෑ.. ඒකයි මං තනියම..ආවේ... "

" දැන් මොකද අඩන්නෙ අඩන්න තරම් දෙයක් මං කිව්වද ම්ම්.. "

" ඉතින් කෑ ගහන්නෙ හහ්.. ඔයාව හොයන්නනෙ ආවේ.. "

" කෑ ගහන්නෙ නෙවෙයි දෙන්නෙ පාරක් තෙමි තෙමි..අව්ඩ් එනවා යන්න ගෙදර කෝ කුඩේ.. "

" ආ මෙන්න මං කියනවා අයියට මට බැන්නයි කියලා හුම්.. "

" හා හා අයියට කිව්වට වැඩක් නෑ හැබැයි එයා දන්නවා මං ගැන හහ්.. "

මහ දුශ්ට මනුස්සයෙක් අනේ මමත් ආවනෙ හොයාගෙන.. දෙන්න හිතයි හොම්බ කට සමතලා වෙන්න හුහ්.. ඒත් උස මදිනෙ ම්හ්ක් මං ආදි අයියගෙ පපුව හරියටනෙ ඉන්නෙ.. ශීහ් නැත්නම් මූණටම ගහන්න තිබ්බා දෙකක්.. මෝඩ මිනිහා..

අතේ තිබ්බ කුඩේ ගත්තෙ මගෙ අතත් එක්කමයි මනමාලයා.. තප්පර තුනෙ ආදරයක් ගැන කියලා මගෙ ඔලුවත් විකාර කලා..

" මිහිනු එනවා ඉතින් යන්න මොකක්ද බං මේ අරගෙන ඇවිල්ලා තියෙන කුඩේ.. සෙරප්පු දෙක දාගෙන එන්න.. "

පැලෙන් එලියට ගිහින් කුඩේ ඉහලගෙන මට සෙරප්පු දෙක දාගන්න කියලා එයා මට අත දික් කලා.. මං සෙරප්පු දෙකත් දාගෙන අත දිහා බලන් ඉද්දි එයා ඇස් වලින් කිව්වෙ එයාගෙ අත අල්ලගන්න කියලා.. මං ආදිත්‍ය අයියගෙ මූණ දිහා බලාගෙනම එයාගෙ අත අල්ලගෙනම පැලෙන් උඩට එද්දි එයා මගෙ අතින් ඇදලා අරගෙන පපුවට තුරුල් කරගත්තා..

මගෙ අත් දෙක මිට මෙලවිලා එයාගෙ පපුවට වැටෙද්දි ආදිත්‍ය අයියගෙ අත මගෙ ඉණ වටේට තදට හිරවෙලා තිබුනා.. ආදි අයියගෙ ඇස් කෝපි පාටයි ඒ කෝපි පාට ඇස්වල තිබුනෙ වෙනම කතාවක්.. රෝමාන්තික පිරිමි ළමයෙක් එයා.. මං දැක්කා එයාගෙ ඇස් මගෙ මූණ පුරාම දුවනවා.. ඒ ඇස් අන්තිමට නැවතුනේ මගෙ ඇස් දෙක ළග වෙද්දි පිනි වැටිලා මගෙ ඇහිපිහාටු බර වෙලා තිබුනෙ කියලා මටම දැනුනා.. ඇහි පිල්ලම් ගහලා ආදිත්‍ය අයියා දිහා බලද්දි එයා හරි ලස්සනට මාත් එක්ක හිනා උනා.. ඒ හිනාව ඕනම කෙනෙක් වශී කරගන්න පුලුවන් හිනාවක් වෙද්දි මමත් එයත් එක්ක ලස්සනට හිනා උනා..

මෙච්චර වෙලාවක් ඇස් වල අතරමන් වෙලා හිටිය අපි දෙන්නා ගැස්සිලා ගියේ මුලු පැත්තම එලිය කරගෙන අකුණක් ගහපු නිසා.. එයාගෙ පපුව උඩ තිබ්බ අත්දෙකන් ඉබේම එයාව බදාගනිද්දි මං ඒ පපුවට බර උන පාර එයාව පොඩ්ඩක් පස්සට ගියා.. විනාඩි ගානක් ඒ අත් අතර ඉද්දි එකපාරටම වැස්ස තද කරලා වහින්න ගත්තේ අපි දෙන්නවම නාවලා..

" චූටි අපි ගෙදර යන්න ඕනේ.. "

එයා කිව්වෙ එච්චරයි මෙච්චර වෙලා බයටම එයාගෙ පපුව අස්සෙ හිටිය මම ඉක්මනට ආදිත්‍ය අයියගෙන් ඈත් උනේ මාව රත් වෙලා රතුවෙලා යද්දි.. ආයෙම එයාම ඇදලා අරගෙන මගෙ උරිස්ස වටෙන් අත යවලා එයාගෙ ඇගට හේත්තු කරගත්තෙ මාව වැස්සට පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නැති වෙන්න..

" අයි..යේ..ඔයාව..තෙමෙනවනේ.. "

" කට පියාගෙන එන්න මිහිනු තමුසෙට ලෙඩ වෙන්නද ඕනෙ.. "

" ඉති... "

" මං දැන් මොකද්ද කිව්වෙ කට, කට පියාගෙන යමු අයියටවත් කියලද ආවේ ආ ඒ කොල්ලා බය වෙලත් ඇති මොන මගුලක් කරනවද මන්දා මිහිනු.. "

" ම්හ්ක්.. "

" ගැස්සිලි නම් තියාගන්න එපා හරී.. මං මෙහෙම කතා කරලා හිටියට හිතන්න එපා හෙන හොද එකා කියලා.. "

" යැයි යැයි චමයි.. "

පැය භාගෙකට කිට්ටු වෙන්න පාර දිගේ තෙමි තෙමි ආව අපි දෙන්නා අන්තිමට නැවතුනේ එයාලගෙ ගෙදර ඉස්සරහ වෙද්දි ශේනු, දිලුම්, අපෙ අයියා, ශේනුලගෙ අම්මා හතරදෙනාම ගේට්ටුව දිහා බලන් හිටියෙ අපි දෙන්නව බලාපොරොත්තුවෙන් වගේ.. මෙච්චර වෙලාවක් අපි එනකම් බලාගෙන හිටිය අපෙ අයියා කුඩේකුත් නැතුවම අපි ඉන්න දිහාවට දුවගෙන ආවෙ මගෙ නම කියලා කතාකරගෙනමයි..

" මිහිනු කොහෙද දෙයියනේ යන්නෙ.. යන මගුලක කියලා පලයන් මෙහෙට ඇවිල්ලා එක දවසයි අඩුම පාරක් තොටක් දන්නවද.. මේ වැස්සෙ ගිහින් අතරමං හරි උනානම් මං මොන දෙයියන්ට කියන්නද ළමයො.. "

" තිසුක අයියෙ මිහිනුට බනින්න එපා එයාව මමයි එක්කගෙන ගියෙ.. මට ඔයාලට කියන්න අමතක උනා සොරි.. "

" උබත් මාර වැඩ තමයි කරන්නෙ ආදි හරි හරි ආදි ගිහින් ඇදුම් මාරු කරගන්න ලෙඩ වෙයි නැත්නම්.. "

" ම්ම්ම් මෙයාටත් මොනාහරි හදලා දෙන්න තෙමුනා වැස්සට.. "

අපෙ අයියට මට මොනාහරි හදලා දෙන්න කියලා කියාගෙනම එයා ගෙට යද්දි එයාගෙ අතේ තිබුණ කුඩෙත් අරගෙන ආයෙමත් ඉස්තෝප්පු කෑල්ලට ගියපු මමයි අයියයි කුඩේ පැත්තකින් තියලා නැන්දට කියලා යන්නයි ලෑස්ති උනේ..

" අනෙ අනෙ හුරතලේ ඔහොමත් බය කරනවද ළමයෝ අනේ මන්දා මේ ළමයි නම් කොච්චරවත් පපුවෙ අමාරු හදවන වැඩමයි කරන්නෙ.. "

" හී මං වීදුරු දෙක හෝදලා නැන්දට කියන්න එද්දි කවුරුත් පේන්න හිටියෙ නෑනේ ඒකයි ඉතින් හුම්ම්.. "

" නිදහසට කරුනුත් තියෙන්න එපැයි නේත තිසුක.. "

" අනේද කියන්නෙ නැන්දෙ.. කොහෙහරි ගිහින් හොයාගන්න බැරි උනානම් මට මාමගෙන් හොදට අහගන්න පුලුවන්.. නැන්දගෙ සුදු පුතාව හරියට බලාගත්තෙ නෑයි කියලා.. "

" ඒකනේ දෙයියනේ මේ චීස් බෝලෙට මොනාහරි උනෝතින් ඔන්න මේ නැන්දටත් පපුවෙ අමාරුව හැදේවි.. "

" සමාවෙන්න නැන්දේ මං එච්චර හිතුවෙ නෑනේ.. "

" අනේ හරි බබෝ ඒකට කමක් නෑ.. ආයෙ එහෙම නොකර ඉන්නකො හරිද.."

" හරි නැන්දේ.. "

" නැන්දෙ එහෙනම් අපි දෙන්නා යන්නම් නේද දැන් රෑත් වෙලානේ.. දැන් ඉතින් මෙයාලා දිගටම මෙහෙ එන්න පටන් ගනී.. ඔන්න නැන්දට රණ්ඩු බේරලා ඉවරයක් නැති වෙයි.. "

" ඔව් පුතේ එහෙනම් ගිහින් එන්නකෝ හොදේ.. මෙන්න මේ කොල්ලට පස්පංගුව පැකට් එකක්වත් හදලා දෙන්න ගෙදර තියෙනවද.. දිගටම නෙවෙයි මං පුලුවන් නම් නවත්ත ගන්නවා මෙයාව.. "

" ඔව් නැන්දෙ ගෙදර ගෙනාව එකක් තිබ්බා.. තියාගන්න නැන්දා මෙයා ගැන තාම දන්නෙ නෑනේ.. "

" අනේ ඉන්නකො අයියෙ හුම්ම් මං නරක ලමේක් නෙවෙයි.. "

" හරි හරි දැන් එහෙනම් යන්න.. රෑ වෙනවා කාලා බීලා ඉක්මනට නිදාගන්න පැන්ඩෝල් දෙකකුත් බොන්න.. "

" හරි නැන්දේ එහෙනම් අපි යනවා.. ශේනූ මල්ලි ගිහින් එන්නම්.. "

" හරි තිසුක අයියෙ.. මහී හෙට ඉදන් ක්ලාස් යන්න එන්න උදේට අපි බස් එකේ යන්නෙ හොදේ 5.45වෙද්දි ලෑස්ති වෙලා ඉන්න.. "

" හරි ශේනු මං වෙලාවට එන්නම්.. ගුඩ් නයිට් නැන්දේ, ශේනු, දිලුම් මං යනවෝ.."

" හරි පුතේ පරිස්සමෙන් යන්න ගුඩ් නයිට්.. "

" ගුඩ් නයිට් මහී.. "

නැන්දටයි ශේනුටයි දිලුම්ටයි යන්නම් කියලා මායි අයියයි ගේට්ටුවත් ඇරගෙන පාරට ආවේ ආයෙමත් මම එයාගෙ ඇස් හම්බෙයිදෝ කියලා පුංචි බලාපොරොත්තුවක් එක්ක ගේ දිහා බලද්දි.. ඒත් එයාගෙ හෙවනැල්ලක්වත් පේන්න නොතිබුණු කොට මගෙ හිත ටිකක් රිදුනත් ආයෙම මට හිතුනෙ ඇයි මම ආදිත්‍ය අයියා ගැන හිතන්නෙ කියන දේ..

අයියගෙ අතේ එල්ලිලා අපෙ ගෙදරට ඇවිල්ලා ගේට්ටු දොරවල් ලොක් කරලා අපි දෙන්නා ඇතුලට ගියා..

ඒත් මිහිනු දැනගෙන හිටියෙ නෑ එයාගෙ හිත හොල්ලන ආදිත්‍ය අයියා උඩ කාමරේ ජනේලෙන් තමන් දිහා බලාගෙන හිටියයි කියලා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_____________________________________

Hello Lamai

ආදිත්‍ය අයියා චූටිට කැමති 😌😼

චූටි කිව්වා ඊළග අප්ඩේට් එක ඕනෙනම් කමේන්ට් ගොඩක් ඕනෙයි කියලා😪

Lvyyy❤️

Share This Chapter