Back
/ 50
Chapter 9

[අටවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

" බබා නාගෙන එන්න ගිහින් මං උණුවතුර එකක් උණු කරලා දෙන්නද.. "

" ඕනෙ නෑ අයියෙ තෙමිලනෙ ඉන්නෙ මං ඉක්මනට නාගෙන එන්නම්.. "

" හරි ඉක්මනට එන්න මං සමහන් එකක් හදලා දෙන්නම්.. "

අයියා කෙලින්ම කුස්සියට යද්දි මං ගියෙ කාමරේට.. තුවායත් අරගෙන බාතෲම් එකට ගිහින් තෙත ඇදුම් දෙක ගලවලා දාලා රෑ වෙලා වැස්ස උනත් මං හොදට නාගත්තා.. භාගෙට තෙමිලා ඉන්න නිසා ඉතුරු ටිකත් නාගත්තා.. ඇදුම් ටික බේසමට දාලා රින්සොත් දාලා විනාඩි පහලවට නාලා ඉවර වෙලා තුවායෙන් ඔලුවත් පිහින ගමන් මං ආවේ මගෙ කාමරේට උනත් මගෙ ඇඳ උඩ ඉඳගෙන ඉන්න කෙනාව දැකලා ඔලුව පිහිදන ගමන් හිටිය මගෙ අතේ තිබුණ තුවායත් බිමට වැටුනා..

" ආ..දි..අයි..යෙ.. "

ඔව් මගෙ ඇඳ උඩ ඉදගෙන බාතෲම් එකේ ඉදන් ඔලුව පිහිදාන ගමන් එන මගෙ දිහා කන්න වගේ බලන් හිටියේ වෙන කව්රුත් නෙවෙයි ආදිත්‍ය අයියා..

" ඇයි නෑවේ.. "

" මොක..ක්.. ඕක අහන්නද දැන් ආවේ.. "

" මිහිනු මං ඇහුවෙ ඇයි දැන් නෑවේ කියලා.. අහපු දේට උත්තර දෙනවා මුලින්ම.. "

" ම්හ්ක්..ඉතින් වැස්සෙ තෙමිලනෙ හිටියෙ ඉතුරු ටිකත් නෑවා.. "

" තමුසෙ මට ඇහෙන්න කොයි වෙලේ හරි නහය උඩට ඇදපන්කො.. "

" ම්හ්ක් පුදුම නපුරුකමක් තමයි දෙයියනේ මේක.. "

" හහ් ඇත්තද හරි හරි.. "

හරි හරි කිව්ව ආදිත්‍ය අයියා ඇඳෙන් නැගිටලා ඇවිල්ලා මගෙ අතේ තිබුණ තුවාය මගෙ මූණ දිහා බලාගෙනම අරගෙන මගෙ ඔලුව පිහිදන්න ගත්තා.. පිහිදාලා පිහිදාලා ඉවර වෙලා අන්තිමට තුවාය රැක් එකෙන් දාලා එයා කාමරෙන් යන්න ගියේ මටත් ඉක්මනට එන්න කියාගෙනමයි.. යාඅහ්හ් මේ මිනිහා නම් මොකෙද්ද මන්දා මගෙ ඔලුව පිස්සෙක්ගෙ වගේ වෙලා.. ඕඩික්ලෝන් බෝතලෙන් ඔලුවට ටිකක් හලාගෙන කොණ්ඩෙත් ලස්සනට පීරගෙන මං කෑම කන්න ගියා.. ඒ යද්දි අයියා මටයි එයාටයි බත් බෙදලා මං එනකම්ද කොහෙද ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා..

" ඈ අයියෙ ආදිත්‍ය අයියා මොකටද ආවේ.. "

" කැහ්..කැහ්.. මොකද්ද පොඩ්ඩො ඇහුවේ.."

" මං ඇහුවෙ අනේ ආදිත්‍ය අයියා ඇයි මෙහෙ ආවේ කියලා.. ඒ මනුස්සයා නම් යස්සයෙක් අප්පා.. "

" මං දන්නෙ කොහොමද මගෙන් ඇහුවා ඔයා කෝ කියලා මං කිව්වා නානවා කියලා ඊටපස්සෙ කාමරේට ගියා එච්චරයි.. ආදිත්‍ය නපුරු උනාට හරි හොදයි බං.. "

" යසයි අයියෙ හරිම යසයි මලක් වගෙ ලමේක් ඉන්න කාමරේකට එහෙම මිනිස්සුන්ට එන්න කියනවද මං අහන්නෙ.. මං දන්නෑ ආදිත්‍ය නපුරුයි වෙන අයට හොද උනාට මට එහෙමයි.."

" කව්ද උබ මලක් වගේ කියලා කිව්වෙ මෙන්න මෙහෙ ඇවිල්ලා කාපන් බං මහන්සි මට නිදාගන්න ඕන.. "

" හුහ්.. "

" දැන් ඉතින් මුං දෙන්නගෙ රණ්ඩු බේරලම ඉවරයක් නැති වෙයි.. "

" මොකක් හරි කිව්වද ඈ.. "

" ආහ් නෑ.. නෑ.. ඉක්මනට කන්න එන්න.. "

ඔක්කොම එකයි ඔක්කොම එකයි මේ මිනිස්සුන්ගෙ මොලේ වේලිලා කොළඹ ඉඳලා ඉඳාන්කො ගමේ යද්දි මුං දෙන්නවම අරන් ගිහින් ඔළු දෙක ඔබනෝ බෝගම්බර වැවේ.. අම්මයි අප්පච්චි මරු එක්කෙනාටනෙ දෙයියනේ මාර භාර දීලා ගිහින් තියෙන්නෙ බලාගන්න කියලා සැක්ම සැක්..

අයියා බෙදලා තිබ්බ බත් එකත් තරහටම ඔක්කොම කාලා දාලා වතුරත් බීලා අයිස්ක්‍රීම් සුට්ටකුත් බඩට දාගෙන බණ්ඩි ෆුල් කරගෙන අයියට ගුඩ් නයිට් කියාගෙනම මං කෙලින්ම කාමරේට ඇවිල්ලා වැටුනේ ඇදට.. ශාහ්හ් දැන් තීන්නෙ ශපාන් එකේ දොයිගන්න..

උඩුබැලි අතට නිදාගෙන ඉද්දි මගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙන සද්දෙ ඇහිලා සුටුස් ගාලා කෙලින් වෙලා ගත්තෙ ෆෝන් එක අතට.. ම්ම් කව්ද මේ රාත්‍රියෙ රෝස මලට නිදාගන්න නොදෙන අමන පුද්ගලයා..

Unknown Number 2 massages - 9.30p.m

අන්කෝන් නම්බර් එකක් මං කන වෙලේනෙ දාලා තියෙන්නෙ මැසේජ් කව්ත බලමූ.. ම්ම් ම්ම්

මං වට්සැප් එකට ගිහින් ඇවිල්ලා තිබ්බ මැසේජ් දෙක බැලුවා..

' Hii'

' ගුඩ් නයිට් මගෙ සුදු රෝස මල.. '

ටසිරි කව්ද බොසා මේ.. එයාගෙ අරලිය මල මේ මම පිස්සුද.. හෙනගහන්න වගේ දාලා තිබුණ මැසේජ් එක දැකලා මගෙ ඇස් දෙකත් ලොකු වෙලා කැස්සකුත් ආවා කඩෝලේ.. කව්ද අනේ මේ මාරිමොංගල් පුද්ගලයා.. මං කව්ද කියලා හිතාගන්න බැරි නිසාම එයාට ආයෙම රිප්ලයි එකක් දැම්මා පොර ඔන්ලයින්..

' Hii '

' කව්ද ඔයා.. ඔයාගෙ සුදු රෝස මල පිස්සුද අනේ.. '

මං මැසේජ් එක දාලා කටේ ඇගිල්ලකුත් ගහගෙන බලාගෙන හිටියෙ මිනිහා මැසේජ් එක සීන් කරනකන් වෙද්දි හරියටම මං මැසේජ් එක දාලා විනාඩි දෙකකට පස්සෙ එයා මැසේජ් එක බැලුවා. අනික් අතට ටයිපින්..

' ම්ම් මං කව්ද කියලා නියම වෙලාවට ඔයා දැනගන්න ලැබෙයි පැංචො..Byee.. '

පැංචා මේ මොකෙත්ත අනේ මේ පිස්සුද නැත්නම් මූට ලෙඩක්ද.. ඕන එකක් කියලා මං සීන් කරලා නිකා ඉදියා.. ඊටපස්සෙ තමයි දැක්කෙ ශේනු මාව ස්කෝලෙ ගෲප් එකට ඇඩ් කරලා තියෙනවා.. ඒක දැක්කමයි මතක් උනේ ඔය ගෲප් එකේ අනිවාර්යයෙන් ආදිත්‍ය අයියත් ඇතිනේ.. මටත් ඉතින් අත පය තියන් ඉන්න බැරි කමට ඉන්න උන්ගෙ ප්‍රොෆයිල් ෆොටෝස් ටිකයි අර නම් ටිකයි බලාගෙන ගියා.. ඒ යද්දි තමයි දැක්කෙ මට දැන් මැසේජ් දැම්ම ගෝත හිකනලත් ස්කෝලෙ ගෲප් එකෙත් ඉන්නවා කියලා.. යකෝ එතකොට ඌ අපෙ ස්කෝලෙ එකෙක්ද.. ආදිත්‍ය අයියගෙ නම්බර් එකත් තව ටිකක් පහලට පහලට යද්දි හම්බුනා.. එයාගෙ චැට් එක ඕපන් කරලා ප්‍රොෆයිල් එක බලද්දි මූනෙ භාගයක් පේන්න side එකට ගහපු පින්තූරයක් දාගෙන තිබුනෙ.. ලාස්ට් සීන් 9.15ට..

කෝකටත් තෛලෙ කියලා එයාගෙ නම්බර් එකත් සේව් කල්ලා මං ඩේටත් ඕෆ් කරලා කාමරේ ලයිට් එකත් නිවලා ඇඳ ලග තිබ්බ ටේබල් එකේ තිබබ පුංචි ටේබල් ලෑම්ප් එක දාලා මං ඇඳට පැන්නෙ නිදාගන්න.. හෙට ඉදන් පන්ති යන්න ඕනෙ, පාඩම් කරන්න පටන් ගන්න ඕනේ.. පිස්සු නට නට ඉදලනම් හරියන්නෙ නෑ සුදු පුතේ.. අම්මලට කතා කලෙත් නෑ.. කමක් නෑ හෙට උදේ ස්කෝලෙ යන්න කලින් කෝල් කරනවා..

හාව්ව්ව්.... ජනෙල් රෙදි අස්සෙන් වැටුන හඳ එලිය කාමරේට වැටෙද්දි මට ලොකූ ඈනුමක් ගිහින් හිමින් හිමින් ඇස් පිය උනේ නිදි දෙවියො මාව එයාගෙ තුරුලට ගනිද්දි..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

_______________________________________

Hello Lamai

හා හා පුරා කියලා අලුත් අවුරුද්දෙ මගේ කතාවලින් ලැබෙන පළවෙනි අප්ඩේට් එක..😁

මුලින්ම මගෙ ළමයි හැමෝටම හිනාව විතරක් හැම මූණකම රැඳිලා තියෙන, නීරොගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම මං ප්‍රාර්ථනා කරනවා..❤️

දෙවනියට සමාවෙන්න අප්ඩේට් පරක්කු කලාට.. හිතලා නෙවෙයි දෙයියො මට හෙන කම්මැලි ම්හ්ක්.. 😪

ඉක්මනට අප්ඩේට් දෙන්න පුලුවන් වෙන, කම්මැලි කම තුරන් වෙලා යන්න කියලා මේ ඕතරීටත් විශ් කරගෙන යන්න..😂❤️

Lvyyy❤️

Share This Chapter