Back
/ 50
Chapter 10

[නවවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

පාන්දර 4ට තියපු එලාම් එකට ගැස්සිලා ඇහැරුණ මම ඇද උඩ තිබ්බ ෆෝන් එක මෙට්ටෙ උඩ අත පත ගාලා කොහොමහරි හොයාගෙන එලාම් එක ඕෆ් කරලා දැම්මා.. විනාඩි පහක් විතර ඇදේ පත බෑවිලා ඉදලා ඊළග මොහොතෙ මං නැගිට්ටා.. ජනෙල් රෙදි ඈත් කරලා ජනෙල් දෙකත් ඇරපු මම දැක්කෙ ශේනුලගෙ උඩ තට්ටුවෙ ලයිට් දාලා තියෙනවා.. ඒ කියන්නෙ එයාලත් නැගිටලා..

දොර ඇරගෙන කෙලින්ම කුස්සියට යද්දි අයියා නැගිටලා උයන්නත් පටන් අරගෙන.. මට 5ට ලෑස්ති උනත් ඇති 5.15 වෙද්දි ලෑස්ති වෙලා ඉවර වෙන්න පුලුවන්.. 5.45ටනෙ ගෙදරින් යන්නෙ.. මං කුස්සියට එනවා දැකලා අයියා කතා කලා..

" ගුඩ් මෝනින් බබා.. කොල්ලෝ රතු අල උයලා, මාළු මිරිසට හදලා කොළ මැල්ලුමක් හදනවා හොදේ කනවනෙ.. "

" ගුඩ් මෝනින් අයියේ.. ශාහ් මරු මෙනු එක.. මං කනවා අයියො ඔයා මොනාද ඔය අහන්නෙ.. කෝ මොනාද කල්ලා ඕන.. "

" එහෙනම් කමක් නෑ.. සෙනසුරාදා දිහාට බඩු ගේන්න යන්න ඕනෙ කොහොමත්.. මං මේ කොළ ටික ලියනකම් අර රතුඅල එක බලන්නකො.. තව ටිකකින් කිරි ටිකක් දාන්න හොදේ.. "

" හරි අයියෙ මං බලන්නම් ඔයා ඔය ටික කරන්න.. "

අයියා කිව්ව විදිහට මං ලිප ලගට ගිහින් රතු අල එක බලද්දි ඒකේ වතුර ටික හිදිලා තිබ්බ නිසා මං උකුවට තිබ්බ පොල්කිරි ටිකක් දාලා වැඩියෙ හැඳි ගාන්නෙ නැතුව ලුණු බලලා හැන්ද පැත්තකින් තියලා බලාගෙන හිටියා.. අයියා මාළු ටිකත් සුද්ද කල්ලා තියලා තිබ්බ නිසා මං ඒකට ගොරකා සුදුළූණු තම්බලා තිබ්බ ටික අරගෙන බ්ලෙන්ඩර් එකේ ලාවට අඹරලා මාළු එකට දාලා, මිරිස් කුඩු ටිකක් දාලා ඒකටම වතුර ටිකක් වෙන්න දාලා අතින් පොඩ්ඩක් අර දාපු ටික මික්ස් කලා.. ආයෙම ලිප ලගට ගිහින් රතුඅල එක බලද්දි ඒක ගානට හිඳිලා තිබ්බ නිසා ඒක ලිපෙන් අයින් කල්ලා මාළු එක තිබ්බා..

" අයියෙ රතු අල එක හරි මං ඒක ලිපෙන් බාලා මාළු එක තිබ්බා.. වෙන මොනාද කරන්න ඕනේ.. "

" හරි බබා වෙන මුකුත් කරන්න ඕන්නෑ කොළ ටික මලවන එක මං කරගන්නම් ඔයා වොශ් එකක් දාගෙන ඇවිල්ලා මල් කඩලා ලෑස්ති වෙන්නකො.. "

" හරි අයියෙ මාළු එක බලන්න මං ගියා.. "

අයියටත් කියාගෙනම කුස්සියෙන් එළියට ආව මම කෙලින්ම කාමරේට ගිහින් රැක් එකෙන් තුවායත් අරගෙන බාතෲම් එකට ගිහින් හොදට ඇඟ හෝදගත්තා.. මං පොඩි කාලෙ ඉඳන් ගාන්නෙ බේබි සබන් හි හි අදටත් ඒක තමයි මං ආසම සබන් ජාතිය.. බේබි සබන් කැටේ දිය වෙනකම් ගාගෙන හොදට ඇඟ හෝදන් තුවායත් ඉනවටේ පටලගෙන මං එලියට ආවා..

යට කලිසම ඇඳලා ඒකට උඩින් සුදු කලිසම ඇඳලා මේස් දෙක දාගෙන සපත්තු දෙකත් දාගත්තා.. නැත්නම් ශර්ට් එක ඇඳලා සපත්තු දාන්න බිමට නැවුනම ඒක පොඩි වෙනවා..වෙස්ට් එක යට කල්ලා සුදු ශර්ට් එකත් ඇඳලා යට කල්ලා හදාගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඔලුව පීරගෙන ඕඩික්ලෝන් එකෙන් කාලක් විතර ඔලුවට හලාගෙන ජනෙල් වහලා ලයිට් නිවලා පොත් බෑග් එකත් අරගෙන දොරත් වහගෙන සාලෙට යද්දි අයියා ලෑස්ති වෙන්න ගිහින් හිටියා.. සෝෆා එකට පොත් බෑග් එක දාලා ඉක්මනට මල් ටිකක් කඩලා පහනත් තියලා කුස්සියට ඇවිල්ලා මගෙ කෑම පෙට්ටියටයි අයියගෙ එකටයි බත් බෙදලා වතුර බෝතලේට වතුරත් පුරෝගෙන ඒ දෙක බෑග් එකට දාගත්තා.. 5.30 යි වෙලාව.. අයියත් ලෑස්ති වෙලා ඉවරයි..

" බබා ගිහින් ශේනුව එක්කගෙන එන්නකො දිලුම් කොහොමද එන්නෙ.. "

" හරි අයියෙ මං එක්කගෙන එන්නම්, දිලුම් අද තාත්තා එක්ක එනවා කියලා කිව්වා.. මං කෑම එක දාලා තියෙන්නෙ බෑග් එකට දාගන්න ඔයාගෙ.. "

" හරි බබා.. "

අයියා ගිහින් ශේනුව එක්කගෙන කිව්වට මොකද මට නිකම් යන්නත් බෑ බෑ වගේ ම්හ්ක්.. යාහ් යාහ් එයා මාව ඊයෙ බදාගත්තත් එක්කනෙ අනේ.. මටමයි වෙන්නෙ අප්පා.. ගේට්ටුවත් ඇරගෙන පාරට බැහැලා මං කෙලින්ම ආවේ ශේනුගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහට.. එයාලගෙ ගේට්ටුවත් ඇරගෙන ඇතුළට යද්දි ප්‍රින්සිපල් සර් ඉද්ද ගහෙන් මල් කඩනවා.. උදේම දකින්නෙ මරු දර්ශන තමයි.. මං මගෙ තියෙන හොදම හිනාවෙන් සර්ට හිනා උනා..

" ආ මේ අභිසෙස් පුතානෙ.. ගුඩ් මෝනින් ළමයෝ.. "

" ගුඩ් මෝනින් සර්.. "

" ගෙවල් වලදි සර් කෑලි ඕන්නෑ පුතා අංකල් හරි මාමෙ කියලා හරි කතා කරන්න.. "

" හී හරි මාමේ.. කෝ ශේනු තාම ලෑස්ති වෙලා ඉවර නැද්ද.. "

" ඉවරයි ඉවරයි යමුකො ඇතුළට දැන් යන්නත් එපැයි.. "

සර් මගෙ කරෙනුත් අතක් දාගෙන මාව ගෙට එක්කගෙන යද්දි ඉස්සරහටම හම්බුනෙ ආදි අයියව.. ශීහ් කොහෙන් ගියත් මේ මිනිහව හම්බෙනවනෙ යකෝ.. එව් එව්ව්ව් හිනාව බලපන්කො මනමාල ඇටි කෙහෙල් පිසාචයා..

" පුතා මං ලෑස්ති වෙන්න යනවා අභී මිහිනු පුතාව කුස්සියට එක්කගෙන යන්න.. "

" හරි තාත්තා.. එන්න යමු.. "

බොරුවට එන්න යමු කිව්වට මාමා යනකම් ඉදලා මේකා හැරුනෙ මගෙ පැත්තට වෙද්දි මං ඒ සැනින් අහක බලාගත්තා.. අති විසාල කරදරයක් උනානෙ මේක.. මොනාද දන්නෑ බලන්නෙ උගුඩුවා..

" ඔය රෝස තොල් දෙක උල් කරලා කතා කරනවා වගේ ඒ විදිහටම ගුඩ් මෝනින් කියලා කියන්න බැරිද.. "

" අනේ මේ ආදිත්‍ය අයියෙ මං ආවේ ශේනුව එක්කගෙන යන්න එයාට එන්න කියනවද මට පරක්කු වෙනවා.. "

එව්ව් කුනුහරුපනෙ කියවන්නෙ රෝස තොල් මුට පිස්සුද.. රෝස තොල් උල් කරලා ගුඩ් මෝනින් කියන්න බැරිද අහපු ආදිත්‍ය අයියට හොදවැයින් දෙකක් රවලා මං ආවේ ශේනුව එක්කගෙන යන්න මට පරක්කු වෙනවා එයාට එන්න කියන්න කියලා කියද්දි මෙච්චර වෙලාවක් අමුතු හිනාවකින් වැහිලා තිබ්බ මූණට යකා ආවේස උනා..

ඊළග මොහොතෙම මගෙන් ඇස් අහකට ගත්තු එයා කුස්සිය දිහා බලාගෙන ශේනුගෙ නම කියලා බෙරිහන් දුන්නා..

" පොඩී, පොඩී.... තමුසෙගෙ යාළුවා ඇවිල්ලා ඉක්මනට එන්නලු පරක්කු වෙනවා කියලා.. "

" මේ එනෝ අයියා.. "

තවත් මොහොතක්වත් නොයිද උඩ තට්ටුවට ගියපු ආදිත්‍ය අයියා ආයෙම ආවේ ශේනුගෙයි එයාගෙ බෑග් දෙකත් අත් දෙකෙන්ම උස්සගෙන.. කුස්සියෙ ඉදන් ආව ශේනුත් එයාගෙ බෑග් එක අරගෙන කරේ එල්ල ගත්තා.. ඒත් එක්කම වගේ නැන්දත් සාලෙට ආවා..

" දෙන්නම ඔක්කොම ගත්තා නේද කෑම, වතුර අමතක කරන්න එපා.. ගුඩ් මෝනින් බෝනික්කෝ.. "

" ගුඩ් මෝනින් නැන්දේ.. එහෙනම් අපි යන්නම්ද.. "

" හරි පුතේ දැනටමත් පරක්කු වෙලානේ.. එහෙනම් පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්න..බුදුසරනයි තුන්දෙනාටම.. "

ශේනුයි මායි නැන්දට වැඳලා යන්න හැරුනත් ආදිත්‍ය අයියා නැන්දට වැන්දෙ නැති කොට ඇත්තටම මට කේන්ති ගියා.. මේකා කොච්චර ලොකු එකෙක් උනත් අම්මා තාත්තව අමතක කරන්න හොද නෑ.. පිසාචයා..

" අයියෙ අම්මට වඳින්නෙ නැද්ද.. "

" අනේ පුතේ මේකට ඕවා කියලා වැඩක් නෑ දැන් ඉතින් ඉලන්දාරිනෙ.. "

" එහෙම කියලා හරියනවද නැන්දෙ කොච්චර ලොකු එකෙක් උනත් අම්මා තාත්තව අමතක කරන්න හොද නෑ.. අයියෙ අම්මට වඳින්න දැන්ම.. "

" මිහ්..නු.. "

" අදාළ නෑ කරුණාකරලා වඳින්න ඒ හැර මා එක්ක කතා කරන්න හිතන්නවත් එපා.. එන්න ශේනු යන්න.. "

ආදිත්‍ය අයියා කියන දෙයක් අහන්නෙ නැති වෙද්දි මං කියලා වැඩක් නැති නිසා ශේනුගෙ අතිනුත් ඇදගෙන ඒ ගෙදරින් ආපු පාර මං කෙලින්ම නැවතුනෙ අපෙ ගෙදර ඉස්සරහා වෙද්දි අයියා එලියට ඇවිල්ලා දොර ලොක් කරන ගමන් හිටියා.. එයා දොර වහලා එනකනුත් ආදිත්‍ය අයියා එලියට ආවේ නෑ.. අනේ නටපන් පිස්සු යකා..

" හරිද ළමයි අපි යමුද එහෙනම්.. කෝ ආදිත්‍ය මල්ලි.. "

" ඒ මල්ලි එන විදිහකට එයි අයියෙ ඔයා එනවද යන්න පරක්කු වෙනවා.. "

" මේ මොකද බං මේ කෑ ගහන්නෙ.. හරි හරි යමන් ඉතින්.. "

අපෙ අයියටත් කෑ ගහපු මම ශේනුවත් ඇදන් ඉස්සරහට යද්දි අපෙ අයිය මගෙ පස්සෙන් දුවගෙන වගේ ආවා.. මහ පාරට ඇවිල්ලත් කිලෝමීටර් එකක් විතර ඇවිල්ලා කලර් ලයිට් එකෙන් පාර පැනලා බස් ටෑන්ඩ් එකෙන් හිටගත්තා.. තාම වෙලාව 5.50යි.. අපි ටිකක් වෙලා ඉද්දි පාර පනින තැන හිටියෙ ආදිත්‍ය අයියා මේකා ඇවිල්ලනෙ වැඳලද දන්නෑ ආවේ බලාගමුකෝ.. එයා පාර පැනලා ඇවිල්ලා අපෙ අයියගෙ එහා පැත්තෙන් හිට ගනිද්දිම වගේ බස් එකක් ආවා..

" එන්න මේකේ යමු නගින්නකො.. "

අයියා අපි දෙන්නව මුලින්ම නග්ගලා එයයි ආදිත්‍ය අයියයි අන්තිමට නැග්ගා.. ඒ බස් එකේ ඉඳගෙන යන්න ශීට් වල ඉඩ තිබුනේ නෑ.. තව ඩිංගෙන් බස් එක අද්දපු පාර ඇදගෙන වැටෙනවා මාව.. ඒත් මං හිතන විදිහට ආදිත්‍ය අයියා මගෙ බෑග් එකෙන් ඇදලා අරගෙන ශීට් එකේ පොල්ල ලගට දැම්මා.. මමයි ආදිත්‍ය අයියයි ආදිත්‍ය අයියට එහා පැත්තෙන් අපෙ අයියයි ශේනුයි.. බස් එක විදලා යනවා..

" පොඩ්ඩෝ මේ බස් එකේ තමයි ඔයාලා හැමදාම නගින්න ඕනේ හරිද 120 බස් එක.. මතක තියාගන්න.. "

" හරි අයියා.. "

මං අයියට කියලා ආයෙම ඉස්සරහා බලාගනිද්දි මං ලාවට ඇහැ කොනින් දැක්කා ආදිත්‍ය අයියා මං දිහා බලාගෙන ඉන්නවා වගේ.. බස් එකේ ඉන්නෙ ගොඩක්ම ස්කෝලෙ යන ලමයි වෙද්දි සමහරක් අය නිදි සමහරක් අය පොත් බලනවා එහෙමත් නැති අය අහක බලාගෙන යනවා..

ඒත් එකපාරටම ගහපු බ්‍රේක් එකක් නිසා මාව විසික් වෙලා යන්න හදද්දි මාව ඇදලා අරගෙන එයාගෙ ඉස්සරහින් හිට්ටවගත්තෙ මාව එයාගෙ ඇඟට හිරකරගෙන.. හරියටම ඒක බැක් හග් එකක් වගේ.. ආදිත්‍ය අයියගෙ නහර පිරුනු මීපැනි පාට අත් ශීට් එක දෙපැත්තෙ යකඩ පොලු දෙකේ තදවෙද්දි මං හිටියෙ එයාගෙ ඇඟට ඇලිලා..

එයාගෙ නහයෙන් පිටවෙන හුස්ම මගෙ බෙල්ලෙ වැදෙද්දි ඇගෙ හිරිගඩු පිපිලා මාව සීතල වෙලා යනවා.. ආආර්ග්ග්ග්ග් මේ මනුස්සයා එක්ක බෑහ්..

" දඟලන්න එපා චූටි නිදන් ඉන්න කොටි ඇහැරෙනවා එහෙම උනොත් ම්ම්.. "

" මොක්..කද්.ද.. "

" Kiss.. "

මං එකම විදිහට ඉන්න අමාරු නිසා පොඩ්ඩක් එහෙට මෙහෙට ඇඹරෙද්දි මට දඟලන්න එපා නිදන් ඉන්න කොටි ඇහැරෙනවා කියද්දි ඒ කියපු මෙලෝ මලදානයක් නොතේරුන මම එයාගෙන් මොකද්ද කියලා අහද්දි ඉන්නෙ බස් එකකවත් කියලා ගානක් නැතුව එයා මගෙ කම්මුලකින් හාදුවක් තිබ්බා..

මගෙ ඇස් දෙක ලොකුවෙලා කම්මුල් වලට ලේ පිරෙනවා දැනෙද්දි කකුල් වලට පණ නැතුව වගේ එයාගෙ ඇගටම තවත් තද උනා..

හරියටම 6.45 වෙද්දි මම, ශේනු, ආදිත්‍ය අයියා හිටියෙ ස්කෝලෙ ගේට්ටුව ලග.. තවමත් මට කතා කරගන්න බෑ වචන පිටවෙන්නෙ නෑ වගේ කටින්..

" බබා දවල්ට ඔයාට පන්තිනෙ.. තුන්දෙනා එක්කම පරිස්සමෙන් යන්න ඕන හරිද.. මං අද එද්දි ටිකක් රෑ වෙයි ලෙක්චර් එකක් දාලා.. මෙන්න සල්ලි පරිස්සමෙන් ගිහින් එන්න.. මං යනවා.."

" හරි අයියා ඔයත් පරිස්සමෙන් යන්න.."

" ආදිත්‍ය පොඩ්ඩක් බලපන් මල්ලි.. මං යනවා.. "

" හරි අයියෙ මං බලාගන්නම්.. යමු දෙන්නම.. "

ආදි අයියට අපිව බලාගන්න කියපු අපෙ අයියා අපිටත් යනවා කියාගෙනම එතනට ආව බස් එකකා නගිද්දි මෙච්චර වෙලා ගේට්ටුව ලග හිටගෙන හිටිය මම ශේනුගෙ අතෙන් ඇදගෙන කෙලින්ම දිව්වෙ පන්තියට..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_______________________________________

Hello Lamai

ඩබල් අප්ඩේට් ප්‍රෙන්ස් ඩබල් අප්ඩේට් 😌👉👈

ඈ ඒයිලා ඇයි මෙච්චර reads, votes අඩු කලින් හැම එපිසෝඩ් එකටම reads 70+ Votes 20+ තියෙනවනෙ..🥺🙂

කමල්ලෑ කියවන,වෝට්,කමේන්ට් කරන උන්ට ආදරෙයි එච්චරයි.. මේ කොටස කොහොමද කියලා කියාගෙන යන්න සූකිරියනෙ..

Lvyyy❤️

Share This Chapter