Back
/ 50
Chapter 11

[දහවන කොටස]

දේදුනු හාදු [TK] On Hold

ශේනුගෙ අතෙන් ඇදගෙන ආව මම කෙලින්ම නැවතුනෙ ක්ලාස් එකේ අපි ඉන්න ඩෙස්ක් තුන ළග.. ශේනුගෙ අතින් අතෑරපු මම මගෙ පපුවට අතකුත් තියාගන්න ගමන් හයියෙබ් හුස්ම ගත්තෙ දුවගෙන දුවගෙන ඇවිල්ලා මහන්සි වැඩි නිසා.. ඇරත් මට පොඩි කාලෙ ඉදන්ම හතිය තියෙනවා.. දිලුමත් බලාගෙන ඉන්නවා අපි දෙන්නා දිහා යකෙක් ගහලා වගේ..

" ඕයි මේ මේ ආ වතුර ටිකක් බීලා හිටපන්.. "

" හිමින් හුස්ම ගනින් පගෝ තෝත් අනේ මන්දා.."

මගෙ බෑග් එකෙන් වතුර බෝතලෙ අරගෙන මගෙ කටට ලංකරලා වතුර ටික පෙව්ව දිලුම් පිටත් අතගගා හිමින් හුස්ම ගනින් කියද්දි මං හිමින් හිමින් හුස්ම ගත්තා..

" මිහිනු දැන් හරිද යකෝ තෝ මොකටද එහෙම දුවගෙන ආවේ පිස්සුද බං.. "

" ආ..හ්..ශේනු.. මේහ්..නෑ නෑ..මට..හ් හෝම්වර්ක්.. එකක් තිබ්බා කරන්න... ඒකයි ආවේ.. ඉක්මනට.. "

" කුනුහරුප කියවෙනවා දිලුම් මට මෙන්න මේකගෙ ගොං වැඩ වලට.. කෝ එහාට්ට පලයන්.. "

" හරි හරි දැන් අව්ලක් නෑ මං හොදින්.. "

" හරි දැන් අද උබලා පන්තියට එනවනෙ නේ.. අද අලුතින්ම පටන් ගන්නෙ.. "

" ඔව් ඔව් අනිවාර්යයෙන් එනවා.. 3ට නෙ තියෙන්නෙ අපෙ අයියටත් 3ට combined maths class එයත් එක්කම යන්න පුලුවන්නෙ.. "

" අයියත් අපි යන තැනටමද ක්ලාස් එන්නෙ.. "

" ඔව් අම්මයි තාත්තයි කැමති නෑ අපි නුගේගොඩ ක්ලාස් යනවට ඇරත් ඕවගෙ හෙනට ලමයි ඉන්නවා දන්නෙ නැති තේරෙන්නෙ නැති දෙයක් අහගන්නත් බෑ.. "

" ඒකනම් ඇත්ත තමයි.. "

7.30 බෙල් එක ගහනකම්ම අපි තුන්දෙනා කියව කියව හිටියා.. බෙල් එක ගැහුවට පස්සෙ ගාථා කියන්න පටන් ගත්තු නිසා පන්තියෙ හැමෝම නැගිටලා ගාථා කියන්න ගත්තා.. හරියටම 7.45 වෙද්දි හෙඩ්, ඩිපියුටි හෙඩ් එනවනෙ ක්ලාසස් බලන්න.. දැන් වෙලාව හරි මුලු සෙක්ශන් එකේම හීනියට හරි තිබුණ කසුකුසුව නැත්තටම නැති වෙලා ලමයි ටික හොදට ගාථා කිව්වා.. තවත් විනාඩියක් විතර යද්දි ආදිත්‍ය අයියයි එදා හිටිය සුදු උස අයියයි අපෙ ක්ලාස් එඅ ලගින් නැවතුනා.. කරුමෙට ඒ වෙලාවෙම භාවනා කරන්න ගත්තා.. මං ඇස් දෙක වහගෙන ශේනුගෙ ඇගටම ඇලෙද්දි අපෙ පන්තියට ඇතුලට කවුරු හරි ආවා අනිවාර්යයෙන් ඒ ආදිත්‍ය අයියා වෙන්න ඕනේ..

විනාඩියක් දෙකක් නෑ විනාඩි පහක් යනකනුත් මගෙ අවට තිබ්බෙ සැර පර්ෆියුම් සුවඳක් වෙද්දි භාවනා කරලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා මගෙ කම්මුල් වලට රස්නයක් දැනුනා..

" මට සමාවෙන්න මිහිනු.. හිතලා ඔයාව කිස් කලේ නෑ.. ආයෙ එහෙම වෙන්නෙ නෑ.. "

මොකද්ද එයා ඒ කිව්වෙ.. හිතලා නෙවෙයිලු ආයෙ එහෙම වෙන්නෙ නෑලු.. පිස්සුද මේ මිනිහට.. ඕන එකක් මට වැඩක් නෑ.. ඒත් අනේ එයාට එහෙම කියන්න ඕන නෑනේ.. හිතටත් හරි නෑ වගේ ඒ උනාට රෙද්ද.. කඩෝලේ කොළඹ ආවත් හරි මට මොකද්ද දෙයියනේ මේ උනේ..

ගාථා කියලා ඉවර උනාට පස්සෙ පාසල් ගීය කියලා වැඩ පටන් ගත්තා.. පීරියඩ් එකට බෙල් කරා විතරයි මිස් හිටියෙ අපෙ පන්තියෙ ගුරු මේසෙ ලග මේ ස්කෝල වල ගුරුවරුන්ට සුපර් පවර්ස් තියේද කොහෙද.. ආයුබෝවන් කියලා පාඩම පටන් ගත්තත් හරි පීරියඩ් දෙකක් එක දිගට ඉගැන්නුවා.. ඊළග පීරියඩ් දෙක ජිට් අද මිස් නෑ කියලා රිලීෆ් කොලේ දාලා තිබුණ නිසා මං කලින් පීරියඩ් එකේ උගන්නපු මීඩියා පොත් දෙක බෑග්ගෙට ඔබාගෙන ශේනුගෙ පැත්තට හැරුනෙ යම්කිසි දෙයක් දැනගැනීමෙ අටියෙන්..

" මේ හලෝ ඊයෙ මට අන්කෝන් නම්බර් එකකින් මැසේජ් දෙකක් තිබ්බනෙ.. "

" හෑ සිරාවට කව්ද කිරි පුතේ ඒ උබ බැලුවෙ නැද්ද.. "

" ප්‍රොෆයිල් එකේ තියෙන්නෙ පිටිපස්ස පැත්තෙන් ගහපු ෆොටෝ එකක් එතකොට නේම් එකනම් තිබ්බෙ Abhi (අභී) කියලා.. අපෙ ස්කෝලෙ ගෲප් එකෙත් ඉන්නවනෙ.. "

" අඩෙ ඒ කව්ද බං ඒ අභී කියලා උන් අපෙ ස්කෝලෙ නෑනේ.. ස්කෝලෙ ගෲප් එකෙත් ඉන්නවනම් ඉතින් අපි ගැන හොදට දන්න එකෙක්.. "

" ඒක තමයි දිලුම් ඩෙවෝන් සෙවලයා වෙන්නත් බෑනේ ඌගෙ කොහෙද අභී කෑල්ලක්.. "

" ඒක තමයි කමක් නෑ අපි බලමුකො අභී කියන පගයා මොකාටද එන්නෙ කියලා.. දෙන්නෙ ඕකගෙ ඇට දෙක තැලෙන්න මෙතන අපෙ සුදු පුතාට බැල්ම දාගෙන ආවොත්.. "

" අනේහ් පිස්සු කොල්ලා.. ආතරෙයි හරිද මං.. කැන්ටිමටවත් යමුද ඒයිලා බඩත්ගිනි.. "

" අවේලාවේ කැන්ටිමට බඩගාලා ආදිත්‍ය බොසාගෙන් අහගන්න වෙයිද දන්නෑ නේද.. "

" එයාට බය කව්ද දෙව් මෙන්න මෙහෙ වරෙන් මං බලාගන්නම්.. "

" අනේ මේ සේනුවො උබත් මෙතන පඬි වදන් තෙපලුවට උබත් බයයිනෙ.. "

" සැක් උබ නටපන් එහෙනම් මම යනවා රෙද්ද.."

" හරි හරි සුද්දො ඉදපන් මේ එනවා කිරි පුතේ වරෙන් යන්න සේනුකට තද වෙලා.. "

හිනා වෙවීම මගෙන් අතෙන් අල්ල ගත්ත දිලුම් ශේනුට කේන්ති ගිහින් කිය කිය මාවත් ඇදගෙන පන්තියෙන් එලියට ආවා.. ඊටපස්සෙ තුන්දෙනත් එක්කම ආවේ කැන්ටිමට.. තාම ඉන්ටවල් දීලා නැති නිසා කැන්ටිමෙ බලු බල්ලෙක් නෑ.. ඇරත් මේවා කැන්ටිම් නෙවෙයි යකූ ඉන්ටර්නැෂනල් ස්කූල් වල වගේ තියෙන කැෆටේරියා වගේ.. හෙන ලොකුයි.. ශේනු ගිහින් චිකන් රෝල්ස් තුනයි, අයිස් කොෆී තුනකියි අරගෙන ටේබල් එකෙන් තිබ්බා.. අපෙ ගමේ ස්කෝල වල මෙව්වා නෑනේ..

" මේ බං මහී උබට ඔය මැසේජ් එකක් දාපු එකාගෙ නම්බර් එක හැක් කරමුද අපි.. "

" මොකක්..කැහැක්..කැහ්..කැහ්.. "

දිලුම් ඉදලා ඉදලා මොලේ ඇති කතාවක් කිව්වා කිව්වමයි ශේනුට එකපාරටම කකා හිටිය චිකන් රෝල් එක හිර වෙලා නහයෙනුත් ආවා.. මේකට මොකක් උනාද එකපාරටම..

" මොකද්ද..උබ..කිව්වේ කැහ්..තොට පිස්සුද ඕවා කරන්න ඕන්නෑ අපි බලමුකො තව ටිකක්.."

" උබ මොකද නලියන්නෙ එහෙම කරමු කිව්වම.. ඕකව හොයාගමුකො කොහොමහරි.."

" නැ..නෑ..පිස්සුද උබට.. මටත් ඕනෙ ඒකව හොයාගන්න තමයි.. "

" හරි හරි අපි ඌව පස්සෙ හොයාගමු දැන් මේක කාලා ඉක්මනට පන්තියට යමු ආදිත්‍ය අයියා ආවොත් ඉවරයි නෙ.. "

ශේනුවගෙ මොකක් හරි හොරයක් තියෙනවා.. ඇයි මේකට හැක් කරමු කිව්වම හිර උනේ ච්ක් මුං ඔක්කොම කටුස්සො වගේනෙ අනේ පාට මාරු කරන්නෙ.. එකෙක් අර මිනිහා උදේ හොදට මගෙ කම්මුලක් කිස් කල්ලා ගාථා කියන වෙලේ ආයෙ එහෙම වෙන්නෑ සමාවෙන්නලු.. දැන් ඒකගෙම මල්ලිත් අනේ මන්දා මේකුන් ඔක්කොම එකයි.. අපි තුන්දෙනා වල්පල් කියව කියව රෝල් කාලා ඉවර වෙලා අයිස් කොෆි එක බිබී ඉද්දි දිලුම්ට හදිසි අවශ්‍යතාවයක් ඇවිල්ලා ඒකා වොශෲම් ගියා.. විනාඩි දෙකක් විතර යද්දි එකපාරටම කැෆටේරියා එකට ආවේ ඊයෙ මට මහ කැත කතාවක් කියපු කළු කුමාර ඩෙවෝන් කියන මිනිහා..

" ඕහ් හෝහ් ගායිස් කව්ද බලන්නකො මෙතන ඉන්නෙ.. අපි හරිම වෙලාවට ඇවිල්ලද මන්දා.. "

" ආර්ග් ආයෙත් ආවද මේක පුදුම කරදරයක් උනානෙ බං.. "

" ශ් ශ් ශේනුක මට ඔයා එක්ක කතාවක් නෑ මට කතා කරන්න ඕනේ මෙන්න මේ කොල්ලා එක්ක.. "

" උබට අපි එක්ක කතාවක් නැති උනාට මං මගේ එකාට උබ එක්ක කතා කරන්න දෙන්නෙත් නෑ ඩෙවෝන් අයියෙ.. උබ වැරදි එකාගෙ දේකට අත තියන්න ප්ලෑන් කරන්නෙ හරිද.. "

" හම්මට සිරි ඩෙවෝන් මුගෙ කට බලකො බං.. ශේනු බබාටත් මගෙන් හොද කෑමක් ඕන වෙලා වගේ ම්ම්.. "

" චික් අත ගන්නවා අයිසෙ කරුණාකරලා ආදිත්‍ය අයියා මෙතනට එන්න කලින් යන්න එයා දැන් මෙහෙට එන වෙලාවනෙ.. "

" රුවීන්!!!! චීස් කෑල්ලව අල්ලගනින් රශේන් උබ ශේනුක ගැන බලාගනින්.. "

" ආහ් අනේ ශේනූ.. මට ඉන්න දෙනවා ප්ලීස් අනේ මං ඔයාලට වැරැද්දක් කරලා නෑනේ අනේ අයියේහ්.. "

" ශ් ශ් බබා මොකද මේ අඩන්නෙ ම්ම් තාම මං ඔයාට අතක්වත් තිබ්බද නෑනේ ම්ම් දැන්ම කෑ ගහන්න අඩන්න එපා.. "

" ආ..නේ..අයියේ..ප්ලීස්..අපිට..යන්න..දෙන්න..

අනේ.. අනේහ්.. ශේනු.. එයාව අතාරින්න.. "

" කට වහපන් හරිද කට.. උබෙ අයියලට මං බය නෑ යකෝ.. ඇයි ඌ මට මොනා කරන්නද.. "

" හහ්.. "

" මොකද තෝ හිනාවෙන්නෙ.. "

නොහිතපු විදිහට ඩෙවෝන් අයියා රුවීන් කියලා එතන හිටිය එයාගෙ යාලුවෙක්ට මාව අල්ලගන්න කියද්දි මං දුවලා යන්න හැදුවත් මට ඒක කරගන්න බැරි උනේ ඒ අයියා මාව පැනලා අල්ලගත්ත නිසා.. ශේනුගෙ අත් දෙක පිටිපස්සට කරලා අල්ලගත්තු රශේන් කියන කෙනා ශේනුව ටිකක් එහාට අරගෙන යද්දි ඩෙවෝන් අයියා මගෙ කම්මුල් දෙපැත්තෙන් මිරිකලා අල්ලගත්තා.. අනේ අම්මේ ඔයාගෙ සුදු පුතා අඩනවනෙ එයාට රිදෙනවනෙ..

මං කොච්චර අඩ අඩ ඩෙවෝන් අයියට අපිට යන්න දෙන්න කිව්වත් එයා නෙවෙයි ඒවා ගනන් ගත්තෙ.. මං අඩ අඩම උදව්වක් ගන්නවත් වටපිට බලද්දි දැක්කෙ දිලුම් කනුවක් අස්සට මුවා වෙලා ඉන්නවා.. එයා මට අතින් ඔහොමම ඉන්න කියලා සිග්නල් එකක් දීලා ආයෙම අපෙ පන්ති පැත්තට දුවගෙන ගියා.. දිලුම් ගිහින් හරියටම විනාඩි පහකට පස්සෙ ශේනු හිනා උන එකට ඩෙවෝන් අයියා ශේනු ලගට යද්දි අපිට පිටිපස්සෙන් ඇහුන කටහඩට මං ගැස්සිලා ගියා..

" ඩෙවෝන්..........!!!!!!! "

ඔව් ඒ ඇවිල්ලා හිටියෙ ආදිත්‍ය අයියා.. ආදිත්‍ය අයියයි එයාගෙ යාලුවා ඩිපියුටි අයියයි.. මුලු කැෆටේරියා එකන දෙදරන්න හයියෙන් ඩෙවෝන් අයියගෙ නම කියලා කෑ ගහපු ආදිත්‍ය අයියා ඊළග මොහොතෙ හිටියෙ ඩෙවෝන් අයියගෙ ඉස්සරහා.. ඒ දෙන්නම හිටියෙ මගෙ ඉස්සරහා වෙද්දි ආදිත්‍ය අයියා මගෙ දිහා බැලුවා.. මගෙ ඇස් වලින් කදුලු පිට පිට ගලාගෙන යද්දි මං දැක්ක එකම දේ එයාගෙ ඇස් වල පාට රතු පාට වෙලා කියලා විතරයි..

ඊළග මොහොත වෙද්දි ආදිත්‍ය අයියගෙ නහර පිරුණ අත තිබුණෙ ඩෙවෝන් අයියගෙ කම්මුලෙ වෙද්දි ඒ කම්මුල් පාරෙ සැරට ඩෙවෝන් අයියා පිටිපස්සට විසික් උනා..

" දිලුම් මිහිනුවයි, පොඩීවයි අරගෙන එහාට පලයන් ටිකක් මං එන්නම්.. "

දිලුම් මාව අල්ලන් හිටිය රුවීන් අයියටයි ශේනුව අල්ලගෙන හිටිය රශේන් අයියටයි හොදවැයින් දෙකක් රවලා අපි දෙන්නව එක්කගෙන කැෆටේරියා එකේ අයිනකට ආවා..

" ඩෙවෝන් ශෙහාර ද මෙල්.. උබ වැරදි එකාගෙ දේකට බල්ලො අත තිබ්බෙ.. මේ පලවෙනි පාර නෙවෙයි හරී මේ දෙවනි පාර උබ හිතන්න එපා මේ ස්කෝලෙ වෙන දේවල් මට ආරංචි වෙන්නෙ නෑ කියලා.. හැබැයි තුන්වෙනි පාරත් මෙහෙම දෙයක් උනොත් උබට කලින් කවදාවත් කාලා නැති සුපිරි කෑමක් මගෙන් කනවා ම්ම්.. මං මේ බොහෝම ඉවසීමෙන් කියන්නෙ.. මගෙ දේවල් මගෙ විතරයි ඒ දේවල් වලට එක පොන්න බල්ලෙක්ගෙ හරි ඇහැක් වැටුනොත් ආදිත්‍ය අභිශේක් කියන්නෙ ඒ ඇහැ ගලවලා උනත් දාන්න පුලුවන් එකෙක් කියලා ඩෙවෝන් උබ වැඩියෙන්ම මතක තියාගනින් හ්ම්ම්.. මං හිතනවා උබට මං කිව්ව දේවල් කන් දෙක හරහා මොලේටම වැදෙන්න ඇති කියලා.. දැන් පලයන් පන්තියට..

එතකොට උබේ යාලුවා රුවීන් උබ අල්ලගෙන හිටියෙ මං කියන්න ඕන නෑනේ.. උබෙ අත් වලට ආසාවක් තියෙනවනම් ඒ දේ ආයෙ නොකර හිටපන්.. අනික් එකා රශේන් උබටත් කියන්න තියෙන්නෙ එච්චරයි උබ අල්ලන් හිටියෙ මගෙ මල්ලි අත් වලින් බත් කන්න බැරි කරගන්න එපා හරී.. දැන් පලයන් තුන්දෙනාම.. "

ආදිත්‍ය අයියා පුලුවන් තරම් ඉවසීමෙන් ඩෙවෝන් අයියට කතා කරලා පන්තියට පලයන් කිව්වා.. ඒත් මට හිතාගන්න බැරි ඇයි එයා එච්චර තරහින් හිටියෙ කියලා.. එයාගෙ මල්ලි නිසාද එහෙනම් කමක් නෑ.. එතකොට කව්ද එයාගෙ දේ දිලුම්ද.. ඒම කොහොමද වෙන්නෙ ම්හ්ක් මට ඉරිසියයි වගේනේ ඒත් මෙතන දිලුම්ට මුකුත් උන්නෑනේ.. අනේ මගෙ ඔලුව රිදෙනවනෙ අම්මේ.. මං අඩ අඩම දිලුම්ගෙ උරහිසෙ ඔලුව ගහගෙන ඉද්දි අපි ඉන්න දිහාවට ආවේ ආදිත්‍ය අයියා එක්ක එයාගෙ යාලුවා..

" තමුසෙලා තුන්දෙනා මොකද්ද උගන්නන වෙලේ කැෆටේරියා එකේ රිංගගෙන කරන්නෙ ආඅ.. "

එයා ආව ගමන් කෑ ගහගෙන අපිට බනිද්දි අපි තුන්දෙනාගෙන් එකෙක්වත් නෙවෙයි උත්තර දුන්නෙ..

" කටේ පිට්ටුද උබලගෙ කතා කරන්න බැරි.. දිලුම් ඇවිල්ලා කිව්වෙ නැත්නම් අද තමුසෙලා ඉවරයි.. උබලට මේවා විහිලුද මිහිනු ආ තමුසෙට මාව පේන්නෙ මොකෙක් වගේද යකෝ.. මාව පිස්සෙක් කරන්න එපා මගුල.. වැඩක් නෑ විහස්න මුන්ට කියලා වැඩක් නෑ.. අද පන්ති යන්නෑ පලයව් තුන්දෙනාම පන්තියට.. "

ආදිත්‍ය අයියා බෙල්ලෙ නහර උලුප්පගෙන අපිට කෑ ගහද්දි ඇයි මෙහෙම කරන්නෙ, මේවා විහිලුද කියලා අහද්දිවත් අපි තුන්දෙනාගෙන් එකෙක් නෙවෙයි මීක් කිව්වෙ.. මගෙ නම කියලා මගෙන් එයාව පේන්නෙ කවුරු වගේද කියලා අහද්දි, එයාව පිස්සෙක් කරන්න එපා කියලා කෑ ගහද්දි මං අසරනව එයා දිහා බලාගෙන හිටියා විතරයි.. මං දන්නෑනේ අයියෙ මට තේරෙන්නෙ නෑනේ.. ඔයාගෙ හිතේ තියෙන දේවල් කෙලින්ම කියන්නකො කියලා මට කියන්න හිතුනත් එයා මේ වෙලේ ඉන්න තත්වෙ එක්ක ඒක කියන එක සුදුසු නෑ කියලා හිතුනා.. අන්තිමට එයාගෙ යාලුවා විහස්න අයියට මුංට කියලා වැඩක් නෑ කියලා අපි තුන්දෙනාවම පන්තියට එලෙව්ව එයා එතනම තිබ්බ පුටුවකට කඩා වැටෙනවා මං දැක්කා..

පන්තියට යන්න කලින් එකම එක පාරක් කේන්තියට රතු උනත් කතා ගොඩක් කියන කෝපි පාට ඇස් එක්ක මගෙ කළු පාට ඇස් මුණගැහුනා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_______________________________________

Hello Lamai

මෙච්චර පරක්කු වෙන්න හිතුවෙ නෑමයි. ඒත් කොහොමහරි දුන්නනෙ හෙ හෙ.. ඊයේ දෙකයි අද එකයි එක්ක අප්ඩේට් තුනක් දුන්නා..

මං හොදයි නේ😪

ඊයේ අටවෙනි කොටසෙ නොටිෆිකේශන් ආවේ නෑ කියලා කිව්වා කට්ටිය.. අනේ මන්දා ඒයිලා මේ වට්පෑඩ් එක පිස්සු නටනවනෙ ම්හ්ක්.. දානවා මං බැනලා ඊමේල් එකක් සෙම්ද..

හෙටත් මං අප්ඩේට් එකක් දෙන්න බලන්නම් හොදේ..

(ආදිත්‍ය අයියගෙ profile photo එක..)

• ඩෙවෝන් ශෙහාර ද මෙල්

• වයස අවුරුදු 18යි

• පාසලේ ඉන්න මැරයා

• ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙක්

• 13 ශ්‍රේණිය ගණිත අංශය

• විහස්න කේශාක්‍ය වනිගසේකර

• වයස අවුරුදු 18 යි

• ආදිත්‍යගෙ හොඳම යාළුවා

• 13 ශ්‍රේණිය ගණිත අංශය

Lvyyy❤️

Share This Chapter