Back
/ 50
Chapter 12

[එකොළොස්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

උදේ කැෆටේරියා එකෙන් අපිව පන්තියට එලෙව්වට පස්සෙ ඉන්ටවල් එකටවත් අපි තුන්දෙනා ඉදන් හිටිය තැන් වලින් හෙල උනේ නෑ.. ඉන්ටවල් එකට බෙල් කරලා විනාඩි පහලවකට පස්සෙ විහස්න අයියා ඇවිල්ලා චොක්ලට් කිරිපැකට් දෙකයි වැනිලා කිරිපැකට් එකයි දීලා ස්කෝලෙ ඉවර උනහම ගාඩ් රූම් එක ලගට වෙලා ඉන්න කියලා ආයෙම ගියා..

ඇත්තටම මට කන්නවත් පිරියක් තිබ්බෙ නෑ ඇස් දෙක හිටන් දැවිල්ලයි ඔලුවත් පුපුරන්න වගේ රිදෙනවා.. කිරි පැකට් එක අරුන්ට නොපෙනෙන්න බෑග් එකට ඔබාගෙන වතුර ටිකක් බීලා මං ඩෙස්ක් එකට ඔලුව තියාගෙන හිටියා.. පහ, හය පීරියඩ් දෙක මියුසික් තියෙන්නෙ.. අද මියුසික් මිස්ට මල ගෙයක් වෙලා එයා ඉන්ටවල් එකේදි ඒකට ගිහින් කියලා තේමිය කිව්වා.. තේමියට නෝට් එකක් දීලා ගියපු නිසා ඉන්ටවල් එකේදි ඌ ඒක බෝඩ් එකේ ලියලා පස්වෙනි පීරියඩ් එකේදි ලියාගන්න කිව්වා.. මට ඕනෙ ඉක්මනට ගෙදර යන්න.. කොහොමත් ආදි අයියා කිව්වනෙ ක්ලාස් යන්න එපා කියලා.. මගෙ ඇස් දෙක පියවීගෙන එද්දිම ශේනු මගෙ ඔලුව අතගාලා මොකද ඇහුවා..

" මහී මොකද බං මේ තෝන්තු වෙලා උබට අසනීපයක්ද කියපන්කො.. "

" අව්ලක් නෑ ශේනු මගෙ ඔලුව රිදෙනවා.. මං ටිකක් නිදාගන්නම් එතකොට හරියයි.. "

" උබේ ඇස් දෙකත් රතු වෙලා බං උන ගන්නද මන්දා.. දිලුම් ගෞරව් ගෙන් අහපන් පැනඩෝල් දෙකක් තියෙනවද කියලා.. "

ගෞරව් කියන්නෙ අපෙ පන්තියෙ මොනිටර් ඌ ළග පැනඩෝල්, සිද්දාලේප එහෙම තියෙනවා ඕන උනොත් කියලා ඌ ඒවා අරගෙන එනවා.. අනික් බඩු නම් first aid බොක්ස් එකේ තියෙන්නෙ..

" අඩෝ ඌ ළග නැහැලුනෙ අද ගේන්න අමතක වෙලාලු.. දැන් මොකද කරන්නෙ.. උබට ගොඩක් අමාරුද මිහිනුවො.. "

" ම්හ්ම් නෑ දෙව් අමාරුවක් නෑ මං ටිකක් නිදාගන්නම් එතකොට අඩුවෙයි.. "

" එහෙනම් මං උබේ ඔලුව අතගාන්නම් නිදාගනින්කො දෙව් උබ පලයන් ඩාන්සින් වලට.. "

" එහෙනම් මං කැපුනා පැන්ඩෝල් දෙකක් හම්බුනොත් මං එවන්නම් කා අතේ හරි.. "

" හරි දෙව්.. "

ශේනුක දිලුම්ට ඩාන්සින් වලට යන්න කියලා එයාගෙ පුටුව ඇදගෙන මං ලගට ඇවිල්ලා මගෙ ඔලුව අතගාන්න ගත්තා.. ඇස් දෙක හිටන් පුදුම විදිහට රිදෙනවා.. ස්කෝලෙන් යන්නවත් බෑනේ මං තනියම යන්න දන්නෙත් නෑ.. එක අතකින් නලල දෙපැත්ත මිරික ගන්න ගමන් මං ඇස් දෙක පියාගන්න හැදුවත් තියෙන අමාරුවටම ඒක කරගන්න බෑ.. ඒක දැකලා ශේනුක මගෙ ඔලුව උස්සලා නලලට අත තියලා කතා කරා..

" මහී උබෙ ඇඟත් රස්නෙයි බං.. ගොඩක් අමාරුයි නේ.. ගෞරව් අනුරාධි මිස් ඉන්නවනේ තාම.. "

" ඕහ් මචන් ඉන්නවා මොකෝ සීන් එක.. අඩො මිහිනු මොකද බං මේ.. "

" උදේ පොඩි සීන් එකක් උනා මං පස්සෙ කියන්නම් දැන් මූට උණ.. "

" ටසිරි ඉදපන් මං මිස්ට කතා කරගෙන එන්නම්.. උබ මුගෙ බෑග් එක ලෑස්ති කරපන්කො.. "

" ශේනූ අයියා කැම්පස් එකේ ඇත්තෙ එයාට වැඩ පාඩු වෙයිනෙ.. "

" නෑ නෑ අයියා අද යාලුවෙක්ගෙ ගෙදර යනවා කිව්වා දවල් වරුවෙ උබ ඉදපන්කො.. "

සැක් අයියා මට කිව්වෙ නෑනේ.. කමක් නෑ මට කොහොමත් ස්කෝලෙ ඉන්න මූඩ් එකක්වත් නෑ.. ශික් මොන රෙද්දක්ද මන්දා ආදිත්‍ය තෞසෙ නිසා තමයි මේ ඔක්කොම ඇට නැති කැස්වටුවා.. ඇස් දෙක පියාගෙනම මං ආදිත්‍ය අයියට දෙස් දෙවොල් තිය තිය ඉද්දි මං ඉන්න ඩෙස්ක් එක ලගට ඇවිල්ලා ශේනුකගෙන් කවුරුහරි ඇහුවෙ මට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා.. මං කදුලු පිරුන ඇස් දෙක යාන්තමට ඇරගෙන කව්ද ආවේ කියලා බලද්දි හිටියෙ ඔව් ඔව් ඒකා තමයි.. මොකටද දන්නෑ ආවේ සිම්පන්චියා..

" පොඩී මොකද්ද උනේ.. "

පොජී මොකැද්දැ උඤේ යැයි යැයි යැයි චමයි චමයි..

" මිහිනුට උණ ලොකූ පේන්නැද්ද හලෝ ඒ ළමයට ඇස් දෙකවත් ඇරගන්න බෑ.. "

වට් ද ෆක්ක්ක්ක්ක්ක්ක්ක් මොකද්ද ඒ කලේ දන්නවද දන්නවද ආදි අයියගෙ අතේ පිට අල්ල මගෙ බෙල්ලෙන් නවතිද්දි බඩේ සමනල්ලු කෝටි ගානක් පියාඹලා යනවා වගේ දැනුනා.. දෙයියනේ මං මැරෙයි හුත්තො.. ඇස් දෙකත් තද කරගෙන කාගෙන ඉද්දි බෙල්ලෙන් තියලා උණ බලපු අත එයා ඒ සැනින් අරගත්තා..

" පොඩී !!!!! චූටිට හොදටම උණ මොන මගුලක්ද මෙච්චර වෙලා පන්තියෙ ඉදගෙන කලේ.. කෝ ගෞරව්.. "

" යාහ් අභි පිස්සුද යකෝ කෑ ගහන්නෙ අපි අපි දැනගත්තට මූවත් අනික් උන්වත් ඕවා දන්නෑ..

" කියලා වැඩක් නෑ විහස්න අයියෙ මුගෙ කට විතරයි.. ගෞරව් මිස්ට කියන්න ගියා.. "

" ආශ් මිස් ආවහම යන්න කලින් මට කියපන් පොඩී මං මිහිනුව එක්කගෙන යන්නම්.. "

" ම්...මොකක් ලොකූ උබ ඒත් තිසුක අයියා... "

" මං කිව්ව දේ කරපන් පොඩී.. විහස්න වරෙන් යන්න සර්ට කියන්න ඕන.. "

ඕවට තමයි කියන්නෙ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇනලා දේවාලෙ ඉහේ කඩන් වැටුනා වගේ කියලා.. ඇයි බං මටම මෙහෙම වෙන්නෙ යකූ කොහොමද ඒම එයා එක්ක යන්නෙ මූ මාව දූසනේ කරයිද යාලුවනේ.. ඉම්හි ඉම්හි කොළඹ එන්න එපා කියන්න ඕනෙ අඳුරන හැමෝටම.. කොළඹ හරියන්නෑ දෙයියනේ මගෙ හදවත ආර්ග්ග්..

" මිහිනු.. "

" මහී.. "

" මිනිහො උබ මොන ලෝකෙද ඉන්නේ.. "

කව්ද මල්ලි මේ නිදහසෙ හිතන්නවත් දෙන්නෑනේ මෙ ශේනුවා මිහිනු, මහී දෙකම කියලා බැරිම තැන මූණ ඉස්සරහින් අතත් යවලා හයියෙන් මිනිහො කියලා කිව්වා.. භල්ලා.. ඔක්කොම එකයි ඇට පගයො ටික..

" ආහ්... මොකද බෙරිහන් දෙන්නෙ.. "

" මොකද මොකද නෙවෙයි නැගිටපන් පහලට යන්න.. "

" අනේ ශේනුවෝ මට බෑ ඕයි ආදි අයියා එක්ක යන්න අනේ අම්මී.. "

" මේ මොකද යකෝ මේ අපෙ අයියා උබට අතවර කරන්නෑ මෙහෙ වරෙන් යන්න.. "

අයියගෙම මල්ලිනෙ ඔක්කොම එකයි ඔක්කොම එකයි අසරණ මම තනිවෙලා ම්හ්ක්.. ශේනු මාවත් එල්ලගෙන මගෙ බෑග් එකත් එල්ලගෙන පහලට එද්දි ගෞරව්, දිලුම්, ආදි අයියා, විහස්න අයියා, මිස් යකෝ පිනා විතරයි අඩු.. ඔක්කොම ඇවිල්ලා හිටියා..

" මොකෝ මිහිනු පුතාට එකපාරටම උනේ.. දෙයියනේ කොල්ලගෙ ඇස් දෙකත් රතු වෙලා.. ආදිත්‍ය පුතේ ඔයාට මං මගෙ ළමයෙක්ව භාර දෙන්නෙ.. මං පුතා ගැන දන්න නිසයි භාර දුන්නේ.. වගකීමෙන් ඒ ළමයව පරිස්සමෙන් ගෙදර එක්කගෙන යන්න තේරුනාද.. "

" බය වෙන්න එපා මිස් මෙයා ඉන්නෙ අපෙ ගෙවල් එහා පැත්තෙ පරිස්සමෙන් එක්කගෙන යන්නම් මාව විශ්වාස කරන්නකො.. "

" හොදයි මට පුලුවන් නම් කෝල් එකක් දෙන්න.. එහෙනම් දැන් යන්න.. මිහිනු පුතේ පරිස්සමෙන් හොදද.. "

" හරි මිස්.. "

" පොඩී දිලුම් එක්ක පරිස්සමෙන් එන්න තිසුක අයියා එනවා කිව්වා.. "

" හරි අයියේ.. "

ශේනුගෙ අතේ තිබ්බ මගෙ බෑග් එකත් එයාගෙ අතට අරගෙන මගෙ අතිනුත් අල්ලගෙන කෙලින්ම ආවෙ ස්කෝලෙන් එලියට.. ස්කෝලෙ ලගින් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ත්‍රීවිල් එකක් නවත්තගෙන මුලින්ම මාව නග්ගලා ඊටපස්සෙ එයා නැගලා ත්‍රීවිල් එකේ මනුස්සයට පිළියන්දලට යමු කියලා කිව්වා..

සීතලයි අනේ ම්හ්ක් මං ඇස් දෙකත් පියාගෙනම ටිකක් ගුලි ගැහෙද්දි ආදිත්‍ය අයියා මගෙ ඉන වටේ අතදාලා ඇදලා ලගට අරගෙන එයාගෙ පපුවට හේත්තු කරගත්තා.. බොරුවට නෙවෙයි මං මේ කියන්නෙ එයාගෙ පපුව හුඟක් රස්නෙයි.. තාත්තගෙන් පස්සෙ පොඩි කාලේ අයියගෙන් පස්සෙ පිරිමියෙක්ගෙ කියලා පපුවට තුරුල් උන පලවෙනි පාර මේක..

ආදිත්‍ය අයියා එක අතකින් මගෙ ඔලුව අතගාන ගමන් එයාගෙ බෑග් එක ඇදලා ෆෝන් එකෙන් කාටදෝ මන්දා කෝල් කරා.. ඕඕ මෙයා ෆෝන් එකත් ගේනවද ස්කෝලෙට.. මාත් හෙඩ් පිපෙට් කෙනෙක් වෙනවා බලන්න නයනී හෙඩ් පිපෙට් කෙනෙක් උනහම වාසි ගොඩයි නේ..

හරියටම විනාඩි හතළිස් පහකට පස්සෙ ත්‍රීවිල් එක නැවැත්තුවෙ අපේ ගෙදර ඉස්සරහින් වෙද්දි ආදිත්‍ය අයියා ත්‍රීවිල් එකේ මනුස්සයට සල්ලි දීලා මාවත් අල්ලගෙනම ත්‍රීවිල් එකෙන් බැස්සා.. ගේට්ටුවත් ඇරගෙන ඇතුළට ගිහින් පාපිස්ස යට තියලා තිබ්බ යතුරෙන් දොරත් ඇරගෙන ඇතුළට ඇවිල්ලා මගෙ කාමරේට ගිහින් මාව ඇඳෙන් තියලා එයාගෙයි මගෙයි බෑග් දෙක පොත් මේසෙ උඩින් තියලා ආයෙම මගෙ ලගින් ඇවිල්ලා ඉදගත්තා..

" චූටි ගොඩක් අමාරුද.. "

" ම්හ්ම් ඔලුව රිදෙනවනේ සුදු අයියෙ.. "

" කෑම කාලා පැනඩෝල් දෙකක් බීලා ටිකක් නිදාගන්න.. ඉන්න මං බත් බෙදාගෙන එන්නම්.."

සුදු අයියා ඒක එයාට ගැලපෙනවා.. මගෙ හිතෙ තියෙන හැඟීම් වලට හරියට නමක් දෙන්න දන්නෙ නැති උනත් ඒ හැඟීම් මාව ජීවත් කරනවා වගේ මට දැනෙනවා.. ඔලුව අතගගා හිටිය ආදිත්‍ය අයියා බත් බෙදාගෙන එන්නම් කියලා ගිහින් බත් එකකුයි වතුර වීදුරුවකුයි අරගෙන ඇවිල්ලා ආයෙම ඇදෙන් ඉදගෙන මට කැව්වා.. බෙදාගෙන ආපු බත් ටිකෙන් කටවල් දෙකක් කද්දිම මට එපා උන නිසා එයා බලෙන්ම කවපු අනික් කටත් කාලා මං වතුර බිව්වම පැනඩෝල් පෙති දෙකකුත් දීලා නින්ද යනකම් එයා මගෙ ඔලුව අත ගගා හිටියා..

මගෙ ඇස් දෙක දැවිල්ලටම පියවේගෙන යද්දි මගෙ නළලට දැනුනෙ කාගෙම හරි උණුසුම් හාදුවක් එක්ක,

" මගෙ සුදු රෝස මල.. "

කියන වචන ටික වෙද්දි ඒක මට ඇහුනෙ නින්දත් නොනින්දත් අතර.. ඒත් ඒ මගෙ ළග හිටපු ආදිත්‍ය අයියා කියන්න මම දැනගෙන හිටියා..

" එයාගෙ සුදු රෝස මල.... "

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

________________________________________________

Hello Lamai

1130යි කොටයි කියලා මං දන්නවා ඉම්හි ඉම්හි.. 😪

සමාවෙන්නෝනෙ පරක්කු වෙනවට සහ පොඩි චැප්ටර්ස් වලට..🙂

Good Night 💜️

Lvyyy❤️

DarkBunny ❤️✍️

Share This Chapter