Back
/ 50
Chapter 13

[දොළොස්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

කවුරුහරි සනීපෙට ඔලුව අතගානවා දැනුන නිසා මං හිමින් ඇස් දෙක ඇරලා බලද්දි මගෙ එහාපැත්තෙන් ඇඳේ ඉදගෙන හිටියෙ අපෙ අයියා.. එයා ගෙදර ඇවිල්ලද එතකොට දැන් වෙලාව කීයද.. ආදිත්‍ය අයියා එයා ගිහින්ද ඒ කියන්නෙ..

" බබා මොකද උනේ මැණික.. ගොඩක් අමාරුද මං බය උනා ළමයෝ.. මොකද එකපාරටම උණ ගත්තෙ.. "

" දැන් අමාරුවක් නෑ අයියේ.. ඊයේ වැස්සෙ තෙමුණ නිසාද දන්නෙ නෑ.. "

" ආදිත්‍ය එකපාරටම කෝල් කරහම මට හිතාගන්න බැරි උනා උදේ හොදට හිටිය එකාට මොකද්ද උනේ කියලා.. "

" දැන් ප්‍රශ්නයක් නෑනෙ අයියෙ.. අයියා අම්මලට කිව්වෙ නෑනේ.. "

" නෑ නෑ මං කිව්වෙ නෑ.. පව්නෙ එයාලත් බය වෙනවනෙ නැත්නම්.. "

" ඕ ඒක තමයි.. කොයි එතකොට ආදි අයියා.. "

" අහ්ම් මේ එයා දැන් ටිකකට කලින් ගියේ.. "

" ඕහ් එහෙමද.. "

" එන්නකො අපි සුප් ටිකක් බීලා ඉමු මං සුප් හැදුවා.. "

" අනේ අයියෙ බොන්න බෑනේ කට තිත්තයි මගෙ ම්හ්ක්.. "

" එහෙම කියලා බෑනෙ බබා චුට්ටක් බොමු හොදේ ඉන්නකො මං අරගෙන එන්නම්.. ශේනුත් එනවා කිව්වා.. "

" අනේඒඒඒඒ මට බොන්න බෑආආආඅ.. "

ම්හ්ක් හරි නරකයි අප්පා මට කන්නත් බෑ බොන්නත් බෑ.. හැබැයි අයියා පවූ එයා ගෙදර ඇවිල්ලා මට කන්න බැරි නිසාද කොහෙද සුප් එකකුත් හදලා.. අර මිනිහත් ගිහිල්ලනෙ පුහ් මරු ලෙඩ්ඩු බලාගන්න හිටිය එකා.. දුස්ට ගාමිණි.. ශේනුවත් එනවලුනෙ ඒ කියන්නෙ දිලුමත් එයි.. අරයත් එයිද දම්නෑ නේද.. යාහ් ඇයි දැන් මං එයා එනකම් බලන් ඉන්නෙ පිස්සුද නැත්නම් හැටිද.. අනේ මටෝන්නෑ ඒසිකයා..

උඩු අතට හැරිලා ශීට් එකත් බෙල්ල ලගටම ඇදගෙන කල්පනා කර කර හිටිය මං දැක්කෙ දොර රෙද්ද ඈත් කරගෙන සුප් බෝල් එකකුත් අරගෙන ඇතුළට එන අපෙ අයියා නෙවෙයි අනේ අම්මේහ්හ්හ්හ් ඒ ආදිත්‍ය අයියා වුට්ටෝ.. මොන මගුලක්ද මේ යන යන තැන මේකා එන්නෙ.. මං ඇස් දෙක තද කල්ලා පියාගෙන බෙඩ් ශීට් එක අත් වලට මිරිකගෙන හිටිය විදිහටම හිටියා..

මට ඇහුනා සයිඩ් එකෙන් තිබ්බ ටේබල් එක උඩින් සුප් බෝල් එක තියෙන සද්දෙ වගේම ඊටපස්සෙ ඇදේ එක පැත්තක් බර වෙනවා ඒ කියන්නෙ ඒ කියන්නෙ එයා ඇදෙන් ඉදගත්තා.. කතා කරයිද අනේ මට බෑ හුත්ත..

" මං දන්නවා බොරුවට නිදාගෙන ඉන්නෙ කියලා.. ඒක නිසා නැගිටලා මේ සුප් එක බොන්න.. "

හරිනෙ ඉතින් අමාරුව.. මං ආස නෑ මේ මිනිහට ආස නෑ අනේ රෙද්ද.. ඔච්චරටම බොන්න ඕන්නම් පෙව්වනම් ඉවරයි නෙ නේද අනේ..

" එකම දේ දෙපාරක් කියන්න තියන්න එපා මිහිනු.. මුරණ්ඩු වෙයන් උබෙ අයියා එක්ක මාත් එක්ක ඒවා එපා.. "

" ම්හ්ක් මට බොන්න බෑ අනේ.. අහන්නකො කියන දේ.. "

" හරි මං අන්තිම පාරටත් අහන්නම් නැගිටලා මේක බොනවද නැත්නම් මං පොවන්නද.. "

" මමත් කියන්නෙ අන්තිම පාරට මට බොන්න බෑ අප්පිරියයි.. "

" හරි එහෙනම් එහෙමයි නෙ ඉදපන්.. "

තුන් පාරක්ම මගෙන් සුප් එක බොනවද අහපු ආදි අයියා අන්තිම පාරට මම බෑ කියලා කියද්දි ඉදගෙන හිටිය තැනෙන් නැගිටලා මූණට එබිලා මගෙ කට දෙපැත්තෙන් මිරිකලා අල්ලගෙන සුප් එකෙන් හැන්දක් අරගෙන කටට දැම්මා.. කෑ ගහන්නවත් බෑ කටත් මිරිකගෙන දැගලුවට වැඩකුත් නෑ ඒ මිනිහගෙ මුළු ඇගම මගෙ ඇග උඩ..

" දගලන්නැතුව හිටපන් මගෙ යකා අවුස්සගන්නෙ නැතුව.. "

" ම්ම්හ් ක්ක් කැහ් කැහ්.. "

" බීපන් දැන් තොට හොදින් කිව්වම දෙයක් කරන්න බැරිනම් මගෙ විදිහට හුරු වෙයන්.. "

අනේහ් ඇඩෙනවත් මට වල් සතෙක් මූ නම් උදේ බොරුවට ආදරෙන් කතා කරලා දැන් මරන්න හදනවා.. ඇට දෙකට හෙනම ගහපන් කුඩු වෙලාම යන්නෝනේ.. කට අල්ලගෙන ඉන්න විදිහට රිදෙනවා ඇස් වලින් කදුලු බේරිලා කොට්ටෙට වැටිලා යනවා.. දුශ්ට මිනිහා කොහොමහරි ඒ විදිහට අර සුප් කප් එකම මට පොවලා කට අතෑරියා.. ඇග උඩින් බිමට බැහැලා මට ඇහැකුත් ගහගෙන සුප් කප් එකත් අරගෙන එයා යන්න ගියා..

ඔහු යන්න ගියාආආආආආඅ මැකිලාආආආආ... ආආආආඅ ඕකනම් මැකිලම තමයි යන්න ඕනෙ කැම්‍රියා.. මං බෙඩ් ශීට් එක විසික් කල්ලා ඇදෙන් බැහැලා කෙලින්ම ගියෙ කන්නාඩිය ඉස්සරහට.. දෙයියනේහ්හ්හ්හ්හ් කට දෙපැත්ත රතු වෙලානේ.. අල්ලනවත් බෑ යකූ රිදෙනවා.. ඔය හුත්තට හොදක් වෙන්නෑ පගයා හෙන හතම ගහනවා ඇට දෙකටත් එක්ක හෙන නවයක් ගහනවා..

" මොකද කට රිදෙනවද.. "

" තමුසෙ, තමුසෙ නම් මහ සතෙක් ඕයි බූරුවා බොන්න... බෑ කියලා කියද්දි...හික්... තමුසෙට ඕන නෑනේ බලෙන්... ඉහික්.. පොවන්න යන්න රෙද්ද.. මගෙ කට රිදෙනවා මනුස්සයෝ.. ඕන්නෑනේ ඉහික්... එහෙම කරන්න.. "

මට ඇඩුනා ඇත්තටම මට ඇඩුනා උබලට කියන්න ඕන නෑනේ එහෙම ඇල්ලුවම රිදෙන එක ගැන.. අසනීපෙන් ඉන්නෙ කියලවත් ගානක් නෑ.. මට එයා ඉස්සරහා අඩන්න ඕන උනේ නෑ ඒත් ඇගේ වේදනාවයි එයා කරපු දේ වේදනාවයි එක්ක මට පුදුම විදිහට අමාරුවෙන් හිටියෙ.. ආයෙමත් ඇස් දෙකෙන් ගිනි පිටවෙනවා වගේ දැනෙද්දි මම ඇදට ගිහින් රෙද්දත් පෙරවගෙන අනික් පැත්ත හැරුනා..

" ච්..චූටි.. "

" මං.. එච්චර හිතුවේ නෑ සොරි මං යන්නම්.. පැනඩෝල් බීලා පරිස්සමෙන් ඉන්න ඉක්මනට හොද වෙන්න.. ආද.. නැහ් ඕන නෑ.. "

මගෙ වචන සැර වැඩි උනාද එයාට.. මටත් කේන්ති ගියානෙ ඉතින් ශික්.. අනේ මා එක්ක තරහා වෙයිද දන්නෑ අයියෝ මගෙ කටටත් කියවන්න ගියහම බ්‍රේක් නෑනේ.. අයියට කියයිද.. අයි අයියෝඕඕඕඕ සැක්..

අනික් පැත්ත හැරිලා කල්පනා කර කර ඉද්දි ආයෙමත් නින්ද යන්න ආවත් කාමරේට කඩාකප්පල් කාරි ලෙස ආවේ මගෙ අතිජාත මිත්තරයො දෙන්නා.. හම්මට සිරි කන්නත් ගෙනල්ලා කඩචෝරුවක්..

" අනේ මගෙ කිරි බෝලේ උබට කොහොමද දැන්.. අපෙ අයියා ආවද.. "

" දැන් නම් අව්ලක් නෑ ශේනු.. ආදිත්‍ය අයියා ආවා තරහා වෙලා ගියානෙ ඒයි.. "

" කිරි පුතා ඒ පාර මොකද්ද කරේ ඒ මනුස්සයට තරහා යන්න තරම්.. "

කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ කිව්වලු.. මුංට කියලත් බෑ නොකියත් බැරි නිසා මං ඉතින් විස්තරේ කිව්වා.. ශේනු, දිලුම් දෙන්නම හිනාව කාගෙන ඉන්නෙ කියලා තේරුනා.. දැන් මෙතන හිනා යන්නෙ මොන කොටසෙද කියපල්ලකො ම්හ්ක්..

" අඩේ හොද වැඩේ බං අපෙ එකාට ඕකගෙ කොහොමත් නහරයක් වැඩීනේ.. "

" අහ්ම්.. ඒක තමයි ශේනු.. ඒ බලපන්කො කිරි පුතාගෙ මූණෙ රතු පාටට අල්ලපු පාරත් හිටලා.. දැන් ඕක අයියා දැක්කොත් වෙන මගුලක්.. "

" ඒක තමයි.. මං අයිස් කැටයක් අරගෙන එන්නම් ඉදපන්කො.. "

ශේනු අයිස් කැටයක් ගේන්න ගියපු නිසා මායි දිලුමයි උන් දෙන්නා ගෙනාව කඩචෝරු වලට වැඩේ දෙන්න පටන් ගත්තා.. අම්මො මගෙ ආසම තරු ටිපි ටිප් එකත් ගෙනල්ලා.. ඔන්න ඔය අතරෙ තමයි දිලුම් ට මතක් උනේ මට මැසේජ් කරපු ගෝතයා ගැන..

" අඩෙ මේ අපි ඌට මැසේජ් එකක් දාලා බලමුද.."

" ඕන්නෑ බං අහක යන කුණ්ඩවාල ඇගේ දාගන්න මොකෙද්ද කියලා කව්ද දන්නෙ.. "

" ඒකත් ඇත්ත තමයි.. බලමුකො බලමුකො මොකාටද එන්නෙ කියලා ඕකා.. යකෝ ඌ මැසේජ් එක දාන්නෙත් රෑට විතරයි නේ.. "

" ඒකනේ වැඩේ මට හිතෙන්නේ ඌ කළු කුමාරයා වෙන්න ඇති බං.. "

" කළු කුමාරයා gay ද හුට්ටෝ.. "

" දැන් කාලෙ කළු කුමාරයත් gay තමයි කිරි පුතේ.. උබ දන්න දෙයක් නෑ.. කෝ බං අයිස් කැට ගේන්න ගිය එකා.. "

සිරාවටම දැන් පැය භාගෙකට කිට්ටු වෙන්න එනවා අයිස් කැටේ ගේන්න යවපු එකා තවමත් නෑ මූ වතුර ෆ්‍රිජ් එකට දාලා අයිස් කැට හැදෙනකම් ඉන්නවද.. අපි දෙන්නා ටිපි ටිප් එකේ අන්තිම ටික කද්දි යාන්තම් අයිස් කැටේ ගේන්න ගියපු එකා ආවා.. ගියා වගේ නෙවෙයි ශේනු රතුම රතු වෙලා.. මූ මෙහෙ ආවහම විතරයි නෙ මෙහෙම රතු වෙන්නෙ..

" කොහෙද යකෝ ගියේ.. උබ අයිස් කැට හැදුවද.. "

" න්..නෑ..පිස්සුද බං.. අපෙ ගෙදරට ගිහින් අරගෙන ආවේ මුංගෙ ෆ්‍රිජ් එකේ අයිස් කැට ඉවර වෙලා.. "

" ආආ එහෙමද ඉතින් ඇයි උබ රතු වෙලා.. "

" ප්..පි..පිස්සුද දෙව්.. මේ මං දුවලනෙ ගියෙ ඉතින් රස්නෙ නිසා මේ රතු වෙලා තියෙන්නෙ.. ආ මෙන්න අයිස් ටික.. "

" ආ එහෙමත් එකක්ද හාකො හාකො උබලට වෙන දේවල් මං හොයාගන්නම්කො.. කෝ දීපන් ඕක දියවෙන්න කලින්.. "

ඇත්ත ඇත්ත ශේනුවා එන පොට හරියන්නෑ ඈ යකෝ දිව්වයි කියලා ඔහොම රතු වෙනවද මුට බොරුවක් කියාගන්න බෑනේ.. දිලුම් ශේනුගෙ අතේ තිබ්බ අයිස් ටික අරගෙන ලේන්සුවක ඔතලා මගෙ කම්මුලෙන් තියද්දි දැවිල්ලටම මට කෑ ගැහුනා.. රිදෙනවා අනේ ශික් අර මනුස්සයා නම් මොකෙද්ද මන්දා රෙද්ද.. අයිස් ටික දිය වෙනකම්ම මාරුවෙන් මාරුවට කම්මුල් දෙකෙන් තියලා ලේන්සුව රැක් එකෙන් දැම්මා..

" දැන් හරි සිද්දාලේප ලාවට පොඩ්ඩක් ගා ගනින් එතකොට හරියයි රිදෙන එක හැබැයි ඕක හෙට වෙද්දි නිල් වෙයි.. "

" අනේ දිලුම් අයියා ඇහුවොත් මොකද්ද කියන්නෙ යකූ.. "

" ඇත්ත කියපන් වෙන මොනා කියන්නද.. උබට බඩගිනි නැද්ද හරියට කාලත් නෑනේ.. "

" ම්හ්ක්.. කන්න බෑ බං කට තිත්තයිනෙ.. දැන් බඩගිනිත් නෑ මෙව්වා කාපු නිසා.. "

" එහෙනම් හරිනෙ අපි දෙන්නා යනවා.. අපෙ අම්මා එන්නම් කිව්වා හෙට උදේට එයාගෙ බෝනික්කව බලන්න.. රෑට කාලා දෙයියනේ කියලා බෙහෙතක් බීලා නිදාගනින්.. පරිස්සමෙන් ඉදපන්.. අපි යනවා.. "

" හරී.. පරිස්සමෙන් යන්න ඔයාලා දෙන්නත්.. අම්මව මතක් කරා කියන්න.. "

" හරි බායි.. "

'' බායි බායි.. "

හුම්ම්ම් ඒ දෙන්නත් ගෙදර ගියපු නිසා මං ෆෝන් එක අරගෙන වට්සැප් ලොග් වෙලා මැසේජ් ටික බලලා ඩේටා ඕෆ් කරලා මේසෙ උඩින් තියලා කුස්සිය පැත්තට යද්දි අයියා උයනවා.. අනේ සුවඳින් කියන්න පුලුවන් එයා එලවලු බත් හදන්නෙ කියලා.. මට කන්න බැරි නිසා වෙන්න ඇති පව් අනේ ම්හ්ක්..

" අයියෙ ඔයාට මහන්සිනේ.. ඕවා හැදුවෙ ඇයි මං අමාරුවෙන් හරි තියෙන දෙයක් කනවනෙ.. "

" මහන්සි නෑ පැටියෝ ම්ම් මූණ ටිකක් හෝදන් එන්නකො මං හදලා ඉවරයි බෙදලා දෙන්නම් කන්න.. "

" අනේ අයියෙ ම්හ්ක්.. "

" ඕකනෙ ඉතින් කදුළු පුරව ගන්න එපා බං.. යන්න ගිහින් මූණ ටිකක් හෝදන් එන්න.. "

" හුම්ම්.. "

පව් අනේ අයියා මං නිසා එයාටත් කරදරේ.. කාමරේට ගිහින් ආයෙම මූණත් හෝදගෙන කුස්සියට එද්දි එයා මට බත් බෙදලා උනුවතුර එකකුත් මේසෙන් තියලා..

" බබා මේක කන්න මං වොශ් එකක් දාගෙන එන්නම්.. ඔයාට ටීවි එක දාලා දෙන්නද.. "

" මං දාගන්නම් අයියෙ ඔයා ගිහින් එන්නකො.. "

" හා ඔක්කොම කන්න ඕනෙ හරිද.. "

" හරි හරි හී.. "

අයියා මගෙ ඔලුවත් අත ගාගෙන ඉස්සරහා දොරත් වහගෙන එයාගෙ කාමරේට යද්දි මම සෝෆා එකෙන් ඉදගෙන ටීවි එකත් දාගෙන කෑම එක කෑවා.. පැය භාගයක් විතරයි යද්දි අයියත් ඇග හෝදන් ඇවිල්ලා කාලා මට පැන්ඩෝලුත් දීලා නිදාගන්න යැව්වා.. මමත් කාමරේට ඇවිල්ලා ලයිට් ඕෆ් කරලා ඇදට වැටුනෙ බලාපොරොත්තු උන මැසේජ් එක ඇවිල්ලද කියලා බලන්න..

හරියටම ඊයෙ දාපු වෙලාවටම නන්නාඳුනන මනුස්සයගෙන් ඒ මැසේජ් දෙක ඒ විදිහටම ඇවිල්ලා තිබුනා.. හැබැයි අද තව එකක් දාලා තිබ්බා..

Unknown Number

ඉක්මනට හොද වෙන්න මගෙ මල.. ඔයා නැතුව පාළුයි..

ගුඩ් නයිට්.. පරිස්සමෙන් ඉන්න..

එයා දන්නවා මට අසනීපයි කියලා.. එයාට පාළුයිලු.. කව්ද ඔයා එච්චරයි මට අහන්න තියෙන්නෙ.. ආදිත්‍ය අයියා ඔන්ලයින් ඉන්නවද කියලා බැලුවත් එයාගෙ ලාස්ට් සීන් පෙන්නුවෙ හවස 6.30ට.. දිලුම් දාලා තිබ්බා එයා ගෙදර ආවයි කියලා මං ඒකට හරි කියලා රිප්ලයි එකක් දාලා අර Unknown මනුස්සයගෙ මැසේජ් දෙකත් සීන් කරලා ඩේටත් ඕෆ් කරලා නිදාගත්තා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

________________________________________________

Hello Lamai

1445යි හෙ හෙ 😁

දෙන්නා තරහයි ඕන්නෑනෙ මිහිනු පුතාගෙ කම්මුල් අල්ලන්න නරකයා.. 😒

මට පොඩි වැරැද්දක් හදන්න තියෙනවා.. චරිතයක් මාරු කරලා මං දාලා තියෙන්නෙ.. වෙනම chapter එකකින් character introduce එකක් දෙන්න කියලා බැලුවේ එතකොට ඔයාලටත් ලේසිනේ.. මං ඒක අද රෑට දෙන්නම්..🙂

Lvyyy❤️

Share This Chapter