Back
/ 59
Chapter 9

Chapter 09

පෙම්වන්තයෝ || TK NONFICTION

"ඔය නෙතු හමුවන තුරැ පාර දිහා බලමින් හරි වෙහෙසයි දෑසට මා..."

ඇන්ග්‍රි බර්ඩ්ගෙන් මැසේජ් එකක්....මූ නම් ගිය ආත්මෙ කවියෙක්ද කොහෙද? හරි ඉතින් මන් Unblock කරා පව් නිසා...නැත්නම් මන් ඕකට ලව් නැ ගොටුකොළයා...

සීන් කරලා ඉදියා ඉතින් කොහොමත් ඒකනෙ මගෙ පුරැද්ද...පොර ආයෙත් Typing.

"සිනහා සෙන්න නොහැකී නම් මට හඩන්නට ඉඩදෙන්නකො ඔබගේ ළගම ඉන්නට!"

අඩ්ඩෙහ් මූ හිතනවා ඇති මන් ඕවට රැවටෙයි කියලා...එ වුනාට අද මන් හින්දා ගුටිකෑවනෙ පොර...බැ බැ මූ මට සිරා ලව් කරන්නෑ..එච්චරයි...

ෆෝන් එකත් ඕෆ් කරලා මන් බුදි....

අද සෙනසුරාදා...10 ට Chemistry Clz ..උදේ පාන්දර අයිනා කියන බූරැවා කියපි කැෆේ එකට එන්න කියලා ඒකට කතා කරන්න ඕනි කියලා...හත්තික්කෙ විහංඟයා ගැන දැනගෙනවත්ද දන්නැ අපෙ අයියා!!!! මන් ඉවරයි යකෝ!!!

8.45...කැෆේ එක ඉස්සර මන් ...දොර ඇරන් ඇතුලට..යද්දි අයියා ඉන්නවා කොෆී එකක් බිබී...

"ආ චූටි මහත්තයා...වාඩිගන්නවකො වාඩිගන්නවකො ඔහොම..."

මොකද මොකද මේකා මට ආදරයක් පෙන්න්න්නෙ කවදවත් නැතුව...විශාල කරදරයක් වුනානෙ මේක...එලෙස කෙලෙස? සියල්ල නිහඬයි...පරිසරයේ නිහැඬියාව බිඳිමින් යෙහස් නිර්වාන් පෙරට...

"මෙ මෙ ඉක්මනින් කියනවකො මට 10 ට ක්ලාස්..."

මන් කිව්වා...මොන බාල්දියක් වැටෙන්නද දන්නෑනෙ හැදෙන්නෙ...ඇයි යකෝ...

"නිකම් බන් කතා කරෙ...දැන් තමුසෙව අල්ලගන්නත් අමාරැනෙ"

"එහෙම තමයි මාත් තමුසෙ වගෙ ඩොකෙක් වෙන්නැපැයි...කාටද ආඩම්බරයක් ඉතින් තාත්තත් ඩොකා ළමයි දෙන්නත් ඩොකා...ඒක නෙමී අද වැඩ නැද්ද අයියෙ?"

"අම්මො අම්මො ඉතින් තමුසෙගෙ කච කචේනම් ඉවරයක් නෑ චූටි!  නැ බන් අද නිවාඩුවක් දැම්මා"

"මගෙ කච කචේ නිසා ඔවාට පාලු නෑ නේද අයියාහ්!"

"ඔව් ඔව් ....ඕයි මෙ අතට මොකක්ද උනෙ පුච්චගත්තද? මන් කිව්වනෙ චූටි පරිස්සමින් වැඩ කරහන්"

අයියා මගෙ අත අල්ලන් කියපි...

"මේ පොඩි තුවාල පැල්ලමක් අනෙ...එදා ස්කොලෙ Practical කරන්න ගිහින් ඉටිපන්දමට පිච්චුනා"

"පරිස්සමින් වැඩ කරගන්න චූටි!"

"හරි අයියෙ"

අයියට ටටා බායි කියලා මන් ක්ලාස් එකට...9.40 යි...යද්දි අනුපයා ඉන්නවා...රවිඳුයි තිසරයත් ඇවිත්..ඇන්ග්‍රි බර්ඩ් නම් නැ තාම...

අපි ඔක්කොම එලියෙ ඇල ගාවට වෙලා කයියක් ගහ ගහ හිටියා...

ආහ් ඔය එන්නෙ ප්‍රේම කුරැල්ලා දඩු මොණරෙන්...සූරිය වැව ළඟ ප්‍රේම කුරැල්ලා සොකරි නටන්නට එන්නට කීවලු...

පොර මගෙ ළඟින්ම බයික් එක නැවැත්තුවෙ යකො තව පොඩ්ඩෙන් මන් හැප්පෙනවා...අසහනේ මූට...

"යෙහස් නැගපන් බයික් එකට"

"මොනවා!!! දෝදුද තමුසෙට?"

ආයෙත් අර වියරැ වැටිච්ච ඇස් ...හොඳටම කේන්ති ගිහින්නෙ..යකො.ඇස් දෙක දිහා බලන්නත් බැ බය හිතෙනවා...

"යෙහස් උබ මගෙ ලිමිට් එක පන්න ගන්නෙ හදන්නෙ ඔය...දැනගනින් මට උලත් එකයි පිලත් එකයි මළත් එකයි...අර ඉස්සර පේන ලයිට් කණුවෙ මේ මඟුල හප්පගෙන මරාගෙන මැරෙනවා..."

මොකද යකො මෙ එකපාරටම...මුගෙ මූඩ් චේන්ජ් වෙන්නෙ නිකම් කාලගුණේ වගේනෙ...හපො දැන් මේකා එක්ක ගියොත් මාව මරාගෙන කයි...

"මොකද විහංඟ මෙ, පිස්සු හැදිලා වගෙ කෑගහන්නෙ"

බැරිම තැන මන් ඇහුවා...හැම එකාම මෙ පැත්ත බලන් ඉන්නෙ නිකම් මෙතන මිනියක් මරලා වගේ....

"ඔව් මන් පිස්සෙක් යකෝ!!!! මාව පිස්සෙක් කලේ තෝ නෙමීද ආ!!! මන් පිස්සෙක් වගේ උඹේ පස්සෙන් එද්දි...තෝ කැෆේ ගානෙ ගිහින් එක එක පකයො එක්ක අත් අල්ලන් මඟුල් නටන්නෙ කියපන් යෙහස් කවුද ඌ"

යකො අයියා ගැනද කියන්නෙ මෙ...පිස්සුනෙ මේකට... යකො මන් කාගෙ අතක් අල්ලන් හිටියත් මොකද මේකට සමය‍ං....

"සුද්දා මොකක්ද සීන් එක"

තිසරයා මැද්දට පැනපි...

"උඹ මගේ යෙහස් මගෙ විතරයි!!! මන් තොට එදා කිව්වා තෝ අයිති මට විතරයි කියලා!!!! එක එක පකයොන්ට උඹට අත තියන්න මන් ඉඩ දෙන්නෑ..කියපන් කවුද ඌ"

"ඇයි තමුසෙ කසාද බන්දන්නද අහන්නෙ"

මොන රෙද්දක්ද මෙ...මට දැන් යකා නඟිනවා...මේකා හරියට කෑගහන්නෙ මන් වෙන එකෙක් නිදාගත්තා වගේනෙ...විසාල කරදරයක් වුනානෙ යකෝ මේක...

"බඳින්න හහ්හ්....බඳින්න නෙමී ඌට ගොක්කොළ සංදර්ශන පෙන්නන්න"

දෙයියනෙ යකො පුදුම මදාවියෙක්නෙ මේකා...යසයි...ෆුල් ගාඩ් පිට ඉන්නවා වගෙ මන්...

"ඔහෙට පිස්සු විහංඟ...එ මගෙ අයියා...ඩොක්ටර් අයේෂ් නිර්වාන් රත්නායක...තමුසෙට සැකනම් ගිහින්..මෙඩිකෙයා හොස්පිට්ල් එකෙන් අහනවා...අනික මට වැඩ නැ කියලා හිතුවද එකා එකා එක්ක කැෆේ ගානෙ ගිහින් මඟුල් නටන්න...කොහොමහරි තමුසෙට ඕන විදියකට හිතාගන්නවා මට වැඩක් නැ..."

මන් එහෙම කියලා ක්ලාස් එක ඇතුලට ගියා...මේකා හිතන් ඉන්නෙ මන් මොකෙක් කියලද දන්නෑ...කේන්ති වගේම දුකයි ටිකක්...ජරා මිනිහා විහංඟ..නැ කතා නැ ඕයි මන් තමුසෙ එක්ක මීටපස්සෙ...

ක්ලාස් එකට ඇවිල්ලත් බුම්මගෙන...නැ මන් මොකටද කතා කරන්නෙ...මේකා හිතන් ඉන්නෙ මන් දකින දකින එකා එක්ක යාලුවෙනවා කියලා වෙන්නැති..හිත රිදුනා මගෙ...දුස්ට මිනිහා...

ක්ලාස් ඉවර වෙලා කෙලින්ම නැගිට්ටෙ ගෙදර යන්න...මටනම් ඕකා එක්ක ආයෙ කතාවක් නෑ...ඕන විදියකට හිතාගත්‍තාවෙ...විශාල කරදරයක් වුනානෙ මේක...

එලියට අඩිය තිබ්බා විතරයි විදගෙනා ආවා බයික් එකෙන් වස්වර්ති මාරයා...අද උදේ පාන්දර දැක්කා එකා හොද නැ...අයියව නේද දැක්කෙ මරැ හැබැයි....

"නඟිනවා"

"මට බැ"

"උඹ මට ආඩම්බරකම් පෙන්නලා මගෙ ඉවසීමෙ සීනාව පන්නගන්න හදන්නෙ යෙහස්! මන් උස්සලා දාගන්න කලින් නැගපන් ආයෙ කියන්නැ හරි"

ඉහිම් ..අනෙ මූ මට ඉන්න දෙන්නැ...කාට කියන්නද මේවා...මාව දූසනය කරන්නද දන්නැ මේකා හදන්නෙ එක්කන් ගිහින්...දැන් මෙ හුචක්කුවට නැග්ගෙ නැති උනොත් මාව මරලා දායි මේකා..කියන්න බෑනෙ එ වගෙ ඩයල් එක...

හිමීට අඩිය තියලා නැග්ග බයික් එකට...චික් විතරක් පෙර කල පව් පස්සෙන් පන්නනවා කියන්නෙ මෙන්න මේකට... හෙල්මට් එකක් දුන්නැ හැබැයි...වට්ටපන්කො මාව උබර්වත් මරාගෙන තමයි මාත් මැරෙන්නෙ විහංඟ!!!

"අල්ලගන්නවා...නැත්නම් විසික් වෙලා පලයන්"

යකො මූ...මේක විශාල කරදරයක් වුනානෙ ඉතින්...හරි වේදනයි මට ...මන් කොච්චර සතුටින් හිටපු එකෙක්ද? දැන් මූ කියන කියන විදියට මන් නටන්න ඕනි කෙක්ක...

ආයෙ නැ මේකා බයික් එකෙන් යන්නෙ හුළගට මගෙ දත් සෙට් එකත් ගැහෙද්දි...අද මැරෙනවා මන් දන්නවා... මට බුදුසරණයි!

......................................................................

ඊගාව එකෙන් යෙහස්ව මරනවා බයික් එකෙන් වට්ටලා😾 ,ඔයාලා කැමති නේ?

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter