Back
/ 38
Chapter 12

දොළොස්වන ස්වරය ♥

තත් 🔞

ස රි ග ම ප ධ නි ස° .............

ස්වර හතයි...ඕකෙන් "ස " සහ "ප" කියන ස්වර දෙකම අචලයි...හරියට මහ මුහුදෙ දියඹ වගේ...අචලයි ගැබුරුයි...මම ස්වර ස්වප්තකයේ දකින ප්‍රබලම ස්වර දෙක තමා ඔය.

"රි "ග "ම "ධ" නි" ....චලයි...වෙනස් වෙන සුලුයි...හරියට රල නගන නොගැබුරු මුහුද වගේ...ඉහලට එසවෙනවා...ආයෙම පාත්වෙනවා...ගල්කුලුවල හැපිලා බිඳෙනවා...පෙන කැටි විසිරෙනවා..

"රි" ග" ධ "නි" ....චලයි. ..චල විට කෝමළයි....හරියට ම බාදිය මුහුද වගේ...කෝමළ වෙද්දි හඬ අඩුයි...

"ම" ..එකම තීව්‍ර ස්වරය...වඩදිය මුහුද වගේ...තීව්‍ර විටදි හඬ වැඩියි.

ශුද්ධ ස්වර හතයි කෝමළ ස්වර හතරයි තීව්‍ර ස්වර එකයි...ඔක්කොම දොලහයි...මේ ස්වර දොලහෙන් මවන රස අනන්තයි අප්‍රමානයි...සංගීතය කියන්නෙම විශ්ව භාශාවක් , භාවනාවක් , සමාධියක්...මානසිකව අන්තෙටම වැටුනු වෙලාවක තොල් අගට හීන් හිනා රැල්ලක් ගෙන්නන්න පුලුවන් ප්‍රාතිහාරයක්...හෙරොයින් වලටත් වඩා ලොකු ඇබ්බැහියක්...

සැලකිය යුතුයි :- හැබැයි ඒ සංගීතයයි ඝෝශාවයි අතරින් හරි විදිහට සංගීතය තෝරාගත්තොත් පමණමයි.

.............................................................................................................................

"බබා තව ගොඩාක් දුරද ඒයි..."

"ඕ මැනික...තව ටිකක් යන්න ඕන...තාම ගුරුගොඩ හන්දියෙනෙ අපි ඉන්නේ...තව යන්න ඕන..."

අපි දෙන්නා ඉන්නේ රත්නපුර - පානදුර බස් එකෙ...උදේ 6.10 බස් එකෙ නැගලා පෝරුවදන්ඩ හන්දියට ආව අපි දෙන්නා...එතනින් මේ බස් එක ගත්තෙ පුලුවන් ඉක්මනින් පානදුරට යන්න...මොකද ඊයෙ රෑ මැදකදි මට තදින්ම උන ගැනුනා...ඉතින් එයාට මාව තනියම ගෙදර යවන්න බෑලු...එයා මාව හයිවේ ගිහින් ඇරලවලා ආයෙම ඒ පිටටම ඉළඟ බස් එකේ ආයෙ පානදුර එනවලු...කොච්චර එපා කිව්වත් අහන්නෙ නෑ ඉතින්...මටත් කියලාම එපා වෙලා පාඩුවේ හිටියා

ඔයාලා බලනවා ඇති නේද මම අර මුලින් සංගීතය ගැන හෙන හෑල්ලක් කියෙව්වෙ ඇයි කියලා...ඒකට හේතුව මම ඉන්න බස් එකේ ඉන්න අයටනම් හොඳටම තේරෙනවා...ඒ විතරක් නෙවෙයි අර සැ.යු. කොටස වඩා හොඳින් තේරෙනවා.

මොකද දන්නවද මේ බස් එකේ දැන් දාලා තියෙන්නෙ අක්ශා චමුදිගෙ උල්ලැයි උල්ලැයි ඌ ඌ එක...මේකට නැගපු වෙලේ ඉඳන් ඔන්න ඔය වර්ගෙ මල ජරාව තමා මේකෙ ගියේ...යොහානිගෙ අර මගුල තමා අනිත් එක...ඌෆ්ෆ්...කක්කි ගොඩක්.

"මටනම් බෑ ඕයි මේ ලබ්බෙ බස් එකේ යන්න...බැහැලා වෙන එකක් යමුකෝ...මට වමනෙ යනවා කොහොමත් බස් වල යද්දි...මේ කන්කරච්චලේ නිසා නොයන වමනෙත් යනවා ඕයි."

එයාට අමාරුයි...ඔව් ඇත්තටම ඔලුව කැක්කුම ඩබල් වෙනව මේ මගුල නිසා.

"ම්ම්ම්..බබා...ඉන්න...හෑන්ඩ්ෆ්‍රී තියෙනවනෙ ඔයා ළඟ...මම තෝරන්නම් සින්දු...අපි දෙන්නම අහමු...භාගෙ භාගෙ ගහන් අහන්න බෑනෙ...දෙන්නා වෙන වෙනම අහමු..නැත්නම් එක කනකට මීපැනි වක්කරද්දි එක කනකට බෝම්බ ගහනවා කියලා කන් දෙක නඩුදාවි..."

"මේ ගොඩාක් පරන ඒවානම් දාන්න එපා හරිද.."

"ම්ම්ම්ම්...ඔයාගෙ ආසම ගායිකාව කව්ද"

"එහෙම නෑ ඉතින්...මන් එහෙම ලොකුවට සින්දු අහන්නෙ නෑ...අභිශේකා හොඳයි..."

"ඔව් අභිශේකා හොඳයි තමා...ඒත් එයා නවකාලීනයිනෙ...ඔයාට ලේසියෙන් ඇහෙන්නෙ නැති සිංදු ටිකක් අහන්න දෙන්නම් අද...මේවා සින්දුම නෙවෙයි...මේවා මත්පෙති...."

"ම්ම්ම්...කව්ද ඒයි ඔයාගෙ ප්‍රියතම ගායිකාව."

"මෙහෙමයි...ඕකට උත්තර තුනක් තියේ...ලන්කාවෙ ගායිකාවන්ගෙ මම දකින විදිහට දක්ශතම සහ විශිශ්ටම ගායිකාව සුජාතා අත්තනායක...ඊලගට චරිතයක් , පෞරුශයක් වශයෙන් ගරුකරන ගායිකාව නන්දා මාලිනී....හැබැයි ඔයා ඔය අහන්නෙ මම ආසම කරන කටහඬනම් ඒ විශාරද ඉන්ද්‍රානි බෝගොඩ..."

"අනේ මම එයා ගැන අහලවත් නෑනේ අප්පා....."

"ඔව්...එයා දාස් ගනන් සින්දු කියලා නෑ...සීමිත ගීත ටිකක් තියෙන්නෙ...හැබැයි ඒ හැම සිංදුවක්ම යුගයක්...ඒ හැම සින්දුවක්ම භාවනාවක්...ඊයෙ මම අර අන්තිමට කිව්වෙ මංකඩ ලඟ හැන්දෑවේ කියන සින්දුව එයාගෙ සින්දුවක්...

බෝගොඩ පරපුරම අපේ රටේ...."

"ඔව් ඉතින්...ඒක සින්හල නමක්නේ...වෙන රටක වෙන්න බෑනෙ...."

"නෑ නෑ...එහෙම නෙවෙයි...දකුනු රටේ...මාතර...තෙලිජ්ජවිල..."

"අනේ අම්මේහ්...විකාර...දකුන ලොකුද...."

"ලොකුයිනම් තමා...ඉන්ද්‍රනි බෝගොඩ කියන්නෙ චන්ද්‍රදාස බෝගොඩගෙ නංගි...රෝහන බෝගොඩගෙ අක්කා....."

"රෝහන බෝගොඩනම් අහලා තියේ වගේ මතකයි...."

"ඔව් අර ; ඔබටයි මෙ ආරාධනා , නෙතින් නෙත බලලා , දිවි කතරට ගංගාවයි , සියොතුන් ඉගිල ගියා වගේ ලස්සන සින්දු ගොඩාක් තියෙන්නෙ...රෝහන බෝගොඩ කියන්නෙ ඉන්ද්‍රානි බෝගොඩගෙ මල්ලි...තවදෙයක් මාතර එක සැරයක් ඉන්ඩෝ ශෝ එකක මැඩම් එක්ක සින්දුවක් කියන්න ලැබුනා මට...මට අද වගේ මතකයි තද රෝස පාට සාරියක් ඇඳගෙන මැඩම් ඇවිත් හිටියේ...සුදූම සුදුයි..."

"හරි හරි...සින්දුවක් දානවා ඕයි කියවිල්ල පැත්තක තියලා...අර කෙල්ලගෙ බෙල්ල මිරිකලා වගේනෙ කෑගහන්නෙ..."

"ම්ම්ම්....හරි මම දාන්නම් මුලින්ම එහෙනම් මේ සින්දුව...මේක නම් අහලා නැතිවෙන්න විදිහක් නෑ...අතිශය ජනප්‍රිය සින්දුවක් බීම්පලශ්‍රී රාගයෙන් බේස් වුනු..."

"මගේ නීල් නෙතු සඟලින්

මොනවද ඔබ ඉල්ලන්නේ

නළලේ කුංකුම තිලකය

ඔබට නේද අමතන්නේ...."

"අනේ....ඒකනම් මාරම ලස්සන සින්දුවක් අප්පා....ඒත් මොනාද අනේ අර සින්දුවේ කියවෙන නිල් පාට පුනීල මල්...එහෙම මල් ජාතියක් අහලා නෑනෙ මම..."

"ආ මමත් ඕක හුඟාක් හෙව්වා...ඒත් මට පස්සෙ හම්බුනා මල...අර අපේ ගෙවල් පැත්තෙ වැටවල් වල , පස් කන්ඩි උඩ එහෙම හැදෙන පඳුරක පිපෙන තද තම් පාට මලක්...අපි වෙනදා දහම් පාසල් යන්න කඩනවා ඔය මල්...ඔය මල පුනීලයක් වගේ...පෙති තද දම්පාටයි...මලේ මැද කහපාටයි.""

"ආ ඒ මල්ද...මම ඒ මල්නම් දන්නවා...අපේ පැත්තෙත් තියෙනවා..."

"ඇත්තටම ඔයාට හිතෙන්නෙ නැද්ද මැඩම්ගෙ කටහඬ ලස්සනයි කියලා...."

"ලස්සනයි නෙවෙයි ඒක හරිම මිහිරියි...කියන්න තේරෙන්නෙ නෑ මට.."..

"ම්ම්ම්ම්...මැඩම්ගෙ ඊළඟ සින්දුව...මේකනම් හරිම ලස්ස්න තේරුමක් තියන සින්දුවක්...නන්ගිගෙ අෆයාර් එකට අයියා අකමැති වුනු නිසා නංගි අයියට කියන සින්දුවක්...."

"පෙම්කල වරදට මට වද දෙන්නේ

පෙම් කළ සිතකින් නොවෙන නිසා

අයියන්ඩියෙ මට සමාව දෙනු මැන

ආදරේ සුව දැනුනු දිනේ "

"අනේ හරිම ලස්සන අදහසක්නෙ ශුදු මහත්තයා...ඒත් මට එක තැනක් පැහැදිලි නෑ...අර ඒකෙ මොකක් ද කියන්නෙ චිත්‍රාවක් වන්නේ නෑ මා නම් කියලා...."

"ආ ඒ කියන්නේ උන්මාද චිත්‍රා ගැන...උන්මාද චිත්‍රාට කසාද බඳින්න , පිරිමි කෙනෙක් එක්ක එකතු වෙන්න අයියලා තහනම් කරලා එක්ටැම් ගෙයි හිරකලානෙ...ඒත් චිත්‍රා එයාගෙ අයියලා කිව් දේ නාහා දීඝ ගාමිනී එක්ක යාලුවුනානෙ...අන්න ඒ ගැන කියන්නේ...."

"ආ...මේ අහන්නකො...ඔයාටත් නංගි කෙනෙක් ඉන්නවා මටත් නංගි කෙනෙක් ඉන්නවා...අපේ නංගිනම් කොල්ලෙක් එක්ක යාලුයි...ඒ මල්ලිත් හරි හොඳයි...එයාලට අපි කැමැත්ත දීලා තියෙන්නෙ...මට ඒක ටිකක් අමාරු වුනා...ඔයා එදාට මොනවගේ හැසිරේවිද...."

"මෙහෙමයි...තාමනම් අපේ එකී පොඩියිනෙ...ඒකි හැම මගුලම ඇවිත් මටයි අම්මටයි කියනවා...මට ඒකිව ශුවර්...හැබැයි මෙහෙම දෙයක් තියෙනව...මට බැරි වේවි කියලා හිතෙනවා එයා කොල්ලෙක් එක්ක යාලුවෙන එක දරාගන්න...මන් දන්නෙ නෑ ඇයි කියලා මට බයයි...මම කොල්ලෙක් නෙ...ඉතින් මම දනන්වා හොඳට ගොඩාක් කොල්ලන්ගෙ සිතුම් පැතුම්..."

"ඒකනම් එහෙම තමා...දැන් ඒකිට අයියලා දෙන්නෙක්ම ඉන්නවනෙ...මම තවම මගෙ නෑනා පොඩ්ඩව දැකලා නෑනෙ..."

"අපෝ ඒකි එක්කනම් හැරෙන්න බෑ...උබලා දෙන්නට දෙන්නා එකතු වුනොත් අපේ ගෙදර ගාසා තීරෙ වගේ වේවි...."

"හරි හරි...ඒක මමනේ බලාගන්නෙ...මගෙ එක ම නෑනානෙ...මස්සිනානම් පොඩියෙකා නේ...ඒකාවත් මම ගානට හදලා ගන්නම්...පස්සෙ අපි තුන්දෙනා එකතුවෙලා ටෝව එලියට දානවා ගෙදරින්...."

"ඒවා ඉතින් හඳේ අපෙ අම්මා ඉන්නකල්...අම්මා කිව්වම මතක් වුනේ...ඉන්ද්‍රානි මැඩම්ගෙ තව සින්දුවක් තියෙනව අම්මා ගැන...හැබැයි මේක හරියට ඇහුවොත් අනිවාරෙන්ම ඇඬෙනවා...මොකද මේක නිකන් ම නිකන් සින්දුවක් නෙවෙයි...

සාමාන්‍යයෙන් අවුරුද්දෙන් වගේ කිරි නවත්තන්න පුලුවන්නෙ...ඒත් මට මතකයි අපේ අම්මා අවුරුදු තුනක් විතර යනකල් නන්ගිටයි මල්ලිටයි කිරි දුන්නා...මටත් එහෙම දුන්නලු...ඉතින් ලොකු වෙලත් අපි අම්මගෙන් කිරි බොන්න පුරුදු වෙලා ඉඳලා...අපේ අම්මා කිරි වරන්න කියලා වරා අතු එල්ලුවෙ නෑ...පස්සෙ කාලෙක අපේම හොඳට එයා කොහොඹයි තිත්තාබිනුයි ගෑවා...මොකද දත් ඉස්සටහට එනවනේ....මේකෙත් කියවෙන්නෙ අන්න එහෙම ලොකු වෙලත් කිරි බොන දරුවෙක් ගැන...."

"අනේ දෙවියනේ...ඒක පුදුම තරම් ලස්සන සින්දුවක්නෙ...මමත් නොදැනිම මේ කටහඬට ආදරේ කරන්න පටන් අරන් වගේ දැන්නම්...."

"ඒකනේ මම කිව්වෙ..."

"පොකුනුවිට හන්දිය...පොකුනුවිට...පොකුනුවිට.....බැහැගන්න පොකුනුවිට...පිලියන්දල , කැස්බෑව පැත්තට යන අය මෙතනින් බැහැගන්න...පොකුනූ....විට...." 📢📢📢📢📢📢

"ආ දැන් පොකුනුවිට හන්දියෙ මැනිකෙ...තවත් යන්න ඕන...අපි තව සින්දුවක් අහමු...මේකත් හරිම ලස්සන සින්දුවක් හොඳද...මම අහලා තියෙනවා සමහර දෙමව්පියො එයාලගෙ දූලට පොඩිකාලේ ඉඳන් මේ සින්දුව අහන්න දුන්නා කියලා...මගේ නීල නෙතු සඟලින් ඇරුනම මැඩම්ගෙ ගොඩාක් ජනප්‍රිය වුනු සින්දුවක්...අම්මගෙ පපුවට ගින්දර දීලා පැනලා ගිය දුවෙකුට ආයෙම ජීවිතේ වරද්දගෙන අම්මා ළඟටම එන්න සිද්දවුනු එක ගැන කියවෙන්නේ...."

" විදුලිය එලිය දැක ගිනිහුල දියේ හෙලා

මග වැරදිලා දිව්වේ මං මුලා වෙලා

පැනගිය මුවන් ළඟ හැලුනයි නෙලූ පලා

දොර ඇරපන් අම්මේ මට සමාවෙලා. "

"අම්මෝ මිනියෝ...කව්ද මේවා ලියන්නේ...කොහෙන්ද මේ පද එන්නේ...අර අන්තිම පදේ

"අම්මේ දොර අරින් උඹෙ පොඩි හිඟන්නිට "

කිය්ද්ද්දි ඇඟත් එක්කම හිරි වැටෙනවනෙ අප්පා."

"ඔව්...මේ වචන මාරම ප්‍රභලයි...මැඩම්ගෙ සින්දු හැම එකක්ම masterpiece...දැන් කොහෙද බලන්න බබා...."

"ගැලනිගම එක්සිට් එක ළඟ...තව දුරයි නේද...."

"ඔව් බබා...තව යන්න ඕන...අපි සින්දුවක් අහමුද..."

"හා දැන් ටිකක් සරල එකක් අහමු..ඒවගේ ඒවා නැද්ද මේ ගායිකාවගෙ...."

තියෙනවා...මෙන්න මේක අහමු එහෙනම්...මේක තමා මැඩම්ගෙ පලවෙනි සින්දුව...ඉන්ද්‍රානි බෝගොඩව ගායිකාවක් විදිහට මිනිස්සු අඳුනගන්නෙ මේ සින්දුවෙන් තමා...."

"සීත දියරැල් සලා

පියුම් පිපුනා බලා

දෙරන තල දෝවා අරුනලු දේ

සියොත් කැල නාද දේ "

"අනේ ඒකත් ශෝක් ....හරි නිවෙන ලස්සනක් තියෙන සිංදුවක්....අහන්නකො සුදු මහත්තයා...දවසක ඔයාලගෙ ගෙදරින් මේ දේ ගැන දැනගත්තොත් මොනා වේවිද....."

"මොනා වෙන්නද....මට ගහාවි...තාත්තනම් මාව පව්ලෙන් අයින් කරාවි...හැබැයි අම්මා කේන්ති ගන්න එක කෙසේ වෙතත් හුඟාක් දුක් වේවි...ඒ නිසාමයි මට මතක ඇති කාලෙ ඉඳලම මම එයාට කියලා තිව්වේ මම කවදාවත් බඳින්නෙ නෑ කියලා...දැනට අවුරුදු ගානක් තිස්සේ එයාගෙන් බැනුම් අහ අහ හරි මම ඒකම කියන නිසා එයා දැන් ටිකක් හරි හිත හදාගෙන ඇති කියලා මම හිතනවා...අනික අපේ අම්මා කවදාහරි දවසක අපිව තේරුම් ගනීවි...ඔයාලගෙ ගෙදරින් මොන වගේ වේවිද...."

"අපේ ගෙදරින් දන්නවා මම gay කියලා...මගෙ කලින් අෆයාර් එකක් ගෙදරට අහුවුනා...හැබැයි අපේ ගෙදර අම්මාවත් තාත්තාවත් කිසිම කෙනෙක් මාව තේරුම්ගන්නෙ නෑ...මට ඒක ශුවර්...තාත්තා කියලා තියෙන්නෙ ආයෙම එහෙම දෙයක් ආරන්චි වුනොත් කොහෙ හිටියත් හොයන් ඇවිත් මරනවා කියලා...."

"ම්ම්ම්....මාමන්ඩියා වුනත් මගෙ කොල්ලට අත තියනකල් මම බලන් ඉන්නෙ නෑ හැබැයි...උබ මගෙනෙ.."

"හරි හරි...අපිට තව ටික වෙලාවයිනෙ ළඟින් ඉන්න ලැබෙන්නෙත්...ඒ නිසා මේ ටික ලස්සන වෙලාවක් කරගමු...තව සින්දුවක් දාන්න බලන්න...."

"ආ මේ සින්දුව අහලා බලන්නකො...මේකත් ඉන්ද්‍රානි මැඩම්ගෙම සින්දුවක්..."

"නීල වර්න නීල කොබෙයියෝ

සිත වටකර පියාසලන

සිතට සුවඳ පවන් සලන

නීල වර්න නීල කොබෙයියෝ."

"අනේ ඒකත් ලස්සනයි...මට කියන්න තේරෙන්නෙ නෑ...ඒ සින්දු ඝෝශාකාරී නෑ...කනට සනීපයි...."

"ඔව්...ඇත්තෙන්ම...පරන සින්දු අහන්න පුරුදු වුනු කෙනෙක් ආයෙ කවදාවත් ඔය දැන් එන මල විකාර අහන්නෙ නෑ...."

"බන්ඩාරගම ඉන්නේ දැන් අපි.."

".ආ දැන් ළඟයි බබා...තව ටිකයි....."

"ම්ම්ම්ම්...බස් එක කීයටද තියෙන්නෙ...දැන් වෙලාව 7.32 යි..."

"7.50 තියෙන්නෙ...පානදුරින්..."

"අපිට යාගන්න පුලුවන් වේවිද.."

".පුලුවන් වේවි...එහෙම බැරිවුනොත් අපි මගින් බහිමු..කොහොමත් මේ පාරෙමනෙ ඔය බස් එක එන්නේ...ගැලනිගමින් නේ හයිවේ එකට දාන්නෙ."

"ආ ඔව්නේ...ඒකත් ඇත්ත....තව එක සින්දුවක් අහමුද...එකම එකක්...ලස්සන එකක්.."

"ආ ....අන්තිම එක නිසා අපි බුද්ධාලම්භන ගීයක් අහමු...මේකත් අපේ පැත්තෙනම් වෙසක් කාලෙට එහෙම ඇහෙන සිංදුවක්..."

"පූජාසනයේ හිනැහී මැලවෙන මල් අතරේ

ඔබ පාමුල පුද කරනෙමි සමිඳුනි

මගෙ සිත පිවිතුරු කුසමක් සේ

පූජාසනයේ......."

"වාව්...හරිම ලස්සනක්...මම මට දැනුනු දෙයක් කියන්නම්..මෙ සින්දු මේතරම් ලස්සන මේ සිංදුවල මියුසික් නිසා...ඒවා හරිම සෞම්‍යයි...ඝෝශාකරී නෑ...අහන් ඉන්න සනීපයි...."

"ඔව්...දැන් මැඩම් හුඟාක් වයසයි...වෙනදා වගේ කටහඬ ගොඩාක් කන්ට්‍රෝල් නෑ...හැබැයි අදටත් ගයනවා...මැඩම්ට දීර්ඝායුශම ලැබෙන්න ඕන...හරිම නිරහංකාර මව්වත් කාන්තාවක්....."

"ම්ම්ම්...අහන්නකො අපි තව ටිකකින් බහිනවා නේද...එලුවිල ඉන්නේ දැන්.."

"ඔව් දැන් ගොඩක්ම ළඟයි...තව චුට්ටයි...."

.........................................................................................................................

කොහොමහරි උල්ලැයි ඌ ගාන කෙල්ලෙටයි යොහානිටයි පින් සිද්ධවෙන්න කනට සනීප සින්දු ටිකක් ඇහුව අපි 7.45 වෙද්දි පානදුර ස්ටෑන්ඩ් එකට ආවා...අපේ වෙලාවට බස් එක තිබුනා.

"මේ අහන්නකො කීයක් ගනීවිද.."

"560 යි...අහන්නකො මැනික...ඔයා අතේ සල්ලි තියේද ...ම්ම් ?"

"ඇතිවෙයි...ශේප්...කෝ බලන්න උනද කියලා තාම...."

"දැන් උනනම් නෑ...හැබයි ඇඟට පන නෑ වගේ...."

"ම්ම්ම්ම්...ඔව්...ඒකතමා...ඔය උන අමාරුව තියෙන්නෙ තාම.

ටිකක් නිදාගන්න...."

"පොඩ්ඩක් ඉස්සෙන්නකො අප්පා...බලනවකො තවුසෙගෙ කොට...උරහිසට ඔලුව තියාගන්නත් බෑ...එච්චරට කොටයි...."

"අනේ මේ මම කොට නෑ හරිද...ඔන්න දැන් හරිනෙ..?"

.........................................................................................................................

"බබා..නැගිටින්න...අපි පාලටුවෙන් එක්සිට් වුනා...මම දන්නෙ නෑ කොහෙ බහිනවද කියලා.."

"ආ අපි බෝධිය ළඟින් බහිමු නේද...."

"මන් බස් එක ගන්නෙ කොහොමද ආයෙ...."

"බෝධිය ළඟ ඉඳලා ස්ටෑන්ඩ් එකේ හයිවේ බස් ගහන තැනට ඔයාව මම යවන්නම් ත්‍රීවීලර් එකක...."

"හරි එහෙම කරමු...ඔයා නිදි අතරෙ අම්මා කෝල් කලා ඔයාලගෙ...මම ඉතින් ආන්ස්වර් කලා...එයත් කිව්වේ බෝධිය ළඟ බහින්න එයා එතනට එන්නම් කියලා......"

"ආ එහෙනම් දැන් අවිත් ඇති...තාම අපි රාහුල හංදියෙනෙ..."

"ම්ම්ම්ම්...මේකද එතකොට මාතර රාහුලේ..."

"ඔව් ඔව්..ඕක තමා...මමනම් ගනන් ගන්නෙ නෑ හැබැයි...අපේ ඉස්කෝලෙ තමා මාතර සුපිරිම පාසල."

"ආ ආ ඇති ඇති...නූපේ...නූපේ කියන්නෙ මොකක්ද...."

"නූපේ කියන්නෙ ගමක් ඉතින්...වෙන තේරුමක් මම දන්නෙ නෑ...."

"ම්ම්ම්...නැගිටිමු...ඉස්සරහට යන්න ඕන...ළඟයි දැන් බහින්න.."

කෝමහරි අපි බැස්සා...මාතර බෝධිය ඉස්සරහ ත්‍රීවීලර් පාක් එක ළඟ...අව්වයි...මාරම රස්නෙයි.

"බබා...අර එන්නෙ අපේ අම්මා..පව් අප්පා...වේගෙන් වේගෙන් එනව...පරක්කුයි කියලා හිතෙන්න ඇති."

"අනේ එයා ලංසිද...."

"පිස්සුද එයා සිංහල බෞද්ධ."...

"එහෙනම් එයා අරම ඇඳලා ඉන්නෙ ඇයි...."

"ආ එයා අඳින විදිහ...එයා කකුලෙ වලලුකර ළඟටම දිගට අඳිනවා...ඒක එයාගෙ හැටි...."

අපේ අම්මා ගිනි කිරිල්ලී වගේ...තද කොළපාට වලලුකර ගානටම දිග ෆ්‍රීට් තියපු දිග ගවුමට කොන්ඩෙ ගෙඩිය ගහලා...එයා කිරිම කිරි පාට නිසා අව්වට රෝස පාට වෙලා...අනික එයාගෙ බලල් ඇස් නිසා එයා නිකන් මගේ අක්කා වගේ...හරිම ලස්සනයි...අපේ අම්මා එහෙම ලොකු විලාසිතා කරන කෙනෙක් නෙවෙයි...එයා ඇඳුම් අඳින්නෙම වලලුකර ගාවට...කලිසම් නම් ජීවිතේට අඳින්නෙ නෑ...දිග ගවුම් දිග ලේස් සායවල් තමා අඳින්නෙ...ඒ නිසාම එයාගෙ හරි සරල චාම් ලස්සනක් තියෙන්නෙ...

"අනේ පුතාලා ඇවිත් හුඟාක් වෙලාද...."

"නෑ අම්මා දැන් ආවා විතරයි...මේ ඉන්නේ නෙතුක...මගෙ යාලුවා..."

"අනේ පුතාටත් කරදරේ නේද...මම බයවුනා මේකාට උන කිව්වම...."

"අනේ එහෙම නෑ නැන්දේ...එහෙනම් මම යන්නම් නේද...මට ආයෙ පානදුරට යන්න වෙනවනෙ...."

"අද වැඩ නේද පුතාට...අහන්නකො පුතා...මම මේ ලොකු කමකට දෙනවා නෙවෙයි...පුතාට පුතාගෙ අම්මා දුන්නා කියලා හිතාගන්නකො...මම ආදරේටනෙ දෙන්නෙ...පුතාට කන්න දෙයක්වත් අරන් දෙන්න වෙලාවක් නෑනෙ...."

"අනේ මට එහෙම ගන්න බෑනෙ නැන්දේ...අනේ... බෑ බෑ.."

"නෑ නෑ....මම ආදරෙන් නේ දෙන්නේ..."

"එහෙනම් දෙදහක් වැඩියි...දාහක් ගන්නම්...."

"ගන්න මේක ගුටි නොකා මගෙන්...මගෙ අතේ සල්ලි තියෙනවා...සල්ලි දුන්නා කියලා මොකුත් හිතන්න එපා පුතේ...කොල්ලො දෙන්නටම මොනාහරි කන්න අරන් දෙන්න හිතන් ආවෙ...ඒත් පුතාට පරක්කු වෙනවනෙ...."

"හරි එහෙනම්...ඔන්න ගත්තා...අහන්නකො නැන්දේ...මෙයාට ඇසිත්‍රොමයිසීන් අරන් දෙන්න...එක දිගට දවස් තුනක් රැට එක ටැබ්ලෙට් එක ගානෙ බොන්න කියන්න...තව ලොරිටිඩීන් කාඩ් එකකුත් අරගෙන උදේටයි රෑටයි එක ගානෙ බොන්න කියන්න...උන හැදුනොත් පැනඩෝල් දෙන්න....."

"හරි මම දෙන්නම් පුතා...කෝ එන්න පුතාව මම ත්‍රීවීලර් එකකට දාන්න.

මෙතන ඉන්න අය කවුරුත් මාමගේ යාලුවො...ඒ නිසා අපෙන් සල්ලි ගන්නෙ අඩුවෙන්...පුතාගෙන් වැඩිපුර ගනීවි නැත්නම්...."

කෝමහරි මගෙ අම්මා එයාවත් අපි අඳුනන ත්‍රීවීලර් එකක නග්ගලා පිටත් කරලා ආවා...එයා මගේ අම්මට වැදලා ගියා...පව් අප්පා..එයාට මහන්සියි...ගිහිනුත් හිටගෙන ඉන්න එපැයි දවසම...එතනින්ම ත්‍රීවීලර් එකක් කතා කරගෙන මායි අම්මයිත් ආවා ගෙදර..

ගෙදර ඇවිත් කාලා බීලා නාලා රීලා ඔක්කොම කරගෙන ඇඳට වැටුනා විතරයි මතක....ඇහැරුනෙ මගෙ පතාගෙන එන ඇණේ කෝල් කරපු නිසා...ඔව් ඔව්...විශාක්‍ය...

"බේසිකයෝ...තොට මාව මතක නෑ නේද බන් දැන්...."

"එහෙම නෑ උට්ටෝ...මම ගෙදර හිටියෙ නැ මේ ටිකේ...ශොපින් කරන්න කොලඹ ගියා..."

"අඩෝ කියන්න එපා අපිට නිකමටවත්...කිව්වනම් මමත් එනවනෙ..."

"හරි හරි බන්...මේ අහපන්කො උබට අද ක්ලාස්ද....."

"ඔව් බන් ...අද ගාමිනීගෙ ක්ලාස් ...අර ගෙදරට එන ක්ලාස් එක...උ තව ටිකකින් එනවා කිව්වා..."

"ගාමිනි කිව්වේ දීඝ ගාමිණීද බන්...."

"දීඝ ගාමිනී මාව බලන්න එන්න උබ හිතුවද මම උන්මාද චිත්‍රා කියලා...".

"මොන ගාමිනීද පගෝ ඒනම්...."

"සාලිය බල්ලෝ සාලි....අර ඇග්‍රි කරන තට්ටෙ තියන පොර...."

"මොන සාලියද බන් ඒ පාර...ගාමිනීලු සාලියලු  ...දුටුගැමුනු රජතුමගෙ පුතා ගැනද උබ කියන්නෙ."

"ඒ සාලිය මාව බලන්න එන්න උබ හිතුවද බේසිකයෝ ඒ පාර මම අශෝකමාලා කියලා...සාලිය ගාමිනී පොන්නම්පෙරුම බන්...අර කලු තට්ටෙ තියන ඩයල් එක"

"මට මීටර් නෑ උට්ටෝ...අපි ඉතින් ඇග්‍රි නෙවෙයිනෙ , අපි එකෙන්ම ෆිසික්ස්...ෆිසික්ස් කරන මට ඇග්‍රි කරන උබව ගැලපෙන්නෙ නෑ සුදුමහත්තයා..."

"අනේ මේ හුත්තො...ෆිසික්ස් ලොකු ඇති...මේ ඒක නෙවේ...අර මන් උබට කිව්වෙ මන් කෙල්ලෙකුට ට්‍රයි කියලා...."

"ආ මොන කෙල්ලද බන්...උබ ඉතින් කෙල්ලොන්ටයි ඇන්ටිලාටයි ආච්චිලාටයි සේරටම ට්‍රයිනේ...හා හා 🤣🤣"

"අනේ හුකාන් තෝ...."

"උබට ද...නැවිලා වරෙන් මැනිකේ...උබත් ආසයි නේද මට කියලා ඇනගන්න....ලැජ්ජා වෙන්න එපා බන් ඉතින්...අපි අපිනේ....🤣🤣🤣."

"ඊයා හුත්තො...අසහනේද උබට...කෙහෙල් කොටයක් හොයාගනින්කො."

"කෙහෙල් කඳක් මොකටද බන් උබ වගේ සැප කඳක් ඉද්දි..🤣"

"අනේ තෝ හැමිනියන්...මට කියපන් ඇල්කයින් එකක් ඇල්කීන් එකක් කරගන්නෙ කොහොමද කියලා....."

"ආ ඒක විශ කල මාධ්‍යයේ හයිඩ්‍රජනීකරනය කරපන්."

"ඒ මොකක්ද බන්...අඩෝ මේ එහෙම නෙවෙයි...මොනාද දාන්න ඕන කියපන් උට්ටො...."

"බේරියම් සල්ෆේට් එක්ක ක්වීනොලීන් දාලා පැලේඩියම් එක්ක හයිඩ්‍රජන් දාපන්....."

"රත්කරන්න ඕනිද...."

"නෑ නෑ...රත්කරන්නෙ නෑ..."

"හා හා...ඒක අහගන්න ගත්තෙ මම...අනික තමා මම උබට අරඑදා කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි කෙල්ලෙක් ගැන කිව්වෙ මට කැමතියි වගේ කියලා...අන්න ඒකියි මායි හෙට ෆිල්ම් එකක් බලන්න් යනෝ..."

"මොකක්ද බලන්න යන්නේ...ළිඳ ගැඹුරුයි කඹේ කොටයිද..."

"අනේ බෞකපන්...අපි යන්නෙ බොක්ස්...ගිහින් බලනවා " හුස්ම " ..."

"අනේ අනේ හුත්තෝ...තාම ඇටේ පොත්තෙන් එලියට ඇවිත් නෑ...හුස්ම බලන්න යන්න...දහ අට ලැබුවා විතර නේද බල්ලො තොට...තොගෙ ඇට දෙක ගලක තියලා තලන්න ඕන කොට්ටම්බා තලනවා වගේ...."

"අඩෝ බල්ලෝ...ඇඟත් එක්ක හිරිවැටුනා...තොට කෝල් කලාට මට ගහන්න ඕන...බේසිකයා....."

"තියහන් තියහන්...පාඩම් කරපන් බොක්ස් යන්න කලින් 🤣 "

"ගුන බුස..බායි."

"බායි බායි...පල."

මූව අවුස්සලා ගන්න ෆන් එක මීහරක් දාහක් අවුස්සලාවත් ගන්න බෑ...අමු ගවයා ඉතින් ඈ....පෙයාස් ගෙඩියක් වගේ ගර්භාශය පිටතට විවෘත වෙන පොරෝ පාරක් වෙනුවෙන් නැහෙන තරමක්...දෙකට නවපු බිත්තර ආප්පයක් වගේ  එකක් වෙනුවෙන් මූ කෝච්චියටත් බෙල්ල තියයි 🤣🤣🤣

අනේ දෙවියනේ මට නින්ද ගියානේ..මගෙ කොල්ලා පරිස්සමින් ගියාද දන්නෙ නෑ...ආ මැසෙජ් එකක් දාලා.

"මම බස් එකට නැග්ගා මැනික."

"මම දැන් පානදුරින් බැහැලා ත්‍රීවීලර් එකක් ගත්තා හොස්පිට්ල් එකට යන්න."

"මම හොස්පිට්ල් එකට ආවා...ඔයා මොනාද කරන්නෙ ...නිදිද..පරිස්සමින් එහෙමනම්... මම ආදරෙයි...."

පව් අනේ...මගෙ පනනෙ ඉතින් මේ...එයාටත් මැසෙජ් එකක් දාලා මම ගියා අපේ ගෙදර මහා රානි හොයාගෙන...

සින්දුවකුත් මුමුන මුමුන වැඩ...දැල්ලෝ සුද්ධ කරනවා...ඒකනේ මම කිව්වෙ අපේ අම්මලා කවුරුතහරිම කලාමාමීයි...දැල්ලො සුද්ද කරන්නෙත් සින්දු කිය කිය...

" මගේ දිනපොතේහී

අද රෑ ලියන්නේ

අප පෙම් කතාවේ අවසානයයි

ඔබනේන දා හෙට මා මනමාලියයි "

චන්ද්‍රලේඛා මැඩම්ගෙ සින්දුවක්..මම සද්ද නෑහෙන්න හෙමීට කිට්‍යු කලා

"එතකොට අපේ තාත්තට බූට් එකද දැන්...."

"ආ...මොකද සුදූ කරන්නෙ...පිස්සුද...හොල්මන් කරනවා...තා ටිකක් අතත් කැපෙනවා...."

"හරි හරි අනේ...අද දැල්ලොද....""

"නෑ  නෑ...මේවා අපිට නෙවෙයි...බොලයි මහ එකාට හතරමහා නිදානෙ පහලවෙලා...යාලුවො වගයක් එනවලු...ගෙදර එන්නෙ නෑලු...පොල්හේනෙන් නාලා සෙට් වෙනවලු...මට මේ දැල්ලො ටික ඩෙවල් කරලා දෙන්නලු බයිට් එකට...."

"මොකක්...ඒක හරි කෙළියක්නේ...උන්ට බයිට් එකට බයිට් ගිල්ලවනවා ළමයින්ට නැතුව..."

"ළමයින්ට ටිකක් අයින් කරගන්න කිව්වා දැල්ලො තුන් හතරදෙනෙක්..".

"යකාගෙ කතාවක්නෙ ඒක.."

"හරි හරි සුදුමහත්තයා...මමනෙ හදන්නෙ...මම දැල්ලො පහලවක් විතර අයින් කලා...ගිනි වතුරත් බීලා ඕකුන්ට මොකට ඔච්චර දැල්ලෝ ගිල්ලන්නද...ඕකුන් තමා මට මේ මිනිහව හදාගන්න දෙන්නෙ නැත්තෙ."

"ආ හරි...ඔයා මෙහෙම කරන්න එහෙමනම්...ඔය ටික ඩෙවල් දාලා...අපේ ටිකෙන් බාගයක් හොදි හදලා බාගයක් තම්බන්න...තම්බපුවා රෑට තෙල් දාගන්න පුලුවන්නෙ."

"ඔව් ...එහෙනම් එහෙම කරමු...මට රම්පෙ කෑල්ලක් කඩා ගෙනත් දෙන්නකො සුදූ."

"අපෝ එතන මඩ අප්පා."

"ඒකට තමා සෙරෙප්පු තියෙන්නෙ ඉතින්...ආ අන්න අර දෙක දාගන්න.".

අපේ අම්මටත් ඉතින් ළඟින් ගියොත් ඇහැක් නෑ...රම්පේ කඩන්නලු ඒ පාර...එතන මඩ...ඊයා...චුරු පනිනවා අඩිය තිබ්බම...

කෝමහරි රම්පේ කෑල්ලත් කඩලා දීලා මායි අම්මයි අපි දෙන්නට  කරන්න තියන ආතල්ම වැඩේ කරන්න පටන් ගත්තා...තාත්තගෙ පැත්තෙ උන්ට බනින එක...හැබැයි ඒක හෙන සාධාරනයි...තාත්තගෙ පැත්තෙ ඉන්නෙ නූගත් , ඉරිසියාකාර , ගොබ්බ හැත්ත...උන් බල්න් ක්න්නෙ අපිට කෙලවෙනකල්...පර හැත්ත.

"සුදු බලන්නකො එදා ලොකු ආච්චි අරහෙ ගිහින් කියලා උබෙයි නංගිගෙයි හෙන ලොකුකම කියලා."

"අනේ ඔය ගෑනිටනම් තියෙන්නෙ පුදුම අමාරුවක් අම්මා...ඕකි තමා රටවටේටම ගිනි දෙන බෝම්බේ...මමනම් පාරකදි හම්බුනත් මූන බලන්නෙ නෑ...වෙන මොකුත් අපි හොඳට ඉන්න නිසා ඉරිසියාව...."

"ඔව් ඔව්...ඒක තමා තියෙන්නෙ ඔය...සුමිනිගෙ කෙල්ලයි ඔයයි එක වයසෙනෙ...ඒ තරඟෙ තමා ඕකිගෙ හිතේ තියෙන්නේ....."

"අනේ ඒකි මොන හාල් කෑල්ලක්ද අම්මා...ඒකිගෙ කකුල් දැක්කොත් කොක්කු නඩුදානවා කොක්කුන්ට අපහාස කරනවා කියලා....හා හා 🤣"

"එදා මගුල් ගෙදරදිවත් නිකමට වත් මූන බලලා හිනාවුනේ නෑ ඔය කෙල්ල...මහ මුස්පේන්තු කෙල්ලෙක්....එංගලන්ති රැජින වගෙ ඒකිගෙ ගෑස්..."

"ඔව් ඔව්...අඹේදොලතැන්නෙ මහ රානී...හිතන් ඉන්නෙ ඓශ්වර්‍යා රායි කියලා...ඒකි නිකන් සුසිලා කෝට්ටගේ වගෙ මූන...අනික අම්මා ඔයා මොකට ද ඕකුන්ගෙ මූනවත් බලන්නෙ...මමවත් නංගිවත් ගනන් ගන්නෙ නෑනෙ ඕකුන්ව...මම නම් හිතාගත්තා කොහොමත් තාත්තගේ පැත්තෙ කිසිම මගුලකට , මරනෙකට මම යන්නෙ නෑ කියලා....."

"ම්ම්ම්ම්ම්....ඕකුන් එදා ඉඳලම කලේ ඕක...දෙනකල් හොඳයි...කඩා වඩා ගන්න බලාගෙන ඉන්නෙ...සක්කිලි වගේ මිනිස්සු ඕකුන්...."

කොහොමහරි අපේ අම්මයි මායි බනින හැටියට අරුන්ට හචින් යනවා ඇති හිටු කියලා.....ආව ගමන් දවල්ට කෑවට දැන්නම් ආයෙ බඩිගිනියිත් වගේ....හවස බත් එක කන්න වෙලාව හරි...කෝමත් දවසට වේල් හය හතක් කන එක මගෙ පුරුද්ද.

හී 😁😁😁😁

............................................................................................................................

මතු සම්බන්ධයි ♥

ඊළඟ ස්වරයෙන් හමුවෙමු.

කතාව සරලයි කියලා හිතෙනවා ඇති...ඔව් ඉතින්...ආදරේ පටන්ගත්ත මුල් කාලේ එහෙමනේ...ඒත් කාලයක් ඒවි ශෙරෝ යකෙක් වෙන වගේම ගල් පර වලින් පිරුනු කටු අකුල් විසිරුනු...එතකල් මන් එක්ක රැඳිලා ඉන්න.

දන්න කෙනෙක් කියනවද මට ෆොටෝස් ඇඩ් කරන්න බැරි ඇයි කියලා.

මම ශෙරෝන්.

Share This Chapter