Back
/ 38
Chapter 11

එකොලොස්වන ස්වරය ♥

තත් 🔞

කොහොමහරි අර මහා හල් කඳ බදාගෙන එයා කෙඳිරිගාද්දි සුදු පාට තෙත් පැල්ලමක් වේලුනු කොලරොඩු උඩ රැඳිලා තිබුනා...හුඟාක් රෝමියෝලගේ ආදරෙයි සෙනෙහසයි ඔන්න තෙත පැල්ලමත් එක්ක මළගම් ගියත් මගේ ආදරේ සෙනෙහස ඒ තෙත පැල්ලම එක්ක ආයෙ ආයෙ නෑගම් එන්න පටන්ගත්තා...

හුඟාක් අය gay relationship එකක් දැක්කම ඇහුවම කියන වචන කීපයක් තියෙනව...පොන්න හැත්ත , පුම්කේ ඇම්‍රගන්න ඕනිවෙලා , පෙර කරපු පව් තමා මේ , වතුර මාරු කරගන්නනෙ මේ ඔක්කොම....ඔන්න ඔය වගේ පාදඩ කතා...යකෝහ් වතුර මාරු කරගන්න ඕනිනම් ගහනවනෙ අතේ...එහෙම නැත්නම් ඕනි තරම් ක්‍රම තියෙන්නෙ...මෙහෙමයි ඒවයේ ආරක්ශාව ගැන සහතික වෙන්න බෑ තමා ඒ වුනාට ක්‍රම හෑව්...grindr තමා ඕවයින් ප්‍රධානම එක...ඒ ඇරුනම ටෙලිග්‍රම් ගෲප්ස් , ෆ්බී ෆේක් ගෲප්ස්...කොටින්ම වට්සප් වලින් පවා ඔය වැඩේ කරගන්න පුලුවන්නෙ...

දෙයක් කියන්නම්...මේක gay , biesexual , trans හැමෝටම පොදුයි...සමහර දේවල් තියෙනවා ඒ දේවල් කරන්න කලින් අපිට ෆට්ටම ඇම්ම...කලාට පස්සෙ ඒ ඇම්ම හොඳවෙනව තාවකාලිකව ...හැබැයි ලෝකෙ නැති ලෙඩ.

ඒ වගේ එකක් තමා gay sex කියන්නෙත්...ෆ්බී ෆේක් , ටෙලිග්‍රම් , වට්සැප් ගේ ගෲප්ස් වල ඕනිතරම් යාලුවො හඳුනගන්න , කතාබහ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඕනි තරම් හොඳ කොල්ලො ඉන්නව...එයාලා හොයන්නෙ සෙක්ස් නෙවෙයි...හැබැයි වැඩිහරිය ඉන්නෙ සෙක්ස් පිස්සො...ඉතින් ලන්කාවෙ මිනිස්සු හිතන්නෙ gay ක්‍යන්නෙ කොල්ලො එක්ක සුකන එකට කියලා...ඒකයි මිනිස්සුට gay love එකක් කියන දේ තේරුම් ගන්න බැරි..

තව වසංගතයක් තමා grindr...ඇඹරුම්හල කියයි , ග්‍රයින්ඩරේ කියයි , බ්ලෙන්ඩරේ කියයි..ඔය මොකෙක් කිව්වත් මේකනම් බ්ලෙන්ඩරයක්ම තමා...තමන්ගෙ ජීවිතේ කෑලි කැපිලා ඇබරිලා සුද්දද්දූලි කරලා දානවා මේ ඇප් එක....ලස්සන අහින්සක පොඩි කොල්ලො සමාජ රෝගීන් කරලා උන්ගෙ ජීවිතේම විනාස කරනවා.

අහින්සක පොඩි කොල්ලො ආදරයක් හොය හොය ඉද්දි කොහොමහරි ක්‍රමේකට මේ ඇප් එකට වැටුනොත්නම් ආයෙ එලියට එන්නෙ ලෝක බඩු විදිහට...කොටුව , මරදාන ස්ටේශන්වල  , පබ්ලික් ටොයිලට්ස් වල , ෆ්ලෝටින්ග් මාකට් එකේ අහුමුලු වල , ජොගින් ට්‍රැක්ස්වල පොඩ්ඩකට කටට ඉල්ලන්නෙ...මූන දිහා බලන් දිවෙන් කම්මුලට ඇනගන්නෙ...තොල් ලෙවකකා පක මිරිකන්නෙ ඔන්න ඔය වගේ උන් තමා..

මම මේ කතාවේ හුඟාක් දුරට අකුරු කලේ වැඩිය සීරියස් නොවී ආතල් එකේ...ඒත් biesexual කොල්ලෙක් විදිහටත් , ආදරේ කරන්න කොල්ලෙක් තෝරගෙන ලස්සන වටින අෆයාර් එකක ඉන්න කොල්ලෙක් විදිහටත් මම මේ දේ කියන්න ඕන...මේ මොකුත් ජෝක් නෙවෙයි...මේ තමා ඇත්තම ඇත්ත.

අපිට සාමාන්‍යයෙන් අපේ අනන්‍යතාවය පොඩි කාලෙදිම තේරුම්ගන්න පුලුවන්...අපිට තේරෙන්න ගන්නවා අපි වෙනස් කියන එක...පොඩිම කාලෙ අපිට දැනෙනව පිරිමි කෙනෙක්ගෙ ඇඟක් දකිද්දි පොඩි කිතියක්...හැබැයි ඔය කාලෙ ගොඩාක් කොල්ලො කරන්නෙ ඔය දේවල් හංගගෙන ඉන්නව , කාටවත්ම නොකියා...මොකද එයාලා හිතනව මුලු ලෝකෙන්ම එ වගේ දැනෙන්නෙ එයාට විතරමයි කියලා...ඊටත් පස්සෙ ටිකක් වයසින් වැඩෙද්දි අවුරුදු දොලහ වගේ පැන්නට පස්සෙ අපිට ආදරයක අවශ්‍යතාවය තදින්ම දැනෙන්න පටන්ගන්නව...ඒ කාලේ අපි ආදරේ කියලා දකින්නෙ විඳින්නෙ හරි සුන්දර හැඟීමක්...ඒ වෙද්දි සෙක්ස් කියන දේ නෙවෙයි හොයන්නෙ...තමන්ව වැzලඳගන්න , තුරුලු වෙලා නිදාගන්න , අතින් අල්ලගන්න , කිස් එකක් දෙන්න , හිනාවෙවී කතා කර කර ඉන්න...ඔන්න ඔය වගේ අහින්සක දේවල් ටිකක් තමා අපි අපේ ආදරය කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නෙ...හරිම ලස්සන කාලයක්...මේ කාලේ ඇතුලත සේම් ඒජ් ලව් එකකට ගියොත්නම් ඒ දෙන්නම ගොඩාක් වාසනාවන්ත වෙන්න පුලුවන් හැබැයි...වයසින් වැඩි අය ආශ්‍රය කරන්න ලැබුනොත් හැමදේම උඩු යටිකුරු වෙන්න පුලුවන්.

මම දකින විදිහට ආදරේම විතරක් හොයන මේ අහිංසකයාට සෙක්ස් කියන දේ ඔලුවට දාන්නෙ සමාජෙන්මයි...සෙක්ස් නොසෙව්වාට භද්‍ර යෞවනයේ නේ ඉන්නේ...ඒ නිසා අපේ හිත ආදරේ නමින් නම්මාගන්න පුලුවන් ඕනි බල්ලෙකුට...

ඉතින් ඔන්න ඔය කාලෙදි grindr වලට වැටුනොත් ජීවිතේම විනාස වෙලා තමා එලියට එන්නෙ....සමාජ රෝග ලෝකයක් grindr කියන්නෙම...

grindr වලට යන පොඩි කොල්ලො gay කියන දේ ගැන වැරදි අර්ථකථනයක් ලබනවා...ඇරගන්නයි අරින්නයි විතරයි අන්තිමට  උන්ට ඕනවෙන්නෙ...

ඔය grindr වල ඉන්න ගොඩාක් අයට කොන්දක් නෑ...ත්‍රීසම් , පෝලිම් අරවා මේවා සේරම ජරාව කරනවා...උන් නිදිවැදපු ගාන උන්වත් දන්නෙ නැතිවෙන තරමට උන් සෙක්ස් වලට ඇබ්බැහි වෙනවා...කොහොමහරි ගෙවල් වලින් බලකරාම කෙල්ලෙක්ව බඳිනවා...බැඳලත් දිගටම grindr ඉඳන් පුරුදු දින චරියාවම අරගෙන යනවා..

මම මේවා මෙහෙම කියන එක හරිද මම දන්නෙ නෑ...මට මේවා ආයෙ ව්‍යංගයෙන් කියන්නෙ නෑ...කෙලින්ම කියන්නම්...වට්පෑඩ් එකේ ගොඩාක්ම කතා ලියන්නෙ කෙල්ලො නේ...මම කොල්ලෙක්...ඒ වගේම බයි කොල්ලෙක්...මේ වෙද්දි මගෙම කියලා ආදරවන්තයෙක් එක්ක එකට ජීවත් වෙන එයාට අවංකව ආදරේ කරන කොල්ලෙක්...ඒ වගේම හොඳට මේ සමාජෙ ඇතුලෙ තෙම්පරාදු වුන කොල්ලෙක්...ඉතින් තවත් පොඩි කොල්ලෙක් gay love කියන්නෙ දකින දකින තැන හැම්‍රිනෙන්න යන එක කියලා හිතන්න කලිනුයි මම මෙහෙම කියන්නෙ.

මම දකින තව දෙයක් තියේ...මේ දේනම් hetro අයටත් ..ඒකියන්නෙ විරුධලිංගික කපල්ස් වලටත් පොදුයි...මම මේක ඒතරම් ලොකුවට සලකන්නෙ නෑ....හැබැයි gay couples වල මේක පොඩි විලාසිතාවයක් වෙලා තියෙනවා මට දැනිලා තියෙනවා...

මුලින්ම කියන්නම් මම සෙක්ස් සහ ලව් කියන්නෙ එකිනෙකින් පරායක්තයි කියලා හිතන කෙනෙක්...ඒ කියන්නෙ ආදරේ කරන්න කෙන්ක් ඉද්දි එයා එක්කම විතරක් සෙක්ස් කරන්න ඕනි කියලා හිතන කෙනෙක්...එහෙම නොවෙන අය ඉන්න පුලුවන්...මම දැකලා තියෙනවා සමහර වට්පෑඩ් කතාවල පවා එහෙම නොවෙන කපල්ස් ගැන ලියලා තියෙනවා...ලෝකය විවිධයි , ඒ නිසා මට ඒකට මොකුත් කියන්න බෑ...

හැබැයි සම - හරක් ආදරේ කරන කෙනා ඇර වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන එක ඕකේ කියලා මතයක් ප්‍රමෝට් කරන්න හදනවා...ඒකෙන් වෙන්නෙ gay අය ගැන සමාජයේ තියන මතය හරි කියලා ඔප්පු වෙන එක...

මම අවන්කෙන්ම මගේ කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නෙ මගේ අම්මා - තාත්තා අතර තියන විදිහෙ සම්බන්ධතාවයක්...නම්බුකාර සම්බන්ධතාවයක්...ඔය ඕපන් රිලේශන්ශිප්ස් කියයි , කොකෝල්ඩ් කියයි...මම ඒවා තරයේම පිටුදකින කෙනෙක්...ඔන්න ඒ දේවල්වලට ඉන්ටෙරෙස්ට් නම් කරාට කමක් නෑ...හැබැයි එතනට ආදරේ කියන නම දෙන එකේ ගැටලුවක් තියෙනවා...

මගෙ කොල්ලා මන් ඇර වෙන කෙනෙක් එක්ක සෙක්ස් කලොත් මට තවදුරටත් එයා එක්ක ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හිතහදාගන්න බෑ...ආදරේ කරාවි මම එයාට ජීවිත කාලෙම...හැබැයි මට එයා එක්ක ජීවත් වෙන්න බෑ.

දවසක් මම මේ ගැන fb එකේ අපේ යාලුවෝ කීප දෙනෙක් ඉන්න ගෲප් එකක කතා කලා...මම එයාලව දැනගෙන උන්නට එයාලා සෙක්ස් කියන දේ සම්බන්ධයෙන් දරන අදහස මට දැනගන්න ඕනිවුනා...

ඒකෙන් බහුතරය මගෙ වයසෙ හිටියේ...ඒ කියන්නෙ අවුරුදු 20 - 25 අතර...එයාලා බහුතරයේ මතය මගෙ මතයමයි ...ඒ කියන්නෙ ආදරේ කරන්න කෙනෙක් ඉද්දි එයා එක්ක විතරක්ම සෙක්ස් කරන්න ඕනි කියන එක...හැබැයි ඔතන හිටියා ටිකක් වැඩිමල් අය කීපදෙනෙක්...එයාලා මට ඉන්බොක්ස් මැසෙජ් දාලා තිබුනා...මල්ලි උබ තාම පරිණත වෙලා නෑ , සෙක්ස් කියන දේ සාමාන්‍ය අවශ්‍යාතාවයක් , ආස කෙනා එක්ක කලා එච්චරයි , ආදරේ කරන කෙනා එක්ක කරන්න බැරි නිසානෙ වෙන කෙනෙක් එක්ක කරන්නෙ....ඉතින් මම අහන්නෙ පරිණතිය කියන්නෙ ඒකටනම් මම පරිණත වෙලා මොකටද...පස්සෙ දැනගත්ත විදිහට ඒ මට මල්ලි කියපු අන්කල්ලා බැඳලා මට වඩා අවුරුදු හතරක් විතර බාල ළමයි පවා ඉන්නව...උන් අර මතය ප්‍රමෝට් කරනවා...මොකද හැම එකාම අවංක වුනොත් උන් වගේ ගෑනි ඉද්දිත් වටේ යන වේස බල්ලො එක්ක ඉන්න එකෙක් නැතිවෙන නිසා.

මම කියන්නෙ මේකයි...friends with benifits , sex buddies , sex partners ඔන්න ඔය වගේ දේවල් ශේප්...ඒ වගේ දේවල් වල මම පවා ඉඳලා තියෙනව ආදරේ කරන්න කලින්...හැබැය් ඔය අතරට ආදරේ කියන වචනෙ දාන්න එපා.

උබ gay හෝ bie කොල්ලෙක් නම් , උබට ඕනි සෙක්ස් විතරයි නම් උබට සෙක්ස් කරන්න සේෆ් කොල්ලො ටිකක් තියාගනින්...උන් එක්ක කතාකරපන් මුලින් සේෆ්ටි එක ගැන...හැබැයි උබ ආදරේ හොයනවනම් එකෙක් ළඟ නතරවෙන්න ඉගෙනගනින්...නැත්නම් උබෙයි යන යන තැන පුට්ටු වෙන රැලේ බැල්ලිගෙයි වෙනසක් නැතිවෙයි...උබ ආදරේ කරන්නත් උබ වගේම එකෙක් සෙට් වුනොත් ඒක ශේප්...හැබැයි අවංක , ආදරේම විතරක් බලාපොරිර්ත්තුව් එන අහින්සකයෙක්නම් ඌ මාරම විදිහට විඳිවයි...

gay කියන කන්සෙප්ට් එක මිනිස්සු මේ තරම් පිලිකුල් කරන්නෙ අහින්සක ආදරේ කරන gay කොල්ලො නිසා නෙවෙයි බැඳලත් ඇම්ම හොඳවෙලා නැති උන්ගෙ ළමයින්ගෙ වයසෙ පොඩි කොල්ලො එක්ක ප්‍රසිධියෙ ලිංගිකව හැසිරෙන පර හැත්ත නිසා...මම මේ සමාජෙ bie කොල්ලෙක් විදිහට හොඳට තෙම්පරාදු වෙලා ඉන්නෙ.

ඒ නිසා උබේ ඔලුවට විස පුරවන්න , උබව ඉත්තෙක් කරගන්න , උබව සෙක්ස් පිස්සෙක් කරන්න ඉඩතියන්න එපා කොල්ලනෙ...හැමවෙලේම තමන්ගෙ අම්මගෙ තාත්තගෙ වගේ ගෞරවනීය ආදරයක් ලබන්න උත්සාහ කරපන්..

හරි ඒ ඇති...සීරියස් දෙයක් කියද්දි වක්කඩ කැඩුවා වගේ ගලාගෙන එන අදහස් නිසා මට හරුයට ගලපගන්න බෑ...ඒ නිසා පොඩ්ඩක් පැටලිලිසහගත ඇති...ඒ නිසා අන්න ඒ වෙනුවෙන් සමාව භාජනේට දාලා මම කිව්ව දේ හරය තෙරුම් ගනිල්ලා...හරි සීරියස් පාට් එක ඇති.

........................................................................................................................

"බබා මේ...."

"මොකද මැනිකෙ...මොනාද ඕන...ම්ම්ම් ? "

"මේ ඒයි....."

"මොකද ඒයි"

"මට බඩ්ඩක් දෙනෝකෝ."

"ඇයි කටට ඕනිතේ........."

"ඒ මගුලක් නෙවේ මිනියෝ...මොකක්ද අප්පා...තමුසෙ ආදරේ මගේ ඇඟටද මටද ශුඩු මහට්ටයා...."

"හරි පන...මම විහිලුවක්නෙ කලේ...මොනාද ඕනි දැන් මගෙ කොම්ලට...අනික උබේ ඇඟට ආදරේ කරන්න කියන්නෙ බලනවකො ලබ්බට කෝටු ගහලා වගේනෙ..."

"අනේ මේ මිනියෝ.....මට දොලදුකක් ඇවිත්නෙ."

"අයියෝ වෙන්ට බෑ නෙව මයෙ මැනිකේ...තාම කී වංගියද ඇන්නේ...මෙච්චර ඉක්මනට හිට්‍ටෙ කෝමද සුද්දො...ම්ම්ම්හ්...කෝ ටීශර්ට් එක උස්සන්න..මට මගෙ දරුවා එක්ක කතා කරන්න...අනේ ඉතින් මගෙනෙ..."

"අනේ මේ...මට තවුසෙගෙ අතින් උයලා කන්න ඕනි...මම එදත් කිව්වෙ."

"මොනාද දැන් අද රෑට කන්න හදලා ඕනි ඉතින්...."

"ම්ම්ම්...පුන්චි චිකන් ගෙනත්...ඒක ඩෙවල් කරලා...පරිප්පු හදලා...පපඩම් බැදලා...තව මම ආසම විදිහට තිබ්බටු දාලා මඤ්ඤොක්කා කොළ සම්බෝලයක් හදලා ඕනි..."

"අනේ වස්තුවේ...මටනම් බෑ මෙහේ...මෙහෙ උයන්නෙ දර ලිපේ...මට බෑ මැනිකෙ දැලි කාගෙන දුම් කන්න...මෙහේ ගෑස් තිබ්බට ගෑස් එක පාවිච්චි කරන්නෙ නෑ...විහින් නැහෙනවා දර ලිපේ...පුංචි පව් අප්පා."

"බෑ බෑ...ඕනිමයි අදනම් ..................ඕනීහ්හ්හ්හ්හ්හ් "

"යමන් යමන් මලවදේ එහෙනම්...දැන් මඤ්ඤොක්කා කොළ කොහෙද තියෙන්නෙ."

"අර පල්ලෙහා තියෙන්නෙ."

"යමන් එහෙනම්...පුන්චිගෙන් පන් වට්ටිය ඉල්ලගෙන එන්න."

"මට බෑ අප්පා...අර මල්ලිව එක්ක යන්නකො...කූඩැල්ලොනෙ "

"උබනම්...ඉල්ලන් වරෙන් වට්ටිය."

කෝමහරි මේකාගෙ දොලඳුක සන්සිඳුවන්න මට උයන්න වුනා...

මම චිකන් ඩෙවල් හදන්නෙ මගෙම ක්‍රමේකට...මේක හුඟාක් අය මගෙන් අහගන්න ට්‍රයි කලා...ඒත් මම කිව්වෙ නෑ...බලන්න අපේ හැදියාව...මොකද එහෙම කිව්වම අගේ අඩුවෙනව...ඒත් ඔයාලට කියන්නම්...

මුලින්ම  කුකුලෙක් ගන්න....ගම් කුකුල්ලුයි වලි කුකුල්ලුයි හබන් කුකුල්ලුයි සෙට් නෑ...ගන්නවනම් බොයිලර් ගනින්...ඒවා තමා සෙට් හොඳටම.. හබන් කුකුල්ලු ගන්නවනම් උබ කුකුලට හොඳට සබන් ගාලා තියන් රබන් ගහපන්...තව බස් වල ජැක් ගහන කුකුල්ලු එහෙම ගන්නත් එපා උන්ගෙ ඇඟ පුරා තියෙන්නෙ කුනු ලේ...ඕවා විසවෙයි.

පස්සෙ කුකුලව සාමාන්‍ය කෑලි කරලා හොඳට හෝදලා විනාකිරියි ලුනුයි ගම්මිරිසුයි දාලා වතුර ටිකක් එක්ක තැම්බෙන්න තියනවා හොඳට වහලා , මොකද රස්නෙ වදිද්දි මූ තාච්චියෙන් පැනලා දුවන්න බැරි නෑ...කුරි කැකුලා..

මස් ටික හොඳටම තැම්බුනාම ස්ටොක් එකයි චිකන් ටිකයි වෙන්කරගෙන ස්ටොක් එකට සුප් කැට භාගයක් වගේ දාලා හොඳට දියකරගෙන තියාගන්නව...සුප්කැට හොඳනෑ තමා...ඒත් මම ඒම සුප්කැට දාන්නෙ ඩෙවල් හදද්දි විතරමයි..දෙයියම්පා...නැ නෑ ඇන්ටිපා.

.ඊළඟට තාච්චියකට තෙල් දාලා ඒකට ඉඟුරු සුදු ලූනු පේස්ට් එක දාලා ඒකටම රම්පෙ , කරපින්චා , කුරුඳු පොතු කෑල්ලක් , සියඹලා පොඩ්ඩක් , කරාබුනැටි එහෙම දාලා තෙම්පරාදු වෙන්න අරිනවා...පස්සෙ ලිප ගොඩාක්ම අඩුකරලා මේකට කෑලි මිරිස් දාලා යාන්තමට සැර දැනෙද්දි ඒකට ලොකුවට කපපු ලූනු රවුම් , දෙකට පලපු අමුමිරිස් , එක්ක තක්කාලි ගෙඩියක් කපාගෙන එහෙම දාගන්නවා...ඊළඟට මේටික හොඳට වහලා අඩුගින්දරේ චුට්ටක් තෙලෙන් තැම්බෙන්න තියලා යාන්තම් තෙල් දාලා වෙනම නන්ස්ටික් පෑන් එකක චිකන් ටික බැදගන්නවා...ගොඩාක් බදින්නෙ නෑ...යන්තම් පාට වෙන්න විතරයි...ඊලඟට අර තෙම්පරාදුවට මිරිස් කුඩු , ගම්මිරිස් , ලුනු කුඩු , කහ කුඩු එක්ක මස්කරි පව්ඩර් සූට්ටක් දාලා චිකන් ටික දාගනන්වා...ටිකක් චිකන් ටික තෙම්පරාදු වෙද්දි මේ මිශ්‍රනය තාච්චියේ පැත්තකට කරනවා...අන්න ඒකනම් ටිකක් අමාරුයි...පලපුරුද්ද අත්‍යවශ්‍යයි...හුම්.. වැඩකාරයට බොරු බෑ කියනවනෙ.

ඔන්න දැන් තමා මේකෙ රහසිගතම කොටස...මේකෙන් තමා මේකෙ රස වෙනස් වෙන්නෙ...මිශ්‍රනය තාච්චියෙ පාත්තකට කරලා තාච්චියේ මිශ්‍රනය නැති පැත්තට දානවා සීනි හැඳි දෙකක් විතර...ඔන්න ඔය වෙලාවෙ අර කුකුල් කෑලි මේ සීනි කන්න පනින්න හදනවා  ඒනිසා හැන්දෙන් ඒවාට එන්න නොදී තියාගනින්...

පොඩ්ඩක් සීනි ටික රත්වුනාම සීනි ටික උඩට සෝයා සෝස් චුට්ටක් දාගන්න වතුර ඇබින්දක් එක්ක...සීනි ටික ගානට රත්වෙලානම් මේක ගොජ ගොජ ගාලා නටලා කැරමල් වෙනවා...වැරදිලා හරි ගොජ ගොජ නොගෑවොත් ලිප ඕෆ් කරලා උබවත් ගොජ ගොජ ගාපන්..

හැබැයි ලමයි මේ සීනි ටික කරකරගන්නනම් එපා...තිත්තයි එහෙම වුනොත්...ගානට කැරමල් වුනාම මේක අර මිශ්‍රනය එක්ක කලවම් කරලා අපි තියාගතපු චිකන් ස්ටොක් එකත් දාලා හොඳට කලවම් කරලා අපිට උවමනා තික්නස් එක ආවම ලිපෙන් බාගෙන තක්කාලි සෝස් දාලා කෙලලා අරින්නයි තියෙන්නෙ...මේක දරලිපේ හදන එක ටිකක් අමාරුයි...මොකද ගින්දර පාලනය කරන්න බෑනෙ...ඒ නිසා මේකට විතරක් මම ගෑස් එක යූස් කලා...

කොහොමහරි ඩෙවල් එක නිවෙද්දි පරිප්පුව ලිපේ...පරිප්පු හදන්න ඉතින් උබලා දන්නවනෙ...රොකට් සයන්ස් නෙවේනෙ.

භාරදූරම කාර්‍යය වන පපඩම් බැදීම මගෙ ගඩාපියා තමා කලේ.

දැන් තියෙන්නෙ..කොටන්න...උබලා බලනවා ඇති නේද මුන් උදේ ගස් ගල් අස්සෙ ඉඳගෙනත් කොටලා දැන් ආයෙ කොටනවා කියලා..

වැරදියි...වැ...ර...දි...යි...මේ ඒ කෙටිල්ලක් ගැන නෙවේ කියන්න හදන්නෙ...මම මේ මඤ්ඤොක්කා සම්බෝලෙ කොටනවා...අපේ ගෙවල් වල තියෙන විදිහෙ පුන්චි අත් වංගෙඩි නෙවේ මෙහෙ තියෙන්නෙ...මගෙ දනිස්සටත් වඩා උස ගල් වංගෙඩියක්...මහා මෝල්ගහකින් ඉතින් කොටනවා මම දාඩිය පෙරන්...

"ඒ බබා...කෝ ආච්චි අම්මා."

"බාප්පලයි මල්ලිලයි ගෙදර ගියා."

"ඒ එහෙනම් මරු...අපි ගීතෙන් ගීතේ දාමුද."

"අපි දෙන්නා විතරක් ? "

"නෑ නෑ...පුන්චියි ඔයයි මායි නන්ගියි මල්ලියි.."

"හා ...පුන්චීහ්හ්හ්...එන්ඩෝහ්හ්හ්හ්...."

මේකා මරු ....මගෙ පුන්චිට මේකත් කියන්නෙ පුන්චි කියා...ශෝක්...

අපේ පුන්චි පව්...අපේ අම්මා කියනවා කිරිල්ලියක් වගේලු ගෙදර ඉද්දි උන්නේ...අපේ නන්ගි වගේ පොඩි ශෝටවල් ගහගෙන හින්දි ෆිල්ම් බල බල සින්දු කිය කිය නට නට උන්න එකීලු...ඇත්තටම පුන්චි පව්..මෙහෙ නිකන් හරිම අමුතුයි...පුන්චිට මෙහෙ ආවට පස්සෙ කවදාවත් කලිසමක් අඳින්න ලැබිලා නෑ...මෙහේ සින්දු කියනෙ නෑ , නටන්නෙ නෑ...ඕනිවට වඩා සාම්ප්‍රධායිකයි...මාතර හිටියනම් මෙහ්හ්ම නෙවෙයි අපේ අම්මලා වගේ සංවරව වුනත් ලස්සනට ෆැශන් කරාවි...අපේ අම්මලා , අපි වගේ සින්දු කියලා නටලා විනෝදෙන් ඉඳීවි...කරන්න දෙයක් නෑ එයා ලබා උපන් හැටි තමා මේ...

අපේ අම්මා කියනවා අපේ නන්ගි දැන් ඉන්න විදිහටමලු ඒ කාලේ පුංචිත් උන්නේ...හැබැයි මම දන්නව අපේ නංගිටනම් මිනිහා මෙහෙම නීති දාන්න ආවොත් ඒකි ඌට වලං ගැට්ට කරේ හිටින්න ගහලා දීගෙ කඩන් ගෙදර ඒවි...එහෙව් ඒකි.

මෙහෙ ආච්චියි බාප්පයි නැතිවෙනකල් ඉඳලා තමා මායි පුංචියි මේ බබලා පොඩි කාලෙත් සින්දු එහෙම කියන්නෙ , නටන්නෙ...නිකමට හිතන්න අපේ ආච්චි නැතිවෙද්දි එයාට හැත්තෑවක්...ඒ කාලෙත් එයා මන් ගියාම සුජාතා මැඩම්ගෙ එහෙම සින්දු දාගෙන ලස්සනට නටනවා...අපේ අම්මලා වුනත් හරිම කලාවට බරයි...ඉතින් හිතන්න එහෙම කලාකාමී විනෝදබර පවුලක ආදරේ මැද්දෙ හැදිලා මේ වගේ ජීවිතේකට වැටුනොත්...🥺

මට අදටත් මතකයි අපේ ආච්චිගෙ ආසම සින්දුව...විශාරද යමුනා විනෝදිනී මැඩම්ගෙ සින්දුවක්..

"අසුරු සැනින් එක මොහොතකදී කාලය නැවතී යලි ඇරඹී

විශ්වය අලුතින් බිහිවේවා

ඔබේම වී මා මගේම වී ඔබ

අපේම වී අප ඉපදේවා..."

"පුන්චියෝ...එන්ඩෝ..."

"එනවා..සුදූ...මොකද බූරුපැටියෝ මේ..හා හා 😁😁"

"ඇයි අප්පා හිනාවෙන්නෙ.."

"ඔහොම නෙවෙයි ඔය වංගෙඩිවල කොටන්නෙ මෝල්ගහ උස්සලා ආයෙම වෙර දාලා ගහන්න ඕනි නෑ...නිදහසේ වැටෙන්න දෙන්න...ඔය බලන්න දාඩිය බේරෙනවා මේ කොල්ලගෙ නලලින්.."

"හරි ඒක වැඩක් නෑ...අපි ගීතෙන් ගීතේ දාන්න හදන්නෙ පුන්චිත් එන්න ඕන."

"පිස්සුද කොල්ලො...කෝ ආච්චි අම්මා...එහේ වගේ නෙවෙයිනෙ සුදු මෙහේ...මෙහේ අය ඒවට කැමති නෑ...."

"එයා නෑ බාප්පගෙ මල්ලිලාගෙ ගෙදර ගිහින්..එන්නකො අප්පා..."

"හා හා...එහෙනම් පටන්ගමු.."

"මම පටන්ගන්නම් එහෙමනම්...ඔන්න මම කියනවා..

රත්තරන් මැනික් මුතු මොකටද මේවා

හිස් අතින් සිනාසිසී පැමිනේවා

මට මල් කුමටද මා උපන්නෙ වනමල් උයනේ

මට පැනි කුමටද මා සිටියා මී බැඳි අරණේ

මිනිමුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ

ගෙන එනු මැන ඔබමට සලසන රැකවරනේ"

"න...නයන්න...කෝ නෙතූ ...ඔයාගෙ ටර්න් එක...එකායි

..දෙකායි.."

"ආ හරි හරි... න...න...නයන්න නේ....ම්ම්ම්ම්ම්.ආ..

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී

මල් පිපෙන සුවඳ නීල වලා තුලට ගුලිවෙවී

සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්

හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින්"

"නා ...නයන්න...පුන්චි...ඔයාටත් නයන්න."

"අපොයි...කොල්ලෝ...මතක් වෙන්නෙත් නෑ අප්පා..."

"එහෙම බෑ...ඔන්න එකායි..."

"ආ හරි හරි

නිසංසල සඳක් පැතුම් මල් ගොඩක්

සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්"

"මතක ඔච්චරයි මැනිකෙ...ඇතිනෙ.."

"..ඒ ඇති පුංචි...කයන්න...නන්ගි..ඔයාට...කෝ නංගි...ක..ක යන්න..."

"අන්නේ...මතක නෑ...මට බෑ මම එන්නෙ නෑ..."

"අපෝ මොකක්ද නංගි...හරි එහෙනම් මල්ලි..."

"මටත් බෑ...මායි අක්කයි බලන් ඉන්නව...ඔය සින්දු එකක්වත් අපි අහලාවත් නෑනෙ."

"එතකොට ඒක ආයෙම මටද...හරි කයන්න නේ...ම්ම්ම්ම්ම්..ක...ක..

කෙදිනද කූඩු හදන්නට එන්නේ කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ

සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ කවදා තනිවන්නෙ...."

"ඌෆ්ෆ්...ආයෙම නයන්න...නෙතූ...එකාය්..."

"හිටාන් යකෝ...එහෙම හොරයි...ඔච්චර වේගෙන් කවුන්ට් කරන්න බෑ...න...න...න....

නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ

ගීත රාවේ දැනුනා මුදු දෙහද රන් සත්සරේ

මා හදේ වෙලෙනා ඔබ මගේ සෙනෙහේ පිරුනා මිහිරාවී මාගේ..."

"හා හා...බොරුත් කියනවා මේකා...හරි ගයන්න . ග... ග...පුංචිට ආයෙම..."

"ආ ..ග....ග.....ගයා ගීතයන් ගමේ වෙල් එලියේ

දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ

ඈ සමඟින් එදා ඒ මා තමා

අද නැතුවා වගේ ඈ මේ ගමේ."

"ම...ආයෙම සුදූට...ම යන්න."

"මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ

මේ හැටි දුර පියමන් කරලා ඇයි මම ඔබ ළඟ නතර වුනේ.

මේ විස කටු ගස ළඟ ඉපදී ඇයි මේ මල් වැල එහි එතුනේ

ගිලිහී යන්නට ඔබෙ සුරතේ ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ."

"හා හා...🤣🤣 ආයෙම නයන්න නෙතූට..."

"අපෝ මේක කරන්න බෑ අප්පා..මට ආවෙම නයන්න විතරනෙ...සෙද්ද...න...න...න...නෝනා නානවනම් නාන්න නෝනා...

ආ ආ.ආ..."

"ඔච්චරයි මචක පුංචිටත් නයන්න..."

"ආ එඑක හොරයි...වචන කීයද කිව්වෙ....අනික ඕක ඒක අක්ශර නිබන්ධනයනෙ...ඕකෙ හැමතැනක තියෙන්නෙ නයන්න තමා.."

"ආ එහෙම එකක් නෑ...කොහොමහරි සින්දුවක් තියේනෙ..."

"හරි හරි රන්ඩු නොවී ඉන්න සුදූ...න...න..

නවදැලි හේනක පෑව වැඳිරි රුව

ලෙස උවමින් දෙනුවන් රවටා

මා පෙම්කළ ජනපද කල්‍යානිට

හිමියනි මට කළ නොහැක නිගා."

ග..ගයන්න...ආයෙම සුදූට...ග."

"ආ දෙන්නම්කො...ආ ආ...ග...ග...ගිරි මේඛලං උදිත ඝෝර...."

"ආ ආ...මරු...මොකද උබ ජයමංගල ගාථා කියන්නෙ...එකායි...දෙකායි...තු.."

"ආ හරි...පත්තුවුනා.."

ගලන ගලන දොළ පාරේ නුඹෙ හඬ දෝංකාර දේ

අකුනු හඬයි බොල් අහසේ මගෙ හිත සාංකාව දේ...

.ඇත්ද උබට..අහන්නකො විනාඩියක්...පුන්චි දන්නවද මේ සින්දුව මාරම සංගීතමය වටිනාකමක් තියෙන සින්දුවක් ...මේක කියන්නෙ විශාරද නිර්මලා රනතුන්ග...නෙතූනම් දන්නෙ නැතුව ඇති...නිර්මලා රනතුන්ග කියන්නෙ මල්කාන්ති නන්දසිරිගෙයි නංගි...නිරංජලා සරෝජිනීගෙයි සකුන්තලා පීරිස්ගෙයි මනෝජ් ප්‍රීරිස්ගෙයි අක්කා...සෙව්වන්දි රනතුංගගේ අම්මා...මේ මුලු පරම්පරාවම කලාවට සම්බන්ධයි...ඉතින් මේ සින්දුවේ සම්පූර්න තනුව දුවන්නෙ පර්කෙශන් ඉන්ස්ටෘමන්ට්ස්...ඒ කියන්නෙ තාල වාද්‍ය භාන්ඩ මත...පිච් එක දෙන්න තියන ඉන්ස්ටෘමන්ට් එක ඇරුනම අනිත් සියල්ල දුවන්නෙ තාල වාද්‍ය භාන්ඩ මත..."

"ආ ඇති ඇති...කො පුංචි ඔයාට දයන්න...ද..."

"අපොය්...ද...ද...

දම් පාටින් ළා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි

සමුගෙන යන්න මගෙන් තව මොහොතයි

නොදොඩා ඉන්නේ ඇයි....නොදොඩා ඉන්නේ ඇයි..."

"හරි සුදූට ආයෙම ...ය ...යයන්න..."

"යනවානම් අනේ මන් අරන් ..

යන තැනකට යන්න රත්තරන්.

හිඟා කකා කොලපතක් අරන්.

ලුනුයි බතුයි කමුකො රත්තරන්

සතෙන් සතේ එකතු කරලා රහසේ කැටයකට දමලා

නුවර එලියෙ ටජ් මහලක් හදමු රත්තරන්.

සාරි ඉරලා ජනෙල් වලට දමමු රත්තරන්.."

"අම්මෝහ්ජ්ජ්...නෙතු ආයෙම නයන්න ඔයාට...ඔයාටයි නයන්නටයි ආත්මීය බැඳීමක් තියෙන්නෙ...🤣🤣🤣"

"මාවම කාපන්...න...න....නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුන දා..."

"ආ ආතල් ඇති...එහෙම බෑ...ඔය සින්දුවෙ මැද...මුල ඕන...එකායි දෙකායි...තුන්.......නා..."

"නිර්වාන ස්වර්න ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පත්ම වන්දනා කරම්....තාලෙ මතක ඤැහ්..."

"ම...තමුසෙට ම.....ම...ම....මයන්න..."

"ආ හරි

..ම...ම...

මංකඩ ළඟ හැන්දෑවේ

දියබුං හඬ ඇසෙනා

දංගොල්ලේ පන්කොටුවට යාන්තමින් පෙනෙනා

බිම්කරුවල සෙවනැල්ලෙන් හීන් සැරේ මැකෙනා

මන් දන්නා කුමාරයෙක් මංකඩ ළඟ උන්නා."

"ආ ඒ කොහෙ තියන සිංදුවක්ද...අහලාවත් නෑනෙ..."

"අනේ මේ...ඒක ඉන්ද්‍රානි බෝගොඩ මැඩම්ගෙ සින්දුවක්...ඒවා හැමෝටම අහුවෙන්නෙ නෑ...ඒවා masterpiece...ඒවාට ඉන්නෙ සීමිත රසිකයින් සංඛ්‍යාවක්...මෙතනින් මම අහන්නෙ පරන සින්දු විතරනෙ.."

"අපෝඇති ඇති...පුංචිට නයන්න...න.."

"අම්මේහ්හ්හ්හ්...ආච්චිඅම්මා එනවෝ...හ්හ්හ්.."

"ආ..සුදූ...දැන් ඕක කෙටුවා ඇති ඇති කොල්ලෝ..තව කෙටුවොත් ඕකෙන් කොළකැඳ හදන්න පුලුවන්...ආච්චි අම්මා එනවලු...අතපය හෝඳන් එන්න කන්න..."0

"හරි පුංචි...අපි එන්නම්."

............................................................................................................................

කොහොමහරි මන් උයපු කෑම ටික බුරිය උල් වෙන්නම කාපු එයාට හොඳටම නින්ද ගියා...මගේ දෙවෙනි අම්මා , මගෙ පුංචි...මගේ ජීවිතේ මුල්ම කාලෙ මන් එක්කම ඉඳලා මගෙන් ඈතට ආවත් අදටත් ඒ උනුහුම හරි සුවදායකයි..ආදරනීයයි.

"පුන්චි...මං ආයෙ මෙහෙ එන්නෙ නෑ පුංචි...."

"අනේ ඇයි රත්තරනෙ...."

"මට පුන්චිව හම්බෙන හැමදාකම මගේ ඔලුව අව්ල් වෙලා තමා මම ආයෙ යන්නෙ...බලන්න අප්පා ඔයාගෙ හැටි...අපේ අම්මාටත් වඩා වයසට ගිහින් වගේනෙ...."

"දැන් ඉතින් මේ අලි කොල්ලෙක් ඉන්නේ මට...මම වයසයිනෙ පුතේ කොහොමත් දැන්...."

"අවුරුදු 38  ක් කියන්නෙ වයසක්ද අප්පා...බලන්නකො අනේ ඔයා කෙට්ටු වෙල තියෙන තරම්...අනික පුන්චි ඔයාලා හිතනවද ලමයි ලොකු වෙද්දි අම්මලා තාත්තලා පුන්චිලා ඔක්කොම වැහැරිලා කැත වෙන්න ඕනි කියලා...නෑ පුන්චි එහෙම නෑ...අපේ අම්මටනම් තව ටික දවසකින් බලෙන් හරි මම ඩයි කරවනවා...එයා බෑ කියද්දි මම එයාට ලස්සන ඇඳුම් තෝරලා ගිහින් දෙනවැ...අපි ආසයිනෙ ඔයාලා ලස්සනට ඉන්නවට.. ඔයාලා ගැන බැරිනම් අපි ගැනවත් හිතන්න පුන්චි..

බලන්නකො බ්ලෙන්ඩර් එක තියෙද්දි මිරිස් ගලේ පොල් අඹරනවා , මැශින් එක තියෙද්දි රෙදි අතේ හෝදනවා , ගෑස් එක තියෙද්දි දර ලිපේ දුම් බොනවා...ඇයි අප්පා ඒම...ආච්චිට ඔය තරම්ම මොකක්ද අප්පා ඉලෙක්ට්‍රික් බඩු එක්ක තියන තරහ...අනික ඔයා පව් නැද්ද...ඔයා වැඩටත් යනවා...ගිහින් ආපු වෙලේ ඉඳලත් වැඩ..."

"හරි හරි කෝ...කෑ ගහන්නෙපා...ආච්චි අම්මට ඇහේවි...එයාලා පරන තාලෙ මිනිස්සුනෙ සුදූ...ඉතින් මටත් ඒ විදිහට හැඩ ගැහෙන්න වෙනවා...අනික දැන් මට මේවා පුරුදුයි...මිරිස් අඹරන්න , වී තම්බන්න , වී කොටන්න , දරලිපේ උයන්න මට හුරුයි මැනිකෙ දැන්...."

"හ්ම්...ඔයාට කියලා වැඩක් නෑ පුංචි...ඔයා දුක් විඳින්නෙ විහින්..".

"හරි..ඒවයින් වැඩක් නෑ...අර බලන්න්කො සුදූ අර යාලුවා...ආසාවෙ බෑ මැනිකෙ...මගෙ කොල්ලත් අනීවාරෙන් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන...මගෙ පනනෙ සුදූ ඔයා...පොඩි කාලේ මමනෙ මගෙ කොල්ලව හැදුවෙ...ආච්චිත් බලාගෙන උන්නේ ඔයා හොඳ තැනකට එනකල්...අපේ පව්ලෙ වැඩිමලා ඔයා...අනිත් හැම නංගියෙක් මල්ලියෙක්ම හැදෙන්නෙ ඔයා දිහා බලාගෙන...අපිට දාහක් නෑනෙ...ඉන්න මේ දරුවො ටිකනෙ...අපි සහෝදරයො පස් දෙනාම එකවගේ අදටත් සාමදානයෙන් සතුටින් ඉන්නවනෙ....."

"ඔව් පුන්චි...චූටි මාමයි , සුදු මාමයිත් කොයි වෙලෙත් හැමදේටම උදව් වෙනවා...ලොකු මාමත් ඉතින් උදව් කරනවා...වැඩියෙන් කරන්නෙ බනින එකනෙ..."

"ඒ ලොකු මාමගෙ හැටිනෙ පුතේ...එයා වෙනදාත් එහෙමයි...මන් කොයිතරම් ලොකු අයියගෙන් ගුටිකාලා ඇත්ද...පොඩි අයිය එහෙම සැර නෑ...ලොකු අයියා තමා සැර."

"ඔව්...ඒත් එයා එහෙම කියද්දි හිත රිදෙනව මිසක් ඒදේ කරන්න හිතෙන්නෙ නෑ අප්පා...බලන්නකො ඒකට චූටි මාමා...හැමදේම ආදරෙන් කියලා දෙනවා...හරිම ආදරනීයයි...එයා කියන දේ බෙල්ල ගහලා ගියත් කරන්න හිතෙනව...සුදු මාමානම් ඉතින් ඒ තරම් වගකීම් සහගත කෙනෙක් නෙවෙයිනෙ..ඒත් එයත් අපි එක්ක හරිම ආදරනීයව ඉන්නවනෙ...කොහොමත් මට අම්මගෙ මල්ලිලා තුන් දෙනාගෙන් ලොකු මාමාට වඩා සුදු මාමයි චූටි මාමයි හුඟාක් සමීපයි කියලා හිතෙනවා."

"එහෙම හිතන්නෙපා සුදූ...ලොකු මාමා ටිකක් වෙනස් තමා...ඒත් ආදරේ නැත්තෙ නෑ...එයා දේවල් කියන විදිහ තමා වෙනස්...ඒකයි එහෙම දැනෙන්නෙ."

"ම්ම්ම්ම්....ඔව් ඉතින්...ලොකු නැන්දාගෙ ගති දැන් ටික ටික ලොකු මාමාගෙත් තියෙනව පුංචි හැබැයි...ලොකු නැන්දා නරක නෑ...හැබැයි ලෝබයි...අපිට වෙනසක් නෑ...අපි කවදාවත් එහෙම රන්ඩු වෙලා , තරහ මරහ වෙලා නෑ...ඒත් එයා ඉතින් ටිකක් වෙනස්නෙ...හැබැයි චූටි නැන්දයි , සුදු නැන්දයි එහෙම නෑ...එයාලා අපේ අම්මා , ඔයා වගේ ම පොලොවෙ පයගහලා ඉන්නේ...ඒ දෙන්නාටම මම මාරම ආදරෙයි..එයාලත් එහෙමයි."

"ඔව්...සුදු මල්ලිගෙ නන්ගියි පොඩි අයියගෙ නන්ගියි දෙන්නම කොහොමත් හොඳයි...මටයි අම්මටයිත් සහෝදරියො වගේම තමා.

ම්ම්ම්ම්...කමක්නෑ මගෙ මැනික ඕවා හිතන්න එපා...දැන් කොහොමද ඔයාගෙ වැඩ..............."

කාලෙකට පස්සෙ පුන්චිත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉඳලා මම ආවා ගඩාපියා නිදාගෙන ඉන්න කාමරේට.

............................................................................................................................

"මේ ඒයිහ්හ්හ්හ්හ්හ්...ශෙරෝඕඕඕඕඕඕන්......"

"මොකද මොකද ඔයි...මගෙ ඇඟේ ලේ වතුර වුනා මොකද යකෝ මැරෙන්න හදන්නෙ."

"අනේ අර...අරූව අයින් කරනවාහ්...මටනම් බෑ නිදාගන්න ඌත් එක්ක...."

"යකෝ ඌ තමුසෙගෙ ඇඟේ නගින්න එන්නෙ නෑ...පොඩි සතෙක්නෙ අප්පා..."

"මට arachnophobia තියෙනවා ගොනෝ..."

"ඒ මොකක්ද බොල ඒ.."

"arachnophobia කියන්නෙ මකුලුවන් වගේ ඇරැක්නීඩාවන්ට තියන අසීමිත බය...මට බෑ ඌ ඉද්දි නිදාගන්න..අනේ ඌව යවනවකො...."

"ආ...ඒත් මම කොහොමද දැන් මේ බිත්තියෙ ඉන්න සතාව අයින් කරන්නෙ..."

"අර නයි ආවම යන්න කියන්නෙ එහෙම යන්න කියන්න බැරිවෙයිද..."

අම්මෝහ්හ්....මරු හැබැයි...මේකාට බය නිසා වයර් මාරු වෙලාද කොහෙද...ශෝක්...රස ලෝකයක්..

"තමුසෙම කියලා බලනව බබා එහෙමනම්...."

"එහෙම කිව්වම යයිද...."

"කියලා බලන්න ඉතින්...එයාට පැහැදිලිව කිව්වොත් එයා තේරුම්ගනීවි...."

"hey dude ,mr.spider ...can you plz leave this room as i have arachnophobia...can you plz ?"

මට හිනායන්න ආවා...ඒ හිනාව ගිලලා දැන් මම පුපුරන්න ඔන්න මෙන්න..

"තමුසෙගෙ ඇස් පේන්නෙ නැද්ද ඌ කලු පාටයි...ඌ සුදුපාට වුනානම් සුද්දගෙ භාශාව තේරේවි...ඒ වුනාට ඒකා කලු පාටයිනෙ.."

"ඉතින් මම අප්‍රිකන් දන්නෙ නෑනෙ...මූ කාපිරි මකුලුවෙක්ද කොහෙද..."

"මම හිතන්නෙ මේකා කලු වුනාට ලාංකික මකුලුවෙක්...සින්හලෙන් කියලා බලනවකො..."

"අනේ මේ ඕයි...මට බෑ මේ ජරා සත්තු එක්ක කතාකරන්න...මූව අයින් කරපන් මිනිහො."

"කෝ අරන් වරෙන් කොස්ස හරි මකුලි දැල් කඩන එක...ආ මෙහෙ මකුලු දැල් හදන ඒවා නෑ...මෙහෙ තියෙන්නෙ කැප්පෙට්ටියා අතුනෙ මකුලු දැල් කඩන්න...කොස්සක් ඉල්ලගෙන එන්න..."

"ආ මෙන්න..."

"ආ දැන් හරි...එයා එයා කාමරේට ගියා...ආයෙ එන්නෙ නෑ ඉතින්..."

"ශුවර් නේද ම්ම්ම්ම්..."

"ඔව් ඔව් අනේ...ආයෙ එන්නෙ නෑ..."

"මේ ශුඩු මහට්ටයා..."

"මොකද ඒ පාර...තව මරාලයක්ද.."

"නෑ නෑ ඒයි..."

"එහෙනම්...මටනම් තමුසෙගෙ කොමලෙ අල්ලන්නෙ නෑ..."

"අනේ එහෙම එකක් නෙවේ...අපි දවසක තේවත්ත පල්ලි යමුද..."

"ඒ කොහෙද...මොන තේවත්තද...වටවලද බොගවන්තලාවද...දුර යන්න ඕනි නෑ පුන්චිලාටත් තියේ තේවත්තක්.."

"ඒ ලබ්බක් නෙවෙයි මිනියෝ...අපේ ගෙවල් පැත්තෙ...මම කඳානෙ නේ...රාගම කිට්ටුව තියෙනවා ලන්කාවෙ ප්‍රධානම කතෝලික දේවාස්ථානය.."

"ඒක කාගෙ පල්ලියක්ද.."

"මෑනියන්ගෙ පල්ලියක්...ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව..."

"මොකක්ද ඒකෙ විශේශත්වය."

"ආ ඒක යුද්දෙන් අපිව ගලවන්න කියා වුනු බාරයක් වෙනුවෙන් හදපු පල්ලියක්...ගොඩාක් විශාලයි...වත්තත් මාරම විශාලයි...ඒ වගේම මාරම අනුහස්...ඔයා අහලා තියද එහේ ගීතිකාව."

"මොකක්ද...මම එහෙම ගොඩක් අහලා නෑ බබා...මම අහලා තියෙන්නෙ මාතර මෑනියන්ගෙ ඒවා තමා...අර ............

"මාතර මෑනියනී

රුහුනේ මෑනියනි"

කියලා පටන්ගන්නෙ..

"ආ ඔව් ඔව්...මාතර අප ස්වාමිදුවගේ පල්ලියත් සිද්ධස්ථානයක් තමා ලන්කාවෙ...ලන්කාවෙ සිද්ධස්ථන ගොඩාක් නෑ...ටිකයිනෙ තියෙන්නෙ....තේවත්ත පල්ලියෙ ගීතිකාව තමා කරුනාබර අත පා කියන ගීතිකාව..."

"මොනාද තියෙන සිද්ධස්තාන මාතර පල්ලිය , දැන් ඔයා කිව්ව තේවත්ත පල්ලිය , මඩු පල්ලිය , තලවිල ඇරුනම....."

"තව තියෙනව...ප්‍රධානම සිද්ධස්තානය තේවත්ත පල්ලිය , එඑක මෑනියන්ගෙ පල්ලියක්...ඊළඟට මඩු පල්ලිය - ඒකත් මෑනියන්ගෙ පල්ලියක් ...තව තලවිල පල්ලිය - දේව මෑනියන්ගෙ අම්මගෙ , ඒ කියන්නෙ ශාන්ත ආනා මුනිතුමියගෙ...තව මාතර පල්ලියත් මෑනියන්ගෙ...තව මාරවිල කුරුස පල්ලිය ජීසස්ගෙ පල්ලියක්...ඊළඟට කඳාන පල්ලිය ශාන්ත සෙබස්තියන් මුනිතුමාගෙ...කොච්චිකඩේ පල්ලිය ශාන්ත අන්තෝනි මුනිතුමාගේ...ඔන්න ඕවා තමා ඉතින් ප්‍රධානම සිද්ධස්තාන...තව හිනිඳුමත් තියේ.."

"ම්ම්ම්...අපිටනම් ඉතින් තියෙන්නෙ අටමස්ථානයි සොළොස්මස්ථානයිනෙ..."

"ආ මම අහලා තියෙනව...මේ ඒක නෙවෙයි මම දැන් කතෝලික ආගමට වඩා බෞද්ධ පැත්තට බරවෙලා...අපේ තාත්තා බනිනවත් එක්ක...මම පල්ලි නොයා පන්සල් යනවා කියා...."

"ඔව් ඉතින්...මිනිහත් බෞද්ධනෙ...මමනම් ඔය ආගම් දෙකටම කැමතියි...මාතර කතෝලික අය ගොඩාක් අඩුයිනෙ...අපේ පැත්තෙ ගොඩක්ම ඉන්නෙ බෞද්ධ අය...සීමිත ප්‍රමානයක් ඉස්ලාම් අය ඉන්නවා....හින්දු අයනම් නැතිම තරම්...මම කවදාවත් හින්දු අයව දැකලා නෑ මාතර....මෙහේනම් ටැමිල් අය ඉන්නවනෙ පුදුම විදිහට....."

"ඔව් අපේ ගෙවල් පැත්තෙත් බර්ගර් , සින්හල , ටැමිල් , මුස්ලිම් හැම ජාතියක්ම වගේ ඉන්නව...සිකුරාදා හවසට රුහුනු කුමාරි ට්‍රේන් එක වගේ.."

"ම්ම්ම්...අනික තමා අපේ පැත්තෙ නැති හුඟාක් දේවල් මෙහේ මම දැක්කා...."

"ඔව් කොලබ සංස්කෘතිය මාතරට වඩා ටිකක් වෙනස්...ගොඩාක් නෙවෙයි...පොඩි පොඩි වෙනස්කම් තියෙනව....."

"ඔව්...මාතර හුඟාක් බෞද්ධ අය බීෆ් , පෝක් කන්නෙ නෑ...බීෆ්නම් විකුනන්න හරි තියෙනව...ඒත් පෝක්නම් කන්නෙ තියා අපේ වත්ත හතරමායිමට ගන්නෙ නෑ...මාතර අපි ගුරුකම් ශාස්ත්‍රය ඉහමුදුනින් පිලිගන්න මිනිස්සු...ඒ නිසා මඩු මාලු , මඩු ගස්වල දලු , මෝර මාලු , ඌරු මස් වගේ දේවල් අපි ගෙවල් වලට ගේන්නෙ නෑ...වත්ත හතර මායිමට ගේන්නෙ නෑ...."

"ඔයාට බැරිද ඉතින් ඔය black magic....."

"ම්ම්...ඒවාට බ්ළැක් මැජික් කියන්නත් බෑ හැබැයි...මෙහෙමයි මටනම් ටිකක් පුලුවන්..මොකද....නෑ නෑ එක්කො ඒවා ඕන නෑ...ඒවා ටිකක් දිග කතා...ඔයාට විකාර වගේ වෙයි ඒවා අහලා...අනික ඒවා මගෙන් ඈත්කරලා හුඟාක් කල්...."

"මොනාද...ඔයාට වරම් තිබුනු කතාවද...මට ඒ ගැන සශේන් අයියා කියලා තියේ...කහ සලු ඇඳන් උන්නා කියලා."

"අනේ ඌට පිස්සු...එහෙමනම් කලේ නෑ...මට වරම් තිබ්බා...සත් පත්තිනි වරම් මාලාවක් තිබ්බා..පස්සෙ ඒවා හිරවුනා...දැනටත් සමහර වෙලාවට මට දැනෙනව කවුරුහරි මන් එක්ක ආරක්ශාවට ඉන්නවා කියලා.."

"අනේ මේ...බයකරන්නෙපා අයියෝ...තවුසෙ මාව බයකරනවනෙ."

"එයාලා මන් අවට ඉන්නෙ ආරක්ශාවට.කරදරයක් නෑ... බයවෙන්න දෙයක් නෑ.."

"එතකොට ඔයාට දෙවියො වැහෙනවද.."

" අයියෝහ්හ්...හා හා 🤣...වරමක් කියන්නෙ දෙවියො වැහෙන එකට නෙවෙයි බබා...දෙවි කෙනෙකුගෙ අවසරයක් මත තමන්ගෙ ආත්මගත ඥාති මිනිස් ශරීරයකට අතිරේක අධ්‍යාත්මික බලයක් එක්ක එන මලගිය ආත්මයක්."

"අනේ ඕයි ඒත් මලගිය කෙනෙක්නෙ...බය නැද්ද."

"මෙහෙමයි...මේවා හුඟාක් සංකීර්න කතා...ඒ වගේම මාතර අපි වගේ නෙවෙයිනෙ හැමෝම...ගොඩක් අය හිතනවා වරමක් කියන්නෙ මානසික ලෙඩක් කියලා...මානසික ලෙඩක් නිසා එහෙම වරමක් කිය කිය විකාර නටන මිනිස්සු ඉන්නව...මට හමුවෙලා තියෙනව...හැබැයි ඇත්තම වරමක අත්දැකීම තියන මම දන්නව වරමක් කියන්නෙ සම්පූර්න සත්‍යක් කියලා..."

"ඉතින් වරමක් ආවම මොකද කරන්න පුලුවන්...වෙස් මාරු කරන්න පුලුවන්ද...."

"තමුසෙ හිතුවද මම ශිවන්‍යා කියලා...වරම් තියෙනව එක එක විදිහෙ...අන වරම් , බල වරම් , පේන වරම් , සලිත වරම් , දිශ්ටි වරම් , නේත්‍රා වරම් , ඖශධ වරම් , නාග වරම් , කවි වරම් , යන්ත්‍ර මන්ත්‍ර වරම් , තන්ත්‍ර වරම් , කර්නමුන්ඩ වරම්...මෙකී නොකී එක එක විදිහෙ වරම් තියෙනව බබා....."

"මටනම් හිතෙන්නෙ ඕවා මිනිස්සු හදාගත්ත මනස්ගාත..."

"ම්ම්ම්...ඒක තමා මන් ඔයාට මුලින්ම කිව්වෙ...මමත් මට මේවා ලැබෙන්න කලින් දෙවියො විස්වාස නොකල කෙනෙක්...ඒත් මට වුනු දේවල් නිසා මට ඒ දේවල් විස්වාස කරන්න සිද්ධ වුනා...සමහර දාට මොන මොනවදෝ කනට කොඳුරනවා...මට පැහැදිලි නෑ...ඒත් හොඳට ඇහෙනවා මොනාහරි කොඳුරන බව..."

"ඔයා එයාලව දැකලා තියෙද...ඔයාට වරම් අරන් ආව ඒ මලගිය ඇත්තන්ව...."

"නෑ හැබැහින් දැකලා නෑ...ඒත් එයාලා ගැන මතක් කලාම මට එයාලව මනසින් දකින්න පුලුවන්...ඒක මවාගැනීමක් කියලා කියන්න බෑ...හැබැයි මට ඔයාට ඒක පැහැදිලි කරන්න දන්නෙත් නෑ...පිලිගන්න පුලුවන් ලොකුම හේතුව ඒ සමහර ඥාතීන් මැරෙද්දි මම ඉපදිලාවත්  , මම එයාලාව කවදාවත් දැකලාවත් නෑ...ඉතින් මවාගන්නෙ කොහොමද..

...සමහර තැන්වලට අඩිය තියද්දිම මට දැනෙනව ඒ තැන්වල ලොකු බලයක් තියෙනව කියලා...ඔයා පිලිගන්න එකක් නෑ...එහෙම අසීමිත බලයක් දැනුනු තැනක් තමා නවගමුව පත්තිනි දේවාලේ , දෙවිනුවර දේවාලෙ , කිරිවෙහෙර , රුවන්වැලි සෑය , ගලේ දේවාලෙ , හේනෙකඩුව දේවාලෙ , අලුත්නුවර දේවාලෙ..

.හැබැයි මට සමහර ගෙවල් වලට ගියාමත් මට අමුත්තක් දැනෙනව...ඒ දැනෙන්නෙ හොඳ බලයක් නෙවෙයි නරක බලයක්...ඔය ප්‍රේත දෝශ තියන තැන්වල එහෙම ගියාම මට එහෙම දැනිලා තියෙනව."

මාතර පොල්හේනෙ තියෙනව පොඩි පන්සලක්...ආවාසයක් නෑ...අපි කියන්නෙ ගම්බාර බෝධිය කියලා...පොඩි කෑල්ලක්...මම හිතන්නෙ පර්චස් එකක්වත් නෑ ඒ පන්සල...බෝගහයි පොඩිම පොඩි චෛත්‍යකුයි විතරයි...හැබැයි ඒ පන්සලේ ගම්බාර දෙවියන්ට කැප කරපු චූටි යහනක් එක්ක පහන් පැලක් තියෙනවා...තව වෙන දෙවිවරුන්ටත් පුන්චි පුන්චි පෙට්ටිවල තියපු පහන්පැලවල් තියෙනවා...හැබැයි ඔය මන් කිව්ව ලන්කාවෙ ප්‍රධාන පූජනීය ස්ථාන ඇරුනම මට පුදුමාකාර ශක්තියක් දැනෙන තැනක් තමා ඒ බෝධිය..."

මාතර අය දනන්වා ඇති...පොල්හේනෙ ඉඳන් පරමුල්ලට එන පාරේ පාර අද්දර තියෙන ගම්බාර බෝධිය...මම කියනවට කහ වතුරෙන් හෝදපු තඹ කාසියක් ගැටගහලා ඒ ගම්බාර පහන් පැලේ පහන පත්තුකරලා ...බුදුන් වැඳලා ගම්භාර දෙවියන්ට පින්දීලා හිතේ තියන ප්‍රාර්තනාව කියලා බලන්න...ඒක ගම්භාර දෙවියන්ට කැප කරපු බෝධියක්...ඔයාගෙ අරමුන පිරිසිදුනම් නරකක් වෙන්නෙ නෑ..

"මට බය හිතෙනව අනේ...අපි වෙන දෙයක් ගැන කතා කරමුකො..."

"ආ ඒකනෙ මම කිව්වෙ...මේවා ටිකක් පිලිගන්න අමාරුයි...අත්විඳිනකල්ම සුරංගනා කතන්දර වගේ කියකමයි හිතෙන්නෙ...ඒවා ඕන නෑ...මොකද මේ ...නිදාගන්නෙ නැද්ද ආ...හුරුතල් වෙවී ඉන්නේ...තමුසෙගෙ සම්බෝලෙ කොටලා මගෙ අත් දෙකම රිදෙනව අප්පා...."

"අත් දෙක විතරද රිදෙන්නෙ වෙන කොහෙවත් නැද්ද...වෙන එහෙකිනුත් කෙටුවනෙ ඉතින් අද."

"දුප් යන්න...වල් කොල්ලා මගෙ...බබා අහන්නකො...අපේ පුන්චි ගැන මට දුකයි...."

"ම්ම්ම්...මටත්...එයා හරියට මහන්සි වෙනවා...."

"හ්ම්ම්...පව් අනේ...මම කියකත් මොනා කරන්නද බබා...."

"ඔව් එයාට හොඳ දරුවො දෙන්නෙක් ඉන්නවනෙ...බාප්පා වුනත් පරන තාලෙ ගති ඇරුනම වෙන වරදක් නෑනෙ...."

"ඔව් ඒකනම් එහෙම තමා...දැන් අපි හෙට උදේ කීයටද යන්නෙ...ඔයාට කීයටද හොස්පිට්ල් ඉන්න ඕනේ...ආ..."

"මට හෙට නවය වගේ ඉද්දි උන්නම ඇති...හෙට ක්ලිනික් දවසක් නෙවෙයිනෙ..."

"මේ බබා ඒක නෙවෙයි...මගෙ ඇඟඔඅත රිදෙනවා...ජොයින්ස්ට් රිදෙනවා එහෙන්...අද රෑ ඇලෙන් නෑව නිසාදෝ...අපිට පුරුදු නෑනෙ බබා සීතල වතුර නාලා..."

"මගෙ ළඟ පැනඩෝල්නම් නෑ පැනඩීන් නම් ඇති...එකක් දෙන්නද."

"ම්ම් දෙන්නකො බලන්න..උන ගැනෙයිදත් මන්දා බබා හෙට වෙද්දි...."

"බලමුකො බලමුකො...දැන් නිදාගන්න එහෙමනම්...හොඳට පොරවගන්න...මෙහෙ සීතල ඇති රෑට..."

කෝමහරි එයාව තුරුලු කරගෙනම මම ඇස් පියාගත්තේ සාලේ රෙඩියෝ එකෙන් මහා සමය සූත්‍රය පරිසරයේ නිහැඬියාව බිඳිද්දිමයි.

.............................................................................................................................

මතු සම්බන්ධයි ♥

මම සින්දු ඇඩ් කරනව වැඩියි වගේද...මේක ඉතින් මියුසික් එක්ක යන කතාවක්නේ...මම පරන සින්දු වලට වහවැටුනු ප්‍රේතාත්මයක් වගේ එකෙක්...නිකමට අහලා බලන්න...සතියක් අහන්න...ඔයා ආයෙ අලුත් සින්දු කියාගන්න වැලපුම් කවි අහන්නෙ නෑ ආයෙ..කෝමවුනත් අද එපිසෝඩ් එක පොඩ්ඩක් සීරියස් පාට් එකකුත් එක්ක ලිව්වෙ මම කාලයක් තිස්සෙ දැක්ක දේවල් නිසාමයි.

අද ගොඩාක් දිග එපියක්...මට කතාව දෙන්න බැරිවුනු දවස් නිසා මම මෙහෙම දිග එපි දෙන්න උත්සාහ කරන්නම්...කොහොම ව්උනත් ඉල්ලනවා දිගටම මන් එක්ක රැඳිලා ඉන්න..

මන් ශෙරෝන් ♥

Share This Chapter