Back
/ 38
Chapter 14

දහ හතරවන ස්වරය ♥

තත් 🔞

කෝමහරි උදේ කාමරේට වැටුන ළා ඉර එලිය මට තවදුරටත් නිදාගන්නනම් දුන්නෙ නෑ...ඒ වෙනුවට එයා කලේම මගෙ කම්මුලක් ලාවට රත්කර කර ඇස් අරින්න කියලා ආරාධනා කරන එක.

මම නැගිට්ටත් හරි මන් දැක්කෙම හරි ලස්සන දර්ශනයක්...සරම විතරක් ඇඟේ තියන මගෙ පපුවට ඔලුව ඔබාගෙන කිරි පාට පශ්ශ පැත්තයි ඇටකුට්ටමයි දෙකම එලියෙ දාගෙන ලේන් පැටියෙක් වගේ බාගෙට කටත් ඇරගෙන නිදාගෙන ඉන්න මගෙ පුන්චි කෝළමව.

ඉන්න හැටි විතරක් මේකා ලැජ්ජාවක් නැතුව...කෝ මේකාට මම රෑ අන්දපු සරම...ඒ සරම ඇඳ අස්සෙ.

ශෘංගාරෙට අත වනන්න ලේසි වෙන්න කියලා ශෝටෙන් සරමට බස්සපු මගෙ පුන්චි කැම්‍රියා උදේ නැගිටිද්දි ඉන්නෙ අමු හෙලුවැල්ලෙන්...තාමත් ඇඳ විට්ටමයි බිත්තියයි අතර මගෙ කොට්ටයක් හිරවෙලා....ඊයෙ රෑ නම් මතක් කරත් මහන්සියි...ඒ තරම් මහන්සි වෙන්න වුනා සද්ද නෑහෙන්න ශෘංගාරෙට අත වනන්න.

කෝමහරි අද නිදාගෙන බෑ...හෙට අවුරුදු ...දැනටම උදේ නවයයි වෙලාව...4 වෙද්දි වත් සේරම වැඩ ඉවරකරගෙන ඉන්න ඕන.

"කෝ...කෝ...නැගිටිනවා දැන්න්....එලිවෙලා."

මම ඒ සුදුපාට රවුම් පස්ස පැත්ත අතින් ගගහා අවදිකරගන්න හෙන ගේමක් දුන්නා...

"අනේ...ත්තා සුට්ට්..ටක්."

"නෑ නෑ...හෙට අවුරුදු අද පරන අවුරුදු ...නැගිටිනවා සැරයක් කිව්වම."

කෝමහරි මේකාව ඇහැරවගෙන ඇඳ අස්සෙ තිවුනු සරමත් අන්දවගෙන එලියට එද්දි අම්මා උයනවා...තාත්තා ගිහින් කොහෙද...මල්ලි සෙල්ලම් කරන්න ගිහින්...නන්ගි නිදි...ඕකි ඔහොම්මමයි.

"ආ නැගිට්ටද දෙන්නා...පුතාට කිරි එකක් හදලා දෙන්නද...අපේ එකානම් උදේට තේ , කිරි , කෝපි මොකුත් බොන්නෙ නෑනෙ...ඌ කෙලින්ම බත් කන්නෙ..."

"මටනම් කිරි එකක් ඕන නැන්දේ..."

"අම්මා එහෙනම් මූට කිරි එකක් හදලා දෙන්න...මම යනවා දත්මදින්න...මට දත් නොමැද වතුර ටිකක්වත් බොන්න අප්පිරියයි..."

"හා හා...සුදු...දැන් නාන්න එපා...දත්මැදලා මූන අත පය හෝදගන්න...දෙකට විතර සේරම වැඩ ඉවරකරලා නාමු..."

"හරි අම්මා..."

දත්මැදලා මූන සෝදලා උදේට අම්මා හදලා තිබුනු කෑමත් ගිලලා දැම්මා මම...අද මොකුත් ලොකු දෙයක් නෑ උදේට...වම්බටුවලට කරවල දාලා හිඳෙන්න හදලා...ඕකට පොල් ටිකක් ගාගත්තම ඉතින් මරු.

"අම්මේ...ඔයා කුරක්කන් ටික කෙටුවද "

"තාම නෑ සුදූ...මම කොටලා දෙන්නම්...ලැවරියානම් පුලුවන් තරම් පහුකරලා හදන්න...ඒක ඉක්මනට පිලුනු වෙන්න බලනවනෙ..."

"ඔව් අම්මා...අන්තිමටම තමා ලැවරියා එක හදන්නෙ...දැන් එහෙනම් බත් අග්ගලා හදන්නම්...ඒකටත් පොල් නොදා හදන්නෙ...එතකොට වැඩිකාලයක් නරක් නොවී තියාගන්න පුලුවන්නෙ.."

"ඔව් සුදූ...මේ ඔය සේරටම කලින් එන්න මේ කෑම ටික අහුරගන්න උදව්වෙන්න...මෙහෙම වළංවල තියන්න බෑ මේවා..."

කොහොමහරි ඉතින් මමයි අම්මයි එකතු වෙලා අච්චාරු ටිකයි , මෝජුටිකයි මැටිමුට්ටි වලට දාල අමු රෙදි කෑලිවලින් කට ගැටගැහුවා...බැදුම් ටිකනම් අම්මා කලින්ම බෝතල් වල දාලා හුලන් වැදුනොත් පෙඟෙන නිසා...ඇඹුල්තියලත් ඒ මැටි වළඳෙම තිබුනාවෙ...එතකොට තමා රස.

කෝමහරි හවස් වෙද්දි කැවිලි වර්ග ගනනාවක් හැදිලා තිබුනා..

මුං ගුලි , මුං කැරලි , පොල් ටොෆි , වැලිතලප , දොදොල් , වේලපු ඉඳිආප්ප බැදලා පැනි දාල , කොකිස් , නාරං කැවුම් , හැලප , බත් අග්ගලා ...සුදු මාමා ගෙනත් දුන්න කජු අලුවා...අම්මා කැවිලි හදන  ගෙදරකින් ගෙනාව කොන්ඩ කැවුම් , පැනි වලලු , ආස්මි ....තාත්තා කඩෙන් ගෙනාව චොකලට් බිස්කට්, චොකලට් කේක් , කිරි ටොෆි , තල කැරලි , සීනි මුරුක්කු....ආයෙ ම අම්මයි මමයි මාරම ගේමක් දීලා හදාගනිපු ලැවරියා...

කැවිලි ඇරුනම බලමාලු ඇඹුල්තියල් , බැදුම් , වම්බටු මෝජු , සිංහල අච්චාරු.

ම්ම්ම්ම්ම්ම්....දැන්නම් මේ ටික දැක්කම අනුභව නැකත ලබනකල් ඉවසිල්ලක් නැහැ.

"සුදූ...මම සෙම්බුව දොරකඩින් එලියෙන් තිබ්බා පුතේ..."

"ආ මම නංගිට කියන්නම්."

"නෑ නෑ...මැටිකලේ වගේ නෙවෙයි...පිත්තල සෙම්බුව වතුර එක්ක නංගිට උස්සන්න බැහැ...ඒ නිසා ඔයා ඒක අවුරුදු ලබනවත් එක්ක දකුනු කකුල ගෙට තියලා ඉස්සරහ දොරෙන් ගෙට අරන් එන්න...කට ළඟටම වතුර පිරිලා තියෙන්න ඕන හොඳේ....මම එතනම ඊතන අහුරකුත් තියලා ඇති...ඒකත් අරගෙනම ගෙට එන්න...අවුරුදු උදාවත් එක්කම ඒක කරන්න ඔයා..."

"හරි අම්මා...මම ඒක කරන්නම්..."

"කකුල උඩනම් දාගන්න එපා සුදූ...ඒ පිත්තල සෙම්බුව මාරම බරයි...ඒ වගේම වතුර ටික හලාගන්නත් එපා...කට ගාවට වතුර පිරුනු කලේ තමා ගෙට ගන ඕන."

"හරි අම්මා...මම ඒක පරිස්සමින් කරන්නම්."

.........................................................................................................................

"සුදූ දැන් තුනයි තව පැයක් වගේ ඇතුලත් හැමදේම ඉවර කරගන්න ඕන...නෙතූ පුතේ ඔයා බුදුසරනින් නාගන්න ගිහින්...මේක චාරිත්‍රෙනේ...පරන අවුරුද්දට ස්නානය...අද නෑවම ආයෙ නාන්න තියෙන්නෙ 16. "

"හරි නැන්දේ...මම නාගන්නම්."

"හරි එහෙනම් පුතා ඇතුලෙ බාතෲම් එකෙන් නාගන්න...සබන් ,ශැම්පෝ ඔක්කොම තියෙනව ඒකෙ...සුදූ එන්න මන් එක්ක මේවා අස් පස් කරගන්න...:"

"සුදු නෝනා...සුදුනෝනා..."

"ඕ අම්මා...ඇයි."

"ගේ අතුගාලා කුනුටික එලියට දාන්න නොනගතේ ලබන්න කලින්...මායි අයියයි කුස්සියයි මිදුලයි අස් කරන්නම්...තාත්තට කියන්න කෑම මේසෙ අස් කරන්න කියලා...."

"හරි අම්මා...කෝ මල්ලි ?"

"සාංචි අක්කා එක්ක එකතුවෙලා ටැංගෝල් බෝඩ් අඳිනව..."

"ආ හරි අම්මා...මම එහෙනම් ගේ අතුගාලා දාන්නම්..."

කොහොමහරි අම්මයි මායි එකතුවෙලා කුස්සිය අස් කරලා...කුස්සියෙ බිම ටකරමක් දාගෙන බ්ලොක් ගල් තුනක් තියලා ලිපක් හදාගත්තා නැගතට ලිප ගිනි දාන්න...නැත්නම් අපේ ගෙදර දර ලිප් නෑනේ...තියෙන්නෙ ගෑස් එකනෙ.

........................................................................................................................

කෝමහරි පලවෙනි නැකත ලැබුවා ඔන්න...හැම පැත්තෙන්ම රතිඤ්ඤා සද්දෙ ඇහෙද්දි නොනගතේර නැකැත් උදාවුනා.

"සුදූ නංගියි මල්ලියි සාංචි අක්කාලා එක්ක පන්සල යනවලු...ඔයාලත් යනවද...."

"අම්මා යනවද..."

"නෑ පුතේ.. ගෙවල් පාලු කරන්න බෑනේ...මම ගෙදර බුදු පාන පත්තුකලා නැකතට...දැන් ඒ පාන නිව්නම ආයෙ ලිප ගිනි දානකල්ම ගෙයි ඇතුලෙ ගින්දර පත්තුවෙන්න බෑ...තේරුනානෙ.."

"ඔව් ඔව් අම්මා..එහෙනම් අපිත් ගෙදර ඉන්නවා...ඇඟිල්ලක් ගහන්න බැරුව ඇති බෝධියේ..."

"ඔව් ඉතින් ඒකනම් එහෙම තමා...එහෙනම් දෙන්නත් එක්ක අර ෆෝන් එකවත් ඔබ ඔබ ඉන්න ගිහින්..."

"අම්මේ ඔයත් කපටි නෑ...ෆෝන් එක නොනගතේ වෙලාවෙ ඔබ්බවලා ෆෝන් එබිල්ල අසාර්ථක කරන්න නේද හදන්නෙ...ඈ අම්මේ...හා හා හොරේ දැනුනා දැනුනා ..."

"අනේ මගෙන් මොකුත් අහගන්නෙ නැතුව ඉඳින් සුදු මහත්තයා...මම කිව්වෙ මේ පුන්චි එකාට පාලු හිතෙන නිසා..."

"හරි පුන්චි එකා...."

"අනේ මේ...මම පුංචියි තමා."

"හාකො හාකො."

...........................................................................................................................

"අම්මේහ්හ්හ්හ්.....තව විනාඩි තුනයි..."

"හරී...ඔයා දොරකඩට යන්න...සුදු මහත්තයා හරියටම වෙලාවට කලේ ගෙට ගන්න...කට ළඟටම වතුර පිරෙන්න තියද බලන්න මුලින්..."

"ඔව් අම්මා...මම දැන් ආයෙ වතුර දැම්මා...තව විනාඩි දෙකායි...නෙතූ...අර අපේ මල්ලි ඉන්න තැනට යන්න...ඕකා පුච්චගනීවි...ඔයා පත්තුකරන්න රතිඤ්ඤා වැල...."

"හරී.....මම පත්තුකරන්නම්..."

"තව විනාඩියයි...අම්මා ඔයා එන්න සාලෙට දැන්...මම කලේ ගෙනත් ඔයාටනෙ දෙන්න ඕන...ඔයානෙ අම්මා...."

"හරි මේ එනවා..."

"අයියේහ්....තව තප්පර තිහයි..."

"හරී...කලබල නොවී පත්තුකරන්න නෙතූ හොඳද..."

දහයයි...නවයයි...අටයි ...හතයි...හයයි...පහයි...හතරයි....තුනයි...දෙකයි...එකයි...........ඩෝං ඩෝං ඩෝං ඩෝං ඩෝං ඩෝං....

මම දකුනු කකුල ගෙට තියලා සෙම්බුව දෝතින්ම උස්සගෙන ගෙට ආවා...ඇවිත් අම්මගෙ අතට දුන්නා...අම්මා ඒක කුස්සියට අරගෙන ගියා...ඉතින් ඔන්න ලමයි අවුරුදු ලැබුවා...දැන් අලුත් අවුරුද්ද ලබලා තියෙන්නෙ....දැන් මහ රෑ 12.17 යි වෙලාව...ඊzලගට ලිප ගිනි දාන නැකත තියෙන්නෙ...ඒ එලිවෙන 12.40 ට...

හැම පැත්තෙන්ම රතිඤ්ඤා පුපුරනවා...ටීවී එකේ මහා හයියෙන් ජයමන්ංගල ගාථා යනවා...

"භාහුං සහස්ස මභිනිම්

මිත සායුධංතන්

ගිරිමේඛලං උදිත ඝෝර

සසේන මාලං "

කෝමහරි තව විනාඩි පහලවක් වගේනෙ තියෙන්නෙ...ඉzලග නැකතට...

"නෙතූ...එන්න මෙතනට ...ඔය තහඩු කෑල්ල එලන්න ගේ මැද..."

"මෙහෙමද."

"

"ඔව් ඔහොම හොඳයි.."

"අම්මේ...තව විනාඩි දොලහයි.."

"අනේ සුධූ පොඩ්ඩක් එන්න පුතේ...මේ පොල් ටික මිරිකලා දෙන්නකො මම හාල් ටික හෝදනකල්..."

"නංගි උබ පලයන් කුස්සියට ..අම්මට කිරි ටික එහෙම මිරිකගන්න උදව් කරපන්...තව වැඩිවෙලාවක් නෑ....."

මායි නෙතුයි මල්ලියි එකතුවෙලා ගේ මැද්දෙ තහඩුවක් එලලා ඒ උඩ ගඩොල් වලින් ලිපක් බැඳලා හීනියට ඉරාගත්ත කොලපු කෑලියි , හීනියට පලපු කුරුඳු දරයි , පොඩිම වෙන්න කුඩුකරපු පොල් කට්ටකුයි දාලා ලිප සූදානම් කලේ...ලිප මැද පොල් කටු කෑල්ලක් උඩ කපුරු පෙත්තකුත් තියලා.

"සුදු මහත්තයා...මෙන්න මේ කිරි ටික මුට්ටියට දැම්මා..ඇවිත් අරන් යන්න..."

"නෙතූ අර කිරි මුට්ටිය අරන් එන්න මම මේක හදනකල්...."

කෝමහරි එයා ගෙනාව කිරි මුට්ටිය ලිප් ගල් තුන මැදට හිරකරලා අපි දැන් බලන් ඉන්නේ ලිප ගිනි දාන නැකත ලබනකල්...

"අම්මා...ඔක්කොම හරිද...තව විනාඩි පහයි."

"ඔක්කොම හරි සුදූ...මගෙ වැඩටික ඉවරයි..."

"හරි එහෙනම්..තව විනාඩියයි. ."

"නෙතූ බලාගෙන ඔය මුට්ටිය පෙරලේ හොඳේ...බලන්න කුට්ටිය ලෙවල්ද කියකා."

"තව තප්පර පහායි...හතරායි...තුනායි ...දෙකායි...එකායි...ඩෝං ඩෝං ඩෝං ඩෝං ඩෝං ඩෝං...."

සාදූ සාදූ සාදූ...මගෙ අතින් ලිප මැද කපුරු පෙත්ත අවුලපු මන් කොලපු කෑලි පොඩ්ඩ පොඩ්ඩ ගින්නට ලංකලා...දැන් හොඳට ලිප ඇවිලෙනවා.

"නෙතූ...ඔයා මෙතන බලන්න...තාත්තත් දැන් ඒවි...එයා රතිඤ්ඤා ටික පත්තු කරන්නනෙ ගියේ...දර ඇතුලට ඔබන්න එපා...එතකොට පත්තුවෙන්නෙ නෑ ..යන්තම් කිට්ටු කරලා තියන්න...මම අම්මාව බලලා එන්නම්..."

කිරි මුට්ටිය එයාට බාරදුන්නු මම අම්මාව හොයාගෙන කුස්සියට ගියත් මට නම් අම්මව තියා මෙලෝමගුලක් පෙනුනෙ නෑ...

"කැහ්..කැහ්...අම්මෝ...මේකෙ දුම පිරිලානෙ...දොර අරින්න අම්මෙ "

"දොර ජනෙල් ඇරලා තියෙන්නෙ සුදු මහත්තයා...ඒ වුනාට දුම පිරෙනවා...කිරිබත ලිපේ...මම මේ ලූනු කපනවා හාල්මැස්සො තෙම්පරාදු කරන්න...ඔයා ලුනු මිරිස් චුට්ටක් හදන්න...."

"හරි අම්මා..."

"අයියේ එන්ඩෝ ඉතිරෙන්න යන්නෙ.."

"අම්මේහ්...එන්න ඉස්සරහට...කිරි ඉතිරෙන්නලු හදන්නෙ..."

කෝමහරි අපි හැමෝම වටවෙලා ඉද්දි කිරි මුට්ටිය ඉතිරිලා ගියේ ශූ සද්දෙන් ලිපත් නිවාගෙන...

"බුදුසරනයි...දෙවි පිහිටයි ..තුනු රුවන්ගෙ තුන් සරනයි...හැමදේම හොඳට සිද්ධවෙන්න ඕන."

ඔන්න ඔහොම කියපු අම්මා ආයෙම කුස්සියට දිව්වේ කිරිබත බලලා හාල්මැස්සො තෙල් දාන්න ඕන නිසා..

"අම්මේ තව විනාඩි හතලිහයි..."

"හරි සුදුහ්...කිරිබත හරි...හාල්මැස්සො එක ලිපේ..."

"ඔයාලා මේසෙ ලෑස්ති කරන්න එහෙමනම්..."

අපේ අම්මා ළඟ තිබ්බා පෝසිලේන් සෙට් එකක්...ඒකෙ දීසි , පිඟන් , වතුර පෝච්චි , තේ පෝච්චි , පීරිසි කෝප්ප , බත් බෙදන පලඟනා...මේ සේරම එකම ඩිසයින් එකෙන්...මම ආසම වැඩේ තමා මේ කරන්නෙ...මේසෙට කැවිලි යනව එක..

මම කැවිලි බෝතල් ඇර ඇර දීසි වලට බෙදලා දෙන කැවිලි නංගියි , මල්ලියි , නෙතූයි තුන්දෙනා මාරුවෙන් මාරුවට ඇවුත් ගෙනියලා මේසෙන් තියනවා...කැවිලි දීසි ටික රවුමට තියෙද්දි රජ ලීලාවෙන් කිරි බත මේසෙ මැද්දෙන් තියලා..කිරිබත් වටේට මෝජු , ලූනු මිරිස් ,හත්මාලුව ,  බැදුම් , අච්චාරු , මාලු ඇබුල් තියල් , හාල්මැස්සො තෙල්දාපුවා..මේසෙ කෙලවරක පොඩි පිත්තල පහනකට තෙල්දාලා තිර දාලා රෙඩි කරලා තිබ්බා...එතනම බුලත් වට්ටියක් හදලා බුලත් කොළ උඩට කාසි දාලා..

"සුදු මහත්තයා...තව කොච්චර වෙලා තියද.."

"තව විනාඩි දහයක් තියෙනවා.."

"එහෙනම් නෙතුත් එක්ක ගිහින් අර කාමරේ පොඩි මේසෙ අරගෙන ඒකෙන් පිඟන් ටිකයි ,ගුරුලේත්තුවයි ,අතපිහිදන සර්වියට් එකයි, වතුර බොන වීදුරුයි , අත හෝදන වතුර එකයි තියන්න...මෙ මේසෙ ඉඩ මදිනේ."

"හරි අම්මා.."

"අයියේ...තව විනාඩි තුනායි..".

"හරී...කෝ තාත්තට එන්න කියන්න...."

"තාත්තේ....එන්න...තව විනාඩියයි..."

"තව තප්පර තිහායි...තව තප්පර දහයායි...තව තත්පර පහයි...හතරයෛ...තුනයි...දෙකයි..එකයි...ඩෝං ඩෝං ඩෝං ඩෝං ඩෝං..."

තාත්තා කෑම මේසෙ පහන අවුලලා හිරිබත් කැටේකට ලුනු මිරිස් දාලා අනලා මුලින්ම කට අම්මට අම්මට කවලා එයත් කටක් කෑවා...ඊළඟට පිලිවෙලින් මම නංගී මල්ලි තුන්දෙනාටත් කට කට කවලා නෙතූවත් අඬගහලා කටක් කවලා බුදුසරනයි කිව්වා.

ඒ අස්සෙ එක්කෙනෙක් මගෙ කනට කොඳුරනවා...

"මටත් කටක් කවන්නකො සුඩු මහත්තයා."

"අනේ අම්මේ ඉතින්...මගෙ පැංචට නොකවා කොහොමද"

...ඉතින් මම කිරිබතුයි මාලු ඇබුල් තියලුයි හාල්මැස්සො තෙල් දාපුවයි බෙදාගෙන කාමරේට ඇවිත් එයාට කවලා නලලට කිස් එකක් දුන්නේ හිතේ ඇතිවුනු අසීමිත ආදරේට.

"මම ආදරෙයි මැනිකට...බුදුසරනයි."

මගෙ කොල්ලා මට දනගහලා වැන්දා...ඒත් එයා මට වඩා අවුරුදු දහයක් වැඩුමල්.

"මන් වැන්දට පව් නෑ ශෙරෝ...මාව බලාගන්නෙ ඔයා , මාව පොඩි එකෙක් වගේ පරිස්සම් කරන්නෙ ඔයා.."

"හරි හරි...කෝ එන්නකො මැනික...අපි දැන් යමු... ටැංගෝල් ගහන්නත් ඕනිනෙ..."

අපි කවුරුත් අම්මටය් තාත්තටයි බුලත් දීලා වැන්දා...තාත්තා අම්මට රුපියල් දාහයි මටයි මල්ලිට නංගිටයි නෙතූටයි පන්සීය ගානෙ දුන්නා.

අපේ නන්ගියි මල්ලියිත් මටයි නෙතූටයි වැන්දා...හැබැයි...

"මොකද උබ වැදෙගෙන ඉන්නේ...නංගී නැගිටපන්..මම බුදුසරනයි කිව්වා..."

"මොකක්ද ඕයි අයියෙ...වැන්දනෙ මම...මට කීයක් හරි දෙනවකො..."

"අනේ මේ..පලයන් යන්න...මම තාම රස්සාවක් කරනවද.."

"අම්මේහ්හ්...මම අයියට වැන්දා ...සීයක්වත් දෙන්න කියන්නකො අනේ...නෙතු අයියනම් දෙසීයක්ම දුන්නා..."

"ඉඳා ඉඳා...ගනින්...මල්ලී..ආ උබටත්..."

"ආයෙ වඳින්නම්...තව සීයක් දෙනවකො අයියෙ..."

"ගුටි නොකා පල දෙන්නම...පොතක් වත් කියවනවා ගිහින් දැන් ...වැඩ අල්ලන්න ඕනිනෙ..."

මම මගේ ආදරනීය සිතාර් එක ගහද්දි එයා ස්තෙත් එක තියලා මගේ හාට් එකේ බීට් එක ඇහුවා...තාත්තයි අම්මයි එකතුවෙලා රත්නමාලු පැලයක් ඉන්දෙව්වා.සිතාර් එකේ තත් උඩ මගෙ ඇඟිලි දුවනවා එක දිගට ....අන්තිමට බඩ පිරෙන්න කාලා ඉස්මුරුත්තාව හැදිලා වැටුනු වැටුනු තැන..

"අම්මේහ්හ්හ්...කෝ කැවිලි පිඟන් හදලා දෙන්න...අපි අරන් යන්නම්.."

ඉතින්  පිඟන් වලට හැම ජාතියෙන්ම කැවිල්ල හෝ දෙක වෙන්න බෙදලා පත්තර පිටු වලින් වැහෙනවා..තාප්ප උඩින් , වැටවල් උඩින් කැවිලි පිඟන් එහෙමෙහෙ වෙනවා...බලන්න ලස්ස්නයි...

.........................................................................................................................

"දහ හත..."

"දාහතද දාහතරද...ඇහෙන්න කියවපල්ලකො..."

"ඉතින් සිමෝනා ආච්චි ළඟට එන්නකො...ඔයාට කන් ඇහෙන්නෙ නෑ කියලා මට කෑගහන්න බෑනෙ..."

"හා හා...ඉඳාන් පොඩ්ඩක් එහෙනම්...අපි නාකියිනෙ බොලව් දැන්.."

"කියවන්න...කෝ...කියවන්න "

"ඉළඟ එක තිස් තුන."

"සාංචි අක්කට දහතුනට ටැංගෝල්...දහතුනනම් එන්න එපෝ...ඒස්වාහ් පුහ්..."

"අපෝහ්හ්....උබේ කට...ඉඳලා ඉඳලා බොල මට බෙදුනේ..."

"ඊzලග අන්කේ හැටනවය..."

"ආ සුදු මහත්තයට බෙදිලා...හත කියවෙන්න එපා...හතට සුදු මහත්තයට ටැංගෝල්.."

ඔයාලට විකාරයි වගේද...අපි මේ ටැංගෝල් ගහනවා...ටැංගෝල් වෙන්න එක ඉල්ලකමක් අඩුවෙන් පිරෙනවට අපි කියන්නෙ බෙදෙනවා කියලා...ඉතින් අර අඩු ඉලක්කම කියවුනොත් දිනුම්..

නෙතූට බෑ කිව්වා සූදු කෙලින්න...මේක සූදුවක්ම නෙවෙයි...අපි ගහමරාගන්නෙ නෑ...මේක විනෝදෙට කරන දෙයක්...ඒත් එයාගෙ ප්‍රතිපත්තියක් කිව්වා ඒක.

"ඊලඟ එක ...හත.".

"හෝව් හෝව්..මට ටැංගෝල්...මෙන්න බෝඩ් එක...චෙක් කරන්න ...හත , දාහත , විසිහත , පනහ , හැටනවය...කෝ සල්ලි ටික එවන්න මට..බෝඩ් කීයද...."

"උබ හයයි...උබලයි  නන්ගි දෙකයි  , මල්ලි එකයි,  අම්මා එකයි ...සාංචි අක්කගෙ හයයි..සිමෝනා ආච්චිගෙ හයයි...උපාලි සීයගෙ හයයි...සුදු ඇන්ටිගෙ හතරයි...මානෙල් ආච්චිගෙ හයයි...උපසේන මාමගෙ හතරයි...තව නාමෙල් මාමා , සුනිල් සීයා , කරුනා ආච්චි , කුසුමා ඇන්ටි , මාලි නැන්දා , සුදු අක්කා , ප්‍රියන්ති අක්කා බෝඩ්  හතර හතර...දේවක මල්ලියි , චූටියායි , සිනේතියි එක ගානෙ...ඔක්කොම බෝඩ් 82 යි...බෝඩ් එකකට පහ ගානෙ මෙන්න සල්ලි... හාරසිය දහයක් ඇති...."

"හරි...මගෙ බෝඩ් හයට ඊළඟ වටේට තිහක් අරන් ඉතුරුවා මට එවන්න....අනිත් අය කෝ ඊළඟ වටේ සල්ලි දාන්න.."

ඉතින් එදා දවසම කලේ ටැංගෝල් ගහපු එක...අන්තිමට කකුල් හිරිවැටිලා නැගිටිද්දි...සමහරුන්ගෙ ළඟ මහා වලවල් හෑරිලා වැලි අරගෙනම්...බිංකුන්ඩො හාරලා වගේ...

ඉතින් දැන් තියෙන්නෙ නැගම් යන්න...එහෙනම් අලුත් අවුරුදු සිරියත් ඔතනින් අහවරයි...ඒ වුනාට හොඳම සෙල්ලම තාම නෑ...ඒක තියෙන්නෙ 16...ජල සන්නිය හැදෙනකල් බාල මාලු වෙනසක් නැතුව වතුරෙ නටන දවස....

"ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි

එරබදු ඇහැ ඇරිලා

අන්න හිනාවෙනවා..."

...........................................................................................................................

මතු සම්බන්ධයි ♥

ඊළඟ ස්වරයෙන් හමුවෙමු.

මම ශෙරෝන් ♥

Share This Chapter