Back
/ 38
Chapter 15

පහළොස්වන ස්වරය ♥

තත් 🔞

"අහන්නකො ඒයි."

"ඕ මගෙ මැනික."

"ඔයා මාව රවට්ටන්නෙ නෑ නේද ම්ම්ම්"

"දැනටත් රවට්ටනවානෙ...මට ගමේ එකයි , කොලඹ එකයි , ස්කූල් එකේ එකයි , කලාස් එකේ එකයි ඉන්නව..."

"විහිලු නෙවෙයි සුදු මහත්තයා...කියන්නකො..".

"මොනාද අහන්නෙ වස්තුවෙ...මම පිලිගන්නව මගෙ අතීතෙ ගඳගහන තැන් තියෙනව...හැබැයි ඒ හැම තැනකම මම පටන්ගත්තෙ ආදරෙන්...ඒ ආදරේ මට චීට් කරනවා කියලා දැනගත්තම මම සතෙක් වුනා...ඒක මගෙ වරදක්ද බබා....හැබැයි ඇත්තටම ස්කූල් එකේ නැටුම් කරපු අයියා බබෙක්නම් මගෙ හිත හෙල්ලුවා ඒ කාලෙ...ගිරා නහයක් තිබුනු සුදුම සුදු උස අයියෙක්...එයා ලස්සනයි...හැබයි ටිකක් විතර ගෑනු ලමයෙක් වගේ...නැටුම් කාමරේමයි කොයිවෙලෙත්...ටෙක්ලා ටීචයි ප්‍රේමා ටීචයි අස්සෙමයි...ඒත් එතකොට මම හත වසරෙ විතර ඌ ඕලෙවල්...මම පොඩි එකා නිසා ඒක කරගන්න වුනෙ නෑ."

"ආ ඇත්තද....දෙවියනේ...මම තවුසෙව හමගහනවා හොඳේ...අහන්නකො ...ඒත් මාව කොතැනකදිවත් දාලානම් යන්න එපා."

"නෑ මැනික...ඔයා දවසක කොයිමහරි තැනක මගෙ හිත බින්දොත් එදාට මම ඔයාව අතාරින්නත් කලින් ඔයාම මගෙන් ඈතට විසිවේවි...එහෙම නොවෙන තාක්කල් කිසිම දවසක මම ඔයාව අතාරින්නෙ නෑ....අනික ඒ ක්‍රශ් පරන කාලෙ ඒවා...ආයෙ එයාලාට මගෙ ජීවිතේ ඉඩ නෑ.."

"මන් වෙනුවෙන් සින්දුවක් කියන්නකො එහෙනම්."

"මොන වගේ එකක්ද පැටියට ඕන..."

"ඔයාට මාව දැනෙන විදිහ , ඔයාට මාව පේන විදිහ , ඔයා මාව විඳින විදිහ සින්දුවට පෙරලුවොත් මොන වගේ වේවිද , අන්න එහෙම සින්දුවක් කියන්න..."

"ම්ම්ම්...උබ දන්නවද බබා...මම හැමදාම ආදරෙන් මත්වුනු , ඒ වගේම ආදරෙන්ම වල්මත් වුනු එකෙක්..."

"උබ මත් වුනත් කමක් නෑ වල් වුනත් කමක් නෑ මන් ළඟදි...හැබැයි වල්මත් වුනොත්නම් කන පලනවා..."

"හරි මැනිකෙ...උබව මට පේන , දැනෙන විදිහ විස්තර කරන්නනම් මම දන්නෙ එකම සිංදුවයි...ඒ තමා වික්ටර්................................."

"ආ ආ...කතා එපා...සින්දුවක් ඕන සින්දුවක් විදිහට...කියන්න එපා ගයන්න...ඔයාගෙ පන වෙනුවෙන් ගයන්න...මම අහගෙන ඉන්නම්....."

"හරි එහෙනම්...මේ උබ ගැන මට දැනෙන විදිහ..."

"ඔබේ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ

හද දියව ගලා යයි රැලි ළමින් සැලි සැලී

මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ

සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ"

ඔව් ඇත්ත...ඒ දෙතොල් පෙති ලිහිලා එලියට කාන්දු වෙන මදහස ලඟදි මගෙ හද දියවෙනවා...මන් දන්නෙ මෙච්චරයි...ඔබ මගේ ..එච්චරයි .

"හිරු නිවී මුහුදු තෙර රාත්රිය එළඹිලා

තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා

මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා

සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ"

ඔව්...උබේ ඇස්...මම වහ වැටුනෙම ඔය ඇස් දෙකට...මට උන් හිටි තැන් අමතක කරලා නන්නත්තාර කරලා දැම්මේ උබේ ඇස්...වෙලාවකට මට හිතෙනව උබේ ඇස් තරු වලට සමාන කිරීම ම මදිපුංචිකමක් දෝ කියා....මම දන්නෙ මෙච්චරයි...උබ මගේ..එච්චරයි .

"නා ගසක් දළු දමා වසන්තය එළඹිලා

මඳ පවන් රැල් වැදී සැලෙන විට කැළඹිලා

මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා

සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ"

නා දළු මොනාද ඔය තොල් ළඟ...ඉනෙන් පහලට අතක් නොතියම මට සංසාරෙම කලකිරවන්න පුලුවන් ඔය තොල්පෙති වලට...ඒ තරම්ම මම ඒවට වහවැටිලා....මම දන්නෙ මෙච්චරයි...උබ මගේ...එච්චරයි.

"යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා

ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ

මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා

සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ"

කවදාවත් මම උබට මගෙන් ගැලවෙන්නෙ දෙන්නෙ නෑ....සංසාරේ පුරුදු විදිහටහමුවුනානම් මම ඇයි උබට යන්න දෙන්නෙ...මම දන්නෙ මෙච්චරයි උබ මගේ ...එච්චරයි

"අහස් තල පොලෝ තල ඔබට මට පොදුවෙලා

හදවතින් එක් වුනත් ගතින් දෙදෙනෙකු වෙලා

මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා

සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ"

මට උබව හමුවුනේ අම්බෙකින් කියලානම් මම හිතන්නෙ නෑ...මොකද මේවා වෙන්නම තිබුනු දේවල්...හැමදාම හැමතැනම හැමවෙලේම උබ වෙනුවෙන් මම ඉන්නවා...මම දන්නෙ මෙච්චරයි...උබ මගේ...එච්චරයි.

ආදරේ කියන්නෙ මොකක්ද කියලා හැමෝම හොයනවා...මමත් හොයනවා තවම...ඒත් ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද කියන්න අපි කාටවත් හොයාගන්න බෑ අදටත්.

ආදරේ කියන්නෙම හරිම අමුතු හැඟීමක්...තමන්ටම විතරක් අයිතිය හොයන , දිවිහිමියෙන් රකින්න පෙළඹෙන , හිනාවක් වෙනුවෙන් ගින්දර කෝටියක් උහුලන හරිම අමුතු හැඟීමක්.

සාලිය කුමාරයා අශෝකමාලාට ආදරේ කලා...ඒක ස්ථීරයි...මොකද තමන්ගෙ මුලු රාජ්‍යම අතාරින්න තරම් ඒ ආදරේ ප්‍රබලයි...ඉතින් ආදරේ කියන්නෙ කැපකිරීම ම ද කියලා මට වෙලාවකට හිතෙනවා...

ක්‍රිශ්නා රාධාට ආදරේ කලා...ඒක රහසක් නෙවෙයි...ඒ දෙන්නා ප්‍රේම කලා...ඒත් රාධා ක්‍රිශ්නාව රුක්මනීට දීලා දුක හැංගුවා...ඉතින් ආදරේ කියන්නෙම පරිත්‍යාගයට කියන තවත් නමක් නෙවේද.

රාමා සීතාට ආදරේ කලා....සීතාත් රාමාට ආදරේ කලා...ඒත් එක තැනක රාමාට වැරදුනා...ඒත් හැමෝම රාමාට අත දිගුකරද්දි මට හිතෙනවා ඒ දිගු කරපු අතින් කනට ගහන්න...මොකද ආදරේ කියන්නෙම විශ්වාසෙට...ඉතින් උබට උබේ සීතාව විස්වාස නැත්නම් උබ කරපු ආදරේම පුස්සක් නොවෙද රාමා.

දේව්දාස් පාරෝට ආදරේ කලා...පාරෝත් දේව්ට ආදරේ කලා...ඒත් එයාලට එයාලව අතෑරුනා...ඒත් තැනකදි හමුවුනු චන්ද්‍රමුඛී දේව්ට ආදරේ කලා...එයා වෙනුවෙන් පේවුනා...අහිමි බව දැන දැනත් බලාපොරොත්තු පොදිබැන්දා...ඉතින් ආදරේ කියන්නෙම් බලාහිඳීමක්...එහෙම නේද ?

යශෝදරාව සිදුහත්ට පුදුමාකාර වුදිහට ප්‍රේම කලා...ඒත් තමන් අතහැරලා යද්දිත් ඈ සෙත් පැතුවා...යන යන තැන පලවැල ලැබෙන්න  යසස පැතිරෙන්න , පරිවාර සම්පත් ලැබෙන්න සෙත් කලා...තම සතුට දෙවෙනි කරලා ආදරවන්තයාගෙ සතුට වෙනුවෙන් කැපවුනා...ඉතින් ආදරේ කියන්නෙම පරාර්ථකාමීත්වයට.

"කැලේ තිබෙන කොයි දේවත් රස වේවා

මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා

අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා

ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා

සුවඳ බොජුන් වැලඳුව මගෙ හිමි සඳට

නිබඳ බොජුන් රසකර දුන් වළඳන්ට

සුවඳ පලාපල වැවියන් හිමියන්ට

සුවඳ මල් නිතර පිපියන් රන් කඳට

කාරනාව බුදු වෙනවා කරුනු දැනේ

නෑර කැටුව ආවා මම සරන ගෙනේ

භාවනාව තිර නොකරමි සිතින් අනේ

මාලිගාව අද අඳුරුයි ස්වාමිනේ "

මෑතකාලීන ආදරයක් ගත්තොත් අපි හැමෝම දන්න භානුරේඛා ගනේශන් , එහෙම නැත්නම් රේඛා - අමිතාබ් බච්චන් ආදරය...ඔහු ඒ වෙද්දිත් වෙන කෙනෙකුට උරුම වෙලා...විවාහකයි...එතන වරදක් නැතුවා නොවෙයි...ඒත් අනිත් සියලු තිර විවර කරලා බැලුවම ඒ ප්‍රේමයත් පුදුමාකාර පිරිසිදුයි...අදටත් ඈ ඔහු නමින් සින්දූර් තවරන්නෙ ඒ නිසයි...ඉතින් ආදරේ කියන්නෙම මුදිතාවට...අනෙකාගෙ සතුට ළඟ සතුටු වීමත් දුකෙහිදී දුක් වීමත් තමා ආදරේ.

දස්කොන් ප්‍රමිලාට පුදුමාකාර තරම් ආදරේ කලා...ඇයත් ඒ වගේමයි...දස්කොන් මරනයට යන මොහොතෙත් ඈ වෙනුවෙන් ප්‍රේමය රැක්කා...ඈත් ඔහුට මරනය තෙක් ම ආදරේ දුන්නා...ඉතින් ආදරේ කියන්නෙම නොසැලෙන අධිශ්ටානයට...

දස්කොන් මරනෙට ගෙනියද්දිත් ඈ ඔහුට කවි පබැන්දා...ඔහු ඈට කවි පබැන්දා...මාරයාට විතරක් දෙවෙනි වූ ආදරයක්.

ප්‍රමිලා :-

සක්මන් කරන මලුවේදී බැඳි හාද

සිත් සන්තොසින් දුන් මුව මී බීවාද

ඉක්මන් ගමන් ආ අද ඔබ යනවාද

දස්කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද

දස්කොන් :-

විසැස් කමලාව රස පහස නොවිඳ මා

දසිස් දුනි පොරන ඇස දුටු පමනට මා

වෙසෙස් ඔබගෙ අමයුරු පහස ලද මෙමා

මහිස් එකක් ගියමුත් ඔබෙ නමට කිමා

à¶´

්‍රමිලා තමා නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න යන දස්කොන් වෙනුවෙන් වැලපෙද්දී දස්කොන් දෙන්නෙ හරි අපූරු උත්තරයක්.

දසිස් , ඒ කියන්නෙ දස හිස් ඇති රාවනා සීතාගෙ පහසක් නොලබාම ඇසින් දුටු වරදට ඔහුගෙ හිස් දහයම අහිමි කරගත්තානම් ඔබේ අමයුරු මෘදු පහසත් ලබපු මගෙ එක හිසක් අහිමි වුනාම මොනා වෙනවද.

අන්තිමට ඒ ආදරේ ඉවරවුනේ මරනින්...දස්කොන්ට දංගෙඩිය...ප්‍රමිලාට නියඟලා අල.

ආදරේ...ආදරේ...හැමතැනම....හැම පදේකම.

මේ ඇරුනම රෝමියෝ ජුලියට් , ලයිලා මජ්නු , දීඝ ගාමිනී උන්මාද චිත්‍රා , දුටුගැමුනු ස්වර්නපාලි , නල දමයන්ති , ජැක් රෝස් හැම තැනකම ආදරේ ....ආදරේ.

ඔය මොනවා කොයි විදිහට වුනත් මට හිතෙනව මන් වගේ ආදරයක් දෙන්නනම් කාටවත්ම බැහැයි කියලා...මොකද මොන ප්‍රශ්නෙ මොන ව්ඉදිහට ආවත් , උබ මාව කොයිතරම් පහතට දැම්මත් , මම කොයිතරම් අසරන ව්උනත් , ගෙදරින් මොන බාධා ආවත් ඒ ආදරේ එහෙමමයි...

මට ඒ නිසා මතක් වෙන්වා මෙහෙම පද පෙළක්.

"රාධා ක්‍රිශ්නා රාමා සීතා කිසිලෙසකින් හෝ නොවෙමු අපි

සාලිය මාලා ගාමිනි චිත්‍රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි

අප පෙම හමුවේ ඔවුන් ළඳරුවෝ

ආදරයේ රන්කිරි කටගෑ"

රයේ රන්කිරි කටගෑ.

"හා දැන් ඔය සින්දු කිව්වා ඇති...ඔයාත් එකක් කියන්න කිව්වම පැදුරු පාටියක් ම දානවනෙ අප්පා."

"හරි හරි ඉතින්...දැන් මොකද අපි දෙන්නා කරන්නෙ...යමුද කොහෙහරි."

"ම්ම්ම්...කොහෙද යන්නේ...ගොඩාක් දුරනම් බෑ."

"ඉන්දියාවට ගියත් යන්නෙ මම එක්කනම් උබ එන්න ඕනිනෙ බබා...අපි යමු ගැටබරු."

"ඒ කොහෙද අප්පා ඒ."

"දෙනියායේ කොටපොල තියෙනවා ලොකු දේවාලයක්...හාස්කම් පිරුනු කන්දක් මුදුනෙ තියෙන මහා රජ්ජුරු බන්ඩාර දිව්‍ය මාලිගාවක්...ඒක තමා ගැටබරු දේවාලේ කියන්නෙ.."

"අහලා නම් තියෙනවා වගේ...ඒ වුනාට මීටර් නෑනෙ අප්පා.".

"ම්ම්ම්...මීටර් නැත්නම් සෙන්ටිමීටර් , මිලිමීටර් හරි කමක් නෑ...ලෑස්ති වෙනවකො යන්න...අද 15 වෙනිදා නිසා බස් අඩුත් ඇති...හෙට හිසතෙල් ගාන්නත් ඕන...සුදු අඳින්න..."

"මේ ගොඩාක් දුරද අනේ...ම්ම්ම්...එහෙනම් කොට එකක් අඳින්නද..".

"පිස්සුද බබා...කොට ඒවා ඇඳන් පූජනීය තැනකට යන්න පුලුවන්ද...දුරනම් තමා...පැය දෙකකට කිට්ටු වෙන්න යන්න ඕන...මාතර කෙලවරේ රත්නපුර බෝඩරේ තියෙන්නෙ ගැටබරු කන්ද..".

"එතකොට අපි කන්ද නගින්නත් ඕනිද."

"නැතුව...දේවාලෙ තියෙන්නෙ කන්ද මුදුනෙ...ගොඩාක් උස නෑ...සිරීපාදෙ වගේ............."

"මොකක්.!!! ..උබට පිස්සුද මිනියෝහ්හ්හ්හ්...සිරීපාදෙ වගේ...දෙවියනෙ මට බෑ...."

"මේ බබා...මගෙන් ගුටිකන්නෙ නැතුව කියන දේ අහගෙන ඉන්නවකො මුලින්...සිරීපාදෙන් විස්සෙන් එකක් විතර ඇති කියන්න ගියෙ.."

"ආ ඒක මිසක්..මොකද මොකද ඔය සද්දෙ...ආ...ඔය කන්දෙකෙන් ගිනි පුපුරු විසිවුනා...මේ ඒයි...මේ නිල්පාට ඩෙනිම් එකට ඔයාලයි මලයගෙන් ඉල්ලගතපු සුදු ටී එක අඳින්නද..."

"ආ...මුලින් වොශ් එකක් දාගෙන එන්න මැනික...මම අයන් කරලා තියන්නම් ශර්ට් එක..."

"අනේහ්හ්හ්හ්හ්...බලන්න දෙවියනෙ මගෙ බෝයියා කොයිතරම් හොඳද කියලා...ඒකනේ මම මේ තරම් ආදරේ...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්හ්හ්හ්හ්..."

"අනේ අනේ බබා...උබේ බටර් ගොඩ...ලිස්සලා වැටිලා මගෙ කොන්දත් කැඩෙනවා ඔය සැරේ."

"මට ඕනනම් මගෙ මිනියට බටර් නෙවෙයි මාජරින් හරි ගානවා...තවුසෙ මගෙ...තේරුනානෙ...ඒ නිසා මන් බටර් මාජරින් ජෑම් චට්නි මොනා ගෑවත් කට පියාගෙන ඉන්නවා...නැත්නම්.................."

👈

යකෝ මූ සහරාන්ගෙ බාප්පගෙ පුතාද...බෙල්ල හරහා ඇඟිල්ලක් ඇදන් ගිහින් ඇස් දෙකට ඇඟිලි දෙකක් තියලා ඒක අඅයෙ මටත් දික් කරලා ගස්සගෙන ගියේ ඔය...ඕකා ඔය ඇඟිලි සෙල්ලමෙන් කොයිවෙලේ හරි ඇහැක් පොට්ට කරගන්නව...එතකොට මරු...පොට්ට නෙතූ...මූට කනවැල අල්ලන්න වෙන්නෙ මට...මරු මේකා කනවැල නැතුව වෙන එකක් ඇල්ලුවොත්...🤣

කොහොමහරි මට කියලා ටී එකත් අයන් කරගෙන බ්ලූ ඩෙනිම් එකට වයිට් ටී එක ඇඳලා බ්ලූ ශූස් දාලා කොන්ඩෙත් හදාගෙන මගෙ පර්ෆියුම් එකත් නාලා මේකා මන් එක්ක ආවා යන්න....මම ඉතින් සුදු ශර්ට් එක වැලමිට ළඟට නවලා නේවි බ්ලූ ට්‍රවුසර් එකට වයිට් ස්නීකර්ස් දාලා කොන්ඩෙ උඩට උස්සලා ඉස්සහින් ඇහැට වැටිලා...ඒ මගෙ හෙයාස්ටයිල් එක...පොට්ට නෙතූට කලින් පොට්ට ශෙරෝ වෙන්න වෙයිද මන්දා මේ නිසා මට.

"මේ ඒයි...ඒයි...කනැහෙන්නෙ නැත්ද මිනියෝහ්හ්හ්හ්...."

"නෑ බන් නෑ...උබේ කටේ සද්දෙට කන්බෙරේ හිල් වෙලා..."

"හිල් වෙලානම් හිල මට කියලා ලොකු කර නොගෙන කතාකරාම මොකද අහනවකො මිනියො...අනික බන් බන් ගාගෙන එන්නෙපා මට හොඳේ...දෙන්නෙ විසික් වෙන්න"

"බබා උබ මගෙන් කනවා ළඟදිම හොඳ කෑමක්..."

"අනේ මේ...මේ ටිකේම මට කිඹුලා බනිස් කැව්වේ තමුසෙ නෙවෙයිද එතකොට."

"අනේ සුදූ...වඳින්නම් කට වහගනින්කො මැනික...අනික මෙහේ කිඹුලා බනිස් නෑ...මාතර තියෙන්නෙ වියන් රෝල්ස්..."

"මොකා...හෑහ්හ්...අම්මෝහ්...මොනා රෝල්...ආ හරි...ඒක නෙවේ...කොතෙන්ටද යන්න ඕන බස් එක ගන්න...".

"ඔන්න බලාගෙන...කියව කියව උඩ බලාගෙන පාරේ යනවා...කන තලාගන්නෙ නැතුව අයිනට වෙයන් බබා...බෝදිය ළඟට යන්න ඕන...එතනින් දෙනියාය බස් එකක හරි , කොටපොල බස් එකක හරි නගිමු."

"ම්ම්ම්...අන්න අන්න...යමන් අනේ...අර බස් එක එනවා".

ටාං 👿

"මොකද අප්පා ගහන්නෙ මේ පාර මැද..."

"උඩ බලාගෙන පාර පැනලා තව ටිකෙන් අර කා එකේ වදිනවා උබ...මගෙ මාරයා අවුස්සගන්නෙ නාතුව එනවා...ඔය බස් එක ජෙට් එකක් නෙවේ...ඕක ඔතන නතරකරලා තියනවා ටික වෙලාවක්.."

"මාත් එක්ක කතාකරන්න එප...මට ගැහුවනෙ...ඉඳපන්කො මට ආයෙ කිඹුලා බනිස් , නෑ නෑ වයින් රෝල් ගිල්ලවන්න ආවම මම හපනව ඕක  දෙකට මැදින් කැපිලා යන්න...."

"වයින් රෝල් නෙවෙයි ගොනෝ වියන් රෝල්...අනික මොනාද බබා තමුසෙත් අර හිට්ලර් වගේනෙ...ඇඟත් එක්ක හිරිවටුනා.."

"හරි හරි...පස්සෙ හිරි ඇරගන්නවකො...දැන් බස් එකට නගිමු...මට අයිනක් අල්ලලා දෙන්න...නැත්නම් වමනෙ යනව මට."

"ම්ම්..බලමු...කෝ නගින්න එහෙමනම්...අර අරකට යමු..."

"බෑ අනේ...ඉස්සරහා වැඩියි...මටනම් බෑ...අතෙන්ට යමුකො".

"පිස්සුද සුදුබබා...පිටිපස්ස ගැස්සෙනවා වැඩියි...අනික මේ පාරෙ අකුරැස්ස පහුවුනාට පස්සෙ දිගටම කඳු , වංගු , බෑවුම්...උදේට කාපුවා ගෙ මරන පරීක්ශනේ කරන්න ආසද..."

"අපෝ...එහෙමද...එහෙනම් යමුකො...කිව්වනම් පෙත්තක්වත් බොනවා."

"පෙත්ත නොබීනම් එන්න එපා...පිස්සුව තදවෙලා මගෙ බෙල්ලවත් මිරිකුවොත්.'

"කිව්වා කියලා හිතාගන්න හොඳේ.."

"හා හා 🤣 සූටියා මගෙ ...."

"මේ කෝලම් නෙවේ...අනේ මට බයයි සුදු මහත්තයා...මට වමනෙ යයිද..."

"නෑ නෑ...මම ජින්ජර් බියර් එකකුයි දෙහි ගෙඩියකුයි ගෙනාවා..".

"ආ එහෙනම් කමක් නෑ...අනික ඔයාත් ළඟ ඉන්නවනෙ."

"අන්න එතනනම් ඔයාට පොඩ්ඩක් වැරදුනා...මොකද කඳුවල යද්දි එක දිගට වමනෙ දාන කෙනෙක් තමා මම..."

"අපෝහ්හ්...දැන් මොකද කරන්නෙ "

"කමක් නෑ...දෙන්නට දෙන්නා ඉන්නවනෙ...පොඩ්ඩක් ඇහැ පියාගෙන යන්න...එතකොට හරි..."

කෝමහරි වමනෙ නම් ගියේ නෑ...ගියේ නෑ කිව්වට ඌ උගුර මුලට එනකල්ම වගේ ආවා...හැබැයි දෙහි ගෙඩිය නිසා එලියට නෑවිත් බේරුනා...මගෙ කොල්ලත් පව්...එයාත් හරිම අමාරුවෙන් අඅවෙ...අකුරැස්සෙ ඉඳන් කොටපොල එනකල් මාරඹ , පිටබැද්දර , මොරවක එහෙම පහු වෙද්දි සෙට් වෙන වංගු ටිකනම් කියලා වැඩක් නෑ...

"ඒ මේ....මෙතනින්ද යන්න ඕන..."

"ඔව් මේ මකර තොරන ළඟින් කන්ද නගින්න පටන් ගන්න ඕන..."

"පුරාන ගැටබරු රජ්ජුරු බන්ඩාර දිව්‍ය මාලිගය  "

"බබා ඔයා අහලා තියෙනවද චාමර වීරසින්හගෙ සින්දුවක් තියෙනවා මේ පන්සල ගැන."

"නෑනෙ අනේ...මොකක්ද"

චාමරත් මාතරනේ...අපේ ලොකු මාමාගෙ යාලුවෙක්ලු ඉස්කෝලෙ යන කාලෙ...එක පන්තිගේ ..අපේ අම්මලයි ගෙදරත් එනවලු වෙනදා...ඉතින් එයාගෙ සින්දු ගොඩක් ඒවයෙ මාතර පැත්තෙ තියෙන තැන් ගැන කියවෙනවා...ගැටබරු දේවාලෙ , වැවෘකන්නල පන්සල  එහෙම....ඊළඟ පාර ආවම වැවෘකන්නල එක්ක යන්නම්...එහෙ ළඟයි ගොඩාක් මෙහෙට වඩා."

"මොකක්ද දැන් ගැටබරුව ගැන තියෙන සින්දුව.."

".ඔයා අහලා නැද්ද අර .

ගැටබරු කන්දේ මුදුනෙදි බැඳුනු පෙම්හිත

දෙවිවරු වැන්දේ පුදකොට පිපුනු මල් මත

රජ්ජුරු බන්ඩාර දෙවියනේ ඇගේ අත.

ලගා ගන්න වරන් දෙන්න යොමා සවනත කියලා තියෙන්නෙ.."

"අනේ තව ගොඩාක් නගින්න ඕනද....කකුල් දෙකම සිදෙනවනෙ.."

"නෑ මැනික...තව ටිකයි...එන්නකො...කෝ එන්න මම අතින් අල්ලගන්න."

"ම්ම්ම්ම්...අනේ අර අර...අයිස්ක්‍රීම් තියේ...."

"ම්ම්ම්...උබටත් බබා...අයිස්ක්‍රීම් දැක්කම කකුලෙ කැක්කුමත් නෑ...ම්ම්ම්...ආ...අරන් එන්න...එකක් ඇතිනෙ දෙන්නටම..."

"බෑ බෑ...මට එකක් ඕන සම්පූර්නෙන්ම."

"හා හා...අරන් එන්න එහෙනම්...බලාගෙන හොඳද...පල්ලම තියෙන්නෙ..."

කොහොමහරි අපි දෙන්නා උඩටම ආවා...අයිස්ක්‍රීම් කාලා කට වටේ ගාගත්ත එයාගෙ කටත් පිහිදලා ඇඳුමත් හරිගස්සන් අපි දෙන්නා බුදුන් වැඳලා දේවාලෙට ඇතුල් වෙලා එලියට ආවා විතරයි..

"අනේහ්හ්හ්....අන්න කිරියා බෙදනවා...යමුකෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්......................."

..........................................................................................................................

මතු සම්බන්ධයි ♥

ආයෙම ඊළඟ ස්වරයෙන් හමුවෙමු..අද කොටස කෙටියි තමා...මම කෝමහරි දිග එපීස් දෙන්න බලන්නම් ඉස්සරහට...මේ ටිකේ සූට්ටක් බිසී ලමයි...ඒකයි...හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනෙ

මම ශෙරෝන් ♥

Share This Chapter